Monday 16 March 2015

ජිනීවා සම්මුතිය හැම තැනටම වලංගුද? - Are there exceptions to Geneva Convention?


සරලව කියනවා නම්, ජිනීවා සම්මුතිය කියන්නේ යුද්ධයක දී සාමාන්‍ය වැසියන් ගේ, යුධ සිරකරුවන් ගේ, යුද්ධයෙන් තුවාල ලැබූ අය ගේ ආරක්‍ෂාව කෙලෙස සැලසිය යුතුද කියා ඇති කරගත් සම්මුතියකි. කාලයක් තිස්සේ තිබුණු එකඟතා කීපයක් එකතු කර, දෙවෙනි ලෝක යුද්ධය අවසානයේ දී ඒවා තවත් වැඩි දියුණු කර, ලෝකයේ රටවල් 196 ක් මේ සම්මුතියට මේ වන විට එකඟ වී තිබේ.

රෝහල්වලට බෝම්බ දැමීම, සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම, අත් අඩංගුවට ගත් හෝ යටත් වීමට පැමිණි අය මරා දැමීම වගේ කාරණා යුධ අපරාධ විදියට සැලකෙන්නේ මේ ලෝක සම්මුතිය නිසයි. (වලියට කැමති අය මෙතැනට බාලචන්ද්‍රන්, ඉසිප්‍රියා, ගමනායක, විජේවීර වැනි නමක් දෙකක් යොදා ගත්තාට කම් නැත.)

යුද්ධයට නීති නැතැයි, එසේත් නැතිනම් යුද්ධයේ දී සෑම දෙයක්ම සාධාරණයි කියා, කියමනක් ඇත. යමෙකු හෝ යම් කණ්ඩායමක් තවෙකෙක් හෝ වෙනත් කණ්ඩායමක් හා යුධ වදින්නේ හුදෙක් ම තමන් (හෝ තම කණ්ඩායම) වෙනුවෙනි. එවිට, එක්තරා ආකාරයක (පුද්ගලික හෝ කණ්ඩායම ගැන) ආත්මාර්ථකාමයක් ඒ හා බැඳේ. හරි වැරදි නොපෙනේ.

ජීනීවා සම්මුතිය ලොවට අවශ්‍ය වන්නේ ඒ නිසාවෙනි.

යුද්ධය මෙන්ම නීති නොමැති, කරන කියන හැම දෙයම සාධාරණයි කියා කියවෙන අනිත් සංසිද්ධිය නම් ආදරයයි.

දැන් මගේ ප්‍රශ්ණය නම්, යුද්ධයට මෙන්ම, ආදරයටත් ජීනීවා සම්මුතියක් අවශ්‍යදැයි යන්නයි.

මේ කවිය ඒ ගැන සිතා ලියූවකි.

සිරකරුවෙකු ගේ අවසාන ඉල්ලීම

අග්නි ජාලාවක්ය සොඳුර ඔබ
කදෝ පැණි භුමිකා මට හිමියි
බාඳුරා මල් පුඩුව මට ඔබේ
සදා කල් සුව ගෙනෙන සයනයයි

ජීවිතේ මහා වැලි කතර කොන
රැළි නගන කුරිරු මිරිඟුව ඔබයි
සා පිපාසිත මුවෙකු සේ එදෙස
දුවා පා බිදී මා අසරණයි

ඔබ දිවා කල පිපුණු තරුවකි ය
අමාවක රැයේ ඔබ සඳවත යි
මේ මහා භද්‍ර කල්පය ගෙවෙන
දින අහස් කුස නැගෙන හිරු ඔබයි

මැරි මැරී යලි ඉපිද දෙතුන් වර
මේ රැඟුම මට තවත් කැප නැතෙයි
අවසාන හුස්ම පොද ගන්න මට ඉඩ දෙන්න
ජිනීවා සම්මුතිය වලංගුයි


-රසිකොලොජිස්ට්

(image: http://community.kabam.com/forums/showthread.php?157270-Rage-in-Camelot-Instagram-a-pic-of-your-Battle-Report-on-Valentine%E2%80%99s-Day)

34 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මොකද කකා කොමෙන්ට් එක අයින් කරලා. මම කුණුහරුප කියලා තිබුනේ නෑනේ. මට මේ පොස්ට් එක වැටහුණු විදියට, මම කොමෙන්ට් එකක් දැම්මා. ඇයි ඒක අයින් කරේ?

      Delete
    2. එය අයින් කළේ තුන්වන පාර්ශවයන් ගැන කියා තිබූ නිසයි.

      Delete
    3. හුටා! “මම එක“ වෙච්ච එකාගෙ කමෙන්ට් එකත් කපල දාල. පව්!

      Delete
    4. අන්න ටොයි රසික තුමා ගේ න්‍යායාචාර්ය තුමා (සුනන්ද දේශප්‍රිය ) ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලේ. උන්නැහේට ඉක්මන් අපා සුව පතමු

      Delete
  2. ජිනීවා සම්මුතිය වලංගුයි!
    හැබෑව. යුධ අපරාධ ගැන කියල අනිත් පැත්ත ගැන කියපු කයිය හොඳයි.
    //මා කියවන වෙනත් බ්ලොග්//
    රසික සින්ඩිය ඇවිල්ල!

    ReplyDelete
    Replies
    1. කවි කියන ඒවා බොහෝ දෙනෙකුට දිරවන්නේ නෑ කියන එකයි මගේ අත්දැකීම!

      Delete
    2. ආයිත් අහල..

      Delete
  3. අයිතිය පැහැර ගැනීමට යුද වැදීම හා අයිතිය ආරක්ෂා කරගැනීමට යුද වැදීම කියන දෙක ගත්තාම ආත්මාර්ථකාමිත්වයෙත් පැති දෙකක් තියෙනවා නේද? (උතුරේ යුද්ධයම ගැන නොවෙයි)

    ReplyDelete
    Replies
    1. අයිතිය කියන කොටම එතැන ආත්මාර්ථකාමය නේද? ඒ කියන්නේ තමන්ට හෝ තමන්ගේ ක්ණඩායමට යමක් අයිතිකර ගැනීමේ අයිතිකර තාබා ගැනීමේ කාමය / ආශාව!

      Delete
    2. ආත්මාර්ථය කියන වචනයම යෙදෙන නමුත් ඒකේ ස්වරූප දෙකක් ගැන මම කියන්නෙ. උදාහරණෙකට මගේ ඉඩමෙන් කොටසක් අල්ලාගන්න කෙනෙක් උත්සාහකරනකොට මම නිහඬව හිටියොත් අනෙක් අයත් ඒ විදිහටම අල්ලාගෙන මට මොකුත් නැති වෙන තැනට එනවා නේද? යුද්ධ වුනත් කරන්න වෙන්නේ එතකොට නේද?

      Delete
    3. රසිකත් නිවන් අවබෝධ කරගත් කැටගරියට අයිතියි වගේ

      Delete
    4. බණ උපදෙස් සේරම ප්‍රායෝගිකව පිළිපදින්න බෑ.

      Delete
  4. //මේ මහා භද්‍ර කල්පය ගෙවෙන
    දින අහස් කුස නැගෙන හිරු ඔබයි //

    මෙතැන බෙදිල්ල මට නිකං අවුල් වගේ නේ...

    ReplyDelete
    Replies
    1. දෙපෙලට ලියා කියවන විටයි වරද පේන්නේ. මෙන්න මෙහෙම හොඳද බලන්න.

      මේ මහා භද්‍ර කල්පය ගෙවී
      අහස් කුස නැගෙන සැඩ හිරු ඔබයි

      Delete
    2. // මේ මහා භද්‍ර කල්පය ගෙවෙන දින
      අහස් කුස නැගෙන හිරු ඔබයි //

      kiyala hada ganna.
      (for Rasika)

      Delete
    3. විහිළුවටද ඇත්තටද?
      එතනින් පදෙ බෙදුවාම මාත්‍රා ගාන වැරදෙනවානේ!

      Delete
    4. පද බෙදීම (පෙරිය කුලප්පුගේ පාතරට පැටික්කී)

      බෙනයකනයකු දිටිමි
      බෙනයක නයකු දිටිමි
      බෙනය කන යකු දිටිමි

      Delete
  5. මැරී,මැරී ඉපදෙන්න
    මොකට පෙම් කරන්නේ
    එහෙම පෙම් නොකරන්න
    මොකට මා උපන්නේ ?
    ජිනීවා සම්මුතිය වගේ ප්‍රේම සම්මුතියක් කෙටුම්පත් කරගන්න බැරිද ?

    ReplyDelete
  6. මොන සම්මුතියක්වත් ISIS එක්කනම් අමාරුවෙයි.
    උන් ගැන හිතන එකත් depressing.

    ReplyDelete
  7. සිරි ලංකාවෙදිනම් ප්‍රේමයටත් ජීනිවා සම්මුතියක් අවශ්‍යයි වගේ තමා.

    ReplyDelete
    Replies
    1. ඉතිං කෙටුම්පත් කරන්නකෝ!
      පස්සේ ජනමතවිචාරණයකින් සම්මත කර ගනිමු.

      Delete
    2. ප්‍රේමය කිව්වම මට මතක් වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මාමා අර්ජුන් ඇලෝසියස් බෑනාට දක්වපු ප්‍රේමය.

      රාජපක්ෂලා සජින්ට දුමින්දට මර්වින්ට දක්වපු ප්‍රේමයට අකුල් හෙලපු කකාලා හෙන අයියල වගේ ටොයියලට ඒවා පේන්නේ නැත්තේ ඇයි? ජිනීවා සම්මුතියක්වත් තියෙනවද?

      ප.ලි. රජාගේ පුක බිම ඇන්නවීම හොඳයි. තර්කයක් නැත. නැවත මහින්ද ගෙන ආ යුතුද නැත.

      Delete
  8. මේ ආදරයත් නිකං ලංකාවේ පොලීසිය වගේ, අන්තිමේ හිරකාරයා සියළුම වැරදි පිළි අරගෙන දඬුවමත් ඉල්ලලම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. සුදු කොඩියක් දාගෙන ඇවිල්ලා මෙතන ඉල්ලන්නේ සිර භාරයට ගත්තත් ජීනීවා සම්මුතියට ගරු කරලා මරන්ඩ එපා කියලනේ!

      Delete
  9. ජිනීවා සම්මුතිය ආදරටත් වලංගුනම් හොඳයි වගේ.. විවාහයටත් වෙනම සීස් ෆයර් ඇග්‍රීමන්ට් එකක්වත් හදාගන්න වෙනවා.. අපූරුයි රසික..

    ReplyDelete
  10. මුලින් කියනව,

    //බාඳුරා මල් පුඩුව මට ඔබේ
    සදා කල් සුව ගෙනෙන සයනයයි //

    පස්සෙ කියනව,

    //අවසාන හුස්ම පොද ගන්න මට ඉඩ දෙන්න
    ජිනීවා සම්මුතිය වලංගුයි //

    මේ දෙක මට අවුල් වගේ!

    ReplyDelete
    Replies
    1. සදා සුවය ගෙන දෙන්නේ මරණයයි (ඔන්නම් නිර්වාණය කියලා හිතා ගන්න). ජීවත් වෙන තුරා දුකෙන් අත් මිදීමට හැකි නොවේ.

      Delete
  11. ප්‍රේමයටත් ජිනීවා සම්මුතිය වගේ එකක් ගෙනාවොත් ඒකේ අයට හැමදාම සෑහෙන්න වැඩ තියේවි..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.