Monday 9 February 2015

ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians


දේශපාලකයින් ට දේශපාළුවන් කියා සුන්දර නමක් පට බැඳී ඇත්තේ නිකමට නොවේ.

ඒ බහුතරයක් දේශපාලකයින් රට හදන්නන් නොව රට කා පාළු කරන්නන් නිසාය.

රට කන දේශපාළුවන් යනු කිසිසේත් ම ලංකාවට පමණක් සීමා වූ සත්ව කොට්ඨාශයක් නොවේ. ලෝකයේ හැම රටකම පාහේ අඩු වැඩි වශයෙන් මේ තත්වය ඇත.

යහ පාලනය හෙවත් ගුඩ් ගවර්නන්ස් යන්න වැදගත් වෙන්නේ මේ නිසාය. වනචර, අධම, දූෂිත දේශපාලුවන් එක රැයෙන් (හෝ සීයකින්) සත්පුරුෂයින් කරන්නට බැරි නමුත්, වරද කරන එවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්නට නීතිමය රාමුවක් සහ එය ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් සැකසීම යහ පාලනයේ මූලික අවශ්‍යතාවයකි.

ඕස්ට්‍රේලියාවේ දේශපාළුවෝ ද වරින් වර විවිධ නොකටයුතුකම් වල නිරත වෙති. නමුත්, මගේ අත්දැකීම් අනුව එවැන්නන්ට දේශපාලනයේ වැඩි ආයුෂ නැත.

ඕස්ට්‍රේලියාවේ මා වෙසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ "දුෂණයට එරෙහි ස්වාධීන කොමිසම" (Independent Commission Against Corruption) නම් ආයතනයක් නීතිගත කර පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආයතනවල සහ විශේෂයෙන් ම දේශපාළුවන් ගේ අකටයුතු කම් ගැන සොයා බැලීමටයි.

මා මේ ප්‍රාන්තයේ ජීවත්වෙන පසුගිය වසර පහළොවක පමණ කාලය තුල මේ කොමිසමට ලැබුණු පැමිණිලි විභාග කර දඬුවම් කරන ප්‍රාන්ත දේශපාළුවන් කිහිප දෙනෙක් ගැනම මම දනිමි. තවත් එවැනි විමර්ෂණ කිහිපයක් ම මේ දිනවල පැවැත්වේ.

මෙහිදී, මා නිරීක්‍ෂණය කළ වැදගත් කාරණා දෙකක් ඔබ සැමගේ දැන ගැනීම පිණිස කිව යුතුය.
  1. බොහෝ විට සිදුවන්නේ, යම් චෝදනාවක් එල්ල වී එය විභාග කරන්නට පටන් ගන්නා විටම, ඒ දේශපාලුවා තමන් ගේ ඇමතිකම් යනාදී තනතුරුවලින් ඉවත් වීමයි. මෙය දුෂණයට එරෙහි ස්වාධීන කොමිසමට ලැබුණු පැමිණිලි නිසා පමණක් ම නොව වෙනත් පුද්ගලික කරුණු හේතුවෙන් නම කැත වුණු අවස්ථාවලදී ද සිදු වෙනු මා දැක ඇත. දේශපාළුවන් මෙසේ කරන්නට මූලික හේතුව නම්, තමන්ට ඇති චෝදනා නිසා, තම පක්‍ෂයට (සහ දේශපාළුවා ආණ්ඩු පක්‍ෂයේ නම් ආණ්ඩුවට) මඩ එල්ල වීම වැලැක්වීමටයි. ඉල්ලා අස් වෙනවාය කීවාට සමහර විට පක්‍ෂය විසින් ඔවුන්ට ඉල්ලා අස් වීමට බල කරනවා ද විය හැක.
  2. යම් කිසි හෙයකින්, දුෂණයට එරෙහි ස්වාධීන කොමිසම හමුවට ගන්නා ලද චෝදනාවලට හෝ වෙනත් සිවිල් චෝදනාවලට යමෙක් වැරදිකරු වුවහොත්, එකෙනෙහිම ඔවුන් පක්‍ෂයෙන් ද, පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලා අස්වෙනු දැකිය හැක. බොහෝ විට තීන්දුව දෙන්නට පෙර ම, එන පොට හොඳ නැති නම්, දේශපාලන පක්‍ෂය විසින් ඔවුන් නෙරපා දමනු ලැබේ. අපේ මනුස්සයා යැයි බේරා ගැනීමක් හෝ පසුව තානාපතිකමකින් සංග්‍රහ කිරීමක් හෝ මා දැක නැත.
පසුගිය 2011 මාර්තුවේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන්, ලිබරල් පක්‍ෂය ජයගන්නා ලද අතර බැරී ඕපැරල් නව ප්‍රධාන ඇමතිවරයා (Premier) බවට පත්විය. පැරදුණු කම්කරු පක්‍ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමති නේතන් රීස් වහාම පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඔහු වෙනුවට නායකත්වයට සහ එනිසා විපක්‍ෂ නායකත්වයට පත්වුණේ ජෝන් රොබර්ට්සන් ය.

අද වන විට ඔවුන් දෙදෙනාම ඒ තනතුරුවල නැත.

තමන්ට තෑග්ගක් ලෙස ලැබුණු වටිනා වයින් බෝතලයක් නීත්‍යානුකූලව තෑගි ලේඛණයේ අඩංගු නොකර තබාගෙන, පසුව ඒ ගැන තමන්ට මතක නැති යැයි පවසා, සත්‍යය හෙලි වූ පසු තම වරද පිළිගෙන අගමැති බැරී ඕපැරල් පසුගිය (2013) අප්‍රියෙල් මාසයේ දී ප්‍රධාන ඇමති තනතුරින් සහ ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ඉන් මාස හයකට පසු ඔහු දේශපාලනයෙන් ද සමුගන්නා බව ප්‍රකාශ කළේය.

පසුගිය දෙසැම්බරයේ සිඩ්නි නගරයේ දී සිවිල් වැසියන් රැසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ග්‍රහණයට ගෙන ඒක පුද්ගල ත්‍රස්ත ක්‍ර්‍රියාවක යෙදුනු මෝනිස් නමැත්තා, ඊට වසර තුනකට කලින් ඔහු ගේ පෙර විවාහයක දරුවන් ගේ අයිතිය සම්බන්ධයෙන් ලියූ ලිපියක් සමාජසේවා දෙපාර්තමේන්තුවට රෙකමදාරු කර යොමු කරන ලදැයි යන කරුණ සම්බන්ධයෙන් කම්කරු පක්‍ෂයට ඇති විය හැකි හානිය ගැන සිතා විපක්‍ෂ නායක ජොන් රොබර්ට්සන් ද තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ නිසා ලබන (2015) මාර්තු මාසයේ පැවැත්වෙන ඊලඟ ප්‍රාන්ත මැතිවරණයට ලිබරල් පක්‍ෂයට මෙන් ම කම්කරු පක්‍ෂයට ද නායකත්වය දෙන්නේ සිව් වසරකට පෙර පත් වූ දෙදෙනා නොවේ!

ලංකාවේ උද්ගත වී ඇති තත්වය සැලකුවහොත්:

ජෝන් අමරතුංග සම්බන්ධ චෝදනාව සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ගැන අද පලවූ පුවතකට අනුව, අගමැතිවරයා සැලසුම් කරන්නේ විශ්වාස භංගයෙන් විපක්‍ෂය ජය ගත හොත් පාර්ලිමේන්තුව විසුරවා දැමීම බව සඳහන් විය.

එයින් වෙන්නේ, ජනවාරි අටවෙනි දින ඇරඹුණු ක්‍රියාදාමය යළිත් එකේ කොටුවට යෑමයි.

රට, ආණ්ඩුව, දේශපාලන පක්‍ෂය යන දේ එක පුද්ගලයෙකුට වඩා අති විශාල ලෙස වටිනා දේ ය.

මා සිතන ආකාරයට සිදුවිය යුත්තේ මෙයයි.

එක්කෝ:

     ජෝන් අමරතුංග ස්වේච්ඡාවෙන් තම ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය,

නැතිනම්:

     ඔහුට ඉල්ලා අස්වීමට බල කළ යුතුය

එසේත් නැතිනම්:

     ඔහුව එම ඇමති තනතුරෙන් පහ කර, ඒ අදාල වගකීම් දැනට කැබිනෙට්ටුවේ ඉන්නා වෙනත් ඇමතිවරයෙකුට හෝ කීප දෙනෙකුට පැවරිය යුතුය.

එමගින් ආණ්ඩුව විශ්වාසභංගයෙන් පැරදීමේ ප්‍රශ්ණයෙන් ගැළවේ.

ජෝන් අමරතුංගට විරුද්ධව ඇති චෝදනා ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු අතර ඔහු ගේ දේශපාලන අනාගතය ඒ අනුව තීරණය විය යුතුය.

අප බලාපොරොත්තු වූ වෙනස එයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මුලින් ලියූ පරිදි රට, ආණ්ඩුව, දේශපාලන පක්‍ෂය යන දේ එක පුද්ගලයෙකුට වඩා අති විශාල ලෙස වටිනා දේ ය.

අද උදෑසන ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දි ෆෙඩරල් ආණ්ඩු බලය හිමි ලිබරල් පක්‍ෂ රැස්වීමක් පැවැත්වුනේ ද, වත්මන් අගමැති ටෝනි ඇබට් ගේ තනතුර ඔන්න මෙන්න අහිමි වුනේද ඒ නිසාය.

(image: http://www.iop.harvard.edu/fighting-corruption-india)

67 comments:

  1. හරියට හරි.. මමත් මේ ගැන ලියන්න ඉන්නේ.. එජාපය ට්‍රැක් එක වෙනස් කරලා නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානක් කුජිත වෙලා ඉඳල , ජන කැමැත්තකින් නොව කුමන්ත්‍රණයකින් බලයට ආපු UNP ආණ්ඩුව කරත්ත රෝදේ වගේ බකලන් ගහගෙන ගිහිල්ල ජකස් ගාල ඇද වැටෙයි කියල බයේ UNP කාරයන්ට නින්ද යන්නෙත් නැහැ මේ දවස් වල . :)

      Delete
    2. ඔය පරණ යූඇම්පීකාරයින්ට නම යහ පාලනය කියන එක ඉගෙන ගන්න ආයේ ඉපදිලා එන්න වෙයි. ඒ දවස්වල (80 දශකයේ) කැරුක්ටුව මට නම් අමතක වෙන්නේ නෑ.

      ඇත්තටම, 1977-94 කාලයේ බලයේ හිටපු එක දේශපාළුවෙක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නා තුරු යූඇම්පීයට හැදෙන්න බෑ. ඒ කියන්නේ රනිල්, ජොන්, ජෝශප් වගේ අය!

      Delete
  2. ඔට්ටේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    විශ්වාසභංගයට තුට්ටුවක්වත් බය නෑ.. ඕක සම්මත කරන්නවත් මාව එලවන්නවත් බෑ
    February 8, 2015 at 9:20 am | lanka C news

    විශ්වාසභංගයට තුට්ටුවක්වත් බය නෑ.. ඕක සම්මත කරන්නවත් මාව එලවන්නවත් බෑ. තමනට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට තුට්ටුවකටවත් බය නැතැයි ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

    ඔය අභියෝගවලට මම තුට්ටුවකට හරි බය නෑ. ඕනෑ කෙනෙකුට මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. ඒ වුණාට ඒක සම්මත කර ගන්නත් මාව අයින් කරන්නත් බෑ.

    ජෝන් අමරතුංග මැතිතුමාට ජය වේවා

    ReplyDelete
    Replies
    1. ජෝන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් නොවුනොත්, එයාගේ පිටට තට්ටුවක් දාලා දොරට පාර පෙන්නන එක රනිල් ගේ වගකීමයි.

      Delete
    2. මං දන්නා තරමින් 1952 දී ද කොහෙද ඩඩ්ලි අස්වුණාට පස්සේ කිසිම දේශපාළුවෙක් වගකීමක් බාර අරගෙන ඉල්ලලා අස්වෙලා නෑ. ජේ.ආර්. 1975 දී විරෝධතාවකට ඉල්ලා අස්වුණා මන්ත්‍රී කමෙන්.

      Delete
    3. 80 දශකයේ ගාමණී ජයසූරිය ඉල්ලා අස්වුනා ඉංදු-ලංකා ගිවිසුමට විරුද්ධව...

      Delete
  3. ජෝන් ජෝන් තගා ජෝන්
    ආණ්ඩුව යනවා බාස්ට ජෝන්
    කාඩ් එක තියන් හොඳ එකා වගේ ජෝන්
    සී යූ ලේටර් ඉන් පලාත් සභාවෙ ජෝන්

    ReplyDelete
    Replies
    1. ජෝන් ගේ කාඩ් කුඩු වෙලා ගොඩක් කල් මිත්‍රයා!

      Delete
  4. // තමන්ට තෑග්ගක් ලෙස ලැබුණු වටිනා වයින් බෝතලයක් නීත්‍යානුකූලව තෑගි ලේඛණයේ අඩංගු නොකර තබාගෙන, පසුව ඒ ගැන තමන්ට මතක නැති යැයි පවසා, සත්‍යය හෙලි වූ පසු තම වරද පිළිගෙන අගමැති බැරී ඕපැරල් පසුගිය (2013) අප්‍රියෙල් මාසයේ දී ප්‍රධාන ඇමති තනතුරින් සහ ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ඉන් මාස හයකට පසු ඔහු දේශපාලනයෙන් ද සමුගන්නා බව ප්‍රකාශ කළේය. //
    වයින් බෝතලයක් නෙමේ අරක්කු ඉස්කාගාරයක් හොරෙන් තමාගේ නමට පවරාගත්තා කියලා ඔප්පු වුනත් ශ්‍රී ලංකාවේ නම් අගමැති තිය නාගරීක මන්ත්‍රී කෙනෙක් වත් තනතුර දමලා යන්නේ නැහැ , ඒකට තමා කියන්නේ " ආසියාවේ ආශ්චර්ය කියලා "

    ReplyDelete
    Replies
    1. මං අහලා තියෙන විදියට 1953 හර්තාලයේ දී පොලිසා වෙඩි තැබීමකින් මිනිසුන් මැරුණු විට ඒ වගකීම බාර අරගෙන අගමැති ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වෙලා තියෙනවා. එච්චරයි!

      Delete
    2. බැරී ඕපැරල් එහෙම නොකළා නම් ඔහුව ඕස්ට්‍රේලියානු ජනතාව ප්‍රතික්ෂේප කරනව.ඒ වගෙ රටවල දියුණු දේශපාලන සංස්කෘතියක් තියනව.ලංකාවෙ ඕන හොරෙක් ජනතාව ආපහු පත්කරල එවනවනෙ.ඉතින් මොකටෙයි අස්වෙන්නෙ.උනුත් දන්නව උන්ට අවුලක් වෙන්නෙ නැති බව.පක්ෂවලිනුත් නොමිනේෂන් දෙන්නෙ ඒකයි.
      කවුදෝ කිව්ව වගෙ මතකයි.මේ රටේ ඡන්දදායකය දේශපාලකයටත් වඩා ජඩයෙක් කියල

      Delete
    3. සමහර පස්සේ චෝදනා ඔප්පු වෙලා එළිදරව් වෙන පරිදි කම්බ හොරු පාව, මුලින්ම පක්‍ෂයේ (සහ අදාල නම් රජයේ) යහපත සඳහාය කියා මුලින්ම ඉල්ලා අස්වෙනවා පරීක්‍ෂණ නිමවෙනතෙක්.

      Delete
  5. මේ වගේ දෙවල් ඇහෙනකොට මං ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජා හිතෙනවා- විමුක්ති කුමාරණතුංග x 2

    +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් ඇහෙනකොට නෙවෙයි ලැජ්ජ හිතෙන්නෙ. මේ රටේ ඉන්න ලක්ෂ ගාණක් වුනු සමහර මිනිස්සු ඔය වගේ දූෂිතයන් ආරක්ෂා කරගන්න දඟලන හැටි දැක්කහම, ඔය වගේ කාලකන්නින්ව ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දිත් උන්වම පාර්ලිමේන්තුවට පළාත් සභාවලට තෝරල එවන හැටි දැක්කහම තමයි පුදුම කළකිරීමක් ඇති වෙන්නෙ.

      Delete
    2. @ හෙනහුරා,

      +++++++++++++++

      Delete
    3. ඔයවගේ සුළු දේට අස්වෙලා ගියොත් කවුද දෙයියනේ අපේ පාර්ලිමේන්තුවේ තියා සමුපකාරෙවත් ඉතිරි වෙන්නෙ.

      Delete
    4. ඇත්ත, ඡන්දේ දුන්නු අය තමයි අවසානයේ දී වගකිවයුතු. නමුත්, මේ වගේ අයට නොමිනේෂන් දෙන පක්‍ෂ නායකයින් ඊටත් වඩා වරදකරුවෝ.

      මේ වගේ නැවත පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැති අය ගැන විවිධ පෝස්ට් මේ දිනවල FB එකේ බෙදා හැරෙනවා.

      දයල් බතීත් ලිපියක් දාලා තිබුණා!
      http://dayal-bathee.blogspot.com/2015/02/blog-post_29.html

      Delete
    5. //ඇත්ත, ඡන්දේ දුන්නු අය තමයි අවසානයේ දී වගකිවයුතු. නමුත්, මේ වගේ අයට නොමිනේෂන් දෙන පක්‍ෂ නායකයින් ඊටත් වඩා වරදකරුවෝ.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. දින සීයක් ඉන්නෙ නැතුව පුලුවන් තරම් ඉක්මනට බජට් එකක් දීල දින 20කින් විතර පාර්ලිමේන්තුව විසුරුවල චන්දයක් තිබ්බනම් ඔය දින සීයෙ එකට වඩා හොඳවෙන්න තිබුන .අපේ ජහමනයා හොඳ අය තෝරල චන්දෙ දෙයි කියන එක ගැන විස්වාසයක් නෑ, ඒත් දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන් නරක එවුන් (යූඑන්පී සමහර නාකිත් ඇතුලුව) ටිකක් හරි හැලෙයි.
    කල් යන කොට නරකම එවුන්ටික ex-රජා එක්ක එකතුවෙලා පුලුවන් ඔක්කොම වාද අවුස්සල පත්වෙන්න තියන චාන්ස් එක වැඩිවෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා කියන්නේ ඉතිං ඔය කියන "ජග මනයා" ටම සරිලන ආණ්ඩුවන් නේ.

      ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය!

      Delete
  7. යහපාලන අය දැන් තීරණය කරන්න ඕන වඩා වටින්නෙ ජෝන්ද දින සීයද කියල.ජෝන් වටිනව කියල තීරණය කළොත් ඊලඟ ආණ්ඩුව යූඇන්පී දිනුවත් වැඩපිළිවෙළ ට ඒ පාර්ලිමේන්තුව එච්චර සුදුසු නෑ.ප්‍රබල විපක්ෂයක්,දුර්වල ආණ්ඩුවක් හා රිමෝට් එකක් සහිත අනාගත පාර්ලිමේන්තුවට වඩා පක්ෂ විපක්ෂ දෙකේ එකඟතාවයක් සහිත මේ පාර්ලිමේන්තුව වැඩේට වඩාම සුදුසුයි.අකමැත්තෙන් හරි දැන් ඉන්න එකාලට මේකට එකඟ වෙන්න සිද්ධ වෙලා.මේ එකඟතා ඊලඟ පාර්ලිමේන්තුවට වලංගු වෙන්නෙ නෑ. දැනටම එක එකා හපා කන්න හදනවනෙ. අපතේ යන හැම හෝරාවක්ම ජනතාවට අවාසි සහගතයි.ලැබෙන පළමුවෙනි පාරම කරගන්න ඕන වැඩක්.
    මේ යන විදියටනම් විශ්වාසයක් නෑ

    ReplyDelete
    Replies
    1. /* යහපාලන අය දැන් තීරණය කරන්න ඕන වඩා වටින්නෙ ජෝන්ද දින සීයද කියල. */

      හරියට හරි, නුමත් මං හිතන්නේ රනිල් ගේ වෑයම පාර්ලිමේන්තුව විසුරවනවාය කියලා, නවක මන්ත්‍රීලාව ඔබුන්ට අහිමි වෙන පෙන්ෂන් එක පෙන්නා බ්ලැක්මේල් කරන්නයි!

      Delete
  8. ටෝනි තව ටික කලකට බේරුණා. ඒත් ඔය කියන විදිහට "හැදෙයි" කියල මා නම් විශ්වාස කරන්නේ නැහැ. මෙතැනදී රසික පොදු ජනතා මතය තමා ලිබරල් මන්ත්‍රීලා බැරෝ මීටර් එකට ගන්තේ. ජනතා මතය වෙනස් නොවුණොත් ටොනිගේ ජොබ් එක තාමත් අනතුරේ.

    ලංකාවේ ඔය විශ්වාස භංගයෙන් පරාදවුණොත් කියැවෙන වැදගත්ම කරුණ තමා (දැනටම පරාදයි නේද 114 ක් අත්සන් කරලා නම්), එතැන තියෙන්නේ සුලුතරයක ආණ්ඩුවක් කියල. මේ වගේ බහුතර තනි කණ්ඩායමක් "විපක්ෂය" වශයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න එකම රටත් ලංකාව වෙන්න ඕනේ. සුළුතර ආණ්ඩු තියනවා. නමුත් ඔවුන්ට පිට ඉඳන් ජිවය සපයන සුළු පක්ෂ හා බැඳුනු ගිවිසුම් මගින් තමා ඔවුන් බලය පවත්වාගෙන යන්නේ. මෙතැනදී අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ "බහුතරයක" විශ්වාසය දිනා ගන්න පුළුවන් එක්කෙනා නොවෙයි. ඒකත් ජිල්-මාර්ට් නේද?

    ReplyDelete
    Replies
    1. ටෝනි ගේ මෙන්තා තමයි හිටපු අගමැති ජෝන්. පොරත් මහ ටෆ් එකෙක්. ටෝනි හැබැයි ඊට වඩා මෝඩයි. මොනවා වුණත් පක්‍ෂය ගැන තමයි මන්ත්‍රීලා සහ පාක්‍ෂිකයින් මුලින්ම හිතන්නේ. පිළිම වන්දනාව මෙහේ හරිම අඩුයි නේ!

      Delete
    2. පාර්ලිමේන්තුව ඇරබූ දිනයේ විශ්වාස භංගයක් ගෙන්න තිබුණා නේ අගමැතිට, නමුත් එහෙම නොවුනේ අවබෝධයක් තිබුණු නිසයි. මේ විශ්වාසභංගය එක ඇමතියෙකුටයි. රනිල් ඒක ආණ්ඩුවට විරුද්ධ එකක් කියා ගැනීම වැරදියි.

      Delete
    3. ඔබ කියන දෙයට යමක් එකතු කළොත්, සමහරුන් ජිවිතයේ කොතරම් වයසට ගියත්, තමන්ගේ අත්දැකීම් වලින් වත් ඉගෙන ගන්නේ නැති කමත් එක හේතුවක්. මිනිසුන් වැරදි කරනවා තමා. නමුත් යන්තම් හිතන්න පුළුවන් කෙනා, ඒ වැරදි වලින් ඉගෙන ගන්නවා. අපත් එහෙමනේ. ටෝනිට වෙලා තියන දේටත්, ලංකාවේ ඔය විශ්වාස භංගයටත්, අපගේ පෞද්ගලික ජිවිතයේ බොහෝ ප්‍රශ්න මුල අන්න ඒ කරුණත් වෙන්න පුළුවන්.

      Delete
    4. මෙවරවත් හැදුනේ නැතිනම් ටෝනිට අබ සරණයි!

      Delete
  9. වෙල් සෙඩ් ......වෙන්න ඕනා දේ සැකෙවින්....

    රනිල් වැනි ප්‍රජාත්‍රන්තවාදියකුගෙන් කිසි සේත් බලාපොරොත්ති විය නොහැකි ප්‍රකාශකයක් තමයි විශ්වාසභංගය පැරදුනොත් පාර්ලිමේන්තුව විසිරීම...

    හැබැයි දින 100 වැඩ පිලිවෙලින් ගැලවෙන්න ඒකත් හොද උප්පරවැට්ටියක්..

    මොනා උනත් මහජනතාව වශයෙන් අපි දින 100 වැඩ පිලිවෙල සාර්ථක කර ගන්න බල කරන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී තමයි පාර්ලිමේන්තුව විසිරවිය යුත්තේ. රනිල්ට බැරි නම් වෙන අගමැති කෙනෙක් පත් කරන්නත් තවමත් මෛත්‍රීට පුළුවනි.

      Delete
  10. මේක ඊයෙ බුකියෙදිත් ඇහුව උත්තරයක් ලැබුනෙ නෑ.
    විශ්වාසභන්ගයකින් පැරදුනොත් සිදුවන්නේ කුමක්ද?
    විශ්වාසභන්ගයේදී චූදිතයාට කරුනු දැක්වීමේ අවස්තාවක් තියනවද? නැත්තං ඒකත් දෝශාභියෝගය වගේ විකුර්තියක්ද?

    මම හිතන ඒදියට නං චූදිතයා තාවකාලිකව අස් වෙන්න ඕන. පරීක්ශන වලට සහයක් විදියට. ඉන් පස්සෙ පරීක්ශනයක් තියන්න ඕන. ඒක පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් තොර ස්වාදීන එකක් වෙන්න ඕන. ඒකෙන් වැරදිකරුව උනොත් අයින් කිරීම පාර්ලිමේන්තුවට කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔයා සියල්ල දත් තංගල්ලේ මෞර්ය රාජ් නේ? මොකෝ අපෙන් අහන්නේ? අපිට කියල දෙන්නකෝ..!

      Delete
    2. පැරදුණොත් ජොන්ට ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා. මන්ත්‍රීකම නැතිවෙන්නේ නෑ මං හිතන විදියට. කොහොමටත් තව මාස දෙකයිනේ!

      Delete
    3. @මහා කළු සිංහලයා
      රාජ් කියන්නේ හාෆ් ශීට් වැනි ලිපි ද්‍රව්‍ය ගෙදර අදින සාමාන්‍ය රාජ්‍ය සේවකයකි. ඔහු ඉහත ලිපියට කෙසේද කමෙන්ට් කරන්නේ.

      Delete
  11. මොනවා කලත් සමහරක් අයට රනිල් කියන්නේ මිස්ටර් ක්ලීන් නේ. ඔබ කලින් ලිපියේ කියා ඇති පරිදි හොරකම සාමාන්‍ය දෙයක් ලෙස සමාජ ගතවූ සමාජයක දුෂිත දේශ පාලකයනගේ නාමයෝජනා අනුමැත කිරීමට ලැජ්ජාවක් නැති පක්ෂ නායකයන් සහ ඔවුන්ට චන්දෙ දෙන දායකයන් ඉන්න රටක් කවදා හැදෙයිද?

    ReplyDelete
    Replies
    1. තව පරම්පරාවකින් හෝ දෙකකින්? සේරමට කලින් තොරතුරු දැන ගැනීමේ පනත, ස්වාධීන කොමිසම් ස්ථාපති වෙන්න ඕනෑ. ඉන්පසු මාධ්‍යවලට මීට වඩා වැදගත් වැඩ කොටසක් කරන්නත් වෙනවා.

      Delete
  12. ජොන් බේරා ගැනීම උදෙසා පාර්ලිමෙන්තුව විසුරුවා හරිනවානම් එක රනිල් කරන්ට යන විශාල වරදක්.අනික ජෝන් කියන්නේ එජාපය විසින් රැක ගන්න ඕනේ පුද්ගලයෙක් නෙමේ.කකුල් දෙක දෙපැත්තේ තියා ගෙන හිටිය පොරක්නේ ඔය ජෝන්.
    දැන් නිමල් සිරිපාලලා මේ කරන්න යන්නේ අලුත් ආණ්ඩුවක් තිබ්බත් තාමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට කියලා පෙන්වන්න යන එකයි.විජමු කතනයක වෙච්චි පාර්ලිමේන්තුවේත් යුඑන්පි එක තමන්ගේ බලය පෙන්වන්න ඩිවූ ගුණසේකරව පරද්දලා විජමුව කතානායක කෙරෙව්වා මතකද ?
    දින 100 සහාය දෙනවා කියලා මේ වගේ අමන වැඩ කරන උන්ව ආරක්ෂා කරන්න ඕනෙද විපක්ෂය.සහයෝගයෙන් රට කරනවා කියන්නේ වැරදි දැක්කම කට වහන් ඉන්න එකද ?නැතිනම් එකතු වෙලා වැරදි කරන එකද ?

    ReplyDelete
    Replies
    1. ජෝන්, රනිල් තියා මෛත්‍රීවවත් ආරක්‍ෂා කළ යුතු නෑ. සියලු දෙනාටම වඩා වැදගත් ජන සම්මත වැඩ පිළිවෙල ක්‍ර්‍රියාවට නැංවීමයි!!!

      Delete
  13. රසික, ඔබට ඔස්ට්‍රලියාවේ නිලදාරීනට බලපෑම් කිරීමට දෙසපලනන්යයනට නොහැකි මන්දැයි පැහැදිලි කරන්න පුලුවන්ද ?
    දේශපාලනඥයකු වීමට අප රටේ මෙන් (සාපේක්ෂකව ) කොපමණ මුදලක් වියදම් කිරීමට සිදුවේද ?
    දේශපාලනඥයකු වීම නිසා ඔහුට හෝ ඇයට ලැබෙන විසේස වාසි මොනවද ?

    කෙටියෙන් ම ඇහුවොත් අප රටේ දෙසපලන්යයනට මෙසේ හැසිරීමට හැකිවී ඇත්තේ අයි ?

    මට තේරෙන හැටියට වරද ඇත්තේ මහජනයා තුලයි! ඔබට මෙය වෙන විදියකට පෙනෙනවද ?

    ReplyDelete
    Replies
    1. මහ ජනයාගෙ පැත්තෙන් වගේම ඊටත් වඩා වගකීමක් දේශපාලඥයන්ට තියනව.
      උදාහරනයක් විදියට ඡන්ද දායකයා කියන්නෙ 18ට වැඩි ඕනෑම අධ්යාපන මට්ටමක කෙනෙක්. එයාලගෙ තීන්දු සමහර විට වරදින්න පුලුවන්. නමුත් දේශපාලන පක්ශයක් කියන්නෙ සැලසුම් සහිතව සකස් වූ සංවිධානයක්. දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා පත්වීමට වැඩියෙන් වගකියන්න ඕන ඡන්ද දායකයා නෙවේ පක්ශ. පක්ශ වලින් දාන හොඳ මිනිස්සු අතරින් වඩා හොඳ කෙනා තේරීමයි මිනිස්සුන්ට දිය යුතු.

      Delete
    2. මහ ලොකුවට ආගම් ධර්ම පස්සේ ගිහින් මූනිච්චාවට වැඳගෙන හිටියට අපේ උන් ගාව ලැජ්ජාව හා බය කියන දෙකම නෑ. ඒකයි මුල්ම හේතුව.. මහ මුදලි කමටත් වඩා ලොකුයිලුනේ ලැජ්ජා නැති කම..

      Delete
    3. @lankikasithuwili
      දිගු පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක්.

      මෙහේත් මිනිසුන්, සමාජය, හැසීරීම මිනිස් ගතිවලින් යුකතයි. හොරු, දුෂිත දේශපාළුවෝ, හඩ්සන්ලා, නනාසාර ලා සේරම ඉන්නවා. සාමාන්‍ය මිනිසුන් අතරත් ජාතිවාදියෝ, හොරු, මෝඩයෝ ඉන්නවා. නමුත් වැරදි කිරීමට අපහසු වෙන්නත්, කළ අයට දඩුවම් දෙන්නත් ක්‍රම සාදා තියෙන නිසාත් ඒවා ආරක්‍ෂා කරන්නට අය ඉන්නා නිසාත් හරි මාර්ගයෙන් පිටබයන විටම නිවරදි කර ගැනීමට ඉඩ ලැබෙනවා.

      රටේ වැඩ වෙන්නේ මූලිකවම දේශපාලකයින් තීරණය කරන විදියටයි. එය ඔවුන් ගේ රැකියාව නේ. වැරදි වෙනවා නම් නිර්නාමිකව කොමිසන්වලට පැමිණිළි කළ හැකියි.

      මාධ්‍යවලිනුත් සිදුවන්නේ ඉතා වැදහත් සේවයක්. රජයෙන් මහජන මුදල් යොදා පවත්වාගෙන යන සේවයත් ආණ්ඩුවට කඩේ යන්නේ නෑ ලංකාවේ වගේ.

      ඒ සමගම, තොරතුරු දැනගැනීමේ පනත සහ ස්වාධීන කොමිසන් සභා (නීති, පොලිස්, දුෂණ වැනි) ප්‍රජාතනාත්‍රවාදය පවත්වාගෙන යාමට කරන මෙහෙය ඉතා විශාලයි!

      මා දකින තවත් ඉතා වැදගත් දෙයක් තමයි පිළිම වන්දනාව නැතිකම. පුද්ගලයින්ට වඩා පොදු අරමුණ ඉදිරියෙන් ලා සැලකීම.

      Delete
    4. "නමුත් වැරදි කිරීමට අපහසු වෙන්නත්, කළ අයට දඩුවම් දෙන්නත් ක්‍රම සාදා තියෙන නිසාත් ඒවා ආරක්‍ෂා කරන්නට අය ඉන්නා නිසාත් හරි මාර්ගයෙන් පිටබයන විටම නිවරදි කර ගැනීමට ඉඩ ලැබෙනවා."මෙය තමයි ඉතාම වැදගත් කරුණ,

      මම බොහෝදෙනාට මෙය පැහැදිලි කිරීමට උත්සහ ගත්තත් තේරුම් ගන්න ප්‍රමාණය ඉතා සීමිතයි.
      "රටක මහජනයා ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් නිතිය පිළිපැදීමට අවංකව කැප වෙනවනම්" දෙසපලනයනනට වැඩි වන්දියක් නොගෙවා මෙවැනි වැඩසටහනක් (ස්වාදීන කොමිසම් ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම ) කල හැකියි. ඔබ කියන පරිදි "දඩුවම් දෙන්නත් ක්‍රම සාදා තියෙන නිසාත් ඒවා ආරක්‍ෂා කරන්නට අය ඉන්නා නිසාත් " යන කරුණ අකණ්ඩව පැවැත්වීමට
      01. "රටක මහජනයා ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් නිතිය පිළිපැදීමට අවංකව කැප වීම හෝ
      02. දෙසපලන්යයනට ඉහල දීමනා ගෙවන සිංගප්පුරුවේ වැනි ක්‍රමයක් ක්‍රියාවේ යෙදවිම සිදුවිය යුතුය.

      මෙහි 02. කොන්දේසිය ඉටු කිරීමට ඉතා බුද්දිමත් ජනතාවක් අවශ්‍ය නොවේ අවස්යවන්නේ සීමිත උගතුන් පිරිසකට රටේ ඉහල පරිපාලනය සතු වීමයි.

      ශ්‍රී ලංකාවට මට සිතෙන පරිදි යෝග්‍ය මෙහි 2 ක්‍රමයයි. නමුත් මගේ බොහෝ මිත්‍රයන් මේ යෝජනාවට එකග නොවූ බව කිවයුතුය.

      වන්දනාව මා නරක දෙයක් ලෙස නොදකින අතර අන්ද බක්තිය ඉතා බයානක දෙයකි.

      Delete
    5. රාජ්,
      ඔබේ කතාවේ යම් ඇත්තක් තුබුණත්, දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා ලබාගත් ඉහල චන්ද ප්‍රතිසතය ගැන මොකද කියන්නේ ?
      ඔබට මතක ඇති "කරුණාසේන කොඩි තුවක්කු " ඔහු තරමක බුද්ධිමතකු උවත් චන්දයේදී පැරදුන බව මතකද ?
      මාදකින ලෙස මහජනයා මෝඩ ලෙස ක්‍රියාකිරීමට රුපවාහිනී (ජාතික සහ පුද්ගලික ) ඉහල දයකත්ග්වයක් ලබා දෙයි.
      මෙය නිවැරදිව දැනගැනීමට සවස 7.30 පමණ ඔබගේ මිතුරන් කීපදෙනකු ගේ නිවෙස්වලට ගොඩවැදී බලන්න, බොහෝ දෙන ලාමක
      රුපවාහිනී වැඩසටහන් නරබනවා දැකිය හැකි වනු ඇති.

      එච්චර ඕනේ නෑ රුපවනිනි වෙළද දැන්වීම් කීපයක් බලන්න බොහෝ විට 90% දැන්වීම් මන්දමානසික පුද්ගලයන්ට සුදුසු පරිදි සක්කස්කර ඇති,
      මෙම දැන්වීම් පිළියල කරන්නේ මනෝවිද්‍යාව පිලිබදව ඉහලින් හදාරනලද උදවියයි.
      මෙනිසා මෙයට වගකිවයුතු මේ රටේ උගත් සහ බුද්ධිමත් ජනතාවයි, ඔවුන් හඩ නොනැගීමයි වැරැද්ද.

      මා හිතනේ මේ මාද්‍ය මහින් ඉදිරියට බොහෝ හොද අදහස් පැමිණෙනු ඇති

      Delete
    6. මාධය තමයි අති වැදගත්. Fourth Estate කියායි කියන්නේ.

      මාධයවල කාර්යභාරය නිවැරදිව කිරීම සඳහා මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම අත්‍යාවශයයි!

      Delete
  14. Dissolving parliament is a very serious issue at this stage.I do not know Parliament MP John Amara tunga's matter is so bad compared to what is happening these days. At our ALevel when working out difficult sums we write answer at the bottom and calculate upwards till we get the problem. Some times we decides the question first and sometimes the otherway.

    ReplyDelete
    Replies
    1. එවැනි ගණං හැදීමේ ක්‍රමයක් නං මට හිතාගන්නවත් බෑ. සමරහවීට පිළිතුර මෙය බව පෙන්වන්න කියා ගණං තියෙනවා නම් මතකයි!

      කෙසේ වෙතත්, එකදු පුද්ගලයෙකුගේ පැවැත්මට වඩා පොදු අරමුණ අති වැදගත් බවයි මගේත් හැඟීම!

      Delete
  15. //ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians//

    මේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ සිංහලෙන් කීව එකමලුද? :P

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම නොවෙයි - Sinhala and English titles are complementary..!

      Delete
  16. අස්වෙයි.. අස්වෙයි.. බලාගෙන ඉන්න. :-)

    ReplyDelete
    Replies
    1. මහජන නියෝජිතයින්ව එතැනට ඔසවා තැබුවේද අපයි, එතැනින් ඉවත් කළ හැක්කේ ද අපටමයි. එය අප බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ.

      ඊට අමතරව හැට අට ලක්‍ෂයක් තාමත් අඳුරේ.

      ඒ වගේම පිරිසක් මේ පැත්තෙත් ඉන්නවා පිළිම වන්දනා කරන, අන්ධ භක්තිය තියෙන!

      Delete
  17. වැඩේ ජොන් බාස්ට ගියා වගේ.. රනිල්ට තියෙන්නේ ජොන්ට තරවටු කරලා ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න බල කරන්න.. ඡන්දෙට නොමිනේෂන් නොදී පැත්තකට කරලා තියන්න. පස්සේ ජාතික ලැයිස්තුවෙන් ගත්තට කමක් නෑ.. නිකන් යහපාලනේ පෙන්නන ඕන ඡන්දෙ ඉවරවෙනකංවත්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. වරදක් කළා නම් දඬුවමකුත් ලැබිය යුතුයි!

      Delete
  18. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට ඔබද කළයුතුව තිබුනෙ විශ්ව විද්‍යාලයේ ඔබ දංරූ තනතුරෙන් ඉලා අස්වීම මිස අධ්‍යයන නිවාඩු ලබා එහි ගොස් සැඟවීම නොවේ. අහෝ!! යහ පාලනය ගැන උපදෙස් දෙන පඬිතුමාගේ අතීතය. හිකිස්ස්..

    ReplyDelete
    Replies
    1. මිතුර,
      ඔබේ මේ ප්‍රලාපයන්ට මා දැන් වෙරක්ම පිළිතුරු ලිව්වා කලින් ලිපියේ.

      නොදැක්කේ නම් මෙතැනින් කියවන්න.
      1. http://rasikalogy.blogspot.com/2015/02/clearing-rungs-in-ladder.html?showComment=1423417843461#c700902054558215761

      2. http://rasikalogy.blogspot.com/2015/02/clearing-rungs-in-ladder.html?showComment=1423500945663#c898377397802109367

      මට මෙතෙක් හිතාගන්නට බැරි කාරණය නම් මෙයයි.

      ඉතා දිගු කාලයක සිට අප එකිනෙකා හඳුණනවා. මබ මා ගැන තොරතුරු හොඳින් දන්නවා. ඒ දැනගෙනත් කරුණු විකෘති කරමින් ඔබ නගන මේ ප්‍රලාපයේ අරමුණ කුමක්ද?

      අප දෙදෙනා ගේ දේශපාලන අදහස් හාත්පසින් ම වෙනස් යැයි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් මා මරා විරෝධී නිසා ඔබ මරා වාදී විය යුතුයි. එවැනි තත්වයක් නිසා ද ඔබ මේ අවලාද නගන්නේ?

      මා මෙහි ආ කාරණය ඔබ හොඳින් දන්නවා. එය අවසන් වූයේ කෙසේදැයකි කියාත් ඔබ හොඳින් දන්නවා නේද? එය එසේ වන බව කලින් දැන ගන්නට මට දිවැස් තිබුණේ නෑ. ඔබ එය දැන සිටියාද? එසේ නම් මා මෙහි ඒමට තෙදිනකට කලින් අප හමුවූ වෙලාවේ මචං උඹ ඔය ගියාට උඹට පීඑච්ඩී එක ඉවර කරගන්න වෙන්නේ නෑ කියා මට අනතුරු හැඟවූයේ නැත්තේ ඇයි?

      මෙලෙස ඔබට පිළිතුරක් ලියන්නට මට කිසිසේත් ම අවශ්‍ය වුනේ නෑ. නමුත් ඔබ මේ ආකාරයට කරුණු විකෘති කරමින් මට ප්‍රසිද්ධියේ අවලාද නගන නිසා මට අද වෙන විට මෙලෙස නොලියා ඉන්න බැරි වුණා.

      මා නොකළ වරදකට දොස් පවරන ඔබට මා කළා යැයි කිසි වරදක් පෙන්නීමට නොහැකි බවත් කිව ්‍රුයුතුයි.

      ඔබ ගැන මගේ සිතේ කිසි අහිතක් නෑ. එක හැලියේ බත් කා ඇති ඔබ සමග අමනාප වෙන්නට මෙය කාරණයක් නොවෙයි.

      මගේ අතින් ඔබට දැන හෝ නොදැන යම් කිසි වරදක් වී ඇති නම් ඒ ගැන මට සමාවෙන ලෙසද ඉල්ලමි.

      Delete
    2. ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේටම යන්න.

      Delete
    3. බ්ලොගුන් යන වචනය මේ සයිබර් අවකාශයේ මුලින්ම ලියා ඇත්තේ ඔබයි. මෙහි නීර්මාතෘ ද ඔබ බව දනිමි. ඔබේ ඉංගහිරිසි බ්ලොගය හරිහැටි යාවත්කාලීන නොවන නිසා සිංහලෙන් ලියන්නට පටන් ගත්තොත් නරකද මිතුර?

      Delete
  19. මේ මගුල කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ.

    2003 දේ කරපු ගොන්කම මෙදා සැරේ නොකර ඉන්න රනිල් දැනගන්න ඕන.

    වැඩි සහජීවනේ කොයිවෙලෙත් අනතුරු දායකයි.

    මොනා කලත් ජෝනා ව නම් එල්වන්නම ඕන. එයාල දැන් ඉන්න ඕන ඒගොල්ලන්ගේ වලව් වලට වෙලා.

    ReplyDelete
    Replies
    1. තමන් කළ වරදක් පිළිගන්නේ නැති අය කොහොමද රටටම බලපාන දේ ගැන තීරණ ගන්නේ?

      Delete
  20. යම්කිසි රටක මානව සමාජයේ බහුතරයගේ ක්‍රියාකලාපය/හැසිරීම/පැවැත්ම අනුව තමයි ඒ සමාජයට සියල්ල ලැබෙන්නේ කියලා මා විශ්වාස කරනවා. මෙහිදී ආගම් වලට කළහැකි දෙයක් නැති තරම්. අද තරම් ආගම් අවලංගු භාවයට පත් යුගයක් ලෝකයේ තවත් ඇද්ද?

    ලංකාවේ නීතිය, අධිකරණය, ගැන විග්‍රහ කරන්න අවශ්‍ය නැහැනේ. අපි හිතනවා උගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කියලා. නමුත් ඒගොල්ලොත් පාර්ලිමේන්තුවට ගියාම මර්වින් සිල්වලා, පාලිත තෙවරප්පෙරුමලා, බැසිල්ලා හෝ ජෝන් අමරතුගලා වෙනවා. මෙන්න මේක නවත්තන්නේ කොහොමද?

    අපේ දේශපාලන ක්‍රමය පිළුනුවී කුණුවී ගඳ ගහන එකක් නිසා, ඇත්තටම දේශපාලනයට සුදුසු, සාධාරණ සහ මධ්‍යස්ථ මතධාරී උගතුන් රාශියක් දේශපාලනයට එන්නට කැමති නැහැ. අන්න ඒ පිරිස දේශපාලනයට ගන්නට පක්ෂ නායකයින් ක්‍රියා කරනවානම් ජාත්‍යන්තර මට්ටමේ උසස් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත පාලන ක්‍රමයක් අපිට හදාගන්න පුළුවන්.

    පොරොන්දු දේශපාලන මිත්‍යාවෙන් ග්‍රාමීය සහ මධ්‍යම පාන්තික ජනතාව ගලවා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරිය යුතුයි. විප්ලව කලයුතුය කියන සංකල්පයේ ඉන්න අයට පෙන්විය යුත්තේ එය චින්තන විප්ලවයක් විනා සන්නද්ධ විප්ලවයක් නොවිය යුතු බවයි.

    දේශපාලන පක්ෂ තුළට මා කලින් සඳහන් කල උගතුන් රිංගවා, ක්‍රමයෙන් එම පක්ෂයේ බලය එම උගතුන් අතට ගැනීමේ මහා විප්ලවයක් කලයුතුයි. නීතියට ගරුකරන, විනයවත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට එය බොහෝදුරට ඉවහල් වනු ඇති.

    ReplyDelete
    Replies
    1. පෙරමග ලකුණු හොඳයි.

      කර ඇති යෝජනා අනුව ඉදිරෙියේ දී දේශපාලන වාතාවරණය වඩා හොඳ වී, අධ්‍යාපනයට වැය කරන මුදල 6% දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම නිසා, ඒ ආයෝජනයෙන් උගත් මෙන්ම ප්‍රතිපත්ති ගරුක පුරවැසියන් බිහි වුණොත්, තව පරම්පරාවකින් විතර තත්වය හොඳ වේවි.

      එතකන් අපි අඹ ඇටේ කතාව මතක් කරමින් ඉම්මු!

      Delete
  21. රනිල්ට ලකුණු ටිකක් දමා ගන්න තිබුන ලොකු අවස්තාවක් නැති කර ගත්ත.......
    විශ්වාශ භංගය ගේනව කියපු ගමන් තිබ්බෙ ජෝනව අයින් කොරන්න.......
    මෝල් ගහ කොහොමත් උන්නෙ මාමි ගෙ ඔඩොක්කුවෙ කියල දැන දැනත්.........
    අනේ මන්ද..........
    එක අතකින් ඔහොම වෙන එකත් හොදයි.......
    සැම දෙයක්ම අපි සිතන ලෙසට වුනොත්........
    අපිට මෙහෙම කච...කච.....ගාන්න දෙයක් නැතිව යනවනේ.....ඉදං .....

    ReplyDelete
    Replies
    1. අන්තිම කතාව නිසා මට මතක් වුනේ 1994 දී චන්ද්‍රිකා ඇවිත් දුෂණය සහ භීෂණය ඉවර වුණාම රාවය වගේ විකල්ප පත්තරත් නතර වේවි කියලා පත්තර ලෑල්ලක් කරන පොරක් දුක් ඬුණු විදියයි!

      Delete
  22. ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
    ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
    මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
    කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

    රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
    වෙසතුරු සේ දන් දුන්නා නම්
    මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
    කපුටන් සේ හඬ තැලුවා නම්
    කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

    ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
    මහ සබැ මැද රඟ දුන්නා නම්
    බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග
    පා පහරින් බිම දැමුවා නම්
    කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
    අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

    ගී පද - වසන්ත කුමාර කොබවක
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  23. රනිල් මේක කියෙව්වා නම් හොඳයි. අඩුම ගැනේ පොරට ඉල්ලා අස්වෙන්න හරි සමාව ගන්න අහරි කියන්න ඕනේ.

    ReplyDelete
  24. ලංකාවේ අපේ සෙට් එකේ කවුරු හරි කැමැත්තෙන්ම අයින් වෙද්දී බැරිය ඉතින්..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.