Friday 13 March 2015

රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites


මුලින්ම මා ලංකාවට දුරකතනයෙන් කතා කළ වෙලාවක මගේ ඥාතියෙක් කියූ කතාවක් මෙන්න.

වසර හත අටක් තිස්සේ විශ්‍රාමික සුවයෙන් පසුවෙන ඇය ගමේ තවත් පිරිසක් සමග මෑතදී වන්දනා ගමනක් ගොස් ඇත. මට මතක විදියට සේරුවාවිල ප්‍රදේශය හරහා ගිය ගමණකි.

එහි දී ඔවුන් වැඳ පුදා ගත් යම් නටඹුමක් හෝ සිද්ධස්ථානයක් අසලදී ගමනට එක් වී සිටි තවත් පැන්ෂන් නෝනා කෙනෙක් මෙසේ පැවසුවේ ලු.

"අනේ ඉතිං දැන් දැන් ම මේවා වන්දනාමාන කර ගත්ත තරමක් තමයි. තව ටික දවසකින්ම මේවා අපිට අහිමි වෙනවානේ!"

"ඇයි ඒ?" මගේ ඥාතියා විමසා ඇත.

"නෑ, ඉතිං, දැන් ඉතිං මේවා ආයේ කොටින්ට දෙන්න නේ යනවා කියන්නේ!" පැන්ෂන් නෝනා ගේ පිළිතුර එසේ වී ඇත.

මේ කියන පැන්ෂන් නෝනා සේරුවාවිල බුදු පිළිමය පමණක් නොව මහින්ද රාජපක්ස නම් බොල් පිළිමය ද වන්දනා කරන්නියකි. ඇය මේ ඉදිරියට ගෙන යන්නේ ජනාධිපති ඡන්දයෙන් පැරදී ගෙදරට පල්ලම් බැස ගිය මහින්ද රාජපක්ස මෙගා ෆෝන්වලින් ගෙන ගිය ජාතිභ්‍රෂ්ඨ ප්‍රචාරයේ ම දිගුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

* * *

දැන් මෙන්න අද ප්‍රස්තුත කතාව.

පසුගිය දිනයක මා ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙමින් තිබූ පහත කාටූනය මගේ කාලරේඛාව හරහා ද බෙදා හැරියෙමි.



මෙය හිටපු ජනාධිපති විසින් කරන ලද, වැරදි කළා යැයි මට ඇඟිල්ල දික් කරන්න බෑ යන ප්‍රකාශයට පිළිතුරක් ලෙස සාදන ලද කාටූනයක් බව එක්වරම පෙනේ.

කලින් දෙතුන් වතාවක දී ම සිදුවුණාක් මෙන් මෙවරද, අප මා මුලින් සඳහන් කළ ආකාරයේ බොල් පිළිම වන්දනාමාන කරන ඇන්ටිලා සහ අංකල්ලා කීප දෙනෙකුගෙන් මට විරෝධතා මතුවිය.

මා ඒ අයට කියා සිටියේ මෙයයි.
"ඔබ රැල කුමන මිත්‍යාවක ඇලී ගැලී සිටියද, මට නම් ම.රා. යනු ලංකාවේ සිටි දුර්දාන්තම පාලකයා ය. ඔහුගෙන් සදහටම මිදීමට ලැබීම මෑත ඉතිහාසයේ ලංකාවට සිදුවූ හොඳම දෙයයි."
මෙයට පිළිතුරු ලෙස එක් ඇන්ටී කෙනෙක් උපහාසයට කියා තිබුනේ - "ඔව් මා ඔබ හා එකඟයි, ඔබ වැනි රටින් බැහැරව දිගු කලක් වෙසෙන අය ගැන එය සත්‍යයකි" - කියායි.

මා ඇයට මෙලෙස පිළිතුරු දුනිමි.
ඇන්ටී,

මා මෙවර ඡන්දය දුන්නේ ද නැත.

නමුත් මිලියන 6.2 ක ජනතාවක් ම.රා. එළවීමට ඡන්දය දුන්නෝය.

ඔබේ සැනසිල්ල පිණිස කියනවා නම්, පිටරට වෙසෙන්නන් අතර ද ඔබ වැනි ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් අය ඇති බව සඳහන් කරමි.

යුද්ධය මිස අන් කිසිවක් ගැන නොසිතන ඔබ වැන්නන්ට ම.රා. සදකාලික වීරයෙකි. වාසනාවක මෙන් මට නම් ඉන් ඔබ්බට ලෝකය පෙනේ.
මෙතැනට පැමිණි අංකල් කෙනෙක් මෙලෙස කීවේය.
"සමහර පුළුල් ලෙස හිතන්නන්ට ප්‍රභාකරන් මහතා ද වීරයෙකි. කන්න ඕනැ වෙනකොට කබරගොයාත් තලගොයා වීම යහපාලනය නම් වේ!"
මගේ පිළිතුර වූයේ මෙයයි.
"ප්‍රභාකරන් වීරයෙක් වන්නේ ද මා මුලින් කී ආකාරයේ ඒක න්‍යායේ පටු චින්තනයෙන් යුත් පිරිසකටමය. ඔවුන්ගෙන් සමහරු ප්‍රභාකරන් මළා යැයි විශ්වාස කරන්නේ ද නැත. හරියට ම.රා. නැවත එනතුරු බලා සිටින අය වගේ ම ය."
අපේ විවාදයට යම් කිසි වැදගත්කමක් ලැබුණේ ඉන් අනතුරුව සබයට පැමිණි උගත් ඇන්ටී කෙනෙකු ගේ මේ කතාවෙනි.
අපි දන්නා කාලේ හිටං ලංකාවේ දේශපාලනය කොයිතරම් පහත් මට්ටමක තිබුනේ කියල ඔක්කොමල දන්නවනේ. අසුවේ හා අනුවේ දශකයන්ට සාපේක්ෂව මෑත ඉතිහාසය දිහා බලන්න වෙනවා. රසික ම.රා. ගැන විතරක් ඔය තරම් අකමැත්තක් තියන්නේ ඇයි කියල හිතාගන්න අමාරුයි.

මල්ටිපල් චොයිස් ප්‍රශ්නයක් අහල තියෙනවා, තෝරාගන්න උත්තර 4 ක් තියෙනවා.

රනිල් ද, චන්ද්‍රිකා ද, සිරිසේන වගේ මනුස්සයෙක් ද, රාජපක්ෂ ද?

ප්‍රශ්නය හදල තියෙන කිට්ටුවටවත් යන්නේ නැතුව, උත්තර වෙනස් කරන්න ශක්තියකුත් නැතිව, උත්තර දෙන්න නිල අයිතියක් (පුරවැසි කම) වත් නැතුව, අපි මෙහෙ හිටං බොරුවට තර්ක කලාට වැඩක් වෙන්නේ නෑ නේද? වෙස්ට් වල ඉන්න නායකයන්ටත් ඕනේ ඔය ඕනේ උත්තරයක්, රාජපක්ෂ ඇරෙන්න, මට නම් එකම ඇති හරි උත්තරේ තෝරාගන්න. මම දන්නා දේශපාලනේකුත් නෑ.
මෙන්න එයට මා දුන් පිළිතුර
මගේ බහුවරණ ප්‍රශ්ණ පත්තරේ දැනට පස් වෙනි විකල්පයක් තියෙනවා.

5. ඉහත එකක්වත් නොවේ

පසුව මෙය හයවැන්නට යවමින් පස්වැන්නට නමකුත් එනු ඇත.

අවංකවම කියනවා නම් මං රටේ ලොක්කාට කැමති වෙලා හිටියේ 1977-1980 සහ 1994-1999 යන සුළු කාලවල පමණයි.

අපි බොහෝ දෙනෙක් නොදැනුවත්වම ප්‍රශස්තය යැයි සිතන්නේ local optimum එකකුයි. මරා 2005 දී ඒ local optimum එකයි. ඔහු සැමදා සිටියේ global optimum එකට ඉතා දුරින්. පසුව, 2009 දී ඔහු තනිකරම ඍණ (negative) පැත්තට ගියා.

මරාවාදීන් ගේ මෝඩකම තමයි තව දුරටත් local optimum එකක්වත් නොවෙන ඔහුට global optimum යැයි දිගින් දිගටම රැවටීම.

පිලිම වැඳීම මට නම් කොහොමටත් අරහං. ඒ මදිවට මේ බොල් පිලිමයක්.

අවදිවන්න.
මගේ පිළිතුරේ දී මා උත්සාහ කළේ ගණිතයේ එන ප්‍රශස්තිකරණය නම් විෂයයේ ඇති න්‍යායයක් උපයෝගී කරගෙන ඇය ඉදිරිපත් කළ තර්කයට පිළිතුරක් දීමයි.


අප අවකලනයේ දී ද ඉගෙන ඇති ආකාරයට ද්වි විචල්‍ය ශ්‍රිතයක පවා උපරිමයන් කිහිපයක් තිබිය හැක. එනම්, පළමු අවකලන සංගුණකය ශුණ්‍යයට සමානවන සහ දෙවන අවකලන සංගුණකය ධන සිට ඍණ දක්වා වෙනස් වෙන ලක්‍ෂයන් කීපයක් තිබිය හැක. නමුත් සමස්ත උපරිමය බොහෝ විට ඉන් එකක් පමණි.

මා කියූ පරිදි ඉහත එකක්වත් නොවේ යන පිළිතුරක් ද තිබිය හැකි බව නොසිතා දී ඇති බහුවරණ පිළිතුරුවලින් එකක් තෝරා ගන්නා අය ඒ කරන්නේ අත ලඟ ඇති උපරිමයක් අල්ලා ගැනීමයි. එහිම ඇලී ගැලී වන්දනාමාන කරමින් සිටිනා කල් ඔවුන්ට සමස්ත උපරිමය කිසිදා සාක්ෂාත් කරගත නොහැකි ය.

අප කළ යුත්තේ දී ඇති බහුවරණ පිළිතුරු කිහිපයට ඔබ්බට ගොස් සමස්ත ප්‍රශස්තය ලඟා කර ගැනීමට උත්සාහ කිරීමයි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

(http://blog.softwareontheside.com/2012/11/retrospectives-and-local-maxima.html AND http://www.quora.com/What-is-the-significance-of-gradient-vectors AND http://www.quora.com/On-a-graph-whats-the-difference-between-global-and-local-maximum-minimum-values)

44 comments:

  1. Rajapaksites ??
    අඩේ අප්ප අලුත් වචනයක්

    ReplyDelete
  2. හැමදාම ලිඳේම ඉන්න කැමති අපේ අයියලාටනම් උපරිමයක් නැති එක්ස්පොනෙන්ෂල් ෆන්ෂන් එකක උනත් ලිං ගැට්ට තමයි එයාලගෙ උපරිමය.

    ReplyDelete
    Replies
    1. එක්ස්පොනෙන්ෂල් බෑවුම නිසා උඩට නගින්න ගියත් පහලට රූටනවා ඇති?

      Delete
  3. "ඔබ රැල කුමන මිත්‍යාවක ඇලී ගැලී සිටියද, මට නම් ම.රා. යනු ලංකාවේ සිටි දුර්දාන්තම පාලකයා ය. ඔහුගෙන් සදහටම මිදීමට ලැබීම මෑත ඉතිහාසයේ ලංකාවට සිදුවූ හොඳම දෙයයි."++++++++++++++

    ReplyDelete
  4. ඔලුව කැරකෙන්න ගත්තා.. අපේ දෙයියින්ට කියන දේවල් ඇහිලා.. මාත් අර අංකල්ලාගේ කෙනෙක්..

    ReplyDelete
  5. මේ දවස් වල වැඩිය ගැවසෙන්නෙ ඒ පැත්තෙ වගෙ නේද... මේ පැත්ත මළ කම්මැලි හින්ද මාත් මේ ටිකේ ඒ පැත්තෙ තමයි... මට පේන්නෙ බ්ලොග්කාරයො ඔක්කොටම වෛරසයක් බෝවෙලා වගේ... හි හි....

    ReplyDelete
    Replies
    1. එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස!
      මේ අවුරුද්දට රසිකොලොජියේ ලිපි තිස් පහල් ලියා පල කර තියෙනවා. තාම දවස් සීය ගියෙත් නෑනේ!

      Delete
  6. විග්‍රහය අපූරුයි, නමුත් නිවැරදි නෑ. රාජපක්ෂවාදීන් local maxima එකක සිටින බව පවසන්නේ ඔබ වැනි ප්‍රති-රාජ පක්ෂ වාදීන්ය (මමත් එහෙමයි). රාජපක්ෂවාදීන් local maxima එකක සිටින බව පැවසීම, ඔවුන් බුද්ධිය මඳ බව පැවසීමට සමානයි. ඔවුන් නොදකින දෙයක් ඔබ දකින බව කීමකි. නමුත් ඔවුන් ඇත්තෙන්ම දකින්නේ කුමක්දැයි යන්න වටහා ගැනීමට ඔවුන් විසින්ම පවසන දෙයට සවන් දිය යුතුයි. ඔවුන් අරක දකියි, මෙය නොදකියි ලෙස අනුමාන කිරීම නිෂ්පලය.

    //"නෑ, ඉතිං, දැන් ඉතිං මේවා ආයේ කොටින්ට දෙන්න නේ යනවා කියන්නේ!"//
    ඔවුන්ගේ ලෝක දැක්ම මෙයයි. ඔවුන් රාජපක්ෂට කැමති වීමට හේතුව රාජපක්ෂ local maxima එකක් වීම නොව. රාජපක්ෂ මින් පෙර කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ පරිදි රට ආරක්ෂා කිරීමයි (ඔවුන්ගේ විශ්වාශයට අනුව). ඔවුන්ගේ ලෝකයේ සිංහල ජනතාව තර්ජනයට ලක්ව සිටින පිරිසකි. බටහිර, කොටි, සුළු ජාතීන් ඇතුළු එකී නොකී විවිධ සතුරන් සිංහල ජාතිය විනාශ කිරීමට සැරසී සිටිති. මේ ඉමහත් තර්ජනය නොදකින්න සැබෑ කැක්කුමක් ඇති සිංහලයෙක් නොවේ (ඔබ මේ කුලකයේය). "you are either with us or against us" යන චින්තනය කර පින්නා සිටිති. ඔවුන්ගේ ලෝකයේ මිනිසුන් කළු හෝ සුදු වෙති. රාජපක්ෂගේ සිංහල බෞද්ධ මුහුණුවර නිසා ඔහු සුදුය. ඔහුගේ සතුරන් කලුය. ඔහුගේ ප්‍රතිවාදීන් නිකම් සිටින්නේ නැත. සිංහල ජාතිය පාවාදෙති. "දැන් ඉතිං මේවා ආයේ කොටින්ට දෙන්න නේ " වැනි කතා සාධාරණීය වන්නේ ඒ නිසයි.

    නලින් ද සිල්වා මේ මානසිකත්වය දරන හොඳ නිදසුනකි. රාජපක්ෂ පරාජය වීමෙන් පසුව ඔහු දිගට හරහට බ්ලොග් ලියයි. ඔහුගේ ලිපි කියවනවානම් රාජපක්ෂවාදීන්ගේ සිත හඳුනාගත හැක.

    ReplyDelete
    Replies
    1. /* ග්‍රහය අපූරුයි, නමුත් නිවැරදි නෑ. */

      මට තියෙන්නේ බර්ඩ්ස් අයි වීව් එකක්. සානු, නිම්න, කඳු, පල්ලම් සේරම පේනවා!

      Delete
    2. නලින්ද නම් දැන් හිටු කියලා ලියනවා. ලාංකීය සිතුවලි සින්ඩියේ දවසට පෝස්ට් දෙකක් විතර තියෙනවා මං දැකලා තියෙනවා.

      Delete
  7. රසික,

    ඇත්තෙන්ම මහින්ද රජපක්ස ජාතිවාදියෙක් නෙමයි, නමුත් ඔහු දක්ෂ අවස්ථා වාදියෙක්, බලය ලබාගැනීමට කොටින්ට මුදල් දුන් ඔහු තමාගේ බලය තබාගැනීමට බටහිරයනට රට පවා දීමට කිසිදු පැකිලීමක් නොදක්වයි හොදම උදාහරණය ඇමරිකානු රජය සමග ගොටබය එලබුන ගිවිසුම, එනම් ඔනෑම අවස්ථාවක ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකා බුමිය පාවිච්චි කිරෙමේ බලය.

    ඔහුගේ දක්ෂ කම නම් බටහිරට රට පවා දෙන අතර සිංහල ජාතියේ ආරක්ෂකයා ලෙස රගපෑමයි, රට පිළිගත් උගතුන් මිට රැවටීම මහින් ඔහු කෙතරම් තාත්වික ලෙස එය සිදුකලාද යන්න තේරුම් ගත යුතුය.

    යුද්දය ගැන මගේ විග්‍රහය මිට ටිකක් වෙනස්, මා සිතන හැටියට බුමියේදී යුද්දය ජයග්ග්‍රහණය කිරීමට ඉවහල් උනේ ජෙනරාල් සරත් ෆොන්සේකා (මොහු ගැන හිටපු ජෙනරාල් ජනක පෙරේරා පවසා ඇත්තේ "මා සරත් ෆොන්සේකාට කැමති නෑ නමුත් යුද්දය දිනන්නනම් මෙරටේ හමුදා පති විය යුත්තේ ඔහුයි" ) ප්‍රශ්නය උනේ ඔහුව හමුදාපති කිරීමට රාජ්‍ය නායකයන් කිසිලෙස කැමති නොවීමයි (ඔහුව පාලනය කිරීමට තමාට නොහැකි වේ යයි සැකය ඔවුන්ට පැවතිය ) මෙහිදී මහින්ද අවදානම ගන්නේ ගොටබය නිසයි.

    යුද්දය දිනීමට හැකි වෙන්නේ මොවුන් තිදෙනාගේ එකතුවයි සහ නාවික හමුදාපති ඇතුලත් අනෙක් අංශ උපකාර උනා , මා දන්නා ලෙස මොවුන් සියලුදෙනා යුද්දය දිනීමට කටයුතු කරනලද්දේ ශ්‍රී ලංකාවට හෝ එහි ජනතාවට ඇති ආදරය ට වඩා බලය තබා ගැනීමටයි.

    යුද්දය ගැන කිවයුත්තේ කොතරම් අමනුසික උනත් මෙය අවසන් කල යුතුම දෙයක් බවයි, මෙය තව දිගට පවත්වා ගත්තනම් සිදුවන ජීවිත සහ දේපල විනාශය අදහා ගත නොහැකි වනු ඇති.

    මා දන්නා ලෙස උතුරු නැගෙන හිර ප්‍රශ්නය

    01. ආර්ථිකය දුරුවල වීම මහින් රැකියා නොමැතිවීම (නිදහස ලබුදිනයේ සිට සහනාදාර වලට හුරු කිරීම )
    02. නිතිය සදරනව ක්‍රියාත්මක නොවීම නිසා
    03. සිංහල බාෂාව මුලික බාෂාව වීම මගින් (01. දමිළයන්ට අසාදාරන වීම 02. විශ්ව දැනුම ලබාගැනීමට තිබු ක්‍රමය වූ ඉංග්‍රීසි හැසිරවිය නොහැකි පිරිසක් ඇතිවීම )
    03. සිංහල සහ දෙමල දෙසපලන්යයන් බලයේ සිටීමට ජාතිවාදය යොදාගැනීම සහ මෙය තේරුම් ගතහැකි ජනතාවක් නොසිටීම.

    ප්‍රජචන්ට්‍රවාදී සමාජයේ අදහස් ප්‍රකාශයට අයිතිය ඇත එහිදී දෙසපලන්යන් ජාතිවාදී ප්‍රකාශ බලයට පැමිණීමට යොදාගනී
    කොතරම් දියුණු උනත් මෙය ඔස්ට්‍රිලියාවේ දීත් යොදාගත් බව Pauline Hanson 1997 දී සහ 2002 වැනි කාලයේදීත් යොදාගත් බව ඔබට මතක ඇති, නමුත් සිදුවුයේ කුමක්ද විශාල බුද්ධිමත් ජනතාවක් සිටින බැවින් ඔවුන් ගේ මතය ක්‍රමයෙන් යටපත් වීමයි.

    අපරටට ගැලපෙන්නේ බොහෝවිට දැඩි නීති මගින් ජාතිවාදය වලක්විම සහ ස්වාදීන කොමිසන් සබා මහින් අනිසි දේසපාලන බලපෑමක් නොකළැකි ක්‍රමයක් ඇති කිරීමයි.


    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකඟයි.

      දකුණේ ජනතාව ගේ ප්‍රශ්ණවලට විසඳුම ලෙස ඔවුන් දකින්නේ "අපේ ආණ්ඩුවක්" පිහිටුවා ගැනීමයි.

      සිරිලංකා, යුඇම්පී පමණක් නොව ජෙවීපීය ද හිතන්නේ එලෙසයි.

      ඉතිං, උතුරු නැගෙනහිර ජනතාව ද එහෙම හිතුවාම වැරුද්දක් තියේ ද?

      Delete
    2. ලංකා සිතුවිලි ගේ සිතුවිල්ල එක්ක මමත් එකඟයි.
      නොම්මර එකේ අවස්ථාවාදියෙක් තමයි මහින්ද.

      Delete
    3. මහින්ද ජාතිවාදියෙක් නොවෙයි. ඔහු දේශපාලනඥයෙක්. දෙමළ තරුණයන් අවි අතට ගන්න හේතුව මොකක් වුනත් ඔවුන්ගෙ ත්‍රස්තවාදී ක්‍රියා නිසා දකුනෙ ජාතික ව්‍යාපාරයක් බිහිවුනා. ඊට අඩුව තිබුනේ නායකත්වයක් පමණයි. එම අඩුව මහින්දගෙන් සැපිරුනා. එපමනයි.

      Delete
    4. I do no agree with
      03. සිංහල බාෂාව මුලික බාෂාව වීම මගින් (01. දමිළයන්ට අසාදාරන වීම 02. විශ්ව දැනුම ලබාගැනීමට තිබු ක්‍රමය වූ ඉංග්‍රීසි හැසිරවිය නොහැකි පිරිසක් ඇතිවීම )

      01. Can be solve by proper governmental agenda.
      02. Is not relevant.

      Most of countries have their national language as the majority of the nation.

      https://en.wikipedia.org/wiki/National_language

      Other points are 100% true.
      01. ආර්ථිකය දුරුවල වීම මහින් රැකියා නොමැතිවීම (නිදහස ලබුදිනයේ සිට සහනාදාර වලට හුරු කිරීම )
      Never intend to develop those areas by any leader


      Thanks

      Delete
  8. තවමත් 'රාජ පස්ස' වාදයේ ඉන්න උන්නැහේලාගේ මොලය, නැවත මස්තිෂ්ක කුහරය වෙත එනු ඇතැයි සිතීම උගහටය. යුද්ධය දිනුවේ, තනිකරම මරාගේ මොලයෙන්, හයියෙන්, බලයෙන්, කියා සිතා සිටින මරා වර්ගවාදීන්, මෙන්න මේ ලිපිය කියවා ඇත්ත වටහාගනු යෙහෙකි. මේ ලිපියේ සඳහන්, ජෙනරල් ෆොන්සේකා කියා ඇතිදේ, ඔහු දේශපාලන වේදිකාවකදී හෝ පොදු සංවාදාත්මක මණ්ඩපයකදී සිංහලෙන් කියනවානම් වඩාත් හොඳයි.

    http://www.ft.lk/2015/03/10/general-sarath-fonseka-reveals-untold-story-of-eelam-war-iv/

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මේ ලඟදී හෙලි කළා ඔහු ගෝටාබයට ලක්‍ෂ හයක් දුන්නු බව. එය එක්කෝ අල්ලසක්, නැතිනම්, රාජකාරියේ සිටියදී දේශපාලනයේ යෙදීමක්.

      Delete
    2. මහින්ද යුධ පෙරමුනේ සටන් කළායැයි කිසිවෙක් කියන්නේ නැහැ. එහෙත් ජේ ආර්, ප්‍රේමදාස , චන්ද්‍රිකා යුගවලත් ඔය හමුදාව හිටිය. නමුත් වඩා වැදගත් දේශපාලන නායකත්වය.
      ෆොන්සේක ගැන කියනවනම් ඔහු තමා ශ්‍රේෂ්ඨම හමුදාපති. ඔහු නොසිටියානම් යුද්දෙ දිනන්න බැරිවෙන්න හෝ ප්‍රමාද වන්න ඉඩ තිබුනා.
      ෆොන්සේකා සිරගත කිරීම මහින්ද කළ ලොකුම මෝඩකමයි.එය ඔහු වැන්නකු විසින් කරයි කියල හිතන්නත් බෑ.ඔහුගේ මෝඩ සහෝදරයන් ඉතාම පටු විදියට හිතල ගත්ත මෝඩ තීරනවලින් එකක් තමයි ෆොන්සේක සිර කිරීමත්.
      මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය ඇවිස්සීම අනෙක් මරි මෝඩ වැඩේ.

      Delete
    3. කවදාවත් රාජ්‍ය නායකයකු යුද පෙරමුණට යන්න අවශ්‍ය නැහැ. නමුත් Forward Command Base එකටවත් යන්න ඕනේ. අපේ රටේ කිසිම ජනාධිපති කෙනෙක් එහෙම ආවේ නැහැ. යුද්ධය තේරෙන ජනාධිපති කෙනෙකුට හිටියේ ජේ.ආර්. පමණයි, ඔහු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු නිසා. චන්ද්‍රිකා හුඟක් බයවුනා යුද්දෙදි සොල්දාදුවන් සහ මිනිසුන් මැරෙනවාට. චන්ද්‍රිකාට War Strategies ගැන මේ ලෝක දැණුමක් නැහැ. ඒ දැණුම ලබාගන්න ඕනෙකමක් තිබුනෙත් නැහැ. මහින්දට එව්වා ටිකක් ඉගැන්නුවේ ෆොන්සේකා සහ ගෝඨාභය. නමුත් යුද්දෙදි ක්‍රියාත්මක කරේ ෆොන්සේකාගේ Overall Plan එක. අනිතිමට මහින්දට කටයි පුකයි වහගෙන ඒ ප්ලෑන් එකට එකඟවෙන්න සිදුවුනා. නමුත් යුද්දෙන් පස්සේ 'මමයි රජා' පාට් එක පෙන්නන්න පටන්ගත්තා.

      Delete
  9. Mithraya mahinda elaviya yuthyi.
    Namuth his thanata kauda enne.
    ranilge wada kida danatamath penewa neda

    ranil ha goo gang ekka compare karana kota MR yodayeki.

    ReplyDelete
    Replies
    1. ග්ලෝබල් ඔප්ටිමම් එක හමුවෙන තුරු ලෝකල් ඔප්ටිමම්වලින් සැනසෙන්න තමයි වෙන්නේ!

      Delete
  10. රසික මොන මැටි සමීකරණ ය උනත් ව්‍යුත්පන්න කරන්නේ මේකට ඉර්ශ්යාවෙන් සහ හද පිරි ද්වේශයෙන් කියන එක අහන්නත් දෙයක් ද ? පල ඇති රුකටනේ ගල්. මිනිහව එලෙව්වට පස්සෙත් මිනිහ ගැන මැටි ප්‍රස්තාර ඇඳ ඇඳ බ්ලොග් පොස්ට් ලියන එකෙන් තේරෙන්නේ ලංකාවේ දේශපාලනයේ මරා මොන තරම් බලවත් සාධකයක්ද කියන එක නේද ?? නැත්නං කොතතමල්ලි බිබී ප්‍රස්තාර අඳි විද ඔහොම යං , ඔහොම යං :P

    අර කවුද කියල තිබ්බේ. ශ්‍රී ල නි ප ය ඔබේය , මහින්ද අපේය කියල.
    දැන් කියන්න තියෙන්නේ ඉදිරි මැතිවරණයකදී මැටි ප්‍රස්ථාර තොපේය.... රට මරාගේය කියල. සමීකරණය රෝල් කරල ගහ ගං පුකේ. ( ©2015 කකා ) :)

    ( ඔන්න ජහ පාලක මය්ත්‍රී තුමා නං පාර්ලිමේන්තුවේ කැන්ටිමට ආපු වෙලාවේ මොකෙවත් හැරිලා වත් බැලුවේ නැහැ ලු )

    ReplyDelete
    Replies
    1. මසොපි කියන කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා , මහින්ද රාජපක්ෂගේ දේශපාලන භාවිතාව මම ප්‍රතික්ෂේප කරන එකක්. එත් පැරදුනු මරාට අනික් 225 ම මෙච්චර බය අයි කියලා හිතෙනවා ඒ ගැන දඟලන හැටි දැක්කම . ඒ කියන්නේ අනික් අයට සාධාරන් සැකයක් තියෙනවා මරා ජනතාව තුලින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා නෑ කියලා ,

      Delete
    2. ප්‍රභාකරන් හෝ හිට්ලර් හෝ ආපසු ආවොත්? බය නැද්ද?

      Delete
    3. හි හි රසික වගේ පුංචි පහේ මං ටොයියන්ට පුළුවන් අවුරුදු 60 , 70 අහිංසක ඇන්ටිලා ටිකක් එක්ක බුකියේ සෑන්ඩ් බොක්ස් එකේ වාද කරලා උන්දලව පරද්දල ටොයි සිංහ වෙස් ගන්න විතරයි.

      අපි දැකල තියෙනවා නේ රසික මේවගේ තැන් වල සාකච්චා කරන විදිය. බොහෝ වෙලාවට උත්තර දෙන්නෙම නෑ , එක්කෝ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර. නැත්නම් තනි වචනයේ උත්තර. ඊට පස්සේ එකකට ලියපු දේ බොට්ටෙක් වගේ හැම තැනම කොපි පේස්ට්.

      පොඩ්ඩක් හරි විවාද සපන්න තැනකදී ඇනොල සෙට් එක රසිකගේ කලිසම ඔලුවෙන් ගලවල බෙල්ලේ බැඳලා කිච කරලා යවන හැටි අපි පහුගිය අවුරුදු ගානෙම දැකල තියෙනවා නේ. එක හින්ද කමක් නැහැ. බුකියේ ඇන්ටිලා අල්ලාගෙන සිඟිති ආතල් අරගෙන ස්වයං වින්දනය වෙන එක ට අපි නං විරුද්ධ නැහැ.

      නුවර රැස්වීමේදී විමල් විවුර්ථ ආරාධනාවකුත් කරා නේ. සකල දේශ වාසි ජහ පාලන ටොයියන්ට .. අඩි කෝදු , ජාමිතික හැඩ තල , මැටි සමීකරණ අරගෙන ඇවිල්ල උන්ගේ ව්‍යාපාරය විවේචනය කරන්න , දිග පළල මනින්න කියල. ඉතින් ටොයියෙක් වශයෙන් රසික ෆෝම් වෙන එක අහන්න දෙයක් ද ?? ඔන්න තියෙනවා ප්‍රතිඵලය... ටොයි ප්‍රස්තාරේ.

      මචං රසික , මහින්ද ගේ පසුගිය දේශපාලන ව්‍යවහාරය ගැන ආදේශ කල්ගත හැකි හොඳම නිර්වචනය දුන්නේ පැරා .. මෙන්න තියෙනවා එක ....

      නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. දේශපාලනිකව ගත්තොත් මේවා සියල්ල ආණ්ඩුව බලය තහවුරු කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගයන් . දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේවා හරි. යුද්ධය දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු.

      මට නං පසුගිය කාලයේ මහින්දගේ වැඩ ගැන තිබුන අපහැදීම සම්පුර්ණයෙන් නැති වෙලා ගියා පැරකුම් ගේ මේ ලිපිය කියවපු දවසේ ඉඳන්. ඒ ගැන පරකුම්ට මාගේ ස්තුතියත් මේ ගමන්ම පුද කරනවා.

      Delete
    4. @ඉවාන් පවුලූශා
      ලොල් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වීමේ කෙසේ වෙතත් ටොයි ඇස්වල කටු ඇනෙන්න මේකත් බලල ඉන්න.
      රසික මේකටත් ජ්‍යාමිතික සමීකරණයක් ව්‍යුත්පන්න කරමුද ? උපකල්පන වලට දාමු මේ සියල්ලන්ම මුග්ධයන් ය. මමම දේශපාලන බුද්ධියෙන් පරිපුර්ණ උගතාය. බුද්ධි මතාය , ජගතාය ... කියල.

      Delete
    5. 87-89 මැරුන උන් වෙනුවෙන් ජිනීව ගියපු, අටට බැහැපු ශ්‍රී ලංකා එක නැගිට්ටවපු, 94 බලය ගන්න පෙල හදපු මහින්ද, 2009 යුද්ධෙ දිනන්න "දේශපාලන" නායකත්වය ගත්තු මහින්ද රාජපක්ෂ 2015 ගෙදර යවන්නෙ පුද්ගලිකාව මහින්දට අකමැති වෙච්චි සුළු ජාතික ඡන්ද වලට වඩා "මහින්ද පාළනයට අකමැති" වෙච්චි තරුණ සහ පාවෙන ඡන්දවලින්.

      මහින්ද වටේ තියාගෙන කිරි දුන්න සරණ, රත්තරන්, ලංසා, දුමින්ද සිල්ව, මර්වින්, සම්පත්පුෂ්ප, අකුරැස්සෙ සභාපති වගේ සිය ගානක් අයගෙ වැඩ නිසා මහින්දගෙ පාළනය එපා වෙච්චි, එක පාරට දෙකක සල්ලි ගහපු බැසිල්ගෙ වංචා ගැන කළ කිරුන, සුදුවෑන් වලින් උස්සපු ගෝඨගෙ ගේම් වලට භය වෙච්චි මිනිස්සු තමයි මහින්දව පැරදෙව්වෙ.

      මහින්දට විරුද්ධ වෙච්චි බහුතරය දැන උන්න, මේ දේවල් වෙන්න දීල බලන් උන්නු එකට වැරදිකරු මහින්දම තමා කියල. නමුත් තවත් ලක්ස 58ක් මහින්දට පක්ශයි. ඒ අයගෙන් බෞහුතරය ඒ පක්ෂ මහින්ද යුද්දෙ ඉවරකලාට, පාරවල් හැදුවට වගේ දේට. එතනිනුත් තව කොටසක් ඉන්නව මේ අය පක්ෂ "මහින්දගෙ පෙණුමට, ප්‍රථිරූපයට". මෙන්න මේ දෙවනි කොටස තමයි ඔය මහින්ද ආව කිව්වම දුවගෙන එන්නෙ, හරියට ඉස්සර විජේ හරි ගාමිණී හරි ආව කිව්වම එකතු උනා වගේ.

      එහෙම යන යන තැන මිනිස්සු එකතු උනාට, පස්සෙන් ආවට මහින්ද සිරාට වඩා හොඳ වෙන්නෙ නෑ. එහෙම හොඳ වෙන්නනම්, ඔය යාග හෝම අයින් කරල, බොරු සී-අයි-ඒ කතා නැතුව, අර හොරු වෙනුවට සාපේක්ෂව හොඳ මිනිස්සු ටිකක් එක්ක හරි ප්‍රතිපථ්ති අරගෙන ආයි ආවනම්, අද විරුද්ධ බහුතරයක් හෙට මහින්දට එකතුවෙනව.

      නමුත් මහින්ද කරන්නෙ තමන් එහෙමම ඉන්දැත්ත්ඩි, මේ ආන්ඩුවෙ අඩුපාඩුව හෙමෙහිට අප්‍රසාදයට පත්කරල, ඒ හිඩැසෙන් රින්ගන්න. මේකට ශ්‍රීලංකා එකේ අනාගත්යක් පතන එයාගෙ පරණ ගෝලයො ඉඩ දෙන්නෙ නෑ. මොකද මහින්ද මේ පාර ආවොත්, නාමල් මැරෙන තුරුමරටේ පාලනයට එන්නෙ රාජපක්ෂල නිසා!

      Delete
    6. ම.රා.ට නැවත ඒමට නොලැබෙනු ඇත. රට නැවත අගතියට නොවැටෙනු ඇත!

      Delete
  11. කමෙන්ට් තුළ තවත් පැන්ෂන් ඇන්ටිලා ඔබට මුණගැසෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔමා ඇන්ටි නම් තාම වැඩ නේ!

      Delete
  12. Xenophobia වට ඇබ්බැහිවී එය තම ජීවිතයටම බද්ධකරගත් අයට MRතරම් වීරයෙක් නැත. MRවාදීන් සියල්ලන්ම එසේ යයි මම අදහස් නොකරමි. බොහෝ මද්යස්ත හා බුද්ධිමත් අයද ඔහුගේ හොඳ දකිති. එහෙත් xenophobic අයට ඔහු තරම් අයෙක් හෝ දෙයක් නැත. ඔහුකල ලොකුම හානිය ජාතිවාදය ආගම්වාදය හා Xenophobia විසින් දූෂණය හා අපරාධ ගැන සංවේදීත්වය නැතිකිරීමයි. මුගාබේට ආසන්නතම නිදර්ශනය ඔහුවේ.

    ReplyDelete
    Replies
    1. Xenophobia අතිථිභීතිකාව හෙවත් විදේශික දේ නුරුස්සන බව පමණක් නොවේ මේ අයට ටෲත්ෆෝබියාවත් තියෙනවා

      Delete
  13. http://www.yuthukama.com/2015/02/My3Brand.html

    ReplyDelete
  14. ලිපිය සමඟ 90% එකඟ විය හැකියි .මහින්ද මෙරට සිටි දුර්දාන්තම පාලකයා ය කීම නම් අන්තවාදී ප්‍රකාශයක්. ප්‍රේමදාස වැනි පාලකයන්ට අද මහින්දට එල්ල කරන සියළුම චෝදනා එල්ල කල හැකිව තිබුනා.
    ජේ ආර් මෙන් මහින්ද වර්ජකයන් ගෙදර යැව්වේ හෝ ප්‍රේමේ මෙන් ටයර් සෑයවල් දැල්වූවේ නැහැ.
    රජයේ දේපළ විකුණා දැමුවේ නැහැ.
    මිත්‍යා මත ප්‍රවර්ධනය, ඥාති සංග්‍රහ ,දූෂණ ,ආදිය ඔහුට එරෙහි චෝදනායි
    මහින්ද හොඳ හෝ නරක පාලකයෙක් නොවෙයි. ඔහු අළු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. අළු වෙලා ගියා නේන්නම්. සමහරු හිතන් ඉන්නේ තාමත් ගිණි පුපුර කියලයි!

      Delete
  15. මහින්ද මහත්තයා පැරදුණා. එයාම වෙනස් කරවපු ව්‍යවස්ථාවකින් වාර දෙකකට වඩා ඉල්ලන්න ගොහින් කාලෙ ඉවරවෙන්නත් කලින්ම. බලය මිනිසුන්ව නරක් කරනවා වැඩි බලය වැඩිපුර නරක් කරනවා කියන එකට අන්තිමට එතුමා උදාහරණයක් වුණා. ගරු නම්බු පිට යන්න හිටපු මනුස්සයෙක්. අපරාදෙ. දැන් ආපහු ඇවිල්ලා පච වෙන්න යන එක තවත් අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. ගරු නම්බු කාලේ ඉවසාන වුනේ වසර ගණනාවකට කලින්!

      Delete
  16. මහින්ද රාජපක්ෂ කියන්නේ මම ඒ දවස් වල කැමැති දේශපාලනඥයෙක්. ජනාධිපති වීමෙන් පස්සේ ඔහු වෙනස් වුණා විතරක් නොවේ තනිකරම හිටි රාජපක්ෂට වඩා අමුතු වෙනස් කෙනෙක් වුණා. අනික දැන් UNP එකට බනින අය අමතක කරන කරුණක් තමා මහින්ද UNP ලොට් එකක්ම තියන් හිටිය බව. ඉතින් මේ දෙතැනම තියෙන්නේ තිබ්බේ එකම ආණ්ඩුවක්. මේ නිසා රසිකගේ තර්කය හොඳ එකක්. ( local optimum) මේ ආණ්ඩුව යටතේ තරමක නිදහසක් තියනවා තවම. හැබැයි අපි මේකත් විවේචනය කරන්න පටන් ගත්තම (දැනටත් කරනවා) .............

    ReplyDelete
    Replies
    1. මගේ නම් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්‍ෂපාතීත්වයක් නැත. පිළිම වන්දනාවක් නැත.

      Delete
  17. පෝස්ට් එක හොඳයි.

    ඒත්... මොකක්ද මේ උඩින්ම දාලා තියෙන පින්තූරෙ? රසික කොටු කොටු සරමක් ඇඳගෙන උඩුබැලි අතට නිදාගෙන කූඩාරම ගහගෙන ඉන්න පින්තූරයක්ද? ;-)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.