Tuesday 8 December 2015

විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨයා ගේ අවවාදය - Beat the bugger


අපේ ආයතනයේ, අපේ අංශයේ ම නමුත් වෙනත් දෙපාර්තමේන්තුවක, කාර්යාල ගොඩනැගිල්ලේ අපේ මහලේ ම, සේවය කළ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පසුගිය සති අන්තයේ සේවයෙන් විශ්‍රාම ගියේය.

ඔහු වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් බ්‍රහස්පතින්දා පැවැත්වුණු නමුත් මට එය සහභාගී වෙන්නට නොලැබුණේ හේතු කිහිපයක් මත මා එදින වෙනත් ස්ථානයට සිට රාජකාරි කටයුතු කළ බැවිනි.

සිකුරාදා ඔහු හා බීමක් තොල ගාන්නට විවෘත ඇරයුමක් අප සියලු දෙනාට ම ලැබී තිබුණි. ඒ ඇරයුම සමගම ඔහු කුඩා කඩදාසි කැබැල්ලක මුද්‍රිත යමක් ද බෙදා හැරියේ ය.


එහි සඳහන් වූයේ මෙලෙස ය.
NOLI ILLEGITEMI CARBORUNDUM
ඒ ලතින් යැයි හැඟෙන පාඨය ඔහු විසින් ඉංගිරිසියට නගා තිබුණේ මෙලෙස ය.
Don't let the bastards grind you down!
ඩෝන්ට් ලෙට් ද බාස්ටඩ්ස් ග්‍රයින්ඩ් යූ ඩවුන්!

පීටර් නම් වූ මේ දිගු කාලීන රාජ්‍ය සේවයේ නිලධාරියා පවසා ඇති දේ සිංහලෙන් පවසනවා නම් මෙසේය.
ඔබේ සතුරන්ට ඔබ අඹරා දමන්නට ඉඩ දෙන්න එපා.
එය ශුද්ධ සිංහලෙන් මෙසේ ය.
උඹලාට කෙලවන්න එක එක වේසිගේ පුතාලාට ඉඩ දෙන්න එපා!
(මෙය ඊටත් වඩා ශුද්ධ පිරිපහදු කර ලිවීමට ද හැක. නමුත් මෙහි නො ලියමි).

මට සහභාගී වීමට නොලැබුණු තේ පැන් සංග්‍රහයේ දී පීටර් නම් මේ ජේ්‍යෂ්ඨයා කළ කතාව ද ඉතා රසවත් වුණු බව පසුව මට සැලවිය.

පෙර කී ආකාරයේ උපදෙසක් අපට ඉතිරි කර යෑමට පීටර්ට සිතුණේ ඇයි දැයි මම නිවැරදිව නොදනිමි. ඔහු මේ ආයතනයේ වසර තිස්පහක් පමණ සේවය කළ අයෙකි. මා තවම මෙහි ගෙවන්නේ නමවෙනි වසරයි.

එසේ වුවත් මේ හා සමාන සිදුවීමක් මට සිහිපත්කර ගත හැක.

එක්තරා සමයක යම් අධ්‍යාපන කටයුත්තක යෙදෙන කාලයක දී අප සමග උගත් සගයෙකු සමග මට තරමක කෝපයක් ඇති විය. ඒ ඔහු ගේ යම් ආත්මාර්ථකාමී යැයි මා එදා සිතූ හැසිරීමක් නිසා ය.

එක්කෝ එය වැරදි සිතුවිල්ලකි. එසේ නැති නම් මේ සගයා පසු කලෙක වෙනස් විය.

එය කෙසේ වෙතත්, මට එදා ඒ පිළිබඳව යමක් කළ යුතුය යන අදහස ඇති විය. ඒ ඔහුට රිදවීමට හෝ ඔහුගෙන් පළිගැනීමට නොවේ. ඊට වඩා වෙනස් දෙයක් කිරීම ටය.

මා කළේ මෙයයි.

අපේ අධ්‍යාපන කටයුතුවලදී ඔහුට වඩා හොඳින් ප්‍රතිඵල ලබා ගැනීමට මම අදිටන් කර ගත්තෙමි. ඒ අදිටන නිරතුරු මට සිහිවීම පිණිස "බීට් ද බගර්!" යනුවෙන් මට සිහි කැඳවීමක් ලියා මගේ ලියන මේසයේ ඇස ගැටෙන මානයෙන් අලවා ගත්තෙමි.

ජීපීඒ යනාදියෙන් "බීට් ද බගර්!" කිරීමට නම් මට නොහැකි විය.

නමුත්, ඒ අප්‍රකාශිත "බීට් ද බගර්!" තරගය අවසානයේ මගේ ජීපීඒ එක ද 3.76 දක්වා ඉහළ ගියේ ය. ඒ අපේ ජීපීඒ ක්‍රමය නොදන්නා අයට සරලව කිවහොත් එය 94% පමණ ඉහල ලකුණු තත්වයකි.

මගේ "බීට් ද බගර්!" අධිෂ්ඨානය නොතිබුණා නම් මට ඒ ආකාරයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගත නොහැකි වෙන්නට ඉඩ තිබුණේ දැයි දැන් කිව නොහැකි නමුත් ඒ අධිෂ්ඨානය මගේ හිතට සවියක් වූ බව නම් අනිවාර්යෙන් ම කිව හැකිය.

"බීට් ද බගර්!" යනු සැමට, සැමදා, සැම විටම, සැඟ දෙයකටම උපයෝගී කරගත හැකි විධික්‍රමයක් නොවේ.

නමුත් අපේ විශ්‍රාමික සගයා ගේ උපදෙස ඊට වඩා ප්‍රායෝගික එකකි.

ඉතින්, පීටර් කී අයුරින්:
ඔවුන්ට රිසි පරිදි ඔබව පාගා නැති භංගස්ථාන කර දමන්නට ඔබේ සතුරන්ට ඉඩ දෙන්න එපා!
ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.neoseeker.com/forums/54475/t2063678-second-wave-of-smash-amiibo-announced/)

55 comments:

  1. මා(තලන්) ඉහලින්ම අදහන දෙයක්...

    ReplyDelete
    Replies
    1. වේසිගේ පුතා සාමාන්‍යකරණය වීම පිළිබඳව පොඩි මෙව්වා එකක් ඇත්තේය..

      Delete
    2. ඇත්තටම bastard යන්නේ නිවැරදි පරිවර්තනය "අවජාතකයා" යන්නයි. එය මතක් වුනේ පසුවයි.

      වේසිගේ පුතා යනු son of a bitch හා සමාන යෙදුමක් නේ?

      Delete
    3. අවලමා යන්න වඩාත් නිවැරදි පරිවර්තනයක් විය යුතුය

      Delete
    4. මාතලන් වේසිගෙ පුතා රසික වේසිගෙ පුතාව අදහනවා

      Delete
    5. මේ වෙසිගෙ පුතා තැන නොතැන බලලා හැම තැනම රෙනවා..

      Delete
    6. එක එක අවජාතකයන්ට උඹට අරින්න දෙන්න එපා. මොඩරේෂන් දාන්න.

      Delete
    7. Whoreson. Son of a whore.
      https://en.wiktionary.org/wiki/hijo_de_puta

      Delete
    8. hijo de puta යන යෙදුමේ මූලික ඉංගිරිසි තේරුම ලෙස ගූගල් දෙන්නේ වෙන වචනයක්!
      https://translate.google.com/#auto/en/hijo%20de%20puta

      Delete
    9. බ්ලොග් අවකාශයෙත් එහෙම අවජාතකයින්ගේ ඇඹරීම් වලට ලක් වීත් කිසිදින පසුබට නොවුණු උදාර ගතිගුණ තියෙන මහත්මයකු ඉන්නවා. ඔහුගේ නම අභීත එදිරිසිංහ.

      Delete
    10. අපි අපේ දරුවන්ට නමින් අමතන්නේ නැතුව පුතා කියා අමතනවනේ. ඒ වගේම හමේ පැහැයෙන් අපි ටිකක් හිස්පැනික් අයට කිට්ටුයිත්නේ. සමහර වෙලාවට ස්පාඤඤ භාෂාව දන්න අය ඉන්න පොදු තැනක ඔය පුතා කියන වචනය පාවිච්චි කරනකොට වටපිට අයගෙ ඇස් ලොකුවෙනවා.

      Delete
    11. උපසේන, තමුසේ එහෙනං අභීත එදිරිසිංහට මඩ ගගහා යන්නේ තැන තැන. ලජ්ජා නැද්ද තමුසෙට.

      Delete
  2. මෙයිට ළඟිං යන යෙදුමක් මං දැක්කා කෝනැන් ද බාබේරියන් ෆිල්ම් එකේ මුල.

    "Enemies that which does not kill us, makes us stronger" - nietzsche

    ReplyDelete
    Replies
    1. ඒක ඔටෝමැටිකලි වෙන කල් බලං හිටලා නම් හරි යන්නේ නැති වෙයි!

      Delete
    2. ඒක ඔටෝමැටිකලි වෙන් නෑ රසික. ඒක හිතේ තියාගෙන අපි තව තවත් ශක්තිමත් විය යුතුයි...

      Delete
  3. ඉතාම හොඳ advice එකක් . දැනටමත් මාත් එක්ක එකට හිටපු එකෙක් මගේ Boss වෙලා උෘ මගේ .**කේ අරින්නයි යන්නේ !.දෙන්න ඕනෑ උෘට හොඳ ගේමක් !

    ReplyDelete
    Replies
    1. වැරදියටයි තේරුම් අරගෙන තියෙන්නේ.

      ඔබ මුහුණ දී ඇති අවස්ථාව "බීට් ද බගර්!" අවස්ථාවකි. ඔබ කළ යුත්තේ, අලුත් බොසාට වඩා හොඳින් තම රාජකාරිය කාර්ක්‍ෂමව සහ ඵලදායීව කිරීමට උත්සහ ගැනීමයි!

      Delete
  4. රසික මේක පැහැදිලි කරපු එක හොඳයි. අපි හැමෝටම ජීවිතයේ කැපිලි කාරයෝ ඉඳල තියෙනවා සහ තාමත් ඉන්නවා. ඔවුන් ජය ගැනීමට හොඳම මඟ නම් තමන් කරන දේ උපරීම මට්ටමෙන් කිරීමයි. එසේ කිරීමෙන් කිසි දිනක අවාසියක් නොවේ. තමන්ට එරෙහි වන පුද්ගලයාට එලිපිට එරෙහිවීම ඔහුගේ මට්ටමට අපිව බාල්දු කර ගැනීමකි. අනික් අයට ඔබ දෙදෙනාගේ ප්‍රශ්ණය තේරුම් ගැනීමට ඕනෑකමක් හෝ වෙලාවක් නැත. ඔවුන් දකින්නේ ඔබ දෙදෙනාගේ ක්‍රියා පමණි. එබැවින් රාජකාරි ස්ථානයකදී එය අවාසියක් වේ. රාජකාරී ස්ථානවල ඔබගේ සතුරන් ගැන හොඳ පමණක් කියන්න. ඔවුන්ට හැකි විටක උදව් කරන්න. මෙය ඔවුන් බලාපොරොත්තුවන ප්‍රතික්‍රියාව නොවන බැවින් ඔවුන් අන්දුන්කුන්දුන් වී යයි. එවිට බලා සිටින අයටත් ඔහුගේ වැරදි ආකල්ප සහ ක්‍රියා සහ ඔබගේ හොඳ ක්‍රියා අතර වෙනස පැහැදිලිවේ. පීටර් කියා ඇත්තේ අනුනට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න කියාය. එය කල යුත්තේ ප්‍රඥාවෙනි.

    ReplyDelete
    Replies
    1. මාත් පළිගැනීම විශ්වාස කරන්නේ නෑ. ඒ කේන්තිය සහ ශක්තිය අපේ දියුණුවට යොදා ගැනීම තමයි හොඳම විකල්පය!

      Delete
  5. මම එකග නෑ... ඒකෙන් අදහස් වෙන්නේ එක එකාගේ කියුං කෙරුං වලට තමාගේ ජීවිතය පාවා දෙන්න එපා කියන පනිවිඩයයි..

    ReplyDelete
    Replies
    1. මා කියා ඇත්තේ මෙයයි.

      පීටර් ගේ පොදු න්‍යාය - අනුන්ට තමන්ව පාගා දාන්න ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ තමන් දියුණු වෙන්න හැකි උපරිඟ උත්සාහය ගන්න!

      මගේ බීට් ද බගර් න්‍යාය - විරුද්ධවාදියාගෙන් පළිගැනීම වෙනුවට ඒ කේන්තිය සහ ශක්තිය අපේ දියුණුවට යොදා ගන්න. එයයි හොඳම විකල්පය!

      Delete
  6. ඕනම තැනක තමන්ව නැති කරන්න බලන කෙනෙක් ඉන්න පුළුවන් හන්දා ඔක ඕනම කෙනෙක්ට වැදගත්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා!
      තමන් ගේ ආරක්‍ෂාව තමන් සතුයි (ජේආරුත් කීවා!)

      Delete
  7. අපේ සීනියර්ස් ලා අපිට ඉගැන්නුවේ ටිකක් වෙනස් විදියට..
    you may screw any bloody ass.. but don't get caught.. ඉතින් අපි පුරුදු උනෙම අහු වෙන්නේ නැති වෙන්න අරින්න.. :)

    ReplyDelete
    Replies
    1. Would have meant it literally in the Navy !

      Delete
    2. Pra Jay ගේ කතාව නිසා කැප්ටන් හැඩොක් සිහිවිය!

      Delete
    3. Pra.. not just literal..It has got a golden interpretation in the Navy.. :)

      Delete
    4. රසිකට කැප්ටන් හැඩොක් මතක් වුණේ එයා ටින් ටින්ට ඇරපු හින්දද? තමන්ගෙ ගෙදරමනෙ නතර කර ගෙනත් හිටියෙ. දෙන්නම බැඳලා ළමයි හදලා පවුල් පන්සල් වුණෙත් නැහැනෙ.

      Delete
  8. CARBORUNDUM නමින් ග්‍රයින්ඩින් වීල් වර්ගයක් තියනවා. මේ වැකිය දැකපුගමන් මතක් උනේ ඒක...

    ReplyDelete
  9. Beat the Bugger. මගෙත් slogan එක මේ දවස් වැල

    ReplyDelete
    Replies
    1. බර්ගර් නෙමේ නේද? බර්ගර් කැම නම් වැඩිය ශරීතර සෞඛ්‍යයට හොඳ නෑ!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට - ඒ ඒ කෙසෙල් ගෙඩි :D

      Delete
    2. දිනපතාම කෙසෙල් කෑවද, බනිස් සමග කෙසෙල් නම් කාපු කාලයක් මතක නැත!

      Delete
  11. මේ ෆ්රේස් එක කවදාවත් අමතක නොවෙන්නේ මාගරට් ඇට්වුඩ් ගේ THE HANDMAID'S TALE පොත නිසා!

    ReplyDelete
    Replies
    1. මාත් කවදා හෝ පීටර් මෙන් පෙන්ෂන් ගිය දිනයක කියවන්නට බලාපොරොත්තු වෙන පොත් ලයිස්තුවට මේ පොතත් එකතු කර ගන්නම්!

      Delete
  12. නියමයි.බ්ලොග් එකේදී හරි කෙලගන්නවා බලන්න හරි ආසයි.
    (සිරාවට නෙමේ ආතල් එකට)
    ජය වේවා!!!

    ReplyDelete
  13. සමහරුන් කරන්නේ තමන්ට චැලේන්ජ් එකක් දිය යුතු තැන්වලින් මග ඇර යෑම . ඉක්මනින් රස්සා මාරු කරන්නෙත් මේ වගේ හිතන්න බැරි නිසා

    ReplyDelete
    Replies
    1. හැබැයි එකම රස්සාවේ දිගු කලක් ඉඳලා නම් වගතුවක් නෑ. එකම තැන වුනත්, ප්‍රමෝෂන් ලැබීමත් හොරයි!

      Delete
  14. තුන් හෙළේ කැලෑ තුළැ සිංහපැටව් නැතැ උන් රටැ අතැර ගොසින්
    කොටු කරැ යදැලින් ඇති සිංහපැටව් විලිවැදැ යති දැකැ හෙළයන්
    සරු දෙරණැ මකා තණැ කබලැ කකා සිංහයෝ සිඟති එතෙරින්
    සිහැ රජුනටැ දාවූ සිංහැ පැටව් තුටුවෙදැ අනුනගෙ ඉඳුලින්....!

    ReplyDelete
  15. රසිකැ ඔබැගේ අනගි ලියමනැ බලා මහත් සේ තුටු වීමි. මා නම් මෙයැ වත්මන් පාසැල් සිසු කැලැගේ පෙළැ පොත්හී පාඩමෙක් ලෙසැ සුදුසු යැයි හඟිමි. මෙලියමනැ (පෝසතුවැ) වත්මන් අදිපැනැ ඇමැති අකිලයන් (අකිල විරද කාරියවසම් මැතිඳුන්) හටැ ලබාදී එතුමන්ගේ අවදන් මෙකෙරෙහි යොමාලනැ මෙන් ඉතා සෙනෙහසින් දන්වා සිටිමි. රසිකයාණනි ඔබැ රටටැ ඇවැසි සැබෑ වියතෙකැ. ඔබැ වැනියන් ලකෙහි වෙසෙස් තන්හී නයුවන් ලෙසැ පත්වියැ යුතුයැ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඇ-යන්නක් ගිලෙයි!
      එහෙම වුනොත් හෙට වැසිකිලි ගියාම ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
    2. මොකක් ද මේ? ඇයි රසික ඒ? ඔයාට ඇයන්නක් ගිලිලද? නැත්නම් ඔයාට අර්ශස් ද රසික? මට පේන විදිහට රසිකට හෙල හවුල් ටයිප් ටෝක්ස් වලට මාර ඇලජික් එකක් තියෙනව වගේ. මචන් කැසිල්ලද මේකෙ ඇයනු කියවල.

      Delete
    3. Though Dr. Rasika is a good blogger, it seems he's having some sort of speech related disability to pronounce the letter "ඇ" (æ). Am I correct Dr. Rasika?

      Delete
  16. Good post. I also having many rivals at our office. Thanks for giving such superb quotes which are really inspirational. I just printed that and kept it in my desk. I will teach those buggers the best lessons on earth, which they could not forget within their entire life. Once again, well done Rasika. Thanks a lot. Cheers.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට පඩමක් ඉගැන්වීම කළ යුත්තේ ඔවුන්ට රිදවා නොව ඔබ ඔවුන් අභිබවා යාමෙනි! එයින්, මගේ GPA එක ඉහල ගියාක් මෙන් ඔබට යහපතක් ම සිදුවෙනු ඇත!

      Delete
  17. මටත් කැපිලි කාරයෝ ගොඩක් හිටිය. මම අනුගමනය කලෙත් ඔය පිළිවෙත් තමා. රසික ජීපීඒ කියන්නේ මොකක්ද? රැකියාව අගයන ක්‍රමයක්ද?

    ReplyDelete
    Replies
    1. I guess that's just Grade Point Average (GPA) which is used in the useless Sri Lankan state universities to evaluate the academic performance of uni students. Rasikalogist must correct me if I'm wrong since he is obliged to do so.

      Delete
    2. GPA = Grade Point Average.

      එය විභාගවලින් සමත්වීම මනින (weighted average) මිනුමකි.

      Delete
  18. ඔය වගේ කියමන් ලංකාවේ 3 වීලර් වල පිටිපස්සෙ ගහල තියෙනවා. මුල් වාක්‍ය මතක නැහැ ".....අනික් එවුන් බලා ඉන්නෙ කෙලවෙනතුරු අපිට" වගේ. සාමාන්‍යයෙන් ඒවගේ ඒවට මෙහෙදි නම් හිනා වෙනවා, අවඥාවෙන් වගේ බැලෙන්නේ. "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව" වගේ ඒවා ඕන තරම් ගහලා තියෙනවා.

    බලා ගෙන යනකොට මේක යුනිවර්සල් ප්‍රශ්නයක්! සුද්දටත් එහෙමයි!! සමාජයක පුද්ගලවාදය සහ ඒ හා බැඳුනු අන්තර්-පුද්ගල ප්‍රතිවාදිත්වය ඉහවහා යෑමේ ලක්ශනයක් කියලයි මට නම් හිතෙන්නේ.

    මට නම් හිතෙන්නේ මේ වගේ අදහස් කෙනෙක් ලඟ තිබුනට කමක් නැහැ. ඒ වුනාට එලියට කියනකොට ටිකක් අපුලයි වගේ දැනෙනවා. එහෙම තමන් ලඟ තියෙන, එලියට නොකියන ඒවා ඕන තරම් තියෙනවානේ. රසික සුද්දගෙ අපුල කතාව තවත් උත්කර්ශයට පත්කරලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

    පලි: තවත් මේ වගේ එකක් තමයි. ඉස්සර අපි කොහේ හරි අලුතින් ආයතනයකට වැඩට ගියාම, එතන ඉන්න ක්‍රියාකාරිකයෙක් කියනවා මෙහෙම " මල්ලි මේක හරි අමුතු තැනක්, වෙන තැන් වගේ නෙමෙයි ලංකාවෙ තියෙන නරකම තැන මෙතනයි. ඒ නිසා මෙන්න මේ මේ මේ වගේ තමයි වැඩ කරන්න ඕනේ" . මාර වැඩේ හැම ආයතනයම එහෙමයි. මේ කතාව "ඇති දෙයක්" නෙවෙයි "පුරුද්දක්"! රසික ඔය උලුප්පන කතාව වගේම!! ;-)

    - Dimithri

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.