Monday 28 December 2015

දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...!


මා ලියූ ලිපියේ අද අවසන් කොටස.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

පස්වන කොටස.
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana
https://rasikalogy.blogspot.com/2015/12/iusf-expels-daya-pathirana.html

අද අවසාන කොටස.

තම ජීවිතයේ අවසන් දිනයේ ද දයා පතිරණ ගත කර ඇත්තේ තම හදවතට එකඟ දේශපාලනයේ ම ය. පසුව ආරංචි වූ පරිදි, 1986 දෙසැම්බර් මස 14 දින හවස් භාගයේ ඔහු, තම සගයෙකු වූ සෝමසිරි ද සමග විරුද්ධ දේශපාලන කණ්ඩායමක ආරාධනයෙන් ඔවුන් හා සාකච්ඡුාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. තියුණු ආයුධ වලින් කපා කොටා ගෙල සිඳ දැමූ දයා පතිරණ ගේ අඩ නිරුවත් මළ සිරුර ද, ගෙල කපා තිබුණද ප‍්‍රානය නිරුද්ධ නොවී තිබී පසුව දිවි ගලවාගෙන මේ සිදුවීම් විස්තර කරන්නට වාසනාව තිබූ සෝමසිරි ගේ සිහි මූර්ඡුා වූ සිරුර ද පසුවදා, එනම් උදුවප් පුර පසළොස්වක දින, හිමිදිරියේ හොරණ ප‍්‍රදේශයේ දී හමුවිය. මෙම ආරංචිය, ඊටත් පසු දින දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස කියවූ හැටි අද ද මට මතකය.

සතියකට පමණ පසු මා වෙනත් ගමනක අතරතුර කොළඹ සරසවියට ගොඩ නැගුනෙමි. එය ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එකම බලකොටුවක් බවට පෙරළී තිබුණි. ඔවුන් ප‍්‍රදර්ශනය කරමින් සිටි එක් බැනරයක මට සුපුරුදු කවියක් දිස්විය. එය නම්, පෙර සඳහන් කළ පරිදි, මා 1983 දී විශ්ව විද්‍යාල කුරුටු ගීයක් ලෙස ලියූ, එකල ජ.වි.පෙ. මතවාදයට ප‍්‍රතිවිරුද්ධ වූ, පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතන සමරු කලාපයේ කතුවැකිය සැරසූ, ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා මුළු ලෝකය එළිය කිරීම” පිළිබඳව වූ විප්ලවවාදී කවියයි.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මා පසුව ධර්මසිරි ගෙන් අසා දැනගත් පරිදි, 1985 සමරු කලාපයෙන් මෙය උපුටාගත් ස්වාධීන ශිෂ්‍යයෝ, මා නොදැන සිටිය ද, එය ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රචාරක පාඨයක් ලෙස වසරකටත් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරමින් සිට ඇත. ”බලහත්කාරෙන් හෝ හිරු පිබිදීමේ” සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වක් නොතිබුණා සේ ය.

මේ කථාවේ උත්ප‍්‍රාසය උපදවන අවසාන කොටස නම්, පසුව 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීමත් සමගම ජ.වි.පෙ. ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදුවන” ආකාරයේ මහා සිවිල් සටනකට බැස මහා ජීවිත හානියක් කරගැනීමත්, දයා පතිරණ මරණයේ පලිය ගන්නට දෝ, ”හිරු පිබිදවීම” පසෙක තබා, 1989 අවසානය දක්වාම පැවති ජ.වි.පෙ. සංහාරයට ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම ද එක්වීමත් ය.

මා මිතුරු නාකන්දලගෙන් ඉල්ලා ගත් "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය ඔහු කියවා අවසන් කර තිබූ එකක්දැයි නො දනිමි. එය මා කියවීම ඇරඹූ විගසම වාගේ දයා පතිරණ අතට පත්වීම නිසා මට ද ඒ අවස්ථාව අහිමි විය. දයා පතිරණ ද ඒ කෘතිය කියවූවායැයි මම නො සිතමි.

ඒ කෙසේ වෙතත්, එදා ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර ඇතිවුණු මත ගැටුමට අදාළව මට අද ද වටහාගත නොහැකි එක් කරුණක් ඇත.

එය නම්, පවතින සමාජ දේශපාලන ක‍්‍රමයේ අසාධාරණ කම් නිසා රජයට විරුද්ධව සටන් කර බලය ලබා ගැනීම සඳහා දාමරික වූ දේපල නාශක සහ මිනිස් ඝාතන කි‍්‍රයාවලියක නිරත වීම සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි.

-රසිකොලොජිස්ට්

22 comments:

  1. අප "අසා ඇති පරිදි" හරි හෝ නිවැරදි එකල ගතකල ඔබගේ දෙබඩි ජීවිතය ස්වයන් විස්තරය ගැන මෙම
    ලිපි පෙළ යම් හෙළිදරව්වක් කල බව දන්නො දනිති නො දන්නෝ නොදැන සිටීමද යහපතකි

    ReplyDelete
    Replies
    1. ඔබට diplopia නම් රෝග තත්වය ඇති බව පෙනේ!

      මා මා ම ය.

      දෙදෙනෙකු නැත!

      Delete
    2. අප "අසා ඇති පරිදි" පේරාදෙණියේ කරපු කියු දේ පිටස්තරයන් දකින්නේ වෙනස් ආකාරයට නම කියූ පමනින් අ කු රු තුනේ අහවලා නේ මේ කියා "දන්නො දනිති" කියති

      ඔබ රෝගියා නොදෑක රෝග හැදින්ගන්නේ වෙදකම තම පවුල් සමාගමට අවේනික නිසාද

      Delete
  2. දේශපාලන මට අරහං මචන්...
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේ වුවත් නැතත්, මේ කතාව හැමෝටම වැදගත් එකක් නොවේ!

      Delete
  3. ඉතා වැදගත් ලිපි පෙලක්. කාලයෙන් සැඟවී යාමට නියමිත සිදුවීම් මාලාවක්. මට මතක විදියට, ලිපියේ කියවෙන ධර්මසිරිත් ඊට නුදුරු දිනකදී ජවිපෙ විසින් මරා දැම්මා.

    මොකක්දෝ හේතුවක් නිසා ඔය කියන - බලහත්කාරෙන් හෝ හිරු පුබුදා මුළු ලෝකය එළිය කිරීම - කවි පේලි නම් මට ඇල්ලුවේ නැහැ.

    මා අසා තිබෙනවා 83 ජූලියට පෙර, බාහිර සමාජය එතරම් නොදන්නා සිදුවීම් වැලක් දෙමල ජාතික සිසුන් සම්බන්ධව පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල සිදුවූ බව. 83 ජූලියට පෙර දෙමල ජාතික සිසුන්ට පහර දීමක් (මාර්තු වල?) සිදුවූ බවත්, ඉන්පසු ඔවුන්ගේ ආරක්ශාව පතා පේරාදෙනියෙන් විශේශ යාපනය දුම් රියකට නංවා යැවූ බවත් මා අසා තිබෙනවා. එය සහෝදරත්වයෙන් යුතු සිංහල - දෙමල සිසුන් ට ඉතාම සංවේදී අවස්තාවක් වූ බවත් අසා තිබෙනවා. ඒ සිද්ධි පෙල ගන යමක් ලියන්න කැමතිද? ඒ ගැන අහන්න හොඳම කෙනා ඔබයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ධර්මසිරිව මරා දැමුවේ 1989 දී විය යුතුයි. ඒ වන විට ඔහු රජයේ අනුග්‍රහය ද සහිතව ජවිපෙ අය විශාල සංඛ්‍යාවක් මරා දමා තිබුණා!

      Delete
    2. මෙන්න හොඳ ලිපියක්. හැබැයි ලියුම්කරු පරණ ජේවීපීකාරයෙකුයි.
      ස්වාධීන ශිෂ්‍ය සංගමයේ උපත සහ විපත

      Delete
    3. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී.

      Delete
    4. මා එදා ලියූ දිගු කවියකින් කොටසක් තමයි ඒ උපුටා දැක්වූයේ. එයින් මා අදහස් කළේ පැවති ක්‍රමය වෙනස් කිරීමට නොහැකියාව ගැන ඇතිවෙන ඉච්ඡාභංගයයි.

      "අබේසේකර සහ රත්නායක සිසුන් දෙදෙනා මරා දැමීමට වසරකට පෙර 1983 ජූලියේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති ශිෂ්‍ය සටනක් අවසානයේ මාරාන්තික උපවාසයක් පැවතුණි. වෙනම ම ලිපියකින් විස්තර කළ යුතු මේ සිදුවීම් මාලාව පිළිබඳව මා ලියූ දිගු කවියක් අවසාන කළේ මෙලෙස ය.

      අසාධාරණයෙ අඳුර බිඳින්නට
      හිරු පායන තෙක් සිටි කාලය ඇති
      බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
      හෙට මුළු ලෝකය එළිය කළ යුතුය

      මෙම කවිය අනිවාර්යයෙන් ම නිර්ධන පන්තියේ විප්ලවය සනිටුහන් කරතැයි මම සිතුවෙමි."

      Delete
    5. දිමිත්‍රි "1983 මැයි 11 පේරාදෙනියේ සිදුවීම" ගැන ලියන්නැයි කරන ඉල්ලීම ඉටු කිරීම මට ඉතාම ලේසයි. මා ඒ ගැන දිගු ලිපියක් මීට වසර කිහිපයකට පෙර ලක්බිම පුවත්පතට ලිව්වා. එය සොයා පල කරන්නම්.

      Delete
    6. මේ කවිය මද වෙනස්කම් සහිතව ජන ගත වී ඇත!
      http://kurutugeeold.blogspot.com.au/2008/03/blog-post.html

      Delete
  4. රසික,

    //සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි. //

    කවුද කියන්නේ සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණයි කියල ? ඔබට ඇත්තට ම හොදට මතකද ඒ යුගය ? දැනට මට මෙහි බ්ලොග් කරු මතක නැතත් ඔහු කිවි දේ හොදට මතකයි "ජනතා විමුක්ති පෙරමුණෙන් අල්ලාගත් තරුණයකුව නිරිවත් කර ඔහුගේ ගුද මාර්ගය තුලට එස්ලෝන් බටයක් යවා එම එස්ලෝන් බටය තුලින් කටු කම්බියක් (barb wire) යවා එස්ලෝන් බටය ඉවත් කිරීම මගින් බඩවැල තුවාල කරවා මරා දාපු විදිය ඔබට මතකද ?

    මා දන්නා තරමින් දෙමල කොටි සංවිදානයට මෙවැනි අමානුෂික වද ලැබුනේ නෑ, කෙටියෙන් කිව්වොත් ජනතා විමුක්ති පෙරමුණ නදින්වුයෙත් ත්‍රස්තවාදීන් කියල තමයි.

    වයස 13 ක 14 පමණ වයසේ සිටි මටත් හොදට මතකයි මේ යුගය, මට මතකයි බදුල්ලේ සිටි මගේ නැන්දනිය විස්තර කරනව ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍ය රාජ්‍ය සේවකයකුව මරල ඔහුගේ දේහය පෙට්ටියක නොදමා වැළලිය යුතු බව කිව්වම එසේ නොකළ පවුලේ සාමාජිකයන්ට පාඩමක් ඉගැන්වූයේ අදාළ ඕජස් ගලන මළකුණ දවස් 7 ට පමණ පසු මිදුලට දමලයි.

    ඇත්තටම සමාවෙන්න මේ අමිහිරි මතකය මතක්කිරීමට සිදුවීම පිලිබදව නමුත් මෝඩ සිංහලයාට මේවා නැවත නැවත මතක්කලයුතු වෙනවා මක්නිසාද ඔවුන් නැවත නැවත එකම වරද කරන නිසා.

    ඔබ කියන විදියට සිංහලයන් විමුක්ති කාමී වත් දෙමල අය ත්‍රස්තවාදී වත් නෙමෙයි මේ සංවිදාන 2කම මොලේ නැති තිරිසන් මිනිසුන් ගෙන් සමන්විත ත්‍රස්තවාදී සංවිදාන පමණයි මෙයට ජාතිය අදාළ නෑ.

    ReplyDelete
    Replies
    1. මා ඒ ප්‍රශ්නය නැගුවේ සමාජවාදී / දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර මත ගැටුම ගැනයි!

      මෙන්න එය නැවතත්.

      "ඒ කෙසේ වෙතත්, එදා ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර ඇතිවුණු මත ගැටුමට අදාළව මට අද ද වටහාගත නොහැකි එක් කරුණක් ඇත.

      එය නම්, පවතින සමාජ දේශපාලන ක‍්‍රමයේ අසාධාරණ කම් නිසා රජයට විරුද්ධව සටන් කර බලය ලබා ගැනීම සඳහා දාමරික වූ දේපල නාශක සහ මිනිස් ඝාතන කි‍්‍රයාවලියක නිරත වීම සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි."

      Delete
    2. රජය / ස්වාධීන ශිෂ්‍ය සංගමය / මහජන පක්‍ෂය සහ තවත් පිරිස් එකතුව දකුණේ වධකාගාර පවත්වාගෙන ගියා සේ උතුරේත් වධකාගාර පැවතුණ බවට මේ කාලයේ පවා වාර්තා පල වෙනවා ඔබ දැක නැත්ද? සාමාන්‍යයෙන් ජවිපෙ මෙන් ම එල්ටීටීය ද කළේ කෙලින් ම මරා දැමීම වුනත්, එල්ටීටීඊ එකත් වධකාගාර පවත්වාගෙන ගොස් තියෙනවා, ඒවායේ ඡායාරූප පවා 2009 දී පුවත්පත්වල පලවුණා!

      Delete
    3. රසික,

      //රජය / ස්වාධීන ශිෂ්‍ය සංගමය / මහජන පක්‍ෂය සහ තවත් පිරිස් එකතුව දකුණේ වධකාගාර පවත්වාගෙන ගියා සේ උතුරේත් වධකාගාර පැවතුණ බවට මේ කාලයේ පවා වාර්තා පල වෙනවා ඔබ දැක නැත්ද? //

      මෙය සිද්ධ වෙන්න ඇති නමුත් දකුණේ වෙච්ච් විදියට නෙමයි, දකුණේ උනේ මහා පරිමානවයි.

      //එල්ටීටීඊ එකත් වධකාගාර පවත්වාගෙන ගොස් තියෙනවා, ඒවායේ ඡායාරූප පවා 2009 දී පුවත්පත්වල පලවුණා!//
      මේ කතාව සම්පුර්න ඇත්ත මට උවමනා උනේ රජයේ ක්‍රියාකාරිත්වය පෙන්වාදීමටයි, එනම් රජය දමිල ත්‍රස්තවාදීන්ට සලකපු විදියත් ජනතා විමුක්ති පෙරමුණ තුල සිටි ත්‍රස්තවාදීන්ට සලකපු විදියත් අහසට පොලව වගේ.

      අවසාන ලෙස කිවයුත්තේ සිංහල මිනිසුන් සැම දාම රැවටෙන සහ රැවටීමට සුදානම් මිනිසුන් කොටසක්, ඔබ නිකන් සිතා බලන්න මෙරටේ සිංහල පමණක් රජ බස කිරීමට මුලික උනේ S. W. R. D. Bandaranaike කියන්නේ දෙමල මුලයන් සහිත මිනිහෙක් J. R. Jayewardene කියන්නේ මුස්ලිම් මුලයක් තිබුන මිනිසෙක් මොවුන් දෙදෙනා තමයි කාලයන් 2 දී සිංහල රජබස කිරීමට මුල් වුනේ.

      මෙම ක්‍රියාව නිසා වසර 30 යුද්දයක් ඇතිවුනා පමණක් නෙමෙයි අන්තර්ජාතිකව දැනුම ලබා ගතහැකිව තිබුන ක්‍රමයක් ඇහිරී ගියා, මොවුන් රටේ ජනතාව ගැන හිතුවනම් කලයුතු වුයේ රටේ සියලු පාසැල් වල ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට ගුරුවරු යැවීමයි.

      මෙසේ නොකර සිංහල පමණක් වැනි ක්‍රම හදුන්වාදුන් මේ මිනිසුන් තම දරුවන්ට විදේශ අද්‍යාපනය ලබාදුන්නා, මෙ සිදුවීම ගැන මෝඩ සිංහලයා තම බෂාවෙන් කටයුතු සිදුවීම ගැන සතුටක් ඇති කර ගත්ත. සිංගප්පුරුවේ සිදුවුනේ 49% වන චීන ජාතිකයන්ගේ අයිති වාසිකම් ගැන නොසිතා මුළු රටම ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දීමයි, මෙනිසා ඔවුන්ට විදේශ දැනුම පහසුවෙන් ලබාගත හැකි උනා පමණක් නෙමයි රට සාමකාමිව දිවුණු කිරිමට හැකි උනා.

      Delete
  5. දෙපිරිසම ත්‍රස්තවාදීන් - ඒ ගැන කතා 2ක් නෑ - එහෙත් වාර්ගිකව අප කෙතරම් බෙදී ඇතිද යන්න මේ පිරිස් සම්බන්ධයෙන් සිංහල හා දෙමළ වාර්ගිකයන් දරන ප්‍රතිවිරුද්ධ මත අනුව අපට හිතාගන්න පුළුවන් -

    ReplyDelete
    Replies
    1. සෝමවංශ නායක කාලේ වීරවංශ කැඩී යාමට ආසන්න ගේතුවක් නේද, කරුණා ගේ ක්ණඩායමට අවි දැරීමට ආණ්ඩුව ඉඩ දීම.

      එයට ජවිපෙ විරුද්ධ වීමේ ඇති විහිළුව තේරෙනවා නේද?

      Delete
  6. අන්න යකා යන්න ගිහින්

    ReplyDelete
  7. http://s12.postimg.org/xi7sybnul/Mara.jpg

    ReplyDelete
  8. උඹේ මේ ලිපියට ලැයික්යැ, එක් පයින් එකඟයැ!

    ඒ ඒ ටේස්ට්වලට ඒ ඒ කඩල බැව් නොදත් උන්, භාතියට ගලේ අස්සන් ගහන්නට දුන් මොරටු කෙල්ලන් ගැන නොදත් උන්, ජෝතිට පළල් කල ගනනේ දිග පළල නොදත් උන්, විජේගේ බර දත් ගැහැණු ගණන ගැණ ගන්නට බැරි වූ උන්, මාදුළුවාවේ මදුල සූප්පු කොල ඇන්ටිලා ගැන නොදත් උන් උඩ පැන්නාට මේව අපේ රටට මැජික් නොවේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.