Thursday 24 March 2016

මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol


බ්ලොග් ලෝකයට පිවිස වසර එකොළහක් පිරීමට ඔන්න මෙන්න කියා තිබියදී මා බ්ලොග් ලියන්නේ ඇයි යන මාතෘකාව ඔස්සේ මේ සටහන ලියන්නට හිතුණේ කියවන ඔබට කෙසේ වෙතත් මට නම් එයින් කිසියම් හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතුණු නිසාය.

වසර එකොළහකට පෙර මා පෙම් ගී බ්ලොගය ඇරඹූ කාලයේ සිංහල අකුරු ලෙස අන්තර්ජාලයේ තිබුණේ එවකට දිවයින පුවත්පතේ අන්තර්ජාල පිටපත නිමවුණු කපුටා අකුරු පෙළ පමණි. ඒ අකුරු යතුරුලියනය කිරීමට ඉගෙනීම ඉතා පහසු වූයේ සාමාන්‍ය ඉංග්ලිෂ් යතුරු පුවරුව උපයෝගී කරගෙන සිංග්ලිෂ් ආකාරයට අකුරු ගලපා වචන සාදාගත හැකි වූ හෙයිනි.

ඇත්තටම මා තාමත් ලිපි ලිවීම සඳහා භාවිතා කරන්නේ ද ඒ එදා පාවිච්චි කළ කපුටා අකුරු පෙළ ය. හිතේ ඇති වචන අකුරු ලෙස පරිගණකයට ඇතුළත් කර, එය දෙතුන් වරක් කියවා සංස්කරණය කළ පසු, ලිපිය යුනිකෝඩ් බවට පෙරළා බ්ලොගයේ පළ කරමි. සන්නස වැනි සඟරා සඳහා ලියන ලිපිවල අවසාන පිටපත සැකසෙන්නේ අභය නම් ෆොන්ට් මාස්ටර් අකුරෙනි.

කෙසේ වෙතත්, එකොළොස් වසටකට පෙර ඒ කාලයේ වෙබ් බ්‍රව්සර් මගින් සිංහල අකුරු කියවීමට හැකියාව තිබුණු අය සිටියේ ඉතා අඩුවෙන් නිසා මා වැඩි හොඳට කළේ මගේ පෙම් ගී කපුටා හෝ ෆොන්ට් මාස්ටර් අකුරෙන් සකසා ඒවා රූප ආකාරයට පෙම් ගී බ්ලොගයේ පළ කිරීමයි.

මුල් මාස දෙක තුන තුළ ඒ ආකාරයට පෙම් ගී විසි පහක් පළ කිරීමෙන් පසු මා කළේ, ගමේ පාරක් අයිනේ සිල්ලර කඩයක් ඇරඹූ නවක මුදලාලියෙකු ගනුදෙනුකරුවෙකු පාර දිගේ එනතුරු බලා සිටින්නාක් සේ, කඩේ ලෑලි කිහිපයක් ඇරගෙන, කල් මැරීමයි.

ඒ මුල් කාලයේ මගේ බ්ලොග් කෙරුවාවයි. තනිකර මගේ සිතේ සතුට පිණිස ය.

පසු කලෙක, යුනිකෝඩ් අකුරෙන් පිරි සිංහල සටහන් එහෙන් මෙහන් මතු වෙමින් අපේ ඇස්වල අනින්න පටන් ගත් පසු, මගේ සිතේ කාලයක් තිස්සේ හිරවී පැවතුණු විවිධාකාරයේ කතා ලියා බ්ලොගයක පළ කරන්නට අදහසක් හදිසියේ ම මෙන් ඇති විය.

අන්වර්ථ නමකින් 2009 මැද භාගයේ දී ඇරඹූ ඒ බ්ලොගයේ සරල බසින් ලියවුණු අනං-මනං මෙන්ම විවිධාකාරයේ කාලීන මෙන්ම යටගිය දවස ප්‍රස්තූත පිළිබඳව මගේ මතිමතාන්තර ද පළ කරන්නට මට හැකිවිය.

විනෝදය මෙන්ම ආත්ම තෘප්තියක් ද ගෙන දුන් ඒ දෙවෙනි බ්ලොගය තරමක් සාර්ථක වූවා යැයි සිතමි.

එසේම, සිංහල ප්‍රකාශන ක්‍ෂේත්‍රයට නව මානයක් වූ බ්ලොග්කරනය පිළිබඳව විවිධාකාරයේ අත්හදාබැලීම් කරන්නටත්, ඊට අමතරව, විවිධාකාර සයිබර් මිතුරන් පිරිසක් හඳුනා ගැනීමටත් මට ඒ බ්ලොගය හරහා හැකි වීම වැදගත් කරුණු වේ.

එසේ නමුදු, ඒ බ්ලොගය සම්බන්ධයෙන් මා මටම පනවා ගෙන තිබූ නීති කිහිපයක් නිසා මට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කීම තරමක් දුරට දුෂ්කර කාර්යයක් විය.

පුරා වසර පහක තිස්සේ පිස්සු හැදුණාක් සේ කළ සිංහල බ්ලොග්කරනයෙන් මද නිවාඩුවක් ගෙන, අලුත් පාසලේ, අලුත් සිසුවෙකු සේ රසිකොලොජිය ඇරඹූවේ දේශ සීමාවලට මැදි නොවී මට අවශ්‍ය සියලුම දේ මට අවශ්‍ය පරිදි ලියන්නටයි.

අද මට බ්ලොග් ලිපි ලිවීමෙන් සරල වින්දනයත්, මගේ මතිමතාන්තර බ්ලොගය හරහා බෙදා හැරීමෙන් ලැබෙන ආත්ම තෘප්තියත්, මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාව ගැන සහ මා ගැන පොදු රසයක් ලැබේයැයි සිතෙන ආකාරයේ තොරතුරු ලිවීමේ නිදහසත් මට ඇත.

ඉදින්, මම දිගටම බ්ලොග් කරන්නට අදහස් කරමි.

නොකර ඉන්නේ ඇයි?

ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: http://getmewallpapers.blogspot.com.au/2013/05/long-road.html)

67 comments:

  1. මගේ දෙවැනි වර බ්ලොග් ආගමනය නැවතී ගොඩක් කල් වෙන්න තිබුණා ඔබ සහයෝගය නොදැක්වුවා නම්.
    අනාගතයේ බ්ලොග් කලාව තව තවත් පුළුල් වෙයි! 
    එදාට ඔබේ නම බ්ලොග් ඉතිහාසයේ ලියැවෙයි

    ReplyDelete
    Replies
    1. ආයේ අමුතුවෙන් ලියවෙන්න දෙයක් නෑ ගොනෝ. කකා තමයි සිංහල බ්ලොග් අවකාසයේ පියා.

      කකාට බුදුබව අත්වෙන්න ඕනි.

      Delete
    2. පියා නෙවෙයි මුත්තා. බ්ලොග් මුත්තා.

      Delete
    3. //මගේ දෙවැනි වර බ්ලොග් ආගමනය නැවතී ගොඩක් කල් වෙන්න තිබුණා ඔබ සහයෝගය නොදැක්වුවා නම්//

      ඉතින් හොඳයිනෙ බන් නැවැත්තුව නම්? උඹ ලියන මෙලෝ රහක් නැති ප්ලහෑලි වලින් ඇති වැඩේ මොකක්ද?

      Delete
  2. 'මා ගැන පොදු රසයක් ලැබේයැයි සිතෙන ආකාරයේ තොරතුරු ලිවීමේ නිදහසත් මට ඇත.'

    කකාගේ ලිංගික ජිවිතය ගැන ලියන්නකෝ. අපි හරි ආසයි එව්වා දැනගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ එපෝ! අපට නින්ද යයි. ඊට වැඩිය හොඳයි ට්‍රැක්ටරයක් කතා කරයි වගේ දෙයක් ගැන ලියන එක.

      Delete
    2. ලිව්වට නං කමක් නෑ ඔය අහවල් ජිවිතේ ගැන කකෝ. හැබැයි කොලු කතා නං එපා. එව්වා නැතුව ලියන්න දෙයක් නං නැති වෙයි කක්කි කකාට.

      Delete
  3. මමත් ඔබ තුමාගේ කතන්දර බ්ලොගය කියවා ආසාවට බොග් ලියන්නට පටන්ගතිමි. ඔබට තුති. කවදා හෝ සිනුවරට පැමිණියහොත් ඔබ තුමා සමග shotak දමන්නට ලැබේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ. ඔස්ට්‍රේලියාවේ එන්ට එපා. ආවොත් තලනවා ඇට.

      Delete
  4. සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ පුරෝගාමී සේවයක් කල ඔබට ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රණාමය මගේ පුකයි.

      Delete
    2. දුප් කිව්වෙ

      Delete
  5. රසිකලොජි කෙසේ වෙතත් කතන්දර කියන්නේ සිංහල බ්ලොග් හා බැඳි පවතින නමක්.. මම නම් ඕනම වෙලාවක මගේ බ්ලොග් ගුරු ජී කතන්දර බව කියන්න පැකිලෙන්නේ නෑ... ඇත්තටම ඔබේ කොමෙන්ටුවක් එද බ්ලොග් ලියන්න ආපු අපිට මහ මෙරක් වගේ....

    කතන්දර කියන්නේ සිංහල බ්ලොග් කලාවේ පුරෝගාමියා කියන එක අතිශෝක්තියක් නෙමේ කියලයි මම නම් විශ්වාස කොරන්නේ...

    ඒ වගේම ඒ කරපු එක්ස්පරිමන්ට් ඔක්කෝම සාර්ථකයි මගේ හිතේ... ඒකනේ අදටත් සමහර උන්ට ප්ඩ කතා චූ කතා මතක් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දවල් ද?

      Delete
    2. 24 March 2016 at 13:55 ////උඹ කොහෙද මචන් ඉන්නේ

      Delete
    3. Me huyanne helakuru wAda nAa. Kakaa wageema thamayi, maatha Anoo piyaa. ��

      Delete
  6. ජයවේවා !. ඔබගේ සමකාලීනයෙක්වු ටැබු ගේ අඩුව නම් කාටවත් පුරවන්න බැරිවුනා

    ReplyDelete
    Replies
    1. ඇයි ටැබූගේ පුක සුදුද? (පුක යනු කුණුහරුපයක් නොවේ-ගරුතර කකා මැතිතුමා)

      Delete
  7. මොකටද නොකර ඉන්නෙ.
    ඔන්නොහෙ දිගටම කරගෙන යං.

    ReplyDelete
  8. ජ ය වේ වා !!!!

    ReplyDelete
  9. 1.කකා බ්ලොග් ලියන්නේ ඇයි?
    2.කකා බ්ලු බලන්නේ ඇයි?
    3.කකා ඔස්ට්‍රේලියාවේ ගියේ ඇයි?
    4.කකා පඩ අරින්නේ ඇයි?
    5.කකා චූ දාන්නේ ඇයි?
    6.කකා ජී දාන්නේ ඇයි?
    7.කකා ශුක්‍ර පිටකරන්නේ ඇයි?
    8.කකා පටි ජොකා ඇදලා, ගොනා පාරට දාගන්නේ ඇයි?
    9.කකා තට්ටේ බාන්නේ ඇයි?
    10.කකා කක්කි දාන්නේ ඇයි?
    11.කකා කොලු සැප නිති පතන්නේ ඇයි?

    ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා අගල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජොක්කු දිනා ගන්න. සැනසිලි තෑගී ලෙස මීමුරේ මාමා සමග මීමුරේ රැයක්. නිවැරදි පිළිතුරු එවන සැමගේ කේන්දර මාර ජෝතිෂ්‍ය සේවය හරහා නොමිලේ පරික්ෂා කර දෙනු ලැබේ.

    ReplyDelete
  10. අනෙකුත් කාරණා කෙසේ වුවද, රසිකගේ බ්ලොග් ලිවීම නිසා සිදුවී ඇති හොඳ දෙයක් නම් මානසික රෝගීන් ගණනාවකට තමන්ගේ විවිධාකාර වූ මානසික රෝගයන්ට නොමිළේ තෙරපි කර ගැනීමට තැනක් ලැබීමය. (ඉහත කමෙන්ට් කියැවීමෙන් පසුව)

    ReplyDelete
    Replies
    1. Yeah ! The best example for such lunatic maniac is yourself. Get lost you stupid idiot.

      Delete
    2. Anonymous24 March 2016 at 16:22

      හා හා එතකොට තෝ මානසික රෝග පිළිබඳ විශේෂඥයෙක්ද? අනික් කමෙන්ට් කාරයො මානසික රෝගීන් උඹ විතරක් ලෝඩ්? අනේ නිකන් පුක නොදී හිටපිය මොට්ට අවලමා.

      Delete
    3. Anonymous 24 March 2016 at 16:22

      කරුණාකර උපහාසය සහ හාස්‍යය යනු කුමක්දැයි හඳුනාගන්න. එම ඇනෝලාගේ ආතල් එක බලා සතුටුවන්න. ඔබට කේන්ති ගැනීමට තරම් දෙයක් මෙහි සිදුවී නැහැ.

      Delete
    4. කේන්ති ගත්තෙ නැහැ බං. මම හරි සතුටුයි ඒක එහෙම වීම ගැන. කකා කරල තියෙන්නෙ ජාතික වැදගත්කමකින් යුතු දෙයක්. බ්ලොග් කක්කුස්සියක් හදලා දීලා තියෙනවා ඇනෝලට ඇවිත් කැමැති කැමැති විදිහට භාවිතා කරන්න. ඒක ලොකු පිනක්. එහෙන්නං...

      Delete
    5. Anonymous24 March 2016 at 21:14

      නිකන් පලයන් පොල් බූරුවෝ. මේ පෝස්ට් එක බලල කට්ටියක් කකාට සුභ පතද්දි තව කට්ටියක් ඇනෝ කමෙන්ට් දාල ආතල් දෙද්දි තෝනෙ මෙතන ඇටි කෙහෙල් කාපු ඇට රිළව වගේ රීල ගිහින් තියෙන්නෙ? යකෝ රසික තමන්ගෙ බ්ලොග් කෙරුවාව ගැන ලියද්දි ඔහු කලින් කරපු කකා බ්ලොගයේ අනන්‍යතාව තමයි ඇනෝවරු ඇවිත් මෙතනදි මතු කරන්නෙ නැතුව රසිකලොජිගෙ වෙනත් පෝස්ට් වලට මෙහෙම කේස් වුණේ නැහැ. තෝ මෙතන අමුම අමු ගොබ්බ පොල් බූරුවෙක් වගේ ඇවිත් පොලිස් පාට් දාන්න ගිහින් රීල ගඳ ගස්සන්න එපා. තොට මේක කක්කුස්සියක් වගේ පේනවනම් අහවල් එකටද තව මේක අස්සෙ රිංගන්නෙ වල් පරය? තෝ ගිහින් මල් බොගක මල් කමෙන්ට් දාපිය. රසික ඇනෝලට කැමති නිසා තමයි ඒවට ඉඩ දීල තියෙන්නෙ. තොට ඇනෝල ඇලජික් වුනාට අපිට පුකද?

      Delete
    6. Anonymous 24 March 2016 at 16:22 & at 21:14

      බ්ලොග් අවකාශයේ වැඩි වශයෙන් භාවිතා වෙන බ්ලොගර් පැල්ට්ෆොම් එකේ ඇනොනිමස් හෙවත් නිර්නාමික කමෙන්ට් කරුවන් සම්බන්දයෙන් සමහර බ්ලොග් කරුවන් තුල අමුතු විරෝධයක් දකින්න තියෙයි. සමහර බ්ලොග් අඩවි ඇනෝ කමෙන්ට් බ්ලොක් කරල තියෙත්දි තවත් සමහර කෙනෙක් ඇනෝ කෙනෙක්ගේ අදහසක් සම්බන්ධයෙන් දක්වන මූලිකම ප්‍රතිචාරය තමයි "කොන්ද පණ නැති ඇනෝ" කියන එක. මෙන්න මේ කාරණය නිසයි ඇනෝ ගැන කථා කරන්නේ.

      ඇනෝ කියන්නේ කව්ද ?

      ඇනෝනිමස් කියන්නේ නිර්-නාමිකත්වය කියල සරලව හඳුන්වන්න පුලුවන් . බ්ලොගර් වලදි බ්ලොගර් හෝ වෙනත් බ්ලොග් සම්බන්ධ අයිඩී එකක් නොමැතිව කමෙන්ටුවක් පල කිරීමට තියන පහසුකම ඇනෝනිමස් කමෙන්ට් විදිහට හඳුන්වන්න හැකියාව තියනවා . බ්ලොග් ලිවීමක් නොකරන කෙනෙක් ඒ වෙනුවෙන් අයිඩී එකක් හදාගන්නවා නම් ඒ නිරන්තරයෙන් අදහස් පලකරන්න. නමුත් බ්ලොග් කියවන්නන් අතර අදහස් පල නොකර කියවාගෙන යන්නන් පිරිසකුත් ඉන්නවා . මේ පිරිස අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් අදහස් පලකරන අයට විශාලයි තමන් ඉතා හොඳින් දන්න විෂයක් ගැන කථා කරන ලිපියකදි, ලිපියේ මතයට විරෝධය පල කිරීම අත්‍යාවශ්‍යයි කියල හිතෙන අවස්ථාවක වගේම ඉතාම හොඳ නිර්මාණයක් කියෙව්වාම නිර්මාණ කරුවාව අගය කරන්නත් මේ මේ පිරිසෙන් කෙනෙකුට ප්‍රතිචාරයක් පලකරන්න අවශ්‍යතාවයක් ඇති වුනොත් ඒ දේ ඉටුකරගන්න තියන මාර්ගය විදිහට ඇනෝ කමෙන්ට් පහසුකම හඳුන්වාදෙන්න පුලුවන්. ඒ වගේම තොරතුරු තාක්ෂණ සාක්ෂර තාවය අවම, මූලික ඉංග්‍රිසි දැනුමක් පමණක් තියන කෙනෙකුට වුනත් මේ පහසුකම යටතේ ප්‍රතිචාරයක් පල කරන්න පුලුවන්, මොකද ඔහු දැන සිටිය යුත්තේ ප්‍රතිචාරය සටහන් කරන්න ඕනි කොතනද සහ කම්න්ටුව පලවෙන්න අදාල බොත්තම ඔබන එක විතරයි.

      Delete
    7. ඇනෝලට එල්ල වෙන චෝදනා

      කලින් කිව්වා වගේම ඇනෝලට එල්ල වෙන ප්‍රධානම චෝදනාව වෙන්නේ කොන්ද පණ නැති කම . මේ තත්ව්ය වීවාද සම්පන්න මාතෘකා සාකච්ඡා කරත්දි වගේම අනික් අවස්ථාවලදිත් දකින්න ලැබෙන බවයි මගේ නීරීක්ෂනය .මේ කොන්ද පණ නැති භාවය වශයෙන් බ්ලොග් කරුවන් අදහස් කරන්නේ අයිඩී එකක් නොමැති වීම නිසා කිසිම හඳුනාගැනීමේ සලකුණක් හෝ කමෙන්ටුව පිලිබඳ වගකීමක් නැති වීම . ඒ නිසා ඇනෝ කමෙන්ට් වල අදහස් වල වැදගත් කමක් නැතිය කියන එකත්, ඒවාට පිලිතුරු දීමේ අවශ්‍යතාවයක් නැතිය කියන එකත් සමහර අය තුල දකින්න තියනවා. ඊලඟ චෝදනාව වෙන්නේ ඇනෝ ඇවිත් කුණුහරුප කීම , මාතෘකාවට කිසිසේත්ම අදාල නොවන විකාර පලකිරීම ඇතුලු ඇනෝ පහසුකම අව-භාවිතා කිරීම. ඒ වගේම ලේඛකයාට පුද්ගලිකව පහර ගැසීමත් ඇනෝලාට තියන චෝදනාවක් . ඒ අතරම සමහර බ්ලොග් කරුවනුත් තමන්ගේ අයිඩී එකෙන් කියන්න බැරි දේ ඇනෝ ඇවිත් කියනවාය කියල චෝදනාවකුත් දකින්න තියෙයි.

      අයිඩී එකක් තිබූ පමණික් අනෙන්‍යතාවක් තියෙනවාද ?

      අන්තර්ජාලයේ ස්වාභාවය එක්ක සැලකුවොත් මේ ප්‍රශ්නයට දෙන්න තියන උත්තරය වෙන්නේ කොහෙත්ම නැහැ කියන එක. මොකද අන්තර්ජාලයේ නොමිලේ ලබාදෙන අයිඩී ඕනැම එකක් ඕනිම අනුවර්ථනාමයක් භාවිත කරල ලබාගන්න හැකියාව තියන නිසා . මේ අයිඩි එකක් භාවිතා කරල දක්වන අදහසක් සහ ඇනෝ අදහසක් අතර තියන එකම වෙනස ඇනෝ වෙනුවට අර අයිඩි එකේ නමින් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබීම පමණයි. බ්ලොග් එකක් තියන කෙනෙකුගේ අයිඩී එකක් සැලකීමෙදි මේ තත්වයේ පොඩි වෙනසක් තියනවා, ඒ අදාල අයිඩි එක තුල සයිබර් අවකාශයට පමණක් ආවෙණික අනෙන්‍යතාවයක් තියනවා . ඔහු කලින් තමන්ගේ බ්ලොග් අඩවියේ පලකල ලිපියක අදහස හෝ වෙනත් බ්ලොග් අඩවියක පලකල අදහස් මත ඔහු දක්වන ප්‍රතිචාරයකට පසුබිමක් තියනවා. ඒ වගේම සිංහල බ්ලොග් අවකාශය ඇතුලත ඔහු වෙනම පුද්ගල චරිතයක් විදිහට හඳුනාගැනීමක් තියනවා. මේ චරිත සයිබරයට පමණක් සීමා වුනු ඒවා . ඒ අයගේ සැබැ ජීවිත වල තත්වය , ඔහුගේ නම ගම , ඔහුගේ සමාජ තත්වය මේ කිසි දෙයක් අනෙකුත් අය දන්නේ නැ . නමුත් සිංහල බ්ලොග් අවකාශය හරහා ගොඩ නැඟුනු මිතුදම් නිසා පෞද්ගලික ජිවිතයේදී සුහද හමුවීම් , සාද ආදිය නිසා සයිබරයෙන් පිටතදි එකිනෙකා හඳුනාගත් අය සැහෙන ප්‍රමාණයක් බ්ලොග් අවකාශය තුල ඉන්නවා. මේ අය නම් එකෙනිකා සම්පූර්නයෙන් හඳුන්ගත් චරිත , ඒ නිසා ඔවුන්ගේ අදහසත් එක්ක සැබැ ජීවිතයේ අනෙන්‍යතාවට් එකතුවෙල තියනවා . තමන්ගේ සම්පූර්න නමින් බ්ලොග් කරණයේ යෙදෙන අනෙන්‍යතාවය සඟවා නොගත් පිරිසකුත් බ්ලොග් කරණයේ ඉන්නවා . මේ අය සැබැ ජීවිතයේ හඳුනාගන්නා පිරිස තරම් නොවුනත් අනෙන්‍යතාවයක් සහිත අය ,සයිබරයේ වෙනත් ගිණුම් බ්ලොග් කරනයට සම්බන්ධ කිරීම හරහා මේ තත්වය තවත් වැඩි වෙලා තියනවා . බ්ලොග් නොලියන එහෙත් නිරන්තරයෙන් අදහස් පලකිරීම වෙනුවෙන් අයිඩී එකක් භාවිතා කරන අයත් ඉහත කියපු ඕනිම කාණඩයකට අයත් වෙන්න පුලුවන්

      ඇනෝ බවේ ප්‍රභලතාවය

      ඇනෝ වීම තුල ප්‍රභලතාවයන් කිහිපයක් හඳුනාගන්න පුලුවන් .ප්‍රධානම දේ තමන් යම් මොහොතක පවසන දෙයක් සම්බන්ධයෙන් අතීතයේ හෝ වර්ථමානයේ කිසිදු සම්බන්ධයක් නොමැති වීම . අයිඩී එකක් තියන ඕනිම කෙනෙක් එක් වාරයකට වඩා අදහස් පල කරනවා නම් මේ තත්වය අවලංගු වෙනවා . මොකද තමන් කලින් දරපු ස්ථාවරයක් වෙනස් කරනවා නම් හෝ අනාගතයේදී වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් පල කරන කමෙන්ටුව ගැන වඩාත් සැලකිමත් වෙන්න වෙනවා . සැලකිල්ලකින් තොර ඔහේ හිතට එන ඕනැම දෙයක් ලියන කෙනෙක් වුනොත් අදාල අයිඩි එක තියන පුද්ගලයාගේ අදහස් කිසිම වටිනා කමක් නැති තත්වයට පත්වෙනවා . නමුත් ඇනෝ අදහසකට මේ තත්වය නැ යම් ප්‍රතිචාරයක් පලකලොත් ඒක ඒ මොහොතට විතරයි , ඒ පිලිබඳ වාදයකට එලඹුනොත් ඒකත් ඒතනට විතරයි . ඒ වගේම එක ඇනෝ කෙනෙකුට වඩා වාදයකට එකතු වෙන ඕනිම අවස්ථාවක වාදයෙන් පැන යන්නත් ඉතාම පහසුයි . ඇනෝ වීම තුල තියන ඊලඟ ප්‍රභලතාවය තමයි ඕනිම අදහසක් බය නැතුව ඉදිරිපත් කිරීමේ හැකියාව . මෙතනදි අයිඩි එකක් තියන කෙනෙක් සමහර විටක තමන් ගේ වචන භාවිතාව ගැන , දේශපාලන කාරනයක් නම් රටේ තත්වය ගැන ආදිය ගැන සිතන්න වෙනවා අනෙන්‍යතාවයක් හඳුනන කෙනෙක් නම් මේ තත්වය තවත් වැඩියි . නමුත් ඇනෝ අදහසක් ඒ මොහොතේ සටහන් කිරිමට එහා දෙයක් නැති නිසා ඕනිම කාරණයක් වඩාත් විවෘතව ඕනිම භාෂාවකින් ඉදිරිපත් කිරීමේ හැකියාව තියනවා . ලිපියක් හෝ බ්ලොග් කරුවෙක් තදබල ලෙස විවෙචනය කිරීමේ හැකියාව ත් ඇනෝ වීම තුල තියන ප්‍රභල තාවයක් . සැබැ ජීවිතයේදී අඳුනා ගත් අය සයිබරයෙන් එහා ලෝකය තුලදි මිතුරන් බවට පත්වෙනවා . එහෙම ඇතිවුනු මිතුරෙක් යම් ලිපියකට කරන විවේචනයක් නිසා තරහ කරගන්න අකමැත්ත නිසා ප්‍රභල විවේචනයන් එල්ල කිරීම දකින්න ලැබෙන්නේ අවම වශයෙන් . සැබැ ජිවිතයේදී හඳුනන්නේ නැතත් බ්ලොග් කරනය හරහා සයිබරය තුල ගොඩ නැගුනු මිතුදමක් තිබුනත් ප්‍රභල විවේචනයකට යන එක සිදුවෙන්නේ නැහැ . නමුත් මේ කිසිම කාරණයක් බලනොපාන ඇනෝ කෙනෙකුට රිසිසේ තමන්ගේ හිතට දැනෙන අවංකම හැඟිම් සටහන් කරලා විවේචනය කිරීමේ හැකියාව තියනවා.

      Delete
    8. ඇනෝලාට ඉඩ දිය යුත්තේ ඇයි ?

      01) ඇනෝලාට ඉඩදිය යුතු වීම සඳහා මම දකින ප්‍රධානතම සාධකය වෙන්නේ කලින් චේදය තුල සටහන් කරපු ප්‍රභලතාවයන්. ඒ හැම ප්‍රභලතාවයක් නිසාම ඇනෝ කමෙන්ට් කරුවෙකුට යම් ලිපියක් පිලිබඳ ප්‍රභල සංවාදයක් ගොඩ නගන්න , බ්ලොග් කරුවාගෙ ස්ථාවරයට සාර්ථකව පහර ගහන්න හැකියාව තියනවා . මේ තුලදි තමන්ට හිතවත් අය විතරක් පිරිවරාගෙන එකම අදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා

      02) මම මුලින්ම සඳහන් කරපු විදිහට නිරන්තරයෙන් බ්ලොග් කියවන ඉඳහිට අදහස් දැක්විමේ අවශ්‍යතාවයක් තිබෙන අය ඉන්න පුලුවන්, ඒ අය වෙනුවෙන් ඇනෝ කමෙන්ට් පහසුකම විවරව තැබීම ලේඛකයාගේ යුතුකමක්

      03) ඇනෝ භාවිතා නොකර අයිඩී එකක් හරහා ආ පමණික් පුද්ගලයෙකුගේ සැබැ අනෙන්‍යතාවයක් මතුවෙන්නේ නැ , ඒ වගේම යම් මතයක් ප්‍රකාශ කිරීමේදි එය කරන්නේ කව්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අදාල අදහස . ඒ නිසා ඇනෝ ආ පමණින් කොන්ද පණ නැති වෙන්නේ නැ .

      04) අව භාවිතාව කියන්නේ අන්තර්ජාලයට සුලභ කාරනයක් , ඇනෝ පහසුමක විතරක් නෙවෙයි අයිඩී එකක් වුනත් අවභාවිතාවේ යොදවන්න පුලුවන් . ඒ සඳහා උදාහරනත් බ්ලොග් අවකාශයේ අතිතයේ තියනවා (ප්‍රොෆයිල් වලින් දාපු කුණුහරුප කමෙන්ට් ) , තමන් නිතර බ්ලොග් අඩවියට පැත්තේ නොයෙන කෙනෙක් නම් මේ අව භාවිතාවන් නිසා වෙන හානිය කමෙන්ට් මොඩරේඩ් කිරීමෙන් වලක්වාගන්න පුලුවන් (හැබැයි තමන්ට විරුද්ධ අදහස් මකන්න මොඩරේට් කරනවා නම් ඒක වැරදියි )

      මගේ ස්ථාවරය

      මේ බ්ලොගයත් ආලකම්න්දාව හා බ්ලොග් ප්‍රොමෝ මගේ අනිකුත් බ්ලොග් දෙකත් අනෝ කමෙන්ට් සඳහා සැමදාටම විවෘතයි . මේ වන විට නම් කිසිම කමෙන්ට් මොඩරේට් කිරීමක් නැ . නමුත් එහෙම අවශ්‍යතාවයක් ඇතිවුනු වෙලාවක යොදාගන්න බලාපොරොත්තු වෙනවා (උදා - එක දිගට දාන කුණුහරුප කමෙන්ට්) . මාතෘකාවට අදාල දේකට හෝ මාව විවේචනය කරන්න භාවිත කරන කුණු හරුප කමෙන්ට් වත් මැකීමක් සිදුවෙන්නේ නැ , කිසිම අදාලත්වයක් නැති දේවල් සහ වෙනත් බ්ලොග් කරුවෙක්ව කුණු හරුප කියල විවේචනය කරනවා නම් ඒ දේ මකන්න සිදුවෙනවා . යම්කිසි විදිහකින් කමෙන්ටුවක් මැකුවත් ඒක කරන්නේ පබ්ලිශ් කිරීමක් කරලා , ඒවගේම මකන්න හේතුවත් සටහන් කෙරෙනවා, හැකියාවක් තියේ නම් කුණුහරුප ඉවත් කරපු කමෙන්ටුව මගේ කමෙන්ටුවක් විදිහට සටහන් කරන්නත් පුලුවන්.

      මේ තමයි මේ පිලිබඳ මගේ ස්ථාවරය. මේ පිලිබඳ ඔබේ ස්ථාවරයත් එක්ක සංවාදයකට එකතු වෙන්න ආරාධනා කර සිටිනවා.

      Delete
  11. දිගටම කරගෙන කරගෙන යෑමට ලැබේවා...

    ReplyDelete
  12. සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තේ මිතුරෙක් එවපු ටැබූ සබ්ජෙක්ට් ලින්ක් එකකින්. 2008 වගේ මතක විදියට. එදා ඉඳන් කුඩු ගැහුවා වගේ මේකට ඇබ්බැහි උනා. ටැබූගේ ලිපියක තිබුණ ටිකක් වෙනස් ආකාරයේ අදහසකින් කතන්දරකාරයා කියලා පොරක් අහු උනා. ඇබ්බැහිය ඩබල් උනා. ඔහොම ගිහින් පැරා, මාරයා, මාතලන්, ඩුඩ්, රවී වගේ අපූරු බ්ලොග් පෙරළිකාරයන් පිරිසකගේ අදහස් සහ නිර්මාණ රසවිඳින්න ලැබුණා. අදටත් රසවිඳිනවා.

    බ්ලොග්වල කොමෙන්ට් දාන්න පටන්ගත්තේ නම් ගිය අවුරුද්දේ. කොමෙන්ට් නොදාන්න ප්‍රධානම හේතුවනම් කියවන්න ආසා උනත් ලිවීමට ඇති කම්මැලිකම සහ නොහැකියාව. ඒත් බොහෝ රසවත්, වැදගත් ලිපි කියෙවුවාම රචකයාට ස්තුති කිරීමක්වත් නොකර තවදුරටත් අහක බලාගෙන සිටීම කුහකකමක් කියල හිතුන නිසා කම්මැලිකම පැත්තක දාල දැන්නම් හැමතැනම මොකක් හරි කොටලා තමා යන්නේ. ප්‍රතිපත්තියක් විදියට ඇනෝ කොමෙන්ට් දමන්නේ නෑ.

    බ්ලොග් කියවන්නේ විනෝදාංශයක් විදියට රසවින්දනයට සහ අලුත් දෙයක් ඉගෙන ගැනීමට. මගේ මිම්මේ හැටියට කතන්දරකාරයා සහ රසිකොලොජි කියන්නේ ඒ කාරණා දෙක උපරිමව පාඨකයාට ලබා දුන් සහ දෙන බ්ලොග් දෙකක්. ඉතින් දිගටම බ්ලොග් නොකර ඉන්නේ ඇයි?

    සුවහසක් සිංහල බ්ලොග් පාඨකයන් වෙනුවෙන් ඔබට ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් උදයගේ යටින් එල්ලුනා,

      Delete
    2. ඔන්න මාත් ඇණයගෙ යටින් එල්ලුනා.

      Delete
  13. ඔබේ බ්ලොග් ගමනට අපේ සුභ පැතුම්....... කකා දිහා බලල අපි හිතේ හදාගත්තු බොහොමයක් ටාගට් තිබුණා....... එ් නිසා අපි කකා සහ රසිකයියා අපේ මගපෙන්වූවෙක් විදිහට සලකනවා..... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අතිශය පසුගාමී ග්‍රාමීය කුහක සමාජයේ පිටිසර ගමක වනචාරී ම්ලේච්ඡයෝ අතර ඉපදුනු වෙන්ඩ පොශ් එහෙත් සැබෑ ලෙසම මීහරක් බයියන් වන ඔබලාගේ අගය කිරීම ගැන බෙහෙවින් සතුටු වෙමි. සැබවින්ම විය යුත්තේ මෙයයි.

      Delete
    2. මේ උඩ ඇනෝ එකේ පොඩි "සාරස " ටච් එකක් තියෙනවා.. සාරසයා අද ආපහු ඇනෝ වෙලා ඇවිත් වගේ...

      Delete
    3. මේ යටම ඇනෝ එකේ පොඩි කුරුටුගාමී හාල් කෑලි වල ගොන් පාට් ලයින් එක තියෙනවා. කුරුටු සෙට් එක විළිවැද ඇනෝ ඇවිත් අර සා රස බයියට මඩක් ගහල තියෙන්නෙ කියලයි අපිටනම් හිතෙන්නෙ? සා රසෝ ඇවිත් උත්තර දීපිය.

      Delete
  14. දිගටම ලියන්න ඔබට තව තවත් හේතු ලැබේවා. අර ඒ කාලේ දාපු වෙන්න කතන්දර ලිස්ට් එක ඉවර නැතිව ඇතිනේ නේ?

    ලිවීම කෙසේවෙතත් කියවීම නම් තවමත් මගේ අතින් වෙනවා. පසුගිය කාලේ වගේ ලියන්න හැකියාවකුත් නෑ මම සිංහල ලීව ෆයර්ෆොක්ස් එක්ටෙන්සන් එක වැඩ කරන්නේ නෑ නෙව. අකුරු නොදන්න මට දැන් ලියන්න හරි අමාරුයි. ඊටත් වඩා පුරුදු වෙන්න කම්මැලිකම වෙන්න ඕනේ. ගූගල් සිංහල හොඳයිලුඒත් මට ඒක තාම හරියටම වචනේ අහුවෙන්නේ නෑ. යූසීඑස්සී එකේ සිංහල ලියන්න වෙබ් පේජ් එකටම යන්න ඕනේ හින්දා කම්මැළි කම වැඩියි.(mid life crisis)
    දිග බ්ලොග් ගමනක් එහෙනම්

    ReplyDelete
  15. ලියයි කකා
    මෝඩ කතා
    අපි දාමු
    මෝඩ කමෙන්ට්
    ඩේටා කැපෙයි
    බිල යයි
    බ්ලොග් කලාවට
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කොලු සැප නිති පතා
      තට්ටේ බායි කකා
      කකා ඈත එනා
      ගෙට පලයන් පුතා

      ඩොලර් කුට්ටි නිසා
      ඔසී ගියපු කකා
      කකා හරිම ගොනා
      අපිට එපා කකා

      වල් වනචර කකා
      ලියයි කතා ගොතා
      ඒවා හරිම ජරා
      ගූ පලයන් කකා

      ජී ගැන රස කතා
      නිතර ගොතයි කකා
      පඩ යනකොට කකා
      ගදේ බැරුවා කකා

      කකා කකා කකා
      කකාගේ පිං ගොනා
      දුවයි ගුල්ම සොයා
      ගදින් පිරුණු ඉතා


      Delete
  16. පුරා වසර පහක තිස්සේ පිස්සු හැදුණාක් සේ කළ සිංහල බ්ලොග්කරනයෙන් මද නිවාඩුවක් ගෙන, අලුත් පාසලේ, අලුත් සිසුවෙකු සේ රසිකොලොජිය ඇරඹූවේ දේශ සීමාවලට මැදි නොවී මට අවශ්‍ය සියලුම දේ මට අවශ්‍ය පරිදි ලියන්නටයි.//

    මමද සිව්වැනිමානය ආරම්භ කලේ එම අරමුනින් මය. මමද බ්ලොග් කෙරුවාව කලේ පිස්සු හැදුනාක් මෙනි. එසේම බැදීම්ද බහුල විය.මම එය අත්හැර දැම්මෙමි. මට එය කරදරයක් විය.
    සිව්වැනිමානය ලියන විට බැදීම් නැත.හිට්ස් පසුපස යාම් නැත. මට අවශ්‍ය දේ මට ලිවිය හැක. කැමතිනම් අනුන්ගේ බ්ලොග් වලට යාමට පුලුවන. දැන් මා බ්ලොග් ලියන්නේ මගේ සතුට වෙනුවෙනි. අනුන්ගෙ බ්ලොග් වල කොමෙන්ට් දමන්නේද මගේ සතුට වෙනුවෙනි. ගනුදෙනු නැත.ගැටුම්ද නැත.

    ReplyDelete
  17. රසිකට සුබපැතුම්. හැබැයි, කතන්දර කාරයා බ්ලොගය තරම් රසිකලොජි රසවත් නැති බවත් කිව යුතුමයි. එහෙත්, මේ දෙක අතර වෙනස, 'growing up' සනිටුහන් කරන බව පේනවා.

    ඒ අතරම, සමහර ඇනෝලාගේ කොමෙන්ටු වලින් පෙනෙන්නේ ඔබේ අංක එක ස්ථානය ඔවුන්ට දරා ගත නොහැකි බවයි. විචාරක ගේ වචන වලින් කියනවානම්, සැඟවී සිට පහර දීම සිංහල ගතියක් නිසා, ඒවා ගැන පුදුම විය යුතුත් නැහැ.

    අන්තිමටම, කතන්දර කාරයා බ්ලොගය ආයිමත් ලියනවා නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. //ඒ අතරම, සමහර ඇනෝලාගේ කොමෙන්ටු වලින් පෙනෙන්නේ ඔබේ අංක එක ස්ථානය ඔවුන්ට දරා ගත නොහැකි බවයි//

      කරුණාකර උපහාසය සහ හාස්‍යය යනු කුමක්දැයි හඳුනාගන්න. එම ඇනෝලා කර ඇත්තේ ආතල් එකක් ගැනීම පමණයි නේද?

      //විචාරක ගේ වචන වලින් කියනවානම්, සැඟවී සිට පහර දීම සිංහල ගතියක් නිසා, ඒවා ගැන පුදුම විය යුතුත් නැහැ//

      පරණ කියමනක් තියනවා වළඳ කලුයි කියලා කේතලේ කියනවලු. ඒ වගේ ඔබ කියනවා
      ඇනෝ ඇවිත් රසිකලොජිට පහර දෙනවලු. එහෙම කියන ඔබ ඇවිත් ඉන්නේ ප්‍රොෆයිල් එකෙන්ද? ඔබ කොහොමද මොන සාක්ෂි උඩද කියන්නේ රසිකලොජි බ්ලොග් ලොව අංක එක ස්ථානය බවක් සහ ඇනෝ ඔවුන්ට එය දරාගත නොහැකි බවක්? ඔබම උපකල්පන ගොඩ නගාගෙන ඔබම තීරණ දෙනවා. මෙවැනි චෝදනා නගන්න ඔබ ලජ්ජා වියයුතුයි. ඔබ කර තිබෙන්නේ බලවත් අපහාසයක්, මානව හිමිකම් කැඩීමක්. අනික ඔය කියන උන්නැහේත් ඇම්බුශ් දෙයියෙක්.

      Delete
  18. පරණ බ්ලොග් අතර කකා ඉතිරියෙන්ම කියල කියන්න දෙයක් නෑ.රසවත්ව දෙයක් කියන එක ඉගෙනගන්න වටින කාරණයක්.
    අමරදේවයන් වරක් කීවාලු 'ඔවුන් මා වෙනුවෙන් වාදනය කරනවා නම් මා නොගයන්නේ ඇයි?' කියා..
    ජයවේවා..!!

    ReplyDelete
  19. ඔබේ සතුට වෙනුවෙන් ලියන කතන්දර කියවීමෙන් අපටද බොහෝවිට සතුටක් ඇතිවේ.

    ReplyDelete
  20. රසික අයියෙ මේ එකම කතාව ලියල ඇති වෙන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් උඹට ස්වයං වින්දනය හැමදාම කරලා කරලා එපා වෙනවද?

      Delete
  21. ඉදින්, මම දිගටම බ්ලොග් කරන්නට අදහස් කරමි. +++++++++++++

    නොකර ඉන්නේ ඇයි?

    ජයවේවා!

    ReplyDelete
  22. කකාට තරම් ඇනෝල ටිකක් කාටවත් නෑ , මම හිතන්නෙ කකා උන් වෙනුවෙන් ලියන්ඩම ඕනෙ.
    My car my petrol උනාට ඇනෝල ට්‍රැෆික් පොලිස් .

    ReplyDelete
  23. කකාට තරම් ඇනෝල ටිකක් කාටවත් නෑ , මම හිතන්නෙ කකා උන් වෙනුවෙන් ලියන්ඩම ඕනෙ.
    My car my petrol උනාට ඇනෝල ට්‍රැෆික් පොලිස් .

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තං පරණ කම්මලයව දැක්කා.මං බයේ හිටියෙ.

      Delete
  24. මම ලියන්න පාවිච්චි කරන්නේ ගුගල් සිංහල අකුරු.. ඒක කපුටා ෆොන්ට් එකට වඩා ලේසියි. සන්නස වගේ එකකට ගනිද්දී කෙලින්ම වර්ඩ් ෆයිල් එකකට පේස්ට් කරනවා..

    ReplyDelete
  25. ලියන්න පුළුවන් නම් නොලියා ඉන්නේ මන්ද?

    ඔන්න ඔහේ ලියලා දාන්න.

    ReplyDelete
  26. මුලින්ම රසිකොලොජි යන නම ගැන කිව යුතුය. මෙය බයොලොජි, සූලොජි, මීටියරොලොජි, ජියලොජි ආකාරයේ යෙදුමකි. රසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට හැකි වේ යැයි සිතමි. රසිකට අපෙනුත් සුබ පැතුම් !

    කලකට ඉහත මම කියෙව්වා කදුබොඩ විපස්සනා භාවනා මද්යස්තානයට වයසක සීය කෙනෙක් තමන්ගේ පෝසත් පුතා ගෙනත් බස්සවල තියනවා, මේ සියා භාවනා කරන්න ඉදගත්තහම අඩන්න පටන්ගන තියනවා පසුව ස්වාමනීන් වහන්සේ අහල ඇයි කියල, බලනකොට මොහු ජීවිකාව වශයෙන් කරලා තියන්නේ හරක් මස් කඩයක් පවත්වාගැනීම. භාවනා කරන්න ඉඳගන්න සාම විටම ඔහුට මත්ක්වෙනවලු සතුන් මරපු විදිය.

    මෙවගේ තරුණ කාලේ අහිංසක ගැහැණු ළමයින් රැසක් දුෂණය කරල මරල දාපු හමුදා නිලදාරියකුගේ අද වයස දලවශයෙන් 55 ක් 65 ක් වෙනවා... එදා තිබුන හැගීම නෙමෙයි අද තියෙන්නේ ඔහුට ඉදිරි කාලය තුලදී තම හෘද සාක්ෂිය විසින් ලබාදෙන දඬුවමම ඇති මමනම් හිතන්නේ.

    දැන් බ්ලොග් අවරට යන බව පෙනේ. ශාස්ත්‍රීය සංවාද යන විට ඒවා අලකරන කාලකන්නින් හා බ්ලොග් පොලීසි බ්ලොග් ලෝකයේ ඇත. කලකට පෙර හොරුද සිටි බව අසන්නට ලැබුණි. එසේම සිංහල බ්ලොග්වල වැඩිපුර යන්නේ පුරාජේරුය.

    ReplyDelete
  27. මමත් බොගක් පටන් ගන්නවා "ඇනෝලොජි" කියල.
    ඒකෙ කමෙන්ට් කරන්න පුලුවන් ඇනෝලට විතරමයි.

    ReplyDelete
  28. මටනම් රසිකලොජි බ්ලොගයෙ පළවෙනි පෝස්ට් එක කියවලා මේ රසික සූරියාරච්චි හෙවත් “රසිකලොජි“ අර කතන්දර බ්ලොගය ලියපු කෙනාමයි කියල හිතුනෙම නෑ. ඇයි වදේ ලින්ක් දමලා නෑනෙ. පස්සෙයි මතක් වුනේ මේ අළුත් බ්ලොගයෙ පළවෙනි පෝස්ට් එක කියලා. ඊලඟ එකේ ඉඳලා ලින්ක් දාන වැඩේ ජයටම නැගල ගිහින් දැන් මේකෙත් ලින්ක් කීපයක්ම දාල තියෙන්නෙ. උණුසුම් සුභපැතුම් රසික !!!

    ReplyDelete
  29. 26 වෙනිදාට
    කොතැන හරි ,
    කෙසේ හරි ,
    කොහොම හරි ,
    කවුරු හරි,
    කාට හරි
    "මන් පොර" වෙයි
    ඉතින් අපට පාන්ද ?

    ReplyDelete
  30. @All
    ප්‍රතිචාරවලට ස්තුතියි.
    අනවශ්‍ය කතාවලින් වැලකෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  31. සුබ පැතුම්, ඔබගේ පොස්ට් කියවා බොහෝදේ උගත්තෙමි.

    ReplyDelete
  32. කතන්දර මතක්වුනා. (ඇනෝ ආතල් දැකල)

    ReplyDelete
  33. දිගට ම ලියැවේවා.. රසවත් සේ ම හරවත් දෑ..

    ReplyDelete
  34. සිංහල බ්ලොග් සාර්ථක ගමන් මගක යවන්නට මූලික දිරි ගැන්වීම ලබාදීමට පුරෝගාමීත්වය සැප පහසුව ලබාදුන් ඔබ ඇතුළු බ්ලොග් ම්තුරු කැළට සුබපැතුම් sugv.wordpress ගෙන්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.