Sunday 7 May 2017

එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others


මේ සටහන ලියන්නට සිතුනේ ඉහතින් දක්වා ඇති Meme නොහොත් සයිබර් පෝස්ටරය දුටු විට ය.

මේ මෙමේය දුටු විට මට දැනුනේ හාස්‍ය රසයකි. මුවගට නැගුනේ සිනාවකි.

එයට හේතුව නම්, මෙයි එන "අනුර අයියා" නම් ඇමතුමයි.

අප දන්නා පරිදි සම්ප්‍රදානුකූලව වාමාංශික පක්‍ෂවල සාමාජිකයින් එකිනෙකා අමතන්නේ සහෝදරයා හෝ සහෝදරිය කියා ය. ඒ ආකාරයේ ඇමතුමකින් නිතැනින් ම හැඟෙන්නේ එලෙස එකිනෙකා අමතා ගන්නා පිරිස, එකිනෙකා හා සමානයින් ය යන්නයි.

එක එල්ලේ ම, නිවැරදි අරුත ගෙන නොදුන්නේ වුව ද, සහෝදරයා / සහෝදරිය යන සිංහල ඇමතුම යොදා ගන්නේ "කොම්රේඩ්" යන ඉංග්ලිෂ් වචනය වෙනුවටයි.

එකම කාමරයක් බෙදා හදා ගන්නා වැනි අරුතක් සහිතව මුලින් ම භාවිතා වී ඇති බව පෙනෙන "කොම්රේඩ්" යන වචනය එකිනෙකා හා සමානයින්, එකම කර්තව්‍යයක නිරතවෙන අය, යන සාමාන්‍ය අරුත දෙන පදයකි. එනිසා, එලෙස ආමන්ත්‍රණය කර ගන්නේ ද ඒ ආකාරයෙන් එකිනෙකා හා සමාජ සම්බන්ධතා ඇති අයයි.

විශේෂයෙන් ම, ලොක්කන් සහ සොක්කන් නොව, තම සාමාජිකයින් එකිනෙකා හා සමානයින් යැයි සළකන සමාජවාදී පක්‍ෂ සහ වෘත්තීය සමිති කොම්රේඩ් යන වචනය භාවිතා කරන්නේ එනිසා ය.

මෙය කියවන සමහරෙකුට "රසික, ඔබ ඒ කියන්නේ සමාජවාදී පක්‍ෂ ගැන ය, නමුත් මේ කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන ය!" යනුවෙන් සරදමක් කිරීමට සිතුණොත් එය ලොකු පුදුමයක් නොවේ.

ඒ සරදම් කෙසේ වෙතත්, "අනුර සහෝදරයා" නොකියා "අනුර අයියා" කියා කරන මේ ඇමතුමෙන් අපට පෙනෙන්නේ අයියලාට බාල මල්ලිලා (සහ නංගිලා) ද සිටින බවයි.

එනම්, ජනතා විමුක්ති පෙරමුණේ අද සිටින්නේ එකිනෙකා හා සමාන සහෝදරයන් නොව, ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා බවයි.

සමහර විට, හයිරංකාර ලොකු අයියලා සහ අතපල්ලෙන් වැටුණු චුට්ටං මල්ලිලා ලෙස තවත් දරුණු තත්වයක් තියෙනවා විය හැක.

වාසනාවකට මෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර පිළිබඳ සඳහන් කෙරෙන තැන්වල අද ජනතා විමුක්ති පෙරමුණේ මේ ලොකු අයියලා විසින් තවමත් "ආදරණීය රෝහණ සහෝදරයා" යනුවෙන් කියනු මා අසා ඇත.

නමුත් මේ අනුර අයියා ප්‍රවනතාවය ඉදිරියටම පැවතිය හොත්, "ආදරණීය රෝහණ සහෝදරයා" යන යෙදුම වෙනුවට, "රෝහණ ලොක්කයියා", "රෝහණ මාමා", "රෝහණ සීයා", "රෝහණ කිරිකිත්තා" යනාදී යෙදුම් ද අපේ ජීවිත කාලය තුළදී ම අසන්නට ලැබෙනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කාරණය ජනතා විමුක්ති පෙරමුණේ ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකුගෙන් මම මෙලෙස විමසුවෙමි.
"මොකක්ද මේ අයියා කතාව?
එක පවුලේ නොවෙයි නේද?
සහෝදරයා (කොම්රේඩ්) කියන එකට මොකද වුනේ?"
ඔහු කියා සිටියේ මෙයයි.
"ඒක තියෙනවා ☺☺
සම වයසේ නොවන අයට අයියා කියලා කවදත් කිවුවා. සිරි අයියා කිවුවෙ සෝමවංශ සහෝදරයාට. සහෝදරයා කියන්නේ පොදුවේ. ව්‍යාපාරය තුල ඉන්න සම වයසේ කෙනාටත් සහෝදරයා කියනව."
එය අසා, ජෝර්ජ් ඕවල් ගේ "ඇනිමල් ෆාම්" කෘතියේ මා කියවා ඇති සිංහල පරිවර්තනය සිහි වී මම මෙලෙස පිළිතුරු බලාපොරොත්තු නොවන පැණයක් නැගුවෙමි.

"ඒ කියන්නේ පක්ෂයේ සියළු දෙනාම සමාන සහෝදරවරු නමුත් සමහර සහෝදරවරු සෙසු අයට වඩා ලොකු සහෝදරවරු ය කියන එකද?"

ප/ප/ලි:
ඉකොනොමැට්ටා විසින් ලියා ඇති මේ ලිපියෙන් අපූරු කතාවක් කියවේ!
http://economatta.blogspot.com/2017/05/blog-post_7.html

(image: https://www.facebook.com/photo.php?fbid=1193540444107616&set=pb.100003550150915.-2207520000.1494078154)

33 comments:

  1. ඔය ඇවිල්ලා සමාජවාදය දේශීයකරණය (ප්‍රාදේශීය කරණය)
    එකනේ ජ.වී.පෙ සකල දේශවාසී නිර්ධනයෙනි නැගිටිව් කියල කියන්නේ නැත්තේ.
    උන් නොකිය කියන්නේ "සිංහල බෞද්ධ නිර්ධනයෙනි" නැගිටිව්"

    ReplyDelete
    Replies
    1. ඔව්, කතාවෙන් නොව ක්‍රියාවෙන්!

      Delete
  2. මම හිතන්නේ ඔික ඔය තරමි අමුතු විදිහට හිතන්න දෙයක් නෙවේ
    පෝස් එක හදන්න ඇත්තේ කවුරුහරි ෆේස්බුක් භාවිත කරන ජවිපේ ගැන යම් විශ්වාසයක් හිතේ ඇති ලාංකිකයෙක්නේ මම පෞද්ගලිකව දන්නව ඔවුන් එක්ක එහෙම ප්‍රශ්ණ නෑ,අනික් ඉතින් ජවිපෙට හිතවාදී උනා කියල හැමෝමටම සහෝදරයා සහෝදරී කියල කතාකරන්න ඔන කියල නියමයක් නෑනේ

    ReplyDelete
    Replies
    1. මෙය ජවිපෙ සාමාජිකයෙකු (චුට්ටං මල්ලී කෙනෙකු) විසින් පක්‍ෂ නායකයා (ලොක්කයියා) අමතන ආකාරයයි.

      Delete
  3. හැමදේම වෙනස්වන ලෝකයේ ජවිපෙත් පහළ ස්ථරය දැන් වෙනස් වෙමින් යනවා. එදා වගේම නෙමේනේ අද? නායකත්වය ගැන විවේචන වුවත් අද තියෙන්නේ ඔය කාරනා නිසාමනේ.

    ReplyDelete
    Replies
    1. පරස්පරයි නේද?

      එදා - සමානයෝ, සහෝදරයෝ

      අද - අයියලා මල්ලිලා, හැබැයි නායකත්වය ප්‍රශ්න කරනවා?

      Delete
  4. සමහර සහෝදරවරු සෙසු අයට වඩා ලොකු සහෝදරවරු

    ReplyDelete
    Replies
    1. /* සමහර සහෝදරවරු සෙසු අයට වඩා ලොකු සහෝදරවරු */ යැයි සිතේ!

      Delete
  5. නොමිළේ අධ්‍යාපනය දීමෙන් කන්නන්ගර මෙරටට ලබා දුන් දුන් තවත් වහු කුණක් තමයි ඔය අළුගුත්තේරු ජ.වි.පෙ. නමැති දේශපාලන පක්ෂය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒ බව දැන ගෙන වගේ ඒ දවස්වලම කන්නංගරව ඡන්දෙන් පරද්දලා ගෙදර යැව්වේ!!!

      Delete
  6. රසික දැන් ඔස්ට්‍රේලියාවට ගොසින් කොපමණ කල්ද? මා සිතන්නේ දශකයකටත් වඩා වැඩි නේද? ඒත් රසික හැමදාම ලියන්නේ, ෆේස්බුක් ෂෙයාර් කරන්නේ ලංකාවේ දේවල්. අවුරුදු ගණනක් විදෙස් රටක පුරවැසිභාවයත් අරං ඇයි මේ තවම ලංකාව ගැන ලියන්නේ? ඔබ තාම අතීතයේ ජිවත් වන නිසාද? ඔය රටට ගියාට එහෙ පුරවැසිබව හම්බුනාට අපි මෙහෙට ආගන්තුක යන හැගීම ඔබ තුල සවිඥානිකව තියෙන නිසා වත්ද?

    ඔසී රට ගැන, එහෙ ජිවත් වන ආකාරය වැඩ ලියලා තියෙන්නේ අඩුවෙන් නී. මම එහෙම නං වෙන රටක පදිංචියට ගියා නං ලංකාව දිහා බලාගෙන ලංකට් එක වත් අදින්නේ නෑ.බොකක් වත් දාන්නේ නැහැ ආයේ මේ පැත්ත බලං. අහවල් දේකට ඇයි තමුන්ට එපා වෙලා, හොද ජිවිතයක් බලාපොරොත්තුව වෙනින් රටකට ගිහිං, තමුන් දාලා ගිය රට ගැන තවත් ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. The truth is out there !

      ++++++++++++++++++++++++

      Delete
    2. ෆැමිලි, කපල් සංක්‍රමණය වුණාම සිද්දවෙන කතන්දරයක්.

      Delete
    3. @ Anonymous 7 May 2017 at 13:27

      පසුව පිළිතුරක් ලියන්නම්.

      කෙසේ වෙතත් ඔබ මගේ බ්ලොගය වැඩිපුර කියවා නැති අයෙකු ලෙසයි මට හැඟෙන්නේ. අඩු වශයෙන් ඔබ මගේ පොස්ට්වලට දමා ඇති ලේබල් එකතුව දෙසවත් (වම් පැත්තේ යට) බලා නෑ!

      මා ලියන්නේ මොනවාද යන්න පැහැදිළි කිරීමක් ඊයේ මා පළ කළ "ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?" ලිපියේ සඳහන් කළ එය කියවන්න.

      ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
      http://rasikalogy.blogspot.com.au/2017/05/can-i-write-novel.html

      Delete
    4. මට ව්‍යක්ත ලෙස සිංහලෙන් ලියන්න පුලුවන් උනානම් මම නුඹලාට දේශපාලනය උගන්නමි . කරුමෙක මහත මා මිත්‍ර රසික මහතා එම link එව්වේ නැත. ඔබ තුමාලා නිවැරදි දේශපාලනය කල නම් අද අපේ රට ඒ විද්වතුන් අපේක්ෂා කල ධනවත් රටකි. දේශපාලන කුහක කම සියල්ල ගිලගත් ලෙසම මෙම විද්වතාණන් අමතක නොකරන මෙන් ඉල්ලා සිටිමි

      Delete
  7. සහෝදරයා කියන එක අයියා හෝ මල්ලී යන ආමන්ත්‍රණ දෙකටම යොදාගත හැකි පොදු පදයක් නෙමෙයිද? උතුමාණෝ, අතිගරු වගේ කෑලි දානවට වඩා අයියා කියන එක ශේප් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අයියා-මල්ලී ඇමතීමත් වැරදි කොට, උතුමාණෝ, අතිගරු කියන්නේ ඇයි, මේ සමාජවාදී පක්‍ෂ. හැමෝම සමානයෝ නේ!

      Delete
  8. රශික ඔස්ට්‍රේලියා ගොහින්, එහෙ පුරවැසිකමුත් අරන් සුද්දන්ට ඉංගිරිස් ඉගැන්නුවත් එහෙ සංස්කෘතියට බද්ධ වෙලා නෑ. ඉතින් ලංකාවෙ අනිත් එව්වො එක්ක පන්සල වගේ පොදු දෙයක් මුල් කරගෙන සෙට් වෙලා අයිසොලේට්වෙලා ඉන්නවා. ඒකට කියන්නෙ සිනුවර ශ්‍රී ලන්කට් කොමියුනිටි කියලා. ලියන්න තියෙන්නෙත් සිංහල අපිට ලංකාව ගැනම තමයි. මේක රශිකට තියෙන ප්‍රොබ්ලම්ස් නෙවෙයි. ලංකාවෙන් ගිය අති බහුතරයකට වෙන දේ. සමහරවිට රශිකගෙ ළමයිනම් ඒ සංස්කෘතියට බද්ධ වෙයි. ඊට පස්සෙ සුද්දෙක් බැන්දොත්, සූරියාරච්චි පරම්පරාවත් එතනින් ඉවරයි.
    ඔය පේස්බුක් පෝස්ට් ගැන වැඩිය වද වෙන්න එපා, ඔව්වා හදන්නෙ පොඩි පැඟිරි කොල්ලො මිසක් ජවිපෙ කොම් රේඩ්ලා නෙවෙයි. උන් ඉතින් දන්න ප්‍රොටෝකෝල් එකක් නෑ, වැඩිමල් නිසා අනුර අයියා කියන්න ඇති. අනික පේස්බුක් පෝස්ට් ගැන ලියනවානම් වෙනම පොත් කීපයක් ලියන්න පුළුවන්. එකපාරක් තිබුණා වින්ඩෝස් ෆෝලඩරේ තියෙන සිස්ටම්32 කියන්න වෛරස් එකක්ය, ඒක ඩිලීට් කරාම සිස්ටම් එක මාර ස්පීඩ් අප් වෙනවා කියලා... තව මේ වගේ ගොන් කතා එලෝ කෝටියක් හොයාගන්න පුළුවන්. දැන් පේස්බුක් කියන්නෙ නූගතුන්ගෙ ළිඳ ලඟ සංගමයක් තමා...

    ReplyDelete
    Replies
    1. Agree with you mate, well written & nicely explained. Truth is always bitter but Mr Rasika has to accept it though it's a tough task for non-academic crazy guy like you.

      Delete
    2. @ Anonymous 7 May 2017 at 16:44

      ඔබේ මුල් ඡේදයට පිළිතුරු මෙසේ ය.

      1. මගේ නම රශික නොවේ. රසික වේ.
      https://rasikalogy.blogspot.comu/2016/11/rasika-my-darling.html

      2. මම ද්විත්ව පුරවැසියෙක් මි.
      https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      3. මා පන්සලට සම්බන්ධයක් නැත. ගිය දිනයක් මතකයේ නැත.
      https://rasikalogy.blogspot.com/2016/06/sinhala-buddhist-temples-in-sydney.html

      4. මා ලියන්නේ මගේ අත්දැකීම් මත පදනම් වූ සටහන් ය.
      http://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html

      5. මා ඕස්ට්‍රේලියාව සම්බන්ධ ලිපි විශාල ප්‍රමාණයක් ලියා මේ බ්ලොගයේ පළ කර ඇති බව මදක් විමසා බැළුවොත් ඔබට පෙනෙනු ඇත.
      ඕස්ට්‍රේලියාව සම්බන්ධ ලිපි

      6. මට පරම්පරා ගායක් නැත. නමුත් සූරියආරච්චි වාසගම ඇති වෙනත් අය ද මෙරට වසති.
      https://rasikalogy.blogspot.com/2016/11/roots.html


      !!!

      Delete
    3. ඔබේ අදහස්වලට ඉතා ස්තුතියි.
      ෆේස්බුක් අත්දැකීම් සම්බන්ධයෙන් මා ලියා පළ කර ඇති සටහන් කිහිපයක් මෙසේ ය.

      1. ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore
      https://rasikalogy.blogspot.com/2017/03/facebook-entertainment-galore.html

      2. අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!
      https://rasikalogy.blogspot.com/2016/03/para-man.html

      3. ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them
      https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html

      4. හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors
      https://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      5. xxන්න නිදහස - Exercising your freedom to think
      https://rasikalogy.blogspot.com/2017/02/xx-exercising-your-freedom-to-think.html

      Delete
  9. Good post you put here. How ever we all must put up and up socalism all time. Socalism people all good people all world. all world socalism network togethar big people number. socalism is tru humanity contane political all world cuntrys.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාරය තේරුම් ගන්න ගූගල් ට්‍රාන්ස්ලේටරය භාවිතා කළ විට ලැබුණේ ඊටත් වඩා අණ්ඩර දෙමළයක්!

      ==========================================

      හොඳ පශ්චාත් ඔබ මෙහි ය. කොහොමද මෙතෙක් අප සියලු සියලු කාලය දක්වා තබා socalism දක්වා විය යුතුය. Socalism ජනතාව හොඳ අය ලෝකය පුරා සියලු. විශාල ජනතාව අංකය togethar ලෝකය පුරා සියලු socalism ජාලය. socalism මනුෂ්යත්වයට contane දේශපාලන ලෝකය පුරා සියලු cuntrys tru ඇත.

      Delete
  10. අන්න අර පැරා සමලිංගිකත්වය ගැන පොස්ට් එකක් දාල. කට්ටිය රසිකව හොයනවා යමරෙට.

    ReplyDelete
    Replies
    1. එහි ගොස් ප්‍රතිචාර දැක්වුවෙමි. ස්තුතියි!

      Delete
  11. /එකම කාමරයක් බෙදා හදා ගන්නා වැනි අරුතක් සහිතව මුලින් ම භාවිතා වී ඇති බව පෙනෙන "කොම්රේඩ්" යන වචනය/ සහෝදරයි කියල කියා ගත්තේ ඒ කාලේ 'ගජයා' කැල්ල උප සංස්කෘතික සද්ද කොෂේට ඇවිල්ල තියෙන්න නැතුව වෙන්නැති .

    ReplyDelete
    Replies
    1. ගජයා යනු සමානයෙකු නොවේ. ගජයා අනුන්ගේ සම්පත් භාවිතා කරන්නෙක් පමණි.

      කාමරයා යන්නයි කොම්රේඩ් වී තියෙන්නේ!

      Delete
  12. //අප දන්නා පරිදි සම්ප්‍රදානුකූලව වාමාංශික පක්‍ෂවල සාමාජිකයින් එකිනෙකා අමතන්නේ සහෝදරයා හෝ සහෝදරිය කියා ය// මා දන්නා පරිදි අයියා කියන්නේ ඇත්තටම "අයියලා ටය." ඒ කියන්නේ දෙමල අය "අයියා " වචනය කියන්නේ මහත්තය වෙනුවටය. ජවිපෙ අයිය කතාවද එවැනිය. සහෝදරයා සහෝදරිය කියනෙන් වැඩිය අඳුනන්නේ නැති අයටය.
    "කුමාර් මහත්තයා " වැනි ඒවා වඩා ගරු සරුවක් දීම පිළිබඳව භාවිතා වෙනවා යයි පෙසප කෙනෙක් කිවේය.

    ReplyDelete
    Replies
    1. කුමාර් මහත්තයා යනු නියම අනන්‍යතාවය සඟවන්න භාවිතා කළ නමක් කියායි මා හිතන්නේ. ජවිපෙ තම ඉතිහාසය පුරාම එවැනි නම් භාවිතා කර තියෙනවා.

      Delete
  13. ප/ප/ලි:
    ඉකොනොමැට්ටා විසින් ලියා ඇති මේ ලිපියෙන් අපූරු කතාවක් කියවේ!
    http://economatta.blogspot.com/2017/05/blog-post_7.html



    ReplyDelete
  14. කකා ඇයි පැරා සමලිංගිකයෝ ගැන දාපු පොස්ට් එකට කොමෙන්ට් දැම්මේ නැත්තේ? කකා දැන් එයි දැන් එයි කියලා අපි බලං හිටියා තිස්සෙම. සමලිංගිකයෝ ගැන කතාකරන්න ඉතිං අපේ කකා නැතුව වෙන කවුද ඉන්නේ.

    ReplyDelete
  15. maaara darsanikayek ne uba. ohoma yaman ohomayaman.hithedukata kiyawena kavi.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.