Tuesday 14 March 2017

ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore


"ෆෙස්බුක් තියෙන්නේ පොඩි ෆන් එකක් ගන්නනේ අපෙ හාමුදුරුවනේ!" වැනි ප්‍රකාශයක් එක්කෝ මහාබයියා විසින් හෝ නැතිනම් වෙනත් අයෙකු විසින් හෝ කියන වීඩියෝවක දර්ශනයක් මීට වසර දෙකහමාරකට පමණ පෙර මා දුටු බවට මතයක් තිබේ.

එය සත්‍යයකි. සත්‍යයක් මිස වෙනකක් නොවේ. කොටින් ම, ෆෙස්බුක් යනු විනෝද සාගරයකි.

ඒ බව සනාථ කරවන, මා නොබෝදා ලැබූ, අපූරු අත්දැකීමක් අද ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි.

මේ කතාවේ ඇති උත්ප්‍රාසය නම්, ඒ "ෆේස්බුක් යනු රස සාරයකි!" යන්න මට හොඳින් පෙන්වා දුන්නේ ද, පෙර කී මහබයියා ගේ අනුගාමිකයින් වීම යි.

හැබැයි, ඒ ඔවුනුත් ෆන් එකක් ගනිමින් නම් නොවේ. ඒ වෙනුවට, ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින්, ලේ රත්කර ගනිමින්, කක්කා බර හදා ගනිමින් බව පහත විස්තරය කියවන ඔබට ද පැහැදිලි වෙනු ඇත.

පසුගිය දින කිහිපය බෝ ගස් පිළිබඳව අපේ අවධානය යොමු වූ කාලයක් බව අපි හොඳින් දනිමු.

මුලින් ම, තම පියා, වික්ටර් රත්නායක, ගේ දෙවන විවාහය කඩාකප්පල් කිරීම සඳහා බෝධි පූජා පවත්වන ලෙස ඔහු ගේ කනිටු පුත් ලෙලුම් ඉල්ලා සිටියේ ය.

ඒ සමගම බෝධි පූජා සම්බන්ධයෙන් මට අසන්නට ලැබුණු අතුරු කතා දෙකතුනක් පිළිබඳව ද මම ලිපියක් ලියා පළ කළෙමි.

බෝධි පූජා සම්බන්ධව ඒ ආකාරයේ එක් කතාවක් වූයේ, W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මතු කරන ලද, "බෝගස්වලට ආදරේ කිසිවෙකු තමන්ගේ වත්තේ හෝ බිත්තියක හෝ බෝ ගසක් පැළ වීමට නො දෙන්නේ ඇයි?" යන බඩ කොරවෙන ප්‍රශ්නය යි.

ඇත්තටම, එලෙස කළා නම්, අප සැමට නිවසේ සිට ම විමධ්‍යගත මොඩලයේ බෝධි පූජා දිනපතා ම හෝ දිනකට කිහිප වරක් හෝ පවත්වා දැහැමෙන් සෙමෙන් රෝගාබාධයෙන් තොරව කල් ගත කළ හැකි වෙනු ඇත.

මේ ආකාරයේ අදහස් ෆේස්බුක් හි සඳහන් වුණු තැන් කිහිපයකට ම, මම මෙලෙස පැවසීමි.

මං දවසක බුදුවුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.

මම මේ අදහසම, තැඹිලි ගසක ඡායාරූපයක් ද සමගින් මගේ ම ෆේස්බුක් කාල රේඛාවේ ද පළ කළෙමි.

"අපෙ හාමුදුරුවනේ, ෆෙස්බුක් කියන්නේ රස සාගරයක්!" බව මට තේරුණේ එයින් පසුවයි.

මෙන්න පළමුවෙනි උදාහරණය.
(https://www.facebook.com/apjayasinghe/posts/10155031104789326)



මෙන්න දෙවෙනි උදාහරණය.
(https://www.facebook.com/nadeesha.chandrasena/posts/10210385872178023)


මට ප්‍රණීත වචනයෙන් සංග්‍රහ කරමින් සටහන් තබා, ෆේස්බුක් යනු රස සාගරයක් බව ස්ඵුට කළ ඒ පින්වතුන් දෙදෙනා ම හිටපු රජා ගේ අමු වහල් බයියන් බව ඔවුන් ගේ ෆේස්බුක් කාල රේඛා දෙස බැලීමෙන් මට වැටහිණි.

බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි.

ඔබටත් ෆන් බෝ වේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.strippedpixel.com/ten-thousand-buddhas-hong-kong/)

52 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අසභ්‍ය යැයි කිව හැකි ප්‍රතිචාර කිහිපයක් ඉවත් කළෙමි!

      Delete
    3. රසික, ලොරි කැඳ කියන්නෙ මොනවද ?

      Delete
  2. තැඹිලි ගහක් යට බුදුවීමට ප්‍රාර්ඨනාකිරීම වරදක් නෑ. මම අහල තියෙනවා අටවිසි බුදුවරු බුදුවුන බෝධීන් ගැන ඒවා වෙනත් ගස් මිස ඇසතු ගස්ම නොවේ. මෛත්‍රී බුදුන් බුදුවන්නේ නා ගසක් යට කියල විශ්වාසයක් තියෙනවා නේ ද?

    ReplyDelete
    Replies
    1. ඉහත විරෝධතාවය තැඹිලි ගස පිළිබඳව නොව බුදු වීම පිළිබඳව ය. මට අපහාසාත්මකව දොස් කියා ඇත්තේ බුදු වීමට සිතීම ගැනයි.

      ඒ මා බුදු වී, ගෞතම බුදුන් කළාක් මෙන්, ලංකාවෙන් යකුන් පළවා හරිතැයි බිය වී විය යුතුයි!

      Delete
    2. ඔය බෝ නැත්නම් ඇසටු ගස් වැවෙන්නෙ ඝර්ම කලාපීය රටවල පමණයි මම හිතන්නෙ. ඒ කියන්නෙ සුද්දෙකුට හරි ජප්පෙකුට හරි ආත්මෙට බුදු වෙන්න බෑ කියලද.
      උන් එකෙක් බුදූන දවසක, පයිනස් ගහක් නැත්නම් උන ගහක් තමයි බෝධිය වෙන්නෙ

      Delete
    3. උණ ගස් යට බුදු උන බුදුවරු ඉන්නවා. බුදු වෙන්න ඉන්න බෝධිසත්වයෙක් තැඹිලි වගේ ලොකු ගෙඩි ඔළුවට වැටෙන ගහක් නම් තෝරාගන්න තරම් මෝඩ වෙන්නේ නැතිවෙයි.

      Delete
    4. සිපිපියා බුදුවන්නේ හිටගෙනය. ඒ අළුකෙසෙල් ගසක් යටය. සිපිපියාගේ වර්තමාන ශාරීරික ගැටලුවට හේතුව අධික ලෙස අළුකෙසෙල් ආහාරයට ගැනීමය. එකල සිරකරුවන්ගේ ආහාරයටද නිරතුරු අලුකෙසෙල් එක් කෙරිණි.

      Delete
    5. @ Mahesh Doranegoda

      මා මෙහි දී කියා ඇති පරිදි මේ සියල්ල ලියවුනේ ෆේස්බුක් ෆන් වෙනුවෙනි. තැඹිළි ගසක් යන්න ද ත් විහිළුවේම කොටසකි. නමුත්, පොල් ගසකට වඩා තැඹිලි ගසක් මෙහි දී යෝග්‍ය වේ.

      ඒ පොල් ගෙඩි වේලි බිම වැටුණාට, තැඹිළි පැහෙන්න පෙර ලපටි කාලේ ම කඩන නිසා ය.

      බුදු වුනාට පසුව නම්, තැඹිලි නොවේ දේවදත්තයා ගල් පෙරලූවත් බිය වන්නට දෙයක් නැත!

      Delete
    6. @ Anonymous 14 March 2017 at 21:36

      "ඇටිකෙහෙල් කෑව උගුඩුවා වගේ" යනු ප්‍රස්ථා පිරුලකි.

      අපි නව ප්‍රස්තා පිරුලක් නිර්මාණය කරමු. ඒ මෙසේය;

      අළුකෙසෙල් කෑව සිපිපියා වගේ.

      Delete
  3. ඇත්තටම රසික මේවාට කියන්නේ ළදරු ආතල් කියාය. සරසවි අධ්‍යාපනයකුත් ලබා වයස 55ත් ඉක්මවා හැට පැනීමට ඔන්න මෙන්න සිටින ඔබ වැනියෙකු මෙබඳු බාල නූගත් අන්තවාදීන් සමග වාදයට යාමටත් වඩා විසුළු සහගත කාරණය නම් එම මිනිසුන් සමග විදග්ධ වාදයේදී ඔවුන් දෙසා ඇදබෑ සම්ඵප්‍රලාප පෝස්ට් දමමින් රස කර කියමින් කියන්නට හදන්නේ කුමක්ද යන්නයි. ඔහොම මිනිසුන් ඉන්න බව සමස්ත ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදෙස්ගත ලාංකිකයින් සැමදෙනාම පාහේ දනිති. අමුතුවෙන් අඬබෙර ගසමින් මේ කරන විගඩම කුමක් ද?

    අනෙක් අතට ලංකාවේ රාජපක්ෂවාදීන් මෙන්ම වෙනත් එජාප, ජවිපෙ, TNA, මුස්ලිම් කොංග්‍රස් ආදී සියලු පක්ෂ වල ප්‍රබල සාමාජිකයෝ අඩු වැඩි වශයෙන් මෙබඳු අන්ධ භක්තිත මුග්ධ අදහස් දරති. ඉදින් මරාවාදීන්ට පමණක් මෙසේ මඩ ගැසීමෙන් ඇති ඵලය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිතුර,

      ප්‍රතිචාරයට ස්තුතියි. මුලින් ම ඔබ මගේ වයස ගැන කර ඇති උපකල්පන නිවැරදි ම නැති බව කිව යුතුයි. නමුත් යම් දිනක ඔබ මෙන් ම, මා ද පනස් පහ පසු කරන අතර, හැට ද පසු කිරීමට නියමිත බව නම් සත්‍යයකි.

      දැන් අර වික්ටර් රත්නායක වයස 75 දී කසාද බැඳීම වැරදියි කියන අය මෙන් ම ඔබ කියන්නේ ඒ ඒ වයසේ දී ගත යුතු ඒ ඒ ආතල් ඇති බව සහ ඒ ඒ වයසේ දී අකැප ඒ ඒ ආතල් ඇතැයි කියා ද?

      දෙවනුව ඔබේ මූලික ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම්, ඔබේ මිම්මෙට සාපේක්‍ෂව මෙය ළඳරු ආතල් එකක් යැයි සිතමු. ඉතින් එහි ඇති වරද කුමක් ද?

      හොඳයි අවශ්‍ය නම් මා බෙන්ජමින් බටන් කෙනෙකු යැයි සිතන්න.

      එසේම, මා කළේ, ෆෙස්බුක් හරහා ලබා මා ලැබූ "ෆන් එකක්" බ්ලොග් එක හරහා ද බෙදා හැරීමයි. ඇයි ෆේස්බුක් "කළු"ද?

      තුන් වෙනුව කිව යුත්තේ, මා මේ කතාවට මරාවාදීන් කියා අමුතුවෙන් ඈඳීමක් කර නැති බවයි. එය ෆේස්බුක් හි දී මා සොයා ගත්තකි. මෙහි දී කර ඇත්තේ ඒ සත්‍යය සඳහන් කිරීම පමණයි.

      නැවතත් ඔබට ස්තුතියි.

      Delete
    2. //ලංකාවේ රාජපක්ෂවාදීන් මෙන්ම වෙනත් එජාප, ජවිපෙ, TNA, මුස්ලිම් කොංග්‍රස් ආදී සියලු පක්ෂ වල ප්‍රබල සාමාජිකයෝ අඩු වැඩි වශයෙන් මෙබඳු අන්ධ භක්තිත මුග්ධ අදහස් දරති. //
      තිත්ත ඇත්ත ඒකය.

      Delete
  4. මුල්ම ප්‍රතිචාරයන් අසභ්‍ය ප්‍රතිචාර කියල අයින් කරන්නෙ මොකද ? ඔබ රාත්‍රියට සොසේජස් කන ගමන් කිරි බීමට ප්‍රිය කිරීම සහ එය ඔබට පුරුදුවන්නට තායිලන්තයේ දී යැයි උපකල්පනය කිරීම අසභ්‍ය වන්නේ කෙසේද? එසේ නම් ඔබ සලාද සමග මස් දවාලට කෑමත් අසභ්‍ය නොවේද?

    ReplyDelete
    Replies
    1. :D :D :D

      ++++++++++++++++++++++++++++++++++++

      True mate. This guy is damn stupid, what a funny moron :D

      Delete
    2. "සිපිපියා" කියල කියන්නෙ නිකම්ද !!! ගැලපෙනම නම !!!

      Delete
    3. What stands for සිපිපියා ?

      Delete
    4. "සිපිපියා" යනු සිනුවර පිංකරන පියා යන්නෙහි කෙටි යෙදුමය.

      Delete
    5. fatta !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11111

      Delete
    6. ඇනෝනිමස් ලා ෆන් ගන්නේ බ්ලොග්වලිනි!

      Delete
  5. බෝ ගසද තවත් එක් ගසකි. බුදු රජාණන් වහන්සේ පිට දුන් පමණින් හැම බෝ ගසක්ම පූජනීය වෙන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. මම දන්නා පරිදි හැම බෝ (ඇසතු) ගසකටම පූජා කරන්නේ නැහැ. ලංකාවේ තිබෙන පූජා පවත්වන බෝ ගස් ශ්‍රී මහා බෝධියේ අංකුර හෝ එම අංකුර වලින් ලබාගත් බෝ ගස් වේ .

      Delete
    2. සාමාන්යයෙන් කොමන් සෙන්ස් තියෙන බෝධිසත්ව බුවෙක් තැඹිලි වගේ සෑහෙන ශක්තිමත් ප්‍රමාණයෙන් විශාල ගෙඩි කෙලින්ම ඔළුවට වැටෙන (අතු නැති තාල වර්ගයේ වෘක්ෂයක් නිසා) ඉතා අනතුරුදායක ගහක් නම් තෝරාගන්න තරම් අමුම අමු මෝඩ වෙන්නේ නැතිවෙයි. හික්ස්. මොකෝ ඕන මිනිහෙක්ට ඒකෙ තියෙන රිස්ක් එක තේරෙනවනෙ.

      මම නම් හිතන්නේ මිස්ටර් රසිකොලොජි වැනි උපන්ගෙයි මෝඩයෙකුට වඩාත් සුදුසු කහඹිලියා ගසක් යට බුදුවීම බවය. කස කසා සිය අසහනය සමනය කොට ගෙන විමුක්තිය උදාකරගත හැකි වනු නොවේද ආචාර්යය රසිකලොජිය?

      Delete
    3. //ලංකාවේ තිබෙන පූජා පවත්වන බෝ ගස් ශ්‍රී මහා බෝධියේ අංකුර හෝ එම අංකුර වලින් ලබාගත් බෝ ගස් වේ//
      ෂුවර්ද....?

      Delete
    4. He he good.

      Rasika = Pinhamy of Hathpana ������

      Delete
    5. පිංහාමි කියන නමට වඩා දැනට කියන ඒ ලඟින් යන නම වඩා හොඳයි.

      Delete
    6. හෙන්රි,

      බෞද්ධ සාහිත්‍යයට අනුව ගෞතම බුදුන්ට කලින් සිටි බුදුවරු විසි හතර දෙනා බුදු වී ඇත්තේ විවිධාකාර ගස් යට ය.

      ඇසතු ගහක් යට බුදුවුණු ගෞතම බුදුන් මුල් සතියේ ගසට උපහාර ලෙස අනිමිස ලෝචන පූජාව කළ නිසාත්, ආනන්ද තෙරුන් ගේ ඉල්ලීමක් අනුව, තමන් නැති තැන තමන් වෙනුවට බෝ ගස නිර්දේශ කළා යැයි පැවසෙන නිසාත් මේ බෝධි වන්දනාව වත්මන් බුදු සමයට එක්ව ඇත!

      Delete
  6. ඒ කියන්නේ කවද හරි අපිට තැඹිලි ගස් වලටත් වැඳ වැඳ යන්න වෙනවද? මේ දවස්වල පොල් ගස් වලටනම් වඳිනවා පොල් හැදියන් කියල..

    ReplyDelete
    Replies
    1. වැඩි වෙච්ච දවසට පහුවෙනිදා තැඹළි ගසක අගය දැනිලා නැද්ද?

      Delete
    2. වැඩිවෙච්ච? පිස්සුව තදවෙච්චි නෙද? ඔවු තැඹිලි වලට පිස්සු තදවෙච්චි උන්ගෙ විකාර ගතිය ටිකක් අඩුවෙනවලු.

      Delete
  7. මහින්ද රාජපක්ෂ හට මහ බයියා ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද ? මෙලෙසම රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඔබගේ හැඳින්වීම කෙබඳුද ?

    ReplyDelete
    Replies
    1. හේතුව නම් පරකන්දෙනිය නම් පිටිසර පළාතක ඉපදී වික්ටර් අයිවන් විසින් නිරතුරු පවසන යම් සමාජ සාධකයකින් කුඩාකළ සිටම පීඩා විඳ නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිව් වසරක් ඉගෙනුම ලැබ ඉන් අනතුරුව පේරාදණිය සරසවියෙන් ඉගෙනුම ලැබුවද මිදිය නොහැකි වූ දැඩි හීනමානයි.

      යම් යම් ශාරීරික සහ මානසික අඩුපාඩු නිසා සම්මතය රස විඳීමට නොහැකිව එයට විකල්ප ලෙස අසම්මතය රස විඳීම උරුමවීම සහ මෙරට දීද නොලද සමාජ පිළිගැනීම විදේශයකදීවත් නොලැබීම මේ හීනමානය තවත් උග්‍ර කරන සාධකයන්ය.

      Delete
    2. රනිල් යනු දේශයේ පිනට පහලවූ ලොරි කැඳ පියාය.

      Delete
    3. ලක්ෂාන්,

      මහින්ද රාජපක්ෂට "බයියා" යන කතාව හැදුනේ වසර දෙක හමාරකට පෙර 2014 අයවැය කතාවේ කී මරි මෝඩ ගොන් කතාවක් නිසාය. ඒ ඔහුගේ මුග්ධ කම නිසාම ගොතවා ගත් කතාවකි.

      පසුව මෙම වදන අනුව යමින් මරා වාදීන්ට "බයියො" ලෙස අපහාස කිරීමට යහපාලනවාදී (රනිල් වාදී, මෛත්‍රී වාදී, ජවිපෙ වැනි පිරිස්) යොදාගත්හ. මෙහි රසික නමැති යහපාලන සට්ටැඹියා ද රෙදි නැතුව අන්තර්ජාලය තුල කල හිරිකිත කඩේ යාම නිසාත්, ඔහුගේ මහින්ද රාජපක්ෂ සමග ඇති ජන්මාන්තර වෛරය නිසාත් ඕන එකටයි එපා එකටයි හැම ලබ්බටම මේ "බයි බයි බයි" කුණුහබ්බයක් ගාවාගෙන පාඨකයන් අතර කිච වී සිටී.

      මට හිතෙන හැටියට රසික නමැත්තාට අන්ත දූෂිත ජඩයකු මෙන්ම සල්ලාලයකුද යැයි පතළ වූ මහින්ද රාජපක්ෂ විසින් යම් කිසි බරපතල ලිංගික අතවරයක් හෝ අමතක කළ නොහැකි තරමේ බරපතල අපවාදයකට ඔහු හෝ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයකු හෝ ලක්වී තිබේ. කෙසේ නමුත් ඔහුගේ පෞද්ගලික කෝන්තර වලට වෙනත් මිනිසුනුත් පටලවාගෙන ඔවුන්ටත් "බයියන්" යන අපහාසාත්මක වදන යොදාගනිමින් සිය පුකත්වය පෙන්වා නිරලජ්ජිත ලෙස හැසිරෙනු දැකිය හැකිය. රසික මා නම් නුඹට ඉකම්න් සුවය ප්‍රාර්ථනා කරමි. ඉක්මන් සුවය ලබා නීරෝගී වේවා.

      Delete
    4. රසිකලොජියා මැක්කාගේ කතාව මෙන් වරින් වර "මහ බයියා" සහ තම අදහස් පිලි නොගන්නා එවුන්/ තමන් හා වාද කරනවුන් "බයියන්" ලෙස හංවඩු ගසා මෙබඳු පෝස්ට් පල කරන්නේ "කුණු රසය" අවුස්සා බ්ලොගය බලන පිරිස වැඩි කර ගැනීමටය.

      අනෙක් අතින් රසිකලොජියා "බයියන් ගැන විග්‍රහ" කියමින් කිසි තේරුමක් නැති මනස්ගාත පල් හෑලි ටිකක් ලියා තිබේ. මොහුට ඒවායේ ලින්ක් දැමීමට අවස්ථාවක් නැතුව තටමමින් ඉන්නේ පුදුම අසහනයකිනි. මේ ලක්ෂාන් වැන්නවුන් එවිට බෝලය උස්සා දෙමින් "මහ බයියා" කියන්නේ මොන පරයෙක්ටද? කියා අසයි. දැන් රසිකලොජ්ජා තමා කල් ඇතුව සූදානම් කරගෙන සේව් කර තබාගෙන සිටින "බයි විග්‍රහ" නමැති පල් හෑලි වල හයිපර් ලින්ක් දමමින් විකාරයක් නටනු ඇත. කෙසේ නමුත් අවාසනාවකට් මෙන් මොකෙක්වත් මේ පල්හෑලි නොකියවන බව මොහු නොදනී. පව්. (අර සාරසයා කියන මරාගේ අසූචි බුදින සට්ටැඹියා නම් "බැඳුම්කර" මැක්කා ගැන කීම නම් අවුරුද්ද්කින් විතර නැවැත්තුවා. මූ අවුරුදු ගානක් ගිහිල්ලත් මේ ලබ්බම අල්ලගෙන වමාර වමාර කන හැටි ජුගුප්සාජනකයි.)

      දැන් ඉතින් මේක යටින් අර "බයියන්ගේ කුණුම කුණු මානසිකත්වය" ගැන හයිපර්ලින්ක් පල් හෑලි ටික ඉක්මනටම දමා ඔබගේ අසහනය දුරු කරගනු මැනවි රසික පින්වත. ඔබට බෝලේ නාත් - ජය බෝලේ නැතත් !

      Delete
    5. අැදෙගන නාන සිනුවර රසිෙකා්ෙ ලොජ්ජා
      කොච්චර බැනුම් ඇහුවත් නෑ විලි ලැජ්ජා

      Delete
    6. ලක්ෂාන්,

      ඔබට ඇනෝනිමස් පාඨකයෙකු කියා ඇති පරිදි බයියා යන්න 2014 අයවැය කතාවේ දී ම.රා. කියූවකි.

      https://youtu.be/3bxUob60GI0

      එසේ නැතුව එය මවිසින් පබඳින ලද්දක් නොවේ!

      Delete
  8. එර්දියෙන් අහසින් යන ගමන් තැඹිලි බොන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එර්දියෙන් යන්නා වූ මහ රහතුන් ගේ
      පිපාසෙ හින්දයි තැඹිලී, ගෙඩි සැම භංගේ!

      Delete
  9. ඔයාට වැඩිපුරම ඉන්නේ ඇනෝ කෙමෙන්ටෙර්සලා ....ඒකත් එක හැකියාවක් ..ඇනොලට බයේ සමහර බ්ලොග් වල ඇනෝ වහලා තියන්කොට්ත් ඔයා ඇනොලට උත්තර දෙනවා

    ReplyDelete
    Replies
    1. True. Anyway I appreciate you Rasika.

      Whatever bullshits you post in this blog, you have the guts to face harsh criticisms & answer them. That should have been appreciated by the viewers like us. Hat's off to you for your immense courage & maturity shown. Cheers mate.

      Delete
    2. අන්න ඒකට පොතලන් මාන්නය. ඇනෝ වහල ලොරි ටෝක්.

      Delete
    3. @ මෙන්ඩා

      ඔය ඉන්නේ ඇනෝලා කිහිප දෙනෙකු පමණි. ඔවුන් මගේ පිහිටෙන් ෆන් ගන්නේ මෙතැන පමණක් නොව වෙනත් බ්ලොග්වලට මෙහි කමෙන්ටු උපුටා දමමින් සතුටු වෙන බව සැලයි!

      Delete
  10. බටහිර වෛද්‍යවරු ; ආයූර්වේදය සහ දේශීය වෙදකම

    - වෛද්‍ය රුවන් එම් Trans Sylvania බ්ලොග් අඩවිය

    Anonymous March 15, 2017 at 12:10 AM

    මං දවසක් කකුලේ අමාරුවකට වෙදෙක් ගාවට ගියාම වෙදා මගේ සෙක්ස් එක අතගෑවා. එදා ඉදලා මං යන්නේ නැහැ එහෙ.

    Reply
    Replies

    Anonymous March 15, 2017 at 6:47 AM
    දැන් සිනුවර ඉන්න පරකන්දෙනියෙ රටේ වෙදාවත්ද ?

    ReplyDelete
  11. //පසුගිය දින කිහිපය බෝ ගස් පිළිබඳව අපේ අවධානය යොමු වූ කාලයක් බව අපි හොඳින් දනිමු.//

    http://www.divaina.com/2017/03/15/provin02.html

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ!

      ඒක දැනුයි දැක්කේ. ස්තුතියි ඉකොනොමැට්ටා.

      Delete
  12. සිරා,

    ලංකාවේ හිටපු ජනාධිපති තුමාට ඔය වගේ නම් පටබැඳල දෙකේ කොලේට දාල කතා කරන්ඩ එපා. එයා යම්කිසි හොඳ දෙයකුත් කළානේ, වැරදි අඩුපාඩු උනා තමයි. අතිගරු, ශ්‍රීමත් ඕනේ නැහැ, අඩුමගනනේ මහත්මයා කියලවත් ඕනේ නැහැ, නමින් කතාකරන්ඩ. මහින්ද හරි නියම නම පර්සි මහේන්ද්‍ර හරි.

    ReplyDelete
    Replies
    1. තමන්ව බයියා කියා හඳුන්වා ගත්තේ ඔහු ම ය!

      https://youtu.be/3bxUob60GI0

      Delete
  13. Gas yata buduwenne geval nadda?

    ReplyDelete
  14. ඇනෝලා බොහෝවිට බයියන් ය ටොයි ඇනෝලා දුර්ලභ ය.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.