Tuesday 16 May 2017

උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!


"උපන් දා සිට" යනු අපේ මහා සිංහල ලේඛකයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ස්වයං චරිතාපදානය හෙවත් ඔහු ගේ ජීවිත කතාවට ඔහු විසින් දී ඇති නම ය.

ගැටවර වියේ දී ද, මෑතක දී ද, මා කියවූ ඒ මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානයේ සඳහන්ව ඇති කරුණු කිහිපයක් පිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.

ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක.

සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානය "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමින් ද, කේ ජයතිලක තම ස්වයං චරිතාපදානය "පුංචි පැලේ ගස වෙනා" යනුවෙන් ද, මහගම සේකර කොටස් දෙකකින් යුතු වූ තම ස්වයං චරිතාපදානය පිළිවෙලින් "තුංමං හන්දිය" සහ "මනෝ මන්දිර" ලෙස ද නම් කිරීම සලකා බලන කළ "උපන් දා" සිට යන්නේ ඇති අවම නිර්මාණශීලීවය පැහැදිලි වේ.

ඉහත ඡේදයේ සඳහන් කෘති, ඒ ඒ ලේඛකයින් කළ නිර්මාණ මිස, ඔවුන් ලියූ ස්වයං චරිතාපදාන නොවන බවට යමෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකි බව මම දනිමි. නමුත්, එය සම්පූර්ණ සත්‍යයම නොවේ!

කෙසේ වෙතත්, ඒ "උපන් දා සිට" යන නමෙන් අදහස් වෙන ආකාරයට ම, තමා උපන් දා සිට එම කෘතිය සකසා අවසාන වූ දින දක්වා තමන් ගේ ජීවිතයේ සිදු වූ පොදු රසාස්වාදයට සහ දැනුමට තුඩු දෙන කරුණු මාර්ටින් වික්‍රමසිංහ විසින් තම ස්වයං චරිතාපදානයේ ඇතුළත් කර ඇති බව පෙනේ.

මෙහි දී, කෘතිය සකසා අවසාන වන දින දක්වා යනුවෙන් මා සඳහන් කළේ, ස්වයං චරිතාපදානයක් සැම විට ම අවසන් වන්නේ ලේඛකයා ජීවත් වෙන කාල සීමාවේ දී වීම නිසා ය. යමෙකු ගේ උපන් දා සිට ජීවිතය අවසාන වූ දිනය දක්වා සම්පූර්ණ ජිවීත කාලය පිළිබඳව විස්තර සහිතව ලියවෙන්නේ වෙනත් අය ලියන චරිතාපදාන මිස ස්වයං චරිතාපදාන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

මෙහිදී මට සිහිවෙන්නේ ජීවිතයේ මුල සිට කතාව ඇරඹුව ද, අවසාන වන දිනයක් යම් ආකාරයකට හෝ නියම කර, ඒ ආශ්‍රයෙන් නම් තබා ඇරඹූ ස්වයං චරිතාපදානයකි.

ඒ ස්වයං චරිතාපදානය ඇත්තටම බ්ලොගයකි.

මා මේ කියන්නේ දැන් එංගලන්තයේ වෙසෙන, අරුණ පෙරේරා හෙවත් අරූ විසින් කොටස් වශයෙන් ලියමින් සිටි "අවුල් වෙන්නට පෙර" නම් තමන් ගේ ජීවිත කතාවයි.

එහි නම වූ "අවුල් වෙන්නට පෙර" යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහු ලියන්නට ඇරඹූ කතාව අවසාන වෙන දිනය පිළිබඳ ඉඟියකි. එනම්, උපන් දා සිට අරඹා, තම මතකය අවුල් වෙන දින දක්වා ඒ කතාව ලියවෙන බව ඒ නම යෙදීමෙන් අරුණ පෙරේරා පාඨක අපට ඉඟි කළේ ය.

ඇත්තටම එලෙස මතකය අවුල් නොවුණත්, වෙනත් අවුලක් හෝ කලකිරීමක් නිසා අරුණ පෙරේරා තම බ්ලොගය ලිවීම 2017 මාර්තු මාසයේ දී නැවැත්වූයේ පාඨක අප ඉතා කනගාටුවට පත් කරමිනි.

මේ කරුණු සියල්ල මට මෙලෙස සටහන් කරන්ට සිතුණේ විශේෂ හේතුවක් නිසා ය.

බ්ලොග් ලිවීම සහ ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සඟරා සඳහා ලිපි ලිවීම ඇරඹූ දා සිට අද දක්වා ම, මා ලියා ඇති එක් දහස් පන්සීයකට වඩා වැඩි කෙටි සටහන් සංඛ්‍යාවෙන් අති බහුතරය ලිය වී ඇත්තේ මගේ ජීවිතයේ මා ලැබූ විවිධාකාර අත්දැකීම් පිළිබඳව ය. නමුත්, ඒවා එක කාල රේඛාවකට අනුව එකට ගොනු වුණේ, මා ලියූ "සිව් වසරක් මරදානේ" සහ "EFacMemories" ග්‍රන්ථ ද්වය සංස්කරණයේ දී පමණි.

"සිව් වසරක් මරදානේ" කෘතියේ වුව ද, දින වකවානු කෙළින් ම සඳහන් කිරීමක් මම නොකළෙමි. ඒ මගේ අත්දැකීම් එක්තරා කාලවකවානුවක හිර කර, පාඨක රස වින්දනයට සීමාවක් පැමිණ වීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත්, මට මේ ළඟදී දිනයක සිතුණේ, උපන් දා සිට, අවුල් වෙන දිනය දක්වා මගේ ජිවීත අත්දැකීම් කාල රේඛාවක් මත එකට පෙළ ගස්වා ලිවිය යුතු ය කියා ය.

එය ස්වයං චරිතාපදානයක් වැනි වෑයමක් වෙනු ඇත.

දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://myrating.lk/ ; http://www.kapruka.com/ ; https://www.monaree.com/ ; https://arugeadaviya.wordpress.com/)

21 comments:

  1. //දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!// LET ME HELP YOU KAKKA.

    "පුංචි JOKA LOKU වෙනා"

    "SEE NUWARA හන්දිය"

    "පිං ඇති MELBOURNE වරමක් දෙන්නේ"

    "KAI PADA මන්දිර"

    "BOO GAA දා සිට" (SINCE WENT BALD)

    "PUKA NATHI වෙන්නට පෙර"




    ReplyDelete
  2. ඕන පුකක්

    ReplyDelete
  3. අරුණ පෙරේරා තම අත්දැකීම් පොතක් ලෙස පල කල යුතුයි. මෙය සෑම විටම මම කියනවා. නමුත් ඔහුගෙන් ප්‍රතිචාර නැත

    ReplyDelete
    Replies
    1. ලියයි දවසක, මොකද අවුල්වෙලා හෙම නෑ තාම, ඔය බ්ලොග් කියවන්නේ!

      Delete
  4. හොඳ අදහසක් ඉක්මනින් කරන්න

    ReplyDelete
    Replies
    1. අවුල් වෙන්න පෙර, ඉක්මනට?

      Delete
  5. "තුංමං හන්දිය" දෙවැනි කොටසද "මනෝ මන්දිර" ? තුංමං හන්දිය නම් කියවා තිබෙනවා.බොහොම රසවිඳි පොතක්.තුංමං හන්දියත් රසිකගේ ""සිව් වසරක් මරදානේ" කෘතියත් අරූගේ "අවුල් වෙන්නට පෙර" බ්ලොග් එකත් හැර මෙහි සඳහන් අනිකුත් කෘති එකක්වත් කියවා නැහැ.
    රසිකගේ ස්වයං චරිතාපදානයක් ආවොත් කියවන්න අසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිර පොත තියෙනවා නම් ඇත්තේ ප්‍රදීප ප්‍රකාශකයෝ (කේ. ජයතිලක) ළඟයි.

      මනෝජ්, සරච්චන්ද්‍රගේ පොතයි, වික්‍රමසිංහ ගේ පොතයි අනිවා කියවන්න. ජයතිලකගේ පොතේ අන්තර්ගතය නම් මට දැන් එතරම් මතක නෑ. කියවලා හොඩක් කල්.

      Delete
  6. කතන්දර බ්ලොග් එක සම්පූර්ණයෙන් කියෙව්ව , දැන් මෙන්න මේ බ්ලොග් එකෙත් පරණ පෝස්ට් මුල ඉඳල අඟටම බලන්න ඔන.

    ReplyDelete
  7. මහා තට්ටසේන ජාතකය

    ReplyDelete
  8. වී. ඩී, ද ලැනරෝල්ගේ සහ චන්ද්‍රසෝම (Ex Principal Collector of Customs) ගේ මතකයින් කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. ලැනරෝල් (කෙනෙකු ගේ) පියසිරිගේ ළමා දිවිය සහ හපන්හම්, මෝඩකම් පුරසාරම් කියවා තියෙනවා.

      කාරියකරවනගේ දශක සතක මතක පොතුත් මා කියවා තියෙනවා.

      මං කියවූ අපූරු පොතක් තමයි සේදරමන් කියන දෙවන ලෝක යුද්ධයට කලින් යුරෝපයේ නැටුම් කණ්ඩායමක ගිය (පසුව අධ්‍යාපන නිලධාරියෙකු වූ) පුද්ගලයා ලියූ පොත.

      Delete
  9. ඇනෝ දාල තියන නම් ටික ගැන සලකා බලමු නේද

    ReplyDelete
    Replies
    1. තට්ටසේන කියන නම නම් නලීන්ටත් ගලපා ගන්න පුළුවනි නේද?

      Delete
  10. ඔය නවත්තපු තැනින් මාස කිහිපයකට පසුව ලිපිය පළ කරපු කිට්ටුවම අරුණ අයියා හමු වී ආයෙත් ලියන්නට පටන් ගන්න ලෙස කිහිප වරක්ම ආයාචනා කරත් ඒ වැඩේ සිදු වෙන පාටක් නැහැ :(

    ඔහුට මේ බව නිතර මතක් කරන්න, පොඩ්ඩක් අවුස්සන්න රැජින ආච්චි අම්මගේ රටේ කවුරු හරි ඉන්නවා නම් ලොකු දෙයක් !

    "සිව් වසරක් මරදානේ" පොත මිලදී ගන්න පුළුවන් කොහෙන්ද ?

    ReplyDelete
    Replies
    1. ලිවීමෙන් සතුටක් ලැබෙන්නේ නැතිනම් ලියන්න බැහැ. ඒක කාටත් පොදු ධර්මයක්.

      සිව් වසරක් මරදානේ පොත, මරදානේ දයාවංශ ජයකොඩි පොත් කඩේ තියනවා

      Delete
  11. Machan Aruna.
    Umba ewanna issella mamama blog eka hoyagatta.
    Ela the bra.😀
    Thawa liyapang. ....
    Love from shera

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.