Friday 2 November 2018

සිරිසේනබ්‍රෝ හිස දන් දෙයි - Bugger off you bastard


ෆේස්බුක් අවකාශයේ නිශාන් උදය විසින් පළ කර තිබුණු ඉහත කාටූනය දැක මට සිහිවුනේ අප කුඩා කාලේ පටන් අසා තිබෙන, අහමඩ් මොහිදීන් විසින් ගයන "රාජසඟබෝ හිස දී දුගියාටා" නම් ගීතයයි.

ජනප්‍රිය ගීතවල තනුව අනුව අලුත් පද යොදා දේශපාලන විකට ගී ප්‍රතිනිර්මාණය කිරීම අද යුගයේ ජනප්‍රිය කලාවකි.

මීට වසර තුනකට පෙර ලංකාවේ පැවති මහ ඡන්දය අරඹයා එවැනි ගීත රාශියක් ප්‍රතිනිර්මාණය වී සංසරණය වූ අතර, මම ඒවා අතරින් ඉන්දික ගුණවර්ධන නම් කවියා විසින් ප්‍රතිනිර්මාණය කළ ගී සෑහෙන ප්‍රමාණයක් රසිකොලොජිය හරහා බෙදා හැරියෙමි.

https://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

ඒ කාලයේ දී සෑහෙන උත්සාහ කර මට කළ හැකි වූයේ මේ පහත ප්‍රතිනිර්මාණය පමණි.



ඊයේ සිරිසඟබෝ-සිරිසේනබ්‍රෝ කාටූනය දැක රස විඳ, ඉන් පසු "රාජ සඟබෝ හිස දී දුගියාටා" ගීතය අසා, මට පහත ප්‍රතිනිර්මාණය කළ හැකි විය.

මෙන්න ඒ අලුත් පදමාලාව.

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
(සිරි)සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ගෙදර යන්නෙමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී


චමල් අකලංක පොල්වත්තගේ ද මෙවැනි ප්‍රතිනිර්මාණයක් කර ඇතිමුත්, මා නොදන්නා එහි මුල් ගීතය කුමක්දැයි තවමත් සොයමින් සිටිමි.

https://18sanniya.blogspot.com/2018/11/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න රාජසඟ බෝ හිස දී දුගියාටා ගීතය


(image: edited from - https://www.facebook.com/permalink.php?story_fbid=939579922919266&id=100006018017513)

5 comments:

  1. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය එකකයේද සේවය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. තාම නම් නෑ.
      වේකන්සියක් තිබේ නම් දන්වන්න.
      ස්තුතියි!

      Delete
  2. //චමල් අකලංක පොල්වත්තගේ ද මෙවැනි ප්‍රතිනිර්මාණයක් කර ඇතිමුත්, මා නොදන්නා එහි මුල් ගීතය//

    https://www.youtube.com/watch?v=doHzexvrJFc

    ReplyDelete
  3. ලාමක ටිං.. ටිං..

    ReplyDelete
  4. කිනිතුල්ලෝ වැටී අපූරු බ්ලොගය ,බොඟක් වන හැටි බලා සිටිමි.....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.