Wednesday 21 November 2018

පරණ ණයක් ගෙවීම - What for telling?


ෆේස්බුක් නිසා බ්ලොග් අවගමනය සිදු වූ බව නොරහසකි. එය හොඳින් දැන දැනම ෆේස්බුක් හි පළ වූ දේ පසුව බ්ලොගයේ බෙදා ගන්නට වීම නම් දුකකි. ඒත් මෙය නොකර බැරි ය.

හදිසියේ ම පහත දැක්වෙන ඡායාරූපය ෆෙස්ක්බුක් හි දුටිමි.



මෙහි ඇති සිංහල දෝෂ දැක මෙලෙස ලියූවෙමි.

සිංහල නිවැරැදිව ලියන්න දන්න කෙනෙක් ඔය පක්ෂයේ ඇත්තේ ම නැද්ද?

මෙන්න ඉන් පසු ඇති වූ සංවාදය.







මෙකී අලුත් දේශපාලන පක්‍ෂය අර ණය ගෙවන වීරයාගේ පක්‍ෂයයි.

මේ සංවාදයට අසුවීම ද පරණ ණයක් ගෙවීමක් බව මට පැහැදිළි විය!

-රසික සූරියආරච්චි

(image: https://www.facebook.com/photo.php?fbid=344081549700895&set=a.105326096909776&type=3)

48 comments:

  1. සිංහල අකුරු නිවැරදිව ලියා තියෙනවද කියලා නං මම දන්නේ නා. හැබැයි මට මතක විදියට මේ වගේ ලිපියක් දිවයින පත්තරේ සැරයක් දාලා නාගත්තා. දිවයින පත්තරේට මොකක් හරෝ රාජ්‍ය ආයතනයක් එවපු ඊමේල් එකක සිංහල අකුරු වැරදියි කියලා උන් පත්තරේ ලිපියකුත් දාලා හෙන කෙලියක් නැටුවා.

    පස්සේ බලද්දී වෙලා තියෙන්නේ දිවයිනකාරයන්ගේ කොම්පියුටර් වල අවුලක් නිසා සිංහල අකුරු විකෘතිව පෙනිලා තියෙන එක.

    මේ මැසේජ් එකත් එහෙමද දන්නේ නෑ. ඒ අයගේ කොම්පියුටර් එකේ ටයිප් කරද්දී හරියට පෙනුනට, රසිකට මෙහෙම පේන්න ඇති.

    කොහොම උනත් මේ කියන නය ගෙවන වීරයා නං එජාපට වැඩ කරන කෙනෙක් බවයි මගේ නිගමනය. මොකද අපේ ටවුමේ මොහුගේ සම්මන්ත්‍රණ තැබුවිට අදාල අනුග්‍රහය දැක්වුයේ මෙහි එජාප සංවිධායකවරයා.

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් මම දාලා තියෙන කොමෙන්ට් එකේ නං තැන් කීපයක අකුරු වැරදි. ඒකට හේතුව නං මම ටයිප් කරද්දීම සිදු උන වැරැද්දක්.

      Delete
    2. මේ පක්‍ෂයේ නායකයා සිරිසේනගේ නෑයෙක් ලු, බැසිල් රාජපක්‍ෂගේ මිතුරෙක් ලු, තව කාගේ කවුද කියා කවුද දන්නේ?

      Delete
    3. දිවයිනට වූ ආකාරයේ වැරදි කාටත් විය හැකියි.

      නමුත් ඔවුන් ඒ බව නොකියා කියා ඇති දේ බලන්න.

      යූඇම්පී, සිරිලංකාකාරයින්ගේ සාමාන්‍ය කතාවලට අමතරව අර සමහර වාමාංශික පක්‍ෂ පවා පවසන, දැන් ඕකද ලොකුම ප්‍රශ්නේ යැයි අසමින් තමන්ගේ කිසිදු දොසක් පිළිනොගන්නා එක තමයි මෙයින් මතුවන වැදගත්ම කාරණය.

      ඊට අමතරව- සමහර තැන්වල මට කතා කර ඇත්තේ අවඥා සහගතවයි!

      පක්‍ෂය අලුත්, වැඩ පරණයි!!

      Delete
  2. මහාචාර්ය ජී.එල්.පීරිස්, ආචාර්ය මර්වින් සිල්වා මේ පක්ශයට පක්‍ෂපාතිත්වයක් නැද්ද?

    ReplyDelete
  3. ඔය සිංහල වැරදි ආකාරයට ලියුවේ එම පක්ෂයේ නිලධාරියකු හෝ සාමාජික මහතෙකු ද යන්න වග ඔබට ස්ථිරව කියන්න පුලුවන්ද

    ඔබ උපන් රටෙන් , තමන්ගේ වාසිය සහ පහසුවපතා විදේශයකට සංක්‍රමණය වී {පිනට ඉගෙනගත්තා එක වෙනම කතාවක්} පළමුව ලංකාවේ පුරවැසිකමද අහිමි කරගෙන, පසුව මුදල් ගෙවා ලාංකීය පුරවැසිකම නැවත ලබාගෙන {මොන රෙද්දකට ආපු ගත්තේ ...මොන වාසි පතාගෙනද...} සංක්‍රමණය වූ පසුව ලාංකීය හරි හෝ වැරදි ලාංකීය දේශපාලනයේ මහජන නියෝජිතයින් තෝරන මහජන චන්දයකදී තම ජන්දයක්වත් පාවිච්චි නොකර ලංකාවේ දේශපාලනය ගැන ලියන්න කියන්න අවම වශයෙන් ඔබට සදාචාර අයිතියක් තියනවාද
    කුමක් පදනමක් මත ඔබ මෙසේ කරන්නේ උන් වැරදියි මුන් වැරදියි කියන්නේ නැතිව මුදල් තිබු බවට නැවත පුරවැසි කම ලබාගත්තේ කුමන අරමුණක් සඳහාද [මන් කරන්නේ මට ඕන දේ මිසක් කාටවත් ඕනදේ නොවන බව ද අපි අවබෝධයෙන් දනිමු ]


    සිංහල වල හරිවරැද්ද පෙන්වා දීම ගැන අපට අදාළ නැත.එය මන්පොර වීමේ පඬියන්ගේ සංක්‍රමනය උනත් මටත් තවම සිංහල හොඳට පුළුවන් බව පෙන්වීම ගැන කතා ගැනද, ඔබේ කතා ගැනද දනිමු.

    බුකියේ උන් ඔබ සංක්‍රමික දෙබඩ්ඩේක් බව නොදන්නා නිසා මේ දෙබස මෙලස සරලව ගිය බව පෙනේ ඔවුන් ඔබ සංක්‍රමික දෙබඩ්ඩේක් බවද කියා ලියා ඇතිවන සියලුම දෙබස් කාණ්ඩයන් මෙහිද පල කරන්න
    අප ඔබ කියන මුහුණු පොතේ සාමාජිකාවන් නොවන බැවින් අප කාටත් දැනගැනීම පිණිස.


    ReplyDelete
    Replies
    1. 1. /* ඔය සිංහල වැරදි ආකාරයට ලියුවේ එම පක්ෂයේ නිලධාරියකු හෝ සාමාජික මහතෙකු ද යන්න වග ඔබට ස්ථිරව කියන්න පුලුවන්ද */

      මා ඔවුන්ට කීවේ මෙයයි.

      ඔබ මේ කියන පක්ෂයේ සාමාජිකයකු නම් කරුණාකර පක්ෂයේ මාධ්‍ය අංශයේ වගකිවයුත්තන්හට මේ පිළිබඳව දන්වා ඉහත මාධ්‍ය නිවේදනයේ නිවැරදි සිංහලෙන් ලියූ සටහනක් මෙහි අමුණන්න.

      Delete
    2. 2. ඔබ නගා ඇති අවලාදවලට කෙටි පිළිතුරක්.

      ඔබට මා සමග සෑහෙන්න ඇරියස් ඇති බව පෙනේ. ඔබේ මා පිළිබඳව ඇති දැනුමේ ද ඇරියස් ඇත. තවත් විවිධ ඌණතා තිබෙනවාද විය හැක.

      මා උපන් දා සිට අද දක්වාම නොවෙනස්ව ශ්‍රී ලාංකිකයෙකුව සිට ඇති බවත්, කිසි දිනක මා ශ්‍රී ලාංකික පුරවැසි බව නොමැති ව ජීවත්ව සිට නොමැති බවත් කරුණාවෙන් සළකන්න.

      අදාල ෆෙස්බුක් සංවාදය සඳහා දිගුවක් ඉහත ලිපියේ ඇතුළත් කර ඇත. එහි ගොස් පසු සංවාද කියවන්න. ඉඩ ලද පරිදි මෙහි ද පළ කරමි.

      එසේම අවශ්‍ය නම් කියවීම සඳහා වෙනත් ලිපි කිහිපයක් මෙහි අමුණා ඇත.

      ඔබට ඉක්මන් සුව පතමි.

      Delete
    3. මගේ පුරවැසිබව පිළිබඳව යම් සඳහනක් මේ පහත ලිපියේ ඇත!

      https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      Delete
    4. ඔබ ඉන්නා ඕස්ට්‍රේලියාවේ පුරවැසි බාවය ලබගන්න විට ඔබ උපන් රටේ පුරවැසි භාවය අහෝසි වන බව නොදන්නා විය නොහැක . එලසම එසේ නොවේ නම් ඔබේ ලාංකීය පුරවැසිකම ඔබ නැවත ලාංකීය රජයට මුදල් ගෙවා ලාංකීය ද්විත්ව පුරවැසි බාවය වශයෙන් ඔබ නැවත ලාංකීය පුරවැසිබාවය ලබාගත්තේ ඇයි. ඔබ ඕස්ට්‍රේලියානු රජයටත් වංචාවක් කලාද එසේනම් ඔබ වංචාකාරයෙකි

      ඔබ යුරෝපටයට චාරිකා කලේ ලාංකීය ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන නොවේනේ

      ඔස්ට්‍රේලියාව්න් පිටත උපන් තම දරුවන් හට එහි විශ්ව විද්‍යාලයන්හි ඉගැනීමේ ගාස්තුවලට අවශ්‍ය මුල්‍ය නය ආධාර ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඔබ මුලින් ඕස්ට්‍රේලියානු පුරවැසි කම ලබා ගත්තා නේද

      ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් උනත් ඔවුන් ඕස්ට්‍රේලියන් පුරවැසියන් වශයෙන් නොසලකන බැවින් ඔවුනට එම වරප්‍රසාදය අහිමි බව ඔබ හොදාකාරව දන්නා බව අපද දන්නෙමු ඔය විස්තර දැනගන්න ලංකාවේ ඕස්ට්‍රේලියානු ම්හකොසාරිස් කාර්යාලය වෙත යන්න උවමනාම නැත සියලුම විස්තර ඉතා පැහැදිලිව අන්තර් ජාලයේ ඇත.ඕනෑම කෙනෙකුට දැනගැනීම පහසුව තකා

      අගමන විගමන යම් නීති නොදන්නා යට මේවා කියා සිටින්න. නමුත් සියලු ජනතාව ඔබට මුලා කල නොහැක

      සංක්‍රමණය වූ පසුව ලාංකීය, හරි හෝ වැරදි ලාංකීයදේශපාලනයේ මහජන නියෝජිතයින් තෝරන මහජන චන්දයකදී තම ජන්දය පාවිච්චි කලේ කවර චන්දයේද???

      ඔබ ලාංකීය මහජන නියෝජිතයින් තෝරා ගන්න සහබාගි නොවන්නේ නම් ලංකාවේ දේශපාලන ක්‍රියාවන් ගැන වැඩ ඇම්මකින් පෙළෙන්නේ ඇයි ඕක සරල පැනයට පිළිතුරක් නොදී මගහැරිනේ ඔබ "මම මුදල් ගෙවා පුරවැසිකම ලබාගෙන මටත් අයිතියක් තිබේ කියා තර්කයෙන්ද"

      එසේනම් මෙවර මැතිවරණයට පැමිණ ඔබේ වටිනා චන්දය පාවිච්චි කර ඔබ කැමති පක්ෂය හෝ පුද්ගලයාව පාර්ලිමේන්තු යවන්න ඔබේ හඬ රටට කියන්න කියා
      නැතිව ඔහේ සිට බයිලා කියා මාත් පොරක් තමයි කියා සිටින්නේ නැතිව ඔබ කියනා පරිදි අපට සුවෙන් ඉන්න පුළුවන් එතකොට

      ඔබ ඕස්ට්‍රේලියාවේ චන්දය පාවිචි නොකර මෙසේ සිටිය හැකිද ඔබට එසේ නොකට සිටීමෙන් තැපෑලෙන් දඩකොලයක් ගෙදරට එන නිසා පාවිචි කරනවාද .... ඕවා නොදන්නා අයට ඔබ කියනා දේවල් පිළිගත හැකිය .

      ඔබේ පුරවසිබාවයන් ගැන හෝ ඔබ ගැන අපහට කිසිම අවුලක් නැත නමුත් අපද යමක් කෙටියෙන් හෝ දන්නාබව කියා සිටුමු ඔබට මඩක් ගැසීමට අපට අවශ්‍යතාවක්ද නැත මක්නිසාද ඔබ අනාගන්න තරම අප මිට පෙර දැක ඇත්තෙමු

      ලංකාවේ ට එන්න චන්දෙ දාන්න චන්දපත එක්ක සෙල්ෆියක් ගහලා මුහුණු පොතේ දාන්න අපි ආසයි සේෆි වලට හැබැයි පිදුරංගල සෙල්ෆි එපා බායි මෙයා


      Delete
    5. @ Anonymous 21 November 2018 at 19:55

      ඔබ කලින් නිර්ණාමිකයාම ද නොදනිමි. එනිසා කලින් පුද්ගලයාට පැවසූ කරුණු දෙකක් නැවත පවසමි.

      1. මා උපන් දා සිට අද දක්වාම නොවෙනස්ව ශ්‍රී ලාංකිකයෙකුව සිට ඇති බවත්, කිසි දිනක මා ශ්‍රී ලාංකික පුරවැසි බව නොමැති ව ජීවත්ව සිට නොමැති බවත් කරුණාවෙන් සළකන්න.

      2. මගේ ද්විත්ව පුරවැසිබව පිළිබඳ විස්තරයක් පහත ලිපියේ ඇත.
      https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      .

      Delete
    6. ඉතින් ඔබ ඔය තරම් තටබන්නේ නැතිව ඔය සහතික දෙකේ පින්තුරයක් පල කරන්න එවිට ඔබ නිවැරදිද කියා අපට පිළිගන්න පුළුවන්. ඔබ ඔස්ට්‍ර්ලියානු පුරවැසිබාවය ලබාගත් සහතිකය සහ ලංකාවේ ද්විත්ව පුරවැසි සහතිකය ලබාගත් බවට දීඇති සහතිකයන් අප කවුරුත් උසාවියන්නේ නෑ මේ සම්බධයෙන් ඔබ පෙන්නුවා අපි පිළිගත්තා ඔබ හරි කියා

      එවිට ඕනෑම කෙනෙකුට එම දින වකවානුව බලා තීරණය කරගන්න පුලලුවන් පහසුවෙන් ඔබ කියන දේ හරි කියා සරලයිනේ ඇයි තවත් වැල් වටාරම්

      ඔබ සංක්‍රමණය වූ පසුව අවම වශයෙන් මුදල් දී ලාංකීය ද්විත්ව් පුරවැසි බාවය ලබාගත් පසුවවත් ලාංකීය, හරි හෝ වැරදි ලාංකීයදේශපාලනයේ මහජන නියෝජිතයින් තෝරන මහජන චන්දයකදී තම ජන්දය පාවිච්චි කලේ කවර චන්දයේද? ඔබ මේ ප්‍රශ්නය මගහරින්නේ ඇයි ඔබ කුජිත්වන නිසා නෙව අප දන්නවා ඔබට එයට සාධක නැත කියා

      ඔබ ලංකාවේ චන්දදයකයකු වශයෙන් ලියාපදිංච් වෙලාවත් ඉන්නවාද කියා මේ අනුව අපටනම් පිළිගන්න අමාරුයි ඔබ ලංකාවේ චන්දය හිමි කෙනෙකු නම් ඔබ පදින්චියි ග්‍රාමයේ ග්‍රාම සේවක මහතකු ඔබේ ස්ථිර පදිංචි ස්තානය සිටින වගත් චන්ද ලයිස්තුවේ සහතික කලයුතු බවත් ඔබ දන්නා වග අපට ස්ථිරයි

      මේවා අසා ඔබව අසහනයට පත්කර මඩ ගසා ඔබේ චරිතය කුජිත කර දමන්නටද ඔබ සිතනා කවර කරන්න ඇරියස් එකක්ද අපට නැත


      Delete
    7. @ Anonymous 21 November 2018 at 22:46

      අවශ්‍ය පරිදි කියවා වටහා ගැනීම සඳහා-

      1. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential election
      https://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


      2. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday
      https://rasikalogy.blogspot.com/2015/03/how-i-voted-yesterday.html


      3. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party
      https://rasikalogy.blogspot.com/2015/03/blog-post.html


      4. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
      https://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


      5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
      https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


      6. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia
      https://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html


      !

      Delete
    8. මා උපන් දා සිට අද දක්වාම නොවෙනස්ව ශ්‍රී ලාංකිකයෙකුව සිට ඇති බවත්, කිසි දිනක මා ශ්‍රී ලාංකික පුරවැසි බව නොමැති ව ජීවත්ව සිට නොමැති බවත් කරුණාවෙන් සළකන්න.....///

      ඉතින් ඕකට අඬන්න ඕනේ නෑ උඩ ලියා ඉන්න ඇනෝ කියලා තියන ආකරයට ඔබ ඔසී සිටිසන් එක ගත්ත දවසයි ලංකාවේ සල්ලි දීලා ඩුවෙල් සිටිසන් ගත්ත දවසයි අප කාටත් බලා ගන්න ෆොටෝ ෂොට් එකක් දාන්න එවාටට ලබාදුන් සහතික එක්ක

      ඕස්ට්‍රේලියාවේ සිටිසන් එක ගන්නකොට ඉබේටම ඔහු උපන් රටේ සිටිසන් එක නැතිවෙනවනේ එක ඔසී සීටිසන් ගත්ත සියලුම ජාතින් දන්නා කාරනයක්නේ.

      ඉන්පසුව ඉතින් ඔබ මුදල් ගෙවලා ලංකාවේ සිටිසන් එක නැවත ලබාගත්තා කියලා කියනවනේ
      [මෙකල මුලික අයදුම්කරුට පමණක් රුපියල් ලක්ෂ 3 ද ලංකාවේ ආගමන විගමන දෙපාර්ලිමෙන්තුවට ගෙවන්න ඕනෙනේ. එමමුදල පවුලේ සාමාජික යින් අනුව එක කෙනෙකුට රුපියල් 50,000 ගානේ ඔවුනුත් ඩුවෙල් ගන්නවානම් ගෙවන්න ඕනේ ]

      {මෙකල මෙසේ ඩුවෙල් සිටිසන් එක අයදුම් කර ලබා ගැනීමට අවම වශයෙන් මාස 6 පමණ කාලයක් ගතවේ}

      ඔන්න ඔබ කියන පරිදි දෙකම එකම දිනේ එකම අවස්ථාවේ සිදුවුවානම් අපට සහතික දෙකේ දින සංසන්දනය කරලා ඔබ හරී කියා පිළිගන්න පුලුවන්ඔබ කිසිදාක ලංකාවේ පුරවැසිකම නැතිකරගෙන නැ කියා
      එසේ ඒ දින අතර පරතරයක් තිබේනම් ඒ අතර මැදි කාලය තුල ඔබ ලාංකීය සිටිසන් කෙනෙක් නොවේ . එකාලය තුල ඔබ ඔබ ඔසී සිටිසන් කෙනෙක් වෙනසක් තියනවනම් පහදලා දෙන්න මේක සාමාන්‍ය දැනීම වර්දනයට එක්ක

      ඔබ නැවත මුදල් ගෙවා ලංකාවේ සිටිසන් එක ලබාගන්නවා ඩුවෙල් සිටිසන් කෙනෙකු වශයෙන්.

      ඔබගේ ලාංකීය සිටිසන් එක නැතිවූ නිසා නේද ඔබ ඩුවෙල් සිටිසන් එක ගන්නේ එසේ නැතව ඔබට ලංකාවේ පාර්ස්පෝර්ට් එකක් ගත්තා කියලා එකේ ඔබට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ස්ථිර පදිංචි කරුවෙකු වශයෙන් මල්ටිපල් රිටන් විසා එකක දෙන්නේ නැහැනේ. කොහෝමත් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙකුට ඔය මල්ටිපල් විසා එකදෙන්නේ අවුරුදු 5 පමනයිනේ එහෙම නැතිව එක ලයිෆ්ටයිම් එකට දෙන්නේ නැනේ

      මේවගේ කරුණු ඔබ කොලේ වසා නොදන්නා අයට කිව්වට ඔසිවලඅවුරුදු කීපයක් ඉගෙනගන්න ආව ස්ටුඩන්ට් ලා ඇතුළු දෙනාම දෙනාම දන්නා සුළු දේවල්නේ.

      කරුණාකරලා මේ සහතික දෙක පෙන්වන්න එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයිනේ ඉහත ඇනෝ කියන පරිදි චන්ද කාඩ් ගන්න ඔබ ලංකාවේ ස්ථිර පදින්චියක් පෙන්වන්න ඕනෙනේ හරි එකත් ඉතින් පෙන්නලා චන්ද කාඩ් එකක් ගත්තා යි කියමුකෝ

      එත් ඉතින් චන්දයක් දාන්න මිට කලින් ගිහිල්ලත් නැ චන්දෙ දාලාත් නැ අනේ ඉතින් එහෙනම් අහවල් කාරනේටද ලංකාවේ දේශපාලන කටයුතු ගැන විරහ වෙන්නේ ඔය ඉන්න විදිහට ඔහෙට වෙලා ඉන්නකෝ මේ ලංකාවේ ඉන්න පඩත්ත කොල්ලගෙන් පිචන් වෙනේ නැතිව

      Delete
    9. ශ්‍රී ලංකාවේ පුරවැසි කම තත්ත්පරයකට හෝ අහිමි නොවී විදේශයක පුරවැසි කම ගැනීමේ ක්‍රමයක් තිබෙන බව ඔබ දන්නේ නැත්ද? මගේ දරුවන් එසේ ලබාගත් අය. අවශ්‍යනම් විස්තර දෙන්නම්.

      Delete
    10. ඇනෝනිමස් පාඨකය [Anonymous 22 November 2018 at 01:42]-

      ඔබ පිළිබඳ තොරතුරු හොඳින් දන්නේ ඔබය. එය අවිවාදත්මක ය.

      එසේ ම, මා ගැන තොරතුරු ඉතා හොඳින් දන්නේ මා ය. එසේ ම, මා වෙසෙන රටේ නීතිමය රාමුව ද මම හොඳින් දනිමි.

      මෙන්න ඔබ නොදන්නා මා පිළිබඳ කරුණු.

      1. මම උපන්දා සිට අද දක්වා නොකඩවා ශ්‍රී ලාංකිකයෙක් මි. මට ඡන්ද බලය හිමි ය. එය අදට වලංගු ඡන්ද හිමි නාම ලේඛනයේ ද ඇත. ආසනය- කැස්බෑව.

      2. මම 1998 ජනවාරි 26 දින සිට ඕස්ටේ‍ර්ලියානු පුරවැසියෙකු ද වෙමි. ඒ අනුව මා එදින සිට ද්විත්ව පුරවැසියෙක් මි. මට ගමන් බලපත්‍ර දෙකක් හිමි ය. මින් එකක් හෙට (2018 නොවැම්බර් 22 දා) භාවිතා කරමි.

      3. මා කිසි දිනක නැති වූ ශ්‍රී ලාංකික පුරවැසිකමක් මුදල් ගෙවා නැවත ලබාගෙන නැත.

      4. ඉහත දිනට පසු ද්විත්ව පුරවැසියෙකු ලෙස මම දෙරටේ ම ඡන්දය භාවිතා කර ඇත්තෙමි. ඒ සමහර අවස්ථා ගැන විස්තර ඉහත ඈඳා ඇති ලිපිවල සඳහන් ය.

      අවසන මෙය ද පවසමි.

      ඔබ නේ, නේ, නේ යනාදී ලෙසින් (ඔබ හරිහැටි නොදන්නා ??) කරුණු විශාල සංඛ්‍යාවක් අනියමාර්ථයෙන් ලියා ඇත. ඒවා ඔබට අදාල විය හැක. නමුත් ඒ කිසිවක් මට අදාල නැති බව කරුණාවෙන් සළකන්න.

      Thank you for your advice.

      Delete
    11. අනේ ඉයන් අගේ කරන්නේ නැතුව කියන්නනෝ ඔබ දන්නා රී ලංකාවේ පුරවැසි කම තත්ත්පරයකට හෝ අහිමි නොවී විදේශයක පුරවැසි කම ගැනීමේ ක්‍රමය

      Delete
    12. ඔය සහතික දෙකේ පින්තුරයක් පල කරන්න එවිට ඔබ නිවැරදිද කියා අපට පිළිගන්න පුළුවන්....//

      කරුණා කර මෙය කර මෙම සහතික දෙක පෙන්වන්න ඔබ කියන ඔය කාරනය පිලි ගන්න

      එසේ නොකරන්නේ සත්‍ය හෙළි වී ඔබ බොරු කාරයේ වෙන නිසාය

      තවත් තර්ක අවශ්‍ය නැත

      Delete
    13. ඉහත ඇනෝ ලා සහ ඔබ කියන කරුණු අනුව ඔබ බොරු කාරයෙක් බව ඉතා පැහැදිලිය.

      ඔබ මෙය ඔබේ බ්ලොගයේ වැටෙන කොමෙන්ට ප්‍රමාණය වැඩිකර ගැනීමේ අරමුණින් වැල්වටාරම් පෙන්වා ඔබ ලියු බ්ලොග් සියල්ලම මෙහි නැවත කියවිමටයි කියා පලකත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත් ඕස්ට්‍රේලියානු ආගමන විගමන නිතිය පිළබදව යම් දැනුමක් ඇත්තෙකු වේනම් ඔබ ලියන්නේ බොරුවක් බව ඔහුට හොදින් පැහැදිලිවේ

      අප විසින් ඔබ කියා ඇති කරුණු ගැන අප මිත්‍ර දැනට නිවාඩුවකට පැමිණ සිටින ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ නිතිය හදාරා මෙල්බන් නුවර වාසය කරන සංක්‍රමික නිතිය පිලිබදව කටයුතු කරන මෙල්බන් නුවර සහ කොළඹ තම කාර්යාලයක් පවත්වාගෙන නිතිඥ් මහතෙකුගෙන්ද කරුණ විමසා බලා අපගේ සැකයද දුරුකර ගත්තෙමු

      බොරුව දහස් වාරයක් කියන කල නොදන්නෝ එය සතයක් කියා පිළිගන්නවයයි අප මෙයට පෙරද අසා ඇත්තෙමු

      ස්තුතියි !

      Delete
  4. සිංහල අකුරු නිවැරදිව දිස්නොවන එක පරිගණකයේ/ දුරකථනයේ මෙහෙයුම් පද්දතිය, බ්‍රවුසරය අනුවත් වෙනස් වෙනවා නේද? මේ කියන ස්ක්‍රීන් ෂොට් එක අරං තියෙන උපාංගයේ දිස්වෙන විදියට නෙමේ වෙනින් එකක පෙනෙන්නේ සමහර විට. ඒ ගැන නොදැන අදහසක් ප්‍රකාශ කිරීම වැරදියි.

    කොහොම උනත් මෙහෙම තාක්ෂණික ගැටලුවක් තියෙනවා කියන එක රසික නොදන්නවා නං, ඒක කියලා දෙන එකයි අර පුද්ගලයන් කල යුත්තේ. ඇතැම් විට ඔවුනුත් එය නොදන්නවා ඇති.

    ඕකට කරන්න තියෙන්නේ මේ වගේ නිවේදන බෙදාහැරීමේදී ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම. සිංහල භාවිතා කරනවා නං ඒක හරියට අකුරු පෙනෙන පරිගණකයකින් ටයිප් කරලා, එකෙන්ම ස්ක්‍රීන් ෂොට් එකක් අරං ඒක ෂෙයාර් කිරීම.

    ReplyDelete
    Replies
    1. ඔය කියන තාක්‍ෂණික ගැටලුවක් නොවෙයි ඔවුන්ට තියෙන්නේ තමන්ගේ සුලු වරදක් හෝ පෙන්වා දෙන විට එයට ස්තුති කිරීම නොව එය කියන පුද්ගලයාට බැණ වැදීමේ සාමාන්‍ය ලාංකික දේශපාලන මානසිකත්වයයි!

      උංගේ ආණ්ඩුවක් ආ විට, සැබෑ විරුද්ධ පාක්‍ෂිකයෙකුගේ ඉරණම කොහෙම තියෙයි ද?

      Delete
  5. උඩ ඇනෝ කොමෙන්ට් දෙකේ (පුද්ගලික පහරදීම් හරුනු විට) ගත යුත්තක් තිබේ - උදාහරණයට මම ගෙදර කොම්පිටරෙන් දකින සිංහල හා ජංගම දුරකථනයේ දකින දෑ අතර යම් වෙනසක් තිබේ
    ඒ එසේ වුවත් මේ ස්ක්‍රීන් ෂොට්වල කතා කරන පුද්ගලයන්ගේ හැසිරීම අනුමත කළ නොහැකියි. ඔවුන්ගේ ඇත්තේ ආගමික අන්තවාදීන්ගේ/ වහලුන්ගේ වැනි හැසිරීමකි. අඩුම ගානේ රසිකගේ ගිණුම පරීක්ෂා කොට (අල කරන්නෙක්ද නැතහොත් අවංකවම අදහස් ප්‍රකාශ කරන්නෙක්ද දැනගැනීමට) සාධණිය ප්‍රතිචාරයක් ලබා දිමට තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රකාශණයේ ඇති අක්‍ෂර වින්‍යාසයේ වැරදි තාක්‍ෂණික හේතු නිසා ඇති වූ ඒවා නොවේ.

      ඔබ ද වටහාඝෙන ඇති පරිදි, ඔවුන්ට ඇත්තේ තමන්ගේ සුලු වරදක් හෝ පෙන්වා දෙන විට එසේ කරන පුද්ගලයාට බැණ වැදීමේ සාමාන්‍ය ලාංකික දේශපාලන මානසිකත්වයයි!

      උංගේ ආණ්ඩුවක් ආ විට, සැබෑ විරුද්ධ පාක්‍ෂිකයෙකුගේ ඉරණම කොහෙම තියෙයි ද?

      Delete
    2. ඔබගේ වරදක් පෙන්වා දෙනවිට ඔබ කියන්නේ ඔබ හරි අනිකුන් ඔබට මඩ ගහනවා කියලාද
      ඔබගේ කෙරුවාන් ගැන සී නුවර වැසියන් වන අපට ඔබේ පහත් කෙරුවාවන් ගැන තවත් කුමන කරුණ අනවශ්‍ය බව දන්වා සිටුමු

      Delete
    3. @ Anonymous 21 November 2018 at 20:43

      සුවපත් වෙත්වා!

      සී නුවර යනු කුමක් ද? සිනුවර යනුවෙන් කාව්‍ය භාෂාවෙන් හැඳින්වෙන්නේ නම් සිඩ්නි නුවරයි.
      http://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html

      !

      Delete
  6. ඇනෝ කොමෙන්‍ටු සත්‍ය සේම රසික මහත්මයාගේ කාරණාව ගැනද සැළකිලිමත් විය යුතුය වැදගත් යැයි දෙයක් ඉස්මතු කිරීමේදී...යන්න මගේ හැගීමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      එහි පසුව වැටුණු ප්‍රතිචාරවලින් පෙනී යන්නේ එක් අයෙකුට මොලේ පෑදී ඇති බවයි!

      Delete
  7. කාන්සියට බාබුල් කමින් දිවා රාත්‍රී දින ගණන්, හැතැම්ම දහස් ගණනක් ඉන්දීය බෝඩරය හරහා රිය පදවන ඉන්දීය ලොරි රථ රියදුරු මහත්වරුන්ට බුදුබව පාර්ථනා කරමු.

    ඒ මහත්තරු දකුණු ඉන්දියාවේ සිට උත්තර ප්‍රදේශ් හරහා නේපාල රටේ දුෂ්කර කඳු තරණය කරමින් චීනය දක්වා ඉපැරණි ඇති දුෂ්කර සේද මාවතේ අධි බලැති ටර්බෝ ඩිසල් එන්ජිම සහිත ලොරි රථ ෆුල් ලෝඩ් කරන් යන්නේ. එක දිගට දින හතර පහ එන්ජිම ස්ටාර්ට් එකේ. වාහනේ ඇතුලේ කෑම සාදාගැනීමට අවශ්‍ය භාජන, ගෑස් ලිප්, නිදා ගැනීමට අවශ්‍ය මෙට්ට, ඇඳුම්, වතුර, කෑම බිම සියල්ල රැගෙන යන්නේ.

    ගුඩ්ස් කැරියර්. ඕල් ඉන්ඩියා පර්මිට්. බ්ලොව් හොර්න්. යුස්‌ ඩිපර් ඇට් නයිට්... විතවුට් ට්‍රක්ස් ඉන්ඩියා ස්ටෝප්ස්..

    ReplyDelete
    Replies
    1. Newell Highway එකේ M1 එකේ B-Doubles, AB3 etc පදවන රියදුරන්ට ද ජයවේවා!

      Delete
  8. අකුරුවල වැරැද්ද කොහොම වෙතත් වැරැද්දක් පෙන්නල දුන්නම පිළිගන්නෙ නැතුව පෙන්නපු එකාට පහර ගහන එකනං හොඳ දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැත. එය සාමාන්‍ය දේශපාලන භාවිතයයි.

      අලුත් පක්‍ෂයේ අනුගාමිකයින් ගේ ක්‍රියා කලාපය ද එයම බව පෙනේ!

      Delete
  9. මේක ඒ තරං හිතන්න දෙයක් තියෙනවද?

    රසික සහ අනෙක් පුද්ගලයා දෙවිදිහකින් කාරණා දෙකක් කෙරෙහි සංවේදියි. රසික ජීවත්වෙන්නේ විදේශ රටක නිසා රසික ලංකාවේ ආර්ථික සහ දේශපාලන කාරනා වලට වඩා සාහිත්‍ය කලාව භාෂාව වගේ කරණා ගැන සංවේදියි .

    නමුත් මේ පුද්ගලයාගේ මේ අවස්තාවෙ මනස ක්‍රියා කරන්නේ ඔහු අත්දකින ආර්ථික දේශපාලන අසීරුතා ඔස්සේයි. සමහරවිට ඔය කියන අක්ෂර වින්‍යාස දෝෂයක් ඔබ කියනතුරු ඔහු නොදුටුවා වෙන්නත් පුළුවන් .

    මේ පුද්ගලයා මේ කියා පක්ෂයේ නිලධාරියෙක් නොවේනම් මේ ගැන මේ තරම් කලබල වියයුතු නැහැනේද? මොකද අන්ධානුකරණයෙන් කඩේ යන අන්තේවාසිකයින් ඕනෑම පක්ෂයක ඉන්න පුළුවන්. අලුත් දේශපාලන පක්ෂයක් වූ පමණින් එය එහෙම නොවෙන්න හේතුවක් නෑ.

    කොරහේ කිඹුල්ලු දකින්න අවශ්‍ය නැති අතර, අනාගතයේදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන්ට ඉතිහාසයේ හිමි තැන තීරණය වනු ඇත

    ReplyDelete
    Replies
    1. මන් පොරක් කියලා හීනමානයෙන් ඉන්න එවුන්ට මේවා තේරෙන්නේ නෑ බොස් මුන්ගේ අල බහින්නේ වලත් නොදනී

      Delete
    2. @ ඉවාන් පවුලූශා

      මා මේ බ්ලොගයේ වැඩිපුරම ලිපි පළකර ඇත්තේ සාහිත්‍ය කලාව භාෂාව වැනි දෙයට වඩා ලංකාවේ ආර්ථික සහ දේශපාලන කරුණු ගැන බව මගේ අදහසයි!

      Delete
  10. මම මේක උස්සන්නද?

    ReplyDelete
    Replies
    1. පොදු සයිබර් අවකාශයේ පළ කරන ලද ලිපි සයිබර් අවකාශයේ වෙනත් තැන්වල පළ කිරීම ඇත්තටම අනවශ්‍යයි. ඔබ කළ යුත්තේ මේ ලිපියට ලින්ක් එකක් පළ කිරීම පමණයි. එය ෆේස්බුක් හි ෂෙයා කිරීඟ නම් ක්‍රියාවට සමාන වේ!

      මෙන්න මෙය ඔබට අවශ්‍ය තැනක පළ කරන්න.

      http://rasikalogy.blogspot.com/2018/11/what-for-telling.html

      Delete
  11. Mate,

    Hope you will see a connection.

    Cheers!

    ----
    I was at the Supermarket today for literally 5 minutes, when I came out I saw a cop writing a parking ticket.

    So I went up to him and said, "Come on man, can't you give a guy a break?"

    He ignored me and kept writing the ticket, so I called him a pencil-neck dickhead. He glared at me, and started to write a second ticket for worn tires!

    So I asked him if his Psychiatrist makes him lie face down because he's so ugly. He finished with the second ticket, and started writing a third!

    This went on until there were five tickets on the windshield, the more I insulted him, the more tickets.

    I didn't care, my car was parked around the corner.
    ----

    ReplyDelete
    Replies

    1. කැළුම් රියෙන්සි යාපා22 November 2018 at 13:28 :-.....

      we are really admirer your comment on top. If someone lairing and challenge any law he will be getting lots of fine as
      this Rasikalogy blog owner telling lots of fairy tail lair stories about his
      citizenship. Those days Most of the people knows what the Australian migrant laws and citizenship laws. He still thinks we all live in Sri lanka and don't know much about other countries migrants laws. that is pathetic his knowledge
      thanks KR Yapaa

      Delete
  12. යුද්දෙ කාලෙ ඇන්ටි කෙනෙක් පෝලිම පැනලා අහුවෙලා අනිත් මිනිස්සු දොස් කියනකොට කිව්වලුනේ 'අරහෙ අච්චර කොල්ලො මැරෙනව, එකෙකුටවත් ගාණක් නෑ, මෙතන පෝලිම පැන්නොත් තමයි මුන්ට පේන්නෙ' කියලා. පක්ෂෙ ලොක්ක සල්ලි ගෙවලා ලංකාව ණය බරින් නිදහස් කලාට පස්සෙ එයාල අක්ෂර වින්‍යාසය හදා ගනී.

    ReplyDelete
    Replies
    1. එළ කතාව!
      ඔන්න යුද්දෙ දිනුවා, දැන් මට රට කන්න දෙන්න වගේ ම තමයි!

      Delete
  13. ඔය වගේ අක්‍ෂර වින්‍යාස දෝෂ දැන් හැම තැනම දකින්න තියෙනවා. කියපු ගමන් රසිකට වගේ කට්ටිය රෙදි උස්සං ගහන්න එන නිසා සද්ද වහගෙන ඉන්නවා. අනික් කාරණේ දැන් මුහුණු පොත මහප්‍රාණ, බැඳි අකුරු ආදී අක්‍ෂරවලට සපෝට් කරන්නේ නැති නිසා ලියන්න මොකක්ද වගේ. මොකද වැරැද්ද පෙන්නලා දෙන්නත් ලියන්න වෙන්නෙ වැරදි විදියට නිසා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මහාප්‍රාණ අකුරු ගැන තියෙන ප්‍රශ්නය? බැඳි අකුරු නම් ඉතිං අත්‍යවශ්‍යම නෑනේ. ඒවා, පුස්කොළවල ලියපු කාලේ අවශ්‍යතාව මත ඇතිවුණු සම්මුතියක් පමණයි!

      Delete
  14. රසික කාලෙකට ඉස්සර ධර්මන් වික්‍රමරත්න ගැන ලිපිවගයක් පලකලා නේද? මට ලින්ක් ටික දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මා රසිකොලොජියේ නම් ලියා නෑ, නමුත් ෆේස්බුක් එකේ විවිධ තැනවල මගේ අත්දැකීමක් ගැන ලියා ඇති.

      මේ ලිපිය බලන්න. මා ද එහි කමෙන්ට් කර ඇත.
      http://bitternight.blogspot.com/2016/04/blog-post_27.html

      Delete
  15. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .

    ReplyDelete
  16. රසික ලොජියට නිවන් සැප ලැබේවා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.