Friday 7 August 2020

කෙසෙල් මල් නොපිපේවා - Hoping for the best

තවත් මහ ඡන්දයක් අවසන් විය.

එදා 2015 ඡන්දය වෙනුවෙන් මගේ බලාපොරොත්තුව වූයේ මෙයයි.

එක්සත් ජාතික පෙරමුණ = 81
එක්සත් ජනතා නිදහස් සන්ධානය = 79
ජනතා විමුක්ති පෙරමුණ = 40
ද්‍රවිඩ ජාතික සන්ධානය = 20
මුස්ලිම් පක්‍ෂ = 5

මෙවර ද ඒ බලාපොරොත්තුව වෙනස් වූයේ සුළු වශයෙනි.

ජාතික ජන බලවේගය = 40
සජිත් ප්‍රේමදාස කල්ලිය = 45
රනිල් වික්‍රමසිංහ කණ්ඩායම = 35
රාජපක්ෂ සර්ෆ් පිල = 85
දෙමළ සන්ධානය = 20

ඉන් මා අදහස් කලේ ශක්තිමත් විපක්‍ෂයක් සහිත ආණ්ඩුවකි. එයට හේතුව නම් අසීමිත බලය ඇතිවිට ආණ්ඩු පක්‍ෂයේ උංට රටට කළ හැකි විනාශයක ඉමහත් බව අත්දැකීම් මත දන්නා නිසා ය.

නමුත් ඉතිං මගේ බලාපොරොත්තු ඒ ලෙසම ඉටුවෙනවා නම් මා අද ඉන්නේ මෙතැන නොවේ. ඒ බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ නමුත් ජනතාව විසින් තම ඡන්දය නොහොත් කැමැත්ත ප්‍රකාශ කර ඇත. තමන් නියෝජනය කිරීමට තමන් හා සමානයින් පිරිසක් නොව වෙනත් කණ්ඩායමක් බලයට පත් කර ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් මේ.

තව දින කිහිපයකින් පිහිටුවන ලබන ලංකාවේ අලුත් ආණ්ඩුවේ පාලනය සහ ලංකාවේ අනාගතය පිළිබඳ මගේ අදහස මෙයයි.

අද ලංකාව වැටී ඇත්තේ එදා 1977 දී, ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ යූඇම්පියට තුනෙන් දෙකකටත් වඩා වැඩි හයෙන් පහක බලයක් ලබා දී පත්වුණු ව්‍යවසනයට සමාන තත්ත්වයකට යැයි මට සිතේ.

ජේආර් ගේ ආණ්ඩුවේ මුල් පස් වසර තුළ සිදුවුණු දේ කිහිපයක් මගේ මතකයට අනුව මෙසේ ය.
  1. මිනීමරුවන්ට ජනාධිපති සමාව ලබා දෙන ලදී.

  2. රටේ එතෙක් පැවති ආණ්ඩු ක්‍රමය සහමුලින්ම වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන ලදී.

  3. පාර්ලිමේන්තුවේ බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාව හිතූ හිතූ පරිදි වෙනස් කරන ලදී.

  4. විටින් විට තැන තැන ජාතිවාදී කෝලාහල ඇති වෙන්න පටන් ගත්තේ ය.

  5. විවිධ හේතු මත උද්ඝෝෂණවල නිරත වෙන අයට කුලු පොලු හමුදාව වෙනුවට බයිසිකල් චේන් වලින් පහර දෙන මැර හමුදා ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ඇතිවුණි.

  6. මේ ආකාරයේ මැර හමුදාවක් බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඇතුළේ පැවති රැස්වීමකට කඩාපැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට පවා පහර දුන්හ.

  7. පඩි වැඩි කිරිම ඉල්ලා වැඩවර්ජනයක් කළ 40,000 පමණ විශාල පිරිසක් අමානුෂිකව මර්දනය කරන ලදී.

  8. විජය කුමාරතුංග වැනි විපක්ෂ නායකයින් පිරිසක් සිරගත කරන ලදී.

තමන්ගෙ ආණ්ඩු කාලය අයුතු ලෙස තුනෙන් දෙකේ බලය ද සමගින් දීර්ඝ කර ගැනීමට කූප්‍රකට ජනමත විචාරණය පැවැත්වුණේ ඉන්පසුවයි.

එතැන් සිට තත්වය තව තවත් දරුණු අතට හැරුණි. උතුරේත් දකුණේත් තරුණ ජිවීත විශාල සංඛ්‍යාවක් විනාශ විය.

එදා 1977 සිට වසර දාසයක්, එනම් 1993 මැයි දක්වා ලංකාවේ පැවතුණු, භිෂණය, දුෂණය, ජඩකම්, මැරකම්, පාදඩකම් කිසිවක් අද සිට එළඹෙන අවාසනාවන්ත අනාගතයේ දී අපට අසන්නට නොලැබේවායි අවංකව ම ප්‍රාර්ථනය කරමි.

මගේ ඡන්ද බලාපොරොත්තු කඩවුණ ද, මේ ප්‍රාර්ථනය ඉටුවේ යැයි සිතමි. -රසික සූරියආරච්චි

ප/ලි:

ජේආර්ගේ ආණ්ඩුවේ එක් ප්‍රෝඩාවක්.
(image: https://www.wisegeek.com/what-is-a-banana-flower.htm)

7 comments:

  1. It reminds me of the famous extract"Power tends to corrupt and absolute power corrupts absolutely."
    Furthermore "Great men are always almost bad men even when they exercise influence and not authority."

    ReplyDelete
  2. මිනිසුන් කොහොම ඡන්දය පාවිච්චි කළත්, කවුරුන් බලයට ආවත් වෙන ඕනේ රටටම- සකල ලංකාවාසීන්ටම යහපතක් උදාවීමයි.... එය සිදුවෙනතුරු බලා ඉන්නටයි දැන් කල් එළැඹි තියෙන්නේ!

    ReplyDelete
  3. මම යනෝ මේ රටින් X-(

    ReplyDelete
  4. ජේ ආර් හැදු ව්‍යවස්ථාව හා ජනාදිපති නම් තනතුර රටට සාපයක් උනා, පර්සි මරෙනකල්ම ජනාදිපති වෙලා ඉන්න පුළුවන් ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරගත්ත, යහපලනයටත් විදායක ජනපති ක්‍රමය වෙනස්කරන්න බැරි උනා , ලැබූ අසීමිත බලය යොදාගෙන වයවස්තවත් වෙනස්කර ප්‍රජාතන්ත්‍රවාදය මරාදමා මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරයි..

    ReplyDelete
  5. රසික මේ ලංකා නිව්ස් වෙබ් අඩවියේ වාර්තාව දැක්කාද?

    http://lankanewsweb.org/archives/24449

    මැදමූලන අල් මොහොමඩ් රාජපක්ෂ කල්ලිය ලංකාවේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කරන හැටි. අලි සබ්රි වගේ අන්තවාදීන් අමාත්‍ය ධූර වලට පත්කරල ලංකාවේ සිංහල බෞද්ධ උරුමයන් විනාශ කරන්න කටයුතු කරන බව ඉතාම පැහැදිලියි. මේවාට උඩගෙඩි දෙමින් රජයට කඩේ යන තැරිදාර පුන්නක්කු මළපෙරේත සක්කිලි සාඩිං බයියන් කියන අමු මී හරක් රැලට විරුද්ධව හඬක් නගන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  6. දුකටත් එක්ක බොමුද හෙට ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.