Monday 3 August 2020

ඔබේ ඡන්දය සහ මනාප මෙන්න මෙහෙම දෙන්න - How to vote and how not to vote


ලංකාවේ මහ ඡන්දයට ඇත්තේ තව දින දෙකකි. ඡන්ද බලය හිමි පුරවැසියෙකු වුව ද විදෙස්ගතව ජීවන වන මට මෙවර කිසිසේත්තම ලංකාවට එන්නට වෙන්නේ නැත.

මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.

එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.

ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.

  1. අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න.

  2. ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.

  3. යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.

  4. අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.

  5. සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.
වෙලාව ඇති නම් මේ වීඩියෝව ද නරඹන්න.



ස්තුතියි.

-රසික සූරියආරච්චි

10 comments:

  1. රිය අද්මිරාල් තුමාගේ එකේ දාන්න ගිය එක ගේ ඇතුලෙම හලාගෙන නේ.

    ReplyDelete
  2. මගේ හිතවත් ග්‍රාම සේවක (කැපුවා) නිළධාරි තුමා එයාගේ තැපැල් ජන්දය දුන්නේ අර ජන්ද දායකයෝ සහ දරුවෝ පැරාඩ් එකක තියල ප්‍රතිඥාවක් ගත්ත තුමාටලූ, ඒ එයාගේ ගමට ස්තානමාරුවක් හදා දුන්නු නිසාලු, මම ඔහුට හිතින් බැන බැන හිටියත් ඔබ තේරුම් කර පසු ඔහු නිවැරදි බව තේරුම් ගත්තා. හමුවෙලා ඉල්ලීමක් කරාම එයට සවන්දී ඉටුකරදෙන කෙනාට නෙව තමුන්ගේ ජන්දේ දෙන්න. ඇමතිය යුතු ආකාරය පිළිබඳව ග්‍රාම නිළධාරීතුමෙකුගේ අර්තකතනය නම් අපි සිතන හැටියට වෙන්න බෑ නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මුල් කෑල්ල නම් තේරුනේ නැහැ.

      මම නම් ඡන්දය දෙන්නේ පෙර දක්වා ඇති ආකාරයටයි

      Delete
  3. කෙරෙන විදිය තව දවස් තුනක් පහුවෙනකොට පෙනෙයිනේ!

    ReplyDelete
  4. මම නං ජන්දේ දෙන්නේ මට රජයේ රැකියාවක් ලබාදෙයි කියලා හිතන පක්ෂයට සහ මනාප මා හිතවත් හිටපු මන්ත්‍රීවරයාට.

    රසික කියා තියෙන කරුණු 5 ට මා සම්පුර්ණයෙන්ම එකගයි. ඒත් ඒවායින් මට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා දැන් කැමැත්තෙන්ම සහය සහ ජන්දය දෙන්නේ මට ජීවත්වීමට රැකියාවක් දෙන්න පුළුවන් අපේක්ෂකයාට. පක්ෂෙට.

    ReplyDelete
  5. රසික බලන්න මේ වීඩියෝ එක, මාක් සකබර්ග් ඇමරිකානු නීතියට අනුව වැඩ කළාට ලංකාවේ නීතිය හා සාමය කඩා දමා ඇත. ඒ නීතියට අදාළව ඇතැම් අමන පුද්ගලයන් ප්‍රසිද්ධ කරන ජඩ වීඩියෝ වහාම තහනම් කර ඩිලීට් කළ යුතුයි. නමුත් ලංකාවේ ඒ නීතිය අදාළ නොවේද? එසේ නැතිනම් ලංකාවේ ජනයා එකතු වෙලා ෆේස්බුක් තහනම් කිරීමට කටයුතු කරාවි...

    https://m.youtube.com/watch?v=ujOv64XLEF8&feature=youtu.be

    මේ බලන්න දීප්ති කුමාරගේ විග්‍රහයක්. ඕස්ට්‍රේලියාව වැනි රටවල මේ වගේ අමන දේවල් වෙන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මේ දීප්ති කුමාර නමැත්තා බොහෝ දේ දන්නවා විය හැක. නමුත් ඔහු එක් කරුණක් නොදන්නා බව, ඉරාජ් වීරරත්න විසින් කළ යූ ටියුබ් වීඩියෝව පිළිබඳව ෆේස්බුක් එකට සහ මාර්ක් සකර්බර්ග්ට බැන වැදීම නිසා පෙනේ.

      යූටියුබ් එක අයිති ෆේස්බුක් සමාගමට නොව ගූගල් සමාගමට බව කියා දීප්ති කුමාර ගුණරත්නව දැනුම්වත් කරන්න.

      Delete
  6. ගාල්ලේ ලිස්ට් එකේ දෙන්න එකෙක් හිටියේ නෑ. ඒක නිසා ඡන්දේ දුන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ගිය පාර බදුල්ලේ යන්න බෑ කියලා ඡන්දේ දුන්නේ නෑ!
      මේ පාර ගාල්ලේ තිබිලත් දුන්නේ නෑ!්!
      කවදා පායයි ද සූරියා?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.