
මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.
ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.
ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.
මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.
වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.
සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.
ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.
-රසික සූරියආරච්චි
ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.
ස්තූතී , දේශපාලකයෙක්ගෙන් උනත් ඉගෙන ගන්න දේවල් තියෙනවා
ReplyDeleteවිශේෂයෙන්ම තමන් ද ඉගෙන ගන්නා බව කියන දේශපාලුවන්ගෙන්.
Deleteමහත්තයා සමගි ජනබලවේගයේද වැඩ කරන්නේ?
ReplyDeleteඅනේ අපොයි!
Deleteපැත්තක් ගියත් ඇත්ත කිව යුතුය. එසේ කරන්නන්ගෙන් සමාජයට අවැඩක් වන්නේ කලාතුරකිනි.
ReplyDeleteවාචාලකම ප්‍රයෝජනයට ගනිමින්, කිසිදු වංශවත් බවක්; හැදියාවක් නොපෙන්වමින්; ඇට නැති දිව ලෙලවමින් අපේ හැඟීම් අවුස්සන්නට- ලේ කුපිත කරවන්නට තතනන බොරුකාරයන්ගෙන් ඊට වඩා හානියකි රටකට සිදු වන්නේ!
ඉගෙන ගැනීම ගැන හොඳ පාඩමක් කියා දෙන මේ මනුස්සයාගේ මේ කතාව වැදගත් වෙන්නේ එනිසා ය.
Deleteරසික ගම්පහ දියමන්ති මාක් එක දාල ඡන්දේ ඉල්ලන්න ඇවිත් ඉන්න ගොන් දොස්තර පැතුම් කියන පිස්සු ගෝතයගෙනුත් ඇති වැඩේ මොකක්ද? ඒ පොල් බූරුවත් ඉස්සර රාජපක්ෂ හොර හැත්ත කළා වගේම යුද්ධය විකුණන් කන එකයි ඊට අමතරව ගස් කැපීම සහ අලි මැරීම කියන ජනප්‍රිය කාරණා අල්ලගෙන අලි ඇතුන් ටිකයි කැලෑ ටිකයි විකුණා ගෙන ගාණක් කපා ගන්න හදනවා කියලා හිතන්න පුළුවන් නේද මචන්. අනික ඔය අනිත් NGO කාරයෝ වගේ මූත් මොකක් හරි පිට රටක පරිසර හිතවාදී/ වනසතුන් රකින සංවිධාන/ පුද්ගලයන් අන්දවා සල්ලි හොයන්න දෙන ගේමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විපක්ෂනායක තනතුරට සජිත් ප්‍රේමදාස පත් කරන්න කටයුතු කරන එක කරන්න පුළුවන් නම් හොඳයි නේද? ගම්පහ දිස්ත්‍රික්කයේ අපි හැමෝම ටෙලිෆෝන් එකෙන් සමගි ජන බලවේගය දිනවන්න ඒකාබද්ධව කටයුතු කරමු. රසික මේ ගැන කියන්නේ මොකක්ද?
ReplyDeleteමා කිසි දිනය යූඇම්පීයට ඡන්දය දී නැත. දීමට අදහසක් ද නැත. කළුතර හිටියා නම් වික්‍රමබාහුට හෝ මගේ ඡන්දය නොලැබේ.
Deleteමම සජිත්ගේ ඉංග්‍රීසි වලට කැමතියි ඔහුගෙන් ඉගනීමට බොහෝ අයට ඕන නම් පුළුවන
ReplyDelete