Thursday 21 January 2021

"පෙම් කිරීමට වයස වැඩියි" යැයි කිව හැකි වයසක් තිබේ ද? - How old is it too old to love?

"අනේ පෙම් ගී කියන්න මං දැන් නාකි වැඩියි!" මගේ මිතුරෙකු මා සමග ඊයේ පෙරේදා දවසක කීවේය.

ඒ ඔහුට මා මගේ "පෙම් ගී" ගේය පද වෙබ්අඩවිය ගැන පැවසූ මොහොතක ය.

හැබැයි ඔහු මයික් අරගෙන සභාවල සින්දු කියා වීඩියෝ කර ෆේස්බුක් එකේ දානවා විටින් විට මා දැක තිබේ. ඔහු එලෙස ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ සින්දු ය. අසා සිටින අපට ඒවා පෙම් ගී ලෙස තේරුණත්, ගායකයින් දෙදෙනා මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇති නිසා, මගේ මිතුරා හිතන්නේ ඒ ගීත පැරණි ගී කියා විය යුතුය.

මා ඔහුට කීවේ මෙයයි.

"මචං උඹට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් වික්ටර් රත්නායකත් තාම පෙම් ගී කියනවා. ඊටත් වඩා වැඩිමල් අමරදේවත් ජීවිතේ අඩසාන කාලෙත් පෙම් ගී ගැයුවා. හැබැයි ඉතිං උඹට ලැජ්ජා නං නිකං හිටපං, මට මොකද?"

ඉතිං පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේද?

මගේ අදහස නම් "නැත!" යන්නයි.

මා කලකට පෙර ලියූ කවි අතරින් තෝරාගත් කවි අනුසාරයෙන් ගී පදමාලා සකසා ඒවා පළ කරන්නට සිතා "පෙම් ගී" නම් වෙබ් අඩවිය ඇරඹුවේ 2005 වසරේ ය. ඒ ගැන කතාව කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

ගීපදමාලා විසිපහක් පළ කිරීමෙන් පසු ඉතා දිගු කාලයක් යාවත්කාලීන නොවුණු ඒ අඩවියට මා යළි අත ගැසුවේ පසුගිය ඔක්තෝබර් 27 වෙනි දා ය.

කතාව ද කලින් ලියා ඇති නිසා නැවත නොලියමි.

එතැන් සිට, මා ම, මා සඳහා ම, සාදා ගත් ඉලක්කයක් හඹාගොස් 2020 දෙසැම්බර් 31 දින එහි සියවෙනි ගී පදමාලාව පළ කළෙමි.

දැන් ෂැපදර්?

ඔව් සැපයි, යකෝ!

ඇත්තටම එදා මගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටකි.

දින සියයක් ඇතුළත යූටියුබ් වීඩියෝ සීයක් නිපදවා RASIKALOGY නම් නාලිකාවේ පළ කර හමාර කළ දා ලැබුණේ ද එවැනි ම වූ සතුටකි.

ඒ සතුට දෙගුණ, තෙගුණ වෙන සිදුවීමක් පසුගිය දිනක සිදුවුණි.

ඒ, සංගීතඥයෙකු සහ ගායකයෙකු වන දොන් සිරිමාන්න නම් කැන්බරා නඑවඑර වාසය කරන එතෙක් මා දැන හඳුණා නොසිටි පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබීමයි.

තනු, සංගීතය යොදා ගායනා කිරීම පිණිස දොන් සිරිමාන්න මා ලියූ ගී පදමාලා පහක් තෝරා ගත්තේ ය.

ඒ 2020 ජනවාරි හතරවෙනිදා ය.

සති දෙයක් යන්නටත් පෙර ඔහු එයින් එක් පදමාලාවක් සඳහා තනුවක් නිර්මාණය කොට, සංගීතය සකසා, වීඩියෝවක් ලෙස නිකුත් කළේ ය.

"මතකයි හන්තානේ" ලෙසින් නම් කර ඇති ඒ පදමාලාව සහ වීඩියෝව පහත සබැඳිය ඔස්සේ ගොස් කියවා නැරඹිය හැක.

https://pemgee.blogspot.com/2020/12/mathakayi-mata.html

ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි
පෙම් කිරීමට වයස වැඩි යැයි කිව හැකි වයසක් තිබේයැයි සිතෙන විවාහක අයට නම් ඉතිං විවාහ සංවත්සරයට අමතරව වෙනත් සංවත්සරයක් ද සැමරිය හැක.

මෙන්න ඒ ගැන පොඩි වීඩියෝවක්.

3 comments:

  1. ලංකාවේ බහුතරයකගේ ආකල්පය කමයි වයසට ගියාට පස්සෙ ජීවිතේ ගකවෙන්න ඕන පංසලේ කියල. ආගම හා බැඳුනු සංස්කෘතියේ බලපෑම වෙන්න ඇති. ඒ ආකල්පය රටට හානිකර විදිහට බලපාල තියනව කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. @clitseeker,

      මට නම් ෂුවර් නෑ බන් සීකර්.. දැන් බලපං බන් සීකර් කාලාම සූත්‍රය කටපාඩම් කරගෙන ආපු අෂ්රොප් උන්නැහේ අපට කොලේ වහලා නැගෙනහිර පළාතේ විතරක් නෙමෙයි රටපුරා වර්ගවාදී උග්‍ර ආගමික අන්තවාදී මූලධර්මවාදී කල්ලි බෝකරල රටම අන්තවාදී රජදහනක් කළා, එහෙම කරයි කියල කවුද හිතුවෙ? අන්තිමට ඒක ගැන කතා කරන නිසාම අපි ඒ දවස්වල ජාතිවාදී කියලා පලු යන්න බැනපු ගරහමින් නිග්‍රහ කරපු ගංගොඩවිල සෝම උන්නාන්සේ කියපු දේවල් නොහිතපු විදිහට ඇත්ත උනා.

      ඒ වගේම ගුත්තිල කාව්‍යයේ කවි අපිටත් වඩා හොඳට පැහැදිලි කරපු අලි සබ්‍රි කාරයා මෙහෙම වර්ගවාදී වෙලා රාජ පක්ස කල්ලියේ බලය අත දරා මේ වගේ ජඩ වැඩ කරයි කියල කවුද හිතුවෙ?

      දැං ඉතිං අපි පාඩම් ඉගෙන ගෙන ඉවරයි. එයාලා ඉහල තැනකට එනකන් මේ වගේ සුන්දර කතා කියනවා කියලයි මට හිතෙන්නෙ, හැබැයි වහලෙට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහනවා.

      ජාති ආගම් කුල භේද ඉවත්කර දක්ෂ බුද්ධිමත් දරුවන් වගේ අය අගය කරමු. දිරි ගන්වමු. වැඩි වැඩියෙන් අවස්ථාව දෙමු. ඒ උනාට මචන් ඒකෙන් ස්වයං මෝහනයට පත් නොවී අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි. අපි ආසයි අපි ඔක්කොම එක පවුලේ අය කියාගෙන සිහින ලෝකෙක පාවෙවී ඉන්න. හැබැයි අන්තිමට බුම් ...ගාල පුපුරනකල් කිසි කෙනෙක් හාංකවිසියක් වත් දන්නෑ.... �� මොකද මම කියන දේවල් ගැන හිතන්නේ?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.