Tuesday, 7 January 2025

සාරි/ඔසරි, කාන්තා රාජ්‍ය සේවිකාවෝ සහ බමුණු මත නිලධාරීන් - What a joke?



අගමැති හරිනි අමරසූරිය තම අමාත්‍යාංශ කටයුත්තක දී රැස්වීමක් මෙහෙයවන ආකාරය දැක්වෙන මේ ඡායාරූප මම ඊයේ ෆේස්බුක් එකේ දුටුවෙමි.

ඇය අත් දිග බ්ලවුසයක් සහ (කලිසමක්?) ඇඳ සිටින අතර රැස්වීමේ සිටින කාන්තාවන්ගෙන් බහුතරය සාරි/ඔසරි ඇඳ සිටිති.

ලංකාවේ රාජ්‍ය සේවයේ නිරත, විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවලින් සේවයට යන එන මෙන්ම, ගුරු වෘත්තිය වැනි සේවා අංශවල වැඩ කරන කාන්තාවන්, ඔවුන්ගේ කලමනාකරුවන් විසින් සාරි/ඔසරි ඇඳීමට බල කරන නිසා, සේවයේ නිරත වෙන්නේ අපහසුතා මැද සහ අනවශ්‍ය වියදම් දරා ගනිමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලද මා ප්‍රිය බිරිඳ ද, වසරක සීමාවාසික පුහුණුව ද ඇතුළුව අවුරුදු හතර හමාරක් රාජ්‍ය සේවයේ යෙදුණාය.

ඒ කාලය තුළ ඇය, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල සහ කොළඹ මහ රෝහල යන ස්ථානවල මෙන්ම, මගේ මතකයට අනුව රිජ්වේ ළමා රෝහලේ ද, සේවය කළ අතර, ප්‍රසූත නිවාඩු ලැබ සිටි තුන් මසක කාලය හැරුණු විට සෑම සතියකම පාහේ දින හයක් සේවයට ගියාය.

නමුත් ඒ කාලය තුළ ඇය සාරි හැඳ සේවයට ගියේ දින කිහිපයක පමණි.

බොහෝවිට ඇය ඇන්දේ ගවුමක් හෝ සායක් සහ බ්ලවුසයකි. ගර්භනී කාලයේ නම් බාච්චු ගවුමකි.

පසු කලෙක මේ තත්වය වෙනස් වුයේ කෙසේ ද?

තිලිනි ෂැල්වින් නම් සහෘද ෆේස්බුක්කාරී ගුරුවරිය කියන පරිදි සාරි නොඇඳ වෙනත් ඇඳුමකින් සැරසී සේවයට යාම වනාහී කලාප අධ්‍යාපන කාර්යාලයේ විනය පරීක්ෂණවලට ලක්වෙන වරදකි.

(image: From Facebook)

11 comments:

  1. This country became culturally backward during the last couple of decades.

    ReplyDelete
    Replies
    1. මොනවද කකා ලජ්ජා නැද්ද? මුලු අවුරුද්දටම පෝස්ට් එකයි.. කමෙන්ට් 4යි. කකා ජී කතා, පඩ කතා, කක්කා කතා ලියන කාලේ කමෙන්ට් සීය දෙසීය ගියා පැයකින්. මතක නැද්ද? ලජ්ජයි කකා.

      Delete
    2. @Pra Jay
      පාසල් සහ ගුරුවරු ද මූලිකවම වගකිව යුතුයි.

      Delete
  2. වික්ටෝරියන් ආච්චිගෙ 'රෙද්දේ' සදාචාරය උන්දැ හිටපු බ්‍රිතාන්‍යයෙනුත් අතුගෑවී ගොස් සියවස් ගනනක් ගෙවී ඇති නමුත් අපේ වගේ සමාජ වල මේවා එන්න එන්න ම ඔජ වඩන්නෙ මොන හේතු නිසාද කියන එක සෙවීමත් හොඳ සමාජ විද්‍යාත්මක පර්යේශණයක්

    ReplyDelete
    Replies
    1. හේතුකාරක කිහිපයක් ඇත.

      පාසල් සහ ගුරුවරු ප්‍රධානවරදකරුවන්

      Delete
  3. ජාතිකත්ව සංකල්පය ඉස්මොලේ යාමේ විපාකයක් ලෙසයි මට නම් මේ විපර්යාසය පේන්නේ. මට හිතෙන විදිහට, යුද්ධය දිනාගැනීම සඳහා සිංහල ජනතාව එකතු කර ගැනීමට භාවිතා වූ ප්‍රධානම ආයුධය ජාතිකවාදී හා ජාතීවාදී සංකල්පයි. ඒකට සංස්කෘතිකයය හැඳින්වෙන අර්ධ ආගමික ආකල්පත් එකතු වී හැදුනු නූතන රටක් තමයි අපට දැන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නූතන රටක් කෙසේ වෙතත් ආකල්ප අතින් පස්සට ගිය රටක්.

      Delete
  4. රෙද්දෙ රටවල්

    ReplyDelete
  5. මොනවද කකා ලජ්ජා නැද්ද? මුලු අවුරුද්දටම පෝස්ට් එකයි.. කමෙන්ට් 4යි. කකා ජී කතා, පඩ කතා, කක්කා කතා ලියන කාලේ කමෙන්ට් සීය දෙසීය ගියා පැයකින්. මතක නැද්ද? ලජ්ජයි කකා.

    (මේ කමෙන්ට් එක මං ගිය අවුරුද්දෙත් දැම්මා.. තාම මේ මනුස්සයට කිසිම ලැජ්ජාවක් නැති හැටි)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔහේට ඕනැ නම් කමෙන්ට් කරන්න.

      එක්කෝ මෙතැන බ්ලොග් එකේ.

      නැති නම් මේ සටහන මා මුලින් පළ කළ ෆේස්බුක් එකේ.
      https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02RZ3vHFNHcbfjgsQrZ9bfZ1zgAjhtB4X8ft1gFTRMQtGxcUutNVVdZ4JJK2wdeq5zl

      Thanks.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.