Showing posts with label පස් මහ බැලුම්. Show all posts
Showing posts with label පස් මහ බැලුම්. Show all posts

Wednesday, 18 November 2026

පස් මහ බැලුම් වැදගත් ඇයි? A photograph that evokes compassion



අප මහ බෝසතා මනුසතෙකු ලෙස මනුලොව ඉපදෙන්නට කලින් පස් මහ බැලුම් බැලුවා ය කියා අපි තුනේ පන්තියේ දී බුද්ධාගම පාඩමට ඉගෙන ගත්තා නේ. ඒ කාලේ අපට නියමිත අච්චු පොත ලියා තිබුනේ ජයසේකර අබේරුවන්.

පසුකාලෙක පස්මහ බැලුම් මොනවාද කියා ඇහුවහම අපි උත්තර විදිහට විහිළුවට කිව්වේ උඩ බැලුම්, බිම බැලුම්, කෝල බැලුම්, බෝල බැලුම් යනාදී වශයෙන් වුණත් ජයසේකර අබේරුවන් කියා තිබුණු විදිහට පස්මහ බැලුම් වන්නේ කාලය, දීපය, දේශය, කුලය සහ මව.

මෙතන කුලය කියන්නේ තාත්තාගේ පරම්පරාවේ ජොබ් එක, හොඳේ.

ඔය සේරම කිරිකිරියට සැට් වෙච්ච හින්ද තමයි බෝසතා ශාක්‍ය වංශයේ රජ පවුලේ ඉපදුණේ.

එහෙම නැතුව ඔය සුනීතලාගේ, සෝපාකලාගේ පවුලක ඉපදුනා නම් බුදු වුණා වුණත් කවුරුවත් පයිසෙකට ගණන් ගන්නෙ නැතුව ඉන්න ඉඩ තිබුණා.

සුජාතාගේ කිරිපිඬු හම්බවෙන එකකුත් නැහැ.

කුස තණමිටි අටක් හම්බවෙන එකකුත් නැහැ.

මාරයා සහ දූවරු වුනත් ලේසියෙන් අත අරින එකකුත් නැහැ.

බුදු වුණාට පස්සේ කොණ්ඩඤ්ඤ, වප්ප, මහානාම, බද්දිය, අස්සජි පස්වග තපසුන් සත පහකට ගණන් ගන්න එකකුත් නෑ.

යසකුල පුත්‍රයා වුණත් තමන්ගේ ගැන්සිය පිටින් මහණ වෙන එකකුත් නැහැ.

ඒ කියන්නේ බෝසතා පස්මහ බැලුම් බලපු එක ඉතාමත් තීරණාත්මක දෙයක්.

මම මැරිලා ඉපදිලා තව්තිසාවේ ජීවත් වෙන කාලයේ ආපහු මනුලොවේ ඉපදෙන්න හිටුනොත් මමත් පස් මහ බැලුම් බලනවා, බලනවාමයි.

මොකද මට කිසිසේත්ම අවශ්‍ය නැහැ බැරිවෙලාවත් මේ පින්තූරයේ දැක්වෙන අසරණ දරුවාගේ දෙමව්පියන් වගේ දෙමව්පියන් සහිත පවුලක ඉපදෙන්න නම්.

එහෙම ඉපදිච්ච එක තමයි මේ අසරණ ළමයාගේ අපලය.

මට මේ දරුවා ගැන ඇතිවුණේ ඉතා දැඩි අනුකම්පාවක්.

- රසික සූරියආරච්චි

(image: from Facebook. Owner unknown.)