Sunday 14 December 2014

දේශපාලනයෙන් තොර හැන්දෑවක් - An evening without politics, oh, what a feeling!


මේ දිනවල බ්ලොග් ලෝකාර්ධයේත්, වත් පොතේත්, ඊ-මේල් අතරේත් දේශපාලනය වැහි වැහැලා ය.

දන්න යකා හොඳයි කියන්නෝ ද, අළුත් යකා ට දීලා බලමු කියන්නෝ ද, මොන යකාත් එකයි කියන්නෝ ද අඩු නොඅඩුව සිටිති. ඔව්හූ තම හැකි හැකි පමණින් බ්ලොග් ලිපි ලියති. ප්‍රතිචාර දක්වති. ෆේස්බුක් ජාලයේ ලියති. කැමැත්ත පෙන්වති. ප්‍රතිචාර දක්වති. බෙදා ගනිති. ඊ-මේල් යවති. පිළිතුරු ලියති. නැවත ඒවා දසත බෙදති.

මේ දිවවල මගේ එක් මිතුරෙක් දිවි ගෙවන්නේ වත් පොතේ දෝ කියා සිතේ. ඔහුගේ එකම කර්තව්‍යය නම් අන් අය ෆේස්බුක් අවකාශයට එක් කරන වීඩියෝ, ඡායාරූප, අදහස් වැනි දේ නැවත ෆේස්බුක් අවකාශයේ අය අතර බෙදීම ය. මේ සියල්ල අද දවසේ දේශපාලනයට සම්බන්ධ දේවල් පමණි.

මධ්‍යම රාත්‍රිය පසුවී නින්දට යන මා උදෑසන හතට පමණ අවදිවී ඇඳේ සිටම දුරකතනය මගින් ෆේස්බුක් පිරික්සන විට මගේ මිතුරා විසින් පෙරදා රාත්‍රී කාලයේ නැවත බෙදන ලද විවිධ ඡායාරූප, වීඩියෝ සහ අදහස් විසිපහක් තිහක් පමණ ගැන පණිවිඩ දැකගත හැක. ඔහු රාත්‍රියටවත් නිදා ගන්නේ යැයි මම නොසිතමි!

දේශපාලන මඩහොහොරුවේ සෑදෙන බැක්ටීරියාවකින් බෝවී පසුගිය සති දෙකතුන තුල උත්සන්න වූ මේ උණ රෝගය උත්සන්න වී උණසන්නිපාතයට හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඊයේ (සෙනසුරාදා) සවස යාන්තම් හිතට නිවනක්, සැනසිල්ලක් ලැබුණි.

ඒ මා ප්‍රිය බිරිඳ ගේ මිතුරියක් විසින් සංවිධානය කරන ලද භෝජන සංග්‍රහයකට සහභාගීවෙන්නට ලැබුණු ඇරයුමක් නිසාය.

මේ සාදය බිරින්දෑවරුන් ගේ සාදයක් විය. මගේ බිරිඳ උගත් විශ්ව විද්‍යාලයේ එම පීඨයේම වසරකට පමණ එහා මෙහා කාල පරාසයක උගත් ඇගේ මිතුරිය මෙදින ආරාධනා කර තිබුණේ තම ක්‍ෂේත්‍රයේම රැකියාවල යෙදෙනා මිතුරියන් පිරිසකටයි. පවුලේ සාදයක් බැවින් අපේ පුත්‍රයා සමග මම ද එහි ගියෙමි.

ගමන පිටත්වීමට පෙර ඒ සඳහා සූදානම් වෙන අතරතුර දී ද, වාහනය පදවන අතරතුර දී ද, මා කල්පනා කලේ ඔතැනට ස්වාමිපුරුෂයින් හත් අට දෙනෙක් පැමිණෙන්නට නියමිතව ඇති නිසාත්, අනිවාර්යෙන්ම මුද්‍රික පානාදිය භාවිතාවෙන නිසාත්, ඒ අතරතුර ඇතිවෙන කතාබහේ දී නිසැකවම ලංකාවේ දේශපාලනය ගැන අදහස් හුවමාරු වෙන්නට ඉඩ ඇති බවයි.

වාසනාවට මගේ නිගමනය වැරදී ගියේය.

දේශපාලන මඩගොහොරුව පිළිබඳ එකදු වචනයක් නොදොඩා, නොඅසා, පැය හතරක් පමණ සතුටු සාමීචියේ යෙදීමට අපට හැකිවිය.

අප කතා කළේ දරුවන් ගැන ය. නිවෙස් සැදීම, අළුත්වැඩියාව ගැන විස්තර ය. සෞඛ්‍යමය ජීවන රටාවක් ගැන ය. සිරුරට ගුණදායක කෑම බීම ගැන ය.

කොටින්ම කියනවා නම්, මට යලිත් දේශපාලනය සිහිවූයේ අද (ඉරිදා) උදෑසන අවදිවී, ඇදෙන් නොබැසම ජංගම දුරකතනය හරහා ජාලගත වූ විට පෙර කී මගේ මිතුරා විසින් ෆේස්බුක් ජාලයේ බෙදාහැර තිබූ වීඩියෝ, ඡායාරූප සහ සටහන් පිළිබඳ පණිවිඩ දකිත් දී ය.

ලබන සති අන්තය වන විට පාසල් නිවාඩුවට අමතරව රාජකාරියෙන් ද සති දෙකක් ම නිවාඩු ලැබෙන නිසා, අපි දින හතරක පමණ චාරිකාවක යෙදීමට සැලසුම් කරගෙන සිටිමු.

මුළු නිවාඩුව කෙසේ වෙතත්, අනේ, අඩු වශයෙන් ඒ දින හතර හෝ ඊයේ සැන්දෑව මෙන් සොඳුරු, සෞම්‍ය, ඵලදායී එකක් වේවා!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
අද වෙන විට දේශපාලන මඩ ගොහොරුවට සම්බන්ධ දේ ෆේස්බුක් ජාලයේ බෙදාහරිමින් තොග වෙළෙන්දෙකු ගේ තත්වයට පත්ව ඇති මගේ පෙර කී මිතුරා, නිකම්ම නිකං පුඤ්චි සිංඤෝ කෙනෙකු නොවේ.

ඔහු කවියෙකි, ගී පදමාලා රචකයෙකි, තීරු ලිපි රචකයෙකි, ඒ සේරටමත් වඩා, පොත් දහයක් දොලහක් ලියා ඇති වියත් ලේඛකයෙකි!

ඔහු වැන්නෙකු පත් වී ඇති තත්වය එය නම්, අප වැනි හාල්මැස්සන් ගැන කවර කතාද?

(image: http://www.northpointtoyota.com.au/company/Testimonials)

26 comments:

  1. හයියෝ, "සෞඛ්‍යමය ජීවන රටාවකට" මුද්‍රික පාන විතරක් ඇත්ද රසික?

    ReplyDelete
    Replies
    1. කතාව මේකයි, මේ සතියේ බාර්ලි මෝල්ට් කෝටා එක සිකුරාදාම ඉවර වුණා.

      කොහොම වුනත් බාර්ලි මෝල්ට් පානවලට වඩා මුද්දික පාන ශරීරයට හිතකරයි.
      (නිවරදි වචනය මුද්දික බව මේ දැන් සොයා ගත්තා!)

      Delete
  2. //මේ දිවවල මගේ එක් මිතුරෙක් දිවි ගෙවන්නේ වත් පොතේ දෝ කියා සිතේ. //

    මං උන්න මේ කියන්නෙ අපේ කෙන්ජි ගැනද කියල. ඒකත් එහෙමනෙ. මම ඔක්කොම දේශපාලන පෝස්ට් බලාගන්න කෙජිට පින්සිද්ධවෙන්න. කොටිම්ම "මූණුපොතේ දේශපාලනය බෙදාහරින්නෝ - කෙන්ජි සහ කෙන්ජි" වෙලා ගෑල්ලමේක් ඒකව බ්ලොක් කරලත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ගෑල්ළමයින්ට කොහොමටත් දේශපාලනේ අරහං!

      Delete
    2. ඉන්දික අයියේ හම්මේ ඔව්,,මටත් මෙයාව තමයි මතක් වුණේ,, ප/ලි කොටස දැක්කමයි හිතුනේ වෙන කෙනෙක් කියලා

      Delete
  3. හැමදාම මැතිවරණ තියෙන ලන්කාවෙ කොහෙද රසික එහෙම නිවනක්? ඔබටවත් එවැනි නිදහස් දින වැඩිවැඩියෙන් ලැබේවා!!!

    ReplyDelete
  4. මගෙ වයසයි මට ආශ්‍රය කරන්න ලැබිල තියෙන පිරිසයි නිසා දේශපාලන කතා වලින් සෑහෙන මිදිල දවස ගත කරන්න පුලුවන් වෙලා තියෙනවා. කොහොම වෙතත් අන්තර්ජාලය වැනි මාධ්‍යක් හරහා හෝ මිනිස්සු දේශපාලනය වැනි වැදගත් දේ ගැන සංවාද කිරීම නම් ධනාත්මක දෙයක් කියල මම හිතන්නේ. (තම තමාගේ ඇජෙන්ඩා ක්‍රියාත්මක කිරීමට එක එකා හදපු පෝස්ටර්, වීඩියෝ ශෙයාර් කිරිමෙන් නම් මම අදහස් කරපු ධනාත්මක ඉෆෙක්ට් එක ලැබෙන්නේ නෑ ඉතින්)

    ReplyDelete
    Replies
    1. උත්තර සංවාදය කියා එකක් ගැන අසා තියෙනවාද?

      Delete
  5. අපේ මාරයා අයියා මේ දවස් වල කෝකියෙක් හොයනවා බත් ටික උයා ගන්න. කෑම උයන්න පුළුවන් උනාටම මදි ඒවයෙ පොටෝ ගහල බුකියෙ දාන්නත් පුළුවන් වෙන්න ඕනැ. මාරයා අයියට කෑම උයනවා තියා කෑම කන්න වත් වෙලාවක් නැහැ අපේ ආදරණීය මහින්ද අයියා දිනවන්න කැපවෙලා ඉන්නෙ. මහින්ද අයියා පැරදුණොත් හෙම අපේ මාරයියා කොණ්ඩේ බූ ගාලා අලියෙක් තට්ටෙ ඇඳ ගන්නවා කියලා ඔට්ටුවක් අල්ලලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මේ පාරත් කමක් නෑ කියල මහින්දට චන්දෙ දෙන එවුන් සද්ද නැතුව චන්දෙ දෙනවා මිසක් කොමෙන්ට් දදා උඩපනින්නේ නෑ මේ තත්වේ උඩ .. හැබැයි එකක් ටක්කෙටම කියන්නම්, එකේම කෑ ගහන උඩපනින එවුන් කොමෙන්ට් දාන්නෙයි ඒවා ශෙයා කරන්නෙයි කඩේ යන්නෙයි අනිවාර්යෙන්ම වාසියට. එක්කෝ උන් දැන් ඉන්න රස්සාව රඳාපවතින්නේ මහින්ද හිටියොත් විතරයි( පන්දමට රස්සාවට ගිය උන් ) එක්කෝ ගෙදර එකෙක් අසීමිතව කඩේ ගිහින් පන්දමකට ලොකු කුට්ටියක් ගිලපු එකෙක්. එක්කෝ අනියමින් මුන්ගේ ආණ්ඩුවෙන් මොකක්හෝ ලාබයක් ගන්නවා. ඒ එකක් වත් නැතුව කඩේ යන උන් අමුම අමු මැටි මෝල්ලු...

      Delete
  6. අපෝ මේ ටිකේ බස් එකක් ගියත් නිකම් වාදපිටිය ලයිව් බැලුවා වගේ තමා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අර පොඩි බොටල් ගේ වැඩසටහන නේද?

      Delete
  7. ඔබ කියන ඔය මිත්‍රයා නම් Jan:09 සිට දකින්න නොලැබෙයි මුහුණු පොතේ........
    මාමි ම දින්නොත්......

    ReplyDelete
  8. රසික කොච්චර නිදහසකින් ඉන්නවද කියල දැනෙන කොටත් පුදුම සතුටක් එන්නේ...

    කොහෙද ඉතින්..මෙහෙ සියලු කර්තව්‍යයන් වලට දේසපාලුව ගෑවිලා නේ.. ඒ හින්ද කියවෙන ලියවෙන ඇහෙන පෙන දේවල් සේරම දේශපාලු කරණය වෙලා..

    ReplyDelete
  9. හාල්මැස්සෝ රහයිනේ...:D:D

    ReplyDelete
  10. අපේ ආදරණීය අමරේ අය්යා ගැන නේද කකා මේ කියන්නේ!

    ReplyDelete
  11. //අප කතා කළේ දරුවන් ගැන ය. නිවෙස් සැදීම, අළුත්වැඩියාව ගැන විස්තර ය. සෞඛ්‍යමය ජීවන රටාවක් ගැන ය. සිරුරට ගුණදායක කෑම බීම ගැන ය//

    පුදුමයි දේශපාලනයෙන් තොරව මේව කතා කරන්න හැකිනම්!

    ReplyDelete
    Replies
    1. මනසට ගුණදායක කෑම බීම ගැන ?

      Delete
  12. පසුගිය දවස් ටිකේ මූණුපොතේ තිබ්බ ලංකාවේ දේශපාලනයට අදාල වීඩියෝ අතරින් මට අල්ලලා ගියේ විමල් වීරවංශ දෙකට දෙක කැපිලා ගියාම බින්දුවයි කියපු කතාව.

    ReplyDelete
  13. මමත් මේ දවස්වල ඉන්නේ කොළඹින් බොහෝම දුර බැහැර ප්‍රදේශයක. මටත් වාසනාව ලැබිලා තියෙනවා, කවිය, ගීතය, සිනමාව විතරක් නෙමෙයි වෙනත් ක්ශේෂ්ත්‍රයන් පිළිබඳවත් කතාවෙනවා. නමුත් ඉතින් මම නම් අර මැක්කගෙ කතාව වගේ ඕක අස්සේ මගේ ෆේවරිට් ටොපික් එක වෙන පොලිට්‍රික්ස් ඇදලා අරගෙන සාකච්ඡාවට දේශපාළණ වටිනාකමකුත් එක් කර ගන්නවා. නැත්නම් නින්ද යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පොත ඉක්මනට ලියලා ඉවර කරන්න කියපන්...නැත්නම් බොට චන්දේ දාන්න වෙන්නේ ඇතාබිඳුනුවැව තමයි..හොර චන්ද දාන්න තහනම් කියලා දන්නවා නේ...!

      Delete
  14. අපිට නම් කෝකටත් තෙයිලය දේශපාලනය.
    සති අන්තේ එහෙනම් හොඳ නිවාඩුවක් ගත කරන්න ලැබේවා!

    ReplyDelete
  15. ලබන සති අන්තය වන විට පාසල් නිවාඩුවට අමතරව රාජකාරියෙන් ද සති දෙකක් ම නිවාඩු ලැබෙන නිසා....

    are you (parents) get 2 weeks leave when their children get school holidays ?

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය 2014 දෙසැම්බරයේ දී ලියා පළ කළ එකක්. ඒ කියන දේශපාලනය සති කිහිපයකට පසු තිබුණු ජනාධිපති ඡන්දය යි.
      දෙසැම්බරයේ අග සහ ජනවාරියේ මුල සති දෙකක් පමණ අපට අනිවාර්යයෙන් ම නිවාඩු ගන්න වෙනවා ඔෆිස් වහන නිසා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.