Saturday 27 December 2014

අස්වාභාවික ලිංගික සතුටක් ලබන සිංහල "මනපහතෙක්" ගැන කතාවක් - Story of an evil mind


ජාතිවාදය ඔඩු දුවා තිබූ කාලයේ කෙසේ වෙතත්, විසි එක්වෙනි සියවසේත් අවුරුදු දාහතරක් ගෙවී යන අද වැනි කාලයක මා මේ ඔබට කියන්නට යන ආකාරයේ කතාවක් අසන්නට, දකින්නට ලැබේ යැයි මම මොහොතකටවත් අපේක්‍ෂා නොකළෙමි.

කෙසේ වෙතත්, දැන් ඉතිං කළ යුත්තේ මා ලැබූ තිගැස්ම මදකට සමනය කරගෙන ඒ ගැන ඔබට කීමයි.

ඊට පෙර, මීට දශක දෙකකට ඉහත කාලයක සිදු වූ අතීත කතාවක් කියන්නට අවශ්‍යයයි.

මා ඒ දිනවල සේවය කළේ ලංකාවේ රාජ්‍ය සංස්ථාවකය. කොළඹින් බැහැර පිහිටා තිබූ සංස්ථා භුමියේ සේවක නිවාස රාශියක් ද ඉඳිකර තිබුණි. අවිවාහක නිලධාරීන් සඳහා වූ කාමර පේලියක මම ද, මා සමග සේවයට බැඳුණු මිතුරන් කීප දෙනෙකු ද නතර වී සිටියෙමු. අපට වඩා වසර පහලොවක් පමණ වැඩිමහල් අවිවාහක නිලධාරියෙක් ද එහි කාමරයක නතර වී සිටියේ ය.

එක් දිනක් සවස් යාමයේ අප කීප දෙනෙකු තේ වතුර බොමින් කතා බහක යෙදී සිටින අතරතුර පෙර කී වැඩිමහල් නිලධාරියා අපේ සංස්ථාවේ සේවය කළ එක් දෙමල නිලධාරියෙකු ගැන මෙසේ පැවසීය.

"සිවරාජා දෙමල වුනත් හොඳ මනුස්සයා!"

ඔහු ගේ අනුවණකම පෙන්නුම් කළ ඒ අප්‍රසන්න ප්‍රකාශය ගැන මගේ කණගාටුව පෙන්වමින් මම මෙසේ කීවෙමි.

"මොකක්ද සිරිපාල ඒ මෝඩ කතාව? ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සු ඉන්නවා. ඊලඟට, සිංහල මිනිස්සු ඉන්නවා, දෙමල මිනිස්සු ඉන්නවා. ඉතිං සිංහල මිනිස්සු අතර හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා වගේ, දෙමල මිනිස්සු අතරත් ඒ දෙකොටසම ඉන්නවා නේද?"

තම වරද වැටහුණු සිරිපාල කටවහ ගත්තේය.

ඇත්තටම, තේවතුරවල සැර නිසා දෝ, ඔහුට සිදුවී තිබුණේ, පොඩි වචන ටැපලීමකි. සිරිපාල අදහස් කළේ, සිවරාජා හොඳ දෙමල මිනිහෙක් කියන්නටයි.

දැන් මෙන්න වසර දශක දෙකහමාරකට පසු අද දිනයේ මා තිගැස්සූ සිදුවීම විස්තර සහිතව.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අයි. එම්. එස්. සත්‍යප්‍රසාද් විසින් ලංකාවේ ජනාධිපති ඡන්දය හා සම්බන්ධව ෆේස්බුක් හරහා කරන ලද දේශපාලන ප්‍රකාශ කිහිපයක් මා මින් දින කිහිපයක්ට පෙර රසිකොලොජි බ්ලොගය හරහා පළ කළෙමි.

එයට ප්‍රතිචාරයක් ලෙස ජගත් පතිරණ නමැත්තෙක් මෙලෙස පවසා තිබුණි.
මට දෙමළ යාලුවෙක් හිටිය මිනිහට පඩයක් ගියාම සැන් කුප්පියක් බින්ද වගේ පලාතම සුවඳයි මොකද ඒක දෙමළ පඩයක්නේ

ඒ වගේම දෙමෙල්ලු කියන්නේ දෙවිවරු උන්ගේ වාක්ය දේවවාක්ය අපි ඒවා සාධුකාර දී පිලිගත යුතුයි

මට එක ප්‍රශ්ණයක් තියෙනවා ඔය පුද්ගලයා ඉස්සර මහින්දට චන්දෙ දුන්න කෙනෙක්ද නැත්නම් හැමදාම මහින්දගේ වැරදිම හොයපු කෙනෙක්ද?
මහ කළු සිංහලයා නම් අන්වර්ථනාමයකින් ධන ලකුණු විශාල සංඛ්‍යාවක් යොදා ඒ ප්‍රතිචාරය අනුමත කර තිබුණි.

ජගත් පතිරණ ගේ ප්‍රතිචාරයේ තිබුණු දෙමළ කතාව මට එක්වරම නොතේරුණු නිසා මම පහත ආකාරයට පිළිතුරක් දුනිමි.
මොකක්ද මේ දෙමල කතාව?

සත්‍යප්‍රසාද් ඡන්දේ දුන්නේ කාටද කියන එක ඔහු ගෙන් අසා දැන ගන්න! අදාල විස්තර උඩ ඇත.
මෙන්න එයට ජගත් පතිරණ නම් උග්‍ර ජාතිවාදියා විසින් එවා තිබුණු මා තිගැස්සූ ප්‍රතිචාරය.
මහත්මයා, ඔය දෙමළ මිනිස්සු කියන්නේ සිංහලයන්ගේ වැරදි හොයමින් සිංහලයන්ට අපහාස කිරීමෙන් "අස්වාභාවික ලිංගික සතුටක්" ලබන පිරිසක් ඔයාගේ යාලුවත් එහෙම අස්වාභාවික බුවෙක් වෙන්න ඇති.
මා එලෙස තිගැස්සුනේ අද මේ කාලයේත් මේ ආකාරයේ උග්‍ර ජාතිවාදී අදහස් දරමින් ඒවා එලිපිට ප්‍රකාශ කරන අය අප අතර ඉන්නා නිසාය.

අහෝ, මෙවැනි ජීවිත!

මම මෙලෙස ඔහුට ප්‍රති-ප්‍රතිචාර දැක්වූයෙමි.
මා මහත්තයෙකු වීම කෙසේ වෙතත් ඔබ නම් අති ජාතිවාදියෙකු බව පෙනේ.

ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් නම් මගේ මිතුරාට දෙමල ජාතිකයෙකු යැයි කීම සරල වැරදි උපකල්පනයක් යැයි මදකට අමතක කරමු.

දෙමල ජාතිකයින් ගැන ඔබ කර ඇති ප්රකාශය නම් අතිශය බියකරු එකකි.

දැන් ඔබ සිහලයෙක් නිසා, ඔබ මේ කර ඇති අති ජාතිවාදී ප්රකාශය සෑම සිංහල ජාතිකයෙකුටම සාධාරණීකරණය කර ඔබ මෙයින් ලබන්නට ඇතැයි යම් අයෙකුට උපකල්පනය කළ හැකි "අස්වාභාවික ලිංගික සතුටක්" වෙතොත් එය මූලුූ සිංහල ජනතාව ගැනම චෝදනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිද?

මේ පවින් මිදී, ඔබට ලබන ආත්මයේ දී වත් හොඳ ජීවිතයක් ලැබේවා යැයි පතමි!
මේ ජගත් පතිරණ යනු කවුදැයි වැඩි විස්තරයක් නොදන්නෙමි. නමුත් අද මා සතුටුවන එක කාරණයක් ද ඇත.

එය නම්, ඔහු ගේ ඉහත ප්‍රතිචාරය නිසාවෙන්, මා මේ ලිපියේ මාතෘකාවට යොදා ගෙන ඇති "මනපහතයා" යන වචනය නිර්මාණය කරගන්නට මට ඉඩකඩ ලැබීමයි.

"මනපහතයා" යනු මනුස්සයා යන්නේ විරුද්ධ පදයයි!

-රසිකොලොජිස්ට්

(http://www.farmlanebooks.co.uk/2010/evil-in-fiction-guest-post-by-pauline-melville/)

83 comments:

  1. ඔය ජගත් පතිරණ කියන උන්නැහ මේ ළඟදී මගේ බ්ලොගේ පොස්ටුවකත් ඒ පොස්ටුවේ කිසිම විදියේ සම්බන්දයක් නැති , කිසිම තැනක ලියල තිබ්බේ නැති දෙයක් අරගෙන කමෙන්ට් එකක් දාල තිබ්බ.

    මොකක්හරි අවුලක්ද මන්ද..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එක එක විදියේ මානසික ආබාධ තියෙනවා. සමහර අයගේ ඒවා අපේ ඒවායින් සෑහෙන්න වෙනස් වීම තමයි ප්‍රශ්ණය!

      Delete
  2. මේට ටිකක් විතර සම්බන්ද කේස් 1ක් තමයි අද මගේ පෝස්ටුවත්.
    දැන් වෙලා තියෙන්නෙ ආන්ඩුව වපුරපු ජාතිවාදී බීජ හොඳට පැලවීම. ලන්කාවෙ ඉන්න සින්හලයන්ගෙන් බහුතරය ජගත් පතිරනලා, මහ කලු සිංහලයලා තමයි. පුදුම වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් එහෙම වීම නම් පුදුම වීම කෙසේ වෙතත් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්. එවැනි තැනකින් ඈත්වීම තමයි හොඳ!

      Delete
  3. ඔය පුක කලු සිංහලයා කියන්නෙ ලංකාවෙ ජනගහණය මිලියන 500 වෙන කාලේ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රතිශතය වැඩි වෙනවා කියපු මැට්ටෙක්. ඌට පැරාගෙ බ්ලොග් එකේදි ඇනෝලා දුවන්නම ගැහුවා. පස්සෙ බොරු ගාණක් කියලා පැනලා දිව්වා. අමු ජාතිවාදියෙක්. ඕකුන්ගෙ කතා ගණනකට ගන්න එපා.

    ReplyDelete
  4. මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැඟෙනු
    කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්රාමයට නවගුණවැල ගෙන නොයනු
    සංග්රාමයෙන් පසු නවගුණවැල ගනිනු!!!
    'වෙනස සඳහා අපි'

    ReplyDelete
    Replies
    1. මා නම් කැමති ක්‍ෂාන්තිවාදී තාපසයෙක් වෙන්නයි! ලිඛිත වචනයෙන් විතරයි සටන.

      Delete
  5. ඕක තමයි මේ රටේ අළුත්ම ට්‍රෙන්ඩ් එක.මේක මහ දරුණු තත්වයක්.මේ රටේ ඉපදුණු මිනිහෙක්ට :ජාතිය,ආගම පදනම් කරගන උන්ගේ සිතුම් පැතුම් වෙනස් කරගන්න ඕන කියල තවත් එකෙක් කියනවනම්,ඒකියන එවුන්ගේ මානසිකත්වය ගැන කවර කතාද?බ්ලොග් වල මේ තත්වය එච්චර දරුණු නැතිවුනත් බුකියෙනම් මහා පරිමණෙට මේක වෙනවා.හැබැයි ඒ පෝස්ට් දාන ගොඩක් එවුන් දැනට විදේශගතව රැකියා වල යෙදෙන්නන්......

    ReplyDelete
    Replies
    1. /* හැබැයි ඒ පෝස්ට් දාන ගොඩක් එවුන් දැනට විදේශගතව රැකියා වල යෙදෙන්නන්......*/

      එහෙමම සාධාරණීකරණය කරන්න බෑ. හොඳ සිතුවිලි සහිත අය හැමතැනම සිටිනවා.

      Delete
  6. කොහෙද යන අපතයෙක්. මේ යක්කු එක්ක නේද අපි ජාතික ආගමික සංහිඳියාවකට යන්න හදන්නේ?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ විචාරක!

      Delete
    2. අපේ ගම් පළාත්වල නම් ආගමික සහ ජාතීන් අතර සංහිඳියාව උපරිමෙන් තියෙනවා. ඒ අපි බහුජාතිය ලෙස ඉන්න නිසා. නැගෙනහිර මුස්ලිම් බහුල තැන්වල සහ උතුරේ දෙමල බහුල තැන්වල සිංහලයන්ට තියෙන සැලකීම සමහරක් පොරවල් වලට නොපෙනීම දුකයි.

      Delete
    3. මකසි-

      අප කළ යුත්තේ ඒ හැම තැනම ජාතිවාදය තුරන් කිරීමට කටයුතු කිරීම මිස, අපත් ජාතිවාදී වීම නොවෙයි.

      ඔබ කළු වැඩියි. ඔබේ මේ ප්‍රකාශයෙන්ම පේනවා "අපේ ගම් පළාත්වල නම් ආගමික සහ ජාතීන් අතර සංහිඳියාව උපරිමෙන් තියෙන" එකට ඔබේ කැමැත්තක් හෝ සම්මාදමක් නැති බව!

      Delete
    4. //"අපේ ගම් පළාත්වල නම් ආගමික සහ ජාතීන් අතර සංහිඳියාව උපරිමෙන් තියෙන" එකට ඔබේ කැමැත්තක් හෝ සම්මාදමක් නැති බව!// ඒක මගේ සිංහල ලිවීමේ දුර්වල කමක්. අපි සියලු බෙදීම් තුරන් කල යුතුය. මේ කතාව මම මෙතන පැහැදිලිව ලියා ඇත

      Delete
    5. මා දන්නා පරිදි තමන් කිසිම ජාතිවාදියෙක් බව පිළිගන්නේ නැත. නිරුවත් ජාතිවාදීන් වන චම්පික රණවක, නලින් ද සිල්වා වැන්නවුන් පවා පෙනී සිටින්නේ මහා මානව හිතවාදීන් ලෙසයි. මේ නිසා ජාතිවාදියෙක් මම ජාතිවාදියෙක් නෙවෙයි, අපේ පැත්තේ අනෙක් ජාතීන්ට වෙනසකින් තොරව සලකනවා වැනි කතා කීම එතරම් ගණන් ගත යුතු කාරණාවක් නොවේ.

      Delete
  7. සංස්ථාවෙ සිරිපාලට වචන ටැපලීමට එහා ගිය දෙයක් සිදු වී ඇත. ඒ නම්, උග්‍ර ජාතිවාදී බීජයක් ඔහුගේ යටිසිත තුළ තැන්පත් වී තිබීමය. සංස්ථාවේ සිරිපාලත් ජගත් පතිරණත් වහා කළු සිංහලයාත් අඩු වැඩි වශයෙන් නියෝජනය කරන්නේ එකම ජාතිවාදී මතයයි. එය නම්, “ජච්චා වසලො හොති - ජච්චා හොති බ්‍රාහ්මණෝ“ යන බෞද්ධ විරෝධී මතවාදයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවරදි වෙන්න පුළුවනි. සිරිපාල ඒ කාලේ පැන්ෂන් ගිහින් හිටි සිරිල් මැතිව් ගේ පරණ ගෝලයෙක්. නමුත් පොරට යමක් තේරුම් ගන්න හැකි අයෙක්. එනිසායි මං කිව්වේ - "ඇත්තටම, තේවතුරවල සැර නිසා දෝ, ඔහුට සිදුවී තිබුණේ, පොඩි වචන ටැපලීමකි. සිරිපාල අදහස් කළේ, සිවරාජා හොඳ දෙමල මිනිහෙක් කියන්නටයි. " කියා!

      Delete
    2. ඇලෙක්ස් ඩිලාජ්17 June 2015 at 15:49

      හැබැයි සිරිල් මැතිව්‍ගේ ගෝලයෙක් නම් ඕක ෆ්‍රොයිඩියන් ස්ලිප් එකක් වෙන්නත් පුළුවන්

      Delete
  8. ප්‍රාග්-ඓතිහාසික මනස් ඇති මෙවැනි මිනිසුන් මොන නම් වලින් ආවත්, අනුකම්පා කරනු හැර වෙන කුමක් කරමුද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි!
      මේ ගොල්ලෝ ටෝගා ලා ගේ, යුනිකෝ ලා ගේ කාලේ අය!

      Delete
    2. ටෝගා යුනිකෝ හිටියෙ සිත්තර කියන චිත්‍රකතා පත්තරේ නේද? එකෙ යුනිකෝ කියන කතාව නිකන් රජකාලෙ (යුරෝපෙ) වගේ එකක්, ටෝගා නම් ඇමේසන් වනාන්තරය ආශ්‍රිත ගෝත්‍රිකයො සම්බන්ධ කතාවක් වගෙයි මට මතක.

      Delete
  9. ඔබ බ්ලොග් ලිපියකින් පිළිතුරු දීම හොඳයි. ජගත් පතිරණ මහතා මා ලියන ඒවාට කොමෙන්ට් දමන කෙනෙක්. සමහර විට දෙමල ජාතිය ගැනත් ඔහු ලියනවා. මම නම් ඒවා උපේක්ෂාවෙන් භාර ගන්නේ. මොකද මම පුද්ගලයෙකුට විරුද්ධ නැති නිසා. කිසියම් කෙනෙක් ජාතිවාදී වන්නේ උත්පත්තියෙන් නොවේ. තමන්ගේ අවට පරිසරය තුලින් හා සමාජය තුලින් කාවද්දන මත නිසා. ඔබ වෙනත් රටක සිටින නිසා මෙය හොඳින් තේරෙනවා ඇති. එංගලන්තයේ BNP වැනි පක්ෂවලට සහය දෙන අයගේ දරුවන් පවා අන්ත ජාතිවාදියි. ඒ දරුවන් එහෙමෙ වෙන්නේ මව්පියන් ඔවුන්ට කාවද්දන දේ නිසයි. නමුත් මිශ්‍ර පාසල් වලට ගිහින් මේ දරුවන් වෙනස් වුනු අවස්ථා තිබෙනවා. ඔබ මේ කලා වගේ මම හිතන්නේ අපි ලියුම් වලින් හා සංවාදයෙන් මේ මත පහ කිරීමට දායක විය යුතුයි කියලා .

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් ආගම, ජාතිවාදී අදහස්, දේශපාලනය ගැන දරණ හැඟීම් ළමයින්ට කාන්දු වෙනවා. ඉතින් ළමයි කරන්නෙ ඒවා අල්ලගෙන මරාගන්න එක.

      ආගම කියන දේ කොහොමත් දේව්පියන්ගෙන් දරුවන්ට යනවා. වෙනසක් වෙන්නෙ බොහෝම කලාතුරකින්.
      ජාතිවාදී අදහස් නම් ආගම තරම්ම දරුණුවට කාන්දුවෙනවා කියලා හිතන්න අමාරුයි.
      දේශපාලන මතත් දෙමව්පියන්ගෙන් එන්නෙ. කැපුවත් කොළ කැපුවත් නිල් බිහිවෙන්නෙ ඒකනෙ.

      Delete
    2. පොඩි කාලේ ගෙදර පරිසරයෙන් බැහැර වෙන්න අමාරු වුණාට, ලොකු මහත් වෙන කොට මොලේත් වැඩෙන්න ඕනෑ නේද?

      Delete
    3. මොළේ වැඩීම නොවැඩීම කෙසේ වෙතත් ,සමහරවිට අපේ දෙමව්පියෝ හරිම නූගත් යැයි සිතන් ඉන්න අය පවා, ඔවුන්ට දෙමව්පියන්ගෙන් කාන්දු වූ දේවල් අතහරින්නේ නෑ නේද? ඒක ලංකාවෙ පැහැදිලිවම දකින්න තියෙන දෙයක්. ආගම, ජාතිය කියන කාරණා පැත්තකින් තියමු ඒවා වෙනස්කම් වලට භාජනය වෙන්නෙ අඩුවෙන්නෙ. අඩුම ගානෙ දේශපාලන මතය කියන දේ ඒ ඒ කාලයට අනුව වෙනස් විය යුතුයි. යම් කිසි පක්ෂයක් හිසින් දරාගෙන බල්ලෙක් පූසෙක් ඒ පැත්තෙන් ඉල්ලුවත් ඡන්දෙ දෙන එක රටට කරන ලොකු හානියක්.

      Delete
  10. බ්ලොග් අවකාශයේ ඉන්නා මනපහතෝ තමා මේ:

    1. මාරයියා (මුලින්ම මතක් වෙන්නෙ එයා තමයි)
    2. ණය හොරා (විස්තර අවශ්‍ය නෑ නේද?)
    3. අමු මිරිස් හොරා (දැන් අංක දෙකට සමාන වෙමින් ඉන්නේ)
    4. මහා කලු සිංහලයා (දැන් නම් රෙදි නැතුවම කඩේ යනවා)

    බ්ලොග් අවකාශයේ හිටපු (විශ්‍රාමික) මනපහතෝ:

    1. විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි හෙවත් Noframes හෙවත් පද්දා
    2. නාමල් උඩලමත්ත හෙවත් පෙරමුණේ රාළ

    ReplyDelete
    Replies
    1. ඇයි බං අටමා,ඌව අමතක උනාද?

      Delete
    2. අටමා කියන්නෙ තමන් සාපෙක්ෂව දුප්පත් නිසා යම් හීන මානයක් තියෙන කෙනෙක් වුණත් ජඩ චරිතයක් නෙවෙයි. ඔය ලිස්ට් එකේ ඉන්න අනෙක් අය එක්ක අටමා තැබීම අසාධාරණයි.

      උදාහරණයක් හැටියට මාරයා ගනිමු. ඔහුගේ ජඩකම අමනුස්සකම කොයි තරම්ද පෙනෙනවා පහුගිය දවස් වල රත්නපුරේ බට්ටි කියන පොලිසියෙන් අමානුෂික ලෙස පහර කාපු ලිංගික සේවා සපයන්නියව සමච්චලයට ලක් කරමින් ඔහු දිගින් දිගටම ලියපු කමෙන්ට් කරපු ඒවා දිහා බැලුවාම. අපේ අනුකම්පාවට භාජනය විය යුතු ඒ වගේ චරිතයක් තවත් සමච්චලයට භාජනය කළ හැක්කේ කකාගේ වචන වලින් මනපහතයකුට පමණක් බව මගේ මතයයි.

      ඒ එක්කම මේ මාරයා කියන පුද්ගලයා වරක් බ්ලොග් සටහනක් ලිව්වා ඔහු ගුවන් හමුදාවේ ඉඳිද්දි ලිංගික සේවා ලබා ගත්තු කාන්තාවක් ගැන. කොන්ඩෝම් නැති නිසා ඔවුන් භාවිතාකරලා තියෙන්නෙ බත් ඔතන තුනී පොලිතින් කොළ. තමන්ගේ සහගකුට ඒ පොලිතීන් කොලේ බත් ඔතපු පැත්තේ මිරිස් හොදි වගයක් ගෑවිලා තිබිලා වෙච්චි අකරතැබ්බයක් ගැනයි ඔහු ලියලා තිබුණේ. කවුදෝ කමෙන්ට් කරලා අහලා තිබුණා එතකොට කොළේ අනෙක් පැත්තට දාලා අක්කට දැනෙන්නේ නැද්ද කියලා. මාරයාගේ පිළිතුර ඒකිට ඕවා ගානක් නෑ බං කියලයි.

      මෙහම ලියන එකෙක් මනපහතයෙක් නෙවෙයි නම් කවුද?

      (කකා, කරුණාකර මේක කපන්න එපා. අපි මේවා කතා කළ යුතුයි. මේ කියන ඒවාට විරුද්ධ කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්න පහළ ඕනැ තරම් ඉඩ තියෙනවා.)

      Delete
    3. මා වාරණයට අකමැති නමුත් මෙවැනි කතා නම් කෙලින්ම මෙතැනට අදාල නෑ.

      Delete
  11. ආගමක ශ්‍රද්ධාවන්ත කම යනු මෝඩ කමයි.
    ජාතියක ජාති ආල කාරයකු වීම යනු මෝඩ කමයි.
    දේශයක දේශප්‍රේමියකු වීම යනු මෝඩ කමයි.
    මෝඩ කමට බෙහෙත් තවම සොයා ගෙන නැත.

    ReplyDelete
    Replies
    1. මා හරි උගතා මා හරි ජගතා හිතනා මිනිහා මෝඩයකී.

      Delete
    2. අපි හැමෝගෙම විවිධ අඩුපාඩු තියෙනවා.

      Delete
    3. මා හරි සිංහලයා කියලා හිතන එකා මෝඩයින්ගෙත් මෝඩයෙකි.

      Delete
  12. මන උස් යන්නට විරුද්ධ පදේ මනපහත්. ඒකත් ෂෝක්.
    මෙහෙම කොහොමද? මන+අධම=මනාධම
    //අස්වාභාවික ලිංගික සතුටක් ලබන සිංහල "මනාධමයෙක්" ගැන කතාවක්//

    ReplyDelete
    Replies
    1. ඔව් -අධමයෙක් කියලාත් කියන්න පුළුවනි!

      Delete
  13. ඉතාම අවාසනාවන්ත තත්වයක්.. රාජ් ගේ අවසාන ලිපියේදී කරුණු දැක්වූ ආකාරයට දැන් දැන් බොහෝ ලාංකිකයින් කරුණා, පිල්ලෙයාන්, කේ.පී හා ඩග්ලස් දේවානන්ද හැරුණුකොට අනෙක් සියළුම දෙමල ජාතිකයින් එල්.ටී.ටී.ඊ හෝ, ඩයස්පෝරාවේ හෝ විජාතික බලවේග ලෙස හන්වඩු ගැසීමට උත්සාහ කරණවා.. මෙය මූලිකවම සිදු කරන්නේ මහින්දට කඩේ යන දේශපාලුවන් හා මාධ්‍යයයි.. දෙමළ සහෝදර ජනතාව මේ තත්වය නිවැරදිව අවබෝද කරගත යුතුයි..මෙය බහුතර සිංහලයින්ගේ මතයක් නොවෙයි..

    ReplyDelete
    Replies
    1. බහුතර නොවේ නම් මහින්ද පැරදෙනු ඇත. බහුතරය නම් ඔහු දිනනු ඇත!

      Delete
  14. “Pride should be reserved for something you achieve or obtain on your own, not something that happens by accident of birth. Being Irish isn't a skill... it's a fucking genetic accident. You wouldn't say I'm proud to be 5'11"; I'm proud to have a pre-disposition for colon cancer.”

    ― George Carlin

    http://www.goodreads.com/quotes/228332-pride-should-be-reserved-for-something-you-achieve-or-obtain

    ඉහත කියමනෙන් කියන්නේ තමන්ට ඉබේ ලැබුනු දේවල් ගැන ආඩම්බරවීම ගැනය. අනුන්ට ඉබේ ලැබුන දේ ගැන ද්වේශය හා වයිරයටද එය අදාල කර ගත හැක. ( පරිවර්තනය නොකිරීම ගැන සමාවන්න )

    ReplyDelete
    Replies
    1. බමුණෝ සහ වසලයෝ ගැන බුදුන් කීවෙත් ඔය වගේ අදහසක් නේ.

      මේ කියන අය ක්‍රියාවෙන් සහ කතාවෙන් වසලයෝ බව පෙන්නනවා!

      Delete
  15. අලුත් වචනයක් හරි ඒකතු කරානේ................................ ඒකත් වටිනවා...................

    ReplyDelete
    Replies
    1. දෙකයි-

      මනපතයා

      සහ (Madhumadhavi Poetry යෝජනා කළ) මනධමයා!

      Delete
  16. ජාතිවාදය කියන්නේ මට අනුව නම් නින්දිතම මිනිසුන්ගේ ලක්ශණයක්.!!!!

    මේ තමයි බහුතරයක් ලාංකිකයෝ මගෙන් අහන ප්‍රශ්න ටික. ( මේ එකම පුද්ගලයෙක්වත් මගේ යාළුවෙක්වත් හිතවතෙක්වත් නෙමෙයි. මේ බොහෝ අය මාව මුණගැහෙන්නේ රාජකාරිමය හේතුන්මත.)

    ලංකාවේ කොහෙද?
    සිංහලද?
    කොහෙද ස්කෝලේ ගියේ?
    ආගම මොකද්ද?
    ගම උඩරට නම් කොහොමද ඒ ආගමේ වුනේ?
    (තව අහනවා මැරි කරලද කියලත්)

    මේ ප්‍රශ්ණ ටික කොයිතරම් common ද කීවොත් මම දැන් ගත්ත ගමන් අහන්නේම මගේ උප්පැන්න සහතිකේත් ඕනේද කියලා. (ඒක කෙනෙකුට odd වගේ ඇති.)

    මට හිතෙන්නේ රටක් විදියට විතරක් නෙමෙයි මිනිසුන් විදියටත් අපෙ රටේ මිනිස්සු තරම් ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගත් වෙන මිනිස්සු නෑ කියලා. තවත් ජාතියක් හෝ ආගමක් හෝ යමක් පහත් යැයි කියන තැන ඉඳන් හිතනකොට මේ වගේ ප්‍රශ්න එනවා කියලායි මට හිතන්නේ.

    ඇයි අපිට බැරි අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න. ජාතියෙන්, ආගමෙන්, හමේ පාටෙන්, අපේ පොලිටිකල් දැක්මෙන් එහාට අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න?
    මට හිතෙන්නේ ලංකීකයන්ට ඉස්සෙල්ලම මනුස්සකම අයන්නේ ඉඳන් කියලා දෙන්න ඕනේ කියලා. අඩු ගානේ අද වෙනකොට අපි ඉන්නේ විසි එක්වන සියවසෙත් අවුරුදු දාහතරක් ගෙවලා කියලා මේ මිනිසුන්ට මුල ඉඳන් අවබෝධ කරලා දෙන්න ඕන තැන කියලා....

    ReplyDelete
    Replies
    1. යමෙක් ගැන තොරතුරු දැන ගන්න හිතන්නේ ජාතිවාදයක් නිසා නම් නොවෙයි. ඊලඟට අහන්නේ අරයාව දන්නවාද, මෙයාව දන්නවාද කියන ප්‍රශ්ණාවලිය නේද?

      බොහෝ විට ලංකාවෙන් පිටත වෙසෙන විට මේ වගේ තොරතුරු මත ඇඳුනුම් කම් ඇති වෙනවා, ඇඳුනුම් කම් වැඩිවෙනවා.

      ජාතිවාදය කියන්නේ යමෙකු ගේ ජාතිය ගැන අවබෝධයක් ලැබීම නොවෙයි, ඒ මත පදනම්ව වෙනස් කම් කිරීමයි.

      එනිසා ප්‍රශ්ණයක් ඇසූ පමණින් එය ජාතිවාදය කියා හිතන්න එපා.

      මෙහි එන ජගත් පතිරණ ජාතිවාදයෙක් වෙන්නේ ඔහු සත්‍යප්‍රසාද් ගේ ජාතිය කුමක්දැයි උපකල්පනය කළ නිසා නොවෙයි, ඒ ජාතිය අනුව පදනම්ව අපහාසාත්ම ප්‍රකාශයක් කළ නිසායි. නම සත්‍යපාල කියා තිබුණා නම් එලෙස නොකරන බව පැහැදිලි නිසයි!

      මට හිතෙන්නේ ලොකුම ජාතිවාදය තියෙන්නේ නීතිගත රාජ්‍යයන් තුලය කියායි. උදාහරණයක් ලෙස, මා මගේ ඕස්ටේ‍ර්ලියානු ගමන් බලපත්‍රයෙන් යුරෝපයට ගොඩ බට විගසින් මට වීසා-ඔන්-ඇරයිවල් ලැබෙනවා. මං ගොඩ බැස මගේ ලංකාවේ පාස්පෝට් එක දුන්නා නම් එහෙම සැලකීමක් නෑ!

      Delete
    2. "මට හිතෙන්නේ ලොකුම ජාතිවාදය තියෙන්නේ නීතිගත රාජ්‍යයන් තුලය කියායි. උදාහරණයක් ලෙස, මා මගේ ඕස්ටේ‍ර්ලියානු ගමන් බලපත්‍රයෙන් යුරෝපයට ගොඩ බට විගසින් මට වීසා-ඔන්-ඇරයිවල් ලැබෙනවා. මං ගොඩ බැස මගේ ලංකාවේ පාස්පෝට් එක දුන්නා නම් එහෙම සැලකීමක් නෑ!"

      රසික 1980 විතර වෙනකම් ලංකාවේ පාස්පෝට් එකට එහෙම යන්න පුළුවන්කම තිබ්බා. වීසා ඔන් ඇරයිවල්. ඒක වෙනස් වෙන්න බලපෑව හේතුව මහ ජාතියට තැනක් දෙන්න විතරක් නෙමෙයි කියලා ඔබට තේරෙයිනේ. අපිත් අදටත් ඒවට විරුද්ද වුනත් රටක යම් ආගමණ විගමණ නීතින් තිබිය යුතුයි. මේ රටවලට එන විදේශිකයෝ ගණන් බැලුවම යම් විදියකින් සීමා දාන්න ඒ රටවලට සිදුවෙනවා. එතන ජාතිවාදයට වඩා මට නම් පේන්නේ නීතියක්. (ඒත් ඒ බෙදීමට මාත් අකැමැතියි.)

      ඔබ උඩ කියන කුතුහලය හිතවත්කම ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකේදි මම සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට ජීවීතේට නොදන්න කෙනෙකුට වුනත් ( ක්ලයන්කෙනෙක්ටත් එහා) සෝසල් වෙන්න මට පුළුවන්.

      Delete
    3. එංගලන්තයේ හා යුරෝපයේ ඒක වෙනස් වුනේ 1984න් පසුවයි. on arrival වවිසා දුන් එංගලන්තය හුඟක් දෙමල ජාතිකයන් ඇවිත් හය මාසයකට විසා ගහගෙන ඊට පස්සේ අසයිලම් (asylum ) ඉල්ලපු නිසයි ඒක නැවැත්වුවේ. හැම තැනම එහෙමයි වුනේ යුරෝපයේ. ඒකට දෙමල අයට බනිනවට වඩා අපටමයි බැන ගන්න වෙන්නේ 83 වැඩේට.

      Delete
  17. රටක සමඟිය ඇතිවීමට නම් ශක්තිමත් මහ ජාතියක අවශ්‍යතාවක් තියෙනවා
    මම කොහොමත් කියන්නේ සිංහලයන්ට හැකිතරම් ජාතිවාදී වෙන්න කියලා හැබැයි ඒකෙන් කියවෙන්නේ අල්ලපු ගෙදර දෙමල මිනිහ එක්ක රන්ඩු කරන්න කියන එක නෙමෙයි
    මම කවදාවත් දෙමළ මුස්ලිම් මිනිහෙක්ගේ හිත රිදෙන්න වචනයක් කියන කෙනෙක් නෙමෙයි
    අපි වඩාත් බුද්ධිමත් ජාතිවාදීන් වියයුතුයි
    ඒ වගේම සිංහලයන්ගේ තියෙන දුර්වල කමක් තමා තමන්ගේ මිනිහෙක්ගේ පොඩි වරදක් මහ ඉහලින් දැකීම හා දෙමල මුස්ලිම් මිනිහෙක්ගේ පොඩි හොඳක් ජාතියේම හොඳක් ලෙස දැකීම අපි මෙම දුර්වලකම හොඳකරගත යුතුයි
    මතක තබාගත යුතු කරුණ තමා
    ඔබ සිංහලයෙක්ට උදව් කලහොත් පෞද්ගලිකව ඔබට ප්‍රති උපකාර නොලැබෙන්න පුලුවන් ජාතියක් හැටියට සිංහලයාට වාසියි
    ඔබ මුස්ලිම් මිනිහෙක්ට උදව් කලහොත් ඔබට ප්‍රති උපකාර ලැබෙනවා නමුත් එය සිංහල ජාතියට පාඩුවක්
    ඔබ දෙමලෙක්ට උදව් කලහොත් ඔබටවත් ජාතියටවත් වාසියක් වන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ජාතීන් ගැන සාමාන්යකරණයක් (generalization ) නේද? මගෙ කාර්යාලයේ මං වැඩකරනවා සින්හල (බෞද්ධ, ඇන්ග්ලිකන් ,කතෝලික ) දෙමල ( වතු, යාපනේ, මඩකලපු සහ ලඟදී ඉන්දියාවෙන් ආ - හින්දු, ඇන්ග්ලිකන් සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත ) මුස්ලිම් ( මුවර් සහ මැලේ ) සහ බර්ගර් ( කතෝලික සහ ප්‍රොතෙස්තන්ත ) අය සමග. මං ජාති සාමාන්යකරණය කරන්න තරම් විශ්ලේශනයක් කරල නෑ. ඒත් පුද්ගලයන් වශයෙන් ඔවුන් සලකනව නම් ඔබේ වර්ගීකරණය මගේ අත්දැකීම් වලින් නම් නිවැරදි නෑ.

      ඒත් කුතුහලය දක්වන දෙයක් තමයි මං කලාතුරකින් වෘත්තිමය වශයෙන් වැඩකරන ස්ථානයක සිංහල සෑහෙන දෙනා ගාව තියනව සිංහල විවිධ කුලයන්ට අයත් අයගේ චරිත ලක්ෂණ පිලිබඳව ඔබ ජාතීන් අතර කරන වර්ගීකරණයට සමාන අදහස්. (විශේෂයින් උදව් කිරීම සහ ලැබෙන වාසි ගැන )
      දෙමල අය අතරත් කුලයන්ගේ චරිත ලක්ෂන ගැන සහ වතු, යාපනේ (ඒ දිස්තික්කයේත් චාවාකච්චේරි සහ අනෙකුත් පලාත් අතරත් )සහ මඩකලපු වාසීන්ගේ ලක්ෂන ගැනත් තියනව කියල කලාතුරකින් ඔවුන්ගෙන් ඇහෙන දේවල් වලින් හිතෙනව.

      එතකොට මුස්ලිම් වෙනස් අයගේ චරිත ලක්ශණ ගැන තියන අදහස්? කොලඹ සහ නුවර බිස්නස් හා වෘත්තිකයින්, නැගෙනහිර ගොවියන්, මොරොක්කෝවලින් කෙලින්ම ආවයි කියන බේරුවල උසස්යයි සලකන අය. එතකොට මැලේ අය- ඒගොල්ලන්ගෙත් ඉන්දුනීසියා රාජවන්සවලින් ආඅය හා සාමන්ය සොල්දාදුවන්.
      බර්ගර් අයගේ ලන්දේසි බර්ගර් උසස් අය හා පෘතුගීසි කාර්මිකයින්

      ඇද්ද බෙදීම්? :- )

      Delete
    2. මා ආශ්‍රය කර ඇත්තේ පුද්ගලයින් පමණි.
      ජාතීන් , ආගම් හා කුල ආශ්‍රය කර නැති නිසා ඒවාගැන ස්ථිර නිගමනවලට එලඹීමට මට නොහැක.

      කෙසේවෙතත් පුද්ගලයින් වශයෙන් මා කැමති මෙන්ම අකැමති පුද්ගලයින් වැඩිවශයෙන් ඉන්නේ මා අයත් ජාතියටයි. ඒ ජාතියක ලක්ෂණයක් නිසා නොව වැඩි සංඛ්යාවක් මිනිසුන් මට ආශ්‍රය කරන්න ලැබී ඇත්තේ ඒ ජාතියෙන් බැවිනි

      Delete
    3. මම මේ කොමන්ට් එක දැම්මේම නිදහස් අදහස් කියන්න රසිකගේ බ්ලොග් එකේ අවකාශයක් මට තියෙනවා කියලා දැනගෙන. ;)

      මේ කතා කරන්නේ මගේ පැත්තෙන්.
      මම ළමා කාලයේ සිට විදේශයක ජීවත් වෙන කෙනෙක්. මම රටවල් දෙකක ජීවත් වෙලා තියෙනවා ස්ථිර වශයෙන්. අද වෙනකොට මා රැකියාව කරන්නේ මයිග්‍රන්ට්ස්ලා එක්ක. ඒකෙදි මට රටක් හෝ ජාතියක් එක්ක කිසිම සම්බන්දයක් නෑ. (කොටින්ම මම රටවල් 160ක විතර මිනිස්සු එක්ක මේ වෙනකොට රාජකාරින් කරලා තියෙනවා.) ඒ කිසිම කෙනෙක්ගේ හමේ පාටට, ආගමට, ජාතියේ හෝ රටේ නමට හෝ වෙන කිසිම හේතුවක් මත මම වර්ග කරලා නෑ. මේ යම් යම් අය ප්‍රභූ මට්ටමේ ඉඳන් පාරේ නිදාගන්න දුගියා වෙනකම් මිනිස්සු. ඒ කිසිම තැනක ඔවුන්ගේ හා මගේ අවශ්‍යතාවයේදි මට ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙලා නෑ. මේ හැම කෙනෙක්ගේම යම් යම් තැන් වලදි දකින විශේශ දේවල් තියෙනවා. (ඒත් බහුතරයක් මිනිස්සු සේවාදායකයගේ පෞද්ගලික ප්‍රශ්න අහන්නේ නෑ. යම් හිතවත්කමක් නැත්නම් ආගම ජාතිය වගේ) ඒක දෙපැත්තටම පොදුයි.) කිසිම ජාතියක්, රටක්, ආගමක්, වර්ගයක් පහත් කියලා පිළිගන්නේ නෑ අපි වගේ මිනිස්සු. (අපි ඔක්කොම මිනිස්සු කියන තැන) අපි අද ඉන්න සමාජයේ එය බොහෝ පහත් චාරිත්‍රයක් කියලා පිළිගැනෙන්නේ. (එහෙම මිනිස්සු නෑ කියලා මම කියන්නේ නෑ. ඒත් ඒ අය racist කියලායි අපි හඳුන්වන්නේ. ) ඒක නීතියෙන්ම තහනම් මා ඉන්නා රටේ.
      මට ලෝකය පුරා විසිරිච්ච යාළුවෝ ඉන්නවා. ලෝකය පුරා ඉන්න ලංකාවේ යාළුවෝ ඉන්නවා. ලංකාවේ ඉන්න මගේ පවුලේ අය වගේම ලංකාවේ ඉන්න මගේ යාළුවොත් දන්න අඳුණන අයත් ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ගෙන් මම අද වෙනකම් මොකක්ද උඹේ ආගම හෝ ජාතිය කියලා අහලා හිතවත් වෙලා නෑ. ඔවුන්ගේ ආගම ඩිස්ක්‍රිමිනේට් කරලා නෑ. ඔවුන්ගේ ජාතිය ඩිස්ක්‍රිමිනේට් කරලා නෑ. වැඩි හරියක් මගේ යාළුවෝ බෞද්ධ. ඒ අයගේ ආගමික විශ්වාශ වලට හිනා වෙලා නෑ. ලංකාවේ ඉන්න මගේ අවුරුදු ගාණක් තිස්සේ රියදුරා මුස්ලිම්. අපේ ගෙදර අය වගේම මම ගැන හොයන බලන කෙනෙක්. මමත් එක්ක පල්ලියට යන මනුස්සයෙක්. දෙමළ යාළුවොත් මට ලංකාවේ එමමයි. අර නමවත් නොදන්න රටවල මිනිස්සුත් මට එම විදියටම ආදරෙයි හිතවත්.
      මේ හැම දෙයක්ම අපි විශ්වාස කරන බෙදාගැනීම, ආදරේ, මනුස්සකම හින්දා.

      ඉතින් අර උඩ කවුද කියන දෙමල කෙනෙකුට උදව් කරලා ලැබෙන දේත් මුස්ලිම් මනුස්සයෙකුට උදව් කරලා ලැබෙන දේත් හෝ තවත් රටක මනුස්සයකුට උදව් කලා ලැබෙන දේත් කියලා වර්ග කරපු එකට හොඳම උදාහරණය ( මම) පෙන්වන්නයි මේ ඔක්කොම කීවේ.

      අර මම උඩින් කොමන්ට් එකේ කීව ටික ලංකාවේ මිනිස්සු අහන මෝඩම ප්‍රශ්න ටිකක්. ( ඒ ටික අහද්දිම දැණෙන කළකිරීම කියලා නිම කරන්න බෑ.) ඒකෙන් හදන්නේ අපි වගේ කෙනෙක් තමන්ගේ රටේ, තමන්ගේ ජාතියේ, තමන්ගේ ආගමේ කියලා වැඩි වාසියක් ලබාගෙන තමන්ගේ වැඩේ කරගන්න කියන එක නොතේරෙන පොඩි බබාලා නෑ වෙන්න ඕනේ.) (මට නම් වැඩි හරියක් රාජකාරිමය විදියට මුදල් නොගෙවා ඉඳලා තියෙන්නේ සිංහල මිනිස්සු.)

      Delete
    4. ඒ වගේම සිංහලයන්ගේ තියෙන දුර්වල කමක් තමා තමන්ගේ මිනිහෙක්ගේ පොඩි වරදක් මහ ඉහලින් දැකීම හා දෙමල මුස්ලිම් මිනිහෙක්ගේ පොඩි හොඳක් ජාතියේම හොඳක් ලෙස දැකීම අපි මෙම දුර්වලකම හොඳකරගත යුතුයි
      මතක තබාගත යුතු කරුණ තමා
      ඔබ සිංහලයෙක්ට උදව් කලහොත් පෞද්ගලිකව ඔබට ප්‍රති උපකාර නොලැබෙන්න පුලුවන් ජාතියක් හැටියට සිංහලයාට වාසියි

      වාසි බලාගෙන මිනිස්සු ආශ්‍රය කරන එක අපි කරන්නේ නෑ. ( ඒත් අපිට එහෙම වෙනවා අනන්තවත්)
      මම වයසගිය, ලොකු මනුස්සයෙක් නෙමෙයි. ඒත් අවුරුදු තිස්නමයක් වෙන මගේ ජීවිතේට ඉගෙනගත්ත දේවල් අනුව ඔබ මේ කියන දෙය ගැන මට දැනෙන්නේ ඔබ කොයි තරම් පටුද කියලා?

      ඔය පටු රාමු වලින් එලියේ මනුස්සකම ආදරය කියන තැනට එන්න... එතන බොහොම සුන්දරයි.

      මම ජීවත් වෙන රටේ අද වෙනකොට මගේ පවුලේ කියලා කිසිම කෙනෙක් නෑ. ඒත් ආදරය මනුස්සකම අඳුණන මිනිස්සු මට ඉන්නවා. පසුගිය මාස හයක් තිස්සේ ලෙඩ ඇඳේ සර්ජරි කිහිපයක් කරලා, ගෙදරින් එලියට නොගිය මාව බැලුවේ එකම එක ලංකාවේ මනුස්සයෙක්වත්, සිංහලයෙක්වත් නෙමෙයි. ( එහෙම කියලා මට නැතිවෙච්ච දේකුත් නෑ) දැනට සුමාන දෙකකට කලින් මාව ඇක්සිඩන්ට් වුනාම තනියම ගෙදරක ඉන්න මට වතුර බෝතලේ, කෑම එක ඉඳන් ගෙනත් දුන්නේ රටක්, ආගමක්, ජාතියක් නැති මගේ යාළුවෝ.

      නිවාඩු යන්න නැතිව ගෙදරට හිරවෙලා ඉන්න මට මේ උත්සව දවස් වල කෝපි වලට, කෑම වලට, බීම වලට, ඇපොයින්ට්මන්ට් දාගන්න පෝලිමේ ඉන්නෙත් ඔය කියන මිනිස්සුමයි. ඒ කිසිම තැනක ලංකාවේ අය ඉන්නවා නම් ඒ හරිම අඩුවෙන්. (මම සල්ලි හම්බ කරන්න විතරක් මේ රස්සාව කරන කෙනෙක් නෙමෙයි කියලා මාව පොඩියට දන්න අය හරි දන්නවා.)

      Delete
    5. Buru-I wholeheartedly agree with you. As you have said v.correctly, there are only 'humans' in many western countries but unfortunately Sri Lankans have so many divisons and politics which even extend to the temples (especially the so called Sri Lankan Buddhists). Remarkably, I have seen heaps and heaps of kindness, compassion and generosity from those who haven't practise any religion and do not boast about their nationality or language. For many Sri Lankans life is a show off and their main job is to ridicule those who do not belong in their own cirle.
      P.S Your list of common Sri Lankan questions is exactly right plus you need to add "how many kids, are they schooling".

      Delete
    6. තෑන්ක්ස් චිට්ටි. පිට රටක, ඒ සමාජයක ගැවසෙන ඔබේ අදහස් බොහොම වටිනවා

      Delete
    7. මමත් ඉන්නේ පිට රටක. ඕක ඔහොම්මම යයි කියන්නත් බැහැ සමහර වෙලාවට. සුදු මිනිසුන්ගෙන් පවා සමහර ප්‍රශ්න ඇතිවුන වෙලාවල් මට තිබෙනවා. ඒ කියන්නේ ජාතිවාදී ලෙස. මගේ බිරිඳ සුදු අයෙකු නිසා ලංකාවේ එහෙම ප්‍රශ්න ඇතිවුනා. හැබැයි ඇත්තටම ගත්තොත් ලන්ඩනය වගේ පැතිවල ජාති වාදී බෙදීම ඇති කරන්නේ සුදු අයට වඩා ආසියානු , කළු ජාතික අයයි. අනික දෙමල අය සැහෙන්න තමන්ගේ ජාතියට අනුගතව ජිවත් වන ගතියක් තමා තියෙන්නේ. මුස්ලිම් අයත් යුදෙව් අයත් එහෙමයි. මෙහෙ ඉන්න සිංහල අය ජාතිවාදී වුනත් ඒක පෙන්වන්නේ නැහැ.

      Delete
    8. අජිත් මේ කතා කරන්නේ අද වෙනකොට බිහිවෙන තරුණ පරපුර ගැන. විශමතා නැත්තේ නෑ. ඒත් ඉන්ඩිවිඩුවල් පර්සනලිටි එකට වැඩියෙන් ගරු කිරීමක් වෙනවා.

      Delete
    9. @ Buru
      නිකන් මනෝ කතා කියන්න එපා බන්, පොඩි කාලෙ (විදේශයක පාසැල් ගිය) ඉඳන් හැදිච්ච එකෙක් මේ වගේ සිංහල බ්ලොග්වල අකුර කොටන්න එන්නෙ නෑ. මමත් පිටරට විශ්ව විද්‍යාලෙක ඉගෙන ගෙන පස්සෙ ඒ රටේම පුරවැසියෙක් වෙලා ලංකාවෙ සිංහල කාන්තාවක් කසාද බැඳල ළමයි හදපු එකෙක්. මගේ ළමයින්ට සිංහල ලියන්න තියා හරියට කතා කරගන්නවත් බෑ. උන් සේරම හැදෙන්නෙ ඒ රටවල සංස්කෘතියට. නමුත් මම migrate කරපු first generation නිසා තමයි අපි තාමත් දෙලොවක් අතර ඉන්නෙ.අපේ ඊළඟ පරම්පරාව (second generation) සම්පූර්ණයෙන්ම වෙනස්. මේක මට විතරක් නෙවෙයි, මං දන්න සියලු දෙනාට පොදු කරුණක්. හැබැයි සමහරුන්ට සිංහල කතා කරන්න ලියන්න පුළුවන්, ඒත් උඹ වගේ උන් නෑ. අනිත් එක උඹගෙ ඔය ගොන් කතාව මම පිලි ගන්නෙ නෑ, ඒ කියන්නෙ කිසිම මිනිහෙක් ජාතිවාද නෑ කියන එක. හැමෝම ජාතිවාදියි, අඩු වැඩි වශයෙන්. මමත් ගොඩක් රටවලට ගිය එකෙක්. සුද්දන්ගෙ රටවල සුද්දො උසස්, ජපනගෙ රටේ ජපන උසස් (ජපානෙ ඉන්නව ජපන් ගෑණු බැඳල ළමයි හදපු එවුන්, ඒත් උන්ට තාම තියෙන්නෙ ලංකාවෙ පාස්පෝට්) චීනගෙ රටවල (සිංගප්පූරුව, තාය්වානය, හොන්ග් කොන්ග් ) චීනො උසස් (මහ චීනෙ නම් එච්චර දන්නෙ නෑ) , අරාබියෙ අරාබි උන් තමයි ඉහලම (ඒකෙත් ගෝත්‍ර තියෙනවා) අපිට ඉහින් තැනක් තියෙන්නෙ ලංකාවෙම තමයි.

      Delete
  18. ජාතිවාදී මිනිසුන් සිංහලයන් පමණක් නොවේ ලොව සෑම තැනම ජාතිවාදීන් සිටී. ජාතිය ලෙස පමණක් නොව ජාතික ලෙස ආගමික ලෙස කුල ලෙස සමේ පාට අනුව, පළාත් අනුව සම්බවය අනුව, පාසල අනුව විශ්ව විද්‍යාලය අනුව වර්තිය බෙදී සිටීම හෝ තමා අයත් කණ්ඩායම උසස් ලෙස සිතීම සහ ලොව සෑම තැනම අඩු වැඩි ලෙස ව්‍යාප්තව තිබේ. ලංකාවේ මේ තත්වය උග්‍ර බවද ඇත්තකි. සම හරක් පුද්ගලයන් තුල ජාතිවාදය නැති වුවද ඉහත සඳහන් කල වෙනත් වාද පවතී. මෙතන කමෙන්ට් කර ඇති මනපහත් සමහරක් ගේ අලුත්ම වර්ගවාදයක් ඉස්මතුව ඇත එනම්. ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් මහින්ද ට කඩේ යන්නෝ මෝඩයෝය යන්නයි.

    මෙන්න නියම සුවඳ දෙමල පඩයක්.
    ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය අඩුකරනු
    කැන්ගරු දේශයේ කල්ලතොනියානනි මෙහි සුවඳ විඳින්න.

    ReplyDelete
    Replies
    1. Maha Kalu Sinhalaya-please be careful. There's a good chance you get reborn as a Tamil or a Muslim in your next birth.

      Delete
    2. I think only stupid Sri Lankans (sorry, Sinhalese) like you will believe in articles published in Divina, run by a Welgama. The majority Sri Lankans living in Australia and other countries are much more intelligent than you. Hoo hoo. (By the way, haven't you been offered a toilet cleaning job by Weerawansa as yet).

      Delete
    3. that article isn't represent divaina editor's ideas. it is only news. other thing is meaning of කල්ලතොනි is not equal to "toilet cleaning person"

      Delete
    4. //Maha Kalu Sinhalaya-please be careful. There's a good chance you get reborn as a Tamil or a Muslim in your next birth.// සිංහල වෙලා ලබන ආත්මේ ලංකාවේ ඉපදිලා සුලුජාතිකයෙක් ලෙස ඉන්නේ නැතිව එහෙම වෙනවා නම් වාසනාවක්. නැගෙනහිර මුස්ලිම් ගම් අතර හුදකලා සිංහල ගමකට ගියා නම් මේ ආත්මෙදීමේ තත්වේ බලන්න පුළුවන්

      Delete
    5. //that article isn't represent divaina editor's ideas. it is only news.//
      Welgama is not Divina editor. Didn't you even know that. The other thing is that even a child knows that most of the 'news' in these newspapers is nothing but 'mada'.

      // other thing is meaning of කල්ලතොනි is not equal to "toilet cleaning person"//
      Did any one say that Kallathoni=toilet cleaning. It was just a prediction about your job. Cop that mate.

      Delete
    6. Maha Kalu Sinhalaya-how dare you are to call Sri Lankans living in Aussie as Kallathoni. You are just an empty vessel making some noise. The way you insult tamils will backfire on you-keep that in mind. You are an absolute fool.

      Delete
    7. සිංහල වෙලා ලබන ආත්මේ ලංකාවේ ඉපදිලා සුලුජාතිකයෙක් ලෙස ඉන්නේ නැතිව එහෙම වෙනවා නම් වාසනාවක්.
      Looking at the way you insult people of other nationalities, it is very unlikely you will get a human rebirth. Even a dog or a monkey will be too good for you.

      Delete
    8. //Welgama is not Divina editor. Didn't you even know that. The other thing is that even a child knows that most of the 'news' in these newspapers is nothing but 'mada'.// I think you cannot understanding different b/w news and mada. therefore nothing to say more.

      //Maha Kalu Sinhalaya-how dare you are to call Sri Lankans living in Aussie as Kallathoni. You are just an empty vessel making some noise. The way you insult tamils will backfire on you-keep that in mind. You are an absolute fool.// hat is matched.

      //Looking at the way you insult people of other nationalities,//
      read this article first

      Delete
    9. විකෘති කළ කරුණු උපුටා දක්වා ඒවා මත මහා ලොකු තියරි ගොඩ නැඟීම ජාතිවාදීන්ගේ සාමාන්‍ය සිරිතයි. සිංහල ජාතිවාදී මනපහතයින් මේවාට කප් ගහපු එවුන්ය.

      Delete
    10. //Maha Kalu Sinhalaya-please be careful. There's a good chance you get reborn as a Tamil or a Muslim in your next birth.//

      ජාතිවාදී සිංහලයා යනු තිරිසන් ආත්මයකටත් වඩා පහළ යෝනියකි. මේ නිසා මහා කළු සිංහලයා ලබන ආත්මයේත් ජාතිවාදී සිංහලයකුම ලෙස උපදිනු ඇත. හැබැයි ගෑනු ආත්මයකය. ටිකක ට්‍රයි කලොත් නලින් ද සිල්වාගේ මුනුබුරාගේ දුව වෙන්නටද බැරිකමක් නැත.

      Delete
    11. අපිට ජාතිවාදය මේ තරමටම පම්ප් කලේ මේ ළඟ කාලෙකයි කියන අදහසේ මම නම් ඉන්නේ. අසූව දශකය වෙනවිට අඩුම තරමේ (මම ලංකාවේ ඉන්න කාලේ වෙනකම් එහෙම එකක් ලංකාවේ තිබ්බේ නෑ.) තිබුනේ කලාතුරකින්. ඈත පිටිසර ගමක ජීවත් එව්ච්ච අපේ ගෙවල් වල ගම්වල මනුස්සකම, ආදරය කියන එකයි තිබුනේ.

      ඒක හින්දා මේ ඔක්කොම අන්තිම කාලවල රටේ දේශපාලනය හින්දා ඇති වුනා කියලයි මම නම් හිතන්නේ.
      දැන් සමාජයක් විදියට වෙනස් වෙන්න හොඳටම කාලේ හරි. තමන් උසස් පහත් කියලා නැතිව මනුස්සයෝ විදියට රටක් විදියට. ලංකාවට ආදරේ මිනිස්සු විදියට මට නම් ඕනේ අන්න ඒක මිසක් මහින්ද හෝ වෙන කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් මහින්ද නොකරන්නෙත් ඒකමයි කියලා පොඩි බබෙකුට උනත් තේරෙනවානේ.

      Delete
    12. //අපිට ජාතිවාදය මේ තරමටම පම්ප් කලේ මේ ළඟ කාලෙකයි කියන අදහසේ මම නම් ඉන්නේ. අසූව දශකය වෙනවිට අඩුම තරමේ//එක ජාතියක ජාතිවාදය පෝෂණය වන්නේ අනේ ජාතිවල ජාතිවාදය මගිනි. දෙමල දේශපාලන පක්ෂ හරහා බිහිවූ දෙමල ත්රස්තවාදය දැන් ඩයස්පෝරාව, මුස්ලිම් දේශපාලන පක්ෂ කෙලින්ම ජාතිවාදී. ඒවා මගින් ඍජුවම සිංහල ජාතිවාදයක් බිහිවුණා.

      Delete
    13. තමන් ජාතිවාදී වූයේ අනෙකාගේ වරද නිසාය යන්න හැම ජාතිවාදියෙක්ම කරන සාමාන්‍ය ප්‍රකාශයකි. මා දන්නා ජාතිවාදීන් බොහොමයක් ජාතිවාදීන් වී ඇත්තේ කුඩා කල දෙමාපියන් හා ගුරුවරුන් විසින් ජාතිවාදී අදහස් ඔලුවට දැමූ නිසාවෙනි.

      Delete
    14. දෙමළ ත්‍රස්තවාදය බිහිවුයේ සුලුතරයක්වූ සිංහල ජාතිවාදීන් 1957 , 1958 1977, 1983 ආදී වශයෙන් කල පහරදීම් නිසා නොවේද?

      Delete
    15. නැහැ අජ්ත් අයියා එයට වඩා ඉතිහාසයක් තියෙනවා දෙමල ජාතිවාදයට.1957 ගත්තේ මෝඩ තීරණය නිසා වර්ධනය වුවා තමයි. දෙමල නායකයන් බලාපොරොත්තු වුයේ සුද්දා ගිය පසු නායකත්වය තමන්ට ගන්න සුද්දා එන්න පෙරත් හිටපු රජා දෙමල නිසා. සර්වජන ජන්ද ක්‍රමය යටතේ ඒක සිහිනයක් වුනා ඔන්න ඕක තමයි රට බෙදන ඊළාම් සිහිනයේ මුල.

      Delete
    16. දන් මේ කතාව කියන්නෙත් අර ලංකාවෙ ජනගහණය මිලියන 1,000 ක් වෙද්දි මුස්ලිම් ප්‍රමාණය සිංහල ප්‍රමාණයට වඩා ඉහළ යනවා කියපු එකාම නේද? අනේ මුගේ මොළේ. ලොක්කා කුජීත වෙලා පැරදුණායින් පස්සෙ වත් මුගේ කට වැහෙයි.

      Delete
    17. ඊලාම් සිහිනයේ මුල එතැන නෙවෙයි මී හරකෝ. තොගේ සීයලා, තාත්තලා මහප්පලා අහිංසක දෙමළ මිනිස්සුන්ට ගහලා උන්ට රටක් නැති කළ වෙලේ... ගිහින් බැනපිය තොහේ හත්මුතු පරම්පරාවට ඊලාම් සිහිනයක් හැදුව කියලා.

      Delete
  19. ජාතිවාදීන් බොහොමයක් ජාති හිතෛශින් මිසක් මනුස්සසයන් නෙමෙයි. ඔවුන් නොදැනම තමන්ගේ ජාතිවාදි හැගීම් එලියට එනවා. බොහොමයක් සත් ගුණවත්, දැහැමි, විනීත අයගේ පදනම ජාතිවාදයයි. එය සැගවීමට උත්සාහ කලද නොදැනීම මතු වේ. අනුකම්පා කොට තේරුම් කර දිය යුතුමයි..

    ReplyDelete
  20. යම් පුද්ගලයෙක් වාර්ගිකත්වය මත පහත් කොට සැලකීම වරදක් ඒ වගේම යම් අයෙකුට තම ජන වර්ගිකත්වය මත විශේෂ වරප්‍රසාද ලැබිය යුතුත් නෑ
    යම් අයෙක් දුප්පතෙක් වීම, නූගතෙක් වීම, ගැහැණියක් වීම, gay lesbian bisexual transgendered අයෙක් වීම, දෙමළෙක් වීම, වේසා ගැහැණියක් වීම විශේෂ වරප්‍රසාද ලැබීමට හේතුවක් වියයුතු නැහැ එහෙම කෙනෙක්ට විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වීමටත් අයිතියක් නෑ
    නමුත් කායක හෝ මානසික ආබාධිතයෙක් වීම, බාලවයස්කාරයෙක් වීම, මිනිස් කලලයක් වීම මත විශේෂ වරප්‍රසාද ලැබීමට අයිතියක් තියෙනවා
    ඒකීය පුද්ගලයන් වශයෙන් සමානාත්මතාව පැවතීමට මම එකඟයි.

    මම ජාතිවාදියෙක් නම් ඒකට ප්‍රධාන වැරදිකරුවා වික්ටර් අයිවන් සහ රාවය පුවත්පත

    ReplyDelete
    Replies
    1. තමන් ජාතිවාදී වූයේ අනෙකාගේ වරද නිසාය යන්න හැම ජාතිවාදියෙක්ම කරන සාමාන්‍ය ප්‍රකාශයකි. මා දන්නා ජාතිවාදීන් බොහොමයක් ජාතිවාදීන් වී ඇත්තේ කුඩා කල දෙමාපියන් හා ගුරුවරුන් විසින් ජාතිවාදී අදහස් ඔලුවට දැමූ නිසාවෙනි.

      Delete
  21. //අපිට ජාතිවාදය මේ තරමටම පම්ප් කලේ මේ ළඟ කාලෙකයි කියන අදහසේ මම නම් ඉන්නේ. අසූව දශකය වෙනවිට අඩුම තරමේ//

    සිංහල ජාතිවාදය හැමදාම සුළුවෙන් තිබුණා. ඒක මහා ව්‍යසනයක් වුණේ ගංගොඩවිල සෝම කියන මී හරක් වහන්සේ නිසා. එයාට ඒකට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පළ දීලා හීතලේ ගැහිලා ගැහිලා මළා. පව්.

    ReplyDelete
  22. /යම් අයෙක් දුප්පතෙක් වීම, නූගතෙක් වීම, ගැහැණියක් වීම, gay lesbian bisexual transgendered අයෙක් වීම, දෙමළෙක් වීම, වේසා ගැහැණියක් වීම විශේෂ වරප්‍රසාද ලැබීමට හේතුවක් වියයුතු නැහැ එහෙම කෙනෙක්ට විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වීමටත් අයිතියක් නෑ/

    මේ කිසිම කෙනෙකුට විශේෂ අයිතීන් ලැබිය යුතුත් නැහැ. මේ කිසිම කෙනෙක් ඒවා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් ඔවුන්ට ලැබිය යුතු සම අයිතිය ලැබීම මහ ජාතිය විසින් වලකනවා නම් ඊට අනිවාර්යයෙන්ම එරෙහි විය යුතුයි. Minority Rights කියන්නේ එකයි. නැතුව සුළුතරයට විශේෂ අයිතියක් දීම නෙවෙයි. එහෙම කියන්න පුලුවන් ජගත් පතිරණ වහේ මනපහතයින්ට පමණයි.

    ReplyDelete
  23. අවුරුද්ද ගෙවෙන්න කලින් කලයුතු වැදගත් කටයුත්තක් යෙදුන නිසා මේකට අදහස් දක්වන්න අතපසු වුනා
    දැන් පරක්කු වැවිද දන්නෙ නෑ නමුත් හැකිනම් මේක කොමෙන්ට් ලැයිස්තුවේ උඩට දාන්න කියා ඉල්ලා හිටිනවා
    මෙතනදී හැකිතරම් කෙටි පොදු උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා
    අපි කෑම හදනකොට කුළුබඩු විවිධ රසකාරක වර්ණ කාරක දමා එය වඩාත් රසවත් කරනවා
    මම කලින් ලියපු අර "අස්වාභාවික" කතාවත් එහෙම එකක්. ඔය අස්වාභාවික කතාව මම දැක්කේ පරණ මලලසේකර ශබ්ද කෝශයක
    sodomy වදනට දීපු පැහැදිලි කිරීමක් හැටියට. ඒකෙ පොඩි හාස්‍යමය ගතියකුත් තිබුණ නිසා මම ඒක පාවිච්චි කලා
    මම හිතන්නේ ඒක සාර්ථකයි මොකද ඒ වචනය එකවරක් ඇහුව කාටවත් ඒක අමතක වෙන්නෙ නෑ මෙතන කොමෙන්ට් දැමූ සියල්ලන්ටම එය මතක හිටීවි
    මම අස්වාභාවික කතාව යෙදුවේ වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවුනු ලංකාවේ දෙමල මිනිසුන්ගේ චර්යාවක් පැහැදිලි කරන්න.
    ලංකාවේ දෙමල මිනිස්සුන්ට ප්‍රශ්ණයක් තියෙනවා අසාධාරණයක් වුනා ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි වගේ වචන අපි ඇති පදම් අසා තිබෙනවා
    නමුත් අපි හිතමු නොබෙදුනු රටක් තුල මොන ක්‍රමයකින් හරි ඔය කියන ප්‍රශ්ණ විසඳගෙන සංහිඳියාවක් ඇතකරගත්තා කියලා
    ඉන්පසු දෙමළාට වන්නේ කුමක්ද අනිවාර්වයෙන්ම පරම්පරා කිහිපයක් ඇතුලත ඔහු සිංහලයෙක් වෙයි.
    එයට හේතුව සිංහල යනු ශ්‍රී ලාංකික ජාතිය වීමයි. සිංහල ජාතිය ගොඩනැඟිලා තියෙන්නේ විවිධ වර්ග වල මිනිස්සු එකතු වෙලා සමහරවිට
    පරම්පරා 5-6කට පෙර මගේ මුත්තා ඉන්දියාවෙන් ආ සිංහල වචනයක් බැරි කෙනෙක් වියහැකියි. ඒ වගේම දසමහා යෝධයන්ගෙන් දෙදෙනෙක් වන
    නන්ධි මිත්‍ර, වේලු සුමන වගේ අය දකුණු ඉන්දියා සම්භවයක් සහිත සිංහලයන් විය හැකියි (නමේ හැටියට)
    දෙමලාගේ ප්‍රශ්ණය ඔහුගේ පැවැත්ම හා බැඳුණු එකක්. ප්‍රශ්ණ විස‍ඳෙනකොට දෙමළා වඳවෙනවා. ලංකාව තුල දෙමළාට දෙමලෙක් ලෙස පවතින්නට නම්
    ඔහුට අනිවාර්යයෙන්ම සිංහලයා සමඟ ගැටුමක් පවත්වා ගත යුතුයි. සමහර විට එම ගැටුම බාහිර එකක් නොව මානසික එකක් විය හැකියි.
    මෙම කරුණට උදාහරණයක් ලෙස ලංකාවේ බර්ගර් ජන වාර්ගිකයන් දැක්විය හැකියි දැන් ඔවුන් සිංහල ජාතියේම කොටසක්. සිංහල විරෝධය අතහැරියොත් දෙමළාද මෙතනට ඒම වැලැක්විය නොහැකියි.
    නමුත් සිංහල විරෝධය වෙනුවට හින්දු තලිබාන් ක්‍රමයක ජීවන ක්‍රමයකට හුරුවුවහොත් දෙමළාට දෙමලෙක් හැටියටම පැවතීමට හැකියි.
    එනම් දෙමළ කොල්ලන්ට වෙට්ටිය හැඳ නළල සම්පූර්ණයෙන් වැසෙන සේ අලු ගෑමට බල කිරීම, ඩෙනිම් තහනම් කිරීම දෙමළ ගැහැනුන්ට සැමියාට වැඳීමට හා දුම් ඇල්ලීමට බල කිරීම, සල්වාර් අඳුම් හැඳිමේදී ලෙගින් කලිසම් ඇඳීම තහනම් කිරීම
    බටහිර සංගීතය හා තමිල්නාඩු වානිජ චිත්‍රපට තහනම් කිරීම, ‍මෙගා ටෙලිනාට්‍ය තහනම් කිරීම වැනි ක්‍රමවේදයකට ගියහොත් ලංකාවේ දෙමලාට දෙමලෙක් ලෙසම පැවතිය හැකියි නමුත් එය ප්‍රායෝගික නැහැ
    එසේම දෙමළ සමාජයෙන් 30%කට වඩා සිටින ක්‍රිස්තියානි දෙමලාට එය කෙසේවත් ප්‍රයෝජනයට ගත නොහැකියි.
    මුස්ලිම් වරුන්ට මෙම ගැටලුව නෑ නමුත් මුස්ස්ලිම් ආගමේම එකම නිකායට අයත් ජනවර්ග කිහිපයක් එකට සිටිනවිට සුලුතරයට මෙම ගැටලුව එනවා (උදාහරණයක් ලෙස ලංකාවේ මැලේ ජන වර්ගය දැක්විය හැකියි)
    ලංකාවේ දෙමළ දේශපාලනඥයින් හා විද්වතුන් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුම් ලෙස ජන වාර්ගිකත්වය රෙජිස්ටර් කෙරෙන විසඳුම් ඉදිරිපත් කරන්නේ ම මෙම හේතුව මතයි.
    එසේම සිංහල දෙමළ මුස්ලිම් සැම දෙනා එක සමානයි නැමති මතය නිසා වන්නේ ද වර්ග වාදය රෙජිස්ටර් වි සැබෑ සංහිඳියාවට බාදා වීමයි.
    ඒකීය පුද්ගලයන් ලෙස සමානාත්මතාවය යහපත් දෙයක් වුවත් වාර්ගික සමානාත්මතාවය විනාශකාරී දෙයක්.

    ReplyDelete
    Replies
    1. Mr.Jagath Pathirana-it's still not too late to get your brain checked. Same for MKS.
      Hope one day you develop the attitude to see humans and humans and not as races. That's the way people live in developed countries.
      Have a Happy New Year in a non-racist Sri Lanka.

      Delete
  24. අපි තනි දෙමළ පුද්ගලයෙක් සමඟ හෝ නැතිනම් දෙමළ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමේදී දෙමලාගේ මෙම මානසික තත්වය අවබෝධ කරගෙන කටයුතු කලයුතුයි
    එය මඟින් අපට අනවශ්‍ය ගැටුම් ඇතිවීම වලක්වා දෙමළා අපේ පැත්තට හරවා ගැනීමට උදව්වක් ලැබෙනවා. එසේම දෙමලාගේ සිංහල විරෝධයට
    (සමහර දේ දෙස මතුපිටින් බැලූකල දෙමළාට අසාධාරණයක් වී ඇතැයි හැඟුනත්) උඩගෙඩි දීම නොකල යුතුයි එයින් වන්නේ
    දෙමළාට පිස්සු ඩබල් වීම පමණයි. ඒ වගේම ඔබලාට මොලයක් තිබේනම් දෙමලෙකුගෙන් චරිත සහතික බලාපොරොත්තු නොවිය යුතුයි (චරිත සහතික දීම නොදීම දෙමලාගේ වැඩක් එය අපි ගැටලුවක් කරගත යුතු නෑ).
    ලංකාවේ දෙමලාටම කියා ඇත්තේ කුඩා සංස්කෘතියක් පැල්කවි කරත්තකවි වැනි සංස්කෘතික අංග වලින් එය සමන්විතයි අනෙක් දෙමළ කියන හැමදෙයක්ම තමිල්නාඩු ෆොටෝ කොපි
    ලංකා දෙමලාට කලහැකි හොඳම තෝරා ගැනීම එම අංග සමඟ සිංහල ජාතියට මුසුවී සිංහල සංස්කෘතියත් පෝශණය කිරීමයි
    දැනටත් සිංහල සංස්කෘතියේ තිබෙන පහතරට සම්ප්‍රදාය එවැනි දකුණු ඉන්දියානු ආභාශය ලත් එකක් ලංකාවේ දෙමලාට ඇතැයි කියන ප්‍රශ්ණයට ඇති එකම win-win situation එක එයයි
    සිංල අප මෙම කාරණාව තේරුම්ගෙන උපක්‍රමශීලීව ක්‍රියාකල යුතුයි. මෙහිදී මම කලයුතු සියල්ල කියන්නේ නැහැ එය ඔබලා තමනැණ පමණින් සහ දක්ෂතාවයන් අනුව තැනට සුදුසු ලෙස කල යුතුයි.
    ඔබේ පැරණි ලිපියකට ප්‍රතිචාර දැක්වීමේදී මට ඔබේ මිතුරාගේ ජනවාර්ගිකත්වය ගැන වැරදි අවබෝධයකින් කටයුතු කලා එය මගේ වරදක් ඒ හැර එහි වෙනත් කරුණු සම්බන්ධව ගැන ගැටලුවක් නැහැ. ඔබ කලින් ලියා ඇති අදහස් මෙසේ වැරදි නිගමනයක් ඇතිවීමට හේතුවුනා.
    එසේම මම එසේ ප්‍රකාශ කලේ කිසිදු පුද්ගලයෙක්ට හෝ ජන වර්ගයකට අපහාස කිරීමට නොවන නිසා කිසිවෙකුගෙන් සමාව ඉල්ලන්නේද නැහැ.
    මම 1983 වසරෙ වූ කුඩා කෝලාහලය ගැන කියමින් දිගින් දිගටම (මෙගා ටෙලි නාට්‍යයක් මෙන්) සිංහල ජාතියට අපහාස කෙරෙන අයුරු අද්දැක තිබෙනවා.
    අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් මට වූ මේ අත්වැරැද්ද අල්ලාගෙන අවුරුදු 50-60 පමන මට අපහාසකර අස්වාභාවික සතුටක් ලබන්න. මම ඒ ගැන අමනාප නෑ
    මම මෙම ලිපියට ලියා ඇති කොමෙන්ට් සම්පූර්ණයෙන්ම කියෙව්වේ නෑ. අතරින් පතර කියෙව්වා පසුව වඩාත් විමසිලිමත්ව ඒවා කියවීමට බලාපොරොත්තු වෙනවා.
    කිහිප දෙනෙක් මගේ පැත්තට කතාකර තිබෙනවා එයින් "මහ කළු සිංහලයා" විශේෂයි. මා මට විරුද්ධව අදහස් දක්වා ඇති අය සතුරන් ලෙස සලකන්නේ නෑ මම ඔවුන් සලකන්නේ මගේ ග්‍රාහකයන් ලෙසයි.
    එසේම මොවුන්ගේ අදහස් අධ්‍යයනය කිරීමෙන් අඩුපාඩු හදා ගනිමින් මගේ සන්නිවේදන කටයුත්ත වඩාත් සාර්ථක කරගැනීම බලාපොරොත්තු වෙනවා
    "මහ කළු සිංහලයා" ඇතුලු අනිත් සහයෝගය දැක්වූ අයටත් එසේ කිරීමට ආරාධනා කරනවා

    ReplyDelete
  25. ඇලෙක්ස් ඩිලාජ්17 June 2015 at 16:16

    මොන නරුමයෙක්ද බං උඹ 1983 වාර්ගික සංහාරය "කුඩා සිද්ධීයක්" කියන්නේ - තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාවක් නැතුව අමු අමුවේ තිරිසන් විදිහට දෙමළ මිනිසුන් ගැහැණු ළමා ලපටි මරල දාපු එකද මේ "කුඩා සිද්ධිය,"
    අඩුම ගණනේ මගේ දෙමව්පියෝ ‍මේ දෙමළ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නය පිටුපස ඉන්න සිංහල බෞද්ධ ජාති(ක) වාදීන්ගෙත් ජාතිවාදී බෞද්ධ භික්ෂූන්ගෙත් භූමිකාව ගැන මාව දැනුවත් කරල තිබ්බ - ඒ නිසා උමල වගේ නරුමයන් ගැන පුදුම වන්නේ නැහැ

    ReplyDelete
  26. මේ ගීතය ජාතිවාදයට විරුද්ධව ලියැවුණු බව මතු පිටින් පෙනුනත් එහි ජාතිවාදය අඩංගු බව කෙනෙකුට තර්ක කළ හැකියි. https://www.youtube.com/watch?v=fUEWsFYrCbs

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.