Tuesday 16 December 2014

සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness


මා සේවය කරන්නේ සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශයේ ය.

නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් දුම්රියට ගොඩවෙමි. උතුරු සිඩ්නියට පිවිසීම සඳහා නගරයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගොස් සුවිසල් පාළම උඩින් සිඩ්නි වරාය තරණය කළ යුතුය. කිලෝමීටර් පනහක් පමණවන ඒ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය ගමනට පැයයි විනාඩි දහයක් පමණ ගතවේ.

පුද්ගලික කරුණු කීපයක් යෙදී තිබුණු බැවින් මම සඳුදා (15 December 2014) සේවයට නොගියෙමි.

වෙනදා වේලාවටම නිවසෙන් පිටවී, අපේ නිවස පිහිටි ප්‍රදේශයේ නගර මධයට ගොස් පෙර කී එක් කරුණක් සඳහා සහභාගී වී, ඊලඟ කාරණය සඳහා යමින් සිටියදී මෝටර් රථයේ රේඩියොවෙන් අහන්ට ලැබුණේ සිඩ්නි නගරයේ සිදුවෙමින් පැවති ප්‍රාණ ඇපකරු සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තියයි.

ඉස්ලාම් ආගමට සම්බන්ධ ධජයක් ප්‍රදර්ශණය කෙරෙමින් සිදුවුණු මේ සිද්ධිය නිසා, මෙය මුස්ලිම් අන්තවාදියකු ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් දෝ යැයි සැක ඇති වුණද, ඊයේ රාත්‍රිය දක්වාම ඒ කිසිවක් පැහැදිලි වී නොතිබුණි.

පසුව හෙළිවුණු පරිදි කලක් තිස්සේ පොලීසිය දැන සිට ඇති, මෝනිස් නමැති මේ මැර තුවක්කුකරුවා ගේ ග්‍රහණයට පත් වී ඇති අහිංසක පිරිස පිළිබඳව ඕනැම සංවේදී පුද්ගලයෙකු ගේ සිතේ ඇතිවන්නේ කම්පනයකි, කණගාටුවකි. එසේම ඔවුන්ට නිරුපද්‍රිතව මෙයින් ගැලවෙන්නට ලැබේවා යන ප්‍රාර්ථනය ද සිතට නැගේ.

නමුත් පැය ගණනාවක්ම මේ සිදුවීම ගැන ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් සජීවීව ප්‍රචාරය වූ විවිධ වැඩසටහන් අසමින් නරඹමින් සිටියදී මට පුද්ගලිකව යම් කාරණයක් ගැන අප්‍රසන්න බවක් ඇතිවිය.

මේ පිරිස ගැන, ගුවන් විදුලියේ, රූපවාහිනීයේ පමණක් නොව ෆේස්බුක් අවකාශයේ ද කියවුනු හැම පණිවිඩයකම ඔවුන්ට අනතුරකින් තොරව මින් ගැලවීමට ලැබේවා යන පැතුම සඳහා යෙදුණු වචනය නම් ප්‍රෙයා හෙවත් යාඥා යන්නයි.

යාඥා කරනවා යනුවෙන් අදහස් වෙන්නේ බැගෑපත්ව ඉල්ලනවා යන්නයි.

මට නම් මේ යාඥාව යන්න මහා අප්‍රසන්න වචනයකි.

මේ කියන යාඥාව කවුරුන් අමතා කෙරෙන්නක්ද?

මට නම් දෙවියන් යන වචනයද, යාඥාව යන්නද මහත් අප්‍රසන්න, පිළිකුල් සහගත දේ ය.

මගේ අදහස නම් අද ලෝකයේ ඇති ප්‍රශ්ණවලින් යම් ප්‍රමාණයකට වගකිවයුතු වන්නේ ඔය දෙවියන් ඇදහිල්ලය යන්නයි.

මිනිසුන් විසින් දෙවියන් මවා ගන්නට ඇත්තේ තම දුර්වල සිත්වලට යම් ධෛර්යයක් ලබා ගැනීමට විය යුතුයි. එසේ වෙතත්, ඒ මවාගත් දෙවියන් නිසාම අද අප පත්වී ඇත්තේ දුර්වල, අසරණ තත්වයකටයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(image: http://www.abc.net.au/news/2014-12-15/sydney-siege-martin-place-lindt-cafe-hostages-remain-inside/5967340)

54 comments:

  1. පොලිසිය කඩා පැන ප්‍රාණ ඇපකරුවන් බේරා ගන්නා දර්ශන දැන් පෙනේ!

    ReplyDelete
  2. ඕස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරුවන් මානුෂීය මෙහෙයුමකින් මුදා ගත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඕකනෙ කියන්නෙ. මෛත්‍රිලාට ඕව පුළුවන්ද?

      යාඥාව සහ දෙවියන් අප්‍රසන්න වුනත් මොනව කරන්නද? ඒ යකා නෑ මේ දෙයියා සර්වබලධාරී කියනවනෙ.

      Delete
    2. සර්වබලධාරී කියන්නේ අර තිස්තුන්කෝටියේ ම බලතල එක්කෙනෙක් අතට ඇවිත්. නිකං ඬිධායක ජනාධිපති වාගේ!

      Delete
  3. සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
  4. මගෙ යාලුවෙක් දෙයියොන්ට යාඥා කරල මලා. (නෑ ස්වර්ගස්ඨ උනා)

    ReplyDelete
    Replies
    1. යාඥා කළත් නොකළත් මැරෙන දාට මැරෙනවා!

      Delete
  5. යාඤාවෙන් වත්, සාකච්ඡා වෙන් වත් ත්‍රස්තවදය නැති කරන්න බෑ කියලා ඔස්ට්‍රේලියාව වගේ රට වල ඉන්න බබාලට (මානව හිමිකම් ගැන අඬන අය.) දැන් තේරෙනවා ඇති.

    දැන් රසිකගේ යාළුවෝ පොලිටික්ස් ගැන කතා කරයි නේද...?

    ReplyDelete
    Replies
    1. සිඩ්නි සිද්ධිය සංවිධානාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස මෙහේ නම් (in Australia) සැලකෙන්නේ නෑ.

      ඒක ස්ත්‍රී දුෂණ රාශියක් හා මිනිමැරුමක් ගැණ නඩු ඇතිව ඇප පිට සිටින පිස්සු මිනිහෙකු කළ වැඩක් පමණයි. ඒ පුද්ගලයා අරාබි අකුරෙන් ලියූ කොඩියක් පෙන්වීම නිසා මුලින් මෙය ත්‍රස්ත ප්‍රහාරක් ලෙස සැක කෙරුණා!

      නමුත් ලංකාවේ මෙය සංවිධානාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස කියවෙනවා වගෙයි. මට දැන් විනිඩි කීපයකට පෙර අම්මාගෙනුත් කෝල් එකක් ආවා ඒ ආකාරයේ ප්‍රවෘත්තියක් දැකලා!

      Delete
    2. මගේ යාළුවෝ පොලිටික්ස් ගැන කතා කරයි ද කියන්නේ මං කලින් දාපු දේශපාලනයෙන් තොර හැන්දෑවක් ලිපිය ගැන හිතලා වෙන්න ඇති නේද?

      http://rasikalogy.blogspot.com/2014/12/evening-without-politics-oh-what-feeling.html

      ඒ ලිපියේත් මා කියූ පරිදි මිනිස්සු හැමදාම, හැඟ තැනම දේශපාලනය කතා කරනවා. ඒ නිසාම තමයි, එදා සන්ධ්‍යාව වෙනස් එකක් වුනේ!

      Delete
    3. ඔස්ට්‍රේලියාව මේක ටෙරා ඇටෑක් එකක් නෙමෙයි කියලා පෙන්වන්න බොහොම උත්සාහ කරනවා. එතකොට අර පෙන්වපු කොඩිය මොකක්ද...? ඒ මග ඇරීමෙන් පෙන්වන්නේ ඇතුලේ ඉන්න ටෙරාලා කූල් කරන ගැලවිජ්ජ වැඩක්. ඔය ටෙරාලට රෙෆියුජි දීපු රටවල් වැඩි කලක් නොගොස් මේ පරිප්පුව කන බව අපි කිව්වේ ගොඩාක් කලින්.

      Delete
    4. ඒ කොඩිය නම් අයිසිස් කොඩිය නෙමේ කියලයි කියන්නේ. අරාබි අකුරු වලින් තියෙන්නේ "There is no God but Allah; Mohammed is his messenger” කියන කොමන් ඉස්ලාම් ආගමික වචන පේලිය ලු.

      Delete
    5. ඒ කොඩිය අයිසිස් කොඩිය නොවන බව එවෙලේම පැහැදිලි වුණා. මේ මිනිහා පිස්සෙක්. දෙවියන් ඇදහිල්ල නිසා පිස්සුව හැදුණු කෙනෙක් විය යුතුයි.

      ඕස්ටේ‍ර්ලියාවේ "ටෙරාලට රෙෆියුජි දෙනවා" යැයි මං හිතන්නේ නෑ. ලංකාවෙන් ආපු විශාල සංඛ්‍යාවක් කෙලින්ම ආපහු යවන එකට අමතරව, කීප දෙනෙක් බුද්ධි වාර්තා මත පදනම්ව ප්‍රතික්‍ෂේප වුණා. වෙන එකක් තියා ලෝක යුද්ධ කාලේ ආපු හිටපු සුළු සුළු නාසිකාරයින් කීප දෙනෙකුවත් නඩු අහන්න යැව්වා!

      කේපී සහ කරුණා ගැණ කිව ්‍රුතු නෑ නේ?

      මගේ නං අදහස අංගුලිමාලා වුනත් නිවන් දකින් කලින් නඩු අසා හිරගෙට යැවිය යුතු බවයි!
      http://rasikalogy.blogspot.com/2014/12/blog-post_11.html

      Delete
    6. / ලංකාවෙන් ආපු විශාල සංඛ්‍යාවක් කෙලින්ම ආපහු යවන එකට අමතරව/

      අයියෝ කකා,

      ටෝනි ඇබට් ඉන්නේ පැකර්ගේ සාක්කුවේ. පැකර් ඉන්නේ බැසිල්ගේ සාක්කුවේ. ඕවා ඩීල් විතරයි.

      Delete
    7. මොන මොන නම්වලින් ඇවිත් බ්ලොග් ලිවීම කළත් රසිකගේ, තමාගේම පොස්ටුවේ කමෙන්ට් එකක් ලෙසට තමාගේ පොස්ට් එකකටම, තමා විසින්ම ලින්ක් දමාගන්නා පුරුද්ද අත්හැර නැති බව පෙනේ. ඒකෙත් හැටි හැබෑට ..

      Delete
    8. පජාතික රූපවාහිනියට අනූව මෙය අමු ත්‍රස්ත පුහාරයක්.... ඔසී වලත් ක්‍රස්තවාදය තියනවාලු අම්බානක...

      ඒ හින්දා මහින්ද ට චන්දය දෙන්ටලු......... නැත්තං ලංකාවෙත් ආපහු මෙහෙම වෙයිලු........

      Delete
  6. දැන් 70% බෞද්දයෝ ඉන්නා අපේ රටේ බෞද්ද නායකයාත් , මැතිවරණ දිනාගන්නත් බලන්නේ දෙවියෝ ලවානේ , ඉතින් ප්‍රේයා , නැතිනම් යාඥා ව ගැන විස්වාස කරන ඕස්ට්‍රේලියාවේ දෙසපලකයෝ , හෝ මිනිසුන් දෙවියන්ගේ පිහිටෙන් තමන්ගේ කාර්යයන් සපල කරගන්න බලන්නේ නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. දෙවියෝ අදහන අය ඉන්නවා. මේ වගේ මානුශික කරුණු ගැන මිස දේශපාලන කරුණු ගැණ ප්‍රසිද්ධියේ බාරහාර වීම, යාඥාකිරීම් ගැන නම් අහන්නට ලැබිලා නෑ!

      Delete
  7. යාඥ‍‍ා කරන්න හේතුව මම නං ලිව්ව ක‍ාලෙකට ඉස්සර.
    http://raj1st.blogspot.com/2013/09/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කාගෙත් හිතේ දුර්වල බව තියෙනවා.
      මටත් එක වරක් ඕක වෙලා තියෙනවා. ඊලඟට ලියන්නම් ඒ කතාව.

      Delete
  8. යැදලා ඉවර වෙලා SWAT ටීම් එක කැන්දවනවාද? (පලමුව ගොඩින් බේරා ගන්න හදනවා).
    නැත්නම් අවසාන ක්‍රමෝපාය ලෙස සර්වබලධාරි සහය පතනවද?

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, එහෙම කේස් එකක් නෑ, මං කිව්වේ මේ ගැන කතා කරන අය තමන්ගේ වාක්‍ය අතරට our payers are with them හෝ we pray for thier safety වගේ දෙයක් කියන බවයි.

      අර ලංකාවේ කප්පම් ගන්න පැහැරගෙන ගිය කුඩා ළමයාව හොයන්නපත්කරපු පොලිස් මාමලා නම්, බාර හාර වෙලා, මස් මාංශ නොකා එලෝළු ජිවිත ගත කළා ලු නේද?

      Delete
  9. තමන්ට කිසි දෙයක් කර ගන්න බැරිව අසරණ වෙන වෙලාවට 'divine intervention' එකකින් හරි උදව්වක් බලාපොරොත්තු වෙන එක ඉතිං පෘතග්ජන මිනිස්සුන්ගේ හැටියක් නේ. අර ගිලෙන්න යන එක්කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මටත් එක වරක් ඕක වෙලා තියෙනවා. හැබැයි හිත පොඩ්ඩක් විතර රවට්ටා ගත්තා!

      ඊලඟට ලියන්නම් ඒ කතාව.

      Delete
    2. නිරෝව එලියට ගන්ට මේ වගේ දෙයක්ම වෙන්ට ඕනි. :P

      Delete
  10. ෆ්‍රේස් එකක් විදිහට ඕක කිව්වට, ප්‍රායෝගිකව ඕවගේ ප්‍රතිඵල බලාපොරොත්තු නොවීම නම් ලොකු දෙයක්...

    අන්තිම ඡේදය කියෙව්වහම මතක් වුණේ මෙන්න මේ සිංදුව...

    කපා බිම හෙලා ගහකොළ තනා මහ විමන් මිහිමත
    පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
    ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා
    උන්හිටි තැන් නැතිවෙලාද, උන් කල පින් පිරිහිලාද
    රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා

    විඳා අළ නැණින් පිරිසිඳ වසා සිටි නුවන් විනිවිද
    මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
    දෙව්ලොවින් බසින දෙවියෝ සුසුම් හෙලනවා
    ඇස් අදහා ගන්ට බැරිව, පින් පව් විසඳන්ට බැරිව
    ඉරිසියාව යට කරගෙන සාදු කියනවා

    දිනූවෙද මහා සක්වල ලැබූවෙද මහා සිප්නැණ
    දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
    දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා
    මිනිස් මහිම අඩුවෙලාද, මිනිස් කමට හිනැහුණාද
    උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා

    උපුටා ගැනීම suniledirisinghelyrics.blogspot.com

    ReplyDelete
    Replies
    1. පින් දෙන විටදි දෙවියන් හට හුදී දනා
      පින් ගිනුමකට ඒ සැම පින් එකතු වෙනා
      මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
      "පින් පඩි" ලබති ඒ ගිනුමෙන් හිනැහෙමිනා............!!!

      Delete
  11. මම හිතුවා මේ කියන්න යන්නෙ සෙල්ෆි ක්රේස් එක ගැන කියලා. ඒකත් හරි අප්‍රසන්නයි කියලා ඩේලි මේල් එකේ දාලා තිබ්බා. අපිනම් ඉතිං දේව ඇද්හිලිකාරයෝ සහ ඒකෙන් පිහිටක් ලැබිච්ච සහ ලබන මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මට නං එහෙම කතාවක් ඇහුණේ නෑ. ඩේලි මේල් කියන්නේ එංගලන්තයේ පත්තරයක් නේද?

      Delete
    2. What about Noel Mudalige (alis Kumar Gunarathnam)?

      Delete
  12. අපිනම් අපේ ප්‍රාග් බෞද්ධ උරුමය කරා ආපසු යනවා. ගස්, ගල්, දෙවි, නයි, යක්ෂ පෙරේත,භූත ඕනැ එකෙකුට හෝ එකකට යාඥා කරනව දැන් .
    එක දෙයියෙක් විතරක් ඉන්න උන්වගේද අපි? දෙයියො 33 කෝටියයි , තව බූතයන් ප්‍රකෝටියයි, ගස් පූජායි.....ෆුලි ප්‍රොටෙක්ටඩ්

    ReplyDelete
    Replies
    1. බහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානි ච
      ආරාම රුක්ඛචේත්‍යානි – මනුස්සා භය තජ්ජිතා
      නේතං ඛෝ සරං ඛේමං – නේතං සරණමුත්තමං
      නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

      මිනිස්සු ඉන්නේ බයෙන් මිරිකිලා. ඒක වෙන්න ඇති.

      Delete
    2. ඇයි ඉන්දියානු අශෝක අධිරාජ්යවාදයෙන් අප පිට පැටවූ බුද්ධාගම අතහැර දේශීය දේශමාමක අපේම උරුමය වන ගස් ගල් යක් දෙවි භූත වන්දනාව කිරීමේ උතුම් පරමාර්තයෙන් නෙමෙයිද?

      Delete
    3. දැන් අපේ තියෙන්නේ සිංහලත්වය සහ සිංහල බුද්ධාගමයි.

      ඒවා දේශීය දේ!

      අනික බුදුන් ඉපදුනෙත් ලංකාවේ නේ, දන්නේ නැද්ද?

      Delete
  13. තවත් එක් මානසික රෝගියෙක් ගේ වැඩක් වෙන්න පුලුවන්.. කොඩිය රැවටීමට භාවිතා කල එකක් වෙන්නත් පුලුවන්.. දෙවියෝ යදින්නේ ඔබ කිව්වා වගේ දුර්වල අය තමා.

    ReplyDelete
    Replies
    1. කොඩිය පාවිච්චි කරන්නෙ ලෝකෙ යන තාලෙට නෙව. ඒකත් හිතල බලන්න වටින කාරණයක් තමයි.

      Delete
    2. දැන් බෞද්ධ කොඩි අරන් යන්නේ පන්සිල් කඩන්න යන කොටත්.

      අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
      බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
      ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
      බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත...........!!!

      Delete
  14. ඕකනේ කියන්නේ තාක්ෂනය දියුණු වුනත් අපේ බොහෝ අය තවම ඉන්නේ අදහස් අතින් ගල් යුගයේ කියලා. බයිපාස් එකක් කරන්න යන්නෙත් යාඥාව සහ බෝධිපුජා කර කර

    ReplyDelete
    Replies
    1. බුදු බණ කිව්වත් නිරන්නරේ
      බුදු බණ ඇසුවත් නිරන්තරේ
      ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ වනන්තරේ

      Delete
    2. @MKS,හුහ්, කවුද ගල් යුගේ?

      අහල නැද්ද, උල් හැඩයෙන් එල්ලෙන පත්‍ර වල කිරණ මාර්ගයෙන් එන විශ්ව ශක්තිය හා ආශිර්වාදය ලැබූ විට බයි පාස් කොන්දොස්තරකෙනෙක් ලවා වුවත් කරගැනීමට පුලුවන් බව??

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අම්බෝ.......දේශපාලනේ හැම තැනම....

    ReplyDelete
    Replies
    1. ඔව්, දෙයියා සහ යාඥා කියන්නේත් දේශපාලනේ කොටස් තමයි. අද ඊයේ නොවේ එදා මිසර රෝමයේ සිට අද තිරුපති කෝවිල දක්චා!

      Delete
  17. මම බයවුනා රසික උදේම චොක්ලට් කන්ට ගියාද දන්නේ නෑ කියලා...:P

    ReplyDelete
    Replies
    1. සුරා සූදු අතහැර!
      No chocolates, no sugar!

      Delete
  18. ඔස්ට්‍ර්රලියාවත් රටක් විදියට, ඇමෙරිකාව හා එක්ව ත්රස්තවාදයට විරුද්ධ යුද්ධය ලෙස හැඳින්වූ මැද
    පෙරදිග මුස්ලිම් රටවලට එරෙහි යුද්ධයට ,හමුදා භටයන් යැවීමෙන් කෙලින්ම සහභාගී වුනා.
    මෙම සිඩ්නි වල සිද්ධිය තනි පුද්ගලයෙක් කලත් /සංවිධානයක් කලත්, එය දේශපාලනික ක්‍රියාවක්. ඉහත ඔස්ට්‍රලියාවේ දේශපාලන ක්‍රියාවේ ප්‍රතිඵලයක්.
    සාමාන්‍යයෙන් සිදුවන්නේ, රජය දේශපාලකයන්,මාධ්‍ය මෙහි දේශපාලනය සඟවා, මෙහි මානුෂිය පැත්ත ඉස්මතු කරමින් මෙය dramatize කරමින් පෙන්නිමයි. දෙයි යෝ සහ යාඥා අවශ්‍ය වන්නේ ඒකටයි.
    මන්ද ? , රටේ ජනයා මේ ක්‍රියාවේ දේශපාලනය කතා කරන්න සාකච්චා කරන්න පටන් ගත්තොත්, තේරුම් ගත්තොත්, එය රජයටම ,දේශපාලකයන්ට ම පාරා වළල්ලක් වනවා.
    ඔස්ට්‍රලියාවේ දේශපාලනය තේරුම් ගැනීමට, කීර්තිමත් journalist / Activist කෙනෙකු වන John Pilger ගේ හඬට සවන් දෙන්න. documentaries නරභන්න .

    ReplyDelete
    Replies
    1. කිරිබණ්ඩා සේනාරත්න31 December 2014 at 15:19

      ත්‍රස්තවාදීන්ට එරෙහිව ලෝකයේ ශිෂ්ට රටවල් පෙරමුණ ගත යුතුයි - අයිසිසයට විරුද්ධව ඕස්ට්‍රේලියාව කළේ එවැන්නක් - අනික යාඥා ආදිය මඟින් බොහෝදුරට ආගම සීරියස් නොගන්නා ඕස්ට්‍රෛ්ලියාව වැනි රටක් ජනතාව රැවටිය නොහැකිය - ජෝන් පිල්ගර් හා රොබට් ෆිස්ක් වැනි විකල්ප මතවාදීන්ගේ ලිපි හා වාර්තා වැඩසටහන් කලක පටන් බලනවා - එහෙත් අද ජනතාව විසින් පලවා හරින ලද යුක්රේන පාලකයා සුද්ද කරන ඔලිවර් ස්ටෝන් මෙන්ම ඔවුන්ගේ කතාද 100% ක් අනුමත කිරීමට අපහසුයි - ඔවුන්ට ඇත්තේ හුදු ඇමරිකන් විරා්ධයක් සහ ට්‍රෙන්ඩ් එකට ප්‍රෝෙගසිව් වීමේ උනක් පමණක් බව මගේ අදහයි - අවසාන වශයෙන් සිඩ්නි නුවර තුවක්කුරුවා ලෝන් නට් කෙනෙක් පමණක් බව දැන් සනාථ වී අවසන්

      Delete
  19. දෙවියන් ඇදහිල්ල නිසා පිස්සුව හැදුණු කෙනෙක් විය යුතුයි.

    +100 !!!

    ReplyDelete
  20. කොහොමටත් ඔය මුස්ලිම් ආගමේ ඉන්න දෙවියෝ අදහන එවුන්ට නිකංම පිස්සු හැදෙනවා. ඒක හැටි

    ReplyDelete
  21. පරණ ගිවිසුමත් කියවල බලන්න ... වැඩි වෙනසක් නෑ.
    කොහොම වුනත් අදිසි, උපකල්පිත මිත්‍රයන් ඇසුරු කිරීම මානසික ලෙඩක් .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.