Thursday 25 December 2014

ඡන්දේ දා රෑට හොඳ අළුත් කාඩ් සෙල්ලමක්: Three nought four for two (304 / 2)


දැන් සතියකට පමණ කලින් මට දේශපාලනයෙන් තොර සන්ධ්‍යාවක් ගත කරන්නට ලැබුණි. ඒ ගැන සතුටු සිතින් ලියූ ලිපියේ අවසන මා පැතුවේ ඊලඟ සති අන්තයේ අප කීප දෙනෙක් එක්වී සැලසුම් කර තිබූ දින හතරේ නිවාඩුවේ දී ත් එවැනිම දේශපාලනයෙන් තොර වූ කාලයක් උදා වේවා කියායි.

නිවාඩු කාලය ගත කිරීම සඳහා අප ගියේ නිවසින් කිලෝමීටර් 300 ක් පමණ දුර පලාතකටයි. පවුල් තුනක වැඩිහිටියන් හය දෙනෙක් සහ දරුවන් පස් දෙනෙක් ගමණට එක්වී සිටියහ.

වාහන පැදවීමෙන්, විහිළු-තහළුවෙන්, විවේකයෙන්, කෑමෙන් බීමෙන්, මුද්දික පානයෙන් ගතවුණු ඒ දින හතරක කාලයේ දී වුවත් ජංගම දුරකතනය හරහා ෆේස්බුක් හා සම්බන්ධ වීමෙන් ගැලවෙන්නට නොහැකි වීම නිසා සිදුවූයේ මිතුරන් විසින් බෙදා හැර තිබූ විවිධ ප්‍රකාශන, වීඩියෝ, පින්තුර යනාදිය කියවීම, නැරඹීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට යම් කාලයක් වැය වීමයි.

එහි ප්‍රතිපලය වූයේ, අපේක්‍ෂිත නිර්දේශපාලනික නිවාඩුව මද වශයෙන් හෝ කුරුවල් වීමයි.

එය එසේ වෙතත්, ෆේස්බුක් ජාලයේ නිතර සරන එක් මිතුරෙක් වූ සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ කිහිපයක් මට වෙනම ලිපියක් ලෙසින් නිවාඩුව අවසන් වී ආපසු නිවසට පැමිණි පසු පළ කරන්නට සිත්වීම නම් නිවාඩුවෙන් සිදුවූ එක් යහපතකි.

නිවාඩු කාලයේ රාත්‍රියේ කෑමට පෙර අප නිරත වූ එක් විනෝද කාර්යයක් වූයේ කාඩ් සෙල්ලම් කිරීමයි. එයිනුත්, 304 නමැති ක්‍රීඩාවේ නිරත වීමයි.

තුන්සිය හතර යනු ලංකාවේ ඉතා ජනප්‍රිය කාඩ් සෙල්ලමකි. ඉතා සරලව කිවහොත්, බූරුවා (ලකුණු 30), නමය (ලකුණු 20), ආසියා (ලකුණු 11), දහය (ලකුණු 10), හේරා (ලකුණු 3) සහ පොරව (ලකුණු 2) කොල සමග කෙරෙන සිව් දෙනෙකු දෙපිලකට බෙදී කරන මේ ක්‍රීඩාවේ දිනුම ලැබීමට නම්, එක් පිලක් විසින් තමන් එක් එක් වාරයේ දී දිනාගන්නා කාඩ්වලට හිමි ලකුණු එකතුව 160 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුයි. එය ඉතා සරල හැඳින්වීමකි. ක්‍රීඩාවේ තවත් නීති රීති රාශියකි.

මේ ක්‍රීඩාව ගැන නොදන්නා අයට යම් අදහසක් 304 සිංහල විකිපීඩියා පිටුවෙන් ලබාගත හැක.

තුන්සිය හතර ක්‍රිඩාවේ එක් සුවිශේෂී අවස්ථාවක් වන්නේ "පාට්නර් ක්ලෝස් (partner close)", එනම්, එක් පිලක එක් තරගකරුවෙක් තම සගයා නිහඬ කර ප්‍රතිවාදීන් දෙදෙනා සමග කරන තරගයයි. මේ "හයි-ස්ටේක්, හයි-රිස්ක්" තරගයට එළැඹෙන්නට නම් ඉතා හොඳ කාඩ් හයක් තමන් අත තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

අප 304 ක්‍රීඩාවේ නිරතුවූ සන්ධ්‍යාවන් තුනේ දී ම අපේ එක මිතුරෙක් මේ අවදානම ගෙන කීප වරක්ම "පාට්නර් ක්ලෝස්" ක්‍රීඩා කළේ ය. එසේම, ඒ හැම අවස්ථාවේ දී ම, ඔහු (සහ ඔහුගේ තරග සගයා) පැරදුනහ.

ඔහු කෙතරම් වරක් පිට පිට ම මෙලෙස පැරදුනේ ද කියනවා නම්, නිවාඩුව අවසානයට ලංවන විට අපේ හොඳම විහිළුව වූයේ මේ "පාට්නර් ක්ලෝස්" කතාවයි!

කෙසේ වෙතත්, ඒ අත්දැකීම් මත පදනම්ව, (මට) අළුත් කාඩ් සෙල්ලමක් නිර්මානය කර ගැනීමට අද මට හැකිවිය.

තුන්සිය හතර ක්‍රීඩාව සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් දෙපිලකට බෙදී බව මා පෙර ලියූවෙමි. නමුත්, මෙය හය දෙනෙකුට ද ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවකි. එහි දී සිදු කරන්නේ අට, හත සහ හය කාඩ් දොළස ද ක්‍රීඩාවට එක් කර ගැනීමයි.

නමුත්, දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමට තුන්සිය හතර වර්ගයේ ක්‍රීඩාවක් මා නම් මෙතෙක් දැන සිටියේ නැත. මිතුරාගේ "පාට්නර් ක්ලෝස්" ක්‍රීඩා උපක්‍රමය මත පදනම්ව මා කළේ ඒ අඩුව පිරවීමයි.

මෙන්න ඒ ගැන විස්තර.

අවශ්‍ය කොල:
බූරුවා (30), නමය (20), ආසියා (11), දහය (10), හේරා (3) සහ පොරව (2)

ක්‍රීඩකයින්:
ප්‍රායෝගිකව දෙදෙනෙකි. සගයන් දෙදෙනා සිටිය යුතු නැත. මක්නිසා ද යත් මෙය හැමවිටම කණ්ඩායම් දෙකේම "පාට්නර් ක්ලෝස්" තරගයකි!

ක්‍රමය:
සුපුරුදු ආකාරය කොල අනා, තුන බැගින් සිව් දෙනාට බෙදන්න. මුල්වටයෙන් තුරුම්පු කියා දෙදෙනා ක්‍රීඩා කරන්න. "පාට්නර් ක්ලෝස්" නිසා තරග සගයින් දෙදෙනා ගේ කාඩ් සියල්ල තරගය අවසාන වන තුරු වසා තබන්න.

ක්‍රීඩා වටය ඉතා ඉක්මනින් අවසන් වේ. ඉන් පසු අවශ්‍ය නම්, වසා ඇති තරග සගයින් ගේ කාඩ් රැගෙන ක්‍රීඩා කළ හැක.

ජනවාරි අටවෙනිදා රාත්‍රියේ නිවසේ දෙදෙනා පමණක් එකතුව ඡන්ද ප්‍රතිපල විස්තර ප්‍රචාරය නරඹන්නට අදහස් කරන අයට මෙය ඉතා ප්‍රායෝගික කාඩ් ක්‍රීඩාවක් වෙනු ඇති යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(http://daydreams.hubpages.com/hub/how-to-play-the-card-game-Switch)

23 comments:

  1. රසික මේක තියරියක් විදියට කිව්වාද නැතිනම් ඇත්තටම තව එක්කෙනෙක් එක්ක සෙල්ලම් කරලා බැලුවද...? මොකද ප්‍රායෝගිකව මෙහෙම කරද්දි තරඟකාරීත්වය අඩුවෙලා බෝරින් වේවි කියලා මට හිතෙනවා... මේ විදියට ඕමි ක්‍රීඩාව දෙන්නෙක් එක්කත්, ඒකම පොඩ්ඩ්ක් වෙනස් කරලා 5,3,2 විදියට තුන්දෙනෙක් එක්කත් සෙල්ලම් කරලා තියෙනවා... මට හිතුනේ වෙන කරන්න මොකුත්ම නැත්තම් හොඳයි කියලා... :)

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් සෙල්ලම් කරනවිට බූරුවා ගැසීම තරම් නැගලා යන වෙනත් ගේමක් නැත. ඕමි සිංහලෙන් නම් පරිගණකය හා ඕමි ගසන ක්‍රීඩාවක් මා සතුව තිබේ. එයනම් තරමක ආතල් ගේමකි.

      Delete
    2. Indika,
      Dennage omi gahala nAdda?

      Delete
    3. Ara kola anith pAththa harawala bedhala gahanne?

      Delete
    4. මාත් හිතන්නේ කාඩ් කුට්ටමේ තියෙන හොඳම ගේම බූරුවා ගැහිල්ල කියාය.. රසික මහතා බූරූවා ගැහිල්ල ගැන දන්නේ නැතිව ඇතිය. එහෙම දන්නවා නම් මේ පර්ජෝ කාර් මොඩල් එකක් ගැන කතා කොරන්නේ නැතිය.. බූරුවා ගහන්නේ කොහොමද කියලා නිහාල් අයියාගේ.. "සල්ලි මිටි ගනන්" සින්දුවේ තියෙනවාය.. ඕමී ගැහිල්ලෙත් මේ විදියෙම සෙල්ලමක් තියෙනවාය.. ඒකට කියන්නේ ඉල්ලලා කපෝතියක් ගහනවා කියලාය...

      Delete
    5. මේ දෙන්නා ගේ තුන්ස්‍රි හතර නිවසේදී අත්හදා බැලුවෙමි. වරදක් නැත. සිව් දෙනාගේ ක්‍රීඩාවට වඩා අවිනිශ්චිතබව වැඩියි. එනිසාම උණුසුම්ය. පාට්නර්ස් ලාගේ කාඩ් අත් වලට ගිය විට තවත් විනෝදය වැඩි වෙයි.

      බූරුවා ගැසීමට නොදන්නේ කවුද? නමුත් මට නම් එය කිසිම වගතුවක් නැති එකකි. තනිකරම කොල ඇනෙන ක්‍රමය මත පමණක් දිනුම රැඳී ඇත. හිතන්නට මෙලෝ දෙයක් නැත.

      ඕමිවලට වඩා මා තුන්සිය හතරට කැමති ද එහි දී සිතීමට යමක් ඇති නිසාය.

      Delete
  2. ඔබට මේ නිවාඩුවෙන් ලබුනෙ එක යහපතක්, සමහරුන්ට යහපත් දෙකක්: (i) මුද්දික පානය as longivity drink (Doctor's recommendation) and (ii) අවශය වෙලවේදී කනේ පුලුන් ගසා ගෙන කාලය ගත කිරීම - Lots of health and other benefits!!

    ReplyDelete
  3. අරගලය ජනවාරි 8දායින් ඔබ්බට
    ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද?

    .
    අම්මටසිරිපැරකුම්

    ReplyDelete
  4. "පාන ක්ලස්" geamak thamaa mea sAre thiyenne

    ReplyDelete
    Replies
    1. හැබැයි තුරුම්පු ඕපන් නේද?

      Delete
    2. වහල තියන තුරුම්පු තව තියනව කියලයි ආරංචිය

      Delete
  5. මම නම් කලින් ම තේ බෝතලයක් හදාගෙන.... හවස් වෙලා නෝනත් ඒක්ක සෙට් වෙලා වඩේ ටිකක් බයිට් ටිකක් ඒහෙම හදාගෙන ..... කොකා කෝලා ඒකක් ගෙනැල්ලා.... රෑ ඒළිවෙනකල් ෆිල්ම් ටික බලන්නයි අදහස..මැදින් මැදින් ඡන්ද ප්‍රතිඵල දාන ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ.... ප්‍රථිඵල වැඩියෙන දාන කොට නිදා ගන්නවා.. මොකද සිකුරාදා වැඩට යන්න ඒපැයි........

    ReplyDelete
    Replies
    1. මං නං නිවාඩුවක් දාන්නයි ඉන්නේ සිකුරාදාට!

      Delete
  6. 304 දෙන්නාටත් අපි නම් ඉස්සර සෙල්ලම් කරලා තියෙනවා නීති නම් මතක නැහැ. කොහොමත් ඕවා දෙන්නා ගහන විට උණුසුමක් නැහැ. ඔක්කොම කොළ ටික එකවර බෙදුවොත් තම අත දැක්කම අනෙකාගේ කොළ දන්නා නිසා ඔබේ ක්‍රමය හොඳයි. නමුත් ඔබ කියන විදියට //ඉන් පසු අවශ්‍ය නම්, වසා ඇති තරග සගයින් ගේ කාඩ් රැගෙන ක්‍රීඩා කළ හැක.
    // කොටසේදී නම් උණුසුමක් ඇතිවෙන්නේ නැහැ.
    දෙන්නෙකුට උණුසුම්ව කරන්න පුළුවන් කාඩ් ක්‍රීඩාව තමයි බූරුවා. කාඩ් වලින් කරන්නේ නැති දෙදෙනෙකුට කළහැකි උණුසුම්ම ක්‍රීඩාව තමයි රති කෙලිය. චන්දේ දා රෑට කරන්න හොඳ සෙල්ලමක් තමයි ඒක.

    ReplyDelete
    Replies
    1. කෙලිය කෙසේ වෙතත් කෙල වෙන බව නම් සිකුරුයි!

      Delete
  7. බූරුවො වැඩිනම් තමයි 304 වල දිනන්නෙ,
    2015වලත් එහෙම වෙයිද?

    ReplyDelete
    Replies
    1. තුන්සිය හතර ක්‍රීඩාවේ තියෙන රූල් ඔෆ් තම්බ් එකක් තමයි බූරුවෙක් තුරුම්පුවකින් කපලා ඊලඟට බූරුවෙක් අදින්න එපාය කියන එක.

      ඒ වගේ එකක් නං වෙයිද මන්දා?

      Delete
  8. අජූත සෙල්ලම් කරල තියනවද ?
    හුඟ දෙනෙකුට ( 6ක් 8 ක් වුනත්) පුලුවන්. පෘතුගීසින්ගෙන් ආපු එකක් මං හිතන්නෙ.
    ඕමි සහ 304 ට වඩා සංකීර්ණයි. Bridge තරම්ම නෑ ඒත් ඊට වඩා fun හුඟක් වෙලාවට.
    මට හරියට rules මතක නෑ දැන්,
    කවුරුවත් දන්නවද?

    ReplyDelete
  9. Thanks Buddy, I was For me, I trust one gentleman in this country- he is just about the only straightforward and practical man ever was in Sri Lankan decision making scene, who has real goals and achieves them for the benefit of the people- Gotabhaya Rajapaksha- looking at the Rajapaksha brothers we see a wonderful symphony of cooperation, they listen to the people and do know what the people and country need- and WORK for it. No other pre runners in the political arena have displayed these qualities as for what I have seen during last 30 years. Chandrika, Ranil had governments but there was not a single specimen of this kind and everyone knows how they lied and did nothing in their tenures. There is hardly anything to remember as worthwhile from their times and rules. Now having said that I know media like Lankaenews are bitterly against this union of brothers- especially Mr. Gota. I am an ardent reader of Lankaenews and reading through all these years I can very well see what their set of mind is. Their arch enemy is GR and the hatred they show towards this man is unbelievable. Few articles of them have helped me understand their real roots- the deaparate tamil diaspora who never gave up after the death of prabhakaran and who are always keen to take their vengeance one way or the other. Also as a side note its funny to see how they mercilessly attacked Champika Ranawaka on his sex life just a few months ago, no difference in the case of Athuraliye Rathana although with other allegations- and how they have been whitewashed now in the face of LEN. Carefully looking at the scenario one can see who are interested in creating a political instability in SL and what i suppose is they have found much better strings to pull this time than just create a noise about making an exil government outside Sri Lanka which could not get them anywhere, this time mingling right into SL politics attracting the general public influencing ill feelings as much as possible within the country. Now if you mention KP and Karuna Amman- my hats off to them- and great tactics of Rajapaksha brothers who have shown they are a hitherto not seen a genre of political characters who can make use of the enemy when they want- getting someone converted is not a job anyone can do- getting the leaders converted into opposant camp!! - hats off to you my friends f0r the game 304 and h0w t0 play it.. n0w s0mething ab0ut p0litics...

    ReplyDelete
  10. s0rry, i said I was l00king f0r the game 304 and h0w t0 play it.. at first. It g0t cut in half it seems..

    ReplyDelete
  11. බූරුවෝ දෙන්නෙක් දෙපැත්තට වෙලා තුරුම්පු වහගෙන ගේම ගහන අතරේ වටේ ඉන්න වට පඩයෝ උන්ගේ අත්වලට එබි එබි අරක වහපන් මේක වහපන් කිය කිය නටන මේ නාඩගම ඉවරවෙන දවසටත් අපිට බූරු කූට්ටමේම සරණයි.. හැක් හැක්.. කකා ගේ බ්ලොග් එකේ දාපු පළවෙනි කොමෙන්ටුව.. ජය ශ්‍රී!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.