Wednesday 4 February 2015

ඩුවල් සිටිෂන්ෂිප් එක හෙවත් ද්විත්ව පුරවැසිභාවය - Killing the goose laying golden eggs


මුලින් ම මෙන්න වැදගත් ම කාරණය.

මම ද්විත්ව පුරවැසියෙක් මි. ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ද්වයය ම මට හිමි ය.

මා මෙන් ම, මගේ බිරිඳ ද, දියණිය ද ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෝ වෙති. ඕස්ට්‍රේලියාවේ ඉපදුණු මගේ පුතා ද, ඔහු ගේ උපත ලංකාවේ ද ලියා පදිංචි කර ඇති නිසා, ඔහුට වසර දහ අට පිරෙන තෙක් ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි.

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ අයෙකුට මේ ආකාරයට ද්විත්ව පුරවැසියෙක් වෙන්නට ලැබෙන්නේ, මුලින්ම, එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් ඉඩ ලැබී ඇති නිසාය. එනම්, තම රටට සංක්‍රමණය කර පදිංචි වී සිට පසුව පුරවැසිකම ලබාගන්නා අයෙක්, තමන්ගේ මුල් පුරවැසිබව තව දුරටත් තබා ගැනීමට අදහස් කරයි නම් එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් අවසර දී ඇත. ඇත්තටම, ඕස්ට්‍රේලියානුවෙකුට අවශ්‍ය නම් රටවල් කීපයක වුවද පුරවැසි බව තබා ගත හැක. ඒ සඳහා වෙනම ඕස්ට්‍රේලියාවෙන් අවසර ඉල්ලීමට අවශ්‍ය නොවේ. අවසර අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල්වලිනි.

මේ අතර, ලංකාවේ නීතියට අනුව තම පුරවැසියෙක් වෙනත් රටකට සංක්‍රමණය කර එහි පුරවැසිකම ලබාගත් පසුත්, ඔහුට හෝ ඇයට ලංකාවේ පුරවැසිකම ද තවදුරටත් තබා ගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා පෙර අවසරයක් ලංකාවේ රජයෙන් ලබාගත යුතුය.

එනිසා, සරලව "ද්විත්ව පුරවැසි අයැදුම" හෙවත් "ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලිකේෂන්" නමින් හැඳින්වෙතත් මේ අයැදුම් කරන්නේ සහ අවසර ලබා දෙන්නේ නිවැරදිව කිවහොත්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබාගැනීමට ය.

මේ සඳහා මට ඇති අවසර පත්‍රය "ච.බ.කු." විසින් තම රබර් සීල් එක තබා නිකුත් කර ඇත. ඒ, ආගමන හා විගමන විෂයය බාර රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස කළ අනුමැතියකි.

ඒ දිනවල මේ සඳහා අයැදුම් පත්‍ර ගාස්තුව වූයේ මුල් ඇයදුම්කරුට රුපියල් ලක්‍ෂයකි. එයට එක් කරන පවුලේ අනෙක් සාමාජිකයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් විසි පන්දහසක් ගෙවිය යුතු විය. මේ අනුව මම, මේ සඳහා රුපියල් 150,000 ක් ගෙවූයෙමි. එය එවකට විනිමය අනුපාතිකය අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 3,500 ක් පමණ විය.

මෙතරම් මුදලක් ගෙවා ලබා ගත් ඒ සහතිකය නිකම්ම නිකං දුඹුරු කඩදාසියක මුද්‍රණය වූ එකක් පාංකඩයක් වැනි කොළ කෑල්ලක් පමණක් වීම නම් දුකට කරුණකි.

මා මෙන්ම අප දන්නා හඳුණන පවුල් කීපයක්ම ඒ අකාරයට අවශ්‍ය අවසරය මුලින් ශ්‍රී ලංකාවෙන් ලබාගෙන, ඉන් පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබා ගත්හ. ඒ දිනවල එතරම් මුදලක් වැය කරමින් අප එලෙස කළේ ඇයි ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

තමන් ඉපදුණු, හැදුණු, වැඩුණු, ඉගෙනගත්, වසර ගණනාවක් රැකියා කළ රට සමග ඇති ඒ පෙකෙණිවැල කපා දැමීමට සිත හදා ගැනීම, අප බොහෝ දෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නොවෙන නිසාවෙනි. ඒ බැඳීම සදාකාලිකවම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාවෙනි.

ශ්‍රී ලාංකිකයින්ට මේ අවසරය මුලින්ම ලබා දී ඇත්තේ වසර 1988 දී වන අතර එකල මේ සඳහා ගාස්තුව වී ඇත්තේ රුපියල් 5,000 ක් පමණි. පසුව ආර් පේමදාස යුගයේ දී මෙය එක්වරම 2000% කින් වැඩිකර ඇත. එකල ඇමතියෙකු වූ ලලිත් අතුලත්මුදලි මේ වැඩිකිරීම හඳුන්වා ඇත්තේ "රත්තරන් බිත්ර දැමූ කිකිළිය මැරීමේ" කතාවටයි.

නමුත් පසු කලෙක චන්ද්‍රිකා රාජ්‍ය සමයේ දී සිදුවූයේ ද මේ අයැදුම් පත් ගාස්තුව තවත් දෙතුන් ගුණයකින් ඉහල යාමයි.

ඉන් පසුව, හේතුව කෙලින්ම නොදැක්වූවද, පසුගිය රජය ජාතිවාදී න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබා ගැනීමට අවසර දීම තාවකාලිකව අත් හිටුවන ලද අතර, ඒ අත්හිටවීම මේ වසරේ මුල දක්වා ම ක්‍රියාත්මක විය.

පසුගිය වසරේ අග භාගයේ සිටම, මේ තාවකාලික අත්හිටුවීම අවසන් කර අළුතින් නීති හඳුන්වා දෙන බවට විවිධ ප්‍රකාශ වටින් ගොඩින් කෙරුණ ද, එය ඇත්තටම ප්‍රකාශ කෙරුණේ මේ වසරේ මුල් සතියේ ය.

ඉන්පසු අද වෙන විට, යහපාලන මිනි බජට්ටුව මගින් ඒ අයැදුම් පත්‍ර ගාස්තුව, එක පුද්ගලයෙකුට රුපියල් 500,000 ක් දක්වා වැඩි කර ඇත.

මේ සමාන අයැදුම්පත සඳහා ඉන්දියාවේ ගාස්තුව ඉන්දියානු රුපියල් 15,000 ක් පමණි!

ලංකාවට ගොඩ බැසීමෙදී තමන් වෙසෙන රටේ ගමන් බලපත්‍රය වෙනුවට තමන් ගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය පාවිච්චි කළහොත්, විස්කි බෝතල් එකහමාරක් වෙනුවට බෝතල් තුනක් ම තීරු බදු රහිතව මිළදී ගැනීමට හැකිවීම, ඒ සමහම තීරු බදු සාප්පුවකින් ඥාතියෙකුට කුමක් හෝ අවශ්‍ය විදුලි උපකරණයක් මිළට ගෙන සුළු මුදලක් ඉතිරි කර දීමට හැකිවීම වැනි සුළු වාසි අතහැරිය විට, වෙනත් රටක පුරවැසිබාවය ලබා දිගටම එහි ජීවත් වීමට සිතා සිටින අයෙකුට ද්විත්ව පුරවැසියෙක් වීමෙන් ලැබෙන ලොකු ආර්ථික වාසියක් නැති තරම් ය.

එනිසා, මේ වැඩිකළ ගාස්තු නිසා මෙතෙක් කල් මේ අවසරය ලබා ගැනීමට අදහස් කරගෙන සිටි අයගෙන් කොටසක් දුර්මුඛ වී, එනිසා මේ සඳහා ඇති ඉල්ලුම අඩුවී ගොස්, මේ ගාස්තු මගින් ක්‍ෂණිකව ලබා ගත හැකි මුළු ආදායමද ඇස්තමේන්තුවලට වඩා අඩුවිය හැකි අතර, මා කලින් සඳහන් කළ රන් බිජු දැමූ කිකිළිය ගේ උපමාවේ මෙන් ද්විත්ව පුරවැසිබව ලබාගන්නා පිරිස අඩුවීමෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව පාඩු සිදුවීමටද ඉඩ ඇති බව මගේ අදහසයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ද්විත්ව පුරවැසි අයැදුම් පත් ගාස්තුව වැඩි කිරීම සහ විදෙස් රටකට සංක්‍රමණය කරන්නට යන අය සඳහා පනවා ඇති නව බද්ද ගැන තොරතුරු සඳහන් වූ වෙබ් පිටුවක, ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර සිංහල පිරිස් කර තිබූ ප්‍රතිචාර කියවූ මට පෙනී ගියේ ඒ අය, ලංකාවෙන් පිටවී යන්නන් සහ දැනටම නොරට වෙසෙන්නන් (එනම් වචනයේ සැබෑ අර්ථයෙන් ඩයස්පෝරීක ලාංකියකයින්) කෙරෙහි අප්‍රමාණ කෝපය, ක්‍රෝධය සහ කුඩුකේඩුකමෙන් පෙළෙන බවයි!

මෙන්න ඒ වෙබ් පිටුව.
http://www.lankadeepa.lk/index.php/articles/293644

ප/ප/ලි:
මෙතනදී අපේ සමහරු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ද වරද්දා ගන්නා තැන් බොහෝයි.

1. මෙය අමුතු අයිතිවාසිකමක් ඉල්ලීමක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදර සමග සම්බන්ධය තියා ගැනීමකි. එය ස්වභාවික දෙයකි. ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

2. මෙය මුදල් වැඩියෙන් අය කිරීම ගැනම ගැටළුවක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදරට එන්න දෙමව්පියෝ සල්ලි අය කරනවාද? උඹ බැඳලා ගියා නම් එහෙට වෙලා හිටපන් කියනවාද? ඒ තමන් ගේ ම දරුවන් සහෝදරයින් නේද? මොකක්ද මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

3. මේ වෙනත් රටක පදිංචිව සිටින අයත්, විදෙස්ගතව තාවකාලිකව පදිංචි වී රැකියා කරන අය මෙන් ලංකාවට කෙතරම් විදේශ විනිමය ලබා දෙනවාද? මීට අතරම, මා හොඳින් දන්නා පරිදි මේ පිරිස් ලංකාවේ පුන්‍යකටයුතු සඳහා කොයිතරම් මුදලක් එවනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

4. මේ පිරිස් විටින් විට ලංකාවට ආ විට ඒ ගමන් බිමන්වලදී කොයි තරම් මුදලක් ලංකාවේදී වැය කරනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

5. බදු අය කරන හේතු දෙකක් තිබේ. එකක් රජයේ වියදම් සඳහා ආදායම රුස්කර ගැනීමයි. වැට් බද්ද, විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති තොග බදු එවැනි බදු වේ. අනෙක ජනතාවගේ යම් යම් චර්යාවන් පාලනය කිරීමයි. කැසිනෝ බදු, මෝටර් වාහන සඳහා බදු යනාදිය දෙවැනි වර්ගයයි. මට වැටහෙන පරිදි, සංක්‍රමණිකයින් සඳහා පනවන මේ බදු සැලකිය හැක්කේ දෙවෙනි කොටසේ ලා ය. එනම්, මේ බද්දේ සහ එය ඬැඩි කිරීමේ අදහස, රජයේ ආදායම වැඩිකර ඝැනීම නොව, සංක්‍රමණය අඩු කිරීම සහ සංක්‍රමණිකයින් තමන් ගේ මව් රටෙන් දුරස් කිරීමයි!

6. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.

(image: http://www.hdwallpapers.in/dual_monitor-desktop-wallpapers.html)

124 comments:

  1. Indians don't get dual citizenship. They get a PIO (Person of Indian Origin) card.https://en.wikipedia.org/wiki/Persons_of_Indian_Origin_Card

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලිවීම සඳහා මා පරිශීලනය කළේ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් පළකර ඇති මේ විස්තරයයි.
      http://www.hcicolombo.org/page/display/22

      ඔවුන් මේ සඳහා භාවිතා කරන නම- Overseas Citizenship of India එනම් විදෙස්ගත ඉන්දියානු පුරවැසිබව නම් වේ. එයින් අදහස් කෙරෙන්නේ ද්විත්ව පුරවැසිබව ම ය.

      මෙන්න එතැනින් උපුටා ගත් වැකියක්.

      "Based on the recommendation of the High Level committee on Indian Diaspora, the Government of India decided to grant Overseas Citizenship of India (OCI) commonly known as "dual citizenship". Persons of Indian Origin (PIOs) of certain category as has been specified in the Brochure who migrated from India and acquired citizenship of a foreign country other than Pakistan and Bangladesh, are eligible for grant of OCI as long as their home countries allow dual citizenship in some form or the other under their local laws."

      Delete
    2. If I'm correct PIO is sort of a permanent residency not citizenship. I think you can't vote or contest for elections.

      Delete
  2. බොහොම ස්තුතිය් රසික ඔබ මම විසින් ලියන ලද මේ ලිපියේ අඩංගු කරුණු සාක්ෂි සහිතව ඔප්පු කලාට.
    Fucking sons of mother Sri Lanka

    ඇත්තටම ඔබ වැනි විදෙස් ගතවූ බොහෝ අය ලංකාවට ණය ප්‍රමාණය ලක්ෂ පහට වඩා බොහෝ වැඩිය. ලංකාවේ හෙට උපදින දරුවන් පවා ලක්ෂ හතරකට වඩා විදෙස් ණය කාරයන්වීමට ඔබද යම් තරමකින් හෝ හේතු වේ. අවංකව හිතන්න ඔබ වැන්නවුන් මවුබිමට ලක්ෂ 10ක් දුන්නත් ඔබගේ ණය නොගෙවේ.

    ලක්මවට xකන දරුවෙක් නොවී ලක්මවට මවට ආදරය කරන දරුවෙක් වන්න.

    ReplyDelete
    Replies
    1. අද්යාපනය යනු යුතුකමක් නොවේ.අය්තිවාසිකමකි.මහා කලු සින්හලයා මෙයවත් දන්නේ නැති බවයි පෙනෙන්නේ.යුතුකම් අයිතිවාසිකම්ගැන දැන ගැනීමට පුරවැසියකු විය යුතුයි.බයියන් යුතුකම් සහ අයිතිවාසිකම් අතර වෙනස දන්නේ නැත

      Delete
    2. ඔබගේ දැනුම පේනවා

      Delete
    3. වෙන දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුනාද.කමක් නැහැ.

      Delete
  3. 1.Mahakalu sinhalaya Yaha palanaye hondak dakinawada? 2.Rasika Mahatha lankawe usas adyapanaya laba athinisa oba ese kiyai,lankawedi 8 wasara pamanak samath, ayeku lankawata keeyak nayada? oya kudukedu kamin pelennata hethua.nohakikai sithami.Owunta ema Awasthwa lebunoth Pawul pitin yanawa pamanak nowa,Inpasu,WedsGatha Weeme,RASAYATH;GUNAYATH,EHI athi VITAMIN Bahulathwayath Apata kiya dewi.IRSHYAWATA Beheth nometha,

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්නා සමහර පිරිස්- විවිධ හේතු නිසා රටින් පිටව ජීවත් වෙන අය ගැන කතා කරන්නේ ඇදහිය නොහැකි තරම් මහා කුඩුකේඩුකමකින් සහ ක්‍රෝධයකින් යුතුවයි.

      මෙය හොඳින් පෙනුනා මා ප/ලි හි සඳහන් කළ ලංකාදීප පුවත් අඩවියේ පිටුවෙන්.
      http://www.lankadeepa.lk/index.php/articles/293644

      Delete
  4. මහා මුචලින්ද , ඕස්ට්‍රේලියාවේ රසික හිමි

    ReplyDelete
  5. නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගෙ නහ ගැනීම.

    උඹේ පෝස්ට් එකක් තිබුනා, ''I was once an UNPer'' කියලා. an UNPer කියන්නෙ නැහැ. හරි විදියට නම් a UNPer වෙන්න ඕන. (Honorary) ඔනරරි කියන එක හොනරරි කියනවා. less than under a dollar කියනවා. ඇත්ත කියපං උඹ ආනන්දෙට ගියාද?ඇත්තටම උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද? ලංකාවෙ ඉන්න අපි තරම් වත් උඹ ඉංග්‍රීසි දන්නෙ නැති නිසයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. ඔබට සමහර වෙලාවට තමන් ගැනම ලොකු කළකිරීමක් දැනෙනවා නේද? ලෝකයම එපා වෙනවා නේද?

      කරුණාකර මෛත්‍රී භාවනානව පුරුදු කරන්න.

      ස්තුතියි.
      http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html?showComment=1422958244118#c879606115000729610

      !!!

      Delete
  6. I cannot agree with u Rasika. Think more rationale way as a reasonable person. I think this new fee is reasonable and a good decision by the new cabinet. These migrated selfish buggers would like to pay Rs. 5-10 million or even more to get Aussie, Canadian, UK etc. citizenship but feel extremely stingy to pay Rs 500,000 to SL where they get all facilities from like education, free health etc. I think this fee must be further increased and better to treat them as foreigners when visit SL and charge them rates suitable for foreigners. A radical and acceptable decision from UNP government.

    ReplyDelete
    Replies
    1. Anonymous4 February 2015 at 07:05

      Another good news ! They have imposed 20% tax from migrants when they take money from SL. Now 20% tax for the migrants and if one taking 5 million he has to pay 1 million as a tax. What a beauty. This should be increased around 25 - 35 at least. A nice response to limit this useless migrating trend. This could have done long before but the bloody previous regime was too stupid to understand the importance of this. I wish all the best for the new government and to continue this irrespective of undue influence made by such migrated SL diaspora both Tamil & Sinhalese who doesn't love their motherland.

      Delete
    2. I don't know where you got your figures. but 5-10 million seems excessive. In USA the fee for green cards (LC, I140 and I485) is around US$1800 (SL Rs. 240,000). So about 1/20'th of the lower end you quoted.
      If the government is angry by people migrating they can just cancel the dual citizenship, but since they are not doing it my guess is that they want to make as much money off the process as possible. If that's their intention then it's stupid to do this. It's like if you price an item Rs.1000 and sell only 10 then you get Rs.10,000. But if you price it at Rs.100 and sell 10,000 then you have Rs.1,000,000. It's as simple as that.
      As for the argument that people study form free education and migrate, then the best thing to do is to privatize the education. That way government doesn't need to bear the cost of educating these people who are any way going to migrate to another country.

      Delete
    3. මෙතනදී මේ ඇනෝලා දෙන්නා සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වරද්දා ගන්නා තැන් බොහෝයි.

      1. මෙය අමුතු අයිතිවාසිකමක් ඉල්ලීමක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදර සමග සම්බන්ධය තියා ගැනීමකි. එය ස්වභාවික දෙයකි. ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

      2. මෙය මුදල් වැඩියෙන් අය කිරීම ගැනම ගැටළුවක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදරට එන්න දෙමව්පියෝ සල්ලි අය කරනවාද? උඹ බැඳලා ගියා නම් එහෙට වෙලා හිටපන් කියනවාද? ඒ තමන් ගේ ම දරුවන් සහෝදරයින් නේද? මොකක්ද මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

      3. මේ වෙනත් රටක පදිංචිව සිටින අයත්, විදෙස්ගතව තාවකාලිකව පදිංචි වී රැකියා කරන අය මෙන් ලංකාවට කෙතරම් විදේශ විනිමය ලබා දෙනවාද? මීට අතරම, මා හොඳින් දන්නා පරිදි මේ පිරිස් ලංකාවේ පුන්‍යකටයුතු සඳහා කොයිතරම් මුදලක් එවනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

      4. මේ පිරිස් විටින් විට ලංකාවට ආ විට ඒ ගමන් බිමන්වලදී කොයි තරම් මුදලක් ලංකාවේදී වැය කරනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

      5. බදු අය කරන හේතු දෙකක් තිබේ. එකක් රජයේ වියදම් සඳහා ආදායම රුස්කර ගැනීමයි. වැට් බද්ද, විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති තොග බදු එවැනි බදු වේ. අනෙක ජනතාවගේ යම් යම් චර්යාවන් පාලනය කිරීමයි. කැසිනෝ බදු, මෝටර් වාහන සඳහා බදු යනාදිය දෙවැනි වර්ගයයි. මට වැටහෙන පරිදි, සංක්‍රමණිකයින් සඳහා පනවන මේ බදු සැලකිය හැක්කේ දෙවෙනි කොටසේ ලා ය. එනම්, මේ බද්දේ සහ එය ඬැඩි කිරීමේ අදහස, රජයේ ආදායම වැඩිකර ඝැනීම නොව, සංක්‍රමණය අඩු කිරීම සහ සංක්‍රමණිකයින් තමන් ගේ මව් රටෙන් දුරස් කිරීමයි!

      6. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.

      Delete
    4. //. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.//

      සම්පුර්ණ අසත්‍ය ප්‍රකාශයක්. මේ හම්බ සොහොන බලන්න තියෙන රේට් බලන්න. Shame Shame bloody Indians ද ??

      http://www.tajmahal.gov.in/ticketing.html

      Delete
    5. @ මහසොහොන් පිල්ලිය

      නැවතත් ඔබ පෙන්වන්නේ ඔබේ මෙහි අරමුණ මගේ ලිපියේ අදහස තේරුම් ගැනීම නොව, මා සමග මොකක්දෝ කෝන්තරයක් පිරිමසා ගැනීම බවයි.

      මා මෙහි ලියා ඇති දේ නොතේරෙන්නේ.ඇයි?

      මා කියා ඇත්තේ "මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත" කියායි.

      මා දැක නැති තැන් ගැන මට කියන්නට බෑ. මා ගොස් ඇති ඕස්ටේ‍ර්ලියාව, නවසීලන්තය, ඇ.එ.ජ., ජර්මනිය, ඉතාලිය වැනි රටවල විදේශිකයින්ට එක ගාස්තුවකුත්, දේශිය පිරිසට එක ගාස්තුවකුත් අය කිරීමක් මා නම් දුටුවේ නැ.

      ටජ්මහල් ගැන මා අසා තියෙනවා. මෙන්න මේ කතාව නිසා.

      රූපියල් සීයට හෙළකම පාවාදීම නොහොත් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra's Indian Tour

      Delete
    6. ඔබගේ ඒ ටෙක්නිකල් පොයින්ට් එක මම කලින්ම දැක්කා. මම මේ විදියට කොමෙන්ට් කලේ ඔබ එම කරුණ ඔබගේ වාසියට භාවිතා කර ලිස්ස යන බව හොඳින්ම දැනගෙන. කොහොම උනත් ගත යුතු දේ ගන්න. එනම් බොහෝ තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම කරන වග. ආයි ඒ ප්‍රකාශය නොදන්නා මිනිසුන් රැවටීමේ පරමාර්ථයෙන් නොකරන්න.

      Delete
  7. මගේ නම් දිවිත්ව පිරවැසි ගන්න තාම නම් අදහසක් නෑ.. ඒ කොහොම උනත් දැනට මේක ඔළුවට දා ගන්න එක හොදයි.. මොකෝ තව ඉස්සරහට වැඩි වෙන්න ඉතින් බැරි නැහැනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, අපේ සමහරු කතා කරන්නේ වඬිශ්ව ගම්මානයක් ගැන, නමුත් ඒ කටින්ම පිටරුටියන්ට බණිනවා. ලංකාවේ ඉපදිලා පසුව වෙනත් රටවලට ගිය අයට ක්‍රෝධ කරනවා. බණිනවා.

      විහිළුව තමයි මහාවංශයට අනුව සිංහල ජාතිය පටන් ගත්තේත් සංක්‍රමණිකයින්ගෙන් වීම. විජය සහ ඉන් පසුව ඉන්දියාවේ විවිධ පලාත්වලින් ලක්‍ෂ ගණනින් ලංකාවට ආ මිනිසුන්ගේ එකමුතුව තමයි අද සිංහල ජාතිය කියන්නේ.

      සංක්‍රමණයට ඇයි මේ අය මෙතරම් විරුද්ධ?

      Delete
    2. එහෙමනම් ඉතින් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් පටන් ගත්තෙ සංක්‍රමනිකයන් ගෙන්නෙ.ලංකාව විතරද? මං හිතන්නෙ නැහැ බහුතරය එහෙම බනිනවා කියලා.හැබැයි මේ රටෙන් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තානම් ඒ ගාන ආපහු ගෙවලා පලයල්ලා. ගිහිල්ලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙලා ඉඳපල්ලා. එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ.කිසිම රෙකොග්නිෂන් නැහැ. YET ANOTHER PERSON ONLY.ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ දේශපාලනෙයි, අරකයි මේකට හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. ගියා නම් ගිහින් එහෙ ඉන්නකෝ සුදාලා!

      Delete
    3. බහුතර නොවේ සමහර කියායි මා කිව්වේ-
      මේ පහත දැක්වෙන තැන නම් බහුතරය, නමුත් ඒක ජෙනරලයිස් කරන්න බෑ.
      http://www.lankadeepa.lk/index.php/articles/293644


      Delete
    4. /* එහෙදි කොච්චර කලත් තුන්වන පංතියේ සැලකීමක් තමයි ලැබෙන්නේ.කිසිම රෙකොග්නිෂන් නැහැ. */

      මේ මොන විහිළු කතාවක්ද? මට නම් එහෙම තත්වයක් පෙනෙන්නේ නෑ. ඔබ ලංකාවෙන් පිට කොයි රටේ ද ජීවත් වෙන්නේ / වෙලා තියෙන්නේ?

      සමහරවිට ඔබ හඳුණන දෙතුන් දෙනෙකුගේ තත්වය පොදු ගහණයට සාධාරණීකරණය කර කියූ කතාවක් වෙන්න ඇති!

      Delete
    5. /* ඒ නිසා ඒ හීනමානය වහගන්න මේ රටේ දේශපාලනෙයි, අරකයි මේකට හොට දාල බක පණ්ඩිත අදහස් දාලා පොර වෙන්න හදනවා. */

      හා, හා!

      දැන් පැහැදිලියි ඔබේ අවශ්‍යතාවය!

      Delete
  8. මමද ද්විත්ව පුරවැසියෙක්මි. :)

    ReplyDelete
    Replies
    1. දැන ගැනීමට ලැබීම ඉතා සතුටකි!

      Delete
  9. මට නම් ලක්ෂ 5 ඉතුරු කර ගත්තොත් ලංකාවට ගිහින් එනවා මිසක්, ඩුවල් සිටිසන් ගන්න නම් හිතෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. තිසරත් ගන්නේ නැති නම්, තව කී දෙනෙක් නොගෙන ඉඳී ද?

      Delete
  10. මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. ද්විත්ව පුරවැසිබාවය ලබා ගන්නේ හිඟන රටවල නෙමෙයි නේ. ආර්ථික වශයෙන් බොහෝම ශක්තිමත් රටවල. ඒ රටවලදි උපයන මුදල බොහෝම ඉහළයි. ඒ රටේදි උපයන මුදල එක්ක ගත්තම මේක නිකං මෝය කටින් පොල් ලෙල්ලක් යනවා වගේ කේස් එකක්. ඔතන වෙලා තියෙන ප්‍රශ්ණේ මේකයි. මහ ළොකුවට රට ගියාට, එයාලා ජීවත් වෙන්නේ මේ රටේ. මරණ මංචකයේදී හරි මේ රට මතක් වෙනවා. ඒ වගේම මම උපන් දේශයට පිටුපෑවා කියන මානසිකත්වයක් තියෙනවා. එහෙම නැති එකාට මේ අවුල නෑ. උන් යන රටේ සංස්කෘතියට අනුව හැඩගැහුනාම මේ අවුල නෑ. මේ අවුල තියෙන්නේ පිටරටක් උන්නත්, කුණු කරවල බත් පොල් සම්බෝල කන, බෝ ගහක් හිටවගෙන, පන්සලක් හදාගෙන ළමා සාරි, සරොම් ගහගෙන දහ පාසල් යන. වෙන රටවල් වල උන්ට අපේ රටේ ගෝත්‍රික ගති පුරුදු කරන්න යන අයට.

    තමන්ගේ රටට ආදරය කරන එකාට. මේවා මහ ළොකු ගනන් නෙමෙයි. අනික දුයුණු රටවල ගිහින් ආපහු හැරිලා එන අයත්, එහේ සිටිසන් ෂිප් එක ගත්ත ගමන් මෙහේ ඇවිල්ලා ජීවත් වෙන මිනිස්සුත් අනන්තවත් මම දන්නවා. ඒකට හේතුව එහේ තියෙන තුන් වන පන්තියේ සැලකීම. මේ පළමු පෙලේ පුරවැසියෝ ලෙස රස්සවාල් කරපු මිනිස්සුන්ට, මෙහේ වටිනාකම තේරෙන්නේ එතකොටයි. ඒ වගේම අර මහා කළු සිංහලයගේ අදහසටත් මම එකඟයි. මොකෝ මෙහේ අජාපනය සම්පූර්ණයෙන් නොමිළේ නිසා.

    හමුදාවේන් කැමැත්තෙන් අස්වෙලා යනවා උනත් ළොකු ගනනක් ගෙවන්න ඕන. ඒ නිසා මම මේකේ වරදක් දකින්නේ නෑ. විශේෂයෙන් මේ දුප්පත් රටට.

    ReplyDelete
    Replies
    1. මා මේ ලිපියේ කියා ඇති පරිදි, මා ද්විත්ව පුරවැසියෙක්. ඒ දැන් වසර පහළෙකවකටත් පෙර සිට. ඒ සඳහා මා ඩොලර් 3,500 ක් පමණ මුදලක් ගෙව්වා. එසේ කිරීමට හේතුව මා කියා තියෙනවා.

      ඉන්දියාවේ කරනවාක් මෙන් ලංකාවද කළ යුත්තේ පිටරටවල ඉන්නා අය තව තවත් ද්විත්ව පුරවැසියන් බවට පත් කර ගැනීමයි. එයින් මා දකින විදියට ලංකාවට ඇති දීර්ඝකාලීන වාසි ගොඩක් තියෙනවා.

      ඔබත් කියා ඇති පරිදි පිටරටකට ගිය අයගෙන් එක කොටසකට කීයටවත් මේ අදහස ඇතිවන්නේ නෑ. ලංකාවේ ද රජයෙන් ඉලක්ක කර ගත යුත්තේ අනෙක් කොටසයි. ඉන් දීර්ඝකාලීන වාසි මෙන්ම, කෙටිකාලීන ආදායමක් ද ලබාගත හැකියි ඉල්ලුම්පත් ගාස්තුවෙන්.

      ද්විත්ව පුරවැසිබව ලබාගැනීමෙන් ඇති ආර්ථික වාසියක් නණැති නිසා, ඒ සඳහා ඇති ඉල්ලුම ඉතා නම්‍ය එකක්. ඒ කියන්නේ, පාන්, හාල් වගේ නොව මිළ වැඩිවෙන කොට ඉල්ලුම ඉතා අඩුවෙනවාය කියන එකයි.

      එනිසා, අයැදුම්පත් ගාස්තුව ඉතා ඉහල දැමීමෙන් මා කී කෙටිකාලීන ආදායමද අඩුවෙනවා. දිගුකාලීන වාසිද නැති වී යනවා.

      රන් බිජු දමන කිකිළිය ගේ උපමාව ගැලපෙන්නේ මේ නිසායි!

      Delete
    2. කැමති අය එයි. අකමැති අය එහේ ඉඳියි.. ගාන සාධාරණයි.. මොකෝ ආවත් රටට දෙයක් කරන පිරිස අඩුයි.. තමන්ට කර ගන්න පිරිස වැඩියි.. ඒ කියලා මෙහේ ඉන්න අය සුපිරියි කියන්නේ නෑ.. දෙගොල්ලම එකයි.. එකෙක්වත් රටට ආදරේ නෑ.. හරිම ආත්මාර්ථකාමි මිනිස්සු.. මමත් රටවල් සෑහෙන ගානක ඉඳලා තියෙන නිසා.. ඔය දෙගොල්ලා ගැනම හොඳ අවබෝධයක් තියෙනවා.. අපේ අසරන කෙනෙකුට උදව් කරන්නේ කීයෙන් කී දෙනාද පිටරටවලදි.. ඒ ගිහිනුත් ක්ලාස් මේන්ටේන් කරනවා, ජොබ් එකේ රෙස්පෙක්ට් මේන්ටේන් කරන්න දඟලනවා, ඉස්කෝල, ලයන් ක්ලබ්. අර ක්ලබ් මේ ක්ලබ්.. එහේ ඉන්නෙත් මෙහේ ඉන්නෙත් කිසිම වැඩක් නැති මිනිස්සු..

      Delete
    3. /* දෙගොල්ලම එකයි */

      අනිවාර්යෙන්ම, මොකද මං අර කලින් දවසක කීවා වගේ මෙහේ ඉන්න ලාංකිකයෝ ආවේ හඳෙන් නොවෙයි නේ, ඔබේ වචනවලින් ම කියනවා නම් "අම්මට සිරි ලංකාවේ" ඉඳලාමයි.

      හැබැයි මා දන්නා මෙහි ඉන්නා සිංහල දෙමල අය අති බහුතරය, ලංකාවේ නොයෙකුත් පුන්‍යාධාර සහ සුබසාධක කටයුතු කරන බව නම් කිව යුතුයි!

      Delete
    4. Maathalan - Priyantha Hewage4 February 2015 at 16:07
      // එහේ ඉන්නෙත් මෙහේ ඉන්නෙත් කිසිම වැඩක් නැති මිනිස්සු.. //
      දැන් ඔබ ඔබේ මිතුරන් නෑදෑයන් මේ ගනයට අයිතිද

      Delete
    5. ඔව්... සම හරක්..

      Delete
    6. ඔබ ගැනත් කියන්න.ඔබත්වැඩකට නැති කෙනෙක්ද.

      Delete
    7. අපොයි නැහෑ..මාතලන් හරියට වැඩකට ඇති පොර! කුනු වාචාල කටක් හම්බෙලා තියනවා මර්වින් ගෙ ජාන වලින් මම හිතන්නෙ.
      සරම් අඳින්නෙ ගෝත්‍රිකයො නිසා පොර සරං අඳින්නෙත් නෑලූ...! කලිසම් අඳින පොශ් පොරක්ලු.පොරගෙ තාත්තාත් එහෙමයි.ඇන්දෙම කලසං. පැටිගිරියම පොස්, ඕයී...!
      මූ හදන්නෙ කකාගෙ ලස්ස පහට කෙලින්න.

      Delete
    8. මේක අසාධාරන වැඩක්. මේව සාධාරනයි කියන්න පුලුවන් ගෝත්‍රිකයන්ට විතරයි. මේ වගේ කාරනා වලදි ශිශ්ට සම්පන්න රටවල සමානාත්මතාවය කියන දේ තියනව. සමහර තැන් බලන්න විදේශිකයන්ගෙන් අය කරන්නෙ අසාදාරන ගනන්. සුද්දෙක් දැක්කම "මෝරෙක්" විදියට දකින එවුන්ගේ චින්තනයම ආන්ඩුවකට තිබීම අවුලක්.

      අනිත් කාරනාව, නිදහස් අද්යාපනයෙන් ඉගනගන්නව කියන එක ගැන තවත් තර්ක දාන්න පුලුවන්. නිදහස් අද්යාපනයට දායක වෙනව හැමෝම. රට යන එවුන්ගෙ අම්මල තාත්තලත් ඒ වියදම දරන බව අමතක කරන්න හොඳ නෑ.

      Delete
    9. මට හිතෙන්නේ මෙතන රසික කියන්නේ... මේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ ආර්ථික මූලධර්ම සලකලා නෙවෙයි කියන එකයි.

      ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබුවා නම් රටට ණයයි කියන කාරණය මම නම් පිළිගන්නේ නෑ. ඒක අපි ලබපු වරප්‍රසාදයක් බව ඇත්ත. අපි නිවාස ණයක් ගත්තොත් ඒක ගෙවන ක්‍රමවේදයක් තියනවා. එහෙම නම් අපිට ඉගෙන ගන්න වියදම් කරන මුදල ආපසු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් නැතිව අන්න ඉගෙන ගෙන රට ගියා කියලා කියන්න බැහැ.

      නොයෙකුත් හේතූන් මත, ලංකාවෙන් පිට ගිය අය කැමතියි තමන්ගේ මව් රට සමග සම්බන්ධතාවය පවත්වාගන්න. එවැනි දේයකට අනුබල දෙන අයුරින් ප්‍රතිපත්ති සකස් කලොත් එයින් වාසිය ලැබෙන්නේ ලංකාවට බව කිවයුතු නැහැ. මම දන්න බොහෝ දෙනෙක් ලංකාවේ යම් යම් ආයෝජන කර තිබෙනවා. මේවායින් ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ ලංකාවටමයි. මේවායින් මුදල් උපයන අය ඒ මුදල් වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ ලංකාවේ නිවාඩු ගත කිරීමට සහ ලංකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමටයි. අනික පිට රටකින් පැමිණෙන කෙනෙක් ලංකාවේ වැඩි කල් රැඳීමෙන්, ඔවුන් වියදම් කරන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වෙනවා.

      මේ සෘජු වාසි ඇරුණහම, තමන්ට ලංකාවේ පුරවැසිකම තියනවා කියන හැඟීම උඩ තවත් බොහෝ වාසි අත්වෙනවා. ලංකාවේ ළමානිවාස, ඉස්පිරිතාල ආදියෙහි අඩුපාඩු සකස් කිරීමට ආධාර එකතු කරන සංවිධාන, වැඩ සටහන් බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. යුද්ධයෙහි අවසන් භාගයේ, ආරක්ෂක අරමුදලට ආධාර වෙනුවෙන් විවිධ වැඩසටහන් අරමුදල් එකතු කිරීම් පැවැත්වුණා. කට්ටියට මතක ඇති මෑතකදී දැරියකගේ සැත්කමටකට ආධාර එකතු කරන්න බ්ලොග් ලියන අය එකතු වුණු හැටි. එහි අවශ්‍ය මුදල සම්පූර්ණයෙන් පියවන්න හිඟව තිබුණු ලක්ෂ 15 පමණ මුදල හොයලා එව්වේ මෙල්බර්න් ශ්‍රී ලාංකිකයන් පිරිසක්.

      ලක්ෂ පහක් කියන්නේ, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ මාසයක නිවාඩුවක් ගත කිරීමට වැය වෙන මුදලට සමාන මුදලක්. මේ මුදල ඕස්ට්‍රේලියාවේ තනි පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායමෙන් (Avg Income) 10% පමණ මුදලක්. ඉතිං මේ මුදල එකතු කර ගත් කෙනෙක්, ඩුවල් සිටිසන් අරගෙන ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳියිද, නැත්නම් ඒ මුදලින් ලංකාවට ගිහින් එයිද? මම නම් කරන්නේ ලංකාවට යන එක.

      ද්විත්ව පුරවැසිභාවයට අය කරන මුදල මීට වඩා සාධාරණ ලෙස වෙනස් වුණා නම්, එයින් අත්වන දීර්ඝ කාලීන වාසි වැඩි බව තමයි මගෙත් හැඟීම. මෙතරම් ඉහල මුදලක් අය කිරීමෙන් වෙන්නේ, ඉල්ලුම් කරන අය සැලකිය යුතු ලෙස අඩු වීම සහ පිට රට ගිය ශ්‍රී ලංකිකයන්ගේ රටට ඇති බැඳීම තරමක් හෝ අඩු වීම.

      Delete
    10. ඉතාම සරළව කියනවා නම්, මෙතන තියෙන්නේ මළ පෙරේත කම. කුණු කම ලෝබ කම. තිසර විතරයි කාරණය අවභෝධ කර ගත්තේ. අනික් උන් ඔක්කෝම මේක පෞද්ගලිකව මඩ ගහන්න යොදාගෙන. මෙහෙම ගෝත්‍රිකයෝ ඉන්න රටවල තමයි අපි දේශපාළණය කතා කරන්නේ.. දිවිය ළෝකේ ගියත් වැඩක් නෑ ගෝත්‍රික ගතිය. මළ පෙරේත කම අත අරින්න බැරි නම්.

      Delete
    11. මාතලන් ,තිසර කාරනය හරියට අවබොද කරගෙන නැහැ.අද්යාපනය සහ නිවාස නය එකට ගලපන්න බැහැ.දැන් මාතලන්ට ඉගෙන ගන්නට වැය වුන මුදල මාතලන් ගෙවා තිබෙනවාද .ඒ කොහොමද .කන්න හම්බකරන්න රස්සාවක් කරන එක රටට නය ගෙවීමක් නොවෙයි.

      Delete
    12. මම පුරවැසියෙක් ලෙස මේ රටට මගේ යුතුකම් ඕනෑවටත් වඩා ඉටු කොට ඇත.

      Delete
    13. කරපු දේවල් එකක් දෙකක් කියන්නකො තරහ නැතිව .නොදන්නා කමටයි අහන්නේ

      Delete
    14. අපි අණබෙර ගගහා බුකියේ පොටෝ දාගෙන අනිත් උන්ගේ සාක්කුවලටත් ගේම දීලා කරන උන් නෙමෙයි නේ. මම කරපු දේ මම දැන ගත්තාම හොඳටෝම ඇති. දන්නෝ පමණක් දනිති. බ්ලොග් එක මුල ඉඳන් කියෙව්වා නම්, සමහර දේ ඒ තුල ඇති. ඒ ඇති.

      Delete
    15. @තිසර
      ඇත්තටම තිසර ඔය තීරණය නිසා රටට අවාසියක් තියෙනවා. එය පිළිගත යුතුයි. ඔබම කියනවා ඕස්ටේලියාවේ ජොබ් එක කරන කෙනෙකුට ලක්ෂ 5 කියන්නේ මාසික වැටුපක් වගේ මුදලක් බව. එහෙම නම් ඇයි එවැනි මුදලක් වත් ලංකාවට දෙන්න අකමැති. ඒ කියන්නේ කෙලෙහිගුණ නොදන්නා කමම නොවේද?
      විදෙස් පදිංචි කරුවෝ අතර ලංකාවට ආධාර කරන අය ඉන්නවා. කැමැත්තෙන් ඒ දේ කරන කෙනෙක් මම හිතන විදියට තමන් මාසෙකට උපයන මුදල වගේ දෙයක් ඩුවල් සිටිසන් ෂිප් තියා ගන්න වියදම් කරන්න අකමැති වෙන එකක් නැහැ.

      //අපි නිවාස ණයක් ගත්තොත් ඒක ගෙවන ක්‍රමවේදයක් තියනවා. එහෙම නම් අපිට ඉගෙන ගන්න වියදම් කරන මුදල ආපසු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ.// ගෙවන්න ක්‍රමවේදයක් නොතිබුන පමණින් යුතුකමක් අහෝසි වෙන්නේ නැහැ.අපේ මවුපියන් අපිව කුඩාකල රැක බලාගත්තා අපිට වියදම් කළා එය ඔවුන්ට අය කරගත් හැකි ක්‍රමයක් නැති නිසා අපි ඔවුන්ට ලොකු වුනාම සලකන්න වැඩක් නැහැ කියන වගේ තර්කයක් තමයි ඔබ දාන්නේ. මෙතැන් තියෙන්න යුතුකමක්. මිස වගකීමක් නොවේ.

      @Anonymous5 February 2015 at 13:58
      //කන්න හම්බකරන්න රස්සාවක් කරන එක රටට නය ගෙවීමක් නොවෙයි.// කන්න හම්බුකරන්න රැකියාවක් කරන විට රැකියාව කරන කෙනා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනුවෙන් කාර්යක් කරනවා. එමගින් රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩිවෙනවා. එමගින් රටේ ආදායම වැඩිවෙනවා. අන්තිමට ණය ගෙවෙනවා. ඔන්න සරලව සිද්දිය.

      Delete
    16. මෙතැන තියෙන්නේ එවැනි මුදලක් ලංකාවට දෙන්න අකමැති කියන දෙය නෙවෙයි. එය දීමේ පිළිවෙත ගැන ඇති ප්‍රශ්නයක්. මම කිව්වේ මට ඒ මුදල ඉතිරි කරගන්න පුළුවන් නම් මම ලංකාවට ගොස් ඒ මුදල වියදම් කරනවා විනා, ලංකවේ පුරවැසිභාවය ලබාගෙන ඕස්ට්‍රේලියාවට වී ඉන්නේ නැති බවයි. යුතුකම ගැන ප්‍රශ්නයක් නැහැ. විදේශ වල පදිංචි අය නිතර ලංකාවට යාමෙන්, සහ විවිධ වැඩසටහන් වලට ආධාර කිරීමෙන් ඉෂ්ට කරන්නේ ඒ යුතුකම තමයි. ලංකාවේ කෙනෙක් රැකියාවක් කරලා ණය ගෙවන්න දායක වෙනවා වගේම, විදේශ ගතව සිටින කෙනෙකු නිවාඩුවකට පැමිණ හෝ පවුලේ අයට, චැරිටි වලට ආධාර එවීමෙනුත් සිද්ධ වෙන්නේ ඒකයි.

      Delete
    17. මහා කලු සින්හලයා
      //@Anonymous5 February 2015 at 13:58
      //කන්න හම්බකරන්න රස්සාවක් කරන එක රටට නය ගෙවීමක් නොවෙයි.// කන්න හම්බුකරන්න රැකියාවක් කරන විට රැකියාව කරන කෙනා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනුවෙන් කාර්යක් කරනවා. එමගින් රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩිවෙනවා. එමගින් රටේ ආදායම වැඩිවෙනවා. අන්තිමට ණය ගෙවෙනවා. ඔන්න සරලව සිද්දිය.//
      ඔයා ලැජ්ජාවක් නැතිව ඔය වගේ පිස්සු කියවන්නේ කොහොමද.ලන්කාවේ තියෙන්නේ නිශ්පාදන හෝ සේවා ආර්තිකයක් නොවේ.අතරමැදියන් හෙවත් බයින් ඇන්ඩ් සෙලින් අයගේ ආර්තිකයකි.එවැනිආර්තිකයක ඔබ කියන ඔය දේවල් සිදු නොවේ.නොදන්නා මල මගුල් කතානොකර ඉන්නවා නම් හොදයි නේද

      Delete
  11. ඔය ද්විත්ව පුරවැසි බව ගන්න එකේ හේතු කිහිපයක් තියෙනව.

    1. තම රට ගැන තියෙන ආදරය සහ බැඳීම
    2. ලංකාවෙ දේපොල ඉඩකඩම් තියෙන අය, තව දුරටත් ඒ දෙපොළ හරහ කරන ආයෝජන වෙනුවෙන්.
    3. නිවාඩුවකට ලංකාවට ආවම සංචාරක වීස දික් කරගන්න ඉමිග්‍රේෂන් ඔෆිස් එකේ රස්තියාදුවෙන්න තියෙන අකමැත්ත.


    ඔය කරුණු වලින්, අංක 2 විශේෂයි. ගොඩක් ද්විත්ව පුවැසියො ඇවිත් ලංකාවෙ ඉඩම්, ගෙවල් ගන්නව. බොහෝ විට කොළඹ අපාර්ට්මන්ට්ස් ගන්නෙ ඒ අය. හැබැයි අර විදේශික බද්ද නොගෙව. මේක අසාධාරනද, නැද්ද?

    ඊලඟට ද්විත්ව පුරවැසි බව තියෙන කෙනෙක්ට ලංකාවෙ දීර්ඝකාලීනව ඉන්නවනම් මසෙන් මාසෙට වීස දික් කරගන්න ගෙවන්න ඕනෙ නෑ.

    ඉතින් ඔය කරුණු දෙකට ද්විත්ව පුරවැසිබව ගන්න කෙනෙක්ට වැඩේ තාම ලාභයි. නමුත් මේ තත්වෙ ඉල්ලන්නෙ ලංකාවට තියෙන වෙනත් අතිවිශේෂ ආදරයක් නිසානම්, අන්න තත්වෙ වෙනස්!

    තව පැත්තක් තියෙනව. ලංකාවෙ ඇමතිකම් කරල හොරකන් කරල, ඇමරිකාවට පැනල ගිහින් සැප ගන්න බලන් ද්විත්ව පුරවැසි කම් ගන්න අයගෙන් අඩු තරමෙ ලස්ස පහක්වත් මුලින් ගත්තනෙ කියල සැනසෙන්නත් මේ නීතිය වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ නම් අදහස, විදේශයකට ගිහින් තාවකාලිකව හෝ ස්ථිරව පදිශචි වුණාය කියලා තමන් ගේ රටේ ඉපදුණ අයට වෙනස් ආකාරයකට සලකන එක වැරදියි කියායි. ඒක එක්තරා ආකාරයක "වර්ණ"බේදවාදයක්.

      Delete
    2. ඉන්දික ගේ කරුණු 3 නිවැරදියි.
      රසිකගේ මෙතන තියෙන්නේ තනිකර කුණු පෙරේත කම සහ කුහක අවස්ථාවාදය

      රසිකට ඕන නම් PR අරගෙන දිගටම ඔසී වල ඉන්න පුළුවන් ලංකාවේ පුරවැසි කමත් තියාගෙන. නමුත් වැඩි බෙනෆිට් ඔසී ආණ්ඩුවෙන් ගන්න නම් ඔසී පුරවැසි කම ගන්න ඕන.

      ඔසී පාස් පොර්ට් එකක් තිබීම , විශේෂ රැකියා අවස්ථා ලබා ගැනීම , අධ්‍යාපන නය ලබා ගැනීම ඇතුළු කරුණු රාශියක් ඔසී පුරවැසිකම ලබාගැනීමෙන් ලබා ගන්න පුළුවන්.

      එතනයි මේ රහස. මිනිහට ඔසී ම වල බෙනෆිටුත් ඕන.. ලංකාවේ පුරවසියෙක්ට තියෙන බෙනෆිටුත් කුණු මාළු ගානට ඕන. ලක්ෂ ගානක් ආසියානු රටවල පිරිස් ඔසී පුරවැසි කම නොගෙන තමන්ගේ රටේ පුරවැසිකම තියාගෙන PR වලින් විතරක් ඔසී වල ජිවත් වෙමින් සතුටෙන් තමන්ගේ රටේ පුරවැසි කමට ආදරෙන් ඉන්නවා. එහෙම තියෙද්දී රසිකට බැරි මොකද ?

      1. වීස ගන්න කම්මැලි කම
      2. විදේශිකයෙක් ලෙස ජිවත් වෙමින් ලංකාවේ ආයෝජන වලින් විදේශිකයන්ට නියමිත බදු වංචා කිරීමට
      තව සැඟවුණු පෞද්ගලික කරුණු ඇති

      //විදේශයකට ගිහින් තාවකාලිකව හෝ ස්ථිරව පදිශචි වුණාය කියලා තමන් ගේ රටේ ඉපදුණ අයට වෙනස් ආකාරයකට සලකන එක වැරදියි කියායි. ඒක එක්තරා ආකාරයක "වර්ණ"බේදවාදයක්.//

      මේක සම්පුර්ණයෙන් කරුණු සඟවලා ගහන කුහක ප්‍රකාශයක්. තාවකාලිකව හෝ ස්ථිරව පදින්චි වුණාය කියල වෙනස් ආකාරයකට සලකනවා නං වැරදියි තමයි. නමුත් රසික කරේ තමන්ගේ රටේ පුරවැසිකම එපා (පයින් ගහල ? ) කියල වෙන රටක පුරවැසියෙක් වීම. හරියට අම්ම තාත්ත ඇත ඇරලා ගිහිල්ල පස්සේ දේපල තන්හාවට ඕන වෙලා එනවා වගේ වැඩක්. රසික බොරු මනුෂ්‍ය වාදී සංකල්ප වලින් දවටලා දාන අදහස් වල ඇතුලේ තියෙන නිරුවත බලන්න පොඩ්ඩක් විමසලා බලන්න ම වෙනවා

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය.

      මොන විහිළුවක් ද මේ?

      ඔබ මේ ලිපිය කියා නැති බවයි පේන්නේ. කියෙව්වා නම්, ඔබ මා ගැන ලියා ඇති දේ සියල්ල වැරදියි කියා තේරෙන්නේ නැත්තේ ඇයි?

      මං ලියා ඇති දේ නොකියවා, ඇයි මෙහෙම තේරුමක් නැති දේ ලියන්නේ?

      (අ)මනුස්සයෝ මං 1998 සිට ද්විත්ව පුරවැසියෙක්. ඒක කියලා තමයි මං මේ ලිපිය පටන් ගත්තේම.

      මං හිතුවේ නෑ ඔබ මෙතරම් මෝඩ කතාවක් ලියයි කියා!

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය.

      මට දැන් හිතෙනවා මෙහෙම, ඔබ මේ ලියා ඇත්තේ ඔබ ගැනමයි. මෙල්බර්්න්වල කාලයක සිට ජීවත්වෙන ඔබට ඇති ප්‍රශ්ණ මට ආදේශ කරලායි ඔබ මෙහෙම ලියා තියෙන්නේ!

      එක්තරා ආකාරයක පුකත්වය එලිදරව්වීමක්!

      Delete
    5. //ලක්ෂ ගානක් ආසියානු රටවල පිරිස් ඔසී පුරවැසි කම නොගෙන තමන්ගේ රටේ පුරවැසිකම තියාගෙන PR වලින් විතරක් ඔසී වල ජිවත් වෙමින් සතුටෙන් තමන්ගේ රටේ පුරවැසි කමට ආදරෙන් ඉන්නවා.//

      ම.සො.පි. - දැන් තමන් ස්ථිර පදිංචියට තෝරගත්ත රටේ පුරවැසියෙක් වෙලා තමන්ගේ මව් රටේ පුරවැසිභාවය වෙනුවෙන් සාධාරණ මුදලක් ගෙවන්න කැමති එකාද කුණු පෙරේත / අවස්ථාවාදී, එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ඇවිත්, ලංකාවේ පුරවැසිභාවය වෙනුවෙන් සතපහක් වත් නොගෙවා ඉන්න ඔය ඉහත 'තමන්ගෙ රටේ පුරවැසිකමට ආදරෙන්' ඉන්න අයද?

      ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන සාමාන්‍ය මනුස්සයෙකුට PR සහ සිටිසන් අතර මහ ලොකු වෙනසක් නැහැ. ආදායම් බදු, රැකියා අවස්ථා, සහ අනෙකුත් පොදු අයිතිවාසිකම් හැමෝටම එකයි. ඕස්ට්‍රේලියානු පාස්පෝට් එක නිසා රටවල් ගණනාවකට වීසා ලබා නොගෙන යන්න පුළුවන් කියන කාරණය විතරයි ලොකු වාසියක් විදිහට ගන්න පුළුවන්. PR අරගෙන ඕස්ට්‍රේලියාවේ ඉඳීමෙන් ලංකාවට ලැබෙන වැඩි වාසි මොනවාද?

      Delete
    6. රසික,

      ඔය ගාස්තු විදේශිකයන්ගෙන් වැඩිපුර ගන්න එකේ පොඩි තර්කයක් තියෙනව.

      දැන් ඔය ස්ථාන හොයල නඩත්තු කරන්න ටිකට් ආදායමෙන් විතරක් බෑ. එතකොට ඉතුරු ටික ලැබෙන්නෙ අපේ බදු මුදල් වලින්. එහෙම කියල නිකම්ම යන්න දුන්නොත් කිසිම පාළනයක් නැතිවෙන නිසා සාධාරණ මුදලකට දේසීයන්ට යන්න දෙනව. නමුත් මේ දේ නඩත්තුව වෙනුවෙන් බදු නොගෙවන විදේශිකයන්ගෙන් වැඩි මුදලක් අය කරනව. මම හිතන්නෙ නෑ ඒකෙ මහ අසාධාරණයක් තියෙනව කියල. දැන් ඔබ කියනව ලෝකෙ වෙන එහෙම වෙනස් සලකන තැන් දැක්කෙ නෑ කියල.

      ටජ් මහල ගැන මසොපි කිව්ව.

      මේ ලූවර් කටුගේ , මෙන්න රෝම කොලෝසියම. මේ දෙකේම යුරෝපීය වැසියන්ට පොඩි වැඩි සැලකිල්ලක් සහිත් සහනයක් තියෙනව.

      අනෙක ටිකට් ආදායම අතින් ගත්තම ඒ වගේ තැන් තරන් ලන්කාවෙ පින්නවලට, දෙහිවලට සල්ලි ලැබෙන්නෙ නෑ.


      ඔබ කියන ද්විත්ව පුරවැසිභාවය ගැන අය කරන මුදල විවාදාත්මකයි. නමුත් මේ අයවැයෙන් මතුවූ සැබෑ සංක්‍රමණිකයන්ට බලපාන ගැටලුව ඕක නෙමෙයි, විදෙස් රටවලට ගෙනියන මුදලෙන් 20% කපා ගැනීම. ඒක තමයි වඩා කණගාටුදායක සහ අසාධාරණ වැඩේ.

      Delete
    7. //මං ලියා ඇති දේ නොකියවා, ඇයි මෙහෙම තේරුමක් නැති දේ ලියන්නේ? . (අ)මනුස්සයෝ මං 1998 සිට ද්විත්ව පුරවැසියෙක්. ඒක කියලා තමයි මං මේ ලිපිය පටන් ගත්තේම.//

      මං ඒක දන්නවා මනුස්සයෝ :)

      //මට දැන් හිතෙනවා මෙහෙම, ඔබ මේ ලියා ඇත්තේ ඔබ ගැනමයි. මෙල්බර්්න්වල කාලයක සිට ජීවත්වෙන ඔබට ඇති ප්‍රශ්ණ මට ආදේශ කරලායි ඔබ මෙහෙම ලියා තියෙන්නේ! එක්තරා ආකාරයක පුකත්වය එලිදරව්වීමක්!/

      මටත් ද්විත්ව පුරවැසි භාවය තියෙනවා මනුස්සයෝ. නමුත් ඒකට මම දිව යුතු මුදල කිසිම පැකිලීමක් නැතුව , අන්දොනාවක් නැතුව දුන්නා. ඒ ගැන කිසිම රිග්රේට් එකක් නැහැ. ඔබ මේ ලිපියෙන් පෙන්වල තියෙන්නේ ඔබ වියදම් කල ඒ මුදල සම්බන්ධයෙන් ඔබගේ ඇති රිග්රේට් එක. ඒකයි මම කිව්වේ ඔබ මහ කුනෙක් කියල. තාමත් ඒ ගැන හුල්ලනවා....

      දැන් පුකත්වය හෙළි උනේ කාගේද ? :)

      @ තිසර
      //එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ඇවිත්, ලංකාවේ පුරවැසිභාවය වෙනුවෙන් සතපහක් වත් නොගෙවා ඉන්න ඔය ඉහත 'තමන්ගෙ රටේ පුරවැසිකමට ආදරෙන්' ඉන්න අයද?//

      තිසර මේ කරුණ සම්බන්ධයෙන් ඔබගේ ඇති අනවබෝධය හොඳින්ම පේනවා.. ඔවුන් ඔසී පුරවැසි භාවය නොගන්නේ ඒ ගැනීමෙන් ඔවුන්ගේ මවු රටේ පුරවැසිභාවය නීති ප්‍රකාරවම අහිමි වන නිසා. ඔවුන්ට කීයක් දීල වත් ආයි ඒක නීතිමය වශයෙන් ගන්න බැහැ. ඒ අතින් මුදල් ගෙවා හෝ ලංකාව ඔබ වැනි අය වෙනුවෙන් ලබා දී ඇති මේ පහසුකමත් කුණු මාළු ගානට ඉල්ලන අය නං මල පෙරේතයෝ ම තමයි.

      //ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන සාමාන්‍ය මනුස්සයෙකුට PR සහ සිටිසන් අතර මහ ලොකු වෙනසක් නැහැ//
      සම්පුර්ණයෙන් වැරදියි. කරුණු විකුර්ති කර නොදන්නා අය නොමග යැවීමෙන් වලකින්න. කරුණු කීපයක් ඉහත දැක්වුවා. අමතරව කියනවා නං PR කියන්නේ විස එකක්. ඔබ යම්කිසි වැරැද්දකට අහු උනොත් ඒ විස එක කැන්සල් කර කෙලින්ම ලංකාවට පිටුවහල් කරන්න ඔස්ට්‍රේලියාවට බලය තියෙනවා. එමෙන්ම ඔබ සංචාරය කරන විට ඔබට ඔසී පුරවසියෙක්ට තානාපති කාර්යාලයකින් හිමි වරප්‍රසාද නැහැ.

      //ලංකාවේ ළමානිවාස, ඉස්පිරිතාල ආදියෙහි අඩුපාඩු සකස් කිරීමට ආධාර එකතු කරන සංවිධාන, වැඩ සටහන් බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. යුද්ධයෙහි අවසන් භාගයේ, ආරක්ෂක අරමුදලට ආධාර වෙනුවෙන් විවිධ වැඩසටහන් අරමුදල් එකතු කිරීම් පැවැත්වුණා. කට්ටියට මතක ඇති මෑතකදී දැරියකගේ සැත්කමටකට ආධාර එකතු කරන්න බ්ලොග් ලියන අය එකතු වුණු හැටි. එහි අවශ්‍ය මුදල සම්පූර්ණයෙන් පියවන්න හිඟව තිබුණු ලක්ෂ 15 පමණ මුදල හොයලා එව්වේ මෙල්බර්න් ශ්‍රී ලාංකිකයන් පිරිසක්.//

      දැන් මේ ලබ්බේ ගනං වැඩි කරේ මේ අයවැයෙන් නේ. ඒ කරෙත් පැහැදිලිවම මරාගේ ආණ්ඩුව තිබ්බ කාලේ සාගතෙන් හිටපු ජනතාවගේ කුස ගින්න නිවන්න බදු එකතු කරන්න නේ. එහෙනං මේකත් පිං අතේ වැඩක් කියල ගෙවල දාන්න බාදාවක් නැහැ නේ.. නැත්නං තමන්ට හිතෙනවද අනුන්ගෙන් අරං දුප්පතුන්ට දෙන එක එල වැඩක් උනත් .... තමන්ගෙන් අරං දුන්නොත් ඒක හරි නරක වැඩක් වගේ ??

      ඔය හම්බ කරන ලක්ෂ ගණන් මුදල් වලින් දුප්පතුන්ගේ සා ගින්න නිවන්න ලක්ෂ 5 ක one off payment එකක් ගෙවන්න බැරි මොකද ?? දෙසනවා වගේ කරන්න ලේසි නැද්ද ??

      Delete
    8. Permanent residents who are not Australian citizens may be deported if, within 10 years of entry, they are convicted in Australia of any offence for which they are sentenced to imprisonment for one year or longer (s 201 Migration Act). However, this section is now rarely used because the minister and DIAC find it more convenient to use the very draconian powers under section 501 of the Act to “cancel” a person’s permanent visa (no matter how long that person has lived in Australia), which thereupon makes the person an unlawful non-citizen who must be “removed”.

      The deportation order or cancellation decision is usually signed during a term of imprisonment or immediately upon the expiration of a term of imprisonment.

      ඔන්න තිසර... හරි නේ ... :)

      "ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන සාමාන්‍ය මනුස්සයෙකුට PR සහ සිටිසන් අතර මහ ලොකු වෙනසක් නැහැ" යන මිථ්‍යාව තව දුරටත් ප්‍රචලිත කිරීමෙන් වලකින්න.

      දැන් ටෙක්නිකල් පොයින්ට් දාන්න එපා මම කිව්වේ "සාමාන්‍ය" මනුස්සයෙක් ගැන කියල. සාමාන්‍ය මිනිහෙක් ට උනත් කරුමෙට නඩු වැටෙන්න ඉඩ තියෙන බව දැනගන්න.

      Delete
    9. මහසොහොන්,

      ඔබ මුලදී සඳහන් කරන්නේ //නමුත් වැඩි බෙනෆිට් ඔසී ආණ්ඩුවෙන් ගන්න නම්// යනුවෙන්. මම මෙතනදී කතා කරන්නේ රටක පුරවැසියෙක් වීම නිසා හිමිවන නීතිමය තත්වයක් ගැන නෙමෙයි. යම් රටක පුරවැසියෙක් වුණහම පිටුවහල් කරනවා කියලා දෙයක් කරන්න බැහැ. මේක බෙනිෆිට් එකක්ද? එහෙම නැත්නම් පුරවැසියෙක් කියන ඩෙෆිනිෂන් එකට අයිති නීතිමය රැකවරණයක්ද? දැන් මහසොහොන් කියන්නේ මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ගන්නේ "හිරේ ගියත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ" වගේ දේවල් හිතලා කියලද? යම් කිසි රටක පුරවැසියෙක් වීම නිසා හිමිවන නීතිමය රැකවරණය බෙනිෆිට් එකක් කියලා අර්ථ දක්වන්න පුළුවන්ද කියලා මම දන්නෙ නෑ. පුරවැසිභාවය සහ PR අතර වෙනස්කම් මා නොදන්නවා නොවෙයි. නමුත් ඔබගේ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන ආකාරයේ එදිනෙදා ජීවිතයට බලපාන අමුතු බෙනිෆිට්ස් නම් නැති බව කියන්නයි ඕනෙ වුනේ.

      අනිත් අතට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අය ලංකාවේ පුරවැසිභාවය ගන්න හදන්නේ ඇයි? මම දන්න වැඩි පිරිස නම් එහෙම කරන්නේ මව් රටත් සමග සම්බන්ධය කියාපෑමේ මාර්ගයක් විදිහට. ලංකාවේ පුරවැසියෙක් වීම නිසා හිමිවන නීතිමය රැකවරණ, පාස්පෝට් එකට ඇති සැලකිල්ල, ලංකාවෙන් ලැබෙන ආර්ථික වාසි හේතු විදිහට දක්වලා පුරවැසිකම ගන්න හදන අය නම් මට තාම හම්බ වෙලා නෑ.

      මගේ පලවෙනි ප්‍රශ්නයට එනවා නම්. තමන් ස්ථිරව ජීවත් වෙන්න තීරණය කල රටේ පුරවැසිභාවය ලබාගැනීමේ වැරද්දක් තියනවද? ඔය ඔබ කියන පිරිස පුරවැසිභාවය ලබ නොගන්න හේතුව ලංකාවේ පුරවැසිභාවය අහිමි වීමද, එහෙමත් නැත්නම් මම කියූ විදිහට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයෙන් ඔබ කියන තරම් බෙනිෆිට්ස් නොලැබීමද? ලංකාවේ පුරවැසිභාවය සධාරණ මුදලකට ගන්න පුළුවන් නම් ඔය පිරිස, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයත් ලබාගෙන ලංකාවේ පුරවැසිභාවයත් නොගෙන ඉඳියිද?

      Delete
    10. තිසර ගැන පුදුම නැහැ.... හැමදාම මෙහෙමයි... මොකක් හරි එකක් අල්ලන් සාවදානව කියවනවා.. බලන් ඉන්න අපිත් අහු වෙනවා...

      Delete
    11. කිරිබණ්ඩා සේනාරත්න13 October 2015 at 16:16

      මහසොහොන් පිල්ලිය ලොකු ටෝක් දෙන්නෙ නැතුය කියපන් අැයි ඔච්චර ලංකාවට ආදරේ මිනිහ ලංකාවට සේවය නොකර ලංකාව දාලා ගියේ - දැන් බොරු ෆ්‍රොෆයිල් හදාගෙන සමාජ ජාලවලයි බ්ලොග් වලයි පොර ටෝක් දෙන එ‍කේ තේරුම මොකක්ද ???? මෙල්බර්න් තවත් ඉන්නවා ඔය ව‍ගේ පුකේ අමාරුකාරයෙක් - නූතනවාදයටයි බටහිරටයි බැන බැන උන්ටම කඹුරන ජාතියේ - උඹ වගේ

      Delete
  12. ආසම පුරවැසිභාවය ගෝලීය පුරවැසිබව. ඒක ඉතින් ආතර් සී ක්ලාර්ක් , අයිසැක් ඇසිමොෆ් පොත්වල විතරයිනෙ

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ආස නැද්ද 'විශ්ව පුරවැසි' බවට? කොහොමද ඇන්ඩ්රෝමීඩා වලයි කිරි සයුරේ යි දෙකේම පුරවැසි කිව්වම ;)

      Delete
    2. @NiRo, ඉස්සෙල්ල අපි එහෙ කොලොනයිස් කරන්න හරි පිට සක්වල ජීවීන් ඉන්න හරි ඕනෙ නෙ. ඉන්නව ඇති ( The best evidence of intelligent life out there is the fact that they never contact us !! :-DD ) දැනට මගෙ හීන ග්ලෝබල් ගානට. එලෙස වෙන්න කැමති හා සුදුසු මානසිකත්වයක් තියන අය හුඟක් ඉන්නව. ඒත් ඉන්න රට ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නැති සල්ලි හොයාගෙන ලංකාවට නිවාඩුවට එන එක ගැන පමණක් හිතන අයට (ඔබ , රසික ආදීන් නෙමෙයි ) හා අනවසර සංක්‍රමිණකයින්ට චාන්ස් එකක් ලැබෙන කොට දුක හිතෙනව. ඊරිසියාවකුත් එතන ඇති. ඒත් සාධාරණයි නේ? :-))

      Delete
    3. අප සියළු දෙනාම මේ පෘථිවියේ වැසියන් ය යන්න වෙනස් කළ නොහැකි කරුණක්. එකම ප්‍රශ්ණය තමයි, විවිධ රටවල් හදාගෙන, ඒවට අයිතිකාරයෝ පත්වෙලා, නීතී හදාඝෙන ඉන්න එක!

      Delete
  13. //ඉංජිනේරු ශිෂ්‍යයන්, එන්ඩිටි අයට හිනා වෙනවා, එන්ඩිටි කට්ටිය පාරේ ඉන්න අයට හිනා වෙනවා, මේඩ්ඩෝ, නිකම් බයෝ කරන අයට හිනා වෙනවා, බයෝ කරන අය, වාණිජ කරන කට්ටියට හිනාවෙන්න බලා ඉන්නවා, අට පාස් අය, පහ පාස් නැති අයට ඔලොක්කුව දානවා. ලංකාවේ උපාධි කාරයන්, පිට රටවල් වල අයට හිනා වෙනවා. මේක තමයි සාමාන්‍ය කතාව. මේ ගැන මා සටහනක් දැම්මේ, අර මොරටු සරසවි සිසුන් හා එන්.ඩී.ටී කට්ටිය ගහගත් වෙලාවේ, මේ බ්ලොග් වල ගිය දේවල් කියවීමෙන්.

    ජීවිතේම එහෙම, අනුන් හා සංසන්දනය කර ගනිමින් සිනා වීමට අවශ්‍ය නැහැ. මට පවා මෙහෙම මුහුණටම සිනාසුන මිනිසුන් හමු වී තියනවා. අද මා ඔවුන් ගැන තරමක් අනුකම්පාවෙන් හිතන්නේ. එදා නම් ලේ කෝප වුනා.//

    ඉහතින් තියෙන්නේ රසික මා කලකට පෙර ලියපු සටහනක කොටසක්. මෙහි අනෙක් අනෙක් අවස්තාව තමා, අපේ සමාජයේ තියන, තමන්ට වත් නැති කුහකත්වය හා ඉරිසියාව. මෙය ඉගෙනුම් වලින් විතරක් නොවේ, සමාජයේ හිටපු "මහා සමාජවාදීන්" කියන පිරිසත් අද ඉන්න "පට්ට ලිබරල්" යයි තමන්ව හඳුන්වා ගන්න පිරිසත් එකසේ ප්‍රවර්ධනය කරපු සංකල්පයක්.

    ඉස්සර ගම් වල ස්වෝත්සාහයෙන් දියුණු වූ මිනිසුන්ට කම්මැලි, වැඩක් කර ගන්න හැකියාවක් නැති පිරිස් ගැරහුවේ සමාජවාදයේ නාමයෙන්. ඔවුන්ට එරෙහිව වෛරය පැතිරුවේ, සමාජයේ කුම්මහි කමට හේතුව ඔවුන් වගේ කියමින්. අදත් මා දකිනවා සමහරුන් උන්නතිකාමය මහා පවක් ලෙස අර්ථ දක්වන්නට උත්සහ කරනහැටි. මිනිසාගේ උන්නතිකාමය නොවන්නට අදත් අප ගල් ගුහා වල. උන්නතිකාමය නොවේ වරද, වැඩක් පලක් නොකරමින්, අනුන්ගේ දේපොළ ගසා කමින්, අනාචාරය පතුරවමින් ජිවත් වීම. අනෙක උන්නතිකාමය හා තිරසාර (සස්ටෙනබල්) ජීවිතය/පැවැත්ම කියන්නේ දෙකක්

    රටවල් දෙකක හෝ වැඩි ගණනක පුරවැසියෙක් වීමේ අදහසක් මට නම් නැහැ. නමුත් ලංකාවෙන් පිට වූ පිරිස් සඳහා ඒ සඳහා අවස්තාව ලබා දීම, ලංකාවට හොඳ දෙයක්. එය තෝරා ගැනීම ඒකීය පුද්ගලයාගේ කැමැත්ත විය යුතුයි.

    ඔබ කියන කාරණය හා එකඟයි, මේකෙන් මුදල් ගරා ගන්න ගාණ වැඩිකර ගැනීම මගින්, අර ඒකීය පුද්ගල කැමැත්ත යට යාමට තියන අවස්ථාව වැඩියි. ගානක් හොයා ගන්න නම් කළ, යුත්තේ එය වඩාත් පහසු මට්ටමකට පහත දැමීමයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ නම් විදේශයකට ගිහින් තාවකාලිකව හෝ ස්ථිරව පදිශචි වුණාය කියලා තමන් ගේ රටේ ඉපදුණ අයට වෙනස් ආකාරයකට සලකන එක වැරදියි කියායි.

      ඒක එක්තරා ආකාරයක "වර්ණ"බේදවාදයක්.

      මුදල් කතාව ගත්තත්, මේ වැඩෙන් ඩිමාන්ඩ් එක අඩුවෙලා ආදායම සෑහෙන්න අඩුවෙනවා. ඊටත් වඩා පාඩුව තමයි, ලංකාවට ආදරයක් ඇති නිසා මේ කියන අවසරය අරගෙන ද්විත්ව පුරවැසියන් වෙන්න යන අය පිරිසක් රටට අහිමි වීම.

      මිනිස් ජීවිතයක වටිනාකම ලංකාවේ දී සාපේක්‍ෂව අඩු නිසා තමයි මේක වෙන්නේ.

      Delete
    2. හරි ඇත්ත. ජිවිතයක වටිනාකම අඩුකම ප්‍රධාන හේතුව. බලන්න මේ සාමාන්‍ය ජනතාව සිතන හැටි. එයට හොඳම උදහරනය මෙහි සාමහර කොමෙන්ටු හා ලාංකාදිපේ කොමෙන්ටු.

      මා සන්කරමනිකයෙකු නිසා නොවේ මේ ලියන්නේ. නමුත් මේ කතාවෙන්, අපට තවත් කරුනකට යන්න පුලුවන්. ඉහතින් රාජ් හොඳ කතාවක් කියලා තියනවා. මෙය මාත් නිතර ලියන දෙයක්. රටක නිදහස් අධ්‍යාපනය කියන්නේ දෙමාපියන්ට "දෙන" දෙයක්. ඒ වගේම බදු ගෙවන ඔවුන්ම තමා, ඒ කියන්නේ මැතිවරණ තියන රටක නම් චන්ද දායකයන් තමා, එහි දිශාව තිරනය කළ යුත්තේත්. සිසුවන් කියන්නේ, එහි ප්‍රතිපාදන වලට දායක නොවන පිරිසක්.

      දැන් බලන්න, පාසැලෙන් ඉවත් වන විට, අපොස ඉහලින් පාස් වන හා පාස් නොවන දෙගොල්ලන්ටම එක සේ සමාන මුදලක් යට කරලා තියනවා. දැන් බෝක්කු උඩ රස්තියාදු වන කෙනෙක්, තවත් කෙනෙක් මහජන මුදල් වලින් ඉගෙන රට ගියා කියල කියන විට නම් එහි මහා පරස්පරයක් තියනවා.

      සරසවි වලට පවා තේරෙන්නේ, "නිදහස්" අධ්‍යාපනය තියන නිසා පමණක් නොවේ, ඔවුන් අනෙක් පිරිස් වලට වඩා කැපවීමෙන් වැඩ කරපු නිසා, අනෙක් අයට වඩා දක්ෂ නිසා. එතැනදී නිදහස් අධ්‍යාපනය විතරක් නොවේ, එම ඒකීය පුද්ගලයාගේ බලපෑමත් තියනවා. දැන් මේ දක්ෂ පිරිස් පැත්තකට දමා (ඔවුන් රට යාවි යයි බයෙන්) දෙවන පෙළ පිරිසක් තෝරා ගත්තා කියල රටකට වැඩක් වෙන්නේ නැහැ.

      ඒ වගේම අප සේරම අමතක කරන කරුණ නම්, ලංකාවේ ආර්ථික වර්ධන වේගය අනුවත්, ජන ඝනත්වය අනුවත්, එහි උපදින සියල්ලන්ටම රැකියා, රට ඇතුලෙම උත්පාදනය සිතුවිල්ලක් විතරයි.

      Delete
    3. ඔය අවසාන කොටස නිසා මට පරණ කතන්දරයක් සිහිවී අදම එය ලියා පළකළා!
      http://rasikalogy.blogspot.com/2015/02/clearing-rungs-in-ladder.html

      Delete
  14. මට නම් ඇත්තේ මීට අදාලව වෙනම කතාවකි.ඉතිහාසයේ කිසි දිනක ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් විදේශයක නොවීය.ශ්‍රී ලාංකිකයන් සංක්‍රමනය නොවූ බව ඉන් අදහස් නොවේ.සංක්‍රමණය වූ අය තම මුල් රට සමඟ ඇති සම්බන්ධතාවය නැති කර ගත්හ.අලුත් සමාජයට මිශ්‍ර වූහ.
    උදාහරනයකට ඕස්ට්‍රේලියාවේ බඩගිනි නම් ප්‍රදේශයට නම වැටී ඇත්තේ අපේ අයගෙනි.ඔවුන්ට එම ප්‍රදේශයේදී කුසගින්නේ සිටීමට සිදුවිය.එහෙත් අද ඔවුන්ගෙන් පැවත එන අයට ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාවයක් තිබේද නැත.
    විදේශයකදී එක්තරා මාධ්‍යවේදියෙකුට හමුවූ පුද්ගලයෙකුගේ නම ජයසිංහය.ඔහු තමන් ගේ මුත්තා සිංහලයෙකු බව කීවේය.නමුත් ඔහුට සිංහල වචනයක්වත් බැරිය.සංස්කෘතික සම්බන්ධය බිඳ වැටීම ඊට හේතුවයි.
    මෙවැනිම පිරිසක් මුරුසියේද සිටිති.එහෙත් ඔවුහු එම සමාජයට ස්වීකරණයවී ඇත.ඇයි මාලදිවයිනේ ?

    එහෙත් ලොව පුරා විසිරුන යුදෙව්වන් අවුරුදු දෙදහසක් පමණ තම මුල් රට සමඟ සබදතා අඛන්ඩව ගෙන ගියහ.ඒ ඔවුන්ට එල්ලවූ අසීමිත හිරිහැර මධ්‍යයේය.ඒ ඔවුන්ගේ සංස්කෘතික ශක්තිමත්කමක් කියා මම සිතමි.

    සිංහලයන් සිටින්නේ ලංකාවේ පමනක් යැ‍යි අප කියමු.ඊට හේතුව විදේශගත වූවන් තම මවු රට සමඟ වූ සබන්ධතාව කුමන කරුණක් නිසා හෝ අත හැර දැමීමය.
    විදේශගත වී තම මවු රට සමඟ සම්බන්ධතාව අත නොහරින රසිකලා වැනි දහස් ගනනක් ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මට නම් ආඩම්බරයකි ( බ්ලොග් එක හරහාද සිදුවන්නේ සංස්කෘතික ගණුදෙනුවකි ).එහෙත් රජයන් විසින් ගනු ලබන මෙවැනි මරිමෝඩ තීරණ නිසා සිදුවන්නේ රටක් ලෙස අප තවත් හුදකලා වීමයි.

    ReplyDelete
    Replies
    1. ඔය බඩගිනි ගැන ඔබ කියා ඇති දේ අසත්‍යයක්. මා බඩගිනි ගමට ගොස් ඒ ගැන ලිපියක් ලක්බිම පත්තරේට ලිව්වා. ඒ නම දමා තියෙන්නේ ඒ ප්‍රදේශයේ මැනුම් කටයුතු කළ බ්‍රිතාන්‍ය මිනින්දෝරුවෙක්. ඔහු ඊට කලින් සේවය කර ඇත්තේ ලංකාවේ යි.

      Delete
    2. MM, යුදෙව් අය (ඊශ්‍රාලයෙන් පිට ) ඉන්නව නේද හීබ්‍රූ කතා නොකරන?
      ආගම හා චාරිත්‍ර strictly පිලි නොපදින ඒත් යුදෙව් යයි හඳුන්වාගන්නා අයත් ඉන්නව නේද?

      Delete
    3. සංක්‍රමණිකයින් ගැන ඔබ කියා ඇති දේවලත් දෝශ ගණනාවක් තියෙනවා.

      යුදෙව්වන් නිසා තමයි ඩයස්පෝරා කියන වචනයත් හැදුණේ.

      ඔවුන් ගේ රටෙන් ඔවුන්ව පළවා හැරිය නිසා, ඔවුන් විවිධ රටවලට ගියා විශාල පිරිස් වශයෙන්. සංස්කෘතියක් රැකෙන්න එකක් අවශයයි. තනි පුද්ගලයින් වෙනත් රටකට ගිය විට එලෙස අනන්‍යතාවය රැකෙන්නේ නෑ. යුදෙව්වන් එකතු කළ අනෙක් කරුණ තමයි ඔවුන් ගේ ආගම.

      ඒ කෙසේ වෙතත්, යුරෝපයේ පවා විවිධ රටවල සිටි යුදෙව්වන් කතා කලේ ඒ ඒ රටවල භාෂාවන්. පසුව ඊශ්‍රායලය ඇරඹූ පසු තමයි හීබෲ භාෂාව පණ ගස්සවා ගත්තේ!

      සිංහලයින් ඔසී රටට මුලින්ම පැමණි ඇත්තේ මුතු බෙල්ලන් ව්‍යාපාරයට සහ උක් වගාවල වැඩ කරන්නයි. ඔවුන් අති බහුතරය ආපසු ගියා.

      මේ ගැන මූලාශ්‍ර පොත්වල සහ ජාලයේ තියෙනවා. කියවා දැනුවත් වෙන්න.

      Delete

    4. සිංහලයින් ඔසී රටට මුලින්ම පැමණි ඇත්තේ මුතු බෙල්ලන් ව්‍යාපාරයට සහ උක් වගාවල වැඩ කරන්නයි. ඔවුන් අති බහුතරය ආපසු ගියා// අපේ මිනිස්සුන්ගෙ හැටි තමයි.අළුත් පරිසරයකට හුරුවෙන්න අලුත් ජීවිතයකට කැමති නැහැ.නමුත් ඉන්දියානුවන් නම් ෆීජි වල ගයානාවෙ එහෙම පදිංචි වුනා.මේ ගතිය නිසා වෙන්න ඇති සිංහලයන් මේ දූපතටම සීමා වුනේ.
      දැන් තමා මෙහෙමවත්. ඉස්සර මුළු ගැන්විලා හැංගිල වගෙ ඉදල තියෙන්නෙ කියල මට හිතෙනව.

      Pra @ මාත් එහෙම අහල තියනව.ඉතියෝපියාවෙ සහ කේරළයෙ ඉන්නවලු කියල. වරෙක ඊශ්‍රායලය කළු ජාතික යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවෙන් ගෙන්ව ගත්තා.හැබැයි මේ අයට සමාන සැලකිලි ලැබෙන්නෙ නෑ කියලත් කසු කුසු තිබුනලු.

      Delete
    5. සංක්‍රමනවලට වෙනත් ජාතීන් සිංහලයන් තරම් ඈලිමෑලි වෙලා නෑ. වතුවැඩට ආපු දෙමළ අය බලන්න.
      ෆීජි වල ඉන්න ඉන්දියානුවනුත් ආවෙ උක් වතු වගෙ ඒවට.ඔවුන් ආපසු ගියෙ නෑ. ඒ වගේම චීන ජාතිකයනුත් බ්‍රිතාන්‍ය යුගයෙදි සිංගප්පූරුව ,මැලේසියාව වගෙ රටවල ශක්තිමත් ප්‍රජාවන් වුනා.සිංගප්පූරුවෙත් ශක්තිමත් දෙමළ ප්‍රජාවක් ඉන්නව. මුස්ලිම්වරු වෙළදාමට ගොස් පඳිංචි වීම සාමාන්‍ය දෙයක්.

      සිංහලයො කැමති නෑ අලුත් රටවල් සොයා යන්න.අලුත් දේවල් සොයා ගන්න.ගම් වලටම කොටුවෙලා හිටිය එකයි කරල තියෙන්නෙ.
      සිංහලයන්ගෙ මේ ගතියට හේතුව ඔවුන්ගෙ ආගම කියලයි මට හිතෙන්නෙ. බුද්ධාගම තුලින් මිනිස්සු දුර්වලයන් කරනවා.මේක නීට්ෂේ කියපු එකක්.මටත් හිතෙනව ඇත්ත කියල.
      යුදෙව්වන්ගෙ ආගම ඔවුන්ට පුදුමාකාර ශක්තියක් වුනා.ඊට බොහෝදුරට සමාන ඉස්ලාම් ආගම ලෞකික කටයුතුවලදී මුස්ලිම්වරුන්ට ලොකු ශක්තියක්.

      Delete
    6. @MM, ඊශ්‍රායලයෙ ඉන්නවට වඩා යුදෙව්වො ඇමරිකාවෙ ඉන්නවනෙ. ඇමරිකන් යුදෙව්වන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනෙ නමට යුදෙව් වුනාට , විවාහවෙනකොට චාරිත්‍ර ටිකක් කලාට, හීබ්රූ බාසව තියා කොශෙර් kosher කෑමවත් පිලිපදින්නෙ නැති.
      The Nanny කොමෙඩි එක බලල තියනවද?

      කේරලේ විතරක් නෙමෙයි අනුරාධපුර රජ කාලයේ එහෙ හිටිය විදේශීය වෙලඳ කොමියුනිටි එකේත් යුදෙව්වන් හිටියයි කියනව

      Delete
  15. හුහ්! රටගිය එවුන්ට සල්ලි තියනව ඕන තරං. ඒ මදිවට උං යන්නෙත් මාත්‍රූ භූමියට ද්‍රෝහී වෙලා, ගිහිල්ලත් කරන්නෙ ඩොලර් වලට රට පාවා දෙන එක. උංට මොන ඩුවල් සිටිසන්ශිප්ද! හොඳ වැඩේ!

    ReplyDelete
    Replies
    1. හැක, හැක!

      ඇත්තටම රාජ්, තමන් ගේ ම සහෝදර පිරිසක් ගැන ඇයි අපේ සිංහලයින්ට මෙහෙම හිතෙන්නේ. කුඩුකේඩු කමද?

      එක මවකගෙ දරු කැළ බැවිනා!

      Delete
  16. මම හිතන්නේ ඔතන ගන්නන්වාලේ ඩුවල් සිරිසන් වෙනවාට වඩා තම අවශ්‍යතාවය අනුව ඔය ගාන ගෙවනඑක හොඳද කියලා බලා තීරණයක් ගතයුතුයි. ලක්‍ෂ පහ කියන්නේ ඔය රටවල මාසෙ පඩියක් වගේ නේද ?. ලංකාවේ අපිට දැන් හයිබ්‍රිඩි වාහනයකට වැඩිවුමුදල ඔයිට වඩාවැඩියි රසික.

    ReplyDelete
    Replies
    1. වැඩි මුදලක් ගෙවීමට වඩා, එයින් දෙන ඉඟියයි රට ගිය අයගේ හිත වඩාත් පාරන්නේ!

      පරිසර හදතකාමී හයිබ්‍රිඩ් වාහන බදු වැඩි කිරීම තරම් තවත් මෝඩ වැඩක් තියෙනවාද? පිස්සෝ!

      Delete
  17. //පරිසර හදතකාමී හයිබ්‍රිඩ් වාහන බදු වැඩි කිරීම තරම් තවත් මෝඩ වැඩක් තියෙනවාද? පිස්සෝ!//

    ගවපාලනේට අපහාස කරන්න එපා අනේ...

    ReplyDelete
    Replies
    1. බයියන්ටත් බයි වූ පරිසි මහනිඳි රජපසයන්ටත් වඩා බයියකු වූ චා-රසයා, රජපසයන්, සී-රන් තියා , නෑ-මොළයා, යෝ(නි)-සිතයා හා චිචීයා සිරුරු කිස නිමකළ කල්හි ඔවුනගේ පශ්චාත්බාගය සේදීමේ සිට කාලටන මාලිගයේ වායුසමනිත කුටිවලැ දපා ඇති අටවිසි සුනඛ පෝතක කැළද කවා පොවා නවහා, මන්දිර බිම ඇමද, හැළිවලං සොදාපිය දැළිකුණු පෙරාගෙන වාසය කරන කල්හි "එම්බ, සයිබරයේ අප මහා නරේන්ද්‍රයාට කොචොත් කරන්නවුනට පිටිතල හයා පහර දෙමි" සිතා රා බීගත් නාලාගිරි යකුන් සේ නිර්වස්ත්‍ර්‍රව පැමිණ බූරු වදන් පහරා ඇති බව ‍සියල්ලන්ම දත යුතුය.

      Delete
  18. තර්ඩ් ජෙනරේෂන් තියරි යනු දැනට විදේශයක වාසය කරන ලාංකික උගතෙකු විසින් හෙලිදරව් කරන ලද අනාගත සිදුවීමක්. මෙම තියරියට අනුව අන්ඩුව සහ නෝර්වේ මගින් ක්‍රියාත්මක කරන ලද සිංහල සහ මුස්ලිම් ආගමික ගැටුම් තව වර්ධනය වෙනවා. ලංකාවේ දැනට ජිවත් වන සිංහල දෙමල මුස්ලිම් මෝඩ ගෝත්‍රික ජනතාව ආගමික සටන් වලින් විනාශයට පත් වෙනවා ආගම් බේධ නිසා මරා ගන්නවා , හලාල් , ජිහාඩ් , ගව ඝාතන ආදී දේවල් වෙනුවෙන් ගම් පිටින් සටන් වදිනවා. එකම ආගම ඇතුලේ කරුණු වලටත් වාද කරගෙන මරා ගන්නවා. ඒ අතරවාරයේ ලංකාවේ උසස් අධ්‍යාපනය බිඳ වැටෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික අගය බිංදුවට බහිනවා. අන්තවාදී සිසු සංවිධාන විසින් විශ්ව විද්‍යාල යටිතල පහසුකම් පවා විනාශ කර දමනවා. මහා නූගත්කමක් මුලු රට පුරා පැතිරෙනවා. ප්‍රාදේශීය දේශපාලකයෝ ලෙස ගම් වල ඉන්න මැරයන් පත් වෙලා ඔවුන් ජාතික දේශපාලනය දක්වා යනවා. මොවුන් පාර්ලිමෙන්තුවට එන්නෙත් තුවක්කු කඩු අරගෙන​. ආර්ථිකය කඩා හැලෙනවා. මිනිස්සු නුගත් වනචරියෝ බවට පත් වෙනවා. ඉන්පසු අතට අහුවෙන ආයුද අරගෙන රුවන්ඩාවේ වගේ එකිනෙක මරාගෙන ලංකාවේ ජනගහනය සිග්‍රව අඩු වෙනවා,ඒක පුද්ගල අදායම ලෝකේ අඩුම මට්ටම බවට පත් වෙනවා. ඉතුරුවෙන මිනිසුන්ට සාක්‍ෂරතාවයවත් නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ වැද්දන් වගේ. ඒ කාලය වෙන කොට ලංකාවේ හැන්දක් ගෑරැප්පුවක් අතින් අල්ලන්න දන්න මිනිහෙක්වත් නැහැ. මේ මහා විනාශයෙන් පසුව දැනට බටහිර රටවල ඉන්න උගත් ධනවත් ලාංකිකයන්ගේ ලංකාවට එනවා. (බෝට්ටු වලින් හොරාට පැනපු අය නොවේ. උගත්කම නිසා පිටරට රැකියා වලට ගිය ලාංකිකයන්ගේ තුන්වන පරම්පරාවේ දරුවෝ ) ඒ පරම්පරාව හොඳටම උගත් පිරිසක් . ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වල ඉගනගෙන තියන ධනවත් නිරෝගී පරම්පරාවක්. ඒ කාලේ වෙනකොට ඩොලර් 1000 ගෙනාවත් ලංකාවෙන් ඉඩම් අක්කර සිය​ ගණන් ගන්න පුළුවන්. හරියට මුඩුබිම් පනත කලේ සිලිමට අක්කර සිය ගණනක් ගත්ත වගේ. මේ උගත් නිරෝගී පරම්පරාව තමයි ලංකාවේ නායකත්වය භාර ගන්නේ. මේ උගත් නිරෝගී පරම්පරාව ලංකාවට එන කොට එක්දාස් නවසිය විසි තිස් ගනන් වල ඔක්ස්ෆඩ් උගත් බණ්ඩාරනායකලා ලංකාවට ගොඩ බහිනකොට තිබ්බ තත්වය වගේ. ලංකාවේ නූගත් ග්‍රාමීය මිනිසුන් ඔක්ස්ෆඩ් උගත් බණ්ඩාරනායකලා දැක්කේ දෙවිවරු වගේ. ඔවුන් ඒකමතිකව නායකයන් ලෙසට ජනතාව භාර ගන්නවා. මේ උගත් ශිෂ්ඨ පරම්පරාව ඉතුරු වෙලා ඉන්න වනචාරී ගෝත්‍රිකයෝ අතර නායකත්වයට පත් වෙලා ලංකාවේ පාලනය භාර ගන්නවා. මුලු ලෝකය පුරා විසිරිලා ඉන්න තුන්වන පරම්පරාවේ දරුවෝ ලංකාවට ගෙන්න ගන්නවා. මේ අය විවිධ කේශේත්‍ර වල විසේසඥයෝ. යුදෙව්වන් ඉශ්‍රායලය බිහි කරා වගේ ලංකාව අති නවීන විදියට මේ අය නිර්මාණය කරනවා. ලංකාව සෙසු ලෝකයා සමග බද්ධ කරනවා. ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත් කරනවා. ආගමික අන්තවාදය නිශේදනය කරනවා. දියුණු තාක්‍ෂණය ලංකාවට හඳුන්වා දෙනවා. අධ්‍යාපනය තුලින් ශික්‍ෂනය තුලින් දියුණු මිනිසෙකු බිහි කරනවා. ඉන්පසුව ලංකාවේ ලෝකයේ දියුණු රටක් බවට පත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, ටොරන්ටෝවල දැන් ඉන්න ලාංකිකයින් ගේ ඉදිරි පරම්පරා ලංකාවම අල්ලාගන්නයි යන්නේ!

      Delete
  19. Mathalan,Germanye Kisima thenaka 3wana Panthiye salakeemak Mama Danna Tharaminnam naha,Hamotama samawa salakeema mama Dakinne,Nithiya katath samai.Garman jathikayan handunagaththama esurata hondai.Pasugiya kalaye Saranagatha prashne tharamak berarum welathiyenne.Eka methanata adala nethinisa noliyami.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාවේත් කිසිම කෙනෙකුට ඔහු හෝ ඇය ආවේ කොහෙන්ද කියා වෙනස් සැලකීමක් නෑ. එය ව්‍යවස්ථානුකූල නීතිවලින්ම සහතික කර ඇති දෙයක්.

      Delete
    2. රන්ජන් ----, ඔයා පොඩ්ඩක් නැගෙනහිර ජර්මනියේ ඩ්‍රේස්ඩන්, ලයිප්සිශ් පැත්තේ කරක් ගහලා එන්නකෝ..... එතකොට ඔයාට තේරෙයි ජර්මනියේ යුරෝපීය නොවන විදේශිකයන්ට තියෙන සැළකීම.

      Delete
    3. ////මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාවේත් කිසිම කෙනෙකුට ඔහු හෝ ඇය ආවේ කොහෙන්ද කියා වෙනස් සැලකීමක් නෑ. එය ව්‍යවස්ථානුකූල නීතිවලින්ම සහතික කර ඇති දෙයක්.////

      රසික, ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ද එහෙම නැත්නම් බොරේලියාවේ (Borealia) ද?
      ඔයා කියන දේට පටහැනි දෙයක් තමයි මාධ්‍යවල නම් කියවන්න ලැබෙන්නේ. මෙන්න එක උදාහරණයක්:
      Backlash against Australian Muslims worsens

      Delete
    4. "Get the fuck out of our country" කියා මුස්ලිම් අයගේ දොරවල්වල තීන්තෙන් ලියන්නෙත් ඕස්ට්‍රේලියාවේ.

      Delete
    5. Backlash = strong negative reaction by a large number of people, especially to a social or political development

      කින්ස්ලියෝ ඒ කියන්නේ තමං කරපු ඒවට ප්‍රතිපල ලැබෙන එක. ඒකට කියන්නේ හරි විදියට , සැලකිය යුතු විදියට සැලකීම කියල මිසක් "වෙනස් සැලකීමක්" කියල නෙවෙයි

      Delete
    6. @ කිංස්ලි-
      1. රන්ජන් ඉන්නේ මං හිතන විදියට ඩේ‍රස්ඩන් වල තමයි. ඔහුගේ සමහර කෙමන්ටුවල එහෙම තිබුණා මතකයි.

      2. නීතිය ඕස්ට්‍රේලියාවේ නීති ගතයි. අකුරට ක්‍රියාත්මක වෙනවා. එය තියෙන්න හේතුවත් ඔබ ඔය සඳහන් කරන මේ අළුතින් ඇති වී ඇති මුස්ලිම් විරෝධය වගේ හේතු තමයි. කිසිම පුදගලයෙකුට ඔවුන් ගේ ජාතිය, වර්ණය, ලිංගිකත්වය, වයස, ශාරීරික අඩුපාඩු යනාදිය මත වෙනස් කම් කරන්න බෑ. කතාබගේදී, හැසිරීමේදී, රැකියාවලට තෝරා ගැනීමේදී.

      3. මුස්ලිම් විරෝධය විතරක් නොවෙයි යුදෙව් විරෝධී සිදුවීමකුත් මේ ලඟදී සිදුවුණා. එක් පුද්ගලයෙක්, පිරිසක් එසේ ජාතිවාදී හැසීරීමක් පෙන්වීම විෂම මිනිස් ලක්‍ෂණයක්. මා කියන්නේ එවැන්නන්ට දඬුවම් දීමට නීති ඇති බවත්, ඒවා ක්‍රියාත්මක වෙන බවත් කියන කාරණාවයි.

      මෙය සංසන්දනය කරන්න පසුගිය දිනවල බොදු බාල සෙන්නාව සහ රාවණා ද මොකක්ද සංවිධාන විසින් රජයේ අනුග්‍රහය ඇතුව ඩිෆෙන්ඩර් රථවලින් ගොස්, රුස්වීම් පවත්වා, අබ සරණයි කියා, ඉන්පසු මහා විනාශයක් කොට, කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්නා හැටි හා සමග!

      Delete
    7. @ ඇනෝ 5 February 2015 at 21:10 ----
      එතකොට ඕස්ට්‍රේලියාවේ යුක්තිය පසිඳලන්නේ පාරේ යන මහජනතාව ද? ඕස්ට්‍රේලියාවේ උසාවි නැද්ද? අනුන්ගේ ගේට්ටුවල, දොරවල්වල තීන්තෙන් කුණුහරුප ලියන්න ඕස්ට්‍රේලියාවේ අවසර දීල ද තියෙන්නේ?

      Delete
    8. @ රසිකොලොජිස්ට් - Rasikologist --------

      1. බොහොම අපහසුවෙන් කිය වූ රන්ජන්ගේ කොමෙන්ටුවල තිබුණේ ඔහු පදිංචි Düsseldorf හි කියා තමයි මට මතක. ඒ නගරය තියෙන්නේ බටහිර ජර්මනියේ.

      2. නීතිය පොතේ නම් ඇති. අකුරට ක්‍රියාත්මක වෙනවා නම් මම දීලා තියෙන සබැඳියෙන් යන ලිපියේ සඳහන් දේවල් සිදු වන්නේ කෙසේද? මීට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් තරඟක් අතරතුර රූපවාහිනියේ සමීප දසුනකින් පෙන්වූ තම විවාහ මංගල්‍යයට සැරසී සිටින චීන කාන්තාවක් ගැන ටෝනි ග්‍රේග් කිවූ ජාතිවාදී ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණා ද?

      3. ජනවාරි 8 වැනිදායින් අවසන් වූ රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලනය වැනි පාලනයක් ලෝකයේ කිසිම ස්ථානයක ඇති නොවේවා යයි මම අවංකව ම ප්‍රාර්ථනා කරනවා.

      Delete
    9. @ Ranjan ----

      ජර්මන් ජාතිකයෙක් ම (Günter Wallraff) කල්ලෙක් ලෙස තම හමේ පාට වෙනස් කරගෙන, බොරු කොණ්ඩයක් දමා ගෙන ජර්මනිය පුරා සැරිසරමින් සිදු කළ රූපගතකිරීම් ආශ්‍රයෙන් චිත්‍රපටියක් තැනුණා. ඒ චිත්‍රපටියෙ නම Schwarz auf Weiß. මෙන්න ඔහුගේ අත්දැකීම් ගැන බී.බී.සියේ තිබූ සඳහනක්:

      Everyday abuse:
      He [actor Günter Wallraff] was almost beaten up by neo-Nazis after a football match in eastern Germany. And outside a small-town nightclub was told by a skinhead: "Europe for whites, Africa for apes."

      But the film's most disturbing aspect is not the well-known racism of right-wing extremists, but rather the secretly-filmed reactions of everyday people - the landlady who says she could not possibly rent out a flat to a black person, or the shop owner who will not let him try on an expensive watch, but willingly hands over the same watch to the next customer who is white.

      For black people in certain parts of Germany such experiences are commonplace, believes Sven Mekarides, general secretary of the Africa Council in Berlin.

      මෙන්න එම බී.බී.සී. වාර්තාව.

      පැය 1 යි මිනිත්තු 22 ක් පුරා දිවෙන චිත්‍රපටිය බැලීමට මෙතැනට යන්න.

      Delete
    10. මා ලින්ක් එක ඔස්සේ ගොස් චිත්‍රපටය බැලුවා.
      කිංස්ලි ,රසික ඔබ දෙපළටම ස්තුතියි.ඇත්තටම මා සිතා සිටියේ යුරෝපීය සමාජය ඉහළ ප්‍රමිතියෙන් යුත් ශිෂ්ට සමාජයක් ලෙස
      නමුත් නිගමනවලට බැසීමට ඉක්මන් වීමේ වරද මට දැන් තේරෙනව

      Delete
    11. @ මධ්‍යස්ථ මතධාරියා

      යුරෝපය ගැන මා දන්නේ නෑ. කොහෙත් ඉන්නේ මිනිස්සු. ජාතිවාදීන් ඉන්නවා, මානව හිතවාදීන් ඉන්නවා.

      වෙනස තමයි නීතිය සහ නීතිය ක්‍රියාවේ නැංවිම වැනි දේවල්!

      දැන් ගුඩ් ගවනන්ස් යන දේ ගන්න. ගවනන්ස් හොඳ වුණාට, හොරකම හෝ වංචාව හෝ ජාතිවාදය නැති වෙන්නේ නෑ. ඒ ඒ තත්වයන්ට මුහුණ දීම සහ පාලනය කිරීම තමයි ගුඩ් ගවනන්ස් වල අපේක්‍ෂාව

      Delete
    12. I cannot agree with you Rasika. You are trying to convince us that Australia is the best country in the world and there is no racism at Australia. Even in Sri Lanka, the equality between ethnicities is well established by laws. If you see in Sri lanka, Tamils, Muslims or even the touring foreigners are treated well in most places. But in certain times some incidents occurs and rarely some political rascals (like BBS, Taufeeq Jamaad, Eelam activists) popularise them and use them to spread hatred and that would lead conflicts. I think the same happens in Europe and Australia too., nothing much difference. Even in SL, the common people are punished by laws like most of the Sinhalese attackers were arrested for Aluthgama incident. However politicians have more freedom and they spread hatred like many pro-Nazi racist organizations still exists in Germany. In my experiences while travelling Australia and Europe, Australia has been less troubled by irritating African refugees like Europe. Even though, in my opinion, Australia is worse than many Western European countries in this context. I think NZ culture is much better than racist & arrogant Aussie society.

      Delete
  20. වෙනත් රටකින් පැමිණ පුරවැසි භාවය ලබාගත් අයට ඡන්දය ඉල්ලීම සඳහා ඇති අයිතිය පිලිබඳ නීති රීති ලෝකයේ ඒ ඒ රටවලදී වෙනස්වන ආකාරය ගැන දැනගන්න කැමතියි.

    මැද පෙරදිග බොහොමයක් රටවල් කිසිදු විදේශිකයකුට පුරවැසි බව නොදෙන ප්‍රතිපත්තිය කවදාවත් විවේචනයට ලක්වන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පසුව වැඩි විස්තර ලියන තුරු- මා වෙසෙන ඕස්ටේ‍ර්ලියාවේ සංක්‍රමණය වී පුරුවසියන් වූ අයට සේම, ද්විත්්ව පුරවැසියන්ටත්, ඡන්ද බලය තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නට පෙර අනිත් රටේ පුරවැසිබව අතහැරිය යුතුයි. මෙරටින් තුනෙන් එකක් පිටරට ඉපදුනු අය. තවත් තුනේන එකක් මෙරට ඉපදුණු ඒ අයගේ දරුවන්.

      මා අසා/කියවා ඇති පරිදි, ඇමරිකාවේත් තත්වය මීට සමානයි. නමුත් පිටරටක ඉපදුනා නම් ජනාධිපති තරගයට එන්න බෑ. මේ නිසායි, කැලිෆෝනියා ආ්ණඩුකාරයා වුණු ආර්නෝල්ඩ් ස්වෙෂ්නෙගර්ට ජනාධිපති කමට ඉල්ලන්න බැරි. (ද්විත්ව පුරවැසි කතාව නොදනිමි)

      Delete
    2. @විචාරක
      මැද පෙරිග රටවල් තවමත් ඉන්නේ මධ්‍යතන යුගයේ. ඒ කාලේ නීති, මරණ දඩුවම් තමයි දැනුත්. ඉතිං වෙන දේවල් ගැන මොන කතාද?

      Delete
  21. මේක පුද්ගලික කෝන්තරයක් වෙනුවෙන් කරපු දෙයක්ද මන්දා.. මම නං කැමති ද්විත්ව පුරවැසියන් වැඩිපුර ගේනවට..

    ReplyDelete
    Replies
    1. එකම රටේ ඉපදුණු, හැදුණු වැඩුණු, තමන් ගේම සොයුරු සොයුරින්ට, පිටරට ගිය "වරද" නිසා ජරා කතාකීම තමයි මට අදහා ගන්න බැරි!

      Delete
    2. කුමාර් ගුණරත්නම්, ඩලස්, ගෝඨාභය , බැසිල්

      Delete
  22. අයියන්ඩි ලොකු දැනුමක් ලබාගත්තා කාලයක ඉදලා හිත් තිබුන ප්‍රශ්න වලට උත්තර ලැබුනා..

    ReplyDelete
    Replies
    1. සන්තෝශයි!
      ඕස්ට්‍රේලියාව ගැන තවත් විස්තර ලිවීමට බලාපොරොත්තු වෙමි.

      Delete
  23. ද්විත්ව පුරවැසියෝ නෙමේ අපි නමුත් අය වැය සකස් කරන කොට එකෙන් ලංකාව ඇතුලේ ඉන්න අය වගේම ලෝකේ පුරා විසිරි ඉන්න ශ්‍රී ලංකිකයෝ ගැනත් අවධනය යොමු කරනවා නම් හොඳයි.
    අනිත් දේ රසික කියා තිබෙන පරිදි විදේශිකයින්ට එක මුදලක්,ලාංකිකයින්ට තවත් මුදලක් විදියට යම්.යම් වලට ප්‍රවේශ වෙනකොට වෙනස් මිල ගණන් ලබා ගන්න එක ගැනත් රජය ටිකක් හිතලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සාමානත්මතාවය තමයි වැදගත්ම සංකල්පය!

      ලංකාව විදේශිකයින්ට එකම සේවයට වැඩිපුර අය කිරීම සමාන වෙන්නේ ලාංකිකයෙක් පිටරටකට ගිය විට එකම ගාස්තුව අය කර පොඩි පුටුවක් දීම වැනි අඩු සේවාවක් දීමටයි.

      Delete
  24. ලංකාවේ පදිංචි වී ලංකාවේ ම තම ජීවිකාව කර ගෙන යන අයට වඩා පිටරටවල්වලට සංක්‍රමණය වූවන්ගේ ක්‍රය ශක්තිය වැඩි යි. ඒ නිසා ද්විත්ව පුරවැසිකම හිමි සංක්‍රමණිකයන් ලංකාවේ දේපොළ මිළ දී ගන්නා විට ඉහළ මිළක් වුව ද ගෙවීමට සූදානම්. ලංකාවේ ඉඩම් මිළ ඉහළ යෑමට මෙය හේතු වේ. එවිට සිදු වන්නේ ඉඩමක්-කඩමක් මිළ දී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජීවත් වන ලාංකිකයා හටත් එම ඉහළ මිළ ගෙවීමට සිදු වීම යි. එසේත් නැතහොත් ඔහුට/ඇයට තම බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවේ.

    මේ නිසා ද්විත්ව පුරවැසිකම වෙනුවෙන් මීටත් වඩා ඉහළ බද්දක් අය කිරීම සාධාරණ බව මගේ අදහස යි.

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ අදහස, මගේ අදහස වෙනස්.

      සල්ලි ගෙවීමට ඇති හැකියාවේ ප්‍රශ්ණය මෙහි එක පැත්තක් පමණයි. ගමේ ඉපදී හැදි වැඩී නගරයේ රැකියවට විත් පදිංචි වුණාය කියා ගමට යන්න කප්පම් ගෙවීමක් වගේ දෙයක් මෙතන වෙන්නේ. කට්ටිය කැමති ගමට යනකොට අතින් කටින් තෑගි අරගෙන යන්න මිස කප්පම්, නගරං, තෝං ගෙවන්න නොවෙයි.

      Delete
    2. මේ පනවා ඇති බද්ද ඔබට පෙනෙන්නේ තෝං ගැනීමක් වශයෙන් විය හැකි යි. එහෙත් මා කියා ඇති කාරණයට නොවේ ඔබ පිළිතුරක් දී ඇත්තේ.

      මා හට පෙනෙන ආකාරයට ලංකාණ්ඩුව මෙම බද්ද පනවා ඇත්තේ ක්‍රය ශක්තියෙන් ඉහළ ද්විත්ව පුරවැසියන් විසින් ඇතිකරනු ලබන දේපොළ ඉඩ-කඩම් සඳහා වූ කෘත්‍රිම මිළ වැළැක්වීමට යි. තම රටේ ජීවත් වන පුරවැසියන් හට ගේ-දොරක් ලබා ගැනීමට පහසුකම් සැළැස්වීම ඒ රටේ රජයක මූලික වගකීමක් වේ. මෙම බද්ද නිසා ලංකාවේ ජීවත් වන පුරවැසියෝ එවැනි කෘත්‍රිම මිළ ඉහළ යෑමකින් ආරාක්ෂා වෙති.

      Delete
  25. අතුරු අයවැය මගින් ලබාදුන් “සහන“ වලට යන වියදම පියවා ගැනීමට හෙවත් “රජයේ ආදායම“ වැඩි කර ගැනීමට යොදාගත් විවිධ උපක්‍රම වලින් එකක් තමයි මේ ලිපියේ ප්‍රස්තුත කාරණය. මෙහිදී මතක තබාගත යුතු කරුණක් වන්නේ මේ අතුරු අයවැයේදී ලංකාවේ “සාමාන්‍ය ජනතාව“ වෙත අවම හිරිහැරයක් වෙන ආකාරයට රජයේ ආදායම ලබාගැනීමට උත්සාහ දරන්නට ආණ්ඩුවට සිදු වී තිබෙන බව. බදු වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන ආදායම නොලැබෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. රට බීම බද්ද වැඩි කළ විට මාසයකට දෙකකට වගේ සුළු කාලයකට ආදායම අඩු වෙලා නැවත හරි යනවා (අරක්කු අත්‍යවශ්‍ය නිසා). ආහාර වර්ග සඳහා බදු වැඩි කළොත් ක‍්ෂණිකවම වැඩි ආදායමක් ලබාගන්න පුළුවනි. සුඛෝපභෝගී ලෙස හඳුන්වන භාණ්ඩ සඳහා බදු අය කිරීමෙන් වුනත් ලැබෙන සුළු හෝ ආදායම වැඩි කරගන්න පුළුවනි බොහෝ දුරට. ඒත් රසිකගේ තර්කය වන්නේ ද්විත්ව පුරවැසි අයදුම්පත් ගාස්තුව වැඩි කිරීමෙන් ඉල්ලුම අඩු වීමට ඉඩ ඇති බවයි.
    බදු අය කිරීමේ තවත් අරමුණක් වන්නේ පාරිභෝගිකයන් අධෛර්යයට පත් කිරීම බවත් ඇත්තක්. ද්විත්ව පුරවැසි අයදුම්පත් ගාස්තුව වැඩි කර ඇත්තේ අයදුම්කරුවන් අධෛර්යයට පත් කිරීමට කියා සිතීම නම් උගහටයි. අරක්කු හා සිගරට් බද්ද වුනත් ඇත්තටම එම වර්ගයේ කියා මා හිතන්නෙ නෑ (එහෙම පෙන්නන්න හැදුවට).
    ලයිට් බිල වගේ ඒවානම් එසේ පාරිභෝගිකයන් අධෛර්යමත් කිරීමට සකස් කරනවා.
    ද්විත්ව පුරවැසි අයදුම්පත් ගාස්තුව වැඩි කළේ අයදුම්කරුවන් අධෛර්යමත් කිරීමට නම් ඒක බරපතල වැරැද්දක්.
    දැන් එතකොට කසාද ලියාපදිංචි ගාස්තුව අඩු කළේ කසාද බඳින එක උනන්දු කරවන්නද?

    ReplyDelete
    Replies
    1. ලැබිය හැකිව තිබූ ආදායම අඩුවීම නම් වෙන බවයි මගේ අදහස. හේතුව ඉල්ලුමේ දැඩි නම්‍යතාවයි!

      Delete
    2. කසාඳ බැදීම වැඩි කිරීමට විතරක් නොවෙයි, ඇයි විසි දාහක් දෙනවා නේද ළමයෙක් ඉපදෙන කොටත්!

      Delete
  26. ලංකාදීප නිවුස් එකට දාල තියන කමෙන්ට්ස් වුනත් මීට දෙවෙනි නෑ. එක්කෙනෙක් අහනව පිටරට පදිංචි වෙලා කෝටි ගාණක් පඩි ගන්න මිනිස්සුන්ට ලක්ෂ පහක් දෙන්න තියන අමාරුව මොකක්ද කියල. හැබෑට ආදායමට සමානුපාතික ගාස්තුවක් අයකරන ක්‍රමයක් හදාගන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. සල්ලි ගෙවීමට ඇති හැකියාවේ ප්‍රශ්ණය මෙහි එක පැත්තක් පමණයි. ගමේ ඉපදී හැදි වැඩී නගරයේ රැකියවට විත් පදිංචි වුණාය කියා ගමට යන්න කප්පම් ගෙවීමක් වගේ දෙයක් මෙතන වෙන්නේ. කට්ටිය කැමති ගමට යනකොට අතින් කටින් තෑගි අරගෙන යන්න මිස කප්පම්, නගරං, තෝං ගෙවන්න නොවෙයි.

      Delete
  27. ද්විත්ව පුරවැසියෝ තමුන් ඉතිරි කරපු මුදල්වලින් ලංකාවේ ගෙයක් දොරක් මිළදී ගන්න ආසයි.

    ඒ අයගෙන් වැඩි දෙනෙක් ඉල්ලන ගාණක් ඒ වෙනුවෙන් දෙන්න කැමතියි.

    ඒ ඉල්ලුම නිසා ලංකාවේ ගේ දොර ඉඩ කඩම්වල මිළ ඉහළ යනවා.

    එතකොට වෙන්නේ පිටරට තරම් ආදායමක් නැති ලංකාවේ ජීවත් වන පුරවැසියන්ට තමුන්ගේම රටේ ජීවත් වෙන්න ගෙයක් දොරක් ගන්න බැරි වී ලත වෙන එකයි.

    මතක තියා ගන්න, මේ ගොල්ලෝ ද්විත්ව පුරවැසිකම ගන්නේ තමුන්ගේ ළමයින්ටත් එක්කයි.
    ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ ළමයින්ටත් ගෙයක් දොරක් ලබා ගැනීම සිහිනයක් පමණක් බවට පත් වෙන එකයි.

    ඒ නිසා මේ පැනවූ බද්ද සාධාරණයි.

    පුළුවන් නම් මේ බද්ද තවත් වැඩි කරන්න (රුපියල් විසි ලක්ෂයක් දක්වා).

    ReplyDelete
    Replies
    1. මීට මාස දෙකහමාරකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී පරද්දනවා කියන එක නැනෝ සිතුවිල්ලක් වශයෙන් තම යි තිබුණේ. ඒත් ප්‍රතිඵලය මෙගා ප්‍රතිඵලයක් වුණා.

      Never underestimate the power of dreams

      Delete
  28. ද්විත්ව පුරවසිභාවය සිම්පල් ඔප්ෂන් එකක් හෝ තහනම් වරප්‍රසාදයක් නොකර තරගකාරී වෙළඳ අගයක් ලබා දීම හොඳ වැඩකි. දැන් පැහැදිලි මූල්‍ය ගනුදෙනුවක් නිසා ද්විත්ව පුරවැසිකමින් පුද්ගලයාට හා රටට වන යහපත මත එහි ඉල්ලුම සහ මිල [හෝ මිලෙහි ප්‍රායෝගිකත්වය] රඳා පවතිනු ඇත.

    ප්‍රේමය ආලය වගේ මගුල්එක්ක මේක පටලන්න ඕනේ නැහැ. මේක ගන්නේ අවශ්‍යතාවයකට. මිලට වටීනම් ගන්නවා. මේක ලංකාව දෙන්නේ එන මිනිසුන්ගෙන් කිසියම් වැඩක් තියෙන නිසානේ [ආයෝජන දැනුම වට් එවර්]. ඉතින් ගාස්තු ඉහල දැම්මම ඒ වාසි වහගන්නවා. ඒ නිසා ගාස්තුව [මිල] ඉබේම පාලනය වෙනවා. ලක්ෂ පහ අවුල්නම් දැනගන්න පුළුවන් වේවි.

    එහෙත් එකක් කියන්න ඕනේ. තුන්දෙනෙක් හෝ හතර දෙනෙකුගේ පවුලකට ඩොලර් විසිදාහ සීමාවේ ගානක් මෙහෙම දේකට හොයා ගන්නඑක පිටරට ඉන්න බොහෝ දෙනෙකුටත් අසීරුයි. ඒ නිසා ඕක අනිවාර්යයෙන්ම අඩු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඕස්ටේ‍ර්ලියාවේ බේබි බෝනස් එක සිහිවෙයි!

      Delete
  29. Kingsly samawenna,Me basawa kiyawanna Amaruthamai,Mama inne düssdeldorf wala.(Düsseldorf-Dresden km 581 by highway) Mage comment eke AWASANAYE Balanna mama oya gena ketiyenn sadahan karala thibenawa,meka feb 16.düsseldofwala pawathwanna niyamithai. (Ranjan) Try(Pegida wiki)

    ReplyDelete
  30. ~Esema Pegida wiyaparaya niwaradiyai mama nokiyami,me udgisana walata pasuwa dinaka eyata erehi udgisanada pawathwai.Den mewa Nawaththwanna Rajaya kriyakaramin siti. mewa dinapathama tv Radio News wala palawe.(Ranjan)

    ReplyDelete
  31. හොඳ මාතෘකාවක් මිස් වෙලා . @මාතලන් මම නම් කියන්නේ මේ ගාන වැඩියි. පවුම් 2500 ක් කියන්නේ කජු ඇට කොස් අට නොවෙයි. අනික පිටරට ඉන්න බහුතරය මමත් ඇතුල්ව ලන්කවට් මුදල් එවනවා නිතිපතා. ලංකාවේ හතරව ජාතික ආදායම ඒක. ලංකාවට නය ලැබෙන්නෙත් ඔය ආදායම් ලැබෙන නිසා. මමනම් හිතන්නේ ඔයිට වඩා හෝනට පිටරට ඉන්න අයට සලකන්න ඕනේ කියල. ලංකාවෙදී ඉගෙනගත්ත කිව්වට අපි ඒවාට අනිත්පැත්තට හුඟක් උදව්නුත් කරනවා. මේක නම් රත්තරන් බිත්තර දාන කිකිල්ය් බිත්තර ගන්න මරනව වගේ වැඩක්.

    ReplyDelete
  32. බීබීසී සිංහල සේවය - 23 March2015

    වැඩිහිටියකුගේ අයදුම්පතක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අයකිරීමට මුලින් තීරණය කොට තිබුණත් එය රුපියල් දෙලක්ෂ (..) දක්වා අඩු කරන අතර වයස අවුරුදු 22 ට අඩු අයකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් පනස් දහසක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150323_dual_citizenship

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.