Thursday, 5 February 2015

උසස්වීම නොහොත් නොදැන කළ උදව්ව - Clearing the rungs in the ladder


අද මට පරණ කතන්දරයක් ලියන්නට සිතුණි!


මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා අවසන්ව රැකියා වෙළඳ පොළට පිවිස නිරතවුණු තුන්වන රැකියාව වූයේ රජයේ සංස්ථාවක සහකාර මැවිසුරු (ඉංජිනේරු) තනතුරකි.

මේ රැකියාව සඳහා එකම සුදුසුකම වූයේ ඉංජිනේරු උපාධිය පමණක් වුවත්, මා සමග සේවය ඇරඹූ විදුලි ඉංජිනේරුවන් සහ කාර්මික ඉංජිනේරුවන් එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමට මට වඩා වසර කිහිපයක පළපුරුද්ද ඇති අය ද, (වඩා හොඳ ස්ථිර රැකියාවක්, පිටිසර සිට කොළඹ අවට රැකියාවක් යනාදී) විවිධ හේතු මත අයැදුම් කර, සම්මුඛ පරීක්‍ෂණ ක්‍රමවේදයෙන් තේරී පත්වී තිබුණි. මගේ පළපුරුද්ද ද මේ වන විට වසරක පමණ විය.

අප ආයතනයට මේ ආකාරයට ඉංජිනේරුවන් බඳවාගෙන තිබුණේ වසර අටකට පසුව ය.

ඉංජිනේරු සේවයේ අපට වඩා පහත ශ්‍රේණියේ තනතුර වූයේ ඉංජිනේරු සහකාර තනතුරයි. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම වී තිබුණේ ජාතික ඩිප්ලෝමාවයි. ඉංජිනේරු සහකාරයෙකුට එම තනතුරේ වසර නමයක් වැනි පළපුරුද්දක් ලද විට, හෝ ඉංජිනේරු ආයතනයක විභාග සමත්ව සාමාජිකත්වය ලබාගත් විට, සහකාර ඉංජිනේරු තනතුරක පුරප්පාඩුවක් ඇත්නම් සහ ඒ සඳහා අභ්‍යන්තරව ඉල්ලුම්පත් කැඳවූවොත් අයැදුම් කළ හැකි විය. මා පසුව හඳුනාගත් සමන් ඒ ආකාරයෙන් සේවයට බැඳී ඉංජිනේරු ආයතනයේ විභාග සම්පුර්ණ කර සාමාජිකත්වය ලබා සහකාර ඉංජිනේරවෙකු ලෙස උසස්වීමක් ලැබ සිටි අයෙකි.

අප ආයතනයේ ඉංජිනේරු සේවයේ අපට වඩා ඉහළ තනතුර වූ ඉංජිනේරු ධුරය සඳහා උපාධියෙන් පසු සිව් වසරක පළපුරුද්ද හෝ පශ්චාත් උපාධියක් හෝ වරලත් ඉංජිනේරු සුදුසුකම අවශ්‍ය විය.

ඊටත් ඉහළ තනතුර වූයේ එක් එක් අංශවල කළමනාකාර තනතුරයි. ඒ සඳහා වසර නමයක පළපුරුද්දක් අවශ්‍ය විය.

මේ ඉහළ තනතුරු දෙවර්ගය ම සඳහා අලුතින් බඳවා ගැනීමක් නොකෙරුණු අතර, පුරප්පාඩු පුරවනු ලැබුවේ අභ්‍යන්තර උසස්වීම් මගිනි.

සේවය අරඹා සති කිහිපයක "ඉන්ඩක්ෂන්" කාලයකින් අනතුරුව, මා අනුයුක්ත වූයේ ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු සහ දත්ත සැකසුම් දෙපාර්තමේන්තුවටයි. මා මේ තනතුරේ වසර තුනයි මාස නමයක් සේවය කළෙමි. මේ කාලය ඇතුළත මාස විස්සක අධ්‍යයන නිවාඩුවක් ලබා පශ්චාත් උපාධියක් ලබා ගැනීමට ද මට හැකි විය.

ඒ නිවාඩුවෙන් පසු මා නැවත සේවය අරඹා, මාස කිහිපයක් ගත වූ පසු පාලනාධිකාරිය විසින් අපේ දෙපාර්තමේන්තුව ව්‍යුහමය වෙනසකට ලක් කරන ලදී. තවත් මාස කිහිපයකට පසු, පුරප්පාඩුව තිබූ මට ඉහළ ඉංජිනේරු තනතුර සඳහා අයැදුම්පත් කැඳවා, ඒ සඳහා පැවැත්වුණු සම්මුඛ පරීක්‍ෂණයකින් පසුව මට තරමක පඩි වැඩිවීමක් ද සහිතව උසස්වීමක් ලැබුණි.

අවාසනාවකට මෙන්, මා මේ ඉහළ තනතුරේ සේවය කළේ මාසයක් පමණි. ඒ, මා ඊට කලින් මුහුණ දී තිබුණු සම්මුඛ පරීක්‍ෂණයක ප්‍රතිඵලය අනුව ටික දිනකින්ම මට විශ්ව විද්‍යාලයක රැකියාවක් ලැබුණු නිසාය.

ඒ අළුත් රැකියා ස්ථානයේ, අළුත් රැකියාවේ, මාසයක් දෙකක් සේවය කළ පසු, මට පරණ සේවා ස්ථානයට යාමට අවස්ථාවක් ලැබුණි.

අදාළ කටයුතු නිමවා, මගේ මිතුරන් කීප දෙනෙකු ද මුණ ගැසී කතාබහක නිරත වී, ඉන් පසු මා ගියේ මා සේවය කළ දෙපාර්තමේන්තුවටයි.

එහිදී මට මා හිතවත් දත්ත සකසන්නන් කීප දෙනා ද, පරිගණක ඉංජිනේරුවන් දෙදෙනා ද මුණ ගැසුණි. ඊට අමතරව වෙනත් දෙපාර්තමේන්තුවකට අනුයුක්ත සහකාර ඉංජිනේරුවෙක් වූ සමන් ද එහි රැඳී සිටියේය.

අපේ දෙපාර්තමේන්තුවේ දත්ත සැකසුම් සේවා ගැන විවිධ වැඩ කටයුතු සඳහා අන් අය එහි පැමිණීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ බොහෝ විට, ගණකාධිකාරී අංශයේ අයයි. නමුත් ඔහු එහි වාඩිවී සිටි ආකාරය අනුවත්, මගෙන් විමසූ ප්‍රශ්නයකට අනුවත්, සමන් එවැනි කාර්යයකට එහි පැමිණ සිටි බවක් නොපෙනුණි.

ස්වල්ප වේලාවකින් මට සියල්ල වැටහුණි.

මගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ඉංජිනේරු තනතුරට උසස්වීමක් ලබා ඇත්තේ සමන් ය.

මා සේවයෙන් අස් නොවුනේ නම්, සමන්ට මේ උසස්වීම ලැබෙන්නට ඉඩක් නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔහු ඒ උසස්වීම ලබා තිබුණේ ඔහු ගේ සුදුසුකම් හා පළපුරුද්ද මත බව සත්‍යයක් නමුත්, රැකියාවෙන් ඉල්ලා අස්වීම තුළින් ඒ පුරප්පාඩුව නිර්මාණය කර, මා නොදැනම, මා සමන්ට කර තිබුණේ එක්තරා ආකාරයකට උදව්වකි!

එය වැටහුණු පසු මට ඇති වූයේ දැඩි සතුටක් බව කිව යුතුය.


මා මුලින් කීවාක් සේ මෙය පරණ කතාවකි.

මෙය මගේ සිහියට නැගුණේ මා පෙරේදා ලියා පළකළ ද්විත්ව පුරවැසිබව පිළිබඳ ලිපියට අදාළව රයිගම හන්දිය බ්ලොගය රචනා කරන චන්ද්‍රකුමාර තබා තිබූ ප්‍රතිචාරය කියවද්දීය.

ලාංකිකයින් වෙනත් රටවලට සංක්‍රමණය වීම ගැන රයිගම හන්දිය මෙසේ පවසයි.

"ඒ වගේම අප සේරම අමතක කරන කරුණ නම්, ලංකාවේ ආර්ථික වර්ධන වේගය අනුවත්, ජන ඝනත්වය අනුවත්, එහි උපදින සියල්ලන්ටම රැකියා, රට ඇතුලෙම උත්පාදනය සිතුවිල්ලක් විතරයි".

චන්ද්‍රකුමාර මෙන්ම මා ද, ලංකාවේ සිට සංක්‍රමණය කළ විට ඒ නිසා ඇතිවූ පුරප්පාඩුවලට ද, වෙනත් අය උසස්වීම් ලබන්නට ඇත. එම සිතුවිල්ල ද සිතේ විශාල සතුටක් ඇති කරයි!

-රසිකොලොජිස්ට්

(image: http://www.sweetrelish.com/articles/6_easy_tips_for_climbing_the_corporate_ladder_like_a_champ)

49 comments:

  1. ඔන්න ඕක තමයි මම අර රසිකගෙ ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්වෙ

    //නමුත් මේ අයවැයෙන් මතුවූ සැබෑ සංක්‍රමණිකයන්ට බලපාන ගැටලුව ඕක නෙමෙයි, විදෙස් රටවලට ගෙනියන මුදලෙන් 20% කපා ගැනීම. ඒක තමයි වඩා කණගාටුදායක සහ අසාධාරණ වැඩේ//

    කියල. මේක තනිකරම රට යන එක අධෛර්‍යමත් කරන අසාධාරණ තීන්දුවක්. හරියට ඉන්දියාවට සපෝට් එකට හයිබ්‍රිඩ් බද්ධ නැග්ගුවටත් වඩා, කාර් සේල් කාරයොන්ට සපෝට් එකට කාර් ඉම්පෝටර්ස්ලගෙන් 1.5මිලියන් බද්දක් දැම්ම වඩා, කෙටි කාලීන නෙමේ දිගුකාලීන බලපෑම් ඇති ගොන් යෝජනාවක්!

    ReplyDelete
    Replies
    1. ඒ අයවැය යෝජනාව මා දැක්කා. කප්පම් ගැනීමක් වගේ!

      හිතන්න- ඔබ සේවට කරන රටෙනුන් නිතියක් දැම්මා කියා සේවා ගිවිසුම නිමවා ආපසු යන විට තමන් ඉතිරිකරගෙන ඇති මුදලින් 20% ක් ගෙවා යන්න ඕනෑ කියා, නැතිනම් ලංකාවට යවන හැම ඩ්‍රාෆ්ට් එකකටම 20% ක බද්දක් අය කළොත්.

      ලංකාවේ විදේශ ආදායමට වෙන දේ කිව යුතු නෑ නේද? අමන තීරණ!

      Delete
    2. ඔය වගේම ගොන් තීරණයක් කලින් මහින්දගෙ එක අයවැයක තිබිල අකුල ගත්ත. ඒ තමා NRFC වලට විත්හෝල්ඩින් ටැක්ස් එකක් ගහන්න. මිනිස්සු පට ගාල සල්ලි ඇද්ද. ඒ නිසා ටැක්ස් කතාව අකුලගන්න ආන්ඩුවට සිද්ධ උනා.

      ඔබ කිව්ව වගේ රටේ උගත්තු ( හෝ නූගත්තු ) යම් පිරිසක් වෙන රටවල ගිහින් හම්බුකරල රටට එවන එක ( හෝ නො-එව ) ඒ රටේම ඉන්න එක රටේ අයට වන අනියම් වාසියක්.

      //හිතන්න- ඔබ සේවට කරන රටෙනුන් නිතියක් දැම්මා කියා සේවා ගිවිසුම නිමවා ආපසු යන විට තමන් ඉතිරිකරගෙන ඇති මුදලින් 20% ක් ගෙවා යන්න ඕනෑ කියා, නැතිනම් ලංකාවට යවන හැම ඩ්‍රාෆ්ට් එකකටම 20% ක බද්දක් අය කළොත්.// මේ ගොන් වැඩ වලින් වෙන්නෙ අර "උන්ඩියල්" වගේ නීති විරෝධී මුදල් සම්ප්‍රේෂන ක්‍රම ජනප්‍රිය වෙන එක සහ ලැබෙන පුකත් ආන්ඩුවට නොලැබීම විතරයි.

      Delete
    3. උන්ඩියල් ක්‍රමය කියන්නෙ මොකක්ද?

      Delete
  2. ඒ කියන්නේ රසිකගේ සංක්‍රමණය එක්තරා ආකරයකින් රටට සේවයක්.

    ReplyDelete
    Replies
    1. මං මෙහෙම හිටියට සිංහල සංගීතටයත් ලොකු සේවයක් කරපු කෙනෙක්!

      Delete
  3. ඇත්ත! කෙනෙක් රටකට යාමේදී ඔයවගේ නොසිතන වාසි කාටහෝ ඇතිවෙනව. නමුත් ඒව ගැන බොහෝ දෙනෙක් හිතන්නෙ නෑ. නැත්තං හිතන්න කැමති නෑ. "යකෝ නිදහස් අධ්යාපනයෙන් ඉගනගත්ත නං මේකෙම හිටපං" කියලයි කියන්න.

    ReplyDelete
    Replies
    1. රට ගිහින් ඉන්න සේරම අය කඩාගෙන බිඳගෙන එකපාරට ලංකාවට ආවොත් මොකද වෙන්නේ?

      Delete
  4. රසික සහෝදරයා , හිතේ එකක් තියාගන්නේ නැතුව කතාකරන කෙනෙක් වග දැනුන නිසා මම අහන්නෙ. ඇත්තටම මෙහෙ දාලා ගිය එක ගැන සතුටුද? එහෙනම් ඒ ඇයි? අම්ම තාත්තගෙ එකම පුතා විදියට රට යන ඒකට තිත තියන්න උනු එක ගැන මට අබමල් රේණුවක වත් දුකක් නෑ... මෙහෙ මට ජීවත් වෙන්න හොඳින් පුළුවන් වාතාවරණයක් මට තියනව ලෝකේ දකින්න තියන ආසාව ඇරෙන්න වෙන දේවල් මට රට ගියා නම් අත්දකින්න් , ගන්න ලැබෙනවද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මැද්දට පැන්නට මට නම් හිතෙන්නේ ඕක එක එක්කෙනා ඉන්න තත්වය අනුවයි තීරණය වෙන්නෙ.උදාහරණයක් විදිහට මමත් පවුලෙ එකම කොලුව.එහෙම කියල රට නොගිහින් හිටිය නම් මගේ අම්ම තාත්ත ජීවත් වෙච්චි දුෂ්කර තත්වෙත් එක්ක අද ඒ මිනිස්සු වගේම මාත් අන්ත අසරණයි .අනික් පැත්තෙන් අද තියෙන තාක්ෂණ දියුණුව එක්ක මට ඕනෑ වෙලාවක ඒ අයත් එක්ක සම්බන්දකම් තියාගන්න පුළුවන්.

      Delete
    2. මං සංක්‍රමණය කළේ ලොකුවට හිතලා ප්ලෑන් කරලා නොවෙයි. නමුත් පොඩි ඇඩ්වෙන්චර් එකකට කැමැත්කත් හිතේ තිබුණා. කොළඹ ඉගෙන ගෙන මොරටුවේ නොයා පේරාදෙනියේ ගියෙත් ඒකයි.

      කොහේ හිටියත් ජීවිත සටන එක වගේයි. ලංකාවේ ප්‍රශ්ණ මෙහේ නෑ. මොකද විසඳුම ලේසියි. හැබැයි මෙහේ ප්‍රශ්ණ වෙනස්.

      ආපු එක, දිගටම ඉන්න එක ගැන කිසි දුකක් නෑ. ලංකාවේ සමහර දෙව්ල මිස් වෙනවා. හැබැයි එන්න එන්න ලෝකේ පුංචි වෙන නිසාත්, ජීවිත ගලා යන විදයටත් ඒවාත් දැන් ලොකු දේවල් නොවේ.

      මේක පස්සේ විස්තරාත්මකව ලියන්න ඕනෑ මාතෘකාවක්.

      Delete
  5. උත්ප්‍රාසයෙන් පිළිතුරු දෙනවා කියන්නේ මේකයි.. ගහට නැගපු එකාටත් උත්තරයක් තිබුන රටක් නේ මේක.. ඌ කිව්වලු ගස් නැග්ගේ තණකොල කපන්න කියලා.. හරකුන්ට කන්න දෙන්න.. හැබයි නැග්ගේ කුතුල් රා බොන්න..

    මළ පෙරේත කමටත් උත්තර තියෙනවා.. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මැති තුමා.. තුන් වෙනි සැරේටත් බෙදාගෙන කන්න ගියේ.. අන්තීමට මළ පෙරේත කම ගෙවන්න උනේ ජනේලෙක එල්ලිලා.. අපේ රටේ මිනිස්සු රටින් බලාපොරොත්තු වෙනවා මිසක්. කවදාවත් රට ගැන ආදරයක් නෑ.. ඒක මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි.. සිස්ටම් වල, ජාන වල ලේ වල වැරැද්දක්..

    පුරවැසි භාවයත් නොමිළේ දෙනවනම් තමයි අපේ අය කැමති.. ඕන් මහ ළොකුවට පොර ටෝක් දෙන අයගේ කෙරුවාව..

    ReplyDelete
    Replies
    1. තව විශේෂම දෙයක් ලිවිය යුතුමයි.. දැන් ඔය යන රටේ සිටිසොන් ෂිප් ගන්න වියදම් කිසි අවුලක් නෑ මේ නෝනා මහත්වරුන්ට. එක්කෝ ගියා නම් එහේ ඉන්න ඕන. නැත්නම් මෙහේ ඉන්න ඕන. එක හිතක් නැති, දිවිය ළෝකේ ගියත් අපායට එන්න කැමති, දේශේ හැටියට වාසේ නොදන්න මේ වගේ මහත්වරු නෝනාවරුන්ගේ අඳෝනාව හැම දාම තියෙයි.

      කොහොමත් එයාලා ළෝකෙ දියුණුම රටවල තියෙන සිස්ටම්, ළිං මැඩියෝ පිරිලා ඉන්න මේ හිඟන රටෙත් වෙන්න ඕන කියන අයනේ. ඒවා නිකං අර බන්ඩා කොළඹ ගියා වගේ, ගමරාළ දිවිය ළෝකේ ගියා වගේ කතා..

      Delete
    2. උත්ප්‍රාසය හොඳයි!

      Delete
  6. ඒත් සමහර ආයතන වල පලපුරැදු අය ඉන්නකොට උඩින් කෙනෙක් ගෙනත් අතඅරිනවා..එතකාට කරන වැඩ ටිකට අමතර එනඑකාටත් කියලා දෙන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ බොහෝ විට උසස්වීමට සුදුසු අය නැති වුණාමයි. අනික සමහර තැන්වලට අළුත් ඇස්, කන්, නාසා අවශ්‍යයයි කුකුළගේ කරමළේ රතු පාට පෙන්න!

      Delete
    2. රසික ඔයා දන්නැ පසුගිය සමයේ සිතුවුයේ මෙයා කිවුදෙයම තමයි. උදාහරණයක් ඔනෑනම් වරාය අධිකාරියේ හිටපු හොරාචාර්ය සභාපති ඉංජිනේරුවා සිය හිතවත් ඉංජිනේරුවන් උසස්කරපු හැටි පොඩිඩක් හොයල බලන්න.

      Delete
    3. යාළුවෙක් ඉන්නවා අහලා බලන්න ඕනෑ!

      Delete
  7. මොකක්ද මේ බ්ලොග් එකේ නම විතරක් වෙනස් කරල කරන විකාර වැඩේ. මේකෙ තියෙන්නෙත් කතන්දරම නේද?

    මේ ද්විත්ව පුරවැසි කතාව මළ විකාරයක්. අන්ධයෝ අලිය ගැන විස්තර කියනව වගේ තමතමන්ට සාපේක්ෂව පොදු ප්‍රතිපත්ති විවේචනය කරන්න යන එක වැරදියි. මං හිතන්නෙ රසිකගෙ ලිපියේ (පසුගිය ලිපිය) මුඛ්‍ය පරමාර්ථය වුනේ ද්විත්ව පුරවැසි අයදුම් කිරීමේ ගාස්තුව විශාල ලෙස වැඩි කිරීමෙන් දැනට විදේශ පුරවැසිකම් ලබා ඉන්න ලාංකිකයන් ද්විත්ව පුරවැසිකම ලබාගැනීමට පෙළැඹීම අඩු වන බවත් ඒ නිසා රජයේ අපේක්ෂිත ආදායම අඩු වන බවත් එමෙන්ම එසේ විශාල ගාස්තුවක් අය කිරීම සාධාරණ නොවන බවත්.
    ඒත් කමෙන්ට් වලින් මුඛ්‍ය පරමාර්ථය ගැන කතා නොකර විදේශීය පුරවැසිකම් ලබාගැනීමේ යුක්තිසහගත බව ගැන සාකච්ඡාවක් ඇති වුනා.
    මගේ අදහස නම් පුද්ගලයෙක් විදේශීය පුරවැසිකම ලබාගැනීමේ හේතු විවිධාකාරයි. ඒවා පොදු හේතු නෙවෙයි.
    මනුස්සයෙක් ගමෙන් පිට වී අගනගරයේ පදිංචි වීමත් එක්තරා දුරකට විදේශ පුරවැසිකම ලබාගැනීමක් හා සමානයි. ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන නගරයෙ රැකියාවක් කරන එක මොන වගේද?
    අනිත් එක, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ණය ගෙවීම,යුතුකම් ඉටු කිරීම වගේ කාරණා. එතකොට අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ආධාර ලැබුණහම ඒවට කළගුණ සැළකීමක් අවශ්‍ය නැද්ද?
    නිදහස් අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් එක පැත්තකින්. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන ලංකාවේ ජීවත් වූ පමණින් රටට සේවයක් වෙනවද? එතකොට මේ දේශපාලඥයො එහෙම ලංකාවෙ පුරවැසිකම අරගෙන ඉන්න නිසා උන් කරන්නෙම සේවයක්ද? නිදහස් අධ්‍යාපනය ලබාගෙන කුඩු බිස්නස් එකක් කරන එකත් හොඳයි විදේශ පුරවැසිකමක් අරගෙන ලංකාව අමතක කරල ඉන්න එකත් හොඳයි, ලංකාවෙ පුරවැසිකම බලාපොරොත්තු වෙන එක තමයි නරක. එහෙමද?
    දේශ සීමා වගේ කෘත්‍රිම මායිම් හදා ගත්තහම ප්‍රශ්න කෝටියයි.

    ReplyDelete
    Replies
    1. මමෙන් නගරට සංක්‍රමණය සහ ගෙදරින් පිටගමකට දිග යැම යන උදාහරණ මාත් කලින් පාවිච්කි කළා ලිපියේ හෝ කමෙන්ට් පිළිතුරුවල.

      ලංකාවේ හැමදාම දුෂ්කර යැයි කියන පළාත්වල ගුරු හිඟයක් තියෙන්නේ ඔය කරුණ නිසයි. මෙහේත් එළෙසමයි. පිට පළාත්වලට දොස්තරලා වගේ අය හිඟයි. ඒ පළාත්වල අයට විශේෂ ශිෂ්‍යත්ව හෙම දෙනවා දැන් ආපසු ගමට හිහින් වැඩ කරන බැඳුම්කරයක් උඩ!

      Delete
  8. උසස්වීමක් ලබන්න එක්තරා ආකාරයක වාසනාවකුත් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. මොකද සුදුසුකම් තිබිලා එක තැන ඉන්න වෙන අය වගේම නොහිතන විදිහේ අවස්තා ලැබිලා ඉහලට යන්න පුළුවන් වෙන අය කොයිතරම් ඉන්නවද ..

    ReplyDelete
    Replies
    1. @තුෂානි,
      ඔයා කියන විදියේ මාරම උසස්වීමක් “වාසනාව“ හන්දම ලබපු කෙනෙක් තමයි හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංග. රසික අස්වුනාම සමන්ට උසස්වීම ලැබුණා වගේ පේමදාස ලොක්කා මියයාම නිසා, මහින්ද, චන්ද්‍රිකා, රනිල් වගේ අය දන්න උප්පරවැට්ටි ඔක්කොම දාලා හිතාගන්නවත් බැරිතරං මුදලක් වියදං කරලා ගන්න හදන ජනාධිපතිකම නිකංම ලැබුනනේ.. ඔයා කියන ඔය අදහස ඔප්පු කරන්න තියන හොඳහ උදාහරණෙ තමයි එයා.

      Delete
    2. වාසනාව කෙසේ වෙතත් පුරප්පාඩුවක් තියෙන්න ඕනෑ!

      Delete
    3. ඔව් ඒත් පුරප්පාඩු තිබිලත් අවස්තාව නොලැබෙන වෙලාවල් කොච්චර තියෙනවද ..

      Delete
  9. ෂාහ්! වල්බිහිවෙමින් පවතින රයිගම හන්දියටත් පොඩි ප්‍රමෝ පාරක්!

    මට නම් සිතෙන්නේ රසික, ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, මේ බ්ලොග් වල කොමෙන්ටු දමන ඉමොෂනලි ඩිස්ටර්බ් කට්ටිය වගේ නම් අබ සරණයි. වැඩේ තියෙන්නේ මුදල් අමාත්‍යංශයේ විතරක් නොවේ, අනෙක් අමාත්‍යංශ වලට කාර්යශුර හා අවංක නිලධාරීන් ඉන්නවා. දේශපාලකයන් ප්‍රතිපත්ති වල දිශාවන් තීරණය කර, ඒවා ප්‍රායෝගික දිග කාලීන සැලැස්මවල් බවට පත් කරන්නට එම නිලධාරීන්ට නිදහස දෙන්න අවශ්‍යයි. දැනට නොවන්නේ එයයි.

    සංක්‍රමණික ප්‍රතිපත්ති ගත්තොත්, දිගු කාලීන සැලැස්මවල් ඇති රටවල් හැටියට චීනය හා ඕස්ට්‍රේලියාව උදාහරණයට ගත්තොත්, දැන් චීනය මිනිසුන් එතෙර යැවීම හා ඕස්ට්‍රේලියාවේ රට ඇතුලට මිනිසුන් ගෙන ඒම සැකසී තියෙන්නේ ප්‍රධාන වශයෙන් දිගු කාලින ආර්ථික වර්ධන වේගයන් සලකා බලා.

    ලංකාවෙන් පිටවන සංක්‍රමණිකයන්ට ද්විත්ව පුරවැසිකම ලබා ගැනීමට අවස්තාව දීමේදී සලකන්න තියෙන්නේ කරුණු දෙකයි. එකක් මානුෂික කරුණක්. එනම් කෙනෙක් ජිවිතයේ සැන්දෑ සමය "තමන්ගේ මිනිසුන්" අතර ගත කරන්න ඇති ආසාවට ඉඩ දීම (මිනිසුන් සමහරකට එහෙම ආසාවල් තිබීම අරුම දෙයක් හෝ කේන්ති ගන්න අවශ්‍ය කරුණක් නොවේ)අනික පවුල් සම්බන්දතා දිගටම පවත්වාගෙන යාමට ඉඩ දීම වගේ දේවල් වලට අවස්තාව දීම. එය ආර්ථික කරුණක් නොවේ. එය මානුෂික, සමාජයීය හා සංස්කෘතික කරුණක්. ද්විත්ව පුරවැසිභාවය ගන්න ඉඩ දීම මගින් මේ අවශ්‍යතාවය සපුරනවා. ඒ එකක්.

    අනික කෙලින්ම ආර්ථිකයට අදාලයි. මේ ප්‍රතිපත්ති සකසන්නේ සංස්කෘතික අමාත්‍යාංශය නොවේ, මුදල් අමාත්‍යාංශය නිසා එයට ආර්ථික කරුණු තමා මුලිකත්වය ගන්නවා ඇත්තේ. එතැනදී බලන්න ඕනේ එක දෙයයි. එනම් ද්විත්ව පුරවැසිභාවය දීම මගින් ලංකා ආර්ථිකයට/ ආර්ථික සංවර්ධනයට දීර්ඝ කාලීන බලපෑම මොකක්ද කියන එක. එය ධනාත්මකද, සෘණාත්මක ද යන වග අතීත දත්ත ඇසුරින් අනාගතයට පවා ගණනය කරන්න පුළුවන්. ඒ ඇසුරින් රජයකට/ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ගන්න පුළුවන් තීරණය තමා ද්විත්ව පුරවැසිකම ප්‍රවර්ධනය කරනවාද? නැත්නම් එය අධෙර්යයමත් කරනවද කියන ප්‍රතිපත්තිමය තීරණය.

    මා සිතන්නේ ඔබ බිත්තර කතාව ඇසුරින් කියුවේ, ආර්ථික කරුණු සලකා බලා ද්විත්ව පුරවැසිකම දෙනවා නම්, එහි ප්‍රතිලාභය කියන්නේ මුලදී ගන්න මුදල නොවේ කියන එක. මේවා ගණනය කරන්න පුළුවන් දේවල්. මුලදී ගන්න මුදල ද්විත්ව පුරවැසිකම ප්‍රවර්ධනය හෝ අධෙර්යය කරන නිර්නායකයක් පමණයි. ඉතිං රටට තියන ප්‍රතිලාභ හෝ අලාභ සලකා බලා එය වැඩි හෝ අඩු කරන්න පුළුවන්. එය අර පරිසර හිතකාමී වාහන වලට බදු ගැහීම වගේම දෙයක්. බදු වැඩි කරන්නේ අධෙර්යමත කරන්නනේ. ඉතිං ගණන් බැලීම් අනුව සංක්‍රමණිකයන්ට, ද්විත්ව පුරවැසි භාවය දීම ලංකා ආර්ථිකයට දිගුකාලීනව සෘණාත්මක නිසා මේ තීරණය ගත්තද කියලවත් අප දන්නේ නැහැනේ. කොයි රටක ජිවත් වුනත්, බ්ලොග් කියවීමෙන් පවා ඇඟේ ලේ පුච්චාගෙන දිවිය කොට කර ගැනීම වැඩකට ඇති දෙයක් නොවේ.


    ReplyDelete
    Replies
    1. ඇත්තටම රසික ඉහත කොමෙන්ටුව කලින් සටහනට දමන්න ඕනේ එකක්. මේ සටහනට "පිළිතුරක්" මා කලකට ඉහතදී ලියුවා . එහි කොමෙන්ටු දාපු අයගේ හා ඒවාට දමපු මගේ පිළිතුරු වලත්, ඔබ මේ කතා කරපු කාරණා පිළිබඳවත් සඳහන් වෙනවා.

      Delete
    2. ඇත්ත කතා කරන කොට ඉමෝෂනලි ඩිස්ටර්බ් වෙනවා තමයි.. ඔය රටවල්, ඇමරිකාව දියුණු වෙලා තියෙන්නේ ආන්ඩුවල ප්‍රතිපත්ති නිසා නෙමෙයි, ධනවාදී ප්‍රතිපත්ති තුල බිහි වූ ධනවාදින් ටැක්ස් මුදල් නියමිත ලෙස ගෙවීම නිසා. ඔය රටවලත් සමෘධි කාරයෝ ඉන්නවනේ. ඒ සමෘධිය දෙන්න සල්ලි දෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් අච්චු ගහලා නෙමෙයි නේ. අර ධනය තියෙන මිනිස්සුන්ගෙන් ගන්නා බදු වලින්. එ මිනිස්සු ටැක්ස් එකත් ගෙවලා, එතනින් නොනැවති සමාජයට තවත් උදව් උපකාර කරනවා. එතනින් නොනැවති පිරටවල දුප්පත් ජනතාවටත් උදව් කරනවා. වෙලාවක් තියෙනවා නම් ඉමෝෂනල් නොවි, ඔය රටවල් දියුණු උනේ කොහොමද කියලා පොඩ්ඩක් ඉතිහාසය කියවලා බලන්න.

      මේ රටේ ඉල්ලන සොච්චම් මුදල. ඔය රටවල ගිහින් ගල් යුගේ වැද්දෝ වගේ ජීවත් වෙන, පොල් සම්බලුයි, කුණු කරවලයි බතුයි ගිලින, බෝ ගහක් ඉඳගෙන හාන්දුරුවෙක් ගෙනත් ගස් ගල් වල වඳින, වැද්දන්ට නම් මේවා කියෙව්වම ඉමෝෂනල් ගති එනවා ඇති. සම හරක් හිතනවා උගත් කම කියන්නේ ආබරණයක් කියලා. රට යන එක මැජික් එකක් කියලා. ඒත් එයාලා දන්නේ ළෝකේ ඔය දෙගෙල්ලොම ඕන තරම් ඉන්නවා කියලා.. මුට්ටි කාසි පෙරේතකම ගැන කතා කරන්නේ නෑ. මළ ප්‍රේතකම දිවිය ළෝකේ ගියත් එකයි.. අර සින්දුවකුත් තියෙන්නේ

      මහ ඉසුරෙක් උඩු මහළේ සැඟවි.. කියලා.. ඒ වගේ තමඉ මේ ඉමෝෂනල් වෙන කාන්ඩේ..

      අනික් උන් ඒ රටේ හැටියට කාලා බීලා ආතලුත් අරගෙන ජීවීතේ විඳලා අනිත් මිනිස්සුන්ටත් උදව්වක් පදව්වක් කරගෙන, පරිත්‍යාගයක් කරගෙන ජීවත් වෙනවා.. සෙල්ෆිෂ් උන් නාහෙන් අඬනවා මේ පොඩි ගානට..

      ලෙ රත් වෙන්නේ ඒකයි..

      Delete
    3. දීර්ඝ අදහසට කෙටි පිළිතුරක් දෙන්නම්.

      ලංකාවේ දීර්ඝකාලීන සැලසුම් තිබේදැයි මා දන්නේ නෑ. අපි පොඩි කාලෙයේ නම් පස් අවුරුදු සැලසුමක් ගැණ ඇසුණා මතකයි. ඇක්සයිස් පොත්වලත් ඒ ගැන තිබුණා.

      කොහොමටත් මේ අරජය සහ අයවැය කෙටිකාලීන එකක්. මුදල් උප ඇමතිත් කියා තිබුණා, ඉක්මන් තීරණ ගත් බවත්, ඒවා සංශෝධනවලට ලක්විය හැකි බවත්!

      Delete
    4. මාතලන්,
      ඕස්ට්‍රේලියාවෙ පුරවැසිකම ගන්න යන්නෙ $260 (LKR 27,000) වගේ... PR ගන්නත් ජෝඩුවකටම යන්නෙ $5400 වගේ...... ලංකාවෙ පුරවැසිකම ගන්න LKR 500,000 කියන එක සෑහෙන දැනෙනවා... ලක්ෂ පහ කමක්නැහැ ඒක එක පවුලකට ගෙවන්න තියෙන ගාන නම්... තනියම ඉන්දෙද්දිත් ඒක කමක් නැහැ කියමු... ඒත් ළමයි ඉන්න පවුලක් අඩුම ගන්නෙ ලක්ෂ 15ක් ගෙවන්න ඕනෙ... පවුලක් විදිහට ඉන්න කවුරුවත් තමන්ට විතරක් ඕක ගන්නෙ නැහැ නෙ... ඔය ගොඩක් පවුල් වල මහත්තය විතරයි වැඩ කරන්නෙ...
      අනික, ඔයා කියන විදිහට රටේ හැටියට කාලා බීලා, ආතල් අරන්, අනික් උන්ටත් උදව් කරල ජීවත් වෙන්න ගියහම ලක්ෂ 15ක් ඉතිරි කරන්න සෑහෙන්න අමාරුයි...

      Delete
    5. පොඩි පැහැදිලිකිරීමක් කරන්න ඕනෙ මගේ කලින් කමෙන්ට් එකට... ඉස්සෙල්ල PR අරන් ඉන්න ඕනෙ, ඉට පස්සෙ පුලුවන් පුරවැසිකම ගන්න...

      Delete
    6. @ඇනෝනිමස්-
      ඔතනට තව පැහැදිලි කිරීමක් අවශ්‍යයයි.

      ඕස්ටේ‍ර්ලියාවේ ස්ථිර පදිංචි වීසාව හෝ පසුව පුරවැසිබව කියන ඒවා තමන් ලබා ගත යුතු දේවල්. ඒ කියන්නේ සපත්තු දෙකක් ගන්නවා වගේ වැඩක්.

      නමුත්, ලංකාවේ පුරවැසිබව කියන්නේ ලාංකික දෙමව්පියන්ට දාව ලංකාවේ ඉපදුණු නිසා ලැබුණු උපන් උරුමයක්. ඒ කියන්නේ ඉපදෙන කොට තියෙන කකුල් දෙක වගේ දෙයක්.

      සපත්තු දෙකක් දැම්මාය කියලා කකුල් දෙක අහිමි වීම හෝ කකුල් පාවිච්චි කරන්න කප්පම් ගෙවන්න වීම හෝ වැනි වැඩකුයි මෙතන වෙන්නේ!

      Delete
    7. http://www.immihelp.com/citizenship/dual-citizenship-recognize-countries.html

      මෙතන ලිස්ට් එකේ ඩුවල් පිළිගන්නේ නැති රටවල් 50 විතර තියෙනවා. රටක දේශපාලන, ආරක්ෂක , ආර්ථික සමාජීය කරුණු උඩ ඩුවල් දීම හෝ නොදීම ආණ්ඩුවෙන් තීරණය කරන දෙයක්. මාරාන්තික යුද්ධයක් තිබ්බ ලංකාවේ මෙහෙමවත් අවස්තාවක් ලැබෙන එක ගැන සතුටු වෙන්න.

      තිසර අහල තිබ්බ ආසියාවෙන් ගිහිල්ල මවු රටට ආදරේ(?) නිසා ඩුවල් ගන්නේ නැතුව PR එකෙන් ඉන්න මිනිස්සු කොහෙද ඉන්නේ කියල. ලිස්ට් එක බැලුවොත් පෙනෙයි.


      ඔසී ඉපදිල හැදුන ළමයින්ට ඩුවල් අවශ්‍ය නැහැ . උං ආයි ලංකාවේ ජිවත් වෙන්න යන්නේ නැහැ හීනෙන් වත්. එක හින්ද බොරුවට ළමයින්ටත් එක්ක එකතු කරලා ලොකු ගනං හදල දාන්නේ නැතුව තමන්ටයි , හාමිනේටයි ඕනේ නං ගත්තම ඇති නේද ??

      මාතලන් නං පිටරට ගිහිල්ල හිටි ටිකට ජාතිය / හමේ පාට හෝ වෙන කරුණකට ලොකු ඩිස්ක්‍රිමිනේෂන් පාරකට අහුවෙලා තියෙන බව අදහස් දක්වන දේවේශ සහගත ස්වරයෙන් පේනවා. අනුකම්පා කටයුතුයි. හැමෝටම එහෙම වෙන්නේ නැහැ. කෙනෙක් කන ආහාරය , අදහන ආගම ආදී අතිශය පෞද්ගලික කරුණු ගැන මෙතරම් ද්වේෂයකින් අදහස් දක්වන්න කෙතරම් නින්දිත තත්වයකට හිත වැටිය යුතුද ....

      //ඒ සමෘධිය දෙන්න සල්ලි දෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් අච්චු ගහලා නෙමෙයි නේ. අර ධනය තියෙන මිනිස්සුන්ගෙන් ගන්නා බදු වලින්. එ මිනිස්සු ටැක්ස් එකත් ගෙවලා, එතනින් නොනැවති සමාජයට තවත් උදව් උපකාර කරනවා.//

      දියුණු රටවල සුබසාධනයට වැඩිපුර බදු ගෙවන්නේ මධ්‍යම පන්තිය මිසක් ධනවත් බිස්නස් කාරයෝ නෙවෙයි. ඔවුන්ට පැනල යන්න ඕන තරම් හිල් ටැක්ස් ලෝ එකේ තියෙනවා. සුබසාධක ආර්ථිකයක සෝචනීය විසුළු තත්වය ඒකයි.

      Delete
    8. අනේ.... මෙහෙම තන්හාවක්... //
      අනේ.... මෙහෙම ආශාවක්....//

      මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....

      Delete
    9. පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී!

      Delete
    10. මහසොහොන් පිල්ලිය:
      "ඔසී ඉපදිල හැදුන ළමයින්ට ඩුවල් අවශ්‍ය නැහැ" කියන එක ඔයාගෙ මතය නෙ... දෙමවුපියෝ එහෙම හිතන්නෙ නැහැ නේ... මට නම් තාම ළමයි නැහැ... ඒත් ලක්ෂ 10ක් මේ වැඩේට ගෙවන්න හිත හදාගන්නත් බැහැ, මොකද ඊට වඩා වැදගත් දේවල් ඒ සල්ලි වලින් කරන්න තියෙන නිසා... ඒක නිසා තාම ලංකාවෙ පුරවැසිකම විතරයි තියෙන්නෙ... හැබැයි ඉතින් ඔය එකතු කරන සල්ලි වලින් රටේ සුබසාධන කටයුතු කරන්න ඉන්නව වගේ කතා (මාතලන්ගේ කතා) විහිලු විතරයි ...
      ඇත්තටම ලංකාව එපා නම් ලේසිම/ලාබම දේ ඔසී සිටිසන්ෂිප් අරගෙන නිවාඩු එන්න ඕන වෙලාවට $30කට විසිටර් වීසා එකක් අරන් එන එක...

      Delete
  10. මොකෝ අරජය කියන්නේ? රජයක් නොවන කියන එකද? එවැනි සංශෝදන වලට ශිෂ්ට ලෝකයේ සිදු වන්නා වාගේ ඔබ වැනි පිරිස් ඉදිරිපත් කරපු මේ අදහසුත් එකතු වනවා නම් ඉතා හොඳ ප්‍රවනතාවයක් වනවා ඇත.
    වැඩිදුර කියවන පිරිස් වලට පොඩි රූපසටහනක්
    ලෝකේ එක අයෙකු හෝ අලුත් යමක් දැන ගන්න උත්සහ කිරීම හොඳ දෙයක්. ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල රජයේ බදු ආදායම් වල වැඩි බර දරන්නේ මහා ජනතාවයි. කොම්පැනි පවා බදු ගෙවන්නේ, ඒ සඳහා ප්‍රතිපත්ති හා නීති සකස් කර ඇති නිසා මිසක්, එයාටල ලාභ වැඩියි, මෙන්න මහජන සුබ සෙත සලසන්න අපෙනුත් ටිකක් ගන්න කියා ස්වේච්චාවෙන් දෙන නිසා නොවේ. අවම පඩිය, සතියට වැඩකරන පැය ගාණ යනාදී සියල්ල මහජන අරගල ඔස්සේ දිනා ගත් ප්‍රතිපත්තිමය තීරණ.
    පසුගිය දිනවල භාණ්ඩාගාර ඇමති ජෝ හොකී කියුවේ බහුජාතික සමාගම් බදු ගෙවීම් පැහැර හැරීම් වලට එරෙහිව ජාත්‍යන්තර එකමුතුවක් අවශ්‍යයි කියා (ඒ OECD රටවල් වලට විතරයි).

    රසික, ඔය ලියන ඒවා අතරට ඔබත් දන්නා මේ වගේ දේවලුත් ටිකක් ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අරජය යනු ටයිපෝවකි. කොහේදෝ නැති අ යන්නක් වැදී ඇත. මං හිතන්නේ ආණ්ඩුව කියා ලියන්න ගිහින් පසුව රජය කියා වෙනස් කීරීම නිසා ඇති වුණු එකක්.

      Delete
    2. මා ඉඩ ලැබුණු හැම විටම ඕස්ට්‍රේලියාව ගැන ලියන්නට අදහස් කරනවා- ස්තුතියි රයිගම!

      Delete
  11. අනේ.... මෙහෙම තන්හාවක්... //
    අනේ.... මෙහෙම ආශාවක්....//

    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....

    ReplyDelete
    Replies
    1. පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී!


      (අපිත් දන්නවා සුනිල් එදිරිසිංහ ගේ සින්දු, හරිය?)

      Delete
  12. මමනම් මේ ඉන්න රටේ කාට හරි අවස්ථාවක් දීල ආපහු යන්න ඕනි කියල හිතල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආපහු යනකොට 20%ක් ටැක්ස් ගහයිද?

      Delete
  13. අස්වෙලා ගිය හින්ද සමන්ට තැන ලැබුන කියල කියමුකො. ඒත් අර අධ්‍යයන නිවාඩු ලබල ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ හැන්ගුන වෙලාවෙත් තනතුර තව කෙනෙකුට ලේසියෙන්ම යන්න ඇති නේද? ඒ ටික බ්ලොග් පඩන්ගුවෙ නොලිව්වෙ අමතක වෙලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. /* ඒත් අර අධ්‍යයන නිවාඩු ලබල ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ හැන්ගුන වෙලාවෙත් තනතුර තව කෙනෙකුට ලේසියෙන්ම යන්න ඇති නේද? ඒ ටික බ්ලොග් පඩන්ගුවෙ නොලිව්වෙ අමතක වෙලා වෙන්න ඇති. */

      ඔය හැංගුනා කියල කියලා තියෙන්නේ උපහාසයට හෝ අපහාසයට නම් එය නොදැනුවත්කම නදසා කළ ප්‍රකාශයක් නිසා නිකරුණේ ඔබේ බයිට්ස් සහ කාලය වැයවුණා විතරයි.

      ඒ සමගම ඔබ නොදන්නා කාරණයක් නම්, විශ්ව විද්‍යාලවල අධ්‍යයන අංශවල උසස්වීම් ඉබේ නොලැබෙන බව. පලපුරුද්ද මත ලකුණ ලැබෙන්නේ සහාය/මහාචාර්ය තනතුරු සඳහා පමණයි. එයටත් කුසලතා මත පත්කරන ක්‍රමවේදයකුත් තියෙනවා.

      මගේ තනතුර පුරප්පාඩු වූ විට, ඒ සඳහා කෙනෙක් පත් වෙන්නට ඇති නමුත්, ඔහු/හෝ ඇයට නිකම්ම ඒ තනතුර ලැබුණේ නැති බව කිව හැකියි. එය බොහෝ විට ඔවුන්ගේ කුසලතාවයන් මත ලැබුණු එකක්.

      Delete
  14. මෙන්නෝ .... බක පණ්ඩිතය වල්ගෙ පාගගෙනෝ ,,,උසස් වීමක් ගැන කිව්වෙ කවුදෝ ...?
    ඔබ අධ්‍යයන නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් නැවත විශ්ව විද්‍යාලයට වාර්තා නොකළ බව ප්‍රසිද්ධ රහසකි. ඔබ සරසවියෙන් එලවන තුරු හෝ ඉල්ලා අස් වන තුරු ඔබ දැරූ තනතුර කිසි කෙනෙකුට ප්‍රයෝජනවත් නොවුනු බව වත් නොදන්නවාද? ඔබ වැනි වෙස් මුහුනු දමාගත් කුහකයෙකුගේ වංචාවන් එලිකිරීමට බයිට්ස් සහ කාලය වැය කිරීම සතුටකි,

    ReplyDelete
    Replies
    1. ඔබේ වල්ගය මා අතින් පෑගුණා නම් සමාවන්න.

      මේ කතාව උසස් වීමක් ගැන එකකි. ඔබ ඇසූ ප්‍රශ්ණයද එවැන්නක් ගැනමය. එය එසේ වන්නේ තමන්ගේ තනතුර අතහැර යමෙක් වෙනත් තනතුරකට යන්නේ සැම විටම පාහේ එය උසසවීමක් නම් පමණක් නිසාය. මා නිවාඩු යන විට දැරූවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුරයි. එයට එහි සේවය කරන වෙනත් අයෙක් අයැදුම් කරන්නේ ඔහු ඒවන විට කතිකාචාර්ය තනතුරක සිටිනවා නම් පමණි.

      ඔබට ඒ සරල තර්කය නො තේරීම පුදුමයක් නොවේ.

      අධ්‍යයන නිවාඩු ලැබීම යනු රැකියාවේ ම කොටසකි. එහිදී කරන්නේ පොත්පත් පත්‍රිකා පරිශීලනයෙන් සහ පර්යේෂණයන් හි නිරත වීමෙන් ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදීමයි. කථිකාචර්යවරුන් සප්තවාර්ෂික නිවාඩු යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන සැබටිකල් නිවාඩු යෑමේදී ද මෙලෙස ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදීම අපේක්‍ෂා කෙරේ.

      ඔබට එය නොතේරෙන මුත් ඔබ ඔය සරදම් බසින් පවසා ඇති කරුණ එනම් මා අධ්‍යයන නිවාඩුවෙන් පසු නැවත සේවයට නොගියේ ය යන්න, ප්‍රසිද්ධ ද නැත. රහසක් ද නොවේ.

      එපමණක්ද නොව ඔබ නගා ඇති ප්‍රශ්ණයද අර්ථ විරහිතය.

      යමෙක් අධ්‍යයන නිවාඩු හෝ සැබටිකල් නිවාඩු හෝ මැටර්නිටි නිවාඩු හෝ ගිය විට ඒ තනතුර ස්ථිරවම පිරවීම කිසි විටෙක නොකරන වැඩකි. එසේ කිරීමට නීතිමය ක්‍රමයක් නැත. එනම්, එසේ කළහොත් එය නීති විරෝධී ක්‍රියාවක් වේ.

      තනතුරකට වෙනත් අයෙකු පත් කෙරන්නේ එම තනතුර පුරප්පාඩු වූ විට පමණි.

      මා අධ්‍යයන නිවාඩු යන විට දැරූ පෙර කී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර, ඉන් වසර තුනකට පමණ පසුව මා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 1 තනතුරට උසස්වීමක් ලද විට පුරප්පාඩු විය. එවිට මා කලින් දරූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර පුරවන්නට ඇතැයි සිතමි.

      මා කලින් පිළිතුරේ සඳහන් කළ පරිදි විශ්ව විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ අධ්‍යයන තනතුරු පිරවෙන්නේ ඒ සඳහා පුරප්පාඩු ඇති නිසාම නොවේ. අවශ්‍ය පශ්චාත් අධ්‍යාපන සුදුසුකම් සහ ප්‍රකාශන ඇති අය සිටිය යුතුය.

      මා අධ්‍යයන නිවාඩු ලැබ ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදී සිටි කාලයේ දී මට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 1 තනතුර ලැබුණේ ද, වෙනත් අයෙකුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර ලැබුණේ නම් එසේ වූයේ ද ඒ ආකාරයටය.

      ඔබ හෙළි කරන්නේ ඔබේ ම කුහකත්වය බව අවසන් වශයෙන් පවසමි!

      Delete
    2. පොයින්ට් එකෙන් පන යාමට වැල් වටාරම් ලිවීම ඔබගේ ක්‍රමය බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේම යන්න.

      Delete
    3. ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේටම යන්න.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.