Friday 22 April 2016

බ්ලොග් හේමන්තය උදා විය! - A note from down under


මා කුඩා කාලයේ තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා පාසල් විෂයය නිර්දේශයේ චිත්‍ර කර්මය නම් අනිවාර්ය විෂයයක් තිබුණි. මේ සඳහා අපට පාට පැන්සල්වලින් හෝ පැස්ටල්වලින් ඇඳීමට නියම වූයේ, චිත්ත මෝස්තරයක්, මුහුදු වෙරළක දර්ශනයක්, වැසි දිනයක දර්ශනයක්, හිරු උදාව, පෙරහැරක් වැනි දේ ය.

කොළඹ උතුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පිහිටි මා ඉගෙනුම ලැබූ පාසලේ සිටි හැම සිසුවෙකුම, සිසුවියකම හිරු උදාව ලෙස ඇන්දේ කන්දක් උඩින් හිරු පායා එන ආකාරයයි. හිරු බැස යන දර්ශනයක් ලෙස සිත්තම් කළේ මුහුදු වෙරළක සිට පෙනෙන ආකාරයට ක්‍ෂිතිජයේ හිරු ගිලෙන ආකාරයයි.

නමුත් මේ චිත්‍රම නැගෙනහිර පළාතේ සිසු, සිසුවියන් අඳින්නට ඇත්තේ කෙලෙසද?

මා හිතන්නේ ඔවුන් ගේ චිත්‍රවල හිරු පායන්නට ඇත්තේ ක්‍ෂිතිජයෙනි.

හිරු බැස යන්නට ඇත්තේ කඳු වැටියක් තුළට වැටීමෙනි.

දෙවුන්දර හෝ පේදුරු තුඩුවේ තත්වය මීට වඩා තරමක් වෙනස් වෙන්නට ඇත.

ඕස්ටේ‍ර්ලියාවේ නැගෙනහිර මුහුදු වෙරළේ පිහිටි, සිනුවර නමින් කවි බසෙන් හැඳින්වෙන, සිඩ්නි නගරය ද, මුහුදෙන් හිරු නැග එන, කන්දෙන් හිරු බැස යන ප්‍රදේශයකි.
කොළඹ ජීවිතය සහ සිනුවර ජිවිතය අතර අදට වැදගත් තවත් වෙනසක් ඇත.

සමකය ආසන්නයේ වුවද, නාමිකව ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි, ලංකාවට වසන්තය උදාවෙන්නේ මාර්තුවේ දී ය. වසන්ත කාලයේ ප්‍රශස්තය ලෙස හැඳින්වෙන්නේ අප්‍රියෙල් මාසයයි.

නමුත්, ලෝකයේ දකුණු අර්ධගෝලයේ පහළින් පිහිටා ඇති මා වෙසෙන සිඩ්නි ප්‍රදේශයට නම් වසන්තය උදාවෙන්නේ සැප්තැම්බරයේ ය. අප්‍රියෙල් කාලයේ අපට ඇත්තේ හේමන්තයයි.

නමුත්, උතුරු අර්ධගෝලයේ වසන්ත උදාව සිනුවර සිංහලයෝ සම්ප්‍රදායානුකූලව අප්‍රියෙල් මාසයේම සමරති. කොටින්ම, කාලයක් තිස්සේ සිනුවර පැවත්වුණු බක් මහ රංගන නම් සංස්කෘතික විවිධ ප්‍රසංගය එක් වසරක නම් කර තිබුණේද වසත් රාව යන නමිනි.

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි යැයි පැවසුනද, ජන්මය වසා පුරුදු ඇති කර ගැනීම ලෙහෙසි නොවන බව පෙනේ!

සිනුවර ගැන ලියද්දී මට සිහිවුණු එක්තරා කවියකින් මේ සටහන අවසන් කරමි.

ඕස්ටේ‍ර්ලියාවේ අගනුවර වන කැන්බරා නුවර වෙසෙන මගේ මිතුරෙකුට මා ලියූ කවි ලිපියක මා මෙසේ සඳහන් කළෙමි.

කැන්බරා නුවර සිට නුඹ දුක් විඳින්නේ
අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
පුන්සරා සිඩ්නි සඳ මෙහි දිලෙන්නේ
පින්බරා අපට විතරය පෙනෙන්නේ!

මේ කවියම මා මෙල්බර්න් නුවර වෙසෙන මිතුරෙකුට යැවීමට මෙලෙස වෙනස් කළෙමි.

මෙල්බන් නුවර සිට නුඹ දුක් විඳින්නේ
හොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
රන්වන් සිඩ්නි සඳ මෙහි අද දිලෙන්නේ
පින්වන්තයින් හට විතරය පෙනෙන්නේ!

පර්ත් නුවර වෙසෙන මිතුරෙකු සඳහා මගේ කවිය මෙලෙස වෙනස් කළෙමි.

නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
කවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ!

බ්ලොග් හේමන්තයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

(image: https://www.youtube.com/watch?v=sfMBGWN_crk)

34 comments:

  1. කොළඹ ඉඳන් දුක් විඳින අපි ගැන කවුරුත් කවි ලියන්නේ නෑ..

    බ්ලොග් වසන්තයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කොළඹ ගමයා හින්දා දුක් විඳින්නේ
      කළා හිතට කවි සිතුවිලි නෑ එන්නේ
      මඳ එළියටත් සිනහා මුව පෙනෙන්නේ
      යකා පොල් කනව මෙනි දත් දිලෙන්නේ

      Delete
    2. කොළඹ ගමයා පසෙකින් වී සිටින්නේ
      ඉවාන් පාගලා වලිගයකැයි සිතෙන්නේ
      කමියා එක්ක වසන්තයට පනින්නේ
      ජයවේවා වසන්තයට කියන්නේ

      Delete
    3. මොකද්ද ඉවානයෝ මම කලේ ?

      Delete
    4. ගොසිපුතා ඩොට් කොම් වෙබ් අඩවි ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි

      Delete
    5. @ අජිත් අයියා - හැක හැක පොඩි ජෝකක්

      Delete
  2. මේ පාරත් 10% දෙන්න හොදේ..

    ReplyDelete
  3. වසන්ත හේමන්ත ගිම්හාන් සිසිර ඔක්කොම එන්න ලියන්න්ඣ්.

    ජයවේවා වසන්තයාට, මේ පාර 20% දෙන්ටෝ

    ReplyDelete
    Replies
    1. වැඩි නැද්ද??? මරං කනවා කියන්නේ ඕකට වෙන්ටැති.. හැක්

      Delete
  4. සිඩ්නි නුවර සිට නුඹ දුක් විඳින්නේ
    අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
    කෙස් නැතිවනේ පුන් සඳ මේ දිලෙන්නේ
    පින්බරා කිමද තට්ටයමනෙ පෙනෙන්නේ

    ReplyDelete
  5. මම නම ඉර නගින එකයි ,පායන එකයි දෙකම ඇන්දෙ කන්ද උඩින් (කෑගල්ලෙ).
    මුහුද දැක්කෙ 9 පන්තියෙදි කොළඹ ට්‍රිප් එකේදි

    ReplyDelete
  6. පින්බිම වෙසෙද්දීත් නුවරම වනන්නේ
    බැරිම වුනොත් පාසැලටයි අදින්නේ
    සත් සමුදුරත් තරණය කර සිටින්නේ
    එහෙව් එකේ වැනුමක් ඇයි සිහළුන්නේ

    ReplyDelete
  7. ලංකාවේ පොළවෙ සුවඳ මොන නුවරද තියෙන්නේ
    වසන්තයේ පිච්චෙන බව ඇයි ඔබ නොම කියන්නේ
    සීත කාලේ ගැහි ගැහි ඇයි ඔය හැටි දුක් විඳින්නේ
    පොඩි පොඩි කේස් තිබ්බත් බං සුරපුර මෙහෙ තියෙන්නේ

    ReplyDelete
  8. එතකොට වසන්තට මක්කැයි වෙන්නේ...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ වෙලාවට කරපු වෙනස නම් මරු...
      ඉර නැගීම බැසීම ගැන කියනකොට පොඩි කාලේ ඒ ගැන හිතන් හිටපු විදිහ මතක් උනා.. දැන් නම් හිතනකොටත් ලැජ්ජයි...

      Delete
  10. වසන්තයේ හේමන්තයේ සිසිරයේ ගිම්හානයේ නෙමේ වෙන මොකේ හරි කමක් නැහැ බ්ලොග් ලියැවෙනවානං එච්චරයි...................

    ReplyDelete
  11. යාළුවො ටික එවපු පිළිතුරු කවිත් දැම්මනං මරු.

    ReplyDelete
  12. හේමන්තට ජයවේවා"

    ReplyDelete
  13. අපි නම් හිරු පායනවා දැක්කේ කරූ ත් එකක්....

    ReplyDelete
  14. කකා,

    මං බ්ලු ෆිල්ම්ස් බලලා, හස්ත සේවනයේ යෙදෙනවා. දිනපතාම වගේ මේ කාර්යයේ නිරත වෙනවා. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේක නවත්ත ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. අත කපලා දාපන් බං. ඒත් ඉතිරි අතින් හරි ගහන්න හිතෙනවා නම් ප** කපලා දාපන්. පුක හෝදගන්න හරි ඉතිරි අත තියෙන්න එපැයි.

      Delete
  15. පෑයුවොත් හිරූ
    පෙන්නනව තරූ
    -ඩිෆෙන්ඩර් බලකාය-
    ජයවේවා..!!

    ReplyDelete
  16. අපේ කකා (රසික සූරියආරච්චි) තමයි මේ පාර බ්ලොග් උත්සවය තියන්න සල්ලි දුන්නේ. ඒ කියන්නේ අනුග්‍රහය දැක්වුයේ. හැබැයි කකා ඒක කියන්න එපා කියලා අජිත් ධර්මට කිව්වා. ඒ නිසා ගොඩක් අය ඒක දන්නේ නෑ.

    අජිත් ධර්ම මහතා එංගලන්තයේ ඉදලා ලංකාවට යන්න එන්න ගුවන් ටිකට්පත්,ඉදුම් හිටුම් වලටත් අනුග්‍රහය දක්වන්න කකා සුදානම් වෙලා හිටියේ. හබැයි පස්සේ දුමින්ද ඉන්ටනැෂනල් කියන සමාගමේ දුමින්ද මහතා අජිත් ධර්මගේ ගමනට අනුග්‍රහය දැක්වුවා.

    කකා කියන්නේ පොරක්. ඒක තමයි ඇත්ත. සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි. බ්ලොග් එක නිසා තමයි පොර වෙලා ඉන්නේ.

    ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.
    කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා. ඉදිරියටත් සිංහල බ්ලොග් දියුණු කිරීමට කකාට හැකියාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. මොන විකාරයක් ද මේ?

      රසික සූරියආරච්චි වන මා නෙළුම් යාය බ්ලොග් උත්සවය සඳහා කිසිදු මූල්‍යමය හෝ අන් ආකාරයක දායකත්වයක් නොකළ බව කරුණාවෙන් සළකන්න.

      Delete
    2. ඔන්න බලන්න කකාගේ තියෙන නිහතමානී කම.බ්ලොග් සම්මාන උළෙලට කකා අනුග්‍රහය දැක්වුවට ඒක කරේ තමන් කියලා කියන්නෙවත් නෑ. උගතා නිහතමානීයි කියන්නේ ඒ නිසානේ. ඇත්තටම කකා ගැන ලොකු පැහැදීමක් ඇති උනා.

      මෙන්න අජිත් ධර්ම මහතා බ්ලොග් උළෙල ගැන සතහඬ පත්තරේට ලබා දුන්න සම්මුඛ සාකඡ්චාවේ කොටසක්.

      "කොහොමද ඒ බරපැන සොයාගත්තෙ? (බ්ලොග් උළෙල සදහා)

      පසුගිය වතාවේ අපිට උදව් කළේ දුමින්ද ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු වන දුමින්ද මායාදුන්නේ මහත්මයා. ඊළඟට LNW අඩවියේ චන්දිම විතානආරච්චි සහ මමත් පුද්ගලිකව මේ සඳහා මුදල් යෙදෙව්වා. මෙවර විශේෂත්වය තිබෙන්නේ සියලූ‍ ත්‍යාග ප‍්‍රදාන සඳහා වැය වෙන සම්පූර්ණ මුදල යොදවන්නේ බ්ලොග්කරුවෙක්. ඔහු මෙවර තරගයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ වගේ ම ඔහු කැමති නැහැ තමන් කවුද කියා හඳුන්වා දෙන්න. ඒ නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් ඒ නම හෙළිදරව් කිරීමෙන් වැළකී සිටිනවා. මට ලංකාවට පැමිධෑමට සහ නැවත එංගලන්තයට යාම සහ මගේ නවාතැන් පහසුකම්, ගමන්-බිමන් පහසුකම් සඳහා මෙවරත් වියදම් දරන්නේ දුමින්ද මායාදුන්නේ මහත්මයා. ඊළඟට අජිත් පැරකුම් ජයසිංහ මහත්මයාගේ මැදිහත් වීම මත මෙවර අපිට ආධාර කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඉදිරිපත් වුණා. සමරු කළඹට ලැබුණ දැන්වීම්වලිනුත් යම් මුදලක් එකතු වුණා. මේ සියලූ‍ වියදම් පියවා ගැනීමෙන් අනතුරුව ඉතිරිවන මුදල සමාජ සද්කාර්ය සඳහා යොදවනවා."

      http://sathhanda.lk/

      Delete
    3. රසික කලබල වෙන්න එපා.. වලිගෙ පාගා ගත්ත ඇනෝ කෙනෙක්. මීට පස්සේ තැනක (නෙලුම්යාය පසුබිම් කතාව -4) අජිත් උදව් දුන්නේ කවුද යන්න පැහැදිලිව ලියලා තිබුණා..
      //උළෙලේ වියදම් සඳහා මට ප්‍රධාන සහයෝගයක් දුන්නේ ඉයන් ගේ අඩවියේ ඉයන් සහ චන්දිම විසිනි. ඉයන් එහිදී වැඩි බරක් දැරුවා පමණක් නොව සාදයේ බර පැන සඳහාද සහයක් දුනි.// සල්ලි ලැබුණු විදිය හොයන්න ඇනෝට තියෙන උවමනාව බ්ලොග් කියවන්න නැති එක ගැන කණගාටුයි.

      Delete
    4. ආ මෙන්න පැන පැන දෙකපුන නාවුක හමුදා මීමා ඇවිත්. අපි හිතුවේ පොටෝ අරං දෙන්න ගිහිං මාට්ටු උනාම පස්සේ ගතිය ඇරිලා යයි කියලා. හිරේම තියන්න තිබ්බේ මේ මීමා.

      Delete
  17. දිගින් දිගටම ලියන්න ශක්තිය ලැබේවා!!!!සිනුවර දිනේවා!!

    ReplyDelete
  18. චිත්ත මෝස්තරයක්, ඕස්ටේ‍ර්ලියාවේ

    අලුත්ම කවිය

    ගොන් ජරා ගතියි තොට නම් තියෙන්නේ
    වල් කකා කියලයි අපි තොට කියන්නේ
    හැමටම අපහාස විතරයි කරන්නේ
    හැකි ඉක්මනින් මෙලොවින් චුත වෙයන්නේ

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්න එපා උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වෙන අපේ කකාට.

      Delete
  19. සිනුවර පුරේ සිට නුඹ දුක් විඳින්නේ
    ජරමර දෙසක් ගැන වෙන මා නොදන්නේ
    සුන්දර සඳකි බ්‍රිස්බන් නුබ දිලෙන්නේ
    පින්බර අපට විතරය එය පෙනෙන්නේ!

    ReplyDelete
  20. //චිත්ත මෝස්තරයක්, මුහුදු වෙරළක දර්ශනයක්, වැසි දිනයක දර්ශනයක්, හිරු උදාව, පෙරහැරක් වැනි දේ ය//

    අනේ අපිටත් පොඩි කාලෙ චිත්‍ර ඇන්ඳෙ අන්න ඔයා මාතෘකා ටිකම තමයි තිබ්බෙ. අපේ අයියගෙ දූලත් චිත්‍ර අඳින්නෙ ඔය මාතෘකා සම්බන්ඳයෙන්ම විතරයි. එකනම් හරි පුදුමාකාරයි.

    අපි නම් ඉර පායන චිත්‍ර කොච්චර ඇඳත්, ඉර බහින ඒව ඇඳපු මතකයක් නෑ. මං හිතන්නෙ බණ්ඩාරවෙල ඉන්න අපිට ඉර පායන්නෙත්, බහින්නෙත් කදු වැටියක් මතින් නිසා වෙන්න ඇති.

    අද මම පුංචි කාලෙ ඇන්ඳ විදියෙ චිත්‍රයක් ඇන්ඳා, මම ලියපු කවි පෙළක් හැඩගන්වන්න. ගිහින් බලන්නකෝ

    මේ ලින්ක් එක මගේ කවි වලට පාර හදාවි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.