Wednesday, 27 April 2016

"දකුණු කුරු දිව් කව්" - ඒ මොකක්ද හලෝ ඒ හරුපේ? :: Australia - Sinhala Poetic Impressions


මා මිතුරෙකුට ලියූ කවි ලිපියකින් කොටසක් ඉන් පසුව මතු අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශය නම් මහා කාව්‍යයක සිනුවර වැනුම නම් සර්ගයක් ලෙස නම් කළ බවක් පසුගිය දිනයක ලියූවෙමි.

ඒ සිනුවර වැනුම වසර 2010 දී ප්‍රකාශනයට පත් කළ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථයක ඇතුළත් කෙරිණි. සිඩ්නි නුවර සඳහා සිනුවර යන නම දුන් හෙන්රි කුමාරප්පෙරුම සහ මගේ සංස්කරණයෙන් සැකසුණු ඒ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථය පළකෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව නම් ප්‍රජා සංවිධානය විසිනි.

මෙහි පහත පළ කෙරෙන්නේ "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග්‍රහය සඳහා හෙන්රි සහ මා විසින් ලියන ලද පෙරවදනයි.


දකුණු කුරු දිව් කව් - සකසු පෙර වදන

එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ‍්‍රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද පිරිවරා ගෙන තම්බපණ්ණී ලෙස නම් ලද ලඬ්කාද්වීපයට ගොඩ බැස, එහි තම රාජ්‍යය පිහිටුවා ලූ හ.

විජය රාජ කුමාරයා ඇතුළු පිරිස ගෙන ආ ජම්බුද්වීප මහා සංස්කෘතිය ද, යක්‍ෂ, නාග, දේව ආදී විවිධ දේශීය සංස්කෘතීන් ද මූලාශ‍්‍ර කොට ගෙන එදා ඇරඹි නව සංස්කෘතිය, එතැන් පටන් අද දක්වා විටින් විට ජම්බුද්වීපයේ විවිධ ප‍්‍රාන්තයන් ගෙන් ලඬ්කාද්වීපයට පැමිණි චෝල, පාණ්ඩ්‍ය ආදී පෙරදිග සංස්කෘතියෙන් ද, යුරෝපාකරයේ පෘතුගිරිසි, ලන්දේසි සහ ඉංගිරිසි ආදී අපරදිග සංස්කෘතියෙන් ද ඔප් නැංවී සිංහල සංස්කෘතිය ලෙස අද දක්වා චිරාත් කාලයක් තිස්සේ ලඬ්කාද්වීපයේ පැවතගෙන එන්නේය.

තවද, පෘථිවිය නම් වූ අප මහා ධරණිතලයේ දක්‍ෂිණාර්ධ ගෝලයේ එක් කෙලවරෙක පිහිටි එක් සුවිශාල දිවයිනකි. නෙත් සිත් අස්වසන්නා වූ ද, ගත සිසිල් කරවන්නා වූ ද, ශාන්තිකර සහ ඉන්දියානු තුමුල සාගර ද්විත්වයෙන් වට වී සැදුනු මේ සුන්දර භූමිය එහි භූගෝලීය පිහිටීම නිසා ම හෙල කවි බසින් "දකුණු කුරු දිවයින" ලෙසින් නම් ලද්දේය.

උත්තර සූර්්‍යා ගේ සෞම්‍ය හිරු රැුස් මැද ශීත සිසිරයේ ගිලෙනා ස්වේත වර්ණ හිම කන්දෙන් ද, දක්‍ෂිණ සූර්්‍යා ගේ චණ්ඩ හිරු රැුසින් මැඩෙමින් නීල වර්ණය විහිදුවන තුරු පිරි නිල් කඳු පෙලින් ද, යොදුන් ගණන් එක යායට විහිදුණු හරිත වර්ණ ගෝ පාලන තණ බිම් සහ කෙත් වතු වලින් ද, දුඹුරු වන් දුහුවිලි පස මිස අන් කිසිදු ජීව ගුණයකින් තොර වූ කර්කෂ ශුෂ්ක කාන්තාරයෙන් ද, ලොව අන් කිසි බිමෙක දක්නට නොලැබෙන්නා වූ කැන්ගරු, ප්ලැටිපුස්, ක්වෝලා, වොම්බැට් ආදී සත්ව විශේෂයෙන් ද, ඉයුකැලිප්ටස්, ඇකේසියා, බෑන්ක්සියා ආදී වෘක්‍ෂ ලතාවෙන් ද හෙබි, ශීත කලාපීය දක්‍ෂිණ ධ‍්‍රැවය සමීපයේ ම වාගේ සිට ඝර්ම කලාපීය සමකාසන්නය දක්වා ම වාගේ විහිදෙන්නා වූ මේ මහා භූමිය, පුරා වසර හැට දහසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇබොරිජිනල් ස්වදේශිකයින් විසින් ඔවුන් ගේ වන සරන, දඩයක්කාර, පලවැල රැුස්කරන ජීවන රටාවට අනුව ජනාවාස කරන ලදුව පැවතිණ.

"ටෙරා ඔස්ට‍්‍රාලිස්" හෙවත් දකුණු බිම නමින් ඇසින් නොදැක හඳුන්වන්නට යෙදුනු දක්‍ෂිණාර්ධ ගෝලයේ පිහිටි මහා භූමියක් ගැන යුරෝපීයන් අතර දිගු කලෙක සිට අනුමානයක් පැවතිණ. අදින් සියවස් හතරකටත් ඉහත සමයෙක රුවල් බැඳි නෞකාවෙන් සමුද්‍ර ගවේෂණය කලා වූ විවිධ නෞකාපතීන් විසින් විවිධාකාරයෙන් මෙය සනාථ කරන ලදුව, අනතුරුව ජේම්ස් කුක් නමැති බිරිතානි කප්පිත්තා විසින් නිසැකවම දැන සිතියම් ගත කරන ලදී. ඉනික්බිත්තෙන් එංගලන්ත රාජාණ්ඩුවේ අණ පරිදි සිරකරුවන් රැසක් ද සමග මෙහි ගොඩ බට ආතර් පිලිප් නම් වූ කප්පිත්තා විසින් මේ මහා දක්‍ෂිණ භූමියේ නගර මං මාවත් වගා බිම් සහිතව ජනාවාස පිහිටුවන්නට යෙදිණි. එයිනුත් වර්ෂ ශතකයක් පමණ ගෙවී ගිය තැන් හි, එවකට පිහිටුවා තිිබූ සියළු ජනපද එක් කර අද පවතින ඕස්ටේ‍්‍රලියාව නම් වූ රාජ්‍යය මේ බිමේ ස්ථාපිත කරන ලදී.

මුල් කාලයේ දී ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයින් පීඩනයට ලක් කරමින්, ඔවුන් ගේ වාස භූමි කොල්ල කමින්, මේ භූමියේ වාසය සඳහා පැමිණීම යුරෝපාකරයේ සුදු ජාතිකයින් ට පමණක් සීමා කරමින් රාජ්‍යය පවත්වා ගෙන ගිය ද, මෑත අතීතයේ දිනෙක ස්වදේශිකයින් හා සමගි සන්ධාන කි‍්‍රයාවලික් අරඹා, සුදු ඕස්ටේ‍්‍රලියානු පිළිවෙත අහෝසි කර ලොව සියළු ජන කොටස් වලට ඕස්ටේ‍්‍රලියාව හෙවත් දකුණු කුරු දිවයින හිමි කර දෙමින් බහු සංස්කෘතික රාජ්‍යයක් පිහිටුවන්නට සැලසුම් කර කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.

මේ අවසරයෙන්, පෙරකී ලඬ්කාද්වීපයේ පසල් දනව්වල සිට මෙකී දකුණු කුරු දිවයින ට සංක‍්‍රමණය කල සිංහල පිරිස් බොහෝ ය. ඔවුනතුරෙන්, දකුණු කුරු දිවෙහි පූර්ව දිශාවෙහි පිහිටි නව දකුණු වේල්ස ප‍්‍රාන්තය තම අභිනව වාස භූමිය ලෙස තෝරා ගත්තාවූ ද, තම සිංහල භාෂාව සහ සංස්කෘතිය මේ නව බහු සංස්කෘතික සමාජය තුල ස්ථාපනය කර ඉදිරි පරපුර සඳහා ද සුරක්‍ෂිත කල යුතු යැයි අධිෂ්ඨාන පූර්වකව ප‍්‍රාර්ථනා කලා වූ ද පිරිසක් එකතුව අදින් දශක දෙකකට පෙරාතුව සිංහල සංස්කෘතික හමුව නමින් ප‍්‍රජා සංවිධානයක් පිහිටුවා ලූ හ.

එදා මෙදාතුර, මෙකී සිංහල සංස්කෘතික හමුව විසින් ඉෂ්ඨ කරන්නට යෙදුනා වූ සද්කාර්යයන් රාශියෙකි. මේ දේශයේ වාසය කරමින් සිංහල සංගීත, නර්තන, රංගන යනාදී කලා කටයුතු වල නිරතවන්නන් ගේ ද, එවැනි කලාවන් රසවිඳින්නන් ගේ ද යහපත පිණිස නිතිපතා කලා මහෝත්සව සංවිධානය කිරීම ද, ඉදිරි පරපුරට අපේ සිංහල භාෂාව හා සිංහල සංස්කෘතික උරුමය දායාද කර දීමට සිංහල භාෂා පාසල් පිහිටුවා පවත්වාගෙන යාම ද, මේ දකුණු කුරු දිවයින තුල සිංහල ලේඛන කලාවේ උන්නතාභිවෘද්ධිය සඳහා සිංහල නමින් ත්‍රෛමාසික සඟරාවක් ප‍්‍රකාශයට පත් කිරීම ද මේ අතර වේ.

මේ කටයුතු තවත් ඉදිරියට රැගෙන යමින්, ලේඛන කලාවේ යෙදෙන ඕස්ටේ‍්‍රලියානු වාසී සිංහලූන් විසින් තම සංක‍්‍රමණික අත්දැකීම් අළලා ප‍්‍රබන්ධිත කෙටිකතා අඩංගු පුස්තකයක් ද පසුගිය දා එලි දක්වන්නට යෙදුණි. ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානය කොට ගත් සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ එක් වැදගත් අංගයක් වන විගාමික සිංහල සාහිත්‍යයෙහි පෝෂණය සඳහා මෙවැනි ප‍්‍රකාශනයන් හි ඇති වැදගත්කම මෙහිදී විශිෂ්ඨ ලෙසින් දෘශ්‍යමාන විය.

සිංහල පද්‍ය සාහිත්‍යයට ද යම් කිසි ආකාරයකින් විගාමික සිංහලූන් ගෙන් සම්මාදමක් කල යුතුය යන සංකල්පය ඇති වූයේ ඉන් අනතුරුව ය. සිංහල සංස්කෘතික හමුවේ විසිවන සංවත්සරය පිණිස "දකුණු කුරු දිව් කව්" නමින් මෙලෙස ඔබ වෙත පිදෙන මේ කාව්‍ය සංග‍්‍රහය ඒ සංකල්පයේ ප‍්‍රථිඵලයයි.

මෙම කෘතිය සම්පාදනය කර ප‍්‍රකාශයට පත් කිරීමෙහි ලා හේතු සාධක වූ මුඛ්‍ය අරමුණු කීපයකි. පෙරකී ලෙසින් පොදුවේ සිංහල පද්‍ය සාහිත්‍යයට සහ සුවිශේෂීව විගාමික සිංහල සාහිත්‍යයට අනන්‍ය වූ සම්මාදමක් කිරීම, ශී‍්‍ර ලාංකික සිංහල පාඨකයින් ට ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ පද්‍යයෙන් හැඳින්වීමක් ලබාදීම, දකුණු කුරු දිව් වාසී සිංහල කවි කිවිදියන් ට තම නිර්මාණාත්මක හැකියාවන් පොදු රසාස්වාදනයට නැංවීමට ඉඩකඩ ලබා දීම ඒ අරමුණු අතර වෙයි.

"දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහය සැකසී ඇත්තේ සිංහල මහා කාව්‍ය සම්ප‍්‍රදායේ ලක්‍ෂණ උපයෝගී කොට ගනිමිනි. එසේ නමුදු මේ කෘතිය මුළුමනින් ම ශී‍්‍ර ලංකාවෙන් පිටස්තර පරිසරයක් විස්තර කරන්නක් වේ. ඒ සමගම, මේ සඳහා කාව්‍යමය දායකත්වය සැපයුනේ එක් කවියෙකු ගෙන් නොව කවි කිවිඳියන්් විශාල පිරිසකගෙනි. මේ ආකාරයෙන් බලන විට මේ දකුණු කුරු දිව් කාව්‍ය සංග‍්‍රහය වනාහී මින් පෙර සිංහල සාහිත්‍යයේ නොතිබුණු ආකාරයේ සුවිශේෂී කෘතියක් යයි අපි සිතමු.

"පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යයි කව් සිළුමිණ කතුවරයාණෝ පැවසූහ. මේ කෘතිය ප‍්‍රකාශනයෙහි ලා අපේ අවසාන අරමුණ වන්නේ එවන් දෙනෙත් වඩාත් සුලබ කිරීමය.

මේ වගට,

නව දකුණු වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව වෙනුවෙන්,

"දකුණු කුරු දිව් කව්" සකසුවෝ

රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි සහ හෙන්රි ඩෙල්සන් කුමාරප්පෙරුම වම්හ.


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කෘතිය දයාවංශ ජයකොඩි පොත්හළෙන් ඉතා සුළු මුදලකට ලබාගත හැක.



16 comments:

  1. තෛයිමාසිත සගරාව තාම දුවනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මම එහි සංස්කාරක ලෙස වෙළුම් 12 ක් සංස්කරණය කළා 2006 සිට 2008 දක්වා.

      ළඟදී පිටවුනු කලාප ඔන්ලයින් කියවිය හැකියි.
      http://thescf.org.au/?page_id=878

      Delete
  2. සකල සිරින් පිරි සිරිලංකා වැසියනි ලියවිල්ලනම් පංකාදුයි.
    මේ කතන්දරේ හැටියට ඕස්ටේ‍්‍රලියාව හෙවත් දකුණු කුරු දිවයින පට්ට රටක්නේ ඔයි ! එහින්දා පුල් ආතල් එකේ ඉන්න ලයිෆ් එකක් ඕනකරන අය ඉන්නවානම් කොහොම හරි බෝට්ටුවන් හරි යන්න විටිනා රටක් අනිවාර්යෙන්ම උත්සහා කරලා ගිහිල්ලා සැප කන්දෙකෙන් බේරෙන්න සැප ගන්න ඕනේ.

    අනේ බන් යමල්ලා, යමල්ලා බෝට්ටුවෙන්ම යමල්ලා. අපිව බලාකියාගන්න අපේම කට්ටිය දැන් එහෙ ඉන්නවනේ. මොකටද බයවෙන්නේ. මෙහෙ වගේ ද එහෙ.

    ReplyDelete
    Replies
    1. සිංහල තේරෙන්නේ නෑ නේද, බ්‍රිසී මේට්?

      Delete
    2. අඩේ අප්පා නැහැ නේ .ටියුසෝන් දෙන්න පුලුවන්ද ඉගෙනගෙන වැඩක් වෙයිද සිලාවතුරේදී ගියවෙලාවට තමයි ඉතින් හොඳ

      Delete
    3. රසික... මේ කොමෙන්ට් කරන එවුන්ගෙ ජාතකේ හොයන එකනම් මහ චාටර් වැඩක්... ඇනෝ ඔන් කරලා තියෙන්නෙ ඇනෝ එන්නනෙ... එහෙම එන එකා එන්නෙ කොහෙන්ද කියලා හොයන එකෙන් වෙන්නෙ උගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩලන්න උත්සාහ කිරීමක්... ඒ වගේම අනිත් ඇනෝ එන එවුන් ඩිස්කරේජ් කිරීමක්....
      උදාහරණයක් හැටියට රසික මගේ අයි.පී ලොකේශන් දෙකම දන්නවා... මට රසිකගෙ පෝස්ට් එකක් විවේචනය කරන්න, හිනාවට ලක්කරන්න බෑ... රසික මම කවුද කියලා අනුමාන කරන නිසා......
      කොමෙන්ට් එක ගැන එච්චරයි.....

      අද පෝස්ට් එක හරිම ෂෝක්....
      මල් හතයි...
      ලෙසටම ලියලා තියෙනවා...
      බ්ලොග් වසන්තයෙ මගේ මුල්ම මනාපය... වෙන කාටද....

      Delete
    4. උත්තර සූර්්‍යා ගේ සෞම්‍ය හිරු රැුස් මැද ශීත සිසිරයේ ගිලෙනා ස්වේත වර්ණ හිම කන්දෙන් ද, දක්‍ෂිණ සූර්්‍යා ගේ චණ්ඩ හිරු රැුසින් මැඩෙමින් නීල වර්ණය විහිදුවන තුරු පිරි නිල් කඳු පෙලින් ද, යොදුන් ගණන් එක යායට විහිදුණු හරිත වර්ණ ගෝ පාලන තණ බිම් සහ කෙත් වතු වලින් ද, දුඹුරු වන් දුහුවිලි පස මිස අන් කිසිදු ජීව ගුණයකින් තොර වූ කර්කෂ ශුෂ්ක කාන්තාරයෙන් ද, ලොව අන් කිසි බිමෙක දක්නට නොලැබෙන්නා වූ කැන්ගරු, ප්ලැටිපුස්, ක්වෝලා, වොම්බැට් ආදී සත්ව විශේෂයෙන් ද, ඉයුකැලිප්ටස්, ඇකේසියා, බෑන්ක්සියා ආදී වෘක්‍ෂ ලතාවෙන් ද හෙබි, ශීත කලාපීය දක්‍ෂිණ ධ‍්‍රැවය සමීපයේ ම වාගේ සිට ඝර්ම කලාපීය සමකාසන්නය දක්වා ම වාගේ විහිදෙන්නා වූ මේ මහා භූමිය, ......///

      අඩේ අප්පා ඉතින් හොඳ රටනේ බෝට්ටුව්න් හරි යන්න ඕනේ අයි මේ උඩ ලියලා තියෙන්නේ සිංහල කුනහරුපද දන්නේ ටිකයි එකයි

      Delete
    5. @ Anonymous 27 April 2016 at 16:05
      හිතවත් ඇනෝ,
      ඔබ ලියා ඇති අදහසේ යම් සත්‍යයක් තිබුණත්, තත්වය ඊට වෙනස්.

      යමෙක් ඇනෝනිමස් කමෙන්ට් කළ නිසා මට ඒ කවුදැයි හොයා ගැනීමට අවශ්‍යතාවයක් හෝ ඇනෝනිමස් කමෙන්ට්කරුවන් කවුදැයි හොයා ගැනීමට හැකියාවක් හෝ නෑ.

      මා ඒ කමෙන්ට්කරුවාට "බ්‍රිසී මේට්" යැයි නම පට බැන්දේ අහම්බෙන් ඔහු ගේ (හෝ ඇය ගේ) අයිපී එක දැක ඒ අනුව අනන්‍යතාවයක් දීමටයි. එය අවශ්‍ය වූයේ දිගින් දිගමට ඔහු එකම ආකාරයේ කමෙන්ටු මෙතැන පමණක් නොව වෙනත් තැන්වලද දමන නිසා, ඔහුව (හෝ ඇයව) වෙනක් කර හඳුනා ගත යුතු වූ නිසායි.

      සින්දු ඇනෝ, කැපිටල් ඇනෝ වැනි අය බිහිවුනේ ද මේ ආකාරයේම අනිත් පැත්තේ අවශ්‍යතාවයක් නිසායි.

      ඒ සමගම කිව යුත්තේ, මා, ඔබ කවුද කියා ද නොදන්නා බවයි.

      යමෙක් ඇනෝනිමස් ලෙස ඔවුනුත් දන්නා, මාත් දන්නා සුවිශේෂී දෙයක් ලියූ විට නම් යම් ඉඟියක් ලබාගත හැකියි. එපමණයි.

      Delete
    6. අඩේ අප්පා "බ්‍රිසී මේට්" යැයි නම පට බැන්දේ අහම්බෙන් ඔහු ගේ (හෝ ඇය ගේ) අයිපී එක දැක ලා නම් එක දාන්නකෝ ඔක්කොටම දැනගන්න සයිබර් කැෆේ එකේ අයිතිය කාටද කියලා හොයාගන්න.පුළුවන්

      Delete
  3. //සර්ගයක්//කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  4. තවත් අගනා වැඩක්........ ජයවේවා..

    ReplyDelete
    Replies
    1. කුරුට්ටන්ට එවූ පොත තාම කුරුට්ටන් මාරුවෙන් මාරුවට කියවනවා....... කියවපු හැමෝම ඒ ගැන අගය කරා... රසික අයියාට ඒ ගැන කියන්නත් කිව්වා..... ජයවේවා

      Delete
  5. හැම කටයුත්තකටම සුභ පැතුම්..

    ලිංක් එක දැම්මට ස්තුතී...

    ReplyDelete
  6. එදා අවුරුදු උත්සවේ අවසන් වී ගෙදර ගිය විගස කවි පොතම කියැවීමි. සිංහල සාහිතය ඔප් නංවන්නට ඔබ ඇතුළු සියල්ලන් කරන්නා වූ මෙහෙය රටක් ජාතියක් වශයෙන් අප සියළු දෙනා හිස නමා ආචාර කළ යුතුය.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.