මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 24 April 2016
කාන්තාවන් ගර්භණී නොකරවන, රජුන්ට වන්දිබට්ඨකම් නොකරන කුකුබරා සංදේශයේ සිනුවර වැනුම! - A poetic impression of Sydney
සිංහල පද්‍ය සාහිත්‍යයේ අග්‍ර ගණයේ නිර්මාණ ලෙසින් සැලකෙන සංදේශ කාව්‍යයන් ලියවී ඇත්තේ බොහෝ විට ඒ ඒ කාලයේ සිටි රජාලාට වන්දිබට්ඨකම් කිරීමට ය. ඒ සමගම, ඇතැම් විට, දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් අග බිසවක ගර්භණී කරවීම ද අපේක්‍ෂා කර ඇති බව පෙනේ.
සැළලිහිණි, ගිරා, හංස යනාදී මීට වසර සිය ගණනකට පෙර ලියවුණු සංදේශ කාව්‍යයන්ට අමතරව, අරමුණු කෙසේ වෙතත්, ඒ කාව්‍ය සම්ප්‍රදායම අනුගමනය කරමින් මෑත කාලයේ ද විවිධ සංදේශ කාව්‍යයන් ලිය වී ඇති බව කිව හැක.
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි සිනුවර සිට ශ්‍රී ලංකාව බලා සමනළයෙකු අත යැවෙන සන්දේශයක් ඇතුළත්, සමනළ දුතය මා කියවා ඇති ඒ ආකාරයේ නූතන සන්දේශ කාව්‍යයකි. මේ කාව්‍යය රචනා කළේ මා දන්නා හඳුනන කවියෙකු වන හෙන්රි කුමාරප්පෙරුම විසිනි. සිඩ්නි නගරය කවි බසින් සිනුවර ලෙස නම් කළේ ද ඔහු ය.
හෙන්රි කුමාරප්පෙරුම ගේ සමනළ දූතයේ අරමුණ වූයේ එවකට පැවති දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදය මර්දනය කරන ලෙස එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලීමයි.
සන්දේශ කාව්‍යයන් හි එක් වැදගත් අංගයක් වනුයේ සන්දේශය ගෙන යන පක්‍ෂියා විසින් ඒ ගමනේ දී පසු කරන නගර පිළිබඳව කෙරෙන විස්තරයයි.
මිතුරෙකු සමග කළ කවි සංවාදයක් සඳහා, සිනුවර පිළිබඳව කවි කිහිපයක් රචනා කළ මා ඉන් පසුව කළේ, පෙර කී සංදේශ කාව්‍යයන් ගේ ආකෘතිය අනුගමනය කරමින්, මගේ කවි පන්තිය, කුකුබරා සන්දේශයේ සිඩ්නි පුර වැනුම ලෙස නම් කිරීමයි.
කුකුබරා යනු ඕස්ට්‍රේලියාවට ආවේණික පක්‍ෂියෙකි.
මෙන්න ඒ අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශයේ සිනුවර වැනුම සර්ගය.
කුකුබරා සංදේශය සිනුවර වැනුම
සසර දිනූ බුදු සමිඳුට සිරස නමා
ගෙදර බුදුන් සිහිකර හද ඇතිව පෙමා
මෙවර බඳිමි කවි සොඳ උපමේය දමා
නුවර සිඩ්නි වරුණය දනු මිතුරු තුමා
තල්මස් රංචු ගැවසෙන පැසිපික් සයුරේ
මල් ගස් සෙමෙර සලනා නිල් කඳු අතරේ
පෙම් බස් දොඩන වන රොද දකුණේ උතුරේ
සිත් අස් වසයි මායිම් මැද සැදි නගරේ
ඔපෙරා මැදුර ලොව සුපතල සළකුණකී
ගජරාමෙට සෙනග ගැවසෙන අඩවියකී
මදිරා සුරා පැන් හල් අඩු නැතිය සකී
මිතුරා කැමති නම් රස ගුණ බැලිය හැකී
අහස උසට විහිදෙන සුවිසල් මැදුරූ
පහස ලබති සීතල මේකුළු සොඳුරූ
දහස සියක් නෙක පැහැ මල් පිපි පඳුරූ
කෙලෙස කවෙන් ඒ රුව වණමි ද මිතුරූ
නගරය මැදින් බැස යන ගංගා ලලන
කරදිය කලපුවෙන් නිමවයි ඇගෙ ගමන
සිතිජය දිගට නෙකවන් පැහැ රුසිරු ගෙන
අසිරිය බලනු සුමිතුර නෞකා යනෙන
කලපුව උඩින් විහිදෙන පාලම විසල
සලකුණු කරයි සිප්කම් වැඩ ලොව පතල
රළ පෙළ නගන කරදිය පිරි විල පතුල
බල මැන මිතුර යන වාහන උමං තුළ
අරන් නෙක පිරිස සිය දහසින් සොඳිනේ
තුළින් උමං දුම්රිය යේ අතුරු සැනේ
බලන් මිතුර නැත දුම් පිට වනු එයිනේ
සොඳින් ජවය විදුලියෙනුය ඉපද වුණේ
නුවර වට නගර උප ඇත සතර අතේ
පවර මහා මං ජාලෙන් යා කෙරෙතේ
මිතුර යොමනු නෙත ඉසි ගති නැතුව සිතේ
නතර නොවී යා හැක රතු එළි නොමැතේ
අවට නගර බද ගම් සිය ගණන් ඇත
සොඳට සැදි ගෙවල් දොරවල් නිමක් නැත
යසට ජයට සිය ගණනින් දන වෙසෙත
සැපට කැමති නැති කවුරුද කලණ මිත
මා මාතෘකාවේ සඳහන් කළාක් මෙන් දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් කාන්තාවන් ගර්භණී කරවීමක් හෝ රජුන්ට වන්දිබට්ඨකම් කිරීමක් හෝ කුකුබරා සංදේශය ලිවීමේ අරමුණක් වෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.
-රසිකොලොජිස්ට්
(image: http://claytonkashuba.com/tag/cartoon-animals/)
Subscribe to:
Post Comments (Atom)
අගෙයි රසික, හරිම අගෙයි. සොඳුරු වැනුමක්. හැකිනම් මෙය ඉංග්ලීශියට පරිවර්තනය කොට ඔසී වැසියන්ට ඉදිරිපත් කරන්න. හෙළ සඳැස් ගැනත් ඒ ගමන්ම ඔවුන් දැනුවත් කරන්න. ජය වේවා !
ReplyDeleteස්තුතියි.
Deleteකළ යුතු වැඩ නම් බොහෝය!
සඳැස්, සිව් පද කවි ගැන, ඒ ක්‍ෂේත්‍රයේ අධ්‍යයනය කරන අය දන්නවා විය යුතුයි.
අපූරු සඳැස් කවි ටිකක් රසික.මුල අග දෙතැනම එළිවැට ඇතිනිසා කියවනවිට අපූරු රිද්මයක් තියෙනවා.
ReplyDeleteස්තුතියි.
Deleteසඳැස් කවි මතක තියා ගැනීමටත් ලේසියි.
දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් දෙන්නේ ඒ ආකෘතියේ කවි තමයි.
කවි ටික ආසාවෙන් කියෙව්වා....... අගෙයි..........
ReplyDeleteකවි පවුරෙන් ඇගයුමක්.....!
Deleteඅපූරුයි රසික නිර්මාණය හරිම අගෙයි. අර නගරය මැදින් යන ගංගා ලලනගෙ නම මොකද්ද ?
ReplyDeleteපැරමටා රිවර් කියායි කියන්නේ. පැරමටා කියන නගරය හරියෙන් තමයි ඔය ගඟ ලොකුවට ඇරඹෙන්නේ. එතැන සිට සිඩ්නි කළපුවට මගී ප්‍රවාහන සේවයක් තියෙනවා ගඟේ!
Deleteසිඩ්නි කෙසේ වෙතත් නිවන් යන්න කලින් මෙල්බර්න් වත් එන්න ඕන...
ReplyDeleteපුරවර වැනුම නම් අපූරුයි ළොක්කා...
මෙල්බන් නුවර යන්නට ඇයි සිතන්නේ
Deleteහොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
රන්වන් සිඩ්නි සඳ මෙහි නුබ දිලෙන්නේ
පින්වන්තයින් හට විතරයි පෙනෙන්නේ!
කුකබූරා හිනාවෙන එක ගැන නම් අහල තියනව
ReplyDeleteකුකුබරා හිනාවෙන එකම පක්‍ෂියා ද මන්දා?
Deleteකුකබරා හිතා මතාම කැන්ගරුව අමතක කරල. කැන්ගරු නැති ඔසී ෆොනී නැති යුද්ධෙ වගේ
ReplyDeleteමේ නගර වැනුමට සතුන් ඇතුළත් නෑ. සතුන්වත්ත (zoo) ගැන වැනුමක් කළොත් ලියන්නම්.
Deleteසිනුවර වැනුම අරගෙන පක්ෂියා කුකුබරා
ReplyDeleteපියබා යනවා නිල් අහසේ තටු සලලා
දැක්කේ නැතිද ඌ බිම බලලා
පැන පැන යන හැටි කැන්ගරුවා
කුකුබරා සතුන්වත්ත (zoo එක) උඩින් පියඹලා ගියා නම් කැන්ගරු දකීවි.
Deleteකොළඹ ගැන ලියන කොට අලි පෙන්නන්න නම්, දෙහිවලටම ගෙනියන්න වෙනවානේ!
කුකුබරා සංදේශයත් අනිත් ඒවාට දෙවෙනි නැහැ,
ReplyDeleteසැපට කැමති නැති කවුරුද කලණ මිත..........ලෝක සත්‍යය.
රිමෝට් කන්ට්‍රෝල් ප්‍රෙග්නන්සිය කිව්වේ??
/* රිමෝට් කන්ට්‍රෝල් ප්‍රෙග්නන්සිය */
Deleteශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ රචනා වූ උසස්තම සන්දේශ කාව්‍යය පමණක් නො ව සිංහල සන්දේශ කාව්‍යාවලියේ අග්‍රගණ්‍ය නිර්මාණය සේ ද ගැනෙන්නේ සැළලිහිණි සන්දේශය යි.
රී පරාක්‍රමබාහු මහරජුගේ බාල දියණිය වූත් නන්නුරුතුනයා මැති නම් වූ රාජ්‍ය නිලධාරියාගේ දේවිය වූත් උලකුඩය කුමරියට පුත් රුවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳුන්ගෙන් අයැද සිටීම සැළලිහිණි සන්දේශයේ පරමාර්ථය යි. මෙයට පෙර ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලද්දේ රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු සහ පුත්‍රයෙකු ලබා දෙනු පිණිස දෙවියන් යැදීම උදෙසා ය.
(http://www.silumina.lk/punkalasa/20100214/_art.asp?fn=ar10021411)
දෙවියෙකු ලවා කාන්තාවක් බඩ දරු කරවීම ඉතිං රිමෝට් කන්ට්‍රෝල් එකකින් වගේ වෙන දෙයක් නේද?
හෙහ් හෙහ්
ReplyDeleteඅගේ ඇති කවි ටික..
ජයවේවා..!!
ජයවේවා!
Deleteඅර සංදේශ කාලෙ කවිකමක් තමා රසිකට තියෙන්නෙ
ReplyDeleteඔයාම කියල තියෙන විදියට කවිය තාලයත් එක්ක හුරුවෙලා තියෙන හින්ද වෙන්නැති
දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් දෙන්නේ සඳැස්, සිව්පද ආකෘතියේ කවි තමයි.
Deleteමා නම් විවිධාකාරයේ කවි ලියා තියෙනවා.
හොඳ වෙලාවට කොකුබරා රැට කිංග්ස් ක්‍ර්රෝස් පැත්තේ කැබරමටා පැත්තේ ඉගිල්ලෙන්නේ යන්නේ නැති එක.
ReplyDeleteකල්ලෙකුට රෑ පානේ තනිව ගොසින් ෆකින් බ්ලැක් කන්ට් කියලා අහගන්නේ නැතිව එන්නේ පුලුවන්නම් ලොකු පුදුමයක්, සෙන්ටල් ස්ටේෂන් එකේ .ජෝර්ජ් ස්ට්‍රීට් එකේ එහෙම ඇවිදලා බලමුකෝ තනිවම එහෙම අපි නොදන්නා සිඩ්නි !!!
බ්‍රිසී මේට්,
Deleteකිංස්ක්‍රොස් කියන්නේ මා දන්නා තරමින් නයිට් ලයිෆ් තියෙන වීදියක්. කැබ්‍රමටා කියන්නේ වැඩිපුර වියට්නාම් සම්භවයක් ඇති ඕස්ටේර්ලියානුවන් පදිංචි පැත්තක්. මුල් ස්ථානය සහ දෙවෙනි ප්‍රදේශය මත්ද්‍රව්‍යවලට ප්‍රසිද්ධ බව මා දන්නවා. මේ තැන් දෙකටම මා ගොස් නැති නිසා, ඒ ගැන කුකුබරාට විස්තර දෙන්න මට බැහැ.
සිංහල සන්දේශ කාව්‍යවල සමහර පුර වැනුම්වල අවල කෙලි, අභිසරු ලියන් වැනි සඳහන් වෙනවා. ඒවා ගැන ලියූ සාදුලා දැන ගෙන සිටින්නට ඇති!
ඔබට හැකි නම් සිනුවර හෝ බිසිනුවර ඒ තැන් ගැන කවි ලියන්න.
කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරයේ ඊළඟ කොටසින් ඔබ සිනුවර ගැන වැඩිපුර දෙයක් නොදන්නා බවයි පේන්නේ. ජෝර්ජ් ස්ට්‍රීට් කියන්නේ නගරයේ ප්‍රධානතම කොටසක්. මා නිතරම එහි ගොස් තියෙනවා. වසර හතරක්ම උදේ හවස සෙන්ට්‍රල් ස්ටේෂමෙන් තමයි සේවයට ගියේ, ආවේ.
නරකද, බ්‍රිසීවල කට්ට කන්නේ නැතුව ඉඳලා හිටලා හරි සිනුවර පැත්තේ ඇවිත් ගියොත්?
;-)
Oh, is it so?
ReplyDeleteYeah he's right. I second it 200%
Delete???
Delete