Thursday 9 June 2016

ලංකාවේ බියර් බීම සහ ඕස්ට්‍රේලියාවේ බියර් බීම - Its all in water


මා මුලින් ම බියර් බිව් ආකාරය ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි. මුලින් ම අරක්කු බිව් දිනයේ දී, ඇත්තටම හෝ බොරුවට හෝ මත් වුවද, බියර් නිසා මත් වී ඇත්තේ කලාතුරකිනි. ජර්මන්කාර බොසා සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුූ දිනයේ දී නම්, බියර් බෝතලයක් ම බිව් නිසා තරමක මත්වීමක් ඇති වුණද, එදා රාත්‍රියේ නුවරඑළිය ටවුමේ සිට හාවා එළියට ඇවිද ආ පසු, ඒ බියර් මත හිරු දුටු පිනි බිඳුවක් සේ වාෂ්ප වී ගියේය.

ලංකාවේ දී මා කළ බියර් බීම යනු අර ජපානයේ මිනිසුන් තේ බොන්නට අනුගමනය කරන ක්‍රියා මාර්ගය මෙන් මහා චාරිත්‍රානුකූල කර්තව්‍යයකි.

නිවසේ දී බියර් බොන්නට නම්, මුලින් ම කළ යුත්තේ, එම්ටීස් හෙවත් හිස් බියර් බෝතල් සොයා ගැනීමයි. මේ බෝතල් යනු මිලිමීටර් 750 ධාරිතාවේ වීදුරු බෝතල් විය.
මා ලංකාවේ දී අවසාන වරට කඩෙන් බියර් මිලට ගෙදර ගෙනැවිත් බිව් කාලයේ දී, එනම් 1995 දී, ලංකාවේ බියර් කොම්පැනි දෙකක්, ලංකා බෘවරීස් සහ මැකලම්, තිබුණු අතර හිස් බෝතල් එයින් කවර කොම්පැනියේ ද යන්න බියර් මිලට ගැනීමේ දී වැදගත් කරුණක් නොවුණි.

හිස් බෝතල් නොමැති නම්, ඒ වෙනුවට අරක්කු විකුණන කඩේට ඩිපොසිට් එකක් තබා, එනම් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් කර, බියර් මිලට ගත හැකි විය. මා මෙහිදී අරක්කු විකුණන කඩේ යැයි කියන්නේ එකල ඔය කියන කුඩා කඩවලට වයින් ස්ටෝර්ස් යැයි කියනු මතකයේ නැති නිසා ය. අද වුව ද, ඒ වයින් ස්ටෝරස් යැයි බෝඩ් ලෑලි ගසා ඇති කඩවල එක වයින් බෝතලයක්වත් විකිණීමට තිබේ යැයි මම නොසිතමි.

මා ඒ දිනවල පදිංචිව සිටියේ පිටකෝට්ටේ බංගලා හන්දිය අසලය. බියර් මිලට ගැනීටම නුගේගොඩ දක්වාම යා යුතුව තිබුණි. ඒ දිනවල නුගේගොඩ අරක්කු කඩෙන්, (මේ කියන කඩය තිබුණේ නාවල පාර පටන් ගන්නා හරියේ බව මගේ මතකයයි) මේ තැන්පතුව ලෙස එක් බෝතලයක් සඳහා රුපියල් දහයක් අය කෙරිණි.

එකල බියර් බෝතලයක මිල ප්‍රමාණය මට නිවැරදිව මතකයේ නැති වුවත්, රුපියල් දහයක් යනු බියර්වල මිලෙන් 25% පමණ වූයේ යැයි සිතමි.

සමහර විට නුගේගොඩ යන විට හිස් බෝතල් ගෙනියන්නට සිහියට එන්නේ නැත. සමහර විට බියර් බීම ගැන අදහස පහළවෙන්නේ ම නුගේගොඩට ගිය පසුව ය. එවිට, හිස් බෝතල් ගෙනෙන්නට ආපසු පිටකෝට්ටේ පිහිටි නිවසට යෑම කිසිසේත් ම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. මේ හේතු නිසා, නුගේගොඩ අරක්කු කඩේට මා අතින් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.

අනිත් කාරණය වූයේ, එදා වේල ටුවර්ස් මෙන් බියර් බීවා මිස, අද කරනවා මෙන් බීම වර්ග කලින් මිලට ගෙන නිවසේ රැස්කර තබා ගැනීම එදා මට අවශ්‍ය යැයි නොසිතුණු දෙයක් වීමයි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය කරන දා, කුස්සියෙන් එපිට එළිමහන් ගරාජ කොටසට ගිය මට සෑහෙන දුකක් දැනුණේ, හිස් බියර් බෝතල් හරියටම දාහතරක් එහි ගොඩ ගැසී තිබෙනු දැකීමෙනි.

එයින් අදහස් කෙරෙන්නේ මා විශාල වශයෙන් බියර් බිව් බවක් නොවේ. වසර 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා නිවසේ බියර් බොන්නට අවස්ථාව නොලැබුණි.

මා ප්‍රිය කළේ පිල්ස්නර් නමැති බියර් වර්ගය බීමටයි. එය නුවරඑළියේ සිලෝන් බෘවරීස් සමාගමේ නිෂ්පාදනයක් විය. ඔවුන් ගේ නිෂ්පාදනයන් අතර ලයන් නම් වූ තද දුඹුරු පැහැති ස්ටවුට් වර්ගයක් ද විය. මා බී නොමැති වුවත්, මැකලම් බියර් වර්ග අතර සැන්ඩෝ ස්ටවුට් නම් වූ බීමක් තිබුණු බවට යාන්තම් මතකයක් මට ඇත.

හිස් බෝතල ඇතුව හෝ නැතුව නුගේගොඩ අරක්කු කඩෙන් එදිනට අවශ්‍ය බෝතල් ප්‍රමාණය පමණක් මිලට ගෙන නිවසට ගෙනා පසු ඒවා ශීතකරණයේ බහාලමි. අද මෙන් කුඩා ප්‍රමාණයේ කෑන් නොව මේ බියර් බෝතල් ප්‍රමාණයෙන් විශාල නිසා, ඒ සඳහා අපේ සාමාන්‍ය ප්‍රමාණයේ ශීතකරණයේ ඉඩකඩ සොයා ගැනීම ද සාමාන්‍යයෙන් ප්‍රශ්නයකි.
ඊළගට බියර් බොන අතර කන්නට දෙයක් ද අවශ්‍යය. මෙපමණ මහන්සි වී, නුගේගොඩ සිට රැගෙන විත්, ශීතකරණයේ ලා ප්‍රවේශමෙන් රැකබලා ගත් බියර්වලට නිසි ලෙස සලකන්නට නම් ඒ සඳහා ඩෙවල්ඩ් බීෆ් හෝ චිකන් වැනි යමක් අත්‍යාවශ්‍ය වේ.

ජපනුන් ගේ තේ බීමේ චාරිත්‍රය සේ යැයි මට සිතෙන අපේ බියර් බීමේ ක්‍රමවේදයේ ඊළඟට ඇත්තේ එදින රාත්‍රියේ ආහාරය සැලසුම් කිරීමයි. බොහෝ විට මේ බියර් බොන්නේ එක්කෝ මස්සිනා හෝ නැතහොත් මිතුරෙකු හෝ සමග නිසා, අප කළේ චීන කඩයකින් කෑම පාර්සල් ගෙන ඒමයි.

මේ සඳහා ජුබිලි කණුව හන්දියේ තිබුණු හෝටලයකට මා දෙතුන් වරක් ගොස් ඇත. පිටකෝට්ටේ හන්දියෙන් තරමක් ඔබ්බෙන් පිහිටා තිබුණු කාර් සර්විස් ස්ථානය අසල ද තරමක් හොඳ චීන කෑම කඩයක් තිබුණි. පසුව, අපේ නිවස අසලම කුෂ්මි නම් ස්ථානයක් ද, කොටුබැම්ම හන්දියේ තවත් කඩයක් ද ඇරඹුණි.

දෙදෙනෙකුට නම් අවශ්‍ය වෙන්නේ බියර් බෝතල් දෙකකි. තිදෙනෙකු සිටී නම් සමහර විට බෝතල් හතරක් වුවමනා වේ.

වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී!

කා බී අවසාන වූ පසු, ඇත්තටම, බී කා අවසාන වූ පසු, හිස් බෝතල් කිහිපය කුස්සියෙන් එපිට තිබුණු විවෘත ගරාජයේ පසුපස තැන්පත් කරන්නේ, යළි දිනක බියර් ගැනීමට නුගේගොඩ යන විට රැගෙන යන්නට ය.

වසර තිස් එකක් තිස්සේ විකාශය වෙන "නේබර්ස්" නම් වූ ඕස්ට්‍රේලියානු ටෙලිවිෂන් මාලා නාට්‍යයේ් කොටස් කිහිපයක් අපේ නිවසට මුලින් ම ටෙලිවිෂන් යන්ත්‍රයක් ගෙනා 1991 දී පමණ මා නැරඹූවෙමි.

එහිදී මා දුටු දර්ශනයක් වූයේ, අසල්වැසියෙකු නිවසට පොඩි කතාබහකට හෝ පැමිණි විට, "යූ වොන්ට් එ බියර් මේට්?" යැයි අසන නිවසේ වැසියා කෙළින් ම ශීතකරණයේ දොර හැර කුඩා බියර් කුප්පි දෙකක් හෝ කෑන් දෙකක් ගෙන එකක් අසල්වැසියා වෙත විසි කරන ආකාරයයි. ඉන් පසු ඔවුන් දෙදෙනා ඒ කුප්පි හෝ කෑන් විවර කර ගෙන, කට තියා බොති.

හිස් බෝතල් රැගෙන නුගේගොඩ අරක්කු කඩේ යෑම් නැත. කට ගැසුම් සෑදීමක් නැත. වීදුරු භාවිතයක් නැත.

"මරු නේ!" ඒ දර්ශන දුටු මට සිතුණි.

ඒ දිනවල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම මා අයැදුම් පතක් ඉදිරිපත් කර තිබුණු නිසා, කෙදිනක හෝ එහි ගිය පසු, බියර් බොන ආකාරය මා නෙත් ඉදිරියේ මැවී පේන්නට පටන් ගත්තේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනතුරු හැඟවීමයි. බියර් පමණ ඉක්මවා බීමෙන් බඩ වැඩිවීමටත්, ශරීර සෙෘඛ්‍යය පිරිහීමට් ඉඩ ඇත.

(image: https://en.wikipedia.org/wiki/Beer)

44 comments:

  1. දැනුයි මතක් උනේ හිස් බෝතල් ටිකක් කාර් එකේ පිටිපස්සෙ එව්වා සල්ලි කරගන්න හිතාගෙන දාගත්තා දාගත්තාමයි තාම කරන්න උනේ නෑ. හෙටවත් ඒක කරන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. හිස් බෝතලේ වාගෙයි අපේ මේ ජීවිතේ හරී!

      Delete
  2. බියර් ගැහිල්ලට නං වැඩිය වදවෙන්නෙ නෑ කවදාවත්. දෙන්නෙක් වගේ සෙට්වෙන වෙලාවට බියර් තුනක් හතරක් ගන්නව. සිගරට් තුන හතරකුත් ගන්නව. බයිට් එකක් ලොකුවට ගන්නෙ නෑ. ඕනනං පොඩිම දෙයක් හපන්න ගනී.

    පහුගිය දවසක ඥාතියෙකුගෙ හොටෙල් එකක තිබුන පාටියකදි සුද්දෙක් සහ සුද්දියෙක් සෙට්වුනා. සුද්දි අපි එක්ක අරක්කු බොන අතරෙ බුවා බිව්වෙ බියර්. අපි එකට ඉඳපු කාලය ඇතුලෙ සුද්ද බියර් හතරක් බිව්ව. මෑන් කියනව අවුරුද්ද‍ට බියර් හයසීයක් විතර බොනව කියල. හැබැයි අඩි හයකට වැඩිය උස, සික්ස් පැක් ශරීරය, බඩ කියල නාමයක් නෑ!

    ReplyDelete
  3. මම ඉස්සෙල්ලම බියර් උගුරක් බොනකොට අවුරුදු 10 ක් වත් නෑ. එච්චර අල්ලල ගියේ නැහැ. ඊට පස්සෙ නම් බියර් බීල බඩ පුරවගන්නෙ මොකටද කියල කෙලින්ම චේසර්ස් එක්ක බොන ජාති වලට ගියා. ඒ 17 දි විතර. පිට රට යනකොට ඕල්ඩ් ඇරැක් 1125 මි.ලි බෝතල් වලට පුරවගෙන යන්න සිදුවුණා. ඒ කාලේ ඒවට හරි ඩිමාන්ඩ් ඒ රටේ.

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ඇරුක් මුලින් ම බීවේ සෙකන්ඩ් ඉයර් එකේ නුවර එළියේ වැඩ බිමක පුෑුවකට ගිය කාලේ එතැන සිටි ඉංජාගේ පිහිටාධාරයෙනුයි. කාළෙකට පස්සේ ගිය දෙසැම්බරයේ මිතුරන් දෙදෙනෙකු සහ ඔවුන් ගේ පවුල් සමග රෑට කන්න නාවල තැනකට ගිය වෙලාවේ එතැන තිබිලා ඩ්‍රෑම් දෙකක් ඔන් ද රොක්ස් දාලා බිව්වා!

      ක්ලැසික් රසයක්!

      Delete
  4. අපොයි.. ඔච්චර දුක් විඳල බීල මොකටද. අමුවෙන්ම ළඟ නමාගන්න පුරුදු උනානං හරිනෙ.

    //මිලිමීටර් 750 ධාරිතාවේ// බියර් බෝතලේක උනත් ධාරිතාව මැනීමට මෙම ඒකකය සුදුසු නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ පෲප් රීඩර්!

      ;-)

      Delete
    2. බියර් බෝතලේ 675 නේද? 750 අරක්කු බෝතලේ..

      Delete
  5. වාහනයක් හෝදනවා වගේ මං අකමැති වැඩක් කරනකොට හුඟක් ප්‍රයෝජනවත් බීමක්

    ReplyDelete
    Replies
    1. මං කරනවා වගේ වැස්ස වෙලාවක ෂැම්පු ටිකක් හලලා කාර් එක එළියේ තියලා ද බියර් බොන්නේ?

      Delete
    2. එහෙමත් පුලුවන්ද? අනේ එහෙම කාර් හෝදන්න පුලුවන් රටක හිටියනම්!!
      මෙහෙ මඩ තට්ටු අතුල්ලන්නම ඕනෙ. එහෙම කරලත් මිස් වුන කෑලි දකිනකොට බියර් බෝතලෙන් දමල ගහන්න හිතෙනව

      Delete
    3. රසික කොයි වෙලාවක හරි බියර් එක කාර් එකට හලල ෂැම්පු බෝතලේ බොනව. හැක්..

      Delete
    4. එක බියර් බෝතලයක් බීල ඉවර වුණාම එහෙම කරයි තමයි.

      Delete
    5. ප්‍රාජේ-
      කාරෙක ගත්තේ අපිට වැඩ ගන්නද, නැතිනම් කාර් එකේ වැඩ අපි කරන්නද?

      Delete
  6. මම මුලින්ම බියර් බියුවේ AL කරන කාලයේදීය, ඒ දවස්වල මමත් යාලුවන් තුන් හතර දෙනෙකුත් සමහර දවස්වලට බියර් අරගෙන බිච් එකට යනවාය..

    පස්සේ කාලෙකදීනම් අපි අඩු මුදලකින් වැඩි වෙරියක් ලබාගැනීම සදහා ගල් වලට සැන්ඩි ලෙස බියර් එකතු කලාය අපි 6ක් 7ක් පමණ සිටි කණ්ඩායමට ගල් බෝතලයක් සමග බියර් 2ක් ඒ කාලයේ යන්තමට සැහුනේය...

    තනියම training ඉන්නා කාලයේදී මට තනියම පොඩි අඩියක් ගැසිමට අවශ්‍යවු විටදී ගල් කාලක් සමග බියර් බෝතලයක් ගෙන ගියාය

    දැනන්ම් අවුරුදු 2, 3කින් විතර බියර් එකක් බියුවේ නැත

    ReplyDelete
  7. අනික, බියර් බෝතල්වල මිලි ලීටර් 750 ක් නැති බවත් ඇත්තේ මිලි ලීටර් 625 ක් බවත් හඳුනාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. 625 ද මට මතක තිබුනෙ 650 වගේ

      Delete
    2. මෙහේ තියෙන long neck බෝතල් බෝතල්මයි, ඒ කියන්නේ 750 ml.

      Delete
  8. ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස ඔස්ට්‍ර්ලියාවේ බෞද්ධ අමධ්‍යප වියාපාරේ එයා මුලික සාමාජිකයක් නිසා අපිට වයින් විදුරුවක්වත් බොන්න එපා කියලා අම්මා කිව්වා එහින්දා අපි නැ ඕවට

    ReplyDelete
    Replies
    1. වුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු තවත් උපදෙසක් උනේ ලංකාවේ වගේ මෙහෙදී පුක (කුනුහරුපයක් නොවේ- ක.කා ) හෝදන්න එපා, පුක පිහන්න කියල. හොද වෙලාවට චුටි මාමා අවුරුදු 25 ඉස්සෙල්ල අවේ. නැත්නම් අපි ඔස්ට්‍රලියවෙත් පුක හෝදනවා.

      Delete
  9. mobile phone katha, beer katha wetharada liyane. parana campus love katha (vindiya gene ahema) liyannako.

    ReplyDelete
  10. ලයන් ලාගර් තමයි මුලින්ම බිව්වේ.... පස්සෙ බයිසන් කියල තද පාට ස්ටවුට් එකකුත් ටිකක් බීලා තියනවා. විප්‍රවාසී වුණාට පස්සෙ දැන් නම් වැඩි කැමැත්ත ජපන් බියර් වලට... කිරින්, සප්පරෝ, අසාහි.

    ReplyDelete
  11. කොරෝනා රසය තමා ඉතිං

    ReplyDelete
  12. ටයිගර් , ඇන්කර් දෙකම මරු

    ReplyDelete
  13. ඉඳහිට බියර් බීමේ පුරුද්දක් තිබේ - ලාබාල අවදියේ බීවේ ලාගර්ය - දැන් නම් ප්‍රියතම බියර් වර්ගය ලයන් ස්ටවුට්ය -

    ReplyDelete
  14. http://www.ratebeer.com/beer/top-50/

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. බීර හොඳ නෑ අප්ප. හිසේ රදේ එනව පහුවෙන්ද උදේට. ඔලුවත් බර වෙනව.

    ReplyDelete
  17. ගස්ලබ්බත් මුලින්ම බිව්වෙ බීර. ටීච කෙනෙක් කිව්ව මතකයි කවදාවත් බීර බොන්න එපා.ඒ තමා බීමේ ආරම්භය කියලා.හරියට හරි.
    අඩ අඳුර,බීර,විවිධ දුම් වර්ග කියන්නෙ බොහොම සනීප අවස්ථාවක් හදාහන්න පුළුවන් එකමුතුවක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි ලයිට් දාගෙන බිව්වම අසනීප වෙනවද?

      Delete
    2. වෙරියෙ අමුතු රහක් අඩ අඳුරෙ,මද සිසිලෙ තියෙනවා..

      Delete
    3. Litle dark with liqer is fine expeiense. You victery bless too.

      Delete
  18. නුගේගොඩ අරක්කු කඩේට මා අතිනුත් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.

    ReplyDelete
  19. මම ඉස්සල්ලම බීර බිවුවෙ අවුරුදු 6දි , නුවරඑළියේ සිලෝන් බෲවරි එක බලන්න ගිය වෙලාවක. දැන් ඒ ප්ලාන්ට් එක වහල , ඒ රසයත් සුවදත් බියර් වල නෑ.

    ReplyDelete
  20. බීමෙන් හොද බීම
    බියර් බීමයි ....

    ReplyDelete
    Replies
    1. Biyer no more alkohol and it no dope come til drink more. Arak is good. It have more alkohol.

      Delete
  21. //බියර් බෝතලයක් ම බිව් නිසා// 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා// ඩ්‍රෑම් දෙකක්//හ්ම්ම්ම්..

    මම කොච්චර නරක ළමයෙක්දැයි හූන්දින් වටහා ගත්තෙමි..

    ReplyDelete
  22. Yes yes there no wrong drink biyer arak sicaarate and all. Some people not like that. But we must have rigts to do this things.

    ReplyDelete
  23. අනේ දෙයියනේ ඊයේ වෙනකම් බීපු හැම බෝතලේ ගානෙම පෝස්ට් වැටෙයිද?? @ බයෙන් සලිත වෙමින්.. හැක්..

    මාත් ඔය පළවෙනි පාර අරක්කු බීම ගැන නං කොහේද ලිව්වා.. ඉන්ඩ බලන්ඩ

    පළවෙනි පාර

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.