Sunday 12 June 2016

හතළිහ පැනීමත් පැනිල්ලක් ද? - Notes from yesteryears


හතළිහ පැනීම යනු කිසිසේත් ම ජීවිතේ අඩක් ගෙවුණා ය කියා මා අද සලකන කඩ-ඉමක් නම් නොවේ. මක්නිසා ද යත්, දැන් මගේ අරමුණ වී ඇත්තේ අවුරුදු සීයක් ජීවත් වීමයි.

නමුත්, එදා මට එවැනි අරමුණක් නොතිබුණු නිසා දෝ හතළිහ පැනපු මොහොතේ මගේ පපුව හෝස් ගා ගියේය.

මේ ඒ දිනවල මගේ සටහන් පොතේ කුරුටු ගා ඇති වචන කිහිපයකි.

මේවා, කැමැති නම්, මාතලන් විසින් හඳුන්වා දී ඇති හබරල කවි ලෙස ද සැලකිය හැකි ආකාරයේ ඒවා ය.

1.
දිගු නින්දකට පසු
හදිසියේ
ඇස් ඇර බලද්දී
ජීවිතයේ තෙවසරක්
නැතිවෙලා!

2.
මොහොතින් මොහොත කාලය ගත වෙලා ගියේ
අඩක් ගෙවී අවසානයි ජීවිතයේ
ඒ ගෙවුණේ
හොඳ බාගෙ ද
අනිත් බාගෙ ද?

3.
අවූරුදු හතළිහක්
යනු
දිගු කාලයක් නොවේ.
මා උපන් දා සිට හැම දිනයේ ම
සතයක් බැගින් එකතු කළා නම්,
අද මා ළඟ ඇත්තේ
රුපියල් 146 ක් පමණි.


-රසිකොලොජිස්ට්

ප/ලි:
ගිය වසරේ එළැඹුණු අපේ බ්ලොග්කරුවෙකු ගේ පනස්වෙනි උපන් දිනය වෙනුවෙන් මා ලියූ සටහනක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/09/w3lanka-hbd2u-apj.html

(image: http://a.tgcdn.net/images/products/zoom/eabe_half_full_optimist_glass.jpg)

20 comments:

  1. තව මාස ගානක් තියෙනවනෙ. එතකොට මොකක් හරි හිතෙන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. අම්මප, අර කොන්ක්‍රීට් බ්ලොග් එකේ මොනවා හරි ලියන්න හිතෙයි ද මන්දා?

      Delete
    2. 40 පැනලත් හිටියොත් බලමු.

      Delete
  2. happy half century !

    ReplyDelete
    Replies
    1. වැරදි දවස.
      ඒත් ස්තුතියි!

      Delete
  3. හබරල කවි හඳුන්වා දුන්නේ මා නොවේ... මා කරන්නේ එය පවත්වාගෙන යාම හා ප්‍රචාරනය පමණි.

    ReplyDelete
  4. උපන් දා සිට හැම දිනයේ ම රුපියලක් බැගින් එකතු කළා නම් ?

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ දවසකට රැපියලක් තිබුනා නම් මොනවා කරන්න තිබුණාද? කඩල ගොට්ටක් සත පහයි!

      අමරදේව සාක්කුවේ දාගෙන ආවේත් රුපියල් දෙකක්!
      http://rasikalogy.blogspot.com/2016/03/time-value-of-money.html

      Delete
    2. මේ ඩොකානම් හරකෙක්

      Delete
  5. හතලිහ පනින්න තව සෑහෙන්න කල් තියෙන නිසා ඒ හැන හිතන එක පසුවට.

    ReplyDelete
    Replies
    1. මල්ලි දැංම ඉඳල ප්ලෑන් කරහං.

      Delete
  6. .අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස...වයසට යනකොට ඇඟ පුරාම නිවියා බේබි ක්‍රීම් දවසට දෙපාරක් ගාගන්න කියලා අපි ඒවා ලංකාවේන් ගෙන්න ගන්නවා අම්මට කියලා

    ReplyDelete
    Replies
    1. මාම කිව්වද ජුන්ඩගේත් ගාන්න කියල?

      Delete
    2. කිව්වදත් කියලා අහනවා වටේට තියන කෙස්වලත් ගානනම කිව්වා

      Delete
  7. ජීවිතේට අරමුණක් නැති උනාම එහෙම ලියවෙනවා තමා.. අපි කොහොම හිතුවත් මැරෙන දවස අපි කවුරුත් දන්නේ නැ.. ඒ නිසා දැන් හරි අරමුණක් තියන එක හොඳයි..තමන් විතරයොක් දන්නේ ආපස්සට හැරිලා බැලුවම තමන්ගේ ජීවිතේ ගැන තමන් සතුටු වෙනවද දුක් වෙනවද පසුතැවෙනවද කියන එක.

    ReplyDelete
  8. මැදිවිය කියන එක බලන්න ඕනෙ, වැඩිහිටි ජීවිතයේ මැදිවිය. අවු 20 විතර ඉඳන්.
    රසික 100ක් ඉන්න නිසා මැදිවිය කියන්නෙ 60

    ReplyDelete
  9. ethakota gaslabbaa witharadha 40 paninakan balaagena inne?
    jayaweiwaa..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.