"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"
ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්වවිද්‍යාල සිසුවෙකු අප විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්වවිද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.
මා පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.
අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.
මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.
කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්වවිද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.
පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.
මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.
සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.
ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!
දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.
ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.
පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්වවිද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.
අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්වවිද්‍යාලය වසා දැමීමෙනි. විශ්වවිද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්වවිද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්වවිද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.
මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.
ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?
"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"
ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.
හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.
මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.
වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
ඉතිං මට පාන් ද?
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.
පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.
හන්තාන කඳු පාමුළ, මහවැළි ගඟ අසබඩ පිහිටි පේරාදෙනිය විශ්ව විද්‍යාලය වඩාත් උත්කර්ශයට නැංවී ඇත්තේ සිංහල ගීත සාහිත්‍යයේ ය.
ReplyDeleteවිශ්ව විද්‍යාලයට යම් සම්බන්ධයක් සහිතව ගීත කොපමණ ලියවී ඇත්ද යත්, ඒ පිළිබඳ තම බ්ලොගයේ ලිපි තුනක් ලියාත් අවසන් කිරීමට ගී පද රචක යසනාත් ධම්මික බණ්ඩාරට නොහැකි වී ඇත.
ඔහු ගේ ලිපි මාලාවේ මුල් කොටස් තුන මෙසේය.
1. http://yasanathsithuwili.blogspot.com/2015/04/blog-post_27.html
2. http://yasanathsithuwili.blogspot.com/2015/04/blog-post_30.html
3. http://yasanathsithuwili.blogspot.com/2015/05/blog-post_29.html
.
කකා ටයි එක දාලා තියෙන විදිය බලනවකො.
Deleteදාපු විදියේ වරදක් නෑ. ටයි එක පැත්තකට ඇදිලා විතරයි!
Deleteවැස්සකටවත් කැම්පස් එකකට ගොඩවෙලා නැති එකෙකුට මේක පම්පෝරියක් තමයි අයිසෙ
ReplyDeleteI say, එහෙනම් වහින කාලයක කැම්පස් එකක් පැත්තෙන් ගිහින් බලන්න.
Deleteලබන ආත්මයේවත් ------- අපිටත් පිං ඇති සරසවි වරමක් දෙන්නේ ............................
ReplyDeleteඇයි එහෙම කියන්නේ? විවෘත විශ්ව විද්‍යාලය වගේ තැන්වල ඕනෑම වයසක දී ඉගෙන ගන්න පුළුවනි නේද? මාත් එතැන වැඩ කරලා තියෙනවා සති අන්තයේ!
Deleteඕක තමයි වැරැද්ද...කවුරුත් වරමක් දෙනකම් බලාගෙන ඉන්නවා. වරම තියෙන්නෙ තමන් ලඟම කියලා හුඟක් දෙනාට තේරෙන්නෙ නෑ.
Deleteරට, ජාතිය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් වල නිරත වන ඇමරිකන් හමුදාවට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරමු.
ReplyDeleteරට, ජාතිය විතරද? ඇයි ආගම?
Deleteකොත්තමල්ලි බෝතලයක් ගේන්න කැළණියේ වරාගොඩ ඉඳලා වනවාසල පාරේ වත්තලට වෙනකන් බ්‍රේක් නැති ඉස්පෝට් සයිකල්, ටැන් ඉස්පීඩ් වල ගියපු සසර ගමන ගැන මතක් උනා ආයිබෝවන්ඩ. සමහර දවසට අපි නඩේම රෝද දෙකේ මංගල රථවල නැගලා, කොත්තමල්ලි පානයෙන් පැන් බෝතල් දෙකකුයි. අර ඇලකන්ද හන්දියේන් සුදු පාට පිරිත් පැන් කළයකුයි අරගෙන ප්‍රීතීපුරේට ගමන් කරනවා. ඒ යන ගමන් ඇසිලින් උපාසිකා මාතාවගේ පොල් අතු මන්දිරෙන් උඩුට උඩු වියන් පයට පා වඩ දාලා පිලියෙල් කරපු මැනියොක් හා සූකර දානයත් වඩම්මගෙන යන්නේ. අනේ ඉතින් හවස් වෙනකන් භාවනානුයෝගීව දවස ගත කරලා තමයි ආයෙත් සසර ගමන ට එක් වෙන්නේ.
ReplyDeleteප්‍රීතී පොසොන්...!!!
ලිපි සියයට සුභ පැතුම්.... තම අතීත සැමරුම් අතිශෝක්තියකින් තොරව පැවසීම පම්පොරියක් වන්නේ නැත...
ReplyDeleteස්තුතියි කවිඳු!
Deleteරසිකගේ මහා ලොකුවට කයිවාරු නං තියෙනවා. හැබැයි ෆොටෝ එකක් ගනිද්දී ටයි එක හදාගන්න වත් දන්නේ නෑ. පේරාදෙණියේ කරලා තියෙන්නේ මොනාද කියලා අපිට හිතා ගත්ත හැකි.
ReplyDeleteමේ මොනවා කියනවද?
Deleteඔය ටයි එක පැත්තකට ගිය හින්දා මගේ වෘත්තීය දිවියම නාස්ති වුනා නොවැ! අපරාදේ නේද?
මොකක්ද ඔය කළවම් වෙච්චි ෆොටෝ එක?
ReplyDeleteකවලම්?
Deleteලිපියේ විස්තරය තියෙනවා.
දන්න කියන අය ඉන්නවා වගෙයි ද පේන්නේ?
ඉඳල හිටල වත් ගන්ජා හේන කපන්න ගියේ නැතෙයි?
ReplyDeleteඒවා ගඟෙන් එගොඩ උන්ගේ වැඩ!
Deleteදැන් මේ අවුරුදු හතර ඉවර වෙන්න ලඟයි... බලමු ඉස්සරහ කාලේදී මේ වගේ ලස්සනට මතක් කරගන්න පුළුවන් වෙයිද කියලා
ReplyDeleteඅවුල් වෙන්නට පෙර ලියලා තියා ගන්න.
Deleteපේරාදෙනියේ ජීවිතය ගැන රසිකගේ බ්ලොගය දශක කිහිපයකට එහා අතීතයක රසමුසු මෙන්ම ඛේදනීය දවස් ආවර්ජනය කරන්නට මට උත්තේජනයක් සැපයුවා.
ReplyDeleteArt Circle එකේ කවි ලියන්නට පෙර රැග් සීසන් එකේ රසික කවි කියෙව්වා මතකයි. ;-)
ඔය කියන්නේ අර මං නැති වෙලාවක මාකස් ඇවිත් මගේ බැචාලාට කියලා දීලා ගිහින් තිබුණු ටකේ බඳින කවියද?
Deleteහා...හා...කට...කට...
Deleteහප්පේ කරල තියන වැඩ කටයුතු කන්දරාව! අර හතර සැරයක් කරපු දේම මදිද මං අහන්නෙ. අන්තිම එක විදියට වෙන්න ඕන අර ටියුෂන් නොගිය ලමය එක්ක ගියේ?
ReplyDeleteබ්ලොග් එකට සුභපැතුම්!
මොකද හිතෙන්නෙ කකාව අමතක කර රසිකලොජි ඉස්සරහට ගැනීම ගැන?
/* කකාව අමතක කර */
Deleteකා ගැනද ඔය කියන්නේ?
ලේසියෙන් කොමෙන්ට් නොදාන මගෙනුත් උණුසුම් සුභ පැතුම්
ReplyDeleteඉහත පින්තූරේ ඉන්න අයගෙන් මට කවදාවත් මුණ ගැහිලා නැත්තේ තුන් හතර දෙනයි. ඉන් කෙනෙක් රසික . ඒක වුනේ කොහොමද කියල හිතා ගන්න බෑ . සරසවියේදී හැම පැත්තකම දක්ෂ ඔබ වැනි ඕල් රවුන්ඩර්ස්ලා වරින් වර මතු වුනාට ඔය සිංහලෙන් ලියනවා වගේ එකක් දිගටම කරගෙන යන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක් ඔබේ නොසිඳෙන උනන්දුව හා ලිවීමේ ආශාව නිසා සිංහල බ්ලොග් කලාවට ලැබුණු ආලෝකය සුවිශේෂයි . සුබ පැතුම් !!
ReplyDeleteකවදා හරි මොරටුවේ දී වත් හමුවේවි නේ!
Delete(How ironic is that?)
This comment has been removed by the author.
ReplyDeleteතිලක සිරි අයියා කිවුවා වගේ ඔයා ඕල් රවුන්ඩර් කෙනෙක් ම තමයි, ඒ කාලේ ෆොටෝ වල ඉන්න තරුණ අයගෙයි දැන් අයගෙයි වෙනස කල්පනා කලේ,
ReplyDeleteමං
තාමත් ලිපි 75 ක් වත් ලියලා නැහැ මේ අවුරුදු කීපෙට. රසිකොලොජියට තවත් ලිපි දහසක් ලියන්න සුබ පැතුම්,
ඒ දවස්වල ඕල්රවුන්ඩර්. දැන් ඕල්ඩ් රවුන්ඩර්!
Deleteඒ දවස්වල මූන දිගටියි, ඇඟ දිගටියි. දැන් මූණ රවුම්, ඇඟත් රවුම්!
එහෙනම් රසික "පලි අය්යා" ගේ බැචාද? අපි ඒ කාලේ කැම්පස් එකේ "අය්යා, අක්කා,.." පාවිච්චි නොකලත්, පලියාට අපි "පලි අය්යා" කියලා කතා කලේ වෙනත් අදහසකින්.. ඒ හැම වෙලාවකම පලී අපිට කිව්වේ "එච්චර ලොකු නැ, මචන්" කියලා. රසික වගේම පලීත් "මල්ටි ටෙලන්ටඩ්" "ඕල්රවුන්ඩර්" පොරක් ළමයෙක්...
ReplyDeleteපේරා සුන්දර මතකය ගීවිතේ තුරාවට තියේවි....
This comment has been removed by the author.
ReplyDeleteටෙනිස් නොගැහුවට මේ කරලා තියෙන හරිය මදැයි අප්පා එක අතකට බලද්දී..
ReplyDelete100ට සුබ පැතුම් අයියේ.. 1000ටම යමු.. බැරි නෑ කියලා ඉතින් කොහොමත් දන්නවා..
තාම අවුරුද්දක් නෑ කියලා දැන් තමයි නෝටිස් කළේ. දෙසීයට සීයක්! සාර්ථක දින දෙසීයක්!! ඊළඟ සීයට තව දෙසීයක් ලියන්ඩ රසිකොලොජියට ආයු බෝ වේවා! (පොටෝ එක 1985 ESU එක කියා සිතේ.)
ReplyDeleteපේරාදෙණියේ ගිහිල්ල නැහැ. යාලුවන්ගේ විස්තර වලින් තමා දන්නේ . අතිතකාමය ..
ReplyDeletehttp://nelumyaya.com/?p=2915
මැදම ඉන්න හිරිමල් කොල්ලා නේද? මම හිතුවෙ කකා ඇති කියලා.
ReplyDeleteඇස්වහක්,කටවහක් නෑ ඕඃ ෆොටෝවෙ ඉන්න හැන්ඩිය රසික තමයි.
ReplyDeleteදුඹුරු සපත්තු, දුඹුරු කලිසම නිල් ටයි එක ඒ කාලෙ ඉට්ටයිල් එකද ? නැත්තම් පේරා වල ගගෙන් එගොඩ ඉට්ටැයිල් එකද?
ඇස්වහක්,කටවහක් නෑ ඕඃ ෆොටෝවෙ ඉන්න හැන්ඩිය රසික තමයි.
ReplyDeleteදුඹුරු සපත්තු, දුඹුරු කලිසම නිල් ටයි එක ඒ කාලෙ ඉට්ටයිල් එකද ? නැත්තම් පේරා වල ගගෙන් එගොඩ ඉට්ටැයිල් එකද?
රසික සීයට සුභ පැතුම්....!!!
ReplyDelete100ට සුභ පැතුම්. ප්‍රොඩක්ට් පැකේජින් මාකටින් ගැන ඔබෙන් උගත් දේ බොහෝයි
ReplyDeleteඔය කරපුවා මදැයි.අවුරුදු හතරට.
ReplyDeleteඅර මැද ඉන්න හීන් උස ඉළන්දාරියා නේද ?
ReplyDeleteසීයට සීයක් සුභපැතුම්....!
පාන් කන්නම හිතෙන මුණක් තියෙන්නේ .
ReplyDeleteපුදුමයි මහා ඝනයෙක් මහන කරගන්න ට්‍රයි එකක් නොදීපු එක ගැන
100 ට සුබ පැතුම් !!
ReplyDeleteදවස් දෙසීයට පෝස්ට් සීයයි. වෙන මොන කතාද.. බොක්කෙන්ම සුභ පැතුම්..
ReplyDeleteඅපරාදෙ අර ලස්සන කොණ්ඩේ 'කැපුවේ'.. ;)
සුබ පැතුම් !!
ReplyDeleteටෙනිස් ගහපු නැති එකේ අඩුව නං මේ මොන කතන්දර ලිව්වත් මැකෙන්නෙ නෑ රසික...!
ReplyDeleteඅපි ඉතින් කොළඹ.
එ්ත් ටෙනිස් ගහන්න නම් බැරි වුනා. කොහොමත් අැහැක් අඩු නිසා උඩ දාල ගහන බෝල සෙල්ලං අරහං...!
සීයට සුබ පැතුම්...!
වෙලාවක් වුනාම අැවිත් බලනවා අපිත් තවමත්...!
සිය වෙනි ලිපිය වෙනුවෙන් රසික අයියාට මාගේ සුභ පැතුම්.
ReplyDeleteතමන් කලකට පෙර කරපු වැඩ ගැන අතිශෝක්තියකින් තොරව පැවසීම පම්පෝරියක් නෙමේය කියල තමා මම නම් හිතන්නෙ. තව තවත් ලිපි දිගටම ලියන්න ශක්තිය ලැබේවා.
ජය වේවා!!!
හැමෝටම ඔය වගේ අත්දැකීම් නෑ නෙ.තියෙන අය කියපුවාම පොඩි අයට ඒක උත්ප්‍රේරකයක් වෙනවා.ඒ හින්දා මේ පංපෝරියට මම කැමතියි.අර 'බඹරසර' පොත් සෙට් එක වගේ රස කතා එහෙමත් ඇතිනෙ?
ReplyDeleteඔබට උණුසුම් සුභපැතුම්... තවත් උදාතරුවක් ලෙසින් ඉදිරියටම යන්නට..
සුභ පැතුම් සීයට..................!
ReplyDeleteසුභ පැතුම් ජේෂ්ඨතුමනි...
ReplyDeleteමා ඔබට වසරක් උඩිං හිටියත් මා දන්නේ ඔබ කල කී දැ ටිකයි.මගෙ ප්‍රමාණයට එය විශාලයි. නොදන්නා අයගේ අදහස්වලට ඔබගේ කාලය වැය නොකර, උත්තරය " හැක් හැක්...." හො " හික් හික්..." කියා දුන්නා නම් ඇති.
ReplyDeleteඅහම්බෙන් මට මේක කියවන්න හම්බුනා! ඊට පස්සේ ඔබ ලියු ගොඩක් දේවල් ආසාවෙන් කියෙව්වා. මේ පින්තුරේ මට මතක නැහැ රසිකව. ඒත් පිට්පස්සේ පේලියේ ඉන්න ප්‍රභාත් (දැන් Telecom?) මගේ සමකාලීනයෙක් අපි ගම්පහ tuition ගියෙත් එකට. මැද ඉන්න පලියා (දැන් ඉන්නේ Dublin University)සහ කෙලවරේ ඉන්න පරා (දැන් Australia ?) මට වඩා වසරක් senior. මම හිතන්නේ මේ කාලය තමි අපි පේරාදෙණියේ හිටපු හොඳම කාලය. දැන් පේරාදෙණිය ගොඩක් වෙනස්. මගේ ජීවිතේ අමතක නොවෙන, හොඳම කාලයත් පේරාදෙණියේ හිටිය කාලය තමයි!
ReplyDeleteYou made a correct desicion.
ReplyDeleteI selected Pera instead of Colombo.
It is a wonderful place with lots of memories
Adeyy, ayyaa need more articles on uniii!!! 🖤🖤🖤🙈🙈🙈
ReplyDelete