Monday 3 July 2017

ඕස්ට්‍රේලියාවෙන් හොඳ ප්‍රවෘත්ති කිහිපයක් - Good news and better news


පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් හොඳ යැයි කිව හැකි ප්‍රවෘත්ති කිහිපයක් ම මතුවිණි.

ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත.

ජෝර්ජ් පෙල් ලොක්කාට මේ ආකාරයට චෝදනා ලැබීම, වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ළමා ලිංගික අපචාර පිළිබඳව කෙරෙන රාජකීය කොමිසම් විමර්ශන එක් ප්‍රතිඵලයක් පමණි.

ලංකාවේ ද, පන්සල්, පල්ලි වැනි ලිංගික ආතතියකින් කල් ගත කරන්නට සිදු වී ඇති ආගමික නියෝජිතයින් සිටින ස්ථානවල, මේ ආකාරයේ විවිධාකාරයේ ලිංගික අපචාර සිදුවී ඇති බවටත්, තව දුරටත් සිදුවෙන බවටත් සැකයක් නැත. ඒ අකටයුතු සම්බන්ධයෙන් ද, නුදුරු දිනයක දී ම, නිසි ක්‍රමවේදයක් මගින් විමර්ශනයක් කළ යුතුව ඇත.

ගිය සතියේ ම, ඕස්ට්‍රේලියාවෙන් මතුවුණු දෙවන හොඳ පුවත තිබුණේ, පසුගිය වසරේ පවත්වන ලද ජන සංගණනයේ ප්‍රතිඵල අතර ය.

උප්පැන්න සහතිකයේ නැති, සංගණනයකදී පමණක් ප්‍රශ්න කෙරෙන කාරණයක් වූ ආගමික නැඹුරුව ගැන ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව අනාවරණය වී ඇත්තේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් නිර්ආගමික බවයි. වසර පහකට වරක් පවත්වන සංගණනවලදී මේ ප්‍රතිශතය 2006 දී 19% ක් ද, 2011 දී 22% ක් ද වී ඇත. එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.

මේ ප්‍රවෘත්තියේ වැදගත් ම කොටස නම්, ජනගහනයේ ඉතුරු 70% පිරිස පිළිපදින ආගම් වෙන් වෙන් වශයෙන් සලකා බලන කළ, ඉන් ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කතෝලික ආගම සඳහා වූ නමුත් එය නිර්ආගමික ප්‍රතිශතයට වඩා අඩු අගයක් එනම්, 22.6% පමණක් වීමයි.

මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් තවත් වසර පහළොවක් පමණ කාලයකින් ඕස්ට්‍රේලියාවේ බහුතරයක් ජනතාව නිර්ආගමිකයින් වෙනු ඇති බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කතෝලික සහ ක්‍රිස්තියානි සියලු ප්‍රභේද එක් කළ විට ජනගහනයෙන් 52% ක් තවමත් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. ඒ අතර බෞද්ධ යැයි තමන් හඳුන්වා ගන්නා පිරිස ජනගහනයෙන් 2.4% කි.

ප/ප/ලි:
ඇත්තෙන්ම ගිය සතියේ තවත් වැදගත් ආරංචියක් පැතිරිණි. ඒ, වත්මන් ඔසී රජයේ බලයේ සිටින ලිබරල් පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව ය. මේවන විට සාමාන්‍ය මන්ත්‍රීයෙකු ලෙස කටයුතු කරන ලිබරල් පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු අගමැති ටෝලි ඇබට් විසින් ලිබරල් පක්‍ෂයේ වත්මන් නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්වයට එළිපිට ම කෙනෙහිළි කරන්නට පටන් ගෙන තිබේ.

වත්මන් රජය බලයේ සිටන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකින් බව සලකන විට මෙය හොඳ ප්‍රවණතාවයකි.

(image: http://churchleaders.com/pastors/pastor-articles/170132-john-eldredge-poison-of-religion.html)

13 comments:

  1. එම සංගණනයේම තිබුනා නේද මෑත කාලීනව බැලීමේදී ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිස් වල ප්‍රමාණය 8% කට ආසන්න බව. ඒ උදවියගේ ප්‍රමාණය එන්න එන්නම ඉහල යනවා. ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 50% ක් පමණ විදේශීය සම්බවයක් සහිත අය බවත් හෙළි උනා.

    එතකොට ඉන්දියාව වැනි රටවලින් එන පිරිස් වැඩි වේ නම් ඒ උදවිය නිර්ආගමික වේද, නැතිනම් ආගමික අන්තවාදී වේද යන්න නම් සැකයක්.

    (මං ජිවත් වෙන්නේ සිංගප්පූරුඒ ලිට්ල් ඉන්දියා ප්‍රදේශයේ. එහි අත්දැකීම් සමග කොමෙන්ට් කලේ. අනික මං උනත් අදහන ආගමක් තිබුනත් වෙනි ඕනි කෙනෙක් ඇහැව්වම ඉන්නේ නිර්ආගමික වගේ. හැබැයි මගේ ආගම අදහන පිරිස් ලිට්ල් ඉන්දියා වල වැඩි වෙනවා නං මං කැමතියි. මං ඒ යට දැනටත් උදව් පදව් කරනවා.)

    ReplyDelete
    Replies
    1. දෙවියන් අදහන ඉස්ලාම්, හින්දු වැනි සමහර ආගම් සමස්තයක් තවමත් ඉතා පසුගාමී තත්වයක සිටින නිසා ඒ පිරිස් අතරින් ක්‍ෂණිකව නිර්ආගමිකයින් බිහිවීම බලාපොරොත්තු වෙන්න බෑ.

      නමුත්, කාලයත් සමග ඉදිරි පරම්පරා බිහිවෙද්දී සියල්ල ක්‍රමයෙන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  2. රසිකොලොජිස්ට්,

    ඔබ තනි නැත. ඔබට කුඩා කාලයේ අත් විඳින්නට වූ දෙයම අත්විඳි දරුවන් ලෝකයේ අනෙක් රටවලත් සිටනා බව දැන් ඔබ අවබෝද කර ගෙන ඇති බව පෙනේ.

    ඔබට දැන් එම වින්දිත දරුවන්ගෙන් ඉගෙනීමට දෙයක් ඇත; එනම් ඔවුන් අද දඬුවම් කිරීමට ඉදිරියට පැමින ඇත්තේ තම රටට ආගමට නොව තමාට අතවර කල පුද්ගලයාට සහ ඊට සහය දුන් පිරිසටයි.

    ඔබත් ලංකාවට සහ බුද්ධාගමට වෛර නොකර, ඔබට අතවර කල පුද්ගලයාට හෝ කන්ඩායමට එරෙහිව නැගී සිටින්න.

    අපිත් ඔබ සමග සිට ගන්නෙමු.

    ReplyDelete
    Replies
    1. මා ලෙස නොව ඔළුවෙන් හිට ගන්න. එසේ දිගටම රැඳී සිටින්න.

      එවිට ඔබේ මස්තිස්කය ගුරුත්වාකර්ෂණය අනුව නිසි තැනට ටිකෙන් ටික එනු ඇත.

      Delete
  3. එසේ වුවත් ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිකයන්ගේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවක් තිබෙනවාද ? නිර්ආගමිකයන් වැඩි පිරිසක් ඔවුන් නේද? ආසියානු සංක්‍රමණිකයන්ගේන් නම් රසික වැනි ඉතාම සුළු පිරිසක් හැරුනු විට සෙස්සන් ආගමිකයන් විය යුතුයැයි අනුමාන කරමි

    ReplyDelete
    Replies
    1. ඔබ සුදු ජාතිකයින් ලෙසින් අදහස් කරන්නේ ඉංග්ලිෂ්, අයිරිෂ්, වෙල්ෂ් සහ ස්කොටිෂ් පිරිස නම්, දෙවන ලෝක යුද්ඳයෙන් පසු ග්‍රීක්, ඉතාලි සහ අනෙකුත් යුරෝපීයන් සංක්‍රමණයට ඉඩ දුන් පසු සුදු ජාතික ප්‍රතිශතය අඩු වී යන්න පටන් ගත්තා. ඉන් පසුව 1974 පමණ සිට වෙනත් රටවලිනුත් සංක්‍රමණියකයින් බාර ගත්තා. වියට්නෑම් සරණාගතයින් පැමිණියා. චීනයෙන් ද විශාල වශයෙන් පිරිස් සංක්‍රමණය වුණා.

      ඉන්දියන් සහ චීන අය බහුතරයක් පැමිණෙන්නේ මුලින් ශිෂ්‍යයින් ලෙසයි. එනිසායි ඒ පිරිස් වර්ධනය වැඩි වේගයකින් වෙන්නේ.

      අපේ මාතෘකාවට යතොත්, ආසියානුවන් අතරින් චීන ජාතිකයින් නිර්ආගමිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඉන්දියානුවන් සහ ලාංකිකයින් අතර ඒ ප්‍රතිශතය ඉඩා අඩු බව සත්‍යයක්. එයට එක් හේතුවක් සමාජමය සහ සංස්කෘතිකමය කරුණු. උදාහරණයක් ලෙස බෙෘද්ධ පන්සල් ආශ්‍රයෙන් ගොඩ නැගෙන සමාජ සම්බන්ධතා සහ සංස්කෘතික උත්සව යනාදිය.

      නමුත්, ඉදිරි පරම්පරාවල දී මේ තත්වයේ ප්‍රගතියක් බලාපොරොත්තු විය හැකියි.

      Delete
  4. "ජෝර්ජ් පෙල්ස්" කියන පුජකයා වතිකානුවේ භාණ්ඩාගාරික තනතුරද කොහෙද දැරුවේ.මෙහේ ඔය වගේ එව්වා ගැන පරික්ෂණ පටන් ගත්තොත් අස්ගිරිය එහෙම ආණ්ඩුවට රතු ලයිට් පත්තු කරයි.

    පුරවැසියෝ නිරාගාමික නොවුනත් කමක් නැහැ රජය නිරාගමික වෙලා.

    ReplyDelete
    Replies
    1. රජය නිරාගමිකයි. නමුත්, පාර්ලිමේන්තුව 1901 දී ඇරඹූ දිනවල සිට සැම දා ම අරඹන්නේ ලෝර්ඩ් ප්‍රෙයා නම් කෙටි වගන්තියක් (යාඥාවක්) කියා යි. මෙය වෙනස් කරන්නට අවශ්‍ය බවට ජන මතයක් තියෙනවා.

      Delete
  5. ඔය වැරදි කරන ඕනෑම ආගමික අයෙකුට දඬුවම් දෙන එක තමයි හොඳ. එංගලන්තයේත් නිර් ආගමිකයන් වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. පොදු නිතිය යටතේ කලින් වුනත් කිසිවෙකුට දඩුවම් නොලබා ගැලවී යන්නට ඉඩක් තිබුණේ නෑ.

      නමුත්,
      මේ අපචාර ගැන පල්ලියට හෝ පැමිණිළි නොකිරීම
      කළ පැමිණිළි පල්ලියෙන් යට ගැසීම
      පොලිසියට කළ සමහර පැමිණිළි ද ගොඩින් බේරා ගැනීම (මා අනුමාන කරන විදියට)

      වැනි දේ නිසා යි මේ කාරණා මෙතෙක් ඔඩු දුවා ගොස් ඇත්තේ.

      Delete
    2. ලිංගික අතවර කළ පාදිලිලා පමණක් නොව බෙෘද්ධ භික්‍ෂුන් එංගලන්තයේ මෙන් ම ඕස්ටේ‍ර්ලියාවේ ද දඬුවම් ලැබ තියෙනවා.

      Delete
  6. ඇත්තෙන්ම ගිය සතියේ තවත් වැදගත් ආරංචියක් පැතිරිණි. ඒ, වත්මන් ඔසී රජයේ බලයේ සිටින ලිබරල් පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තට ගැටුමක් පිළිබඳව ය. මේවන විට සාමාන්‍ය මන්ත්‍රීයෙකු ලෙස කටයුතු කරන ලිබරල් පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු අගමැති ටෝලි ඇබට් විසින් ලිබරල් පක්‍ෂයේ වත්මන් නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්වයට එළිපිටම කෙනෙහිළි කරන්නට පටන් ගෙන තිබේ.

    වත්මන් රජය බලයේ සිටන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකින් බව සලකන විට මෙයහොඳ ප්‍රවණතාවයකි.

    ReplyDelete

  7. //එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.//
    2007-2014 අතර ඇමරිකාවේ මේ ප්‍රතිශතය 16.1% සිට 22.8% දක්වා 6.7%කින් වැඩි වී තිබේ. අඩුවීම සිදුවී ඇත්තේ ක්‍රිස්තියානි/ කතෝලික කොටසිනි. ඉස්ලාම් හා හින්දු ප්‍රතිශත (විශාල නොවූවත්) දෙගුණ වී තිබේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.