Monday 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

24 comments:

  1. මෙහෙම බණ තමයි හැමතැනම කියන්නේ. මේ දවස් වල අපි ඉන්න පළාතේ කටිණ පිංකම්. කටිණ සිවුර ගෙදර ගෙනියන්න දෙන නිසා ඒක ගන්න උපාසකම්මලගේ පොරේ. මේක මාකට් කරන්නේ කොහොමද දන්නවද? කටිනයට දායක උනොත් අකුසල් නැති කරගන්න පුළුවන් කියලා. මං අහල තියෙන විදියට සිවුර සකස් උනේ මැසි මදුරුවන්ගෙන් බේරිලා බණ භාවනා කරන්න පහසුවට. මුල්ම යුගයේ සිවුරු සකස් උනේ මල මිනී ඔතපු රෙදි වලින්.භික්ෂුන් ඒවා ගෙනගොස් සිවුරු මහලා පඬු පොවලා සිවුරු සකස් කරගෙන තියෙනවා.මා නම් සිවුර දකින්නේ භික්ෂුවගේ යුනිෆෝර්ම් එක විදියට.

    ReplyDelete
    Replies
    1. කඨින සිවුර දන් දීම මහා පිනක් කියා සාදුලා කියන බව මට ඇසී තියෙනවා. රෙදි හිඟ කාලේ මලමීනී වැසූ රෙදි කපා සිවුර මසා පඬු දමා දන් දීම එහෙම වෙන්න ඇති. නමුත්, දැං, පාන්සුකූලෙට, දානෙටය, අටපිරිකරට දෙන සිවුරට වඩා කඨීන සිවුරට පිං වැඩි ඇයි කියන එක මටත් තේරෙන්නේ නෑ.

      Delete
  2. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහෙම කෑම ඉක්මන් මරණයකට කෙටිම මඟ විය හැකියි

      Delete
    3. මමත් එකගයි. බොරුවට නිකං හාල්මැස්සෝ කාලා එක වේලකට ජීවිත 30-40 නසනවට වඩා හරකෙක් මරලා, එක ජීවිතයකින් වේලවල් 400-500 පිරිමහන්න පුලුවන්. එහෙම බැලුවම හරක් මස් පවු අඩුයි.

      Delete
  3. මේ ගැන සොයා බැලී‍මේදී බෞද්ධයෙකු විසින්ම ලියැවුනු පහත් කොටස අඩංගු බ්ලොග් සටහනක් ලැබිනි - මේක අවුරුදු 2ක් පමණ පරණයි වගේ
    //මා ඇසු එක් ධර්ම දේශනාවකදී උන්වහන්සේ පුන පුනා ප්‍රකාශ කිරීමක යෙදුනා සත්වයෙක් ස්ත්‍රී වී උපදින්නේ ඒ තැනැත්තා කල අකුසල කර්මයක් නිසා කියා. එයින් ගම්‍ය වෙන්නේ ස්ත්‍රීන් සියල්ලන් පාපකාරින් බවද ? එසේ නම් මහමායා දේවිය , යශෝධරා දේවිය යන අයත් අකුසල කර්ම කොටම එම පාපී උත්පත්තිය ලැබිය යුතුව ඇත. පැහැදිලිව සඳහන් කරනවා නම් ඔවුන් සංසාරයේ අනාචාරයේ හැසිරීමේ පාපය නිසා ස්ත්‍රී ආත්ම ලබා ඇත.

    මා දන්නා තරමින් මහමායා දේවිය කල්ප ලක්ෂයක් එම පදවිය උදෙසා පෙරුම් පිරු අයෙකි. යශෝධරා දේවියගේ පෙරුම් දම් පිරිම සාරා අසන්ක්‍ය කල්ප ලක්ෂයක් දක්වා දිව යයි. ඔවුනුත් මේ දීර්ඝ කාලය තුලදී අනාචාරයේ හැසිරෙමින් දිගටම ස්ත්‍රී ආත්ම ලබමින් පැමිණ බව හඟවමින් කතා කිරීමද නොදන්නා කමින් කරන බලවත් අකුසලයක් බව පැවසිය යුතුමය.

    සත්වයෙක් ස්ත්‍රී බවට පත්වන්නේ අකුසල කර්ම බලයෙන් පමණක් බව පැවසීම මුසාවකි. අකුසල කර්ම බලයෙන් වනවා නම් එයට අනාචාරයේ හැසිරීම හේතු පාදක වෙයි. නමුත් ප්‍රර්ථනා බලයෙන්ද සත්වයන් ස්ත්‍රී වී ඉපදීම සිදු වේ. මහමායා දේවිය , යශෝධරා දේවිය වැනි කාන්තාවන් සංසාරයේ දිගටම ස්ත්‍රී වී ඉපදුනේ ඔවුන්ගේ ප්‍රර්ථනා බලයෙනි. එමෙන්ම ආචින්න කර්ම බලයෙන්ද ස්ත්‍රී වී ඉපදීම සිදුවිය හැක. තවත් හේතු තිබිය හැක ඔබ දන්නවා නම් පහත සඳහන් කරන්න.////

    https://tiraj.blogspot.com/2015/02/mixed-feelings.html

    ReplyDelete
    Replies
    1. ඔව්වා සේරම මිනිසුන්ව බය ගන්නන්න සාදුලා ගොතපු කතා.
      ඒවං මේ සුතං!

      Delete
  4. "බණ කියලා දැන් කියන්නේ ඇත්තම නෙවේ..."
    එහෙම කියලා හමුදුරුවන්ට අපහස කරන්නත් බෑ... අම්මා කෙනෙක් වෙන්නත් පින් කරලා තියෙන්න ඕනා කියන දේ විතරක් කියන්නම්කෝ දැනට මං...

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ හොඳම සංකල්පය නම් නොදන්නා දේ අන්ධ භක්තියෙන් අදහාගෙන නොසිට ප්‍රශ්න කිරීමය අපව යොමු කිරීමයි. ඇදහිල්ල පමණක් නොව දේව කැමැත්ත යනා දී ගොං පාට් ද එහි නැත.

      Delete
  5. විචාරකතුමා නැත්තේ හොඳ වෙලාවට නැත්තන් හාමුදුරුවන්ට අබ සරණයි. විචාරකතුමා කියන විදියට දැන් හාමුදුරුවෝ කියන්නේ ප්‍රසිද්ධ බණ , ඒවායේ කිසිම ශාස්ත්‍රීය ගුණයක් හෝ වෙනත් කිසිවක් නෑ. තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්ඩ ඔහේ බණ කියනවා. විච්රකතුමා කියලා තිබුණා අපේ ගෙදර පිරිමි ළමයි නැති හින්දා මට හරිනංගිට හරි කරඬුව වඩම්මන්න කියලා සාංඝික දානවල, ඒ නිසා එතුමා හිටියනම් ලුණු ඇඹුල් සහිත කමෙන්ට් එකක් දාන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. විචාරක ඉන්න කාලේ මේ බ්ලොග් එක ලියනා රසික සූරියආරච්චි ගැන මෙන්න මේ වගේ කිව්වේ. ඒ කාලේ මොහු රසිකලොජි කියලා නෙමෙයි බ්ලොග් ලිව්වේ. කතන්දරකාරයා කියල.

      ...
      සාහිත්‍යකරණය සහ මට්ටම් පොලු බාස්ලා
      2014 අප්‍රේල් 10

      පුරුෂයකු සතු සුවිශේෂී පරම සුන්දර ජෛව ක්‍රියාවක් වන, ලෝකාස්වාද රතියෙහි යෙදීමට තරම් ලිංගික ශක්තිය නැති තැනැත්තා, ‘නපුංසකයා’ ලෙස හැඳින්වීම වරදක් නොවෙයිනේ. එමෙන්ම සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී, ඍජුව අදහස් ප්‍රකාශ කළ නොහැකි තැනැත්තාද, එක්තරා නපුංසක ගණයකට දැමීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එවැනි සාහිත්‍ය භාෂා ඥානයෙන් නපුංසක තත්වයට පත්වුවකු, අච්චාරු භාෂාවෙන් ලියන ලද ප්‍රලාපයක් දැකීමෙන් පසු, ඊයේ මම කලකට පසු, හාස්‍යජනක ලිපියක් කියවීමේ ප්‍රීති ප්‍රමෝදයට පත්වීමි. මේ සාහිත්‍ය භාෂා නපුංසකයා අන් කවරකුවත් නොව, මගේ නම කෙළින්ම කියාගන්නට බැරි තරම් හිතේ හයියක් නැති, කතන්දරකාරයා(රසිකොලොජි) නමින් බ්ලොග් ලියන්නාය. පුරුෂ ලිංගය හොඳින් තිබියදී, වෘෂණ කෝෂ දෙක මගින් සංවාසයේ යෙදෙන්නට තැත් කරනවාක් මෙන්, මේ පුඟුලා, තම අව්‍යක්ත, අච්චාරු, සිංහලටත් ඉංගිරිසියයටත් නැති භාෂා විලාශයෙන්, කියන අඬෝවැඩියාව, මොවුන්ගේ පරපුරට අත්වූ එක්තරා ඛේදවාචකයක් මොනවට පිළිබිඹු කරවයි.

      අවසාන වශයෙන් කතන්දරකාරයා ගැන මගේ ස්ථාවරය මෙසේ කියමි. ඔහු නිර්ලජ්ජිතයෙකි. ඔහු ලෝකයට පෙන්වන ප්‍රතිරූපය ඔහු තුළ නැත. ඔහුගේ අඩවිය තුළ මෑතකදී මගේ නම පාවිච්චි කරමින් මා ලියන ආකාරයට එහෙත් නිර්නාමික අදහස් දැක්වීමක් කර තිබුණි. ඔහු ලෝකයට පෙන්වන සදාචාරය ඔහු තුළ ඇත්නම්, ඔහුට කරන්නට තිබුණේ එය ඉවත් කිරීම කෙසේ වෙතත්, එහි මගේ බ්ලොග් සලකුණ නැතැයි සඳහන් කිරීමය. ඔහුට සාහිත්‍යය විෂයය පිලිබඳ සංවාදයේ යෙදෙන්නට හැකි භාෂා – සාහිත්‍ය දැණුමක්, පරිචයක් නැති බව ඔහුගේ අවසාන ලිපියෙහි ඇති තුප්පහි භාෂාවෙන් මනාව පිළිබිඹු වේ. ඔහුට හැකි ඒ භාෂා විලාශය පමණි. මෙවැනි අමනයන් සමග සාහිත්‍ය සංවාදයක යෙදෙන්නට තැත් කරන අපි අඥානයෝ වෙමු.

      සූකරයා

      තමනට අභියෝගයක් එල්ලවූ කල්හි, අශූචි වලක වැද අශූචි නා, තමන් සමග සටනට එන්නැයි සූකර හඬින් අභියෝග කරයි. ඒ සූකර ජන්ම ලක්ෂණ විනා අන් කවරක් වත් නොවේ. නමුත් ඒ අසන සිංහයා තමනට තරම් නොවන ජඩ සූකරයකු සමග සටනට නොයයි.

      හොරිකඩ පර බල්ලා

      තමන් මහා ජගතෙකුයි සිතා, පාරේ යන සියල්ලන්ට බුරයි. එහෙත් පාරේ යන බුද්ධිමත්හු මූ හොරිකඩ පරබල්ලෙකු මිස අන් කිමෙක්ද කියා සිතා, තමන්ගේ පාඩුවේ ගමන යෙති.

      කුළු මීහරකා

      ලෝකය ගැන මෙලෝ හසරක් නොදැන, උගේ ගොන්කම ප්‍රදර්ශණය කරමින්, දකින දකින සියල්ලට පුප්පයි, පිඹියි, අනින්නට පනියි. නමුත්, මේකා අමු මී හරකකු බව දන්නා අය, ඌ මගහැර තමන්ගේ වැඩක් බලාගනිති.

      ප්‍රතිවාදී අදහස් ඉවසන්නට නොදත් මේ කතන්දර පුඟුලා, ඊට පිළිතුරු දෙන්නේ අපහාසය තුළිනි. ඒ, ඔහු විසින් වඩන සූකර ව්‍රතය, සුනඛ ව්‍රතය, නැතහොත් ගෝ ව්‍රතය, නිසාදැයි මම නොදනිමි. මින් ඉදිරියේදී මම, මොහුව කිසිදු ආකාරයකින් මානව ගුණ ඇති පුද්ගලයකු ලෙස පිළිනොගනිමි. ඔහු ලියන්නක් නොබලමි. ඒ ඔහු මට තරම් නොවන අඳ බාලයකු නිසා ය. ඔහුට ඇතිවනතුරු දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදු පතා, මට ඇතිතරම් අපහාස කළ හැකිය. එහෙත්, ඒ සියල්ල, ඔහු ඔහුටම ලියාගත් දෑ ලෙස මවිසින් සළකන අතර, ඒ කිසිවකටත් පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු, සංවාදයේ යෙදෙන්නට නොදන්නා, අමන ගති ඇත්තෙකු වීම නිසාය. මා වෙනත් අඩවි වල දක්වන අදහස් වලට, ඔහුට ඇති තරම් අපහාස වදන් සහිත ප්‍රතිචාර ඊට පහළින් දැක්විය හැකිය. එහෙත්, ඒ සියල්ල, සූකර වසුරු ලෙස පිළිකුලෙන් බැහැර කරමි. පිළිතුරු නොදෙමි. මන්ද, ඔහු තම සූකර ව්‍රතය පිළිබිඹු කරන බැවිනි. හෘද සාක්ෂියට බොරු කරගන්නා, අවසානයේදී ඉච්ඡාභංගත්වයට පත්වේ. අච්චාරු බස පමණක් දත් මේ තැනැත්තාට, මගේ මේ සිංහල නොතේරේදෝ යි දැන් මා තුළ දැඩි සැකයක් පැන නැගේ. වන්නාටය, ඔහුගේ ලෝකයේම ඔහු රජවේවා!

      විචාරකගේ සම්පුර්ණ ලිපිය මෙන්න ඔහුගේ බ්ලොග් එකේ තියෙනවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ විචාරක දියණිය-

      මෙවැනි සාදුලාට කියන නමක් තමයි ගණිංනාන්සේ යන්න. හොඳ හොඳ සිංහල වචන දත් විචාරක ද ඒ වචනය භාවිතා කළ බවට මගේ මතකයක් තියෙනවා.

      ඔබ මතු කළ දෙවෙනි කරුණෙන් කියවෙන්නේ කරඬුව ගෙන ඒම කාන්තාවන්ට අකැප යැයි සාදුලා කියන බව ද?

      Delete
    4. @ Anonymous 10 July 2017 at 22:59

      විචාරක සහ මා අතර ඇති වුණු ඒ වාදය ගැන මගේ බ්ලොගයේ පසුගිය දිනවල මා ලිවවා.

      මෙන්න එයින් උපුටා ගත් කොටස් කිහිපයක්-

      1. විචාරක සහ මා අතර ගැටුම ඇති වුණේ ඔහු විසින් වෙනත් බ්ලොග් අඩවියක දී, පාසලේ දී සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් කළ සඳහනකි. ඔහු පළ කළ ඒ අදහසට අනුව, සාහිත්‍යය විෂයයක් ලෙස ඉගෙන ගෙන නැති අයට (රසිකයින් ලෙස හෝ) ගීතයක් වැනි කලා කෘතියක් පිළිබඳ අදහස් දැක්වීමට අයිතියක් නැත.

      2. තමන් සිංහල සාහිත්‍යය පාසලේ දී විෂයයක් ලෙස ඉගෙන නොගැනීම යනු ඔවුන් ගේ වරදක් නොවේ.

      එනිසා, සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් සඳහන් කරමින් විචාරක සමස්ත පරම්පරාවකටම කළ අපහාසය මට දිරවූයේ නැත.

      ඒ කාරණය පිළිබඳව මගේ අදහස මා ලියා කළ පළ විට, මට ද, පෙර කී ආකාරයේ අති නිර්මාණාත්මක වූ, අලුත් සිංහල වචන ද රැගත්, ලිඛිත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවිය.

      ඒ 2014 අප්‍රියෙල් 10 දින දී ය.

      3. මා කළේ අප්‍රියෙල් 13 දින ඔහුට පහත ඊ-මේලය යැවීමයි.

      හිතවත,
      බ්ලොග් ලෝකය යනු අතත්‍ය ලෝකයකි. එහි වෙන වාද විවාද එයටම සීමා වීය යුතුය.
      මා විරුද්ධත්වය පෑවේ සිංහල සාහිත්‍යය පිළිබඳ ඔබේ අදහසට පමණි!
      මට ඔබ කෙරෙහි කිසිදු තරහක්, ක්‍රෝධයක්, වෛරයක් හෝ අමනාපයක් නැත.
      එසේ තිබුණා වුණත් ඒ තරහ මරහ කෝන්තර අවසාන කර දැමීමට සිංහල අලුත් අවුරුද්ද තරම් වෙනත් වෙලාවක් තිබේද?
      ඔබට සුබ අලුත් අවුරුද්දක් පතමි.

      4. විචාරක මගේ ඊ-මේලයට පහත දැක්වෙන පිළිතුර අප්‍රියෙල් 15 දින එවා තිබුණි.

      ඔබේ මේ නව අවුරුදු අදහස පිළිගනිමි. ඔබට යම් සිත් වේදනාවක් ඇතිවුවානම් අවංකවම ඒ ගැන කණගාටුව පලකරමි. සහයෝගයෙන් ඉදිරිරියට යමු. ජයවේවා! ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. ඔබ දිගු කල මිත්‍රත්වයේ දෑත අල්ලා ගනිමි.

      සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න-
      http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html

      !

      Delete
    5. @ Anonymous 11 July 2017 at 04:12

      ඔබ විසින් උපුටා දක්වා තිබුණේ විචාරක බ්ලොග්කරුවා විසින් අද ද කුණුහරුප සහ පවුලේ අයට අපහාස පිරි සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන් අයෙකු පිළිබඳ ලියූවකි. එය මට හෝ මේ ලිපියට අදාල නැති නිසා ඉවත් කළෙමි.

      Delete
    6. Maathalan - Priyantha HewageJuly 18, 2017 at 8:50 AM

      විචාරකලා මෙ ගූ හොරුන් ගැන අන්තීමටම කළකිරිලා උන්නේ... ඔහු මිය යන්න කලින් සත්‍ය වටහා ගත්තා... ගූ හොරු කව්ද කියලා... 4 දෙනාම පොන්නයෝ කියලා ඔහු හොඳින් වටහාගෙන උන්නේ.. ඉකොනොමැට්ටා කියලා ඌම නම දාගෙන තියෙන්නේ නිකන්ද...

      Delete
  6. මෙ අය දැන් බුදු බණ නෙමෙයි කියන්නෙ....ොහෙන් ොහෙන් හරි තමන්ගෙ දෘෂ්ඨිවාදයට එකඟ වෙන එකක් තමයි කියන්නෙ.......

    රාජගිරියෙ හාමුදුරුවෝ විතරයි බණ කිව්වෙ දැං දැං ඒ බණත් අවුල් වෙලා වගේ....

    මෙ කියමනට අනුව නම් ලංකාවෙ ඔක්කොම ගෑණු වෙන්ඩ ඕන ඇයි ඉතිං සීයට කීයක්ද මං පරදාර ේවනය කරනවනෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හාමුදුරුවනේ!
      අපි නම් පෘතග්ජන ගිහියෝ විතරයි.

      Delete
  7. නූගත් භික්‍ෂූන් ගෙන් බණ අසන සිංහල බෞද්ධයා

    https://transyl2014.blogspot.ca/2017/02/blog-post_51.html

    ReplyDelete
  8. ආගම් වැඩිහරියක ගැහැණුන් පිළිබඳව ආකල්පය මෙහෙමම තමයි. ඔය බහුබූත කුණුකූඩයට දමමු.

    ReplyDelete
  9. මට මේක මිස් වෙලා. එළවන්න ඕනේ මේ අය . මහනායක වහන්සේ ල ඕව හොයන්නේ නැහැනේ. පාප් වහන්සේ වගේ එක බලයක් තියෙන කෙනෙක් දාන්න ඕනේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.