Friday 4 August 2017

500 ඕස්ට්‍රේලියානු ටී-ෂර්ට් එක! - Rugby Top T-shirt from Australia


මේ සිදුවීම වසර දහ අටකට පෙර මතකයක් ඊයේ පෙරේදා අලුත් වීම නිසා රසිකොලොජියේ ලියවෙන්නෙකි.

උෂ්ණත්වය දහවලේ පවා තනි අංශකයට පහළ බසින, රාත්‍රියට අයිස් මිදෙන තරමටම අඩුවෙන වින්ටරය හෙවත් සිසිර සෘතුවක් ඇති ඕස්ටේ‍ර්ලියාවේ මිනිසුන් ඒ කාලයට සාමන්‍ය ගමන් බිමන් සඳහා අත් දිග ටී-ෂර්ට් අඳිති. සිසිර සෘතුව යනු රග්බි ක්‍රීඩාව කෙරෙන කාලය ද වෙන නිසා දෝ මේ අත් දිග ටී-ෂර්ට් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "රග්බි ටොප්" කියා ද හැඳින්වේ!

නමුත් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩාව සඳහා අඳින්නේ නම් අත් කොට කමිසයක් සහ කලිසමකි. එනිසා මේ රග්බි ටොප් යනුවෙන් හැඳින්වෙන අත් දිග කමිස, සීතලේ ගැලෙමින් ඒ තරග නරඹන අය උදෙසා ය!

ඒ ඒ රග්බි කණ්ඩායම්වල සම්මත වර්ණ සංකලනයෙන් සෑදුණු රග්බි ටොප් කමිස අඳුරු සිසිර සෘතුවට ගෙන එන්නේ ධනාත්මක වෙනසක් බව ද කිව යුතුය. සාමාන්‍යයෙන් ඉහළ මිලකට විකිණෙන රග්බි කණ්ඩායම් වර්ණ ඇති රග්බි ටොප් කමිසවලට අමතරව, විවිධ වර්ණයෙන් හැඩ ගැන්වුණු රග්බි ටොප් කමිස වෙළඳපොළේ එමට දක්නට ඇති අතර, මා සතුව ද පසුගිය දශක දෙකක පමණ කාලයේ දී මිලට ගත් රග්බි ටොප් කමිස කිහිපයක් ම ඇත.

මීට වසර දහඅටකට පෙර වසරාවසානයේ ලංකාවට යෑමට අපි සැලසුම් කර තිබුණි. දෙසැම්බර් ගමන සපහා ලංකාව ගෙන යාමට අප තෑගි මිලට ගැනීම අරඹන්නේ ඊට මාස දෙකකට පමණ කලිනි. එවකට ගුවන් ගමනක දී ගෙන යා හැකිව තිබුණේ කිලෝ විස්සක් පමණක් නිසා (පසු කලෙක මේ ප්‍රමාණය කිලෝ තිහක් දක්වා වැඩි කරන ලදී), තෑගි බෝග පෙට්ටිවල බහා නැව් මගින් ලංකාවට යැවීම ද, මෙහි වෙසෙන අන් ශ්‍රී ලාංකිකයින් මෙන් අපි ද කළෙමු. දෙසැම්බරයේ ලංකාවට ගිය විට තෑගි දීමට නම්, ඒ තෑගි පෙට්ටි නැවි ගත කළ යුතු වූයේ මාසයකට, දෙකකට පමණ කලිනි.

ඒ ඔක්තෝබරයේ දී පමණ, රග්බි සමයද අවසාන වී, සීත සිසිරය වෙනුවට සුන්දර වසන්තය ද එළැඹී තිබුණු සමයක මෙල්බර්න් නගරයේ සාප්පු සවාරියේ ගිය මට දක්නට ලැබුණේ ටාගට් නම් සාප්පුවේ මිල අඩු කර විකිණීමට තබා තිබු රග්බි ටොප් කමිස ගොන්නකි. රතු සහ කළු වර්ණයෙන් යුතු ඉරි සහිත මෝස්තරයක් වූ ඒවායේ "ඕස්ට්‍රේලියා" යන්න ද සටහන් වී තිබුණි. සාමාන්‍ය මිල ඩොලර් 39.90 වූ ඒවා එදා අලෙවි කෙරුණේ ඩොලර් 19.90 ට ය.

මා කළේ ඉන් කමිස දෙකක් ම මිලට ගැනීමයි.

එකක් මට ය. අනෙක, ලංකාවේ සීත කඳුකර පෙදෙසක වාසය කරන මගේ ඥාතියෙකුට ත්‍යාගයක් ලෙසිනි.

දෙසැම්බරයේ ලංකාවට ගොස් සතියක් පමණ කොළඹ ප්‍රදේශයේ ගත කර ඉන්පසු ඒ කඳුකර නගරයට ගිය අපට මේ ඥාතියා ද මුණ ගැසුණු අතර, මම ඒ ත්‍යාගය ඔහුට දුන්නෙමි.

මෙරටින් එරටට කිලෝ ගණං ගෙන යාම නිසා ඇතිවෙන භූගෝලීය වෙනස තරමකින් හෝ ආපසු හරවා ගැනීම සඳහා එරටෙන් ද කිලෝ කිහිපයක් මෙරටට ගෙන ඒම අපේ සිරිතයි.

ඒ කිලෝ අතරට එක්වෙන, කිරි ටොෆී, පොල් ටොෆී, අල ටොෆී, තල ටොෆීවලට අමතරව බතික් සරම්, අලින්, සීගිරිය වැනි ලාංකික සලකුණු ඇති ඇඳුම් පැළදුම් ද එකතු වීම සිදුවේ.

එදා ඒ කඳුකර නගරයේ ගත කළ මුල් දිනයේම අප කළේ එහි ප්‍රධාන වීදිය පුරා සාප්පු සවාරියක යෙදීමයි.

පසුදා මට යළිත්, පෙර කී රග්බි ටොප් කමිසය තෑගි ලද ඥාතියා හමුවිය.

ඔහු එක්වරම දුටුවේ මා සැරසී සිටි නිල් සහ සුදූ ඉරි සහිත රග්බි ටොප් කමිසයයි.

"අන්න රසික නම් ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. ඔයා මට දුන්නු එක නම් මගේ හැටියට පාට තද වැඩියි!" මද වේලාවක් කතා බස් කිරීමෙන් අනතුරුව ඔහු මා සමග කීවේ ය.

ඥාතියා සිතන්නට ඇත්තේ මා හොඳ වටිනා රග්බි ටොප් කමිසයක් මිලට ගෙන ඔහුට බාල එකක් ලබා දී ඇතිය කියා බව මට සිතුණි.

මට සිනහව වළක්වා ගත නොහැකි විය.

"ඔහේ දන්නවා ද මේ මං ඇඳන් ඉන්න ටී ෂර්ට් එකක් කීය ද, මං කොහෙන්ද ගත්තේ කියලා?" මම ඔහුගෙන් ඇසුවෙමි.

ඇත්තටම ඔහුගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු නොවුණු නිසා, තත්පර කිහිපයකට පසු මම යළිත් ඔහු ඇමතීමි.

"මේ ටී-ෂර්ට් එක මං ගත්තේ අර මේන් ස්ට්‍රීට් එකේ කෙළවරේ උඩ තට්ටුවේ තියෙන කඩෙන් ඊයේ හවස. මේක රුපියල් 125 යි. මෙල්බර්න්වලින් ගෙනාපු එකේ ගානට මේ ජාතියේ ෂර්ට් දහයක් විතර ගන්න තිබුණා!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රග්බි ටොප් කමිස දෙක ම තවමත් මා සතුව ඇත. කල් ඉකුත් වී ඇති යැයි සිතෙන නිසා, දැන් මා ඒවා අඳින්නේ සීත කාලයේ දී නිවසේ ඉන්නා විට පමණි.


(image: http://www.sheplayssports.com/BarbarianShirtCollegiateStripesRugbyShirts.html)

32 comments:

  1. http://54.86.146.54/news/6143/si


    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    පැමිණිල්ලේ පිටපත මෙතනින්

    කුමාර කළුආරච්චිගේ ජායාරුපයක් මෙතනින්

    ReplyDelete
    Replies
    1. Nice counter attack by Nelum Yaya team & the Yahapalana bloggers. This stupid MR supporter KK should have been treated like this long back. Anyway late is better than never.

      Well done Ajith Dharma/ Ajith Perakum/ Ian etc. Please accept my heartiest gratitude on behalf of this class work. Brilliantly done. This moron should be punished & imprisoned. Please arrest him & treat him like an animal, brainless idiot.

      Delete
    2. ආණ්ඩුවේ පරිහානිය වඩාත් වේගවත් කරගැනීමේ උපක්‍රම ආණ්ඩුවට හෙලුවෙන් කඩේ යන ආණ්ඩුවේ සට්ටැඹියන් විසින්ම අනුගමනය කරමින් සිටී. මොවුන් එදා හිටි මරාගේ නලාකාරයින්ට නොදෙවෙනිය.

      Delete
    3. කප්පම් අරගෙන මිනී මැරූ අය රණ විරු ලේබලය අලවා බේරා ගැනීමට දත කන එකනම් අපි දන්නවා. එතකොට සමාජීය සහ වෛද්‍ය වෘත්තියේ සාරධර්ම නොතකමින් තමන්ගේ සේවය ලබා ගැනීමට එන කාන්තාවන්ට දොස්තර ලිංගික අතවරආරච්චි හෙවත් කුමාර කළුආරච්චි හෙවත් මඩ සාරස ලිංගික අපචාර කිරීමත් මරාගේ සට්ටැඹියන් කියා නොසලකා හැරිය යුතුද?

      Delete
  2. රසිකොලොජියේ 500 වෙනි ලිපියට සුබ පැතුම් !

    රග්බි ටී-ෂර්ට් නැතත් ලාංකිකයින් බොහෝ දෙනා සතුව තිබෙන ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ක්‍රිකට් ටී-ෂර්ට් එකක් නම් මා සතුවත් තිබෙනවා.හැබැයි දැන් එක වැඩිය අඳින්නේ නැහැ.රසික 500 වෙනි ලිපිය ලියන කොට ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ලකුණු 600+ වාර්තා කරලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.

      මා ළඟ රග්බි ක්‍රීඩා කණ්ඩායම්වල නිල ලාංඡන සහිත ටී ෂර්ට් නම් නෑ. මා ඒ ක්‍රිඩාව ප්‍රිය කරන්නේ නෑ. ලංකා සහ ඔසී කණ්ඩායම්වල ටී ෂර්ට් නම් තියෙනවා.

      Delete
  3. තබ මින් තවත් ඉදිරියකට දුවන්නේ
    නුඹ ගේ අතින් තව බ්ලොග් ලිපි ලියන්නේ
    නැග එන හිරු ලෙසින් දිළි දිළි රැඳෙන්නේ
    සුභ පැතුමක්ය පන්සීයට තබන්නේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කන හැටි පාන් බානා හැටි තට්ට හිස
      ලොකු පම්පෝරි ගැන හම්පඩ ටොප් කමිස
      ටෝපල් සැටිපිකට් තවුසන්ඩ් ටෝක් මිස
      වැදගත් දෙයක් ලියලා නැත කිසි දවස

      - සි.ත.ක.ස. (සිනුවර තට්ට කවි සමාජය)

      Delete
    2. @ Duminda,

      පන්සියක් කතා ලිව්වද හති ය නැතේ
      තව පන්සියක් ලියනට සවි බලය ඇතේ
      ඔබ සුබ පැතුම දැක වැඩිවිය තිබු දිරිය හිතේ
      හෙට දින යලිත් හමුවෙමු අපි දුමී "පුතේ!"

      Delete
    3. @ ඇනෝ

      මා IELTS විභාග ප්‍රතිඵලය ගැන මිස ටෝෆල් ගැන ලියා නැති බව කරුණාවෙන් දැනුම් දෙමි.

      http://rasikalogy.blogspot.com/2016/09/size-depends-on-you.html

      !

      Delete
  4. ඕස්ටේ‍ර්ලියාවේ වින්ටර් එක එතරම් තද නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. අපෝ ටොරොන්ටෝව තරම් නං නෑ. හිම වැටෙන්නේ උස් කඳුවලට විතරයි. අපේ පැත්තේ දින දෙක තුනක් frost තියෙනවා. එච්චරයි!

      Delete
  5. සිනුවර තට්ටයාට තියෙන මහන්තත්ත තකතිරු කමේ හැටියට Post 500න් 495ක් ලොකු පම්පෝරි ගැන හම්පඩ ටෝක්/ පොර ටෝක්, මඩ, අවලාද, අඳෝනා, ජාතිවාදී පච ප්‍රචාර හැර එක වැඩකට ඇති යමක් ලිව්වද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයේ මා ලියන්නේ මා කැමති දේ ය.

      ඒ හෙයින් ජාතිවාදී දේ නම් කිසි විටෙක ලියා නැත. ලියවෙන්නේ ද නැත.

      Delete
    2. අනේ ඔය රසික මැට්ටා දන්නා රගර් ජර්සි �� ඕකා ඕක සුවර් එකටම ගන්න ඇත්තේ k-MART හරි BW කියන සුපර්මාකට් එකකින් ��

      ඕවා සිතලට අදින අත් දිග පොලෝ ට් ෂර්ට්. මේඩ් ඉන් චයිනා /හරි බංගලාදේශ cheap stuff.

      නියම රගර් ක්‍රීඩකයන් සඳහා ඇදුම් නිර්මාණය කරන්නේ Canterbury Sportswear කියන ආයතනයෙන් එහි විශේෂ වෙළඳ සලකුණ යටතේ; Rugby jerseys, sportswear, casual wear සියල්ල ඉදිරියෙන් පැහැදිලිවතියනවා ඔවුන්ගේ වෙළඳ සලකුණ CCC හැඩයට
      හොඳින් බැලුවොත් කිවි කුරුලන් 3 ඉන්න සංකේතවත් CCC අකුරු 3 ක්

      ලංකාවේ ඉන්න රගර් ගැන මෙලො දෙයක් නොදන්නා එවුන්ට හොඳ සුකිරි බයිලා වගේ කියන්න පුළුවන් මේවත් රගර්ජර්සි කියලා. නමුත් රගර් ගැන දන්නා එවුන් පුකෙන් හිනා වෙන්නේ ����������

      මේව නොදන්නවානම් අඩුම ගානේ කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ තව ඒවගේ පොටෝත් දානවා �� චක ...චක...චක.. තමයි අන්තිමට ����������

      Delete
    3. රතු කළු පැහැ ඉරි ඇති ටී ෂර්ටය මිලට ගත්තේ ටාගට් නම් කඩයෙනි!

      /* මෙල්බර්න් නගරයේ සාප්පු සවාරියේ ගිය මට දක්නට ලැබුණේ ටාගට් නම් සාප්පුවේ මිල අඩු කර විකිණීමට තබා තිබු */

      Delete
  6. රසික, මෙම පුවත ගැන ඔබගේ අදහස කුමක්ද? අනෙකුත් බ්ලොග්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට පහත් අන්දමින් අපහාස කෙරු අයෙක් නේද මෙහි සදහන් ජෝස්තරවරයා?

    ...

    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!
      - රසිකොලොජිස්ට් - Rasikologist

      Delete
    2. @ Anonymous 7 August 2017 at 00:51

      ඔහු කෙරෙහි මට ඇත්තේ පිළිකුලක් මිස වෛරයක් හෝ ක්‍රෝධයක් නොවේ. මම ඔහුට අනුකම්පා කරමි.

      මේ චෝදනා ඔප්පු වුවහොත් නිසි දඬුවම් ලැබිය යුතු ය. ඩෙන්ටෙකු සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් ඇසීම තරමක පුදුමයකි.

      Delete
  7. කුමාර කළුආරච්චි විසින් ප්‍රතිකාර බලාපොරොත්තුව පැමිණි කාන්තාවන්ට අතවරකල බවට වූ ප්‍රවෘත්තිය පල වීමත් සමගම එක දෙයක් ඉතාම හොදින් නිරීක්ෂණය විය. එනම් කළුආරච්චිගේ බ්ලොග් එකෙහි ඇනෝ කොමෙන්ට් වැටීම සීග්‍රයෙන් පහල යෑම, අනෙකුත් බ්ලොග්කරුවන්ට ඇනෝ ඔස්සේ එල්ල කරන නින්දා මඩ අපහාස කොමෙන්ටු පල නොවීම වැනි දෑය. ඇනෝ කොමෙන්ට් දමා බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ දරුවන්ට පහත් අන්දමින් මඩ ගැසුවේ කවුදැයි කියා පැහැදිලි නේද දැන්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඔහු කමෙන්ට් මොඩරේෂන් දමා ඇති.

      වැපූරූ දේ නෙලා ගන්නට වීම බලාපොරොත්තු විය යුත්තකි!

      Delete
  8. මේ වර්ගයේ රග්බි ටොප් දෙක තුනකට වඩා නෑ... එතරම් තදට සීතල නැති නිසා, බොහෝ විට කරන්නේ සාමාන්‍ය අත්කොට ටී ෂර්ට් එකක් ඇඳ, අවශ්‍ය නම් පමණක් එතරම් ඝනකම් නැති ජැකට් එකක් ඇඳීමයි. 500ට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට ස්තුතියි තිසර.

      සන්ෂයින් රටේ ඉන්න ඇත්තන්ට මොකටද මේ සීතලට අඳින ඇඳුම්, නේද?

      Delete
  9. කුමාර කළුආරච්චි/ අතවරආරච්චියා දැන් කොමෙන්ටුත් වහගෙන හැංගිලා. හිකිස්‌.

    ආන්න එළකිරි (www.elakiri.com) එකේ ත්‍රෙඩ් එකක් යනවා කොමෙන්ට් 250 පැනලා, අතවරආරච්චිගේ ෆොටෝස් ටෙලිෆෝන් නම්බර් එක්කම.

    එතනටත් වරෙන් ආතල් එකක් දෙන්න රසිකොලොජිස්ට්.

    ReplyDelete
    Replies
    1. Anonymous August 7, 2017 at 21:17

      Ajith Dharmakeerthi/ ඉයන්,

      http://www.elakiri.com/forum/showthread.php?p=22044654

      ඔබට සතුටුයි ද දැන්?

      Delete
    2. # Anonymous7 August 2017 at 22:50


      මේ ත්‍රෙඩ් එක නෙමෙයි. මේකේ පිටු 5 යි තියෙන්නේ (කොමෙන්ට් 50). වෙන එකක් තියෙනවා. එකේ තමයි ඒ විස්තර තිබ්බේ. ඉන්න ආයේ බම්ප් කරලා ගන්නම්.

      GTRZ

      Delete
    3. එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

      හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

      Delete
    4. මෙවැනි ප්‍රතිචාර මෙහි නොයොදන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      Delete
  10. 500 ට සුබ පැතුම්! ඔට්ටේලියාවෙන් රග්බි ටොප් දෙකක් තෑගි ලැබුණා කාලෙකට කලින්. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඒවා දුන්නා යාලුවෙක්ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මේවා අත් දිග පෝලෝ කමිස කියා ද හැඳින්වේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.