මා මේ සැරසෙන්නේ පොඩි පහේ නයෙක් ඇරීමටයි.
හැබැයි මේ අර
අපේ ලොන්ඩරි කාමරයේ ඇති කිලෝ හතේ කම්බයින්ඩ් වොෂර් සහ ඩ්‍රයර් එක ළඟින් විත්,නාග රාජයාවන් ලොකු ම ලොකු නාගයෙකු නම් නොවේ.
කුස්සියේ ඇති සිරස් දොර දෙකේ ශීතකරණ අල්මාරිය අසලින් පහළට බැස,
ඩිෂ් වොෂරයේ ගෑවෙමින්,
බිමට අල්ලා ඇති පොලිෂ්ඩ් පෝසිලේන් ටයිල්ස් දිගේ ලෙස්සමින් විත්,
නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක මග හැර උඩ තට්ටුවට ගොස්
මාස්ටර් බෙඩ්රූමයේ බිත්තියේ එල්ලා ඇති අඟල් පනස් පහේ 3ඩී ටෙලිවිෂනය අසලින් සීලිමට නැග,
මගේ ලේඛන කටයුතු කරන කාමරයේ ඇති අඟල් විසි හතරේ ඕල්-ඉන්-වන් පරිගණකයේ සහ ලැප්ටොප කිහිපයේ ගෑවී නොගෑවී බිමට බැස,
එතැනිස් රම්පස් කාමරයට ඇදී එහි ඇති අඟල් හතළිස් පහේ ප්ලාස්මා රූපවාහිනී කට්ට දෙස ඇසක් ඇර නොබලා,
සඳලු තලය ඔස්සේ ගරාජයට බැස
අපේ සුබාරු ලිබර්ටි ෆුල් ඔප්ෂන් වාහන දෙක යටින් ඇදී ගිය
මූ තරමක පුංචි නයෙකි.
එසේ ම මූ තරමක පැරණි නයෙකි.
කොටින් ම, මේ නයා ප්‍රමාණයෙන් ඒ-4 ප්‍රමාණයේ ය.
එසේම මේ නාකි නාග රාජයා ගේ වයස වසර විසි හතරක් ම වේ.
මෙන්න නයා!
ඒ මගේ අයිඊඑල්ටීඑස් හෙවත් ඉංග්ලිෂ් ප්‍රවීණත්වය මනින විභාගයේ ප්‍රතිඵල සටහනයි.
මා අයිඊඑල්ටීඑස් විභාගයට පෙනී සිටියේ මීට වසර විසි හතරකට පමණ පෙර 1992 දී, කොළඹ දී ය. ඒ මා ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය සඳහා යොමු කළ අයැදුම් පතට අනුව කෙරුණු මගේ කුසලතා අගැයීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, මේ පරීක්‍ෂණයට පෙනී සිට මගේ ඉංග්ලිෂ් ඉංග්ලිෂ් භාෂා දැනුම පෙන්වන ලෙස, මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ දැනුම් දීමක් අනුව නොකරම බැරි නිසා මුහුණ දුන් විභාගයකි.
විභාගයට පෙර මුදල් ගෙවා ආදර්ශ ප්‍රශ්නෝත්තර සහ කැසට්ටුවක් ද ඇතුළත් වූ පොතක් බ්‍රිටිෂ් කවුන්සලයෙන් මිලට ගෙන තරමක පුහුණුවක් ලැබුවෙමි.
මා ලැබූ ඉහත බෑන්ඩ් අටේ විභාග ප්‍රතිඵලය නිසා මා අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ 1995 දී ය. එදා සිට දැන් විසි එක් වසරක් ජීවිතය මෙරට ගෙවී ඇත.
මා මේ ලිපියෙන් කියන්නට අදහස් කළේ, සාමාන්‍ය නයා ඇරීම් යැයි පැවසෙන විස්තර කිරීම් ඇත්තට ම අපට අත්පත් කර ගත හැකි දිරා යන භෞතික දේ වුව ද, මේ ආකාරයේ නයි ඇරීම් සඳහා උපයෝගී කර ගන්නා අධ්‍යාපනික සමත්කම් පිළිබිඹු වෙන නිමිති නම් සදාකාලිකව එක සේ වැදගත් කමෙන් යුතු දේ බවයි.
ස්වභාවික අනතුරුවලින්, සොර සතුරන් ගෙන්, රාජ සන්තක වීමෙන් මේ ආකාරයේ දේ කිසි දිනක නැති නොවේ.
"උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා!" යැයි ඒ ප්‍රසිද්ධ කවියේ කියවෙන්නේ ඒ නිසා ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
"ඉතිං රසික, ඔයා ඒ ප්‍රතිඵල එක්ක ඕස්ට්‍රේලියාවට ගියාම මොකද එහේ අය කිව්වේ?"
"ආ, මාව කෙළින් ම ගත්තා මෙහේ සුද්දන්ට ඉංග්ලිෂ් උගන්වන ජොබ් එකකට!"
(image: http://transyl2014.blogspot.com.au/2015/06/blog-post_12.html)
අර Date of birth එකේ අවුරුද්ද පේන්නෙ නෑනෙ බං
ReplyDeleteඒක උප්පැන්නයේ බලන්න. මෙය ඉංග්ලිෂ් භාෂාව පිළිබඳ ප්‍රවීනතා සහතිකයකි.
Deleteරසිකත් අර ඉන්දියාවේ ප්‍රකට විහිළු කතාවක ඉන්නා උපන්දිනය කවදාද ඇහුවාම නොකියා, ඊ මේල් එක ඇහුවාම pooja1992@gmail.com කියන ගෑල්ලමයා වගේමයි.
Deleteඅර Date of birth එකේ අවුරුද්ද 1962 ය.
Delete@ ano 0:58
Deleteවිහිළු නොකර ඉදිං , මගෙ පපුවත් මොකද්ද උනා.
කම්මල ---->> විහිළු නෙවෙයි.... ඒක තමයි ඇත්ත.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteදැන් පොරක් ඇවිල්ල ගයිඩ් ඉන්ග්ලිෂ් වලින් කෙලල අරී හීනමානෙ පෙන්නනවා කියල
ReplyDeleteසොරි, අදාල නැත!
Deleteමේ කමෙන්ට් එක අදාල නොවන්නේ කෙසේදැයි මට නම් නොතේරේ. කෙනකුට මෙය හීනමානය ප්‍රදර්ශනය කිරීමක් සේද පෙනෙන්නට පුළුවන් කියා මටත් සිතේ. (මා ඒ ගැන කොහොම හිතුවත්)
Deleteඅදාල නැතැයි කිව්වේ, මා මේ කළේ, මගේ එක් සුදුසුකමක් (a qualification) ගැන, නයෙක් ඇරීමක් නිසාය.
Deleteමෙය මානයක් නම්, ඒ හීනමානයක් නොව අධිමානයකි.
මොනවද රසික ඔයා මේ දැන් දැන් ලියන්නෙ? අර කතන්දරකාරය කාලෙ තිබ්බ කොලිටි එකට මොකද උනේ??
ReplyDeleteඔය උඩින් ඇති ඡායාරුපයේ නළුවෙකු රඟන්නේ ඩ්‍රැකියුලා ගේ චරිතයයි. අප දන්නා ඩ්‍රැකියුලා පොත සිංහලට පරිවර්තනය කළේ චන්ද්‍ර අනගිරත්න ය.
Deleteතමන් රිවිරැස පත්තරයට ලියූ සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන් තීරු ලිපියේ එක් කොටසක ලියූ කතාවක් තුළින් නයා ඇරීම යන යෙදුම සිංහල භාෂාවට එක් කළේ ද චන්ද්‍රා අනගිරත්න ය.
මම කවදාවත් IELTS කරලා නෑ.. වතාවක් තායිලන්තේදී ට්‍රේනින් එකක් අතරතුර ඒ වගේම ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරා.. හෙඩ් ෆෝන් දාගෙන ඇහෙන දේ තේරුම් අරන් අතේ තියෙන ප්‍රශ්න පත්තරේකට උත්තර දෙන.. මගේ ලංකාවේ කෝස් මේට් ඇතුළු සීයක් විතර අපි ලියපු ටෙස්ට් එකෙන් පාස් වුනේ මං විතරයි.. හැක්. මට ක්‍රිකට් මැච් කමෙන්ට්‍රි අහල පුරුදු නිසා උන් කියපුව තේරුණා.. අනිත් උන්ට මෙලෝ මලදානයක් තේරිලා තිබ්බේ නෑ..
ReplyDeleteමා පෙනී සිටි විභාගයේ කොටස් හතරකි. ඉංග්ලිෂ් කතා කරන හැටි අසා අවබෝධ කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඉන් එක කොටසකි.
Deleteවඩාත් අසීරු වන්නේ ලියා ඇති දෙයක් කියවා එයින් අස ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමයි. අපේ වාග්කෝෂයේ තත්වය හෙළිවෙන්නේ එහි එන සමාන වචන පිළිබඳ ප්‍රශ්නවලිනි.
කල්‍යාණ මිත්‍ර ගේ නයි දෙන්නා දුටිමි.
Deleteතායිලන්තේ මා ද ගොස් තිබේ.
සත්තුවත්තෙ සර්ප සෙක්ශන් එකට ආව වගේ
Deleteහුකා.. මම මේ ඇත්තමයි කියුවෙලා.. :(
DeleteIs this academic or General ?
ReplyDelete/* මා අයිඊඑල්ටීඑස් විභාගයට පෙනී සිටියේ මීට වසර විසි හතරකට පමණ පෙර 1992 දී, කොළඹ දී ය. ඒ මා ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය සඳහා යොමු කළ අයැදුම් පතට අනුව කෙරුණු මගේ කුසලතා අගැයීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, මේ පරීක්‍ෂණයට පෙනී සිට මගේ ඉංග්ලිෂ් ඉංග්ලිෂ් භාෂා දැනුම පෙන්වන ලෙස, මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ දැනුම් දීමක් අනුව නොකරම බැරි නිසා මුහුණ දුන් විභාගයකි. */
Deleteඑහෙනං මේකයි ඒ னයා නේද?
ReplyDeleteමේකා පෙනේ ඇති නයෙකි!
Delete"ප" යන්න දැක්කේ නැත.
Deleteබෑන්ඩ් එයිට් හි අටේ (8) ඉලක්කම නිකං පෙනෙයක් වගේ නොවෙයි ද?
Delete/නයා ඇරීම් යැයි පැවසෙන විස්තර කිරීම් ඇත්තට ම අපට අත්පත් කර ගත හැකි දිරා යන භෞතික දේ වුව ද, මේ ආකාරයේ නයි ඇරීම් සඳහා උපයෝගී කර ගන්නා අධ්‍යාපනික සමත්කම් පිළිබිඹු වෙන නිමිති නම් සදාකාලිකව එක සේ වැදගත් කමෙන් යුතු දේ බවයි./
ReplyDeleteඑකඟ නැත. භෞතික ප්‍රාග්ධනය මෙන්ම මානව ප්‍රාග්ධනයද ක්ෂය වීමට බඳුන් වේ. එමෙන්ම අවසානයේදී යම් දිනක කල් ඉකුත් වේ. වෙනසක් ඇත්නම් ඒ මේ ක්ෂය වීම සිදුවන වේගයේය.
විද්‍යාඥයෙකු ගේ මිනුම්වල නිරවද්‍යතාව, ඉංජිනේරුවෙකුට අවශ්‍ය නැත. ආර්ථික විද්‍යා විශ්ලේෂණයන්හි දී එතරම්වත් නිරවද්‍යතාවක් අවශ්‍ය නැති බව මගේ අදහසයි.
Deleteඋගත් දේ යාවත්කාලීන නොවුන විට කල් ඉකුත්වන මුත් සහතික එසේ නොවේ. උපාධි සහතිකයකින් කියන්නේ ශික්‍ෂණයක් ලැබූ බවයි.
ඔබ කියන කල් ඉකුත්වන දිනය එළැඹෙන්නේ අපේ ප්‍රයෝජනවත් ජීවිතකාලයෙන් පසු ය.
මෙහි දක්වා ඇති කුසලතා සහතිකය, සමහර විට මා ලංකාවේ ම සිටියා නම් උපාධි සහතිකයකට වඩා මලකඩ කන්නට ඉඩ තිබුණි.
IELTS සහතිකය වසර දෙකකින් පසු වලංගුතාවය නැතිවේ.
Delete//විද්‍යාඥයෙකු ගේ මිනුම්වල නිරවද්‍යතාව, ඉංජිනේරුවෙකුට අවශ්‍ය නැත. //
DeleteNuclear engineering, NanoEngineering වැනි ක්ෂේස්ත්‍රවල ඉංජිනේරුවන්ගේ මිනුම් වලට විද්‍යඥයෙකුගේ මිනුම්වල නිරවද්‍යතාවම අවශ්‍ය වෙන අවස්ථා තිබිය හැකිය.
මිගාර,
Deleteවසර දෙකක් නොව සංක්‍රමණික වීසා ලැබුණු දිනයේ සිටම ඔය සහතිකය අනවශ්‍යයි!
කෙන්කියුෂා
Deleteඑසේ වුව ද, සෑම ඉංජිනේරු සැළසුමක දී ම සේෆ්ටි ෆැක්ටර් එකක් එකතු කරන නිසා, සුක්‍ෂම නිරවද්‍යතා සියල්ලම අහෝසී වී යන බව මගේ අදහසයි.
නියුක්ලියර් වැඩවලදී ඒ සේෆ්ටි ෆැක්ටර් එක විශාල අගයක් විය යූතුයි!
ටුවරිස්ට් ගයිඩ්ල ගොඩකට ඒඩ්ස් බෝවෙළලු නේද? කකා ඒ ගැන මොකද හිතන්නේ?
ReplyDeleteසොරි, අදාල නැත!
Deleteමතකත් නැහැ. 9, 9, 8.5, 7.5 ද කොහෙද? නයි ඉන්නවනම් එවන්න ඇරලා දෙන්නම්
ReplyDeleteකොහෙද සරණ දුවන දිවිල්ලට වැඩලා අල්ලන්න පුළුවනෑ ලොකු හාමුදුරුවනේ?
Deleteරසික ගල්කන්දේ ධම්මානන්ද කියන වාමවාදී දෙමළ ජාතිවාදය අවුස්සන බෞද්ධ ස්වාමීන්වහන්සේගේ IELTS ස්කොර් එක කීයද දන්නවාද?
Deleteසුජීව ඉගෙන ගත්තේ ඇඩිලේඩ්වල නේද? මං හිතුවේ එවිට සංක්‍රමණය සඳහා මේ IELTS විභාග අනවශ්‍යය කියලායි!
Deleteනැහැ රසික ඒකට පොයින්ට් පහයි දුන්නේ. ඕස්ට්‍රේලියානු නගරයක ජීවත්වී තිබීමට.
Deleteඕකයි තත්වේ
Got 7.5. Was enough to get Tier 5 visa for UK.
ReplyDeleteපට්ට සිංහල බෞද්ධ ජාතිකවාදීන්ටත් පර සුද්දගෙ අහවල් එක ලොකු වුණාලු හීන්බබා සීයේ.
Deleteඇනෝ වල්ගය පාගාගෙන ඇති බව පැහැදිලිය. පර සුද්දාගේ "5 වෙනි කාණ්ඩයේ වීසා" යනු කුමක්දැයි නොදැන් නන්දොඩවයි.
Deleteඅනේ අපි දන්නෙ නෑනෙ. කියල දෙන්නකො ලොකු දොස්තර මහත්තයෝ, හැබැයි ඔයා හැමදාම කරනවා වගේ මෙතැනත් කුණුහරුප වපුරන්නෙ නැතුව හොඳේ...
Deletehttps://www.gov.uk/tier-5-government-authorised-exchange/overview
DeleteYou can apply for a Tier 5 Temporary Worker - Government Authorised Exchange visa if you:
want to come to the UK for a short time for work experience or to do training, an Overseas Government Language Programme, research or a fellowship through an approved government authorised exchange scheme
have a sponsor
are from outside the European Economic Area (EEA) and Switzerland
meet the other eligibility requirements
මිගාර යූකේ ගියේ ෆෙලෝෂිප් ටේර්නින් එකට නේද?
Deleteදැන් කොහෙද වැඩ? හොඳ හොස්පිටිතාලයක් ලැබුණැයි
"ඉංග්ලිෂ් නම් මොනවාද එංගලන්තේ හිගන්නොත් කතා කරන්නේ"යනුවෙන් විහිළුවක් අසා ඇත.
ReplyDelete"TOFEL" විභාග නම් මොනවාද ?
TOEFL (Test of English as a Foreign Language) යනු IELTS හා සමාන ඇමරිකානු විභාගයයි.
Deleteගයිඩ්ලටලු නේද ලංකාවේ හොඳටම ඉංගිරිසි කතා කරන්න පුළුවන්.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමේ කතාව තුල රසික අනිවාර්යයෙන්ම දඟලන්නේ ඉංග්ලිෂ් අන්තවාදයේ ක්‍රියාවක් සාධාරණීකරණය කරන්න තමා. ඊට හේතුව සමහරවිට රසික දරනවා කියන වමට බර මතවාද වෙන්නට පුළුවන්. නොඑසේ නම් "පීඩිතයා" ලෙස හඳුනා ගන්න එකා වෙනුවෙන් පෙනී සිටීම වෙන්න පුළුවන්. රසිකගේ අකමැති [සිංහල බෞද්ධ] පාර්ශ්වයට එරෙහිව අනිකා වැළඳ ගැනීම වෙන්න පුළුවන්. වෙන දාහක් හේතු තියෙන්න පුළුවන්. මං කියන්නේ රසිකට අයිඊඑල්ටීඑස් කරන්න තිබ්බ කියා රසික දෙන වර්ගයේ හේතු දාහක් රසික මෙහෙම කියන්නත් තියෙන්න ඇති, හැබැයි රසික මහතාණනි මේ කතාව තුල ඔබ ඉංග්ලිෂ් අන්තවාදය සාධාරණීකරණය කරනවා. ඒකෙ ආයිත් හෝදන්න දෙයක් නැහැ.
ReplyDeleteමොනවද මේ ලියලා තියෙන්නේ.
Deleteමේ කියන අන්තවාදයක් මම නොදනිමි. මා ඕස්ටේර්ලියාව සංක්‍රමණය කරන්නට අයැදුම් කළ විට මේ විභාගය කරන්නට නියම විය. එපමණයි!
අනේ රසික,
ReplyDeleteපහේ සිස්සත්තේ සැටිපිකෙට් එකේ කොපියකුත් දාන්ටකෝ.
එහෙම සහතිකයක් ලැබුණා යැයි මතක නැත.
Deleteමෙන්න පහේ පන්තියේ විභාගයෙන් මා සමත් වී ලොකු ඉස්කොලේට ගිය හැටි ගැන විස්තරයක්.
http://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html
මමත් ඔවැනි අසා තේරුම් ගෙන පිලිතුරු ලිවීමේ මෙව්වා එකකට මුහුන දුනිමි.කෙස්ගහින් එයින් සමත් උවත් . පසුව තේරුම් ගියේ සැබෑ පරිසරයේ ඉන්ගිරිසි හැසිර වීම සහ අසා තේරුම් ගැනීම ඔයාකාර පරික්ශන වලට මුහුන දීමටවඩා පහසු බවයි. සමහර විට ඒ විභාග චකිතය නිසා වෙන්න ඇති.
ReplyDeleteඑයට හේතුව විභාගයේ දී අපට ඇසෙන්නේ පටිගත කළ හඬක් වීමයි. නමුත් මුහුණට මුහුණ ලා කතාබහ කරනවා විට අංග චලන සහ අනෙකුත් පරිසර සාධක මත කතා බහ තේරුම් ගැනීමට පහසු වේ!
Deleteඅද දිප්පිටිය මාමා නැති වුණාට කාලෙකින් දිප්පිටිය මාමාගෙ යාලු මාමලා දෙන්නෙක් ඇවිල්ලා මේ පැත්තෙ.
ReplyDeleteකොහොමත් අපි දිප්පිටිය මාමගේ රසිකයෝ නේ.
Deleteදිප්පිටිය මාමගේ වේශයෙන් එන්නෙත් රසිකම නේ!
ඇත්තටම දිප්පිටිය අංකල් කාළෙකින් දැක්කේ නෑ. අර රුචිට ජාතිවාදී පුතා ලංකාවට ඇවිල්ලා වෙන්නැති!
Deleteමමත් මේක යම්කිසි කාලයකදි කලා. ලකුණු 6 කෑලි වගේ මතක. 7 & 8 පලාතකවත් යන්න බැරි වුණා
ReplyDeleteඅපරාදේ. ඒ කාලේ ගයිඩව අඳුරගෙන හිටියනම ඉගෙන ගන්න තිබ්බ
Deleteමේක කඩඉම් විභාගයක් නේ. අවමය තිබුණා නම් සංක්‍රමණයට සෑහෙනවා.
Deleteගෙදර tv ගොඩක් මොකද ? හොද sound system එකක් දාල තැනක් හදාගත්තනම් නයා තවත් ලස්සනයි.
ReplyDelete/* නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක මග හැර උඩ තට්ටුවට ගොස් */
Deleteනයට සවුන්ඩ් අරහං, ඒ පැත්තේ යන්නේ නෑ!
මම මුලින්ම IELTS ගැන දැන ගත්තේ 1980 ගණන් වල අපේ මාමා ඕක කරන කාලේ. මාමටත් රසිකට වගේම රට යන්න ආසාවක් තිබුණා. සීයා හාමුගෙ බක් ෆියට් එක විකුණලා තමයි මාමාව රට යවන්න හිතාගෙන හිටියේ. හැබැයි රසික වගේ නෙවෙයි මාමාට ඒක පාස් වෙන්න බැරිවුණා. ඊට පස්සෙ මාමා හඳහන් බලන්න පටන් ගත්තා. ඒ මොකද හඳහන් බලන්න එන මිනිස්සු එක්ක කතා කරන්න IELTS ඕනැ නැහැනෙ.
ReplyDeleteහා!
Deleteලැප්ටොප කිහිපයක්ම තිබෙන්නේ ඒවායින් හනිකට 'ඇනෝ' දමන්ට වෙන්ටෑ මයේ හිතේ.
ReplyDeleteඔහොම යන් රසික ඔහොම යන්
අනේ ගොනෝ, ඇනෝ දාන්න මොකටද බන් ලැප්ටොප් ගොඩක්.
Deleteනූගත්කම පෙන්නන්නේ නැතිව හිටපන්
අනේ ඇනෝ නෝනෝ , බොහොම ඉස්තුතියි තාත්තට වගේ ආමන්ත්‍රණය කළාට.
Deleteඅර මක්කටෙයි ලැප්ටොප් ගොඩක්, රසික තුමාගේ ගෙදර කඩයක්ද ?
හැබැයි ඉතින් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යන එක නම් හොඳ නෑ .
මම මේ උගත් රසික මහත්තයට බල්ලා කියනවා හෙම නෙවේ. you know what I mean.
නයා අරින කොට ලියන විදියවත් දන්නේ නෑ වගේ!
Deleteඉතින් රසික ඔයාමනේ නයා ඇරලා ලිව්වේ. මමයැ
Deleteරසික , IELT අමාරු නැ ඉංග්‍රිසි භාවිතය නිතර සිදු වෙනවා නම්..දෙමාපියන් දරුවන් මුල සිට ඉංග්‍රිසී භාවිතයට යොමු කරනවා නම් ලොකු අවුලක් නැ,, ඉංග්‍රිසී සාහිථ්‍ය විශය O/L වලට හදාරනවා නම් හරි අගෙයි. මට නම් PR වලදි අවශ්‍ය උනේ ලිපියක් බාර දීම පමණයි මගේ ඉංග්‍රිසී දැනුම සහතික කරපු.. අපි ලොකු කට්ටක් කැවෙ නැ PR ගන්න.
ReplyDeleteමේ 1992 දී පමණ තිබුණු සංක්‍රමණ විසා දෙන ක්‍රමයයි. ඔබ ඒ දිණවල කුඩා ළමයෙකු විය යුතුයි. කලින් කලට මධ්‍යම රජය විසින් ක්‍රමවේද වෙනස් කරනවා.
Deleteඔබ දන්නා පරිදි දිගු කලකට පෙර මෙරටට එන්න සුදු හමක් තිබීම අනිවාරය අවශ්‍යතාවක් වෙලා තියෙනවා.
https://en.wikipedia.org/wiki/White_Australia_policy
ඒක සාහිත්‍යය හෝ වෙනත් විෂයක් හදාරා ලබා ගත හැකි දෙයක් නොවෙයි!
මම දන්නා විදියට සංක්‍රමණය වෙන කට්ටිය අයදුම්පතට ලකුණු එකතු කරගන්නත් IELTS කරනවා ..
Deleteතමන් අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියල ලියුමකින් සහතික කරන්න පුළුවන් නම් හරි, ඉංග්‍රීසි මව් භාෂාව වන රටකින් හරි නම් එන්නේ, IELTS එයාලට අනිවාර්ය නැහැ - ඒත් කරොත් ලකුණු ටිකක් එකතු වෙනවා.
දැන් නිත්‍ය වීසා දෙන්නේ අයදුම් පත් පූල් එකකට දාල වැඩි ළකුණු තියෙන අය ඒ පූල් එකෙන් තෝරලා. එංගලන්තෙන් එන අයත් සමහරක් විට IELTS කරන්නේ ඒකයි! how ironic is that! :D
@ ηiRσ
Deleteදවසක් මෙල්බර්න්වලදී (2001) අපේ ගෙදර ස්ටීම් ක්ලීන් කරන්න ආපු මනුස්සයා ගේ කතා විලාශය වෙනස් නිසා මං ඇහැව්වා ඔබ් ඔය ඇක්සන්ට් එක මොකක්ද කියලා.
මිනිහා සංක්‍රමණය කරලා තියෙන්නේ එංගලන්තයෙන්!
අමු ම අමු ඉංග්ලිෂ් පොරක්!
අම්මප එහෙනං රසික පුත්තරය ඔස්ටරේලියාවෙදීත් නයිය පැටෙව්වා !!!
ReplyDeleteමාත් එහෙනම් නයෙක් අරින්නද?
ReplyDeleteමගේ IELTS score එක:
Reading : 9
Writing : 8
Listening : 9
Speaking : 9
2008 දී ද කොහෙද මතක විදියට. :D :D
මේ මොනවා අහනවැයි මයෙ පුතේ? නයිය තමුන්නෙ නං කොහොම පැටෙව්වාම මොකෑ? හැබැයි අර රොබර්ට් පුතා කරන්නැහැ අනුන්ගෙ නයි පටෝන එකනං වස නාකයි.
DeleteAnonymous12 September 2016 at 11:50
Deleteමචන් පුතෙක් නෙවෙයි මයෙ හිතේ ඔය උඩ කමෙන්ටුව දුවෙක්ගෙ. දුවෙක්ට ඔය වගේ කතා කියන්න එපා පවු.
@Niro
නිරෝ, අපවැනි බ්ලොග නොලියන නමුත් කියවීම පමණක් කර ඇනෝ කමෙන්ට්ස් දාන ඇතැම් ආතල් ඇනෝලාගේ නසරාණි කමෙන්ට් නිසා ඔබට සිත් රිදවීමක් ඇති වුණි නම් ඒ වෙනුවෙන් මා සමාව ඉල්ලා සිටිමි.
ස්තුතියි !
අති විශිෂ්ඨයි නිරෝ!
Deleteමම කිව්වේ PR ගන්න එක ගැන නෙමේ රසික. IELTS ගැන....
DeleteHappy Birthday Rasika, on the 27th of next month
ReplyDeleteස්තුතියි.
Deleteමෙන්න උපත.
https://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
මෙන්න පළමු උපන්දින සැමරුම:
Deletehttps://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html