Thursday 6 December 2018

අජිත් පැරකුම් ජයසිංහ සාරප්‍රභාගිර ගුවන්විදුලි වැඩසටහනේ දී රසික සූරියආරච්චි සමග කළ සාකච්ඡාව - Ajith Perakuma Jayasinghe in conversation with Rasika Suriyaarachchi


සාරප්‍රභාගිර යන වචනයේ සැබෑ තේරුම මම නොදනිමි.

මා දන්නේ එය සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයෙන් ප්‍රභාරය වෙන වැඩ සටහනක් බව පමණකි.

පසුගිය සැප්තැම්බරයේ මා ලංකාවට ගිය කාලයේ දී අජිත් පැරකුම් ජයසිංහ තමන්ගේ සාරප්‍රභාගිර වැඩසටහනට සහභාගී වෙන ලෙස මට ආරාධනා කළේ ය.

මම ඉතා සතුටෙන් ඒ ආරාධනය පිළි ගත්තෙමි.

සැප්තැම්බර් 28 වෙනි සිකුරාදා උදෑසන ගුවන්විදුලි සංස්ථාවට ගියෙමි. සාරප්‍රභාගිර සාකච්ඡාව පැයක් පමණ වේලාවක් පැවැත්වුණි.

විකාශනාගාරය ඇතුළත දී, මා අත තිබූ ටැබ් උපකරණයෙන් ඒ සාකච්ඡාවේ ඩිජිටල් පිටපතක් සටහන් කරගන්නට මට හැකි විය.

පහත ඇත්තේ ඒ හඬ සටහනේ යූටියුබ් සංස්කරණයයි.



කැමති, අවැසි අයගේ ප්‍රයෝජනය පිණිස ය.

මා ඒ සාකච්ඡාව සටහන් කර ගත්තේ මෙසේ පළ කරන්නට සිතා ගෙන ම නොවේ.

පසුගිය දිනවල වෙනත් අයෙකු රූපවාහිනියේ කළ කතාවක් පිළිබඳ සිනුවර දී ඇතිවුණු සාකච්ඡාවක් නිසා මෙය පළ කරන්නට සිත්විය.

ස්තුතියි.

රසික සූරියආරච්චි

(image: )

34 comments:

  1. රසික සූරියආරච්චි, අජිත් පැරකුම් එක්ක ගුවන් විදුලි සංස්ථාවේ සාකච්චාවට ගිහිං සති දෙකක් ගියේ නෑ පැරාගේ රස්සාව නැති උනා එකේ.

    මේ රසික කියන මිනිහා හෙන මුසල ඩයල් එකක්නි බලං ගියාම.

    ReplyDelete
    Replies
    1. රේඩියෝ ඩයල් එකක්.

      පැරාගෙ සතියකට පැයක තාවකාලික රැකියාව විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ ගේ පූර්ණ කාලීන අගමැති ජොබ් එක සහ ඇමතිලා සහ උන්ගේ කාර්යමණ්ඩලවල රැකියාත් නැති උනා නොවැ!

      Delete
    2. රසික සුරියරච්චිගේ ඕස්ටේ‍්‍රලියානු සම්බදතා පාවිච්චි කර, ඕස්ට්‍රේලියානු පෙඩරල් හමුදාව ලංකාවට ඒවා සිරිසේන මාමාව ඔහෙට එක්කන් ගොස් ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාදී එම රටේ නාගරිකමන්ත්‍රී කෙනෙක් කරනා මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

      Delete
    3. @ Anonymous 7 December 2018 at 22:37

      ඇමති කාලේ මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයෙකු ඔසී සමාගමකින් කොමිෂන් එකක් (ඉලෙක්ෂන් වියදම් සඳහා ආධාරයක් ලෙස) ඉල්ලූ බවට නම් මෙහේ කලකට පෙර ආරංචියක් තිබුණා!

      Delete
  2. Replies
    1. ඔක්කෝම ඇහුවේ නැහැ. අසන්නන් තාමත් ගුවන්විදුලිය එක්ක මේ වගේ වැඩසටහන් වලදී සජීවිව සම්බන්ධ වෙනවා කියලා ඇත්තටම මං හිතන් හිටියේ නෑ.

      Delete
    2. ඒ වගේ කාරණා ඉතින් හිතන්න බෑ නේ, ගුවන්විදුලියට සවන් දීලා ම දැනගන්න ඕනෑ.

      ඕස්ට්‍රේලියාවෙත් මේ talk back radio කියන එක හරිම ජනප්‍රියයි.

      Delete
  3. මුල් විනාඩි 5 විතර ඇහැව්වා. දිගටම අහන්න නං කම්මැලි. බෝරිං. පැරාගේ කටහඩ නං රේඩියෝ එකට සෙට් වෙනවා. හැබැයි මිනිහා ටීවී එකට නං හරි යන්නේ නෑ. මිනිහා ටීවී එකට ආපු ප්‍රෝග්‍රෑම් දෙකක් මම බැලුවා. දවස් දෙකේම ඌ එකම ෂර්ට් එක ගහගෙන ආවේ. ඒ ඇරෙන්න වෙන වැදගත් දෙයක් ඒවායේ නෑ. ඌ හෙන ගූ බයෙන් වගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නෙත්. මයේ හිතේ මුණ කැත නිසා වෙන්න ඇති. රේඩියෝ එකේ උගේ මුණ කාටවත් පේන්නේ නැති නිසා පොර හෙන කන්ෆිඩන්ස් එකේ වැඩේ කරනවා වගේ.

    මේකේ පැරා එක්ක ඉන්න රසිකගේ කටහඩ අහපු ගමන් මට හිනා ගිහිල්ලා, කෙල ඉස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා ඕනි. ලාමක පී ටින් ටින් වොයිස්. රියල් පී ඩයල් වගේ. හෙක් හෙක්..

    ReplyDelete
    Replies
    1. ඔබට වැළඳී ඇත්තේ තරමක බරපතල රෝගයකි.

      මෙයත්, පිතත්, සෙමතං දෝෂ කෝප තත්ත්වයට පත්වී ඇති බව පෙනේ. හැන්දෑවට නෑම, බලයා කෙළවල්ලා වැනි මත්ස්‍ය ආහාර අනුභව කිරීම, අවේලාවේ ගමන්බිමන් යෑම නුසුදුසුයි.

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

      ;-)

      Delete
    2. ඊර්ෂ්‍යාව නැමැති රෝගය ඉතාම බරපතල ලෙස වැළඳී ඇති රෝගියෙක් - පව්

      Delete
    3. @ ලක්ෂාන්
      අසරණයෙක්. අනුකම්පා කරන්න!

      Delete
    4. මම මොකටද ඔයි ලාමක ටින් ටින් පී වොයිස් එකකට ඉර්ශියා කරන්නේ? හොක් හොක් හොක්..මට ඒක ඇහුනු ගමන් හිනා ගියා කියලා කිව්වේ..

      Delete
  4. Video එක බලන්නැතුව commcomm වලින් අදහසක් ගන්නයි ට්‍රයි කරල බැලුවෙ. ම්හු. බලන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක බලන්නම අවශ්‍ය නැහැ මචං. ඕනෙමනං විනාඩි දෙක තුනක් skip කර කර අහන්න.

      Delete
  5. කමෙන්ට්ස් වලින්

    ReplyDelete
  6. රසික කෝ ඔබේ ඕස්ට්‍රේලියානු පුරවැසියානු සහතිකය සහ මුදල් ගෙවා නැවත ලබාගත් ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් සහතික වල පින්තුර ඔබ එවා පල නොකරන්නේ තමන් කී බොරු එලිවී කුජිත වන නිසා නේද

    එමගින් ඔබ ලාංකීය පුරවැසිබව කාලයක් යනකම් අහිමි සිටි බව ඔප්පුවන නිසා ය

    මා නැවත වතාවක් ඔබට කියාසිටිනවා සංක්‍රමණය කල පරගැතියකු වශයෙන් ඔබ ඉන්න රටවී සිටින්න
    තවත් ලංකියන් හට ඔබෙන් කිසිම දෙයක් එපා ඔබ අපට පිළිකුලකි .

    රසික සුරියආරච්චි ඔබ "වංචාකාර කපටි බොරු කාරයකි" තවත් ඔබ කියන දෙ පිලිගනි කියාද ඔබ සිතා සිටින්නේ

    ජිවිතයට එකවරක් ලැබුනි කියන ඔය බ්ලොග් සම්මානය ඔබට සුදුසු ද ????

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මිතුර, සංක්‍රමණය කළ පුද්ගලයෙකු අයදුම් පත්‍ර ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා රජයෙන් අවසර ගන්නේ තමන්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය දිගටම තබා ගනිමින් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ය.

      ද්විත්ව පුරවැසිභාවය යනුවෙන් අදහස් කරන්නේ එයයි.

      මම උපතේ සිට මියයන දිනය දක්වාම ක තත්පරයක් අඩු නැතුව ලාංකික පුරවැසියෙක් මි.

      එසේම 1999 ජනවාරි 26 වැනිදා සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් මි.

      හා දැන් ගිහින් චු දාලා ඇවිත් ආපහු නිදාගන්න. බයි බායි.

      Delete
    2. මෙතුමාගේ තර්කය අනුව ඕස්ට්‍රේලියාවට/ ඇමරිකාවට ගිහින් දැන් මූණු‍ පොතේ වීරයන් වී සිටින සිංහල බෞද්ධ ජාතිකවාදීන්ද // සංක්‍රමණය කල පරගැතියකු /// ගණයට වැටෙනවා නොවේද?

      Delete
    3. රසික සූරියආරච්චි‍, ඔබ ගේ ශ්‍රීලංකා ද්විත්ව පුරවැසි බාවය සහතිකය ලබාගත් /නිකුත් කල දිනය කියන්න
      තවත් ඔබට ලංකාවේ සහ ලෝකයේ වෙසෙන පුරවසිනට තවත් බොරු කල නොහැක

      ඔබ එය සඟවන්නේ මන්ද ඔබ ඕස්ට්‍රේලියාවේ පුරවැසි බාවය ගත දිනම ඔබගේ ලාංකීය පුරවැසිබාවය අහෝසි වන බව සංක්‍රමික නිතිඥ් කටයුතු කරන මහතුන් පවා පවසා සිටි නීතියට වංචා කල නොහැක
      සිඩ්නි නුවර M පනාගොඩ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඔබට අවශ්‍යනම්

      ඔබ වංචා කාරයක් කපටියෙක් බොරු කාරයෙක් නොවන්න අපට පිළිගන්න ශ්‍රීලංකා ද්විත්ව පුරවැසි බාවය සහතිකය ලබාගත්/ නිකුත් කල දිනය කියන්න ඕක හරිම සරල දෙයක්.

      ඔබේ ඕස්ට්‍රේලියානු පුරවැසි බාවය ගත දිනය අපට වැදගත් නැත.

      රසික සුරියආරච්චි ඔබ "වංචාකාර කපටි බොරු කාරයකි" තවත් ඔබ කියන දෙ පිලිගනි කියාද ඔබ සිතා සිටින්නේ

      වංචාකාර ඔබ ජිවිතයට එකවරක් ලැබුනි කියන ඔය බ්ලොග් සම්මානය ඔබට සුදුසු ද ????

      ස්තුතියි. ජයසුමන

      Delete
    4. @ Anonymous 7 December 2018 at 20:15 aka ජයසුමන

      ජයසුමන

      ඔබ මා ගැනත්, ඔසී රට ගැනත් දැඩි උනන්දුවක් දක්වන බවත්, මා මිත්‍ර මෛත්‍රීගේ නම දන්නා බවත් පෙනෙන නිසා පිළිතුරක් ලියමි.

      ද්විත්ව පුරවැසි සහතිකය කියා ලියවිල්ලක් මා දන්නා තරමින් නැත.

      ලංකාවෙන් නිකුත් කරන්නේ, ඔබ වෙනත් රටක පුරවැසිකම ලබා ගත් පසු ද, තව දුරටත් ලාංකික පුරවැසිකම තබා ගැනීමට අවසර දෙන ලිපියකි. ඒ 1998 දී පමණ පැවති තත්වයයි.

      ලාංකිකයෙකු එසේ අවසර නොගෙන වෙනත් රටක පුරවැසිකම ලබා ගත් මොහොතේ ම, ලාංකික පුරවැසිකම අහෝසිවන බව සත්‍යයකි.

      උපන් දිනයේ ම, ඒ උපත අනුව ලාංකිකයෙකු වන මගේ ඒ ලාංකික පුරවැසිකම එකදු තත්පරයකටවත් අහෝසි වී නොමැති ය යන්න ද සත්‍යයකි.

      මේ කරුණු නැවත ලිවීමට කාලය මිඩංගු කළේ මුලින් ම කී කරුණු තුන නිසා ය.

      ඔබ ඔසී රටට එන්නට පෙර ම අවශ්‍ය නම් ඒ අවසරය රැගෙන එන්න.

      ඔබ සිනුවරට පැමිණීමට අදහස් කරනවා නම් මට ඊ-මේලයකින් දන්වන්න. මෙහි දී හැකි උදව්වක් කරන්නම්.

      Delete
    5. ඔබ මිත්‍ර මෛත්‍රී පනාගොඩ මහතා ඔබට කලින් අපද දන්නා හදුනන මහතෙකි

      ශ්‍රීලංකා ද්විත්ව පුරවැසි සහතිකය කියා ලිවිල්ලක් ඔබදන්නේ නැති බව කියා ඔබ තවත් වංචාවක් බොරුවක් කියයි

      ලාංකික පුරවැසිකම තබා ගැනීමට අවසර දෙන ලිපියකිනි .... ඉති ඔබ සතුව මෙවන්ලිපියක් ඇත්නම් එය නිකුත්කළ දිනයත් එයත් පල කරන්න.
      එවිට එය ශ්‍රීලංකා ආගමන විගමන කාර්යාලයේන් හෝ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල හෝ සිඩ්නි නුවර ශ්‍රීලංකා කොන්සෝල් කාර්යාලයන් නිකුත් කරන එම ලිපියක් මුදාව සහිතව තිබේදැයි බලා එය සතයක් බව අපට නිගමනය කල හැක

      එසේනොකර කෙස් පැලෙන නීති තර්ක ඉදිරිපත් කලත් පලක් නැත මොන වැල්වටාරම් ලියා පලකලත් අපට වැදගත් නැත

      අපට ඔසී රටට් එන්න මෙකල අවශ්‍ය තාවයක් නැත ඔබ ඔසී රටට එන්නට පෙර 80 දශකයේ අග අගභාගයේ සිට කීප වතාවක්ම පැමිණි සේම මෑතක් වනතුරුත් ඔසී රටට පැමිණ නැවත ලංකාවේ සේවයට වාර්තා කර ඇත

      රජ කාරී කටයුතු සඳහා ඔසී රට පැමිණීමේදී ඔබේ උදව් කිසිවක් මට මගේ කණ්ඩායමේ කිසිවෙකුට අවශ්‍ය තාවයක් නැත.
      ශ්‍රී ලංකික පුවසියන්වන් වන අපට කිවයුත්තේ .... රසික සුරියආරච්චි ඔබ "වංචාකාර කපටි බොරු කාරයකි" තවත් ඔබ කියන දෙ පිලිගනි කියාද ඔබ සිතා සිටින්නේ

      වංචාකාර ඔබ ජිවිතයට එකවරක් ලැබුනි කියන ඔය බ්ලොග් සම්මානය ඔබට සුදුසු ද ????

      ස්තුතියි. ජයසුමන

      Delete
    6. ජයසුමන වෙත,

      මා මෙතෙක් වේලා සිතාගෙන සිටියේ ඔබ ඕස්ට්රේලියාව ගැනත් ද්විත්ව පුරවැසිකම ගැනත් උනන්දුවක් දක්වන්නේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරිමට අදහස් කරගෙන සිටින පුද්ගලයකු නිසා ය කියයි.

      සිනුවරට එනවා නම් දන්වන්න කියා කීවේ නවක සංක්‍රමණයෙකුට කළ හැකි යම් කිසි උදව්වක් තිබේ නම් ඒ සඳහා ඉදිරිපත් වීමක් වශයෙනි.

      ඔබගේ අවසාන පිළිතුරෙන් මට පෙනී ගියේ ඔබ මා සමග ඇති කුමක් හෝ ඇරියස් එකක් කවර් කර ගැනීමට වෙර දරනා අමන පුද්ගලයකු ලෙසයි.

      ඔබට පිළිතුරු ලිවීමට ගත කරන මේ කාලයද නිෂ්ප්‍රයෝජන ය.

      ඔබ ඉල්ලා සිටින ආකාරයට මගේ ලිපි ලිපිලේඛන ඔබට ඉදිරිපත් කිරීමට ඔබ කවුද?

      අනේ පලයන් මචං යන්න!

      ඔබට මා පිළිබඳව එතරම්ම කැක්කුමක් තිබේ නම් අදාළ ආයතනවලට පැමිණිලි කර හැකි දෙයක් කරන මෙන් අභියෝග කරමි.

      කෙසේ වෙතත් මගේ අනුකම්පාව ඔබට හිමිවේ.

      එසේම ඔබට වැලඳී ඇති ඔය රෝගයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ද පතමි.

      Delete
    7. රසික සුරියආරච්චි අපට ඔබ සමග කුමන ඇරියස් එකක්වත් නැත ඒවා ඇති කර ගැනීමටවත් අවශ්‍ය නැත
      අපට අවශ්‍ය සත්‍යදැන ගැනීම පමණය. ඔබ මෙසේ බොරුව සහ වංචාව සැමවිටම කිරීමෙන් ලාංකීය ජනසමාජය පමණක් නොව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින සමාජයත් ඔබව පිළිකුල් කරනවා ඇත

      අපිට ඔබෙන් ලිපි ලේඛන ඉල්ලන්න අයිතියක් නැති බව දන්නවා පමණක නොව නමුත් කුමන සමාජයක ජිවත්වන පුරවැසියන් වශයෙන් කෙසේ හෝ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවද දන්නෙමු එලෙසම ඔබ එය නොදන්නා එකත් අපට පිලි ගත නොහැක

      තවදුරටත් ඔබ ඔය කියන ලියකිවිල්ල දේවල් පෙන්වා ලොවටම ඔබ නිර්දෝෂී පුද්ගලයකු බව අවස්තාව තිබියදී සිතා මතා ඔබ එය මග හරින්නේ ඔබ වංචාකර කපටි බොරු කාරයෙක් වනබැවිනි

      මුළු සිංහල කියවීමට හැකි සමාජයේ හෑල්ලු වන්නේ කවර ආකරයෙන්ද යනවග නොතේරෙනවා විය නොහැක. ඔබ ජිවත්වන ඔස්ටේලියානු සිඩ්නි නුවර සමාජයේ මෙය කියවන පුදගලයින් හෝ අවම වශයෙන් මෛත්‍රී පනාගොඩ මහතා වුවත් මෙය කියවුවොත් ඔබ වංචා කපටි සත්‍ය වසන් කරන සමග ජනතාව නොමග යවන පුදගලයකු වන බවනම් පැහැදිලිය

      ඔබේ බාසා හැසිරවීමෙන් "ඉතින් අපිට පාන්ද කියා " අසා සිටියත් අප පුදුම වන්නේ නැත

      අපට ඔබගේ අනුකම්පාව අවශ්‍ය නොවේ අපට අවශ්‍ය අප මුලින් කි සත්‍යයි එනම් ඒ ලියවිල්ලේ කරුණු අන්ව ඔබ කියන ""උපන් දිනයේ ම, ඒ උපත අනුව ලාංකිකයෙකු වන මගේ ඒ ලාංකික පුරවැසිකම එකදු තත්පරයකටවත් අහෝසි වී නොමැති ය යන්න "" සත්‍ය බාවයි .

      අපට රෝගයක් වැළඳී ඇතිනම් අපට Bupa Health Insurance පුද්ගලික සමාගමෙන් ලබා ගත් පුර්ණ රක්ෂන යෙන් ඕස්ට්‍රේලියාවේ කුමන හෝ රජයේ හෝ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගත හැක නමුත් අපට නම් කිසිම ඉහින් බහිනා රෝගයක් නැත

      එලසම ඔබට ඔයප්‍රතිකාර අවශ්‍ය බොරුකීම සහා වංචාකර අයුරින් සමාජය රැවටීම යන රෝගයට ප්‍රතිකාර අවමවශයෙන් පැරමටා හෝ පෙන්රිත් නුවර රජයේ රෝහලෙන් නොමිලයේ ඔබට හිමි මෙඩිකෙයාර් කාඩ්පත ඉදිරිපත් ප්‍රතිකාර ලබාගන්න

      නැවතත් ශ්‍රී ලංකික පුවසියන්වන් වන අපට කිවයුත්තේ .... රසික සුරියආරච්චි ඔබ "වංචාකාර කපටි බොරු කාරයකි" තවත් ඔබ කියන දෙ පිලිගන්න කියාද ඔබ සිතා සිටින්නේ යනුවෙනි

      වංචාකාර බොරුකියන ඔබ ජිවිතයට එකවරක් ලැබුනි කියන ඔය බ්ලොග් සම්මානය ඔබට සුදුසු ද ????

      ස්තුතියි. ජයසුමන


      Delete
    8. ජයසුමන

      ඔබේ රෝගයට නිධානය මා සොයා ගත්තා. එය මේ ඔබ පුන පුනා පවසන මා ලැබූ සම්මානයක් බව පෙනෙනවා.

      මා පවසන දේ ඔබට නොතේරෙන්නේ හෝ පිළි නොගන්නේ ඒ නිසා මිස වෙනත් කරුණක් (ඔබේ අමන කම වැනි) නිසා නොවන බව දැන් පැහැදිළියි.

      මිතුර, ඔබ ඔබේ පැලේ ම සිටින්න.

      මා මගේ පැලේ ම සිටින්නම්.

      ගුඩ් බායි!

      Delete
    9. රසික සුරියආරච්චි ඔබේ සමමානය ඔබ සතුවම තබාගන්න අප එය කිවවේ මෙවන් බොරු කාරයින්ට එවනි සම්මාන නොසුදුයි කියන තර්කයේ සිටයි

      අපි හට ඉහත කි කාරණාව සම්බන්දව සත්‍ය පවසන්න. ඔබ වංචාව බොරුව ලොවට හෙළිවන නිසා එය නොකියා වෙනත් දේ පැවසීමෙන් පලක් නැත

      ඔබ කියන පරිදි ""මා පවසන දේ ඔබට නොතේරෙන්නේ හෝ පිළි නොගන්නේ"" ඔබ එම කරුණු සත්‍ය බවට අපට අවශ්‍ය දින සහ ලියකිවිලි නොපෙන්වන නිසා ය

      වංචාව සහ බොරුව කවරදාකවත් සැඟවිය නොහැක මත්මයාණෙනි! හැකිනම් පෙන්වන්න වෙන තර්කයන් අවශ්‍ය නැත එවිට අප ඔබ සර්වසාදාරණ පුද්ගලකු කියා පිළිගන්නම් මෙය මග හැර යාමෙන් පලක් නැත අපකීර්තිය ඔබටමය.

      ජයවේවා! ජයසුමන

      Delete
    10. ඉඳ ඉඳ එක වෙහෙර
      විිඳ විඳ දහම් මනහර
      සිඳ බිඳ දුක් සසර
      අහෝ දෙව්දත් නොදුටි මොක්පුර!

      https://rasikalogy.blogspot.com/2016/06/that-was-saturday.html

      !!!

      Delete
    11. බණ දහම් උපුටා තමන්ලියු ලිපි කියවන්නයි කියා කියා කෙතරම් පලකලත් තමන්ගේ වංචාව බොරුව කපටිකම සගවන්නට බැරිය. තමන්ගේ ජානවලින් සහ හැදියාවෙන් එන ඒ ජන්මගතිය ලේකයේ දියුණුයි කියන සමාජට සංක්‍රමණයවූවායි කියා වෙනස් වෙන්නේ නැති බව ඔබගේ මෙම වංචා සහගත බොරු කීම ලියා පල කිරීමෙන් ඔප්පු කර පෙන්වයි .

      ඔබගේ මෙමෙ හැසිරීම ගැන ලාංකික අප පුදුම නොවන්නෙමු අවම වශයෙන් ඔබ ඕස්ට්‍රේලියාවේ පුරවැසිබාවය ලබාගන්න විට දෙන දිවුරමට පටහැනිවත් ක්‍රියා කර ඇත

      මෙවන් පුද්ගලයින් සිඩ්නි නුවර සිංහල සමාජය ඉදරියේ හැසිරෙන්නේ ද මෙලස වංචාව බොරුව පෙරමග පෙන්වා දෙමිනි. එනුවර වැසියන්ගේ පිළිගනිම එයනම් ඒ සඳහා අපටද යමක් කල නොහැක

      බුදුන්ගේ බණ භාවනා කොපමන් ලියා පලකලත් තමන් බොරුව වංචාව සමාජය රැවටීම කරයි නම් එයින් පලක්වේද
      තමන් කල බොරුව වංචාවසහ කෙරුවාව එලිවුටවත් එය පිළිගන්න .

      ඕස්ටේලියාවේ තැපැල් කොට්ටාශ 2745, ග්ලෙන්මෝපාක් හි වොටර්ෆ්ර්ඩ් වේ අංක 66 වෙසෙන ඔබ ගැන තවත් කරුණු අපහට සොයාගැනීම අවශ්‍ය නම් එයද එතරම් අපහසු ද නොවේ. මෙය ඔබට කරන තර්ජනයක් සේ සැලකීමෙන් වලකින මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටුමු

      වුර්තිය පුර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව පුවත්පත්පත් වෙදිනියක් වන ඔබ පවුලේ සාමජිකාවගේ ක්‍රියාවලියට දිරි ගැන්වීමක් වශයෙන් ඔබගේ එම ක්‍රියාව ආදර්ශයක් වන පරිදි ද සත්‍ය ලොවට පවසන්න

      වංචාව සහ බොරුව කවරදාකවත් සැඟවිය නොහැක මත්මයාණෙනි! හැකිනම් සත්‍ය තාවය පෙන්වන්න. වෙන තර්කයන් අවශ්‍ය නැත එවිට අප ඔබ සර්වසාදාරණ පුද්ගලකු කියා පිළිගන්නම් මෙය මග හැර යාමෙන් පලක් නැත අප පුනා පුනා ඉලාසිටින්නේ සත්‍යයි

      ජයවේවා! ජයසුමන


      Delete
    12. ඔබට කුමන බුදු දහමක් ද?

      ඒ කවියෙන් මා කීවේ එකම පාසලේ ඉගෙනුම ලැබුවද ඔබට හිමි නිරය ම බවයි.

      මා ඈඳා ඇති ලිපියේ ඇත්තේ මා ඔබ මුණ ගැසූණු දිනය ගැන සටහනකි. එහි ඔබේ ඡායාරූපයක් ද ඇත.

      Delete
    13. රසික සුරියආරච්චි ඔබ තවත් වැරදීමක් සිදුව ඇත.ඔබ කුමන පාසලකට ගියාද කියා අපට වැදගත් වන්නේ නැත එය අපට අදාලද ද නැත අප ඔබ ඉගෙනගත් පාසලේ කියා කියන්නේ කෙසේද ඔබ බදුල්ල ප්‍රදේශයේ රජයේ කිසියම් පාසලක 70 දශකයේ මුල් භාගයේ ඉගෙනුම ලැබුවෙක් කියා කියා කියන්නේ ද
      අවම වශයෙන් අප ඔබව පින්තුරයකින් පමණක් දැක ඇත්තමු එයද ඔබ පලකරන් එවයිනි. මෙ මගින් ඔබ තවත් වංචාවක් බොරුවක් කියා සිටිමින් තවත් කිසිදාක නොදන්නා පුද්ගලයකුත් අපහාසටට ලක් කරති.

      ඔබ කැඩපතක් එදිරියට ගොස් මෙ වංචා කාරී බොරුකියා සමාජය රවට්ටන කපටි පුද්ගලයා කොපමන සත්‍ය සැගවීමට උත්සහ කලත් පලක් නොවන බව ඔබේ මුහුනෙන්ම හඳුනාගන්න.


      වංචාව බොරුව පමණක් නොව කපටි කමින් තවත් ලොව මුලා නොකර හැකිනම් සත්‍ය තාවය පෙන්වන්න.වෙන තර්කයන් අවශ්‍ය නැත එවිට අප ඔබ සර්වසාදාරණ පුද්ගලකු කියා පිළිගන්නම් මෙය මග හැර යාමෙන් පලක් නැත අප පුනා පුනා ඉලාසිටින්නේ සත්‍යයි ඔබ ලංකාවේ ද්විත්ව පුරවැසි බාවය
      ලැබුණු දිනය සහ එම ලියවිල්ල පෙන්වා සිටින්න

      ජයවේවා! ජයසුමන

      Delete
    14. රසික සුරියආරච්චි ඔබ අද දිනයෙවත් සත්‍ය පවසයි කියා අප බලාපොරොත්තුව සිටියා නමුත් එය සිතාමතාම මගහරිමින් කොමන්ට්ස් වැඩිකර ලබාගැනීමේ පරමාර්ථයෙන් එසේ කරනවාදෝ සැකයක් මතුවෙමින් ද පවතී. මෙමෙගින් පෙනීයන්නේ මෙය කියවන සමාජය ඔබ වංචාකර නීච පුද්ගලයකු සේ සලකා සිටීමයි

      එමනිසා තව දුරටත් වංචාව බොරුව පමණක් නොව කපටි කමින් තවත් ලොව මුලා නොකර හැකිනම් සත්‍ය තාවය පෙන්වන්න.වෙන තර්කයන් අවශ්‍ය නැත එවිට අප ඔබ සර්වසාදාරණ පුද්ගලකු කියා පිළිගන්නම් මෙය මග හැර යාමෙන් පලක් නැත අප පුනා පුනා ඉලාසිටින්නේ සත්‍යයි ඔබ ලංකාවේ ද්විත්ව පුරවැසි බාවය ලැබුණු දිනය සහ එම ලියවිල්ල පෙන්වා සිටින්න

      ජයවේවා!!!! ජයසුමන

      Delete
  7. ABC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක වන පැට්‍රීෂියා කාවෙලාස් ශරීරය වැඩිපුර නිරාවරණය වී ඇති ඇඳුමක් ඇඟලා සිටි බවට චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපගේ බරපතල විරෝධය මෙසේ ප්‍රකාශ කර සිටිමු.

    ඇයව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම ඉතා දරුණු ක්‍රියාවක් මෙන්ම විහිළුවක්ද වන අතර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ මිට පෙරද මෙවැනි අවලස්සන දෑ සිදු උනි.

    මෙය කාන්තාවන්ට අගෞරව කිරීමක්, අපහාසයක්, පහතට දැමීමක් වගේම වෙනස්කොට සැලකීමක් නොවන්නේද? ඕස්ට්‍රේලියානු පුරවැසි, එහි ජන්දදායකයෙක් වන රසික සූරියආරච්චි මෙයට දක්වන අදහස කුමක්ද? මෙයට විරෝධය දක්වමින් ෆේස්බුක් සටහනක් වත් තැබුවාද?

    ReplyDelete
    Replies
    1. එවැන්නක් මා කිරීම අනවශ්‍යයයි.

      කතානායකවරයා විසින් එය වරදක් බව කියා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ අතර පාර්ලිමේන්තුව විසින් මාධ්‍යවේදිනියගෙන් සමාව ඉල්ලා සිටියා.
      https://www.abc.net.au/news/2018-12-04/abc-journalist-should-not-have-been-kicked-out-of-qt/10582448

      Delete
  8. සෑහෙන කාලෙකට පස්සේ අහපු හිත් ඇඳගන්නා ගුවන්විදුලි සාකච්චාවක්. ප්‍රසිද්ධියට පත්කළාට ඉස්තුතියි!

    සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  9. පැරකුම් ගේ කටහඬ ඉතා හොඳයි නිවේදකයකු ලෙස. රසික බොහොම කණගාටුයි චන්දය නොදී මුදල් ගෙවීමට වීම ගැන. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න. හේ හේ ස්තූතියි ඔය ඩයස් පොර ගැන හරියට අහල තියනවා. විසිරි ජන කියන වචනය ගැලපෙනවා මම හිතන්නේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.