Tuesday, 22 July 2025

කමින් ත්‍රෙඩ් නෝ ගුඩ්? - Don't let the history repeat


විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ.

නමුත් 1977 වසරේ අග භාගයේ දී රටේ දේශපාලන බලය විශාල බහුතරයක් සමගින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පසු ඒ පක්ෂයට අනුබද්ධ, ජුන්ටන් ලෙසින් එකල සුරතල් නාමයකින් හැඳින්වුණු, සමවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ගැටුම් ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේදී ඇතිවුණු මේ ගැටුම්වලින් එවකට සිටි ශිෂ්‍යයින් ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙන්න බාධා ද ඇතිවුණා.

රටේ දේශපාලන අති බහුතරය තමන්ට හිමිව තිබිය දී සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විශ්වවිද්‍යාලවල බලය හිමිකරගෙන ඉන්නේ කෙසේදැයි යන්න ජුන්ටන්ට දරා ගත නොහැකි වූ දුකක් වෙන්න ඇති.

හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සැබෑ අභියෝගය එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ජුන්ටන්ගෙන් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන්.

ඒ සමගම ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය ද 1984 පමණ වන විට ජාතිවාදී නැඹුරුවක් පෙන්වමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයට දරාගන්නට බැරිවුණා.

ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය ද තම තැබූ සැබෑ නිරුවත හෙළි කරමින් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මැරයින් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමුණේ ඉන් අනතුරුවයි.

මේ කණ්ඩායම් දෙක අතර ගැටුම වසර කිහිපයක් (1986-1990) පැවතුණු අතර තරුණ ජීවිත ගණනාවක් බිළිගත්තා.

මා හිතන විදියට 2012 පමණ සිට විශ්වවිද්‍යාලවල දේශපාලන බලය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානයේ බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන බලවේගයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයටයි.

පසුගිය කාලය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති වුණත් ඔවුනට ලොකු දෙයක් කළ හැකි වුණේ නැහැ.

දැන් මේ වනවිට එදා 1977 දී සිදුවූවාක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දෙන ජාතික ජන බලවේගය රටේ බලයෙන් අති බහුතරයක් හිමි කරගෙන සිටින විට, එදා එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවුණු ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවීමේ පුදුමයක් නැහැ.

දැන් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාලවල බලය සම්බන්ධයෙන් ගැටුම ඇරඹී තියෙනවා.

මගේ අවංක ප්‍රාර්ථනය ඔවුන්ට මෙය සාමකාමී ලෙස විසඳා ගැනීමට ඉඩ ලැබේවා යන්නයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
1. දයා පතිරණ මරා දැමීම සහ ජේවීපීය
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


2. ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
https://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html


(image: )

13 comments:

  1. ඉතිං අපට පාන් ද? Grow up man!

    ReplyDelete
  2. ANDU WENAS WUNATH, MAS KADA WESUWATH APATA WEDAK WEIDA, APE JOKKU IRILA, PUKA PENI PENI, PADA CHOO, JEE, YANAWANAM. NEDA KAKKO.

    ReplyDelete
    Replies
    1. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ.
      ඇති ඉහලම සතුටුයි මෙලොවේ..
      සඳ කිඳුරියේ ඔබෙ ප්‍රිය සෙවනේ.
      ලොව සොඳුරුය පින්බර ලඳුනේ...

      Delete
  3. අතීතයෙන් පාඩම් ගෙන
    අදට, හෙටට හොඳක්ම වෙන:
    දේ වැඩි වැඩියෙන් සිදු වෙන
    කලක් උදා වේවා!

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩරේ රතු ජෙප්පෝ රෑන් යන
      දිනක් උදාවේවා...!!
      ගෙයින් ගෙයට පැන අයි.ඩී උස්සන
      කලක් උදාවේවා...//

      Delete
  4. ගහගන්නේ නැතිව බේරා ගනීවි කියල හිතනවා . නැත්නම් ඕක දරුණු වැඩක් අනික ඔය අන්දුවලටකවදවත් ශිෂ්‍යයෝ සහයෝගය දෙන්නේ නැහැනේ . තේරුමක් නැති වැඩක්

    ReplyDelete
    Replies
    1. යැයි යැයි යැයි යැයි

      Delete
    2. මොන පිස්සුද පෙරටුගාමීන් නම් ඉවසීමෙන් යුතුව වැඩ කරන බව පේනවා ඒත් ජාතික ජන බලවේග ආණ්ඩුව තනිකරම මැර බලය රජයේ පොලීසිය හමුදාව, තමන්ගේ පක්ෂයේ හෙංචයියන් විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් ඇතුලු පාලනාධිකාරියේ තනතුරු වලට පත් කරලා ඔවුන් රූකඩ ලෙස යොදාගෙන නිල බලය අවභාවිත කරලා බලහත්කාරය යොදාගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බලහත්කාරයෙන් බලය උදුරාගන්න හදනවා හරියට පලාත් පාලන ආයතන වල බලය අල්ලන්න කරපු නීච කුමන්ත්‍රණ වගේමයි

      වර්තමාන ආණ්ඩුව ජවිපය කිව්වාට ඒක රාජපක්ෂ චෞර මැර පාලනයම තමයි මොකද මේ ආණ්ඩුව පිටුපස සිටින්නේ කාලයක් තිස්සේ වනචර රාජපක්ෂ කල්ලිය සමග එකට වැඩ කරපු රාජපක්ෂ බයියන් මිලියන හැත්තෑවක පමණ අපතයන් පිරිස වීමයි මේකට හේතුව ලෙස සැලකිය හැක්කේ ඒක පැහැදිලිවම පෙනුනා රාජපක්ෂ පන්නයේ සැලුන් දොර ක්‍රමය යොදාගෙන විපක්ෂ වල අය සල්ලිවලට හිරිකිත ලෙස බා ගැනීම දැක්ක ගමන්ම

      Delete
  5. 13 hawasa Pizzahut ekata awith Pizza kalane pitath une neda kaka?

    ReplyDelete
  6. ඇයි රසික මහත්මයා මගේ කමෙන්ට් එක හංගන්නේ? අපි දෙන්නට එක වහලක් යට ජීවත් වෙන්නම බැරි ද රත්තරං....??

    ReplyDelete
  7. අපේ කමෙන්ට්ස් කෝ..? ඩුං ඩුං ඩුං

    ReplyDelete
  8. "විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ."
    පේරාදෙණිය ගැන නම් හරියටම දන්නේ නැහැ. නමුත්, ‍කොළඹ, කැලණිය, ජපුර විවි වල 71න් පස්සේ, ජවිපෙ සක්‍රිය වි.වි. දේශපාලනයට සමීප වෙන්නේ මම නිරීක්ෂණය කරපු විදිහට නම් 77න් පසු, 78 හෝ 79 දී විතර.

    77 මහ මැතිවරණය කිට්ටුවත්, ජපුර මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවූයේ කො.ප., ස.ස.ප., ශ්‍රීලනිප කණ්ඩායම් වල එකමුතුවක් බව මතකයි. කොළඹ නම් කො.ප.ට බලය තිබුණේ.

    ReplyDelete
  9. සමවාදී කණ්ඩායමට, වි.වි. වල බලය ලබාගැනීමේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ මෙහෙයුම ඇරඹුණේ කැළණියේ, ශිෂ්‍ය සංගම් මැතිවරණ ඡන්ද ගණන් කිරීම, ඡන්ද පෙට්ටි සීල් තියා, ග්‍රාන්ට් කොමිසමට ගෙනැවිත් නැවත ගණන් කිරීමේ උත්සාහයත් එක්ක බවයි මතක. ඒ අස්සේ තමයි, සිරිල් මැතිව්ගේ ක්‍රිස්ටෝපර් කැම්පස් එකට දේශපාලනය උගන්නන්නට පැමිණ, ඔළුව පැලී මිය ගියේ.
    මේ ව්‍යාපාරය පසුපස විවි අධිකාරිය පැත්ත මෙහෙයවූයේ මහාචාර්ය කල්පගේයි.
    මට මතක හැටියට ඒ අරගල වලට වත්, එයිට කලින් පේරාදෙණියේ වීරසූරියගේ මරණය සම්බන්ධ අරගල වලට වත් ජවිපෙ සක්‍රිය සබඳතාවයක් තිබුණේ නැහැ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.