ඊයේ (20 ඔක්තෝබර්, 2026) රාත්රියේ කොළඹ විහාර මහා දේවී උද්යානයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිට සිරිධම්ම විසින් රහසින් මන්තර මතුරමින් මහසෝනාට මහා යාගයක් කර ඇත. ඒ දැක මට සිහිවුණේ අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් ය.
මෙහි ප්රකාශිත අරමුණු දෙකකි. එකක් නානසාර හිරෙන් නිදහස් කර ගැනීමය. දෙවැන්න ඒ සඳහා ජනාධිපති ඉවත් කර ගැනීමය.
මේ යාගයේ තිබුණු සිනහ උපදවන අංගය වූයේ අර අප්රිකානු, දකුණු ඇමරිකානු බ්ලැක් මැජික්වල කරන ආකාරයට මැටියෙන් කුඩා මිනිස් අනුරුවක් සාදා එයට කටු ගැසීමයි.
ඒ මැටි බෝනික්කාගෙන් නිරූපණය කරන්නට ඇත්තේ ජනාධිපති දිසානායක විය යුතුය.
ප්රජාතන්ත්රවාදී රටක ඉන්නා බයියන්ගේ ආණ්ඩු මාරු කිරීමේ බයි ප්රජාතන්ත්රවාදී ක්රියාවලියේ එක් පියවරක් එලෙස ය. මීට අමතරව මොකක්දෝ වස් කවියක් කියන කතාවක් ද ඇසුණි.




බයියන්ගේ බුද්ධාගම සහ බයියන්ගේ ප්රජාතන්ත්රවාදය එසේය!!! - රසික සූරියආරච්චි
ප/ලි:
ඔය පිටිදුවේ සිරිදම්ම තොයිල් කාරයා කැලණිය විශ්වවිද්යාලයේ ක්ෂුද්ර ජීව විද්යාව ඉගෙන ගත් අයකු බව කියවේ. මං හිතන විදියට ඔහු සිසුවෙකු ලෙස ඉන්නට ඇත්තේ මා ඒ විශ්වවිද්යාලයේ ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වූ පසු විය යුතුයි. ජනාධිපති දිසානායක සහ විදේශ ඇමති හේරත් නම් මා කැලණිය විශ්ව විද්යාලයේ විද්යා පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ කාලයේ එහි සිසුන් ලෙස සිට ඇත.
(images: 1. https://sangam.org/stanley-jeyaraja-tambiah-1929-2014/, other images: Facebook / various accounts)

