Thursday 1 January 2015

ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ (සහ ඇන්ටි-සාටක ලෝගෝව) - My new year started nicely, how about you?


අද උදෑසන නිදි යහනේ සිටම අත දිගු කර අසල මේස කෑල්ල උඩ තිබූ කණ්නාඩිය ඇස් මත රුවා, ජංගම දුරකතනය හරහා අන්තර්ජාල ලෝකයට වන් කල්හි මා නෙත ගැටී චිත්තප්‍රීතියට හේතු වූ කාරණා ද්වයක් ඔබ හා බෙදා ගැනීමට මෙය ලියමි.

ඉන් පළමුවැන්න නම්, මා මිතුරු නාට්‍යවේදී ධනංජය කරුණාරත්න විසින් ෆේස්බුක් අවකාශයේ බෙදා ගෙන තිබුණු කරුණකි. ඔහු අද 2015 ජනවාරි පළමුවෙනිදා ට නියමිත තමන් ගේ සුභ පැතුම් ජනවාරි නමවෙනි දින දක්වා කල් දමා ඇත.

මා ද එකෙනෙහි ම ඔහුගේ ඒ නිර්මාණාත්මක අදහස වත් පොතේ බෙදා හරිමින් එසේ ම කළෙමි.

අද උදෑසන මා පිනවූ දෙවෙනි කාරණය නම් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි පීඨයේ කතිකාචාර්ය මා මිත්‍ර ප්‍රියන්ත ෆොන්සේකා එවා තිබූ ෆේස්බුක් පණිවිඩයකි.

ඉන් කියවුනේ අද දිනයේ ෆේස්බුක් හරහා සාටක විරෝධී ලෝගෝවක් තම ෆේස්බුක් පැතිකඩ ඡායාරූපය ලෙස යොදා ගැනීමේ ව්‍යාපාරයක් ඇරඹී ඇති බවයි. මට ද ඒ හා එක්වෙන ලෙස ඇරයුමක් ද තිබුණි.

දියේ හොවන්නදැයි ඉබ්බෙකුගෙනුන් අසනවාද? හැක, හැක!

මම වහා මගේ ෆේස්බුක් පැතිකඩ ඡායාරූපය ලෙස අද දිනය වෙන තෙක් තිබූ "ඇන්ටි-රේසිසසම්" ලෝගෝව ඉන් ඉවත් කර මේ අළුත් "ඇන්ටි-සාටක" ලෝගෝව එහි යෙදීමි.

ඉතිං, අද මේ නව වසරේ මුල් දිනය මට නම් ඉතා හොඳින් ඇරඹී ඇත.

මොකද කියන්නේ?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න වසර දෙකකට පමණ පෙර මා ලියූ කවියක්.

ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
වසරක් උදාවේවා සැනසුම පිරුණ!


මේ වසර සඳහා කවියක් ලිවීම ද ජනවාරි නමවෙනිදා දක්වා කල් දමා ඇත.

87 comments:

  1. සිංහල බ්ලොග් ලෝකයේ මම ඉතා ආසාවෙන් කියවූ අඩවියක් නිමැවූ “කතන්දර“ සහ ඔහුගේ පවුලේ සැමට ලබන්නාවූ නව වසර ලංකාවේ දේශපාලන දහජරාව ගැන කතාකරන්නවත් බැරි තරම් ශාන්ත සුන්දර නිර්මල නව වසරක් වේවා!!!
    (මෙය ඊයේ ලිපියට එක් කල කමෙන්ටුවකි)

    ReplyDelete
    Replies
    1. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  2. එහෙනම් නම වෙනිදා එන්නම්....

    ReplyDelete
    Replies
    1. හොඳයි, එදා ට හමුවෙමු!

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  3. රසිකයියේ .. ඇන්ටි-මෝඩ චූං ලෝගෝවක් එව්වේ නැද්ද ප්‍රියන්ත ෆොන්සේකා ?
    සු න ව වේවා.. ඔබට දේශපාලන චුං වලින් තොර කියවන්න යමක් ලිය හැකි වසරක් වේවා :)

    ReplyDelete
    Replies
    1. මහින්දට ඡන්දේ දෙන්න ගමේ ගිහින් වගේ, හොඳයි හොඳයි!

      Delete
    2. හිතවත් රසික , කෙනෙකුගේ දේශපාලන මතය ගැන අපට අවශ්‍ය තරමට වාද විවාද කර ගත හැක. හැම දෙනාම එකම මතයක සිටි නම් පාර්ලිමේන්තු , මැතිවරණ ආදිය අවශ්‍ය නොවේ. වාද විවාද , ප්‍රශ්න කිරීම් කරන තරමට සත්‍යයට හොඳය. හොරකමට අගුනය.

      කෙසේ වෙතත් ඒ ගැන කතාකිරීමට නොව වෙනත් දෙයක් ගැන කීමට අවසර.

      කෙනෙකුගේ චන්දය ඔහුගේ පෞද්ගලික දෙයකි. පැරාගේ බ්ලොගයේද කිසිවෙක් මට චන්දය දීම ගැන remark කලත් එහි මොකුත් නොකීවේ උරන්ට සෞක්‍ය පාඩම් දීමට මට අවශ්‍ය නැති නිසාය. නමුත් ඔබගේ පියසේදී එය වෙනස් වේ.

      අපි දේශපාලනය ගැන වාද විවාද කර ගමු. බැන ගමු. නමුත් "තමුසේ ගිහිල්ල මහින්දයට චන්දෙ දානවා" , "තමුසේ ගිහිල්ල මයිත්‍රී ට චන්දෙ දානවා" ආකාරයෙන් කරන ලාමක ප්‍රලාප ඔබ වැනි යමක් කමක් තේරෙන කෙනෙක් නොකරනවා නම් සුන්දරය. මගේ චන්දය මම තීරණය කරන්නං. ඔබේ චන්දය ඔබ තීරණය කරන්න. ඕන කෙනෙක් ට දා ගන්න. නැත්නම් නොදා ඉන්න. ඔසී ගියා නම් ඒ රටේ ඉලෙක්ෂන් සම්බන්ධ මැනර්ස් ටිකකුත් ඉගන ගන්න ප්ලීස්.

      උදාහරණයක් ගන්න:

      ඔබ ලිංගිකත්වය ගැන පොස්ටුවක් ලියන්න. අපි ඒ ගැන වාද විවාද කර ගමු. මත වලට එරෙහි වෙමු බැන ගමු. නමුත් මම ඒ පොස්ටුව සම්බන්ධ කරගෙන ඔබගේ පෞද්ගලික ලිංගික ජීවිතය ගැන remarks දෙනවා නම් එය ඔබගේ පෞද්ගලිකත්වයට කරන අනවශ්‍ය සදාචාරී නොවන මැදිහත්වීමකි.

      "තමුසේ ඔය ලියල තියෙන විදියට ගිහිල්ල **ට ගහල එනවා " කීම කෙතරම් සදාචාරාත්මක විරෝදී ද බලන්න.

      නව වසරට ඔබට සුභපැතුම්.

      Delete
    3. මා ඔබට වරදක් කියා නැත. ඔබ නිවාඩුවට ලංකාවට ගොස් ඇති බව පෙනුනු නිසායි එ ගැන සඳහන් කළේ.

      මා කීවේ "හොඳයි, හොඳයි" කියා නේද?

      මොකක්ද මේ අවුල?

      Delete
    4. හොඳයි, හොඳයි ..
      මාත් ඔය කොහාට හරි කතිරේ ගහල එන්ඥ කෝ ... :)

      Delete
    5. මෙතන තියෙන්නෙ,දේසපාලන මතවාද අතර ප්‍රස්නයක් නෙමේ.වයිරී දේසපාලනය සහ මයිත්‍රී දේසපාලනය අතර ප්‍රස්නයක්.එතැනදි එකපැත්තයි තියෙන්නෙ.

      Delete
    6. ///ඔබට දේශපාලන චුං වලින් තොර කියවන්න යමක් ලිය හැකි වසරක් වේවා///

      ..........and self-sufficiency is an end, and a chief good. From these things therefore it is clear that the city-state is a natural growth, and that man is by nature a political animal, and a man that is by nature and not merely by fortune citiless is either low in the scale of humanity or above it (like the “ clanless, lawless, hearthless..........

      -Aristotle

      Delete
    7. මා ලියූ කෙටි වචන කීපයකට මේ "ම.සෝ.පි" මේ තරම් කලබල වුනේ ඇයි ද කියා මට නම් ප්‍රහේලිකාවකි.

      සමහර විට ලැජ්ජා හිතෙන්න ඇති!

      Delete
    8. දේශපාලනයෙන් තොර කතාවක් ලියන්නම් ඉබ්බෙකු ගේ පිහාටුවකින් හදාගත් පන්හිඳකින්!

      Delete
    9. ++++++++
      https://books.google.lk/books?id=NIloKenBZiwC&pg=PA22&lpg=PA22&dq=feathered+tortoise&source=bl&ots=hK5jaMUyxn&sig=xlyaVVjDKg3_-b15HXCycPDNuus&hl=en&sa=X&ei=2TemVJTvMsfIuAS674CYDw&ved=0CEMQ6AEwCQ#v=onepage&q=feathered%20tortoise&f=false

      Delete
    10. https://books.google.lk/books?isbn=1477163034

      Delete
    11. @රසිකොලොජිස්ට් - Rasikologist2 January 2015 at 16:54
      //සමහර විට ලැජ්ජා හිතෙන්න ඇති!//
      Your sentence (මහින්දට ඡන්දේ දෙන්න ගමේ ගිහින් වගේ) had prejudice in it.

      That's not something i admire.... Specially from someone like you who criticize anyone who does the same sin.

      Secondly , if you consider voting a candidate... any candidate for that matter is something to be ashamed of ... I pity you , your reasoning and judgments. I have no shame in stating that I vote for anyone who legally entered in to the election , be it Mithri , MR or Mr X .. Maybe you should feel ashamed of feeling something like that.

      Delete
    12. //රසිකොලොජිස්ට් - Rasikologist2 January 2015 at 16:57
      දේශපාලනයෙන් තොර කතාවක් ලියන්නම් ඉබ්බෙකු ගේ පිහාටුවකින් හදාගත් පන්හිඳකින්!//

      මෙහි ඇති දේශපාලනය පහදා දෙනු මැන...
      ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ"! - Batman Jocks

      වවුල් ජොකා ධනවාදී නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිපලයකි.... දේශපාලනයක් නොමැති තැන ආර්ථිකයකුත් නැත ... කියන්න නං එපා :)

      @Pra Jay2 January 2015 at 17:24
      Very funny .. Ill tickle my self :P :D

      Delete
    13. @MP, U had to tickle yourself? Yeah, I reckon I have made quite a lame joke, sorry.

      Hold on a sec though...... Could it be that you are losing your sense of humour a bit because of politics? It certainly seems you are quick to take offence. A bit different from cigar lighting and kekuna pressing times, eh? :-D .
      Don't take offence. I guess politics will do that to all of us in different degrees.

      Delete
    14. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
    15. ඔබටත් එසේම වේවා,
      ලංකාව හඳහන් හා සාත්තර පොඩ්ඩක් අඩුවෙන් විස්වාස කරන රටකුත් වේවා

      Delete
  4. ඔන්න මාත් එකෙන්ම වත් පොත අප්ඩේට් කරා.. 9 වෙනිදට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එදාට මෙතැනදී ම හමුවෙමු!

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  5. රසික මහත්තයෝ, ඇන්ටි සාටක කියන්නේ ඉතින් anti racism තමා

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ, ඇයි එතකොට 'ඇන්ටි-සාටක' පැත්තට පැනපු සමහරු?

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  6. අනේ මේ ලංකාවේවත් නැති කකා ෆේස්බුක් එකේ දග දැම්මට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් පරාද කොට එතුමන්ව සුද්දගේ දන්ගෙඩියට ගෙනියන්න ඉඩ තියන්නේ නෑ අපි වගේ මව්බිමට ආදරය කරනා ජනතාව ඉන්නකං.

    9 වෙනිදා එළිවෙනකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් නැවත වතාවක් බලයට පත්වෙන්නේ වැඩි ජන්ද ලක්ෂ 20 කින්. මයිත්‍රී වටේ ඉන්න ඇන්ජීඕකාරයොන්ටයි,කකාලා වගේ ලංකාවේ ජන්දෙටත් නැති අයටයි පුලුවන්ද අපේ රට බේරා දුන්නු නායකයා,මහින්ද රාජපක්ෂ මැතිදුන් පරද්දන්න?

    අනික මේ මොහොතේ ඔය නොදන්නා වෙනසක් ඕනි නෑ කියලයි රටේ හැමෝම කියන්නේ. දැන් බලන්න අපේ රටේ දියුණුව. අධිවේගී මාර්ග,ගුවන්තොටුපල,වරාය....කොයිතරම් සම්පත් ප්‍රමාණයක්ද. ඇයි විදුලිබලාගාර,උතුරු දුම්රිය මග...

    යුද්ධය අවසන් කෙරු ජනාධිපතිතුමා මේ සුළු කාලය ඇතුලත කරපු සංවර්ධන වැඩ ආපස්සට හරවලා රට කොටියට භාර දෙන්න අපි කවුරුත් සුදානම් නෑ.

    රජයේ සේවකයන් පවා 80% ක් දෙනා තැපැල් ජන්ද දී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමාටම තමයි. ඒකට හේතුව තමයි එතුමාගේ මහින්ද චින්තන ජාතික වැඩ පිළිවෙල යටතේ සිදුවන යෝධ සංවර්ධනය ඒ උදවිය අනුමත කිරීම. අනික රජයේ සේවකයන්ගේ පඩි දහස් ගණනින් වැඩි කොට,ඔවුන්ට යුතුරු පැදි පවා නොමිලේම ලබා දුන්නේ මහින්ද චින්තය යටතේම තමය. එව්වා මිනිස්සුන්ට අමතක නෑ.

    ReplyDelete
  7. මෙසේ අදහස් දක්වන ඔබ මවු රටට ආදරේද, ඔබ වාචාව සහ දුෂණයෙන් තොර කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. අහන්න ඕනැ එහෙම නෙවෙයි වැඩිය ආදරේ රටටද ජාතියටද කියලා.

      රසික මා දන්නා තරමින් ජාතියට වඩා රටට ආදරේ කෙනෙක්.

      හැබැයි සමහරු නම් මව් රටට වඩා ආදරේ ජාතියට.

      Delete
    2. Ano : +++++++++++++++++++++++++++++++

      Delete
    3. බට කොස්සියේ දැන් කකා ආවම කියන දේ බැලුවම උබට මයිනස් දාන්න වෙයි
      කෝ මේ කකා.

      Delete
    4. කකා නිදිද බන්

      Delete
  8. වංචාව ,දුෂණය නැති,නීතිගරුක රටක් බලපොරෝතුවෙන් මෙවර මගේ ඡන්දය

    ReplyDelete
    Replies
    1. කොයි රටට ද වීසා අයැදුම් කෙරුවේ?

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  9. අපේ මාරයා අයියාට නම් ඔය රසිකට තියෙන ප්‍රශ්න එකක් වත් නෑ. අපේ මාරයා අයියා දන්නවා මහින්ද මහත්තයා තුන්වැනි සැරේත් ඉල්ලන්නේ දෙසැරයක් දිනලා කරන්න බැරිවුණු වැඩ ඉවරයක්ම කරන පරම පවිත්‍ර චේතනාවෙන් කියලා.

    ඒ නිසා අපේ මාරයා අයියා මේ සැරේ අපේ ආඩම්බරකාර තාත්තාට ඡන්ද දෙකක්ම දානවා. එකක් සාමාන්‍ය විදිහට. අනෙක කාබන් පැන්සලක් පුකේ ගහගෙන ගිහිල්ලා කතිරේ ගහලා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා වැරදියට වුණත් ඡන්දය දෙන්නේ අවංකවමයි!

      Delete
  10. mahindata chande nodenna eya adikaranayata karapudema athi.shiraniwa ayin karath kamak naha thamange laga hitapu minihawa cj karane lajja nathuwa

    ReplyDelete
    Replies
    1. ඉතිං රජවරු එහෙම තමයි නේද? තමන්ට කැමති අය තමයි දණ්ඩනායක නිළමේ ලෙසින් පත් කරගන්නේ

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  11. සිරිසේනට ෆේස්බුක් එකෙන් හා අන්තර්ජාලයෙන් එහාට ගිය ප්‍රායෝගික සහයක් අවශ්‍යයි. අද සහය දෙන හැම කෙනෙක්ම නොකරන්නේත් ඒ ටික, ලංකාවේ දේශපාලනය කල යුතු ආකාරය ගැන හැමෝටම ඉගෙන ගන්න වෙන්නේ මහින්දගෙන් .

    ReplyDelete
    Replies
    1. ඒ ටික ගොඩක් වෙනව.....
      නොකෙරනවා නොවෙයි........
      වී අවසානයි....
      රනිල් ....මහින්දට .....පෙන්නල ඉවරයි....

      Delete
    2. /* ලංකාවේ දේශපාලනය කල යුතු ආකාරය ගැන හැමෝටම ඉගෙන ගන්න වෙන්නේ මහින්දගෙන් */

      ඒ කියන්නේ තමන්ගේ බඩ වඩා ගැනීමේ දේශපාලනය ද?

      Delete
    3. නැත, මම කීවේ දේශපාලකයෙකු වශයෙන් භක්තිමත් අනුගාමිකයන් පිරිසක් හදාගැනීම ගැන. ඒ ක්‍රම රටට හිතකර නැති බව සැබෑව. මහින්ද මෙච්චර පිස්සු නටලත් එලවන්න මේ තරම් අමාරු වෙලා තියෙන්නේ දේශපාලකයෙක් හැටියට ඔහු හදාගෙන තියෙන පදනම නිසා. මහින්ද දෙන්නේ ලංකාවේ බුද්ධිමත් කියාගන්න ඡන්ද දායකයින් බොහමයක් බලාපොරොත්තු වෙන දේශපාලන නායකත්වයක් ,

      නමුත් යථාර්තය ඒ මිත්‍යාවෙන් බොහෝ දුරයි , මහින්ද යථාර්තය නොදකින ආකාරයට ජන මනස අන්ධ කරලා. ඒක දකින මිනිස්සු පහසුවෙන්ම දේශ ද්‍රෝහීන් වෙනවා . දේශපාලකයෙක් හැටියට මේ වගේ සාර්ථක පදනමක් හදාගත්ත මෑත කාලීන දේශපාලකයෙක් නැති තරම්. ඒ නිසාම එක රටට බොහොම හානිකර වුනා

      Delete
    4. more like Marius , maybe?

      Delete
    5. Yeah, maybe Caesar is more suitable. Supporters are like Joseph McCarthy though !

      Delete
    6. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  12. වරේවා!.................9 වෙනිදට පහක් දාමු.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. පිපී පිපී රේනු නටන...

      Delete
    3. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  13. මහින්දය දින්න කියන්නෙ,ආයෙත් 89ක් බලාපොරොත්තු වෙන්න වෙනව කියන එකයි.

    ReplyDelete
  14. අපිත් ඉන්නවා හරිය........... අමතක කරන්න ඒපා හිටං

    ReplyDelete
    Replies
    1. මතක තියාගෙන ඉන්නම් කෝ!

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  15. Rasikaologist.obata puluwannam,me SATAKA Awe Kohenda kiyala poddak soyabala lipiyak liyanna.Mokada .mewa europaye winter eke seethala makanna karawata damana.English walin SCARF,saha Germanyedee.SCHAL kiyanneth mewamada kiyala mokada Mewa europaye wiwida Akara walata Andinawa.MEKA BANDARANAYAKA OXPORD Walin Lankawata Gena Ekak wenna berida?(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. උතුරු සලුව කියන්නේ නිදහසට පෙර කාලේ ලංකාවේ සම්මත වුණු ජාතික ඇඳුමේ කොටසක්. බණ්ඩාරනායක ලා දැම්මා. ගුණපාල මලලසේකර වගේ අයගේ ෆෝටෝවලත් මා දැක තියෙනවා. අපේ තාත්තා නොදැම්මත් මාමා හෙම මගුල් දවසේ දැම්මා. ඒක ඉන්දියානු ආභාෂයෙන් ආ එකක්. ඔය හින්දි නලුවොත් දාන්නේ.

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  16. රසිකට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දමා ඇත!

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  17. ඔය සාටකය පටන් ගත්ත තැනම බොරුවක්නේ. කුරහන් පාටය අරකය මේකය කිව්වට හම්බන්තොට මහ ඒජන්තගේ සපත්තුවේ පාට තමුන්ට ලැබුනම මිනිස්සු අන්දල ජන්දෙට කොටන්න හදා ගත්තු මුසාව දරු පරපුරත් ඉදිරියට අරන් ඇවිත් අද සාටකය සාපයක් බවට පත් වෙලා.හැබැයි එදා අර හම්බන්තොට මෙලෝ හසරක් නොදන්නා ගැමියො වගේම අද තුන් පයේම ඉන්ටර්නෙට් හොල්මං කරන ම ක සි , මහසෝන් වගේ සයිබර් අවතාරත් මේවට ඇන්දිල ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඕක ගැන හම්බන්තොට හිටපු මාධ්‍යවේදියෙක් පොතක් ලිව්ව. මේ පොත් සේරම මහින්දල අරගෙන පිච්චුව.

      Delete
    2. මං මේ ගැන විස්තර අන්තර්ජාලයේ කොතැනක හෝ කියවා තියෙනවා. අවර්ණ උතුරු සලුව තමයි ඔය විදියට පාට වෙලා තියෙන්නේ. කුරහන් කතාව පස්සේ පටලවපු එකක්!

      Delete
  18. no point of doing politics through ෆේස්බුක් එකෙන් හා අන්තර්ජාලයෙන්, you are just wasting time, if you really care need to go to sri lanka and try to make a difference.

    ReplyDelete
    Replies
    1. මා කරන්නේ මගේ අදහස් පල කිරීමයි.

      Delete
  19. මම නම් ඔබට සුභ අලුත් අවුරුද්දක් පතනවා. ලංකාවේදී කවදාවත් චන්දය පාවිච්චි කරලා නැති නිසා 9 දා ප්‍රතිපලයට කිසිම බලපෑමක් කිරීමේ හැකියාවක් දැනට නැහැ. (බ්ලොග් ලිපි ඇර )

    ReplyDelete
    Replies
    1. ඇයි ලංකාවට කෝල් කරලා දන්න දන්න අයට ඔබේ මතය නොකියන්නේ?

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  20. රසික පවුලට සුබ නව වසරක්!!! :)

    ReplyDelete
    Replies
    1. ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දමා ඇත!

      Delete
    2. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  21. ජනවාරි නමවෙනිදා ජය සමරමු.කොහොමත් රටට සුබ වෙන්න නම් මහින්ද ගෙදර ගිහින් මේ පවතින ක්‍රම වේදය සංශෝධනය විය යුතුමයි.

    (මමත් සාටක විරෝධී ලෝගෝව වත් පොතේ දාගන්නවා)

    ReplyDelete
    Replies
    1. ජනවාරි පළමුවෙනිදා කල් දැමූ සුභ පැතුම් අද පිරි නමමි.
      අදින් උදාවෙන 2015 නව වසර සැමට සැප සතුට ජය ගෙනෙන සුභ නව වසරක් වේවා!
      My best wishes for the new year starting today on 9 Janyary 2015.

      Delete
  22. Pilithurata sthuthi Rasika,Germanye 1950-60 dsakaye film walath, oya sataka inen pahalatama dagena innawa dekala thiyenawa. INDIKA Upashantha Kiyana Hambanthta Madya wediya WIJESINHA BELIGALLAYAN wiyauthi. ohuge pothe Leonard wulfge 1960 mula lankawe sancharayak genath sadahan.thaw ma ra family genahema.(Ranjan)

    ReplyDelete
  23. මගේ පණිවුඩය ගැන ලිව්වාට තුති. හැබැයි මං ඉන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ... සෞන්දර්යයේ නෙවෙයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.