Friday 20 November 2015

සුපිරි වෛද්‍ය උපදේශයක් - නොමිලේ, නොමිලේ, නොමිලේ! :: Life changing medical advice - it comes free of charge


දැනට වසරකට පමණ පෙර සමයෙක, අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනයක් ලැබුණි. අපට කියා කීවාට, මේ ආරාධනය ලැබුණේ ඇත්තට ම මගේ බිරිඳට ය. ඒ ඇගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරියක ගෙනි. ඒ සමයේ ම, ඒ පාඨමාලාවම හැදෑරූ තවත් කාන්තාවන් පිරිසක් ද සිය සැමියන් ද සමග එම සාදයට එනු ඇති බව ද මට අසන්නට ලැබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි සුහද සාද පැවැත්වෙන්නේ සෙනසුරාදා ය. අදාළ දිනයේ, අපි ඒ මිතුරු නිවසට ගියෙමු.

කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ.
මා පසුගිය වසරේ දිනයක "දේශපාලනයෙන් තොර සෑදෑවක්" යනුවෙන් ලියා රසිකොලොජියේ පළ කළේ මේ සාදය පිළිබඳ සටහනකි.

සාදයට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වූව ද, ඔවුන් ගේ සැමියෝ විවිධ වෘත්තිකයෝ වූහ.

මේ අතර සිටි, මා එදින හඳුනාගත්, මගේ සමකාලීනයෙකු වූ වෛද්‍ය පීඨ විද්‍යාර්ථියෙකු විසින් මට එහි සිටි වෙනත් සැමියෙකුව හඳුනා දුන්නේ "මචං මේ සුජිත්, අපට වඩා පේරාදෙණියේ අවුරුදු දෙකක් සීනියර් පොරක්!" කියා කියමිනි.

මා පෙර සඳහන් ලිපියේ කියූ පරිදි අප එදා කතා බහ කළේ ගේ දොර, යාන වාහන, දූ දරුවන් වැනි එදිනෙදා කරුණු ගැන ය. ඒ අතර ශරීර සෞඛ්‍යය ගැන ද කතාබහ කෙරුණු නිසා, එකිනෙකා දැක්වූ අදහස්වලින් මා මේ දෙවනුව හඳුනාගත් සුජිත් ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව මට හැඟී ගියේ ය.

පෙර කී කුඩා කුප්පිවල පිරී තිබුණු තරල කෙමෙන් කෙමෙන් අපේ රක්තාණු අතරට මුසු වෙද්දී කෙරුණු අපේ සාකච්ඡා අතරතුර දී සුජිත් තමන් දිනපතා කරගෙන යනු ලබන සෞඛ්‍යමය රෙජීමය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ ය.
  • ඔහු දිනපතා කිලෝ මීටර් හතරක් පමණ ඇවිදියි.
  • පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
  • උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
  • එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.
  • තේ බොන්නේ සීනි නොමැතිව ය.
  • හැකි සෑම දිනකම පාහේ සෑදෑ කාලයේ දී නිවසේ සිට අඩ පැයක් පමණ ව්‍යායාමයේ යෙදෙයි!
සුජිත් ගේ සෞඛ්‍යමය රෙජීමය එලෙස විය.

සතියේ දිනවල දිවා ආහාරය වෙලාවේ කාර්්‍යාලය අසල මාර්ගවල සිරි නරඹමින් ඇවිදීම මා කලක සිට කර ගෙන යන කර්තව්‍යයකි. සුජිත් ගේ රෙජීමයට අඩංගු වුණු ඊට අමතර කර්තව්‍යයන් වූ පාන් නොකෑම, පලතුරු මුසු සුමුදු පානයක් උදෑසන ආහාරය ලෙස ගැනීම, සැඳෑ කාලයේ ව්‍යායාම කිරීම වැනි දේ මා සිත් ගත්තේ ය.

අපේ වයසේ පිරිමින් ගේ සාමාන්‍ය ශරීර ලක්‍ෂණයක් වූ උදරය ඉදිරියට නෙරා ඒම ප්‍රදර්ශනය නොකරන කෙසඟ නමුත් ශක්තිමත් අයෙකු සේ සුජිත් දිස්වුනි. ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකු ද වේ!

ඉතිං, කුමට ද කුසලට කම්මැලි වෙන්නේ?

මම වහාම වෛද්‍ය සුජිත් පරණගම ගේ රෙජීමයෙන් මට කළ හැකි දේ අනුගමනය කිරීමට අදිටන් කර ගත්තෙමි. අදිටන් කිරීමෙන් නොනැවතී:
  • පසුවදා උදෑසන ම නිවසේ කලක් තිස්සේ තිබුණු ව්‍යායාම මැෂිමේ මකුළුදැල් කඩා දැමුවෙමි.
  • බ්ලෙන්ඩරය කුස්සියේ කබඩ් එකක් අස්සේ තිබී සොයා ගත්තෙමි.
  • කඩපොළට ගොස් වෙනදාට වඩා පලතුරු යනාදිය ද මිලට ගත්තෙමි.
  • නැකත් නොබලා, එදින සවස් යාමයේ ම මගේ අලුත් වැඩ පිළිවෙළ ඇරඹූවෙමි.
"මොකද ඔයාට මේ කවදාකවත් නැතුව එක්සයිස් කරන්න හිතුණේ රසී?" මා දුටු බිරිඳ විමසුවේ ප්‍රීතියෙන් ඉපිල යමිනි.

"ඒ විතරක් නොවෙයි, දන්නවාද, මං හෙට ඉඳලා උදේට බොන්නේ ෆෘට් ස්මූති, පාන් කෑමත් අඩු කරනවා. දවල්ට ඇවිදින එකත් නොවරදවාම කරන්න ඕනෑ!" මම පැවසුවෙමි. "මේ සේරම අර සුජිත් ගෙන් මං අල්ලා ගත්තේ. දැක්කා නේද පොර හොඳ ෆිට් එකේ හිටියේ?"

බිරිඳ ඇගේ විකසිත සුපුෂ්පිත සිනහව පෑවා ය!

"අයියෝ ඔයා සුජිත්ගෙන් ද ඇඩ්වයිස් ගත්තේ?

"ඇයි මොකද, නරකද?"

"නෑ, නෑ, කමක් නෑ, සුජිත් ගේ වයිෆ් ප්‍රියන්ති නම් හිටියේ අපේ ෆැකල්ටියේ තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"

"මළ කෙලියයි!" මට කියවිණි.

මා මේ පිළිපැදීම අරඹා ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පශු වෛද්‍ය, පශු නොවන වෛද්‍ය කතා කෙසේ වෙතත් මගේ නව සෞඛ්‍යමට රෙජීමයට දැන් වසරක් ගත වී ඇති අතර, මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.

ඊට අමතරව, 2014 අප්‍රියෙල් මාසයේ දී නලීන් දිල්රුක්‍ෂ මිතුරාගේ කාරුණිකත්වය නිසා මට ලැබුණු බ්ලොග් ලියන්නන් ගේ මීඩියම් ප්‍රමාණයේ ටී-ෂර්ටය ද මට පසුගිය දිනයක වදෙන් පොරෙන් හෝ ඇඳීමට හැකි විය!

(images: http://www.bigfooty.com/forum/threads/hawks-logo-mascot.977926/ & http://digitalcitizen.ca/2009/02/05/soccer-and-rugby-fans-facebook-friends-tagging-challenge/)

68 comments:

  1. Rasika
    Play soccer for 90 minutes once a week! If you do not have enough mates, come to Mulgrave every sunday

    ReplyDelete
  2. රම්පස් කාමරයේ what is this ?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.//
    ඔය හිල විදින්ට ඇත්තෙ ගාංචුව පැත්තට වෙන්ඩ ඇති , ඒකයි ඔය තරම් සතුටු. මම නම් හැම අවුරුද්දකට විතර සැරයක් බද පටියෙ අග පැත්තට අගල ගානෙ හිල් විදින එක තමයි කලේ.

    ReplyDelete
    Replies
    1. දෙසැරය ගානේ හිල් විද්දම පටිය ඉතුරු වෙන්න නැතුව ඇති .

      Delete
    2. අලුතෙන් පටි දෙයක් ගත්තෙමි,

      Delete
  5. වෙටා වුනත් දීලා තියෙන උපදෙස හොඳයි .

    ReplyDelete
  6. තව සිදුරක් විදගන්න ලැෙබ්වා..උවමනාව විතරයි ඔ්න ෙම්වා කරන්න. ජය

    ReplyDelete
  7. හොද උපදෙස් ටිකක්..
    මම මේ ටික අනුගමනය කලොත් මගේ ගමන් වියදම් ඉතරැයි..සරැංගලයක එල්ලිලා හුලගට පා වෙලා යන්න පුලුවන්

    ReplyDelete
  8. රසික,

    වෛද්‍ය සුජිත් පරණගම ගේ අවවාදය ඉතා වටිනවා.
    //
    "නෑ, නෑ, කමක් නෑ, සුජිත් ගේ වයිෆ් ප්‍රියන්ති නම් හිටියේ අපේ ෆැකල්ටියේ තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"

    "මළ කෙලියයි!" මට කියවිණි.

    //

    මෙහි ඇත්තේ වෛද්‍ය වරයකු පිළිබද ඇති අන්ද විශ්වාසයයි. එනම් වෛද්‍ය වරයකු උපදෙස් දුන්නොත් එය අන් සියල්ලටම වඩා වටිනවා
    (වෛද්‍ය වරයකු තමයි අපේ සෞඛ්‍ය ගැන ඉහලින්ම දන්නේ ) වැනි අදහසක්

    ඊයේ මෙපිලිබද ලිපි පෙළක් ආරම්භ කළා http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_19.html

    රසික ඔබේ බිරිදත් වෛද්‍ය වරියක නිසා අදත් http://www.cdc.gov/ සේවයකරන වෛද්‍ය William Thompson ගැන අහන්න

    ReplyDelete
    Replies
    1. .....වෛද්‍යවරයකු පිළිබද ඇති ...........
      .....රසික ඔබේ බිරිදත් වෛද්‍යවරියක නිසා........

      ;-)

      ඉන්ජෙක්ෂන් විරෝධියෝ හැම තැනම සිටිති.
      https://avn.org.au/

      .

      Delete
    2. රසික,

      //ඉන්ජෙක්ෂන් විරෝධියෝ හැම තැනම සිටිති.//

      මෙය එතරම් සරල දෙයක් නෙමෙයි. වැදගත්ම දේ දැනුවත් වීමයි. අද ලෝකයේ පවතින විශාලම මාෆියාව, ඖෂධ මාෆියාවයි.
      මේ පිළිබද දීර්ග ලිපි කීපයක් ලිවීමට බලාපොරොත්තු වෙමි.
      http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html

      මෙහිදී මුලිකව මා දෙන අවවාදය.
      "ඔබ අසනීප වූ පසු කරුණාකර වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස්
      පහත පරිදි සොයා බලන්න " {name of the drug) adverse effects " ඔබට අදාළ ඖෂධය පිළිබද අපුරු විස්තරයක් සොයාගත හැකි වනු ඇති.
      "

      Delete
  9. /කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ./

    සැබෑ දකුණු ආසියානු සංස්කෘතිය! ගෑණු වෙනමයි. පිරිමි වෙනමයි. මේ දෙපිරිස කොහොමටවත් එකතු වෙන්න නම් ඕනැ නැහැ. ඕස්ට්‍රේලියාවට ගියත් දකුණු ආසියානුවා දකුණු ආසියානුවෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ නිරීක්ෂණය නිවැරැදියි.

      නමුත් ඒ බෙදී යෑම හැම විටම සිදුවන්නේ නෑ. මා කියා ඇති පරිදි මේ සාදය කාන්තාවන් පිරිසකගේ එකක්. මිනිසුන් ෆුට්බෝඩයේ ගිය අයයි.

      මෙයට එක් හේතුවක් සමහර කාන්තාවන් මත්පැන් අසල සිටීමටවත් අකැමති වීම. වෙනත් ප්‍රායෝගික හේතු ද තියෙනවා.

      මා සහබාගී වී ඇති සාදවලින් මේ තත්වය සැලසුමෙන්ම උදාවුනේ 50% අඩු අවස්ථාවලදීයි.



      Delete
    2. ඒකට අපේ උන්දෑ. ඔය වගේ තැන්වලදි සද්දෙ දානවා 'මොකද මේ ගෑණු පිරිමි වෙන වෙනම බැරිද ඔක්කොම එකට කරන දෙයක් කරන්ට' කියලා. හුඟක් වෙලාවට දෙකට බෙදිලා දාන පාටි වලට උන්දෑ එන්නෑ. අපෝ ඔවට ගියම හැමදාම එකම බනේ තමයි අහන්ට වෙන්නේ කියලා.

      Delete
    3. මේ වෙන වෙනම ඉන්න එක ජෙනරේෂන් ස්පෙසිෆික් එකක් ද කියා හිතෙනවා. අපි යාලුවෝ සෙට් උනාම නම් වෙන්ව පාටි දැමීමක් නෑ

      Delete
  10. කොහොමින් හරි කමක් නෑ ඕනි දේ වෙලා තියෙනවනේ......... ඒ ඇතිනෙ...........

    ReplyDelete
    Replies
    1. අර පරණ සින්දුවක තියෙන්නේ-

      බෙතක් දෙන්නම් තමුසෙට, පෝවනව ඒචා ගොනාට!

      Delete
  11. අනේ අම්මෝ බඳ පටියෙ හිල් විදින්න උනා.මොන තරම් අපුරු දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. දැන් ගිය අවුරුද්දේ කලිසම් දෙපැත්තෙන් රැලි දෙකක් එනවා පටිය නිසා!

      Delete
  12. හා හා ඒකට කමක් නෑ. අපි බලමු තව ටිකක් ෆිට්නස් හදාගන්න.

    ReplyDelete
    Replies
    1. පහු පහු වෙනකොට ෆිට්නස් නොවෙයි, ජීවත්වීම තමයි ප්‍රශ්නය!

      Delete
  13. පාන් නොකෑම නං මාත් කරනව. අනිත් ටික නං .......

    ReplyDelete
    Replies
    1. රාජ් කොහොමටත් පාන් නොකා නේ!

      Delete
  14. කරගන්න බැරුව ඉන්න දෙයක්...

    ReplyDelete
  15. ඔක්කොමත් හරි කිය‍මුකො. පටියෙ හිල විදින එකනෙ කේස් එක.

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා වෙනම උපකරණයක් ඇත. ප්‍රමාණ හයකින් හිල් විදිය හැක. ලංකාවේ නම් පේව්මන්ට්වල බෙල්ට් විකුණන අය ළඟත් තිබේ!

      Delete
  16. ලඟදිම මෙල්බර්න් කප්, වික්ටෝරියා ඩර්බි එහෙම එන්ටර්වෙන්න පුලුවන් වෙයි රසිකට.
    අපි මෙහෙ ඉඳන් ඕල් ඔන් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. මං කවදත් හොඳ ජොකියෙකු තමයි! ලෙස්ටර් පිගොට් පරාදයි!

      Delete
    2. Vets take care of the other part of the team
      pra jay

      Delete
  17. මම දෙන උපදෙස්නම් දැනට පිළිපැදල තියෙන්නෙ එකම එක්කෙනයි. ඒ මම විතරයි ඒක නිසා මේ කියන දේ කිසි කෙනෙක් පිලිපදින්න එපා.

    එක්සයිස් කරන නොකරන, බොන නොබොන,, පාන් කන නොකන, තෙල් ජාති කන නොකන, සෞඛ්‍යමය ආහාර ගන්න නොගන්න හැම මිනිහාම මැරෙනවා. ජීවිතකාලය සමහර විට අවුරුදු පහක් විතර වැඩි වෙන්න පුලුවන්, නොවෙන්නත් පුළුවන්. එක්සයිස් කරන, තෙල් නොකන, පාන් නොකන අය ගුවන් අනතුරකින්, වාහන අනතුරකින් වගේ හදිසි අනතුරු වලින් විශේෂ බේරීමක් වෙන්නෙත් නැහැ. ජීවිත කාලෙදී තමන් කැමති දේ කන්න බොන්න, කැමති දේවල් කරන්න. කෑම ගොඩක් කන්න නම් එපා. මත්පැන් බොන්න ඒත් ගොඩක් බොන්න එපා. අනුන් අකමැති දේවල් ඒ අයට කරන්න එපා. තියෙන දේවලින් හැකියා වලින් අනික් අයට උදව් කරන්න. මැරෙන දවසක මැරෙයි. හැදෙන ලෙඩක් හැදෙයි. නිත්‍ය වන මරණය ගැන ලෙඩ ගැන හිත හිතා රෝගයක් නැතිව ජීවත් වෙන කාලය නාස්ති කරන්න එපා.

    මතක් කිරීම. මේ උපදෙස් වෙන කවුරුවත් පිලිගන්නේවත් පිලිපදින්නේවත් නැත.

    ReplyDelete
    Replies
    1. උඔව මුරංග අත්තේ තියනවා නෙමෙයා මචං ඉයනෝ..වර උඔට උම්මා එකක් දිලා ගල් අරක්කු භාගයක් කටේ හලන්න..

      Delete
    2. //මේ උපදෙස් වෙන කවුරුවත් පිලිගන්නේවත් පිලිපදින්නේවත් නැත.//
      උඹට වැරදිලා ඉයං.

      Delete
    3. මචං මම කිව්වෙ මම දෙන උපදෙස් ගැන. උදාහරණයකට මම ජිම් එකක් ඇතුලට යන්නේ නැත. ජිම් එක ඇතුලේ එක්සයිස් කරන කාන්තාවන් දෙස එලියේ සිට බලා සිට හිතට එක්සයිස් ගැනීම නම් නොකරන්නේ නැත. සිගරට් බොමි. ඕනෑම කෑමකට ආසා වුනොත් කමි. පාන් බටර් ආදියට වලට කෑදරය. නිදිමත නැතිවෙනකන් නිදාගමි. කිලෝ මීටරයකට එහා ඇවිද්ද කාලයක් මතක නැත. පාරේ හති දදා දුවන අයට ලිෆ්ට් එකක් දෙන්න දැයි අසා ගුටි කෑමට කිට්ටු වූ අවස්ථාද ඇත. තෙල් නොකන, පාන් නොකන, එක්සයිස් කරන, සිගරට් නොබොන මගේ මිතුරන්ට වඩා දවසක් හෝ ජීවත් වීමට බලාපොරොත්තු වෙමි. මේහා සමාන ජීවිතයක් ගෙවන්නේ චෙෆාකි විය හැක.

      Delete
    4. ඒක තමයි මාත් කිවුවෙ. ඔය උපදෙස් ඔය ආකාරයටම කරන තවත් එකෙක් තමයි මං. ඉන්නකල්නෙ කාල බීල ඉන්න තියෙන්නෙ තියරිය. අඩුම ගානෙ සහලෝල උණ හැදුනත් දවස් දෙකක් එක දිගට නොනා ඉන්නෙ නෑ.

      Delete
    5. දීපන් මචං අත. ඔන්න ඔහොම හිටියනන් කාටවත් ලෙඩ නැහැ. ලෙඩට බය වීම තමයි ලෙඩට මුල

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඇයි මාතලන්...

      එකෙක් පිලිගන්න එකක් නෑ... අද වෙනකන් එක මෙඩිකල් චෙකප් එකකට ගිහින් නෑ.. ෆ්‍රී හම්බ වෙලත්.. නිකං මක්කටෙයි හිත් අමාරු කර ගන්නේ..

      Delete
    8. ඉයන්
      මම ඉපදුනේ හද්දා පිටිසර ගමක.ඔය ගමේ ගොඩ දෙනෙක් සෑහෙන කාලයක් ජීවත් වුනා.සමහර විට අවුරුදු 100ත් පැනපු අය හිටියා.මෙඩිකල් නෑ,ව්‍යායාම නෑ,එදා වේලට මොනව හරි කෑවා,ප්‍රියතම පානය රා,එකක් නෙවෙයි.හැබැයි ලෙඩත් නෑ.අඩු වයසින් මැරුනෙත් නෑ.මම 2002 න් පස්සේ ජීවත් වුනේ නඟර වලම විතරයි.බොහෝ දෙනෙක් නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න නොකරන දෙයක් නෑ.නිතරම ඩොක්ටර්ස්ලා මුන ගැහෙනවා.වෛද්‍ය උපදෙස් පතනවා.ඒ වුනාට 40 පැනපු ගමන් ලෙඩ ගොඩවල්.අනික වැඩිකල් ජීවත් වෙන්නෙත් නෑ.

      Delete
    9. ඉයන් ගේ මතයේ තමයි මාත් හිටියේ, නමුත් පාං, සීනි වගේ ජාතිවල ජීවිිත කාලේටම තිබුණු කෝටා එක ජීවිතෙන් අඩකදී අවසාන වුනා!

      Delete
    10. ඊලග සැරේ සෙට්වුන වෙලාවක මාතයියා චෙෆා ප්‍රසා සහ උඔ එක්ක චියර්ස් කරලා අඩ්ඩක් ගහන්න ඔනේ මේ කමෙන්ට් ටිකට..

      Delete
  18. ඔය ප්‍රශ්ණ ටික එන්නේ තිහ පහු වුණාම වෙන්න ඇති...!!!

    මාස ගාණකට පස්සේ හම්බ වුණ යාළුවෝ කියනව උඹ මහත් වෙලා බං කියල!!

    මයෙ හිතේ මං හෙනම වේගෙන් මහත් වුණ කෙට්ටු වෙන එකෙක්..

    මට තඩියා කියල කාලයක් කිව්වා... ඇල්පෙනිත්තා කියලත් කාලයක් කිව්වා

    ReplyDelete
    Replies
    1. තරිඳුට තව කල් තිබේ!
      නමුත් මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන යන්න.

      Delete
  19. ජපාන ජාතිකයින් මේදය සහිත ආහාර අනුභව කරන්නේ ඉතා අඩුවෙනි. ඔවුන්ට හෘද රෝග වැලඳෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයින්ට වඩා අඩුවෙනි. ප්‍රංශ ජාතිකයින් මේදය සහිත ආහාර වැඩියෙන් අනුභව කරයි. එහෙත් ඔවුන්ටද හෘද රෝග වැලඳෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයින්ට වඩා අඩුවෙනි.

    ජපාන ජාතිකයින් රතු වයින් පානය කරන්නේ ඉතා අඩුවෙනි. ඔවුන්ට හෘද රෝග වැලඳෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයින්ට වඩා අඩුවෙනි. ඉතාලි ජාතිකයින් රතු වයින් විශාල වශයෙන් පානය කරයි. එහෙත් ඔවුන්ටද හෘද රෝග වැලඳෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයින්ට වඩා අඩුවෙනි. ජර්මන් ජාතිකයින් බීර වර්ග ඉතා විශාල වශයෙන් පානය කරයි. එහෙත් ඔවුන්ටද හෘද රෝග වැලඳෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ජාතිකයින්ට වඩා අඩුවෙනි.

    නිහමනය : ඔබ කැමති දෙයක් කන්න. කැමති දෙයක් බොන්න. එහෙත් ඉංග්‍රීසි කථා කිරීම හෘද රෝග වලට ප්‍රධාන හේතුවක් වන බව මතක තබාගන්න.

    පුවත්පතක පලවූවකි.

    ReplyDelete
    Replies
    1. දුම්බීම ගැන නේද? දුම්බීම බහුතරයක් දෙනාට මාරාන්තිකයි!

      Delete
  20. පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
    උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
    එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.

    සීත කාමරයක කොම්පියයුටරක් ඉස්සරහා ඉඳගෙන මැනේජර් ලෙවෙල් එකෙන් පරිපාලනයේ වයස 40 පැනපු වැදගත් යයි සිතාගෙන දවසේ පැය 7.6 පුටුවේ වාඩිවෙලා රැකියාවක් කරන කෙනෙක් කලාට
    පැක්ටරියක කුඹුරක වැඩබිමක මහන්සියෙන් වැඩකරන වයස 40 පැනපු කෙනෙකු මෙය කරන්නට වුනොත් රසික ඔබ මොකද හිතන්නේ

    ReplyDelete
    Replies
    1. පුටු රත්කරමින්, ලේසි ආහාර කමින් සිටින අයට තමයි ඔය දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ.

      ඇඟ මහන්සියෙන් රැකියා කරන අයට මේවා අනවශ්‍ය බව අමුතුවෙන් කියන්න්ත් ඕනෑ ද?

      Delete
  21. රා....ලොජි ඔය උඩින් දාලා තියන ඔසී රුල් ෆුටි කලබ් වල සංකේත ලාංජනයි , ඔසී රග්බි ලීග් කලබ් වල සංකේත ලාංජනයි , මේ කතාවයි අතර තිබෙන සම්බන්දය මොකක්ද

    ReplyDelete
    Replies
    1. @ඇනෝලොජි,

      ටියුබ් ලයිට් එකේ ස්ටාටරේ ගිහින් වගේ?

      ඒ ලාංඡන අති බහුතරයක ඉන්නේ සත්තු. ඒ නිසා තමයි පශු වෛද්‍ය උපදෙස් වැදගත්!

      .

      Delete
    2. එකත් හරි ලංකාවේ ඉන්න අපි ඔසී ස්පෝර්ට්ස් ක්ලබ් ගැන දන්නා කොහොමද

      Delete
  22. මරු මරු... කොහොම හරි ෆිට් එකේ ඉන්න රසික අයියා... එතකොට ලෙඩ අඩුයි... අර මනුස්සයා පශු වෛද්‍ය උනත් අගේ කරන්න ඕනි මනුස්සයෙක්...

    ReplyDelete
    Replies
    1. එයාට උපදෙස් එයා ගේ බිරිඳගෙන්!

      Delete
    2. @රසික,

      පශූ වෛද්‍යවරු සත්තුන්ට ආදරේ නිසා ඒ රස්සාව තෝරගන්න අය. ඒ අයව විශ්වාස කරන එක හොඳයි රසික.

      එයාලා තෝරගන්න නෝනලත් ඒ වගේම ඇති...:P

      Delete
  23. කන කන ටික පුච්චලා දානවා නම් ශරීරය පවත්වාගැනීම අපහසු නෑ. මේ මම පෙන්නේ නෑ? වැඩි ව්‍යායාමයක් නෑ. කරන්නේ දවසට හැතැක්ම 3ක් විතර ඇවිදින එකයි, සතියට දෙතුන් පාරක් හවසට හැතැක්ම 4ක් බයිසිකල් පදින එකයි විතරයි.. එදා දැක්කනේ මගේ ඇඟේ හැටි?

    ReplyDelete
    Replies
    1. මා නම් දැක නැත!
      ඇත්තටම එහෙම කරන්න කාලය හොයා ගැනීම තමයි ඊළඟ ප්‍රශ්නය!

      Delete
  24. රසවත්, ඉයන්ගේ තියරියට ජීවත්වෙන්න කැමතියි, සරීරේ කොච්චර ඉවසයිද කියන එකතමයි ප්‍රස්නෙ, සරීරේ වගේම සරීරේ කොටසක් වන හිතද සතුටෙන් තැබිය යුතුය කියලද කියන්නේ.

    ReplyDelete
  25. Den nam doc nathnam vet gen hari kamak ne upades ganna wela thiyenne matath.. :)

    ReplyDelete
  26. මගෙත් බෙල්ට් එකේ හිල් විදින්න වෙලා.. කෝටුකිතයියෙක් වෙයිද බයත් හිතෙනවා. දැන් මොකක්ද වෛද්‍ය උපදේසේ..

    ReplyDelete
  27. නොමිලේ දෙනවා නම් දෙමළ පත්තර උනත් ගන්න එකේ ඔහොම වෛද්‍ය උපදේශයක් කවුරු දුන්නාම මොකෝ.

    ReplyDelete
  28. මිනිස්සු ජාති දෙකක් ඉන්නවලු. එක ජාතියක් ජීවත් වෙන්න ඕන නිසා කනවලු. අනිත් ජාතිය ජීවත් වෙන්නෙ කන්නලු..මම ඔය දෙකෙන් දෙවැනි ජාතියෙ. අහු උණ ඕන දෙයක් කනව. වැඩි සීනි තේ තමයි බොන්නෙ. සීනි නැතුව තේ බිව්වට වැඩක් තියන එකක්යැ... පිටි කෑම කනව. මේ කාලේ නොකා කවද කන්නද. ලෙඩක් කාරිය ආවොත් බේත් ගන්නවා. ලෙඩේ උග්‍ර උනොත් නං මැරෙන්න තියන බයට එව්වා පාලනේ කොරන්න ට්‍රයි එකක් දෙයි මාත්. හැබැයි එතකල් කනව බොනවා. ලෙඩක් එයි කියල මූදට හත් ගව්වක් තියා අමුඩ ගහල මොකටද. මුල ඉඳන්ම පරෙස්සම් උනා කියල මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නැයි. ලස්සනට ඉන්න ඕන නිසා බොඩි ශේප් එක රැකගන්න එක හොඳයි. තමුන්ගෙ වැඩ ටික කරගන්න බැරි වෙන තරමට අවුල් උනොත් පාලනය කරන එක හොඳයි.. දැනට මගෙ නම් තියරිය ඒකයි රසික අයිය...

    ReplyDelete
  29. උපදෙස් වික නම් සුපිරිම තමයි. පසු වෛද්‍ය උපදෙස් වුණත් මේ දවස් වල කාට කාටත් වටිනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.