Tuesday 16 February 2016

බීලා මැරෙමු ද, නොබී මැරෙමු ද හෙවත් ආච්චීට කට උත්තර නැත! - Running in the family?


මගේ මව ගේ පියා සහ මව වයසෙන් වෙනස් වූයේ වසර තුනකින් පමණකි.

ඔවුන් දෙදෙනා ම වෘත්තියෙන් ගුරුවරු වූහ. ආච්චී පේෂකර්මය පිළිබඳ ගුරුවරියක් ලෙස සේවය අරඹා ඒ සේවයේම විශ්‍රාම ගියාය. ඇය සේවය කළේ පළාතේ පිහිටුවා තිබූ මධ්‍යම විිද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් කොලීජියේ ය. ආතා, උප ගුරුවරයෙකු ලෙස සේවය අරඹා, කුඩා පාසලක මුල් ගුරුවරයා, එනම් ඒ දිනවල හැඳින්වුණු ආකාරයට ලොකු මහත්තයා, ලෙස කලක් සේවය කර විශ්‍රාම ගියේය.

දෙදෙනාගේ ම ගම් පළාත කළුතර දිස්ත්‍රික්කයේ වුවද, ඔවුන් විවාහ වී වසර හත අටකට පමණ පසු සේවය ඇරඹූ රත්නපුර කලවාන ප්‍රදේශයේ කුඩා ඉඩම් කෑල්ලක් මිලට ගෙන නිවසක් සාදා එහි පදිංචි වී සිටියහ. මැදි වයසේ සිට, ජීවිතයේ අවසානය දක්වා ඔවුන් දෙදෙනා ජීවත් වුණේ ඒ නිවසේ ය.

ආච්චී නම් අප දන්නා කාලයේ පටන් සවස් වරුවේ බුදුන්ට මල් පූජා කර වැඳ පන්සිල් සමාදන් වී ජීවත් වූ අයෙකු වුවද, ආතා නම් පස්වෙනි ශික්‍ෂාපදය තුට්ටුවකටවත් මායිම් කළ අයෙකු නොවීය.

නිවස ඉදිරිපිටට තිබුණු කුඩා කුඹුරු කෑල්ලෙන් ලැබෙන සහල් සහ කුඩා ගෙවත්තේ වවාගත් එළවළු, පලාවර්ග බුදිමින් ඔවුන් ගෙවුයේ, අද අපේ මිම්මෙන්, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකි.

නමුත්, තරමක් ස්ථුල ශරීරයකට හිමිකම් කියූ ආච්චීට විශ්‍රාම ගොස් වසර කිහිපයකින්ම විවිධ රෝගාබාධ වැලදුණි. ඒවා කවරක්දැයි මා , නිවැරදිව නොදන්නා මුත්, ආච්චී රාත්‍රියට බත් කෑම නොකළ බවත්, සීනි පැණි රස වර්ග කෑම, තෙල් කෑම යනාදිය නො කළ බවත් මගේ මතකයේ ඇත.

මෙසේ කාලයක් ගතවුණු පසු ආතාට ද යම් රෝගාබාධ ඇතිවුණි. මේ කාලය වෙන විට දෙදෙනාම ගත කළේ ඔවුන් ගේ ජීවිතවල අටවෙනි දශකයයි.

මේ මා අපේ පුංචි අම්මාගෙන් ඇසූ කතාවකි.

දිනක් ආතා ගේ අසනීපය ගැන ඇතිවුණු කතාබහක දී ආච්චී ආතාට දෝෂාරෝපණය කර ඇත්තේ, "දන්න කියන කාලේ ඉඳලා බොන එකමනේ වැඩේ! ඉතිං ඔහේට ඔය අසනීප නොහැදී තියේවියැ?" යැයි කියමිනි.

විවාහ වූ දිනවල සිටම පාහේ ඔහු අසා තිබෙන්නට ඇති මේ බීම පිළිබඳ කතාව ඇසූ ආතා තරමක් කෝප වී ඇත.

ආච්චී ගේ කතාවට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ මේ වදන් කිහිපය පමණි.

"හොඳයි, මං ලෙඩ වුණේ අරක්කු බීලා ය කියමුකෝ. එතකොට ඔහේ ලෙඩ වුණේ මොනවා බීලා ද?"

ආච්චීට කට උත්තර නැති වී ඇත්තේ එවිට ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ආතා වසර හැත්තෑ නමයක්(*) ජීවත් වූ අතර, ආච්චී ඉන් වසර අටකට පසුව(*) වසර අසූ දෙකක(*) තම ජීවිතය අවසන් කළා ය.

ඉකොනොමැට්ටා මේ ලිපිය ද කියවන්න.
http://economatta.blogspot.com/2016/02/blog-post_10.html

(*) ප/ප/ලි:
මේ ලිපියේ දැක්වෙන ආතා සහ ආච්චිගේ ජීවිත කාලය පිළිබඳ මිනුම්වල යම් වරදක් ඇත. ඒ වරද පිළිබඳව දොස් පැවරිය යුත්තේ, ඒ වරද පෙන්වා දීම පිළිබඳ ස්තුතිය ද හිමි විය යුතු ඉකොනොමැට්ටාට ම ය.
;-)

මේ ලිපිය ලියන මොහොතේ ආතා ගේ උපන් දිනය මා නිවැරදිව දැන සිටියේ නැත. මරණය සිදුවූ වසර සහ මාසය ගැන පමණක් අපැහැදිලි අදහසක් තිබුණි. ඇය ජීවත්ව සිටි කාලයේ දී ආච්චී ගේ උපන් දිනයට සහ ඇය මිය ගිය පසු ඒ සංවත්සරයට සිදු කළ දාන මාන කටයුතු නිසා ආච්චි ගැන එසේ අවුලක් නොතිබුණි.

ලිපිය අවසාන කර පළ කිරීමට යද්දී ඉකොනොමැට්ටා ගේ අදාළ ලිපිය ගැන සිහිවී එයට සබැඳියක් යෙදීමට එය නැවත කියවන විට ගැහැණු පිරිමි අපේක්‍ෂිත ආයු කාලයේ වෙනස පැහැදිලි වීමට සිතා ලිපියේ අවසන් වගන්තියෙ වෙනස් කළෙමි. එහි දී සිදුවුණු අවුල ද, අන් ස්ථානවලදී නොසලකා හැරි ආසන්න කිරීමේ දෝෂයන් ගේ ද සියලු වැරදි මගේ ය.

අම්මාගෙන් අසා දැනගත් කරුණු අනුව මෙන්න නිවැරදි විස්තරය.

ආතා ආච්චීට වඩා අවුරුදු තුනකුත් මාස නමයක් වැඩිමහලු ය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූවකුත් මාස දෙකකි.

ආච්චී මිය ගියේ අවුරුදු අසූ තුනකුත් මාස දහයක් ආයුෂ ගෙවා ය. ඒ ආතා මිය ගොස් අවුරුදු හතකුත් මාස පහකට පසුවය.

තවත් නොකියා කියූ කරුණු කිහිපයක් මෙන්න.

1. මට වැටහෙන විදියට මේ දෙදෙනාම අපේක්‍ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා ජීවත් වී ඇත.

2. මගේ මාතෘකාවේ "රනින් ඉන් ද ෆැමිලි" යන යෙදුම මයිකල් ඔන්ඩච්චි ගේ පොතක නමකි. එය මෙහි දී දෙආකාරයකින් වැදගත් වේ.

3. ආච්චී සහ ආතා අතරේ මෙහි ඇති දෙබස ඇතිවෙන කාලයේ ආතා අමිතාබ් බච්චන් ගේ වයසේ සිටි අතර, ආච්චී ජයා බහදුරි ගේ වයස තරමක් පසු කර සිටියා ය.

(image: http://www.hindustantimes.com/bollywood/amitabh-jaya-bachchan-wedding-anniversary-seven-times-they-romanced-onscreen/story-QPJoJH93KlR1WRSeAAvSUN.html)

42 comments:

  1. //මගේ මව ගේ පියා සහ මව වයසෙන් වෙනස් වූයේ වසර තුනකින් පමණකි.//
    //ආතා වසර හැත්තෑ නමයක් ජීවත් වූ අතර, ආච්චී ඉන් වසර අටකට පසුව වසර අසූ දෙකක තම ජීවිතය අවසන් කළා ය.//

    වසර අටකට පසු වයස අසූ දෙකක් වී ආච්චී මිය යන තුරු ආතා ජීවත් වුනානම් ඔහුගේ එවකට වයස අසූ හතක් වනු ඇත (ආතා වැඩිමල්යයි උපකල්පනය කරමින්). එවිට වෙනස පහකි. තුන පහ වුනේ ආතාටත් විමල් වීරවංශට මෙන් උප්පැන්න සහතික දෙකක් තිබුණු නිසාද නැත්නම් පස්වන සිල් පදය වගේම හතරවන පදයත් රැක්කේ නැති නිසාද?

    ReplyDelete
    Replies
    1. 1. මගේ මැත හොර නිසා
      2. ආතා තමාගේ වයස වැඩියෙන් ද ආච්චී අඩුවෙන් ද කී නිසා
      3. සමාන නොවන rounding off නිසා

      අම්මා අමතා නිවැරදි තොරතුරු සොයා update කරන්නම්.

      Delete
    2. අපරාදේ lifeline එක use කරන්නේ. ඕක ask the audience දාන්න.

      Delete
    3. මටත් මේ අවුල තමයි මුළින්ම පෙනුනේ. :)

      Delete
    4. හා හා අම්මා අමතන්න එපා. මේ වල් පල් කියවන අය අම්මව මතක් කරයි

      Delete
    5. මම පෝස්ට් එකට වඩා කැමති අර ආස්ක් දී ඕඩියන්ස් කොමෙන්ට් එකට..

      ඉස්සර මේ ඉකොනොමැට්ටගේ රෝල් එක කලේ ඉන්දික උපශාන්ත...

      මුන් එක්ක බොරු ලියන්න බෑ...

      Delete
    6. මහා ගණිතඥ රසිකලොජිස්ට් උන්නාන්සේ උදෑසනම හොඳින් ඇදගෙන නාගත් සේක. මරා කල්ලියේ බයි වහලුන් පිළිබඳ ගණිතමය විග්‍රහ කරලූ වීර විකුම් ගණිත මැජික් පෙන්වූ රයියා හෙවත් රසික ලොක්කා සරල අංක ගණිතය (දෙකේ පන්තියේ ලමයිනුත් දන්නා හුදෙක් එකතු කිරීම අඩුකිරීම ) නොදැන සිටීම අතිශය ලොල් සහගතයි නේද?

      Delete
    7. //අපරාදේ lifeline එක use කරන්නේ. ඕක ask the audience දාන්න.// දවසේ කමෙන්ට් එක :)

      Delete
    8. /ඉස්සර මේ ඉකොනොමැට්ටගේ රෝල් එක කලේ ඉන්දික උපශාන්ත.../

      ඉන්දික උපශාන්ත හා ප්‍රොෆයිල් ඇනෝ කිව්ව නම් වඩා නිවැරදියි. ඒක එයා නිර්නාමිකව එන්න යොදා ගත්තු උපක්‍රමයක්. ඉන්දික ඇවිල්ලා හිර වෙනකොට ප්‍රොෆයිල් ඇනෝ ඇවිත් උදව්කරලා ගොඩ දානවා. (හෝ වයිස් වර්සා) ඉන්දික තමන්ගේ සැබෑ ප්‍රොෆයිල් එකෙන් හා ඇනෝ ප්‍රොෆයිල් එකෙන් ගහලා සයිලන්ට් සහන් නැත්තටම නැතිකළා.

      Delete
    9. @All
      ඥාතියෙකුගේ අකල් මරණයක් සිදු වී ඇති හෙයින් අම්මා හෝ ඇගේ සොහොයුරියක හෝ අමතා දින වකවානු ගැන (සීයා ගේ උපන් දිනය සහ මිය ගිය දිනය) නිවැරදි තොරතුරු ලබා ගැනීමට තවමත් නොහැකි විය.

      Delete
    10. ප/ප/ලි:
      මේ ලිපියේ දැක්වෙන ආතා සහ ආච්චිගේ ජීවිත කාලය පිළිබඳ මිනුම්වල යම් වරදක් ඇත. ඒ වරද පිළිබඳව දොස් පැවරිය යුත්තේ, ඒ වරද පෙන්වා දීම පිළිබඳ ස්තුතිය ද හිමි විය යුතු ඉකොනොමැට්ටාට ම ය.
      ;-)

      මේ ලිපිය ලියන මොහොතේ ආතා ගේ උපන් දිනය මා නිවැරදිව දැන සිටියේ නැත. මරණය සිදුවූ වසර සහ මාසය ගැන පමණක් අපැහැදිලි අදහසක් තිබුණි. ඇය ජීවත්ව සිටි කාලයේ දී ආච්චී ගේ උපන් දිනයට සහ ඇය මිය ගිය පසු ඒ සංවත්සරයට සිදු කළ දාන මාන කටයුතු නිසා ආච්චි ගැන එසේ අවුලක් නොතිබුණි.

      ලිපිය අවසාන කර පළ කිරීමට යද්දී ඉකොනොමැට්ටා ගේ අදාළ ලිපිය ගැන සිහිවී එයට සබැඳියක් යෙදීමට එය නැවත කියවන විට ගැහැණු පිරිමි අපේක්‍ෂිත ආයු කාලයේ වෙනස පැහැදිලි වීමට සිතා ලිපියේ අවසන් වගන්තියෙ වෙනස් කළෙමි. එහි දී සිදුවුණු අවුල ද, අන් ස්ථානවලදී නොසලකා හැරි ආසන්න කිරීමේ දෝෂයන් ගේ ද සියලු වැරදි මගේ ය.

      අම්මාගෙන් අසා දැනගත් කරුණු අනුව මෙන්න නිවැරදි විස්තරය.

      ආතා ආච්චීට වඩා අවුරුදු තුනකුත් මාස නමයක් වැඩිමහලු ය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූවකුත් මාස දෙකකි.

      ආච්චී මිය ගියේ අවුරුදු අසූ තුනකුත් මාස දහයක් ආයුෂ ගෙවා ය. ඒ ආතා මිය ගොස් අවුරුදු හතකුත් මාස පහකට පසුවය.

      තවත් නොකියා කියූ කරුණු කිහිපයක් මෙන්න.

      1. මට වැටහෙන විදියට මේ දෙදෙනාම අපේක්‍ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා ජීවත් වී ඇත.

      2. මගේ මාතෘකාවේ රනින් ඉන් ද ෆැමිලි යන යෙදුම මයිකල් ඔන්ඩච්චි ගේ පොතක නමකි. එය මෙහි දී දෙආකාරයකින් වැදගත් වේ.

      3. ආච්චී සහ ආතා අතරේ මෙහි ඇති දෙබස ඇතිවෙන කාලයේ ආතා අමිතාබ් බච්චන් ගේ වයසේ සිටි අතර, ආච්චී ජයා බහදුරි ගේ වයස තරමක් පසු කර සිටියා ය.

      Delete
  2. කොහොමත් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව ටිකක් විතර වැඩියිනේ... ආච්චි බිව්වත් වෙනසක් වෙන එකක් නෑ මයෙ හිතේ.... හැක්

    ReplyDelete
    Replies
    1. ගැහැණුන් ගේ අපේක්‍ෂිත ආයු කාලයේ සාමාන්‍ය අගය පිරිමින්ට සාපේක්‍ෂව ඉහල අගයක් ගන්නේ ගැහැණුන් මත්පැන් පානය සාපේක්‍ෂව අඩු නිසාය.

      Delete
  3. මගෙ යාලුවෙක් (සීයා) අවුරුදු 90 ජීවත් වෙලා මලා

    ReplyDelete
  4. සීය හරි. බීල අක්මාව කර්පට් කරල, දුම් බීල පෙනහැල්ල වල්කනයිස් කරල ශරීර කූඩුව කනත්තට ඇරියම දුක නැහැ. ඔය මොකවත් නොකර පරිස්සන් කරල හොඳ තත්වයේ ශරීරයක් කනත්තට අරින්නෙ මොකටද.

    ReplyDelete
  5. අපේ ආතා (පිය පාර්ශවය) අවුරුදු 99 ක් ජිවත් උනා, තාත්තා ජිවත් උනේ 56 යි. මම...?

    ReplyDelete
    Replies
    1. මම = 56-(99-56) = 13 ???
      ;-)

      එහෙම සරලව ඕවා හිතන්න බෑ. සමහර ජාන පරම්පරාවක් පන්නලා තමයි එන්නේ. ඔබට වසර සීයක් ආයු ප්‍රාර්ථනා කරමි!

      Delete
  6. ආච්චිඅම්මාට වයස 90 ට වැඩී. අදටත් තුන් වේලම කන්නේ බත්. කන්නාඩි නැතුව පත්තර බලනවා. කුඩා කාලේ සිදුවීම් තවම හොඳින් මතකයි. ආතරයිටිස් ඇරුනම ප්‍රෙෂර්, කොලස්ටරෝල්, ෂුගර් වගේ පොෂ් ලෙඩ මුකුත් නෑ. අම්මට වයස 70 කට කිට්ටුයි. උඩ කියපු ලෙඩ ඔක්කොටම අමතරව තවත් කිහිපයක් තියෙනවා.

    මගේ වයස...එක්කෝ ඕනේ නෑ :D හැබැයි අර පොෂ් ලෙඩක් නම් දැනටත් තියෙනවා. ආච්චිඅම්මලගෙන් පසු පරම්පරාවලට මෙහෙම වෙන එක හරි අසාධාරණයි නේද.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං... ෆුල් ඔප්ෂන් නැත්නම් වායනයක් උනත් වැඩක් නෑ

      Delete
    2. එහෙම සරලව ඕවා හිතන්න බෑ.
      සමහර ජාන පරම්පරාවක් පන්නලා තමයි එන්නේ. ඔබට වසර සීයක් ආයු ප්‍රාර්ථනා කරමි!

      Delete
  7. අපේ පරම්පරාවෙත් ආයුශ වැඩි ගැහැනු අයට..

    ReplyDelete
    Replies
    1. සම්මතයෙන් අපගමනය වෙලා නෑ එහෙනම්?

      Delete
  8. අපේ නම් අම්මගේ අම්මව මම දැක්කෙත් නෑ. අම්මගේ අප්පච්චිත් වයස 80 ගානක් ඉන්න ඇති වැඩිම උනොත්. අප්පච්චිගේ අම්මයි අප්පච්චියි දෙන්නම තවමත් හොඳින් ඉන්නවා. දෙන්නම දැන් වයස 90 පන්නලා.

    ReplyDelete
    Replies
    1. මේ පුතා අප්පච්චි ගේ ආරෙට යාවි යැයි සිතමි!

      Delete
  9. මොකද්ද මේ බහුබූතේ. ඔයාගේ පුද්ගලික ගැටළු සායනයකට යොමු කරගන්න.

    සුජීව කොකාවල

    ReplyDelete
    Replies
    1. කොකාවෙල නොවෙයි සායනයට යන්න ඔනෑ, මේ ඇනෝකාරයායි!

      Delete
  10. අවුරුදු අසුව විතර වෙනකන් කිතුල් ගස් මැදලා තමන්ම රා හදාගෙන බොන සීයලා අපේ ගමේ කීප දෙනෙක් හිටියා

    ReplyDelete
    Replies
    1. ගස් නැගීමට පණ තිබීම සහ ඊටත් වඩා ධෛර්ය තිබීම ලොකු දෙයක්

      රා බලය විය යුතුයි!

      Delete
  11. රසික,
    මේක කියවපුවහම තේරුණ දේ තමයි ඉස්සර හිටපු උදවිය වැඩිය ජිවත් වී ඇති බව,
    මගේ පවුලේත් ඔය ලක්ෂණය තියනවා.
    නමුත් අපේ පරම්පරාවේ ජිවිත කාලය අඩුයි.
    මමනම් හිතන්නේ මේ ජිවිත කාලය අඩුවීමට අපේ ආහාර සහ නවීන සවුක්ය උපකාර වී ඇති හදයි (මේක වැරදීමක් එමේම නෙමෙයි )

    ReplyDelete
    Replies
    1. ආයු අඩු වීමට මානසික ආතතිය, කෘෂි රසායන, පරිසර දුෂණය බලපානවා විය හැකියි.
      නමුත්, ඊට වඩා වේගයෙන් වෛද්‍ය තාක්‍ෂණය දියුණු වීම නිසා අපේක්‍ෂිත ආයු කාලය දිගු වී තියෙනවා!

      Delete
  12. ප/ප/ලි:
    මේ ලිපියේ දැක්වෙන ආතා සහ ආච්චිගේ ජීවිත කාලය පිළිබඳ මිනුම්වල යම් වරදක් ඇත. ඒ වරද පිළිබඳව දොස් පැවරිය යුත්තේ, ඒ වරද පෙන්වා දීම පිළිබඳ ස්තුතිය ද හිමි විය යුතු ඉකොනොමැට්ටාට ම ය.
    ;-)

    මේ ලිපිය ලියන මොහොතේ ආතා ගේ උපන් දිනය මා නිවැරදිව දැන සිටියේ නැත. මරණය සිදුවූ වසර සහ මාසය ගැන පමණක් අපැහැදිලි අදහසක් තිබුණි. ඇය ජීවත්ව සිටි කාලයේ දී ආච්චී ගේ උපන් දිනයට සහ ඇය මිය ගිය පසු ඒ සංවත්සරයට සිදු කළ දාන මාන කටයුතු නිසා ආච්චි ගැන එසේ අවුලක් නොතිබුණි.

    ලිපිය අවසාන කර පළ කිරීමට යද්දී ඉකොනොමැට්ටා ගේ අදාළ ලිපිය ගැන සිහිවී එයට සබැඳියක් යෙදීමට එය නැවත කියවන විට ගැහැණු පිරිමි අපේක්‍ෂිත ආයු කාලයේ වෙනස පැහැදිලි වීමට සිතා ලිපියේ අවසන් වගන්තියෙ වෙනස් කළෙමි. එහි දී සිදුවුණු අවුල ද, අන් ස්ථානවලදී නොසලකා හැරි ආසන්න කිරීමේ දෝෂයන් ගේ ද සියලු වැරදි මගේ ය.

    අම්මාගෙන් අසා දැනගත් කරුණු අනුව මෙන්න නිවැරදි විස්තරය.

    ආතා ආච්චීට වඩා අවුරුදු තුනකුත් මාස නමයක් වැඩිමහලු ය. ඔහු මිය යන විට වයස අවුරුදු අසූවකුත් මාස දෙකකි.

    ආච්චී මිය ගියේ අවුරුදු අසූ තුනකුත් මාස දහයක් ආයුෂ ගෙවා ය. ඒ ආතා මිය ගොස් අවුරුදු හතකුත් මාස පහකට පසුවය.

    තවත් නොකියා කියූ කරුණු කිහිපයක් මෙන්න.

    1. මට වැටහෙන විදියට මේ දෙදෙනාම අපේක්‍ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා ජීවත් වී ඇත.

    2. මගේ මාතෘකාවේ රනින් ඉන් ද ෆැමිලි යන යෙදුම මයිකල් ඔන්ඩච්චි ගේ පොතක නමකි. එය මෙහි දී දෙආකාරයකින් වැදගත් වේ.

    3. ආච්චී සහ ආතා අතරේ මෙහි ඇති දෙබස ඇතිවෙන කාලයේ ආතා අමිතාබ් බච්චන් ගේ වයසේ සිටි අතර, ආච්චී ජයා බහදුරි ගේ වයස තරමක් පසු කර සිටියා ය.

    ReplyDelete
  13. ඇයි අර කතාව අහලා ඇතිනේ රසික ඇතුළු මෙහි පාඨකයින්,

    ඔන්න අවුරුදු 100 ජිවත් වෙච්චි සියා කෙනෙක් ඉන්ටවිව් කරන්න පත්තරෙන් ගියා.

    පත්තරෙන් : අවුරුදු 100 මේ වගේ හොඳින් ජිවත් වෙන්න සීයා අනුගමනය කෙරුවේ මොන වගේ දේවල්ද ?

    සීයා : මම අරක්කු සිගරට් බොන්නේ නැහැ,මස් මාළු කන්නේ නැහැ,etc ,

    ඔය අතරේ ඔන්න ගේ ඇතුලෙන් බඩු මුට්ටු පෙරලෙන කෑ කෝ ගහන සද්දයක්,

    පත්තරෙන් :මොකක්ද සීයේ ගේ ඇතුලෙන් ඇහෙන රණ්ඩු කරන සද්දේ?

    සීයා : ආ....ඒ අපේ තාත්තා.මිනිහා කට ගොන්නක් බිලා ඇවිල්ලා.බයිට් එකට මස් ඉල්ලලා කෑ ගහන සද්දේ ඔය ඇහෙන්නේ.හැමදාම ඔහොම තමයි...:D :D

    ReplyDelete
  14. Q: Why do single men live longer than married men?

    A: because they want to

    Q: Why do married men die earlier than single men?

    A: because they want to



    ReplyDelete
  15. අපේ තාත්තාගේ 70 වෙනි උපන්දිනයට පසු දින තාත්තා සතියට දින 3ක් පමණ සිදුකරන විස්කි මජ්ජපමා දට්ඨානා නතර කරවීමේ මෝඩ අරමුණ ඇතිව අක්කලා දෙන්නා හා නංගී පෙරටු කොටගෙන තාත්තා ඉදිරියට ගියෙමි.
    තාත්තා: "මොකද කට්ටිය එකට හොරගල් අහුලන්නේ"
    මම: මේකයි තාත්තේ, තාත්තා ඔය සතියකට දවස් 3ක් විතර බොන එකත් නතර කරොත් .....
    තාත්තා: ඔව් ... නතර කරොත් මගේ ආයුශ තව කොච්චර වැඩි වෙයිද ?
    ලොකු අක්ක: එහෙම නෙමෙයි තාත්තේ... තව අවුරුදු 6-7ක් වැඩි උනත් අපිට කොච්චර ලොකු දෙයක්ද?
    තාත්තා: අවුරුදු 6-7ක් නේ... මට ඒ අවුරුදු 6-7 එපා. ඊට වඩා මට දාස් වාරයක් වටිනව මේ සතියට දවස් තුනක් පරණ යාලුවෙක් එක්ක ගන්න ෆන් එක

    හුටා ඇත්ත නේන්නං...

    ඊට අවුරුදු 8 කට පසු දිනක පැහැපත් සැන්දෑවක සිය මුනුබුරු මිනිබිරියන් 9 දෙනා මහගෙදර මිදුලේ සෙල්ලං කරනා බලාසිටින අතරතුර පොඩි පපුවෙ කැක්කුමක් යැයි කියමින් තනිවම ඇඳට ගොස් ඇලවී අප අතරින් වෙන්විය.

    ReplyDelete
  16. කොයි දේ කොහොම කලත් කෙනෙක් අරන් එන ආයු කාලය ගෙවන්නම එපැයි. අනික ඉතින් ගෑණු අයගේ ආයු කාලය වැඩියි නේ.

    ReplyDelete
  17. කාල මරණ .. අකාල (සමත් තිබුනත් හරි රහකට කෑමක් නොකා) මරණ වගේ තමා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  18. ආච්චියි සීයයි ගැන රසවත් කතාව රසවත්. එයාලට නිවන් සුව පතන්නම් සෙනෙහසින්. මගෙ ඒ 4 දෙනාම මැරිලා ,අම්ම තාත්තා වගේම අපෙ ජීවිත වලට එයාලත් හුඟක් බලපානව නේ? අඩුම ගානේ බ්ලොග් පොස්ටුවක් වත් දාන්න පුලුවනිනේ? ජයවේවා..!!

    ReplyDelete
  19. සීයගේ වයස අඩු උනත් ආතල්මන්ට් ජීවිතයක් ගතකරල මැරිලා තියෙන්නේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.