Friday 8 April 2016

බොනවා නම් චීන විස්කි බොමු! - Sour grapes?


වසර කිහිපයකට පෙර මා ලංකාවට ගිය එක් අවස්ථාවක, මා වැනිම නො රට සිට නිවාඩුවට පැමිණ සිටි මිතුරන් කිහිප දෙනෙකු සහ ලංකාවේ වාසය කරන තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රාත්‍රී ආහාරය ගැනීමේ අවස්ථාවක් උදාවිය.

අප එදා ගියේ කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නාව අසල ම වාගේ පිහිටි ආපන ශාලාවකටයි. මේ ආපන ශාලාවේ අප අසුන් ගත් මේසයට ආසන්න මේස කිහිපයක ම සිටියේ චීන ජාතියකින් ය. ඔවුන් ගේ ප්‍රියතම පානය ලෙස මට පෙනී ගියේ කළු පැහැති ලේබලයෙන් යුතු අපි කවුරුත් වාගේ හොඳින් දන්නා මිශ්‍ර විස්කි වර්ගයයි. අපේ පිරිස ප්‍රිය කළේ සුදු පැහැති බීම ජාතියකට නිසා, මම එය මග හැර කුඩා බියර් කුප්පියකින් සංතර්පණය වුණෙමි.

විස්කි සඳහා ලොව සුපතල ප්‍රදේශය ස්කොට්ලන්තයයි. හෝටලයේ සිටි චීනුන් කණ්ඩායම ස්කොට්ලන්තයේ නිෂ්පාදිත මිශ්‍ර විස්කි පානය කළ ද, චීනයේ ද විස්කි නිපදවෙන බව මම දැන සිටියෙමි. මා මේ මෑතක් දක්වා ම නොදැන සිටි කරුණක් වෙන්නේ එකී චීන විස්කි වර්ග අතර ප්‍රමිතියෙන් මෙන්ම මිලෙන් ද ඉතා ඉහළ වර්ග කීපයක් ම ඇති බවය.

සතියකට පමණ ඉහත දිනයක අප කිහිප දෙනෙකුට තම අත්දැකීමක් විස්තර කරමින් ඊ-ලිපියක් එවූ මගේ මිතුරෙකු කියා තිබුණේ, කාගෙන් දෝ තෑග්ගකට ලැබුණු යම් වර්ගයක චීන විස්කි බෝතලයක් තමන් සමග හොංකොං හි සිට චීනය හරහා ඇමරිකාවට ගිය හැටිත්, එහිත්, වෙනත් මැද පෙරදිග රටකත් කාලයක් තිස්සේ නිරුපද්‍රිතව තිබී මෙයින් සති දෙකකට පමණ පෙර තමන් ගේ ඊළඟ සේවා ස්ථානය පිහිටි රටට යාමට නියමිත වූ දිනයට පෙර දිනයේ දී එහි මූඩිය විවර වූ හැටිත්, එදා තම මිතුරෙකුත් තමාත්, ඒ පානයේ ඇති අති සුමිහිරි බව අත්විඳ වශී වූ හැටිත් ය. ඔහු ගේ ඇගයීම අනුව, ඒ ඔහු පානය කර තිබූ විවිධාකාරයේ බීම අතරින් අගනාම බීම වර්ගයයි.

ඒ ඊ-ලිපිය දුටු මගේ මතකයට නැගුණේ මීට වසර ගණනාවකට පෙර දිනයක මා මුහුණ දුන් එක්තරා අපූරු සිදුවීමකි.

මේ සිදුවීම වූ කාලයේ මම "තිත්ත මිදි" පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියමින් වෙනත් විශ්ව විද්‍යාලයක සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියෙමි. මට පැවරී තිබුණු එක් රාජකාරියක් වූයේ මුල් උපාධි අපේක්‍ෂකයින් ගේ පාඨමාලාවේ කොටසක් වූ වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳව සැකසුණු විෂයය ඒකකය සම්බන්ධීකරණය කිරීමයි. මේ විෂයය ඒකකය සඳහා හාරසියයක් පමණ සිසුන් විශ්ව විද්‍යාලයේ මණ්ඩප තුනක ලියා පදිංචි වී සිටි අතර, ඔවුන් සඳහා දේශන පැවැත්වීමට වෙනත් දේශකයින් දෙදෙනෙකු ගේ ද, විද්‍යාගාර සහායකයින් සිව් දෙනෙකු ගේ පමණ සේවය ද මට ලැබුණි.

දේශකයෙකු ලෙස මගේ කාර්යාලය තිබූ මණ්ඩපයේ පැවැත්වෙන දේශනය සහ එක් විද්‍යාගාර පන්තියක් භාරව කටයුතු කිරීමට අමතරව, සම්බන්ධීකාරක ලෙස මගේ වගකීමක් වූයේ විෂයය ඒකකයට අදාළ පාඨමාලාව සංවර්ධනය කිරීම සහ සියලුම සිසුන් ගේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමයි.

මේ විෂයය ඒකකයට අවසන් පරීක්‍ෂණයක් නොතිබුණු අතර විෂයය සමත්වීම සඳහා සිසුන්ට විද්‍යාගාර අභ්‍යාස, කෙටි විභාග සහ පැවරුම් හරහා ලකුණු ලබා ගත යුතු විය.

අවසන් පරීක්‍ෂණයක් නොමැති වීම, විද්‍යාගාරය පන්තිවලට පැමිණීම අනිවාර්ය නොවීම, පළමු වසර විෂයය ඒකකයක් වීම යනාදී විවිධ හේතු නිසා, මා සේවය කළ පරිගණක සහ තොරතුරු තාක්‍ෂණ පීඨයයේ සිසුන් විශාල පිරිසට අමතරව, අල්ලපු වැටේ පිහිටි ඉංජිනේරු විද්‍යා පීඨයේ සිසුන් ද මේ වෙබ් අඩවි සංවර්ධනය විෂයය ඒකකයට ලියා පදිංචි වුවද, ඒ අය අතරින් අතර මගදී හැලෙන්නන් (අත් හැර දමන්නන්) ගේ මෙන්ම, විෂයය ඒකකය ඇණ ගන්නන් (අසමත් වෙන්නන්) ගේ ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ විය. මා කලින් කියූ පරිදි මේ විෂයය ඒකකයේ අගැයීම් සෙමීස්ටරය පුරා සිදු වූ නිසා, අවසාන මොහොතේ දී පමණක් තමන් ගේ ලකුණු ප්‍රමාණය ඉහළ මට්ටමකට පත් කර ගැනීම ඉතා අපහසු කරුණක් විය.

මේ විෂයය ඒකකයේ සම්බන්ධීකරණය මට පැවරුණු පසු, පළමු සෙමීස්ටරයේ දී මේ කරුණු හොඳින් වටහා ගත් මා, දෙවන සෙමීස්ටරයේ දී ලියා පදිංචි වුණු කණ්ඩායම සඳහා සුවිශේෂී වැඩ පිළිවෙළක් හොඳින් සැලසුම් කර දියත් කළෙමි.

එහි ප්‍රධාන අංගයක් වූයේ, සෙමීස්ටරයේ මුල් අඩ තුළදී විද්‍යාගාර අභ්‍යාසවලට, කෙටි පරීක්‍ෂණයන්ට සහ පැවරුමට ලකුණු අඩුවෙන් ලබන සිසුන් සොයා ඔවුන්ට ඒ ගැන ඊ-මේල් මගින් දැනුම් දී, උපකාර සහ උපදේශ සැපයීමයි.

මේ කරුණු නිසා,
සිසුන්ට මා හමුවීම සඳහා මා වෙන් කර තිබූ පැය කිහිපය තුළ දී ද, ඉන් පිටස්තර දින සහ කාලවේලාවල දී ද, මා හමුවීමට මගේ කාමරයට එන පිරිස සාපේක්‍ෂකව ඉතා ඉහළ විය.

මේ සෙමීස්ටරයේ අවසන් සති කිහිපය තුළ එක් දිනක මගේ කාර්්‍යාල කාමරයේ දොරට තට්ටු කරනවා ඇසුණි. දොර විවර කළ විට ඒ ඉදිරියේ සිටියේ තරමක් හුරු පුරුදු මුහුණකින් යුතු කාන්තාවකි. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් බව මොහොතකින් පසක් විය. මේ ආකාරයට සිසුන් දේශකයින් හමුවීමට එන්නේ බොහෝ විට තමන් ගේ ලකුණු පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මගේ ඇරයුමෙන් කාමරයට ඇතුළත පැමිණි ඇය අසුන් ගෙන ඇගේ නම සහ ශිෂ්‍ය අංකය පැවසුවා ය. මම පරිගණකයෙන් ඇගේ විස්තර සහිත වාර්තාව සොයා ගතිමි. ප්‍රශ්නය වී තිබුණේ මේ සිසුවියට හදිසියේම විදෙස් ගත වීම නිසා සති දෙකක දේශන සහ විද්‍යාගාර පැවරුම් අතපසු වීමයි.

මා වහාම විශ්ව විද්‍යාලයේ පැවති නීති රීතිවලට අනුකූලව ඒ පිළිබඳව නිසි උපදෙස් ලබා දුනිමි. ඒ විස්තරවලින් සෑහීමට පත් වූ ඇය පිටවී යන්නට සැරසී නැගී සිටියා ය.

මා ඇයට සමුදෙනවාත් සමගම ඇය තමා ළඟ එතෙක් තබාගෙන සිටි බෑගයකින් ගත් සිලින්ඩිකාකාර පාර්සලයක් මා වෙත දිගු කළාය.

"මේ මොකක්ද?" මම විමසුවෙමි.

"මේ චීන විස්කි වර්ගයක්. ගෙදර ගොස් එන විට ගෙනාවේ. ඔබට තෑග්ගක්!" ඇය කීවාය.

"එපා, බොහොම ස්තුතියි!" මම කාරුණිකව එය ප්‍රතික්‍ෂේප කරමින් කීවෙමි.

"කරුණාකරලා බාරගන්න!" එවිට ඒ චීන ජාතික සිසුවිය ආයාචනා කළේ "මගේ සැමියා තමයි කීවේ ඔබට තෑගි කරන්නට කියා" යනුවෙන් නිදහසට කරුණක් ද එකතු කරමිනි.

"නැවතත් බොහොම ස්තුතියි. නමුත්, විශ්ව විද්‍යාලයේ නීති-රීති අනුව මට ඔබෙන් තෑගි බාරගන්න බෑ!" මම ස්ථිරසාර හඬකින් කීවෙමි.

ඇය එය වටහාගත් සේ මද සිනාවක් පා කාමරයෙන් පිටත්ව ගියා ය.

නීති රීති සාදා තිබේ ද, නැති ද යන්න කෙසේ වුවත්, පාසලක හෝ විශ්ව විද්‍යාලයක වේවා, සේවා ස්ථානයක වේවා, මේ ආකාරයේ තෑගි දීමක් හෝ පිළිගැනීමක් නුසුදුසු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එදා තියා අද දක්වා ම එකී සුමිහිරි චීන විස්කි රහ බලන්නට කිසිදු අවස්ථාවක් නොලැබීම ගැන මට අබමල් රේණුවක තරම් හෝ දුකක් නැත!

-රසිකොලොජිස්ට්

(image: copyright DdeS)

47 comments:

  1. අපරාදේ චයිනීස් එකක් මිස් කරපු එකනම්.

    ReplyDelete
    Replies
    1. කඩේ තියෙනවා ඇති පදම් බොනවා නම්. මං කැමති නෑ ඒ තිත්ත මිදිවලට!

      Delete
    2. චයිනීස් එක කිව්වේ විස්කිද නැත්නම්??? ... එක්කොත් ඕන් නෑ
      kaps

      Delete
    3. මාතෙ කිව්වනම් විස්කි එක වෙන්න බහැ , හෙහ්

      Delete
    4. http://academia.stackexchange.com/questions/8194/how-to-deal-with-sexual-advances-from-students

      Delete
  2. මෙය සඟරාවකට ලියූ ලිපියකි. බ්ලොගයට දිග වැඩිය කියා මෙහි පළ කළ පසු සිතුණු බැවින් කොටසක් වසා දැමුවෙමි. අවශ්‍ය අයට කියවිය හැක.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මං බැලුවේ රසික මේ තරං දිග එකක් ලියුවද කියලා..

      Delete
  3. අවුලක් නෑ චයිනීස්නෙ....:D

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ මොකාටද මේ එන්නේ .......

      Delete
    2. චීන විස්කි ද, ස්කොච් ද ගෙන්න ඕනෑ?
      ;-)

      Delete
    3. Manoj Kariyawasam8 April 2016 at 11:50
      This comment has been removed by the author.

      පොඩි එකාගේ ආසාවට කෙලියා නේ. රැ 2500 පින් වගේම මේවත් පින් වැඩ ඔන්න ඔහේ දාලා දන්න වෙන අවුල් නැ හොයල බැලුවහම

      Delete
    4. Manoj Kariyawasam8 April 2016 at 11:48
      This comment has been removed by the author

      හුටා එකටත් ආතරයා කෙලාල අයියෝ පින් !

      Delete
  6. මට ගොඩක් අවස්ථාවල හොඳ තෑගි ප්‍රතික්ෂේප කරන්න වෙලා තියෙනවා වෘත්තිය එක්ක නොපෑහෙන හින්ද..
    ඒ වුණත් අපේ ගොඩක් අයියල තෑගි ගන්නවා විතරක් නෙවෙයි තෑගි බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. (Y) i believe this is an anomaly as far as your profession in SL goes :)

      Delete
  7. තිත්ත මිදිත් ඉවසගෙන කන්න වෙන වෙලාවල් තියෙනවා ඕවා හරි තිත්තයි ( ඇඹුල්ද මන්දා ) කිය කිය හිටියත්...විශේෂයෙන්ම චීන එව්වා නං...
    මේ දවස්වල අපේ ප්‍රභූවරයෙක් චීන මිදි ඇඹුල් නැතෙයි කියන එක ඔප්පු කරමින් දවස්ම තුනක ට්‍රිප් එකක් ගිහින් චීනෙට...එන ගමන් රසිකලා බලන්න සී නුවරත් එනවලු ඔන්න ටිකට් ලාභ නිසා..
    ඔබේ සිව් වසරක් මරදානේ ලැබුනා, කියෙව්වා, ස්තුතියි....!

    ReplyDelete
    Replies
    1. ගහල ගිය ගැට ටික ලෙහන්නත් එපායෑ

      Delete
    2. Ane ranilge puka lowanno, moo kohen apu gothekda manda blog walata

      Delete
    3. ඔය කවුරු ආවත් හොරෙන් ම වගේ ඇවිලාලා යනවා. අපිට කියන්නේ නෑ!

      Delete
  8. තිත්ත මිදිත් ඉවසගෙන කන්න වෙන වෙලාවල් තියෙනවා ඕවා හරි තිත්තයි ( ඇඹුල්ද මන්දා ) කිය කිය හිටියත්...විශේෂයෙන්ම චීන එව්වා නං...
    මේ දවස්වල අපේ ප්‍රභූවරයෙක් චීන මිදි ඇඹුල් නැතෙයි කියන එක ඔප්පු කරමින් දවස්ම තුනක ට්‍රිප් එකක් ගිහින් චීනෙට...එන ගමන් රසිකලා බලන්න සී නුවරත් එනවලු ඔන්න ටිකට් ලාභ නිසා..
    ඔබේ සිව් වසරක් මරදානේ ලැබුනා, කියෙව්වා, ස්තුතියි....!

    ReplyDelete
    Replies
    1. තාම වහල් බවෙන් අත්මිදෙන්න බැරි උන නේද ?

      Delete
    2. හෙහ්...හෙහ් මගෙ ලෙඩේ බෝවෙලා නේද චෙෆා, අර පෙරකදෝරුව දැනගත්තොත් විනාසයි , මටත් ඒ ටිකේම කඩප්පුලි කතා කිවුව.

      Delete
    3. හුටා දෙකක් වැටිලා නේන්නං...වහල්වෙලා නේ හිටං...!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. කමෙන්ට්නම් දෙකයි
      වෙන මොනවටද ලියල තිබුනා සියල්ලන්ටම ආදරෙයි කියල

      Delete
  9. දැන් කොච්චර මිදි තිබ්බත් මටනම් මතක් වෙන්නෙම ඉස්සර ගහපු ගල්.

    ReplyDelete
  10. රසික නිවැරදි තීරණයක් ගෙන් චීන යුවතියගේ තෑග්ග ප්‍රතික්ෂේප කෙරුවා.හැබැයි අපේ ගොඩක් අය ඉන්නේ තෑගි බලන් වැඩ කරන්න.වැඩේ කරගන්න අයත් හිතනවා තමන් මේ කරගත්තු වැඩේ වෙනුවෙන් තෑග්ගක් දීම තමන්ගේ යුතුකමක් කියලා හිටං.

    ReplyDelete
  11. රසිකට තිබුනේ ඔය තෑග්ග රසික නම් කරන, වැඩිය එතික්ස් ගැන තකන්නේ නැති මිතුරු වෙනත් ලෙක්චරයෙක්ට දෙන්න කියන්න. එහෙනම් පස්සේ දවසක හවස සැට් වෙලා දෙන්න එක්ක රස බලනවා. එහෙම කලානම් සභා තොමෝ සතුටින් විසිර ගියා වෙනවා නේද :)

    ReplyDelete
  12. නීති රීති කොච්චර තිබුනත් තෑගි බාර නොගන්න අය නං අල්පයි..

    ReplyDelete
  13. Manoj Kariyawasam සිනුවර බව සැම දෙනා දන්නවා ඔහෙටත් අහවල් එකක් හම්බවුනා කියලත් දන්නවා එක ගෙනාපු කෙනත් දන්නවා බය නැතිව ඉන්න /එන්න අකුලාගෙන දුවන්න එපා විස්කි අස්සේ බණ ටෝකින් කරාට මේ බ්ලොග් එක දැන් සිඩ්නි කොමියුනිටටි නිවුස් දානවා ද

    ReplyDelete
  14. චයිනීස් ගන්න පෙර දෙවරක් සිතන්න....මම කිව්වේ බිම

    ReplyDelete
  15. මම කරන රැකියාව අනුව තෑගි ලැබෙනවා..නමුත් මට තෑගි ලැබෙන්නට තියෙන හැකියාව බොහෝම අඩුයි..මොකද තෑගි ගත්තා කියලා මෙලෝම සැලකිල්ලක් කරන්නෙ නෑ..
    තෑගි නොගෙන ඉන්න පුලුවනි. නමුත් අපේම අංශවල තෑගි බලාපොරොත්තුව ඉන්න කොටහක් ඉන්නවා.. ඒඅයට වැඩකරන්න ලැබෙන එනර්ජි එකක් වගේ තෑගි..
    මම හිතන්නෙ දෙන අය දේවි...දුන්නත් නැතත් අපි රාජකාරිය කරන තැනට ඒ විදියට රාජකාරි කරන එක නෙව අපේ වගකීම..

    ReplyDelete
  16. චීන විසිකි බීල නැත. දැන් රසික කිවූ නිසාම සොයා බලමි.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. ගත්තාම මටත් කතා කරපන්/Aru

      Delete
    2. බැලන්ටයින් එකක් ගෙනාව ලංකාවේ ඉඳන් එන ගමන්. වරෙන්.

      Delete
    3. Ajith...සුදු රටේ ඒවා ගහලා ඇතිවෙලා තියෙන්නේ. චයිනිස් එකක් හොයාගෙන ගහමු. ගෙදරට කියන්න එපා.Aru

      Delete
  17. ඔව්වා මහා ගණන් වගේම මහා සැරයි...උන් බොන්නෙත් නීට්,බොටම්ස් අප් නෙ. ශොට් දෙකෙන් බොඳ වෙලා නොපෙනි යනවා.. පුරුදු ගල් ම හොඳයි..
    ජයවේවා..!!

    ReplyDelete
  18. චීන විස්කි බි නැත හැබැයි දැන් නම් කොහෙන් හරි හොයන බොනවා..බී රස ගැන ලිපියකුත් ලියන්නම් කෝ..

    වසා දැමු කොටස වැසුවේ අපරාදේ නොවැ..

    ReplyDelete
  19. මේ හදිසියේ චීන කතාවක් මතක් වුනේ ඇයි දැයි දස අතේ කල්පනා කරමින් සිටිමි...

    ReplyDelete
    Replies
    1. /* සතියකට පමණ ඉහත දිනයක අප කිහිප දෙනෙකුට තම අත්දැකීමක් විස්තර කරමින් ඊ-ලිපියක් එවූ මගේ මිතුරෙකු කියා තිබුණේ, කාගෙන් දෝ තෑග්ගකට ලැබුණු යම් වර්ගයක චීන විස්කි බෝතලයක්................

      ........ඒ ඊ-ලිපිය දුටු මගේ මතකයට නැගුණේ මීට වසර ගණනාවකට පෙර දිනයක මා මුහුණ දුන් එක්තරා අපූරු සිදුවීමකි. */

      Delete
  20. සේරම අපිටම හිතාගන්න පුළුවන් වෙන්න මැද තියෙන හිස් තීරු දිගටම දැම්ම නං ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ සුදුපාටට ඔබට පේන කොටසට කියන්නේ සීතාම්බර පටය කියලයි.
      හෙන්රිට එතැන තියෙන අකුරු පේන්නේ නෑ වගේ!

      Delete
  21. චීන විස්කි නම් මම බී නැත. චයිනීස් වයිට් වයින් ලෙස ඔවුන් හදුන්වන බීම නම් දෙවැනි වන්නේ වස බීමට පමණක් යයි මට සිතේ.

    ReplyDelete
  22. [[එදා තියා අද දක්වා ම එකී සුමිහිරි චීන විස්කි රහ බලන්නට කිසිදු අවස්ථාවක් නොලැබීම ගැන මට අබමල් රේණුවක තරම් හෝ දුකක් නැත]]

    Labels: අපේ මෝඩකම්

    ReplyDelete
    Replies
    1. අපේ මෝඩකම් හරිය තමයි සුදු පාටින් වහලා දාලා තියෙන්නේ!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.