Friday 12 August 2016

පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නාට්‍යය සංචාරයක නිරතව සිටින ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා සමග සුහද සංවාදයක් අපේ ලේඛක සංසදය විසින් පසුගිය දා සිනුවර දී සංවිධානය කරන්නට යෙදුණු බව මම ඊයේ රසිකොලොජියේ ලියා පළ කළ ලිපියේ සඳහන් කළෙමි.

එදින, සංවාද සභාවේ සිටි මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් වළේ දී, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හූ කීමේ සිදුවීම පිළිබඳව ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථියෙකු ද වන ලුූෂන් බුලත්සිංහල කලාකරුවා ගේ අදහස විමසන ලදී.

මේ හූ කීමේ සිද්ධිය පිළිබඳ මගේ මතය මීට පෙර දිනක මම ලියා ඇත්තෙමි.

ඒ ප්‍රශ්නයට ලූෂන් බුලත්සිංහල විසින් දුන් පිළිතුර කාගේත් ඇස් ඇරවන්නක් විය. එසේ වූයේ්, පේරාදෙණිය වළේ හූවේ ආරම්භය ගැන ද යම් කිසි වැදගත් කරුණු ලූෂන් බුලත්සිංහල ගේ කථාවෙන් හෙළි වූ නිසා ය.

පේරාදෙණියේ ම පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ද කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ලූෂන් බුලත්සිංහල ඉගෙනුම ලබා ඇත්තේ මීට වසර පනහකට පෙර 1963-1967 පමණ කාලයේ දී ය. අවසාන වසරේ දී ඔවුන් හැදෑරූ සිංහල සාහිත්‍යය වැනි විෂයක අවසාන දේශනය පවත්වා ඇත්තේ මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණය කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසිනි. එදා ඒ දේශනයට මාතෘකාව වී ඇත්තේ ප්‍රකට සංස්කෘතික නාට්‍යයක සිංහල පරිවර්තනය වන "මැටි කරත්තය" නම් කෘතියයි.

දේශනය අවසාන කරමින් එදිරිවීර සරච්චන්ද්‍ර පවසා ඇත්තේ විෂය නිර්දේශානුකූලව හදාරන්නේ ඒ නාට්‍යයේ පෙළ පමණක් වුව ද, නාට්‍යය කෘතියක් සම්පූර්ණ වන්නේ එය වේදිකාවේ රඟ දැක්වෙන විට බවත්, පී වැලිකල ගේ අධ්‍යක්‍ෂණයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනය වී ඇති "මැටි කරත්තය" නාට්‍යය පසු දිනයක විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වෙන විට ශිෂ්‍යයින්ට එය නැරඹිය හැකි බවත් ය.

එසේ කී උගත් මහාචාර්යවරයා තම දේශනය අවසාන කර ඇත්තේ, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන උපහාසාත්මක, කට කැඩිච්ච, කථාවත් සමගිනි.

ගුරා ගේ ඒ කතාව ඇතැම් ගෝලයින් ගේ සිතට හොඳින් කා වදින්නට ඇත.

නියමිත දිනයේ දී විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී මැටි කරත්තය නාට්‍යය රඟ දැක්වීම ඇරඹී ටික වේලාවකින් එහෙන් මෙහෙන් උසුළු විසුළු නාද ද, ඉන් පසු හූ හඬ ද, නැගෙන්නට පටන් ගෙන ඇත. තවත් සුලු වේලාවකින් ගල් කැට කීපයක් වේදිකාව දෙසට එල්ල වී ඇත.

ඊළඟට සිදුවුණු කැඩුණු පුටු කකුලක් මිසයිලයක් ලෙස වේදිකාව මත පතිත වීමත් සමග ම "මැටි කරත්තය" නාට්‍යය රඟ දැක්වීම අවසාන වී ඇත.

මේ අතත කතාව කියා වැඩි දුරටත් අදහස් දැක් වූ ලූෂන් බුලත්සිංහල කලාකරුවා පවසා සිටියේ, වේදිකා නාට්‍යයක් හෝ වෙනත් ඕනෑම ප්‍රදර්ශනයක් හෝ නැරඹීමේ දී තමන්ට එය රුචි නොවේ නම් කළ යුත්තේ, එය නරඹන අන් අයට බාධා නොකර හිමින් සීරුවේ එතැනින් නික්ම යාම බවත්, තමන් ගේ විවේචන පසුව ඉදිරිපත් කළ හැකි බවත් ය.

එසේ ම, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලලිතකලා විශාරදයෙකු ඒ කාරණය තම ශිෂ්‍යයින් ට පහදා නොදී, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන කට කැඩිච්ච කතාව මගින් ඔවුන් අනියම් ආකාරයෙන් උසි ගැන්වීම කළ නොයුතුව තිබුණු දෙයක් බවත් ය.

වේදිකා නාට්‍යයක් හෝ වෙනත් නිර්මාණයක් නරඹා රස විඳීමට ද යම් කිසි බුද්ධි මට්ටමක් අවශ්‍ය බවත්, එවැනි තත්වයක සමාජයක් යනු සැම විටම සංස්කෘතියෙන් උසස් සමාජයක් බවත් ලූෂන් බුලත්සිංහල කලාකරුවා වැඩි දුරටත් පැවසී ය.

සිනුවර සිංහල නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ නාට්‍ය වැඩමුළු පවත්වාගෙන යන ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න අපට පවසා ඇත්තේ ද, කලා කෘතියක් සැබෑ ලෙස රස විඳීමට නම් ඒ සඳහා නිසි පුහුණුවක් ද ලැබිය යුතු බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි
සමහර විට "මැටි කරත්තය" වේදිකා නාට්‍යයට හූ කියා කඩාකප්පල් කළ දිනයට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණු වේදිකා නාට්‍යයන්ට ද හූ කීම් සිදුවන්නට ඇත.

45 comments:

  1. හූ කියන නිවේදනය කළින්ම ලැබිල තියෙන්නත් ඇති.

    ReplyDelete
  2. රේඩියෝ එකෙන් මට කතා කළා.

    ‘වැඩ සටහනක් කරන්නලු‘. ‘නම කියලා, ප්‍රසිද්ධිය දෙන්නම්‘ලු. මං කිව්වා, ‘මං ප්‍රසිද්ධිය හොයා ගෙන යන කෙනෙක් නෙවෙයි, ඒක නිසා බෑ‘ කියලා.

    එතකොට කියනවා, ‘අමාරුවෙන් කරන්නෙ, මේක ලාභ ලබන එකක් නෙවෙයි‘ කියලා.

    මං කිව්වා, ‘අමාරුවෙන් කරනවා නං වහලා දාන්න‘ කියලා.

    කාගෙ හරි කොන්දෙ අමාරුවක් හැදුණත්, ඔලුවෙ අමාරුවක් හැදුණත්, සල්ලි උනන වෙන්ඩෝල්කාරයාට, රේඩියෝ එකේ වැඩ සටහන් කරන අයට දෙන්න, සල්ලි නැතිලු. පව්!

    මේක පට්ට වැරැදියි. මේ අවුල වැඩියෙන් තියෙන්නෙ, සිංහල ව්‍යාපාරිකයන් අතරයි. සිද්ධාලේපකාරයාත් ඔහොම කතාවක් කියනවා.

    ‘මං පොලොංගු හිටපු ඉලුක්ගාල්වල නිදා ගෙන තමයි, මේ කොම්පැණිය මේ තරමට ගෙනාවේ. දැන් කට්ටිය ඇවිත් මගෙන් ලොකු පඩි ඉල්ලනවා‘

    මේ ගොබ්බයාට තේරෙන්නෙ නෑ, ‘සමහර විට ලොකු පඩි ඉල්ලන් එන එකාත්, සිද්ධාලේපකාරයා වගේ ම දුක් විඳලා තැනකට ආපු එකෙක් බව‘

    ඕක තමයි, කුහකකම.

    ඒ නිසා, මට කතා කරපු හාදයාට මං කිව්වා, ‘ඔය විදියට මිනිස්සු හූරන් කන්න හදන්න එපා. කරනවා නං, ආයතනයේ කෙනකුට වගේ ගෙවීමක් කරන්න‘ කියලා.

    කාගෙ හරි බුද්ධියක් තමන් ගේ සේවයට ගන්නවා නං, ඒකට මිලක් ගෙවන එක, යුතුකමක් කියලා තේරුම් ගන්න බැරි හරක් තමයි, අද වැඩිපුර ඉන්නෙ.

    ඒ අතරේ හොඳ අයත් ඉන්නවා, තමයි.

    නමුත් වැරැද්ද දැකපු තැන, කාට රිදුණත් දීලා අදින එක තමයි, මගේ සිරිත. අඩු ගාණේ, ඊළඟ එකාට හරි කරදරයක් නැතුව, වැඩ කරන්න පුඵවන් වෙයි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මට නම් මේ කතාව නිකං ආන්ද්‍රා ටැමිල් වගේ!

      Delete
    2. ඒ වගේ ජාතිකවාදී වැඩසටහනකටවත් නොමිලේ දායක වෙන්න කැමති නැති කුමාර දිප්පිටිය වගේ එවුං ඉන්නකං ඉතිං අපේ සිංහල ජාතියට අබ සරණයි!

      Delete
  3. රසික ..බොහොම හොදයි.. බොහොම හොදයි .. මෙතෙක් කල් ඔබ ලියපු බොහොමයක් පල හෑලිත් හරි.. පහුගිය ලිපි 3ත් හරි...

    ReplyDelete
    Replies
    1. පල් හෑලි සහ ප්‍රලාප හැරෙන්නට මොහු ලිවූ වැදගත් යමක් ඇද්ද ?

      Delete
    2. ඇත ස්වාමීනි. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා ලියූ රචනාව.

      Delete
    3. ප්‍රතිචාරයට ස්තුතියි.
      අකමැති දේ බලෙන් කියවා ගන්න බෑනේ!

      Delete
  4. හු නොකිව්වත් කමක් නෑ කියල කිව්ව නං කෝම වෙයිද??

    ReplyDelete
    Replies
    1. ආ! ඇහැරිලා තියෙන්නෙ.

      Delete
    2. හූ හඬ අසා අවදිවූ ලැච්චරර්තුමෙක්

      Delete
    3. මා අවදි වන තෙක් බලාපොරොත්තු සහගතව සිටි කෝටි දෙකක් වූ මාගේ ආදරණිය සහෘදයන්ට ස්තුතියි.. හැක්

      Delete
    4. වරක් හූ කියු සිසුන් පිරිසකට "මකවා ගං හූව" කියා කවියෙකු කියා තියෙනවා.

      Delete
    5. සෝමවීර චන්ද්‍රසිරි නේද? පිළියන්දල පැත්තෙ පොරක් නිසා පුදුම වෙන්න දේකුත් නෑ.

      Delete
  5. ලැජ්ජාව කියලා දෙයක් නැද්ද ඕයි මෙහෙම පල්හෑලි ලියන්න. තමුසෙට ලියන්න දේවල් නැති නිසා දැන් ලූෂන් ආව එක අල්ලාගෙන පල්හෑලි ලියනවා. ඕයි නිර්මානාත්මක යමක් ලියනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලූෂන් අප සමග කියු පල්හෑල්ලකි!

      තවත් කතා බලාපොරොත්තු වන්න. ඒවා ලියා පළ කළ පසු මෙහි අදාල සබැඳි යොදන්නම්.

      Delete
    2. ඒ “පල් හෑල්ල" මටනම් බොහොම වටිනවා ඕයි.

      Delete
    3. මේ හෑල්ල හරිම වටිනවා. හූ කියල ගල් පොලු එවල වළේ නාට්‍ය නැවැත්වීමේ ඉතිහාසයේ නොදත් ඉසව්වක්.

      Delete
  6. //ප්‍රකට සංස්කෘතික නාට්‍යයක සිංහල පරිවර්තනය//
    ප්‍රකට 'සංස්කෘත' නාට්‍යයක නේද? මා හිතන්නේ මෙය ශුද්‍රකගේ මෘච්ඡ කටිකා (मृच्छकटिका) නම් නාට්‍යයේ අනුවර්තනයක් බවයි. මේ අනුසාරයෙන් කිසියම් චිත්‍රකතාවකුත් පළවුණාද?

    කෙසේ වුවත්, මේ සිද්ධියෙන් පෙනෙන්නේ කලා ක්ෂේත්‍රයේත්, පොදුවේ වෘත්තීය ක්ෂේත්‍ර හැම එකකමත් ඇති අධිපතිවාදී ස්වරූපයයි. මෙය ලංකාවට හෝ වත්මන් කාලයට සීමා වූ දෙයක්ද නොවේ. ප්‍රේමදාස වැලිකලට සරච්චන්ද්‍රයන් විසින් සලකා ඇත්තේ මෘච්ඡ කටිකාවේ කථා නායකයන් ජීවත් වූ උදේනි පුර සිට වීණා සිප් ඉගැන්මට ගුත්තිල පඬි වෙතට පැමිණි මූසිලට ගුත්තිල විසින් සැලකූ අයුරින්ම බව පෙනේ. එමෙන්ම, මැටි කරත්තය පළමු නිෂ්පාදනය ගැන (මෑතකාලීනව පරාක්‍රම නිරිඇල්ල විසින් මෙහි අළුත් නිෂ්පාදනයක් කළේය.) එදිරිවීර සරච්චන්ද්‍රයන් පෞද්ගලිකව සිය සිසු සිසුවියන්ට පවසා ඇති දෙය සහ (2016/7/28 සරසවියට අනුව) ඔහු ප්‍රසිද්ධියේ සිදු කර ඇති පහත විචාරය අතර නොගැලපීමක්ද පැහැදිලිව පෙනේ.

    'මැටි කරත්තයෙහි සංස්කෘත නාට්‍යයේ සම්ප්‍රදායානුකූල රංග ශෛලිය මුල සිට අග දක්වාම රැකගෙන තිබේ. පළමු නිෂ්පාදනයේදී වැලිකල ලත් අත්දැකීම හා අවබෝධය ඔහු 'මැටි කරත්තය' නිෂ්පාදනයෙහි මනා සේ යොදා ගනී.' ('ජවනිකා' 1960 පළමුවැනි කලාපය දෙවැනි සඟරාව)

    මෙය ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රසිද්ධියේ සුබ පතා රහසිගතව 'ගහල දාන්න' කියනවා වැනි දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් සංස්කෘත තමයි. ස්තුතියි.

      කලා උපාධියක් කළ මගේ පුංචි අම්මා ගේ පොත් අතර තිබී මා ද මේ මැටි කරත්තය නම් නාට්‍යයේ පිටපත සහිත පොත බලා තියෙනවා කුඩා කාලේ.

      Delete
    2. මේ සිදුවීම වී ඇත්තේ 1967 දී නිසා, 1960 නිෂ්පාදනය ගැණ සරච්චන්ද්‍ර ලියා ඇති දේ පසුව නොසිතන්නට ඇති. සමහර විට පොඩි ස්ලිප් ඔෆ් ද ටන්ග් වැරදීමක් වෙන්න ඇති. සරච්චන්ද්‍ර වුණත් තාපසයෙක් නොවෙයි නේ!

      Delete
    3. සරසවි ලිපියේ පී වැලිකල ගේ මුල් නම සඳහන් වෙන්නේ ප්‍රේමදාස නොව ප්‍රේමසිංහ කියාය.

      Delete
    4. මම මේ පොත (පියසේන නිශ්ශංකගේ නේද?) කියෙවුවේ අපේ සිංහල ගුරුතුමියගේ පොත් රාක්කයෙන්. ලා නිල් පැහැයට හුරු පිට කවරය කළු අකුරින් පරණ තාලයට මුද්‍රණය කර තිබුණු පොතක් වගෙයි මතක. කළුවට කරත්තයක රූපයකුත් මුද්‍රණය කර තිබුණා. ප්‍රේමසිංහ තමයි. වැරැද්ද මගේ.

      Delete
    5. මට හිතෙන්නේ සරච්චන්ද්‍රගෙ ප්‍රකාශය ලූෂන්ලා වැරදියට තේරුම් අරගෙන කියලයි. නොබැලුවත් කමක් නෑ කිව්වෙ, සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම්වලට අකමැති බව දන්නා නිසා වෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නෙ ඔහුගේ ප්‍රකාශයෙන් අදහස් කරන්නට ඇත්තේ නාට්‍ය නොබැලුවට විභාගයට උත්තර ලියන්න බැරිකමක් නෑ කියන අර්ථයෙන් වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ.

      Delete
    6. ලුෂන් ඒ හූ කීමට විරුද්ධවයි කතා කළේ!

      Delete
  7. අනේ රසික,

    මේවට තමයි සිංහලෙන් කියන්නේ 'කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා!"
    මම මේක ගත්තේ ඔයාගේ මීට කලින් ලියු පොස්ට් එකේ කොමෙන්ට් එකකින්

    //Anonymous11 August 2016 at 23:53
    ලොජියේ රසික,

    හෙළයෙක් විධියට ඔය නගරයේ නියම හෙළ නම 'න.ද.වේපුර ' ලෙස නොදැක්වීම අප සිත් දුකින් පුරවයි.
    Reply
    Replies

    රසිකොලොජිස්ට් - Rasikologist12 August 2016 at 12:49
    සිඩ්නි නුවර යන්නට සිනුවර කියා නමක් පට බැන්දේ හෙන්රි කුමාරප්පෙරුම නම් කවියා ය. ඒ කවිවල යෙදීමට පහසු නිසා මිස හෙළ හෝ හෙල උණක් නිසා නොවේ!//

    දැන් මේ පොස්ට් එකේ තියෙන්න කොයි වගේ කවියක්ද?
    බලාගෙන යනකොට උණ නෙවෙයි තියෙන්නේ උණසන්නිපාතය වගේ!
    කමක්නෑ තව ලියන්න.

    ReplyDelete
  8. රසික අද බ්ලොග් එක ලියලා තියෙන්නෙ කක්කා කර කර ඉන්න වෙලාවක වගේ. අර හැමදාම ඉංග්‍රීසියෙන් දාන විකල්ප මාතෘකා කෑල්ලත් දාන්න අමතක වෙලා. නැත්නම් මෙහෙම එකක් දායි. Lucien Bulathsinhala exposes Ediriweera Sarachchandra's folly!

    ReplyDelete
    Replies
    1. මා මිනිසකෙු නිසා දිනකට වරක් හෝ කක්කා කරනවා තමයි. ඔබ අමනුස්සයෙකු ද?

      Delete
    2. ස්තුතියි. ඔන්න ඉංග්ලිෂ් ටයිටලයක් දැම්මා!

      Delete
  9. ටැන්කිව් රසික මගේ පොස්ට් එක මැකුවට.
    'මකවා ගං හූව' වගේම 'මැකුවොත් හිරේ' ගැනත් දන්නවා ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. සම්මත නිර්වචනයට අනුව (ඔබේ) පෝස්ට් එකක් මට මැකිය නොහැක. එවැන්නක් ඇත්තේ ඔබේ බ්ලොගයක බැවිණි.

      මගේ බ්ලොගයේ ඇති ඔබේ කමෙන්ටුවක් නම් මට මැකි හැකි මුත් මා එසේ නොකළෙමි!

      Delete
  10. මට පේන්නෙ වලේ හූව අනාදිමත් කාලයක හිටං පැවත එන දෙයක් වගෙයි. නාට්‍යයක් සාර්ථකද නැද්ද කියල බලන ටෙස්ට් එකක් කියනවනෙ වලේ පෙන්නලා හූවක් නොකා එන එක.

    ඉතිං මනමේ, සිංහබාහු වලට හූ කියලම නැතෙයි?

    ReplyDelete
    Replies
    1. සරණ සියොත් සේ පුතුණි හමා යන නාට්‍යයටත්, මධුර ජවනිකා නාට්‍යයටත් හූ කියා ඇතිබව ද ආරංචියි!

      Delete
  11. ඊළඟට සිදුවුණු කැඩුණු පුටු කකුලක් මිසයිලයක් ලෙස වේදිකාව මත පතිත වීමත් සමග ම "මැටි කරත්තය" නාට්‍යය රඟ දැක්වීම අවසාන වී ඇත.///// this is unexceptionable

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සරච්චන්ද්‍රව වැරැදි කොනකින් අල්ලා විවේචනය කරන ලූෂන්ලා රූපවාහිනියේ ලොක්කෙක් විදිහට දාපු සෙල්ලං ගැන කවුරුත් ඇහුවෙ නැද්ද රසික ?

    ReplyDelete
    Replies
    1. ලූෂන් බුලත්සිංහල රූපවාහිනියේ ලොක්කෙු ලෙස සිටි බවක් දන්නේ අදයි!

      ආරියරත්න ඇතුගල නම් රූපවාහිනියේ ලොක්කෙු ලෙස සිටි බව පසුගිය දා ෆේස්බුක් විවාදයක දී දැන ගත්තා.

      මං දන්නේ සාමාන්‍යයෙන් ස්වර්ණවාහිනියේ, වී එෆ් එම් එකේ ලොක්කන් වගේ අයව විතරයි!

      Delete
  14. සරච්චන්ද්‍ර කියන්නේ 'මාෆියා කලාකාරයෙක්'.
    මිනිහට හොදනම් තමයි යම් නිර්මාණයක් 'කලා නිර්මාණයක්' වන්නේ. නැත්නම් අවරගණයේ බහුබූත. මෙයා තමයි සුනිල් ශාන්ත වැනි උත්තම ගනයේ මිනිසුන්ටත් කැපිලි දාන්න පෙරමුණ අරගෙන තියෙන්නේ.

    ReplyDelete
  15. මා අසා තියෙනවා 70 ගණන්වල හෙන්රි ජයසේනගේ ' සරණ සියොත් සේ පුතුනි හඹා යන' නාට්‍යටත් වලේදී හූ කිව්වා විතරක් නෙමේ , කොල්ලෝ කෙල්ලෝ ටික එකතුවෙලා හුනුව‍ටය රංග දැක්වුවා කියලා.

    ReplyDelete
  16. තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ

    කියන " සිංගප්පුරුව හැදුනෙත් සිංහයෙක්ගෙන් , ඇයි සිංගප්පුරු කොඩියේ

    සිංහයෙක් නැත්තේ ? අපේ කොඩියේ ඉන්න සිංහයා වගේ කකුල් තුනෙන්

    හිටගෙන සර්කස් දාන්න දන්නේ නැති හින්දා " කියන කොට මෙල්බර්න් වලදීත්

    හූ කිවුවා . ඒත් සරත්චන්ද්‍ර මහත්තයා කියාපු හින්දාද?

    කකාටත් හෙට අනිද්දාම මිනිස්සු හූ කියන්න පටන් ගනියි .

    හූ , හූ , හූ .


    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  17. මහාචාර්ය සරත්චන්ද්‍ර සුනිල් ශාන්ත මහතාට කාලය කියන කෙනෙහිලිකම් ඇහුවම මේක සරල දෙයක්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.