Monday, 25 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් (ඇත්තට ම වෙනදා මෙන් ම අද මේ සටහන ද මා ගැන ම ය!) - Kaushalya Fernando (and me!)


මා මුල් වරට කෞෂල්‍යා ප්‍රනාන්දු නම් නිළිය දුටුවේ, මීට වසර තිහකට පමණ පෙර කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ දී සුගතපාල ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යය නරඹන්නට ගිය දිනයේ දී ය. එකල ඉතා තරුණ වියේ සිටි ඇය එම නාට්‍යයේ එන ප්‍රබල කාන්තා චරිතය ප්‍රශස්ත ලෙස රඟපෑවා ය.

සුගතපාල ද සිල්වා ගේ නාට්‍යයක රඟපෑම යනු විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීම තරම් වටිනා අධ්‍යාපනයක් බව කියා තම දියණියව ඒ වසරේ උසස් පෙළ විභාගය වෙනුවට මරා-සාද් නාට්‍යයේ රඟපෑම සඳහා යොමුකර වූ බව කෞෂල්‍යා ගේ මව වූ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ පවසා තිබෙනු මම ඒ දිනවල දී පුවත්පතක දුටිමි.

තම දරුවන්, තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍ය කලාවට යොමු කරවූයේ ඒ නිසා බව පැහැදිලි ය.

මීට වසර කිහිපයකට පෙර "අපේ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ මෙඩ්ඩෝ" නමින් දිගු ලිපියක් රචනා කරද්දී එහි ඇරඹුම ලෙස මම සෝමලතා සුබසිංහ ගේ ඒ කතාව යොදා ගත්තෙමි. ඒ ලිපියේ "ඉරිදා ලක්බිම" සංස්කරණයෙන් කොටසක් ඉහත දක්වා ඇත.

මගේ මෙඩ්ඩන් පිළිබඳ ලිපිය ඇරඹුමේ සඳහන් කෙරුණු අනෙක් උපුටනය වූයේ සෝමලතා සුබසිංහ ගේ ප්‍රශස්ත ම නිර්මාණය වූ විකෘති වේදිකා නාට්‍යයේ එන අපේ කාලේ පාසල් අධ්‍යාපනය ගැන සරදම් කෙරෙන පහත ගී ඛණ්ඩයයි.
විද්‍යා විෂය ද කලාව ද?
කලාව කිව්වොත් මළා වගේ!

චී, චී, චී, ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නෙ
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක් නෙ,
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කොරලා?
ඒ ගීයේ ගැබ් වී ඇති අදහසට අනුව සුබසිංහ-ප්‍රනාන්දු පවුල කටයුතු කරණු ඇතැයි ද, කෞෂල්‍යා කිසි දිනෙක විද්‍යා විෂයයන් ඉගෙනීමට යොමු නොවෙනු ඇතැයි ද මම සිතුවෙමි. එය සත්‍යයක් බව මට පසක් කරමින්, ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ බව පසු කලෙක ආරංචි විය.

මා කියවා අසා දැන සිටි පරිදි, සෝමලතා සුබසිංහ බම්බලපිටියේ ශාන්ත පාවුලු බාලිකාවේ ගුරුවරියක වූ අතර, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ පියා ලයනල් ප්‍රනාන්දු ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකි. ඔහු යාපනයේ දිසාපති ලෙස සිටි බවත් එකල ඔහු එකි කළ කී දෑ ගැන විස්තර සහිතව පුවත්පත්වල කිහිප විටක් ම පළ වී තිබෙනු මා දැක ඇත. යුද විමාරමයකට එලෙඹෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1994 අග භාගයේ දී යාපනයට යවන ලද විශේෂ දුත පිරිසට ද ලයනල් ප්‍රනාන්දු අයත් වූ බව මගේ මතකයයි.

මරා-සාද් වේදිකා නාට්‍යයෙන් පසුව මා කෞෂල්‍යා පුනාන්දුව දුටුවේ පුංචි තිරයෙනි. ඒ අශෝක හඳගම ගේ දුන්හිද අද්දර ටෙලිනාට්‍යයේ චරිතයක් වූ කසිප්පු විකුණන දුප්පත් ගැමි ගැහැනිය ලෙසිනි. ඉන් පසුව මා ඇය දුටුවේ මීට වසර දෙක තුනකට කලින් සිනුවර දී තිරගත වුණු බොර දිය පොකුණ සිනමා පටය නරඹද්දී ය. එහි රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම නිළිය ලෙස සම්මානයක් ද හිමිවිය.

මා ඇයව දැක ඇත්තේ එසේ දෙතුන්වරක් පමණක් වුවද, ලංකාවේ අධ්‍යාපනය ගැන සිහිවෙද්දී, ඒ ගැන කතා බහේ නිරත වෙද්දී, විකෘති නාට්‍යය සහ එහි ආ පෙර කී චී, චී, චී ලැජ්ජ නැද්ද සහ ටියුෂන් පියෝ, ටියුෂන් බයෝ ගීත ද්වය සිහියට ඒ ම ද, ඒ සමග ම සෝමලතා සුබසිංහ සහ කෞෂල්‍යා පුනාන්දු සිහිවීම ද වැළැක්විය නොහැක.

මා පෙර සඳහන් කළා සේ, තම දරුවන් තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍යකරණයට යොමු කළේ අනිවාර්යෙන් ම එනිසා ය.

මගේ බිරිඳගේත්, මගේත් ප්‍රාර්ථනය ද එයම විය.

එසේ වුවද, සිය මව උසස් පෙළ සඳහා උගත් ජීව විද්‍යා විෂයයන් ද, සිය පියා උසස් පෙළ සඳහා උගත් ගණිතය විෂයයන් ද අලුයම හෙළුෑ කෙළ පිඬු සේ ඉවත දමා අපේ දියණිය තම උසස් විද්‍යාල සහතික පත්‍ර විභාගය සඳහා භාෂාව, නාට්‍යවේදය, ඉතිහාසය, භූගෝලය, සංසන්දනාත්මක ආගම් යන කලා විෂයයන් තෝරා ගත්තා ය. එදා, මගේ සිතේ ඇතිවූ භ්‍රාන්තිය මා අඩුකර ගත්තේ විකෘති නාට්‍යයේ තේමාව සහ එහි ආ "චී, චී, චී ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න?" ගීතය ද සිහියට නංවා ගනිමිනි.

එවෙලේ මා අමතක කළ කරුණ වූයේ, ලයනල් ප්‍රනාන්දු මෙන් ම, සෝමලතා සුබසිංහ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ උගත් කලා උපාධීධාරීන් බවයි.

ඔවුන් දෙදෙනා ගේ දියණිය කෞෂල්‍යා ඇගේ දෙමව්පියන් ගිය සහ ඔවුන් තමන් ගේ දියණිය ගැණ පැතූ අධ්‍යාපන මාර්ගයට ම යොමු වුණු අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ම වෙනත් පීඨ දෙකක උගත් මගේ බිරිඳ ගේ සහ මගේ එකම දියණිය ද යොමු වුණේ ද ප්‍රනාන්දු-සුබසිංහ යුවල ගිය සහ ඔවුන් තම දියණිය යොමු කළ අධ්‍යාපන මාර්ගයට ම ය.

වාසනාවට මෙන්, ඇගේ දෙමව්පියන් ගේ සිතේ වූ අදහස් කෙසේ වුව ද, එය මගේ දියණිය පැතූ අධ්‍යාපන ධාරාව ම විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීළඟට බලාපොරොත්තු වන්න.
කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ හෙවත් වළේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව!


42 comments:

  1. වැලිකඩ (දැන් මහ රෝහලේ) ඉන්න අපේ චූටි මාමි (අප්පච්චිගෙ බාලම මල්ලි) නම් අපට හැමදාම අවවාද දුන්නේ මුලු ජීවිතයම නාට්‍යයක් කියලා හා ඒ නාට්‍යයේ රඟපෑම සඳහා උපාධි අනවශ්‍යයි කියලා.

    A.C. D.C. රොකට් උක්කුන්

    ReplyDelete
    Replies
    1. අප්පච්චිගෙ මල්ලි මාමා නෙවෙයි බාප්පොච්චි

      Delete
    2. අප්පච්චිගෙ මල්ලි මාමා නෙවෙයි මාමී කියායි රෝහිත කීවේ!

      Delete
  2. පිස්සුද බන් ඔල්මොරොන්දම් කියවන්නේ?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නන්ට ද, කියවන්නන්ට ද, ප්‍රතිචාර දක්වන්නන්ට ද විවිධාකාරයේ "ඉෂූස්" ඇත.

      නැතිනම් ඕවා කොරාවියැ?

      Delete
    2. ඉෂූස් වලින් වගේම තොට ෂූස් වලින් කෙලිනවා ළඟදීම

      Delete
    3. මෝඩකමට වාගේම ඉරිසියාවටද බෙහෙත් නැත!

      Delete
    4. හදිසියේ ම, ඇනෝනිමස් කමෙන්ට්කාරයෙකුට මා සමග "ඉෂූ" එකක් ඇතිවී තියෙන්නේ ඇයි? අනේ මන්දා?

      Delete
    5. අද මැෂින්කට්ටගෙ බ්ලොග් එකට ඇනෝ ඇටෑක් එකක් ආවා. ඌ හිතන් ඉන්නෙ ඒ රසික කියලා. ඌ තමා මෙතන ඇනෝ දැම්මෙ.

      Delete
    6. රසිකගෙ මේ ලිපිය හොදයි.
      කොමෙන්ට් එක ලිපිය ගැන නොව ඇනෝ කොමෙන්ට් එක ගැනයි. මේ කතාව ඇදුන නිසයි කියන්නෙ.
      මටත් කාලෙක ඉදන් හිතිල තියන දෙයක් තමයි බ්ලොග් ලියන හැමෝටම පිස්සුද කියන එක. මටත් එක්කම.

      Delete
  3. රසික රසික රසික මයා
    බ්ලොග් එක අද ලියන්න ගියා
    දෙයක් මතක නැතුව ගියා
    කෞෂල්‍යා නිසා හොඳට ගියා

    ReplyDelete
    Replies
    1. මේ මං පේරාදෙණිය වලේ හූ කීම ගැන ලියන ලිපියේ මූල් කොටසයි. දෙවන කොටස බදාදා පලවෙනු ඇත!

      Delete
    2. මුගේ චූ පඩ ජංගි කක්කා කතා ඉවරයි දැන් අනුන්ගේ ජංගි ගැන ලියනවා

      Delete
  4. කිමද විප්ලවයකින් ඇති සරණිය
    නැතොත් පොදුවේ බෙදා රමනිය
    - මරාසාද්

    ReplyDelete
    Replies
    1. නාට්‍යයේ පෙළ එතරම් මතක නෑ. මරා, මරා, මරා කියා සින්දුවක් නම් මතකයි.

      මෙන්න පොඩි ක්ලිප් එකක්.
      https://youtu.be/YIMb1MgBwDg

      Delete
    2. කකාගේ ඇඹේනිය පුක හපාගෙන මැරුනිය

      Delete
  5. මොනාද බං මේ ලියලා තියෙන්නේ අගකුත් නෑ මුලකුත් නෑ. මට මුලින් හිතුනේ කෞෂල්‍යා කියන්නේ කකාගේ මව වෙන්න ඇති කියලා. ඉලගට හිතුනේ කකාගේ බිරිඳගේ මව වෙන්න ඇති කියලා. අන්තිමට හිතුනා යකෝ මේ කකාගේ දුව වත්ද කියලා. තේරෙන්න ලියන්න කකා ලියන දෙයක්.

    ReplyDelete
    Replies
    1. නිතර කියවන්න. එවිට ටික ටික තේරුම් යාවි!

      Delete
    2. කකා කැම්පස් ඉන්න කාලෙත් වැල්වල වනලා තියන ගෑනු ජංගි ඉඹිනවා මූ දැන් මේ යන්නේ ජංගි කතාවකට

      Delete
    3. කෞෂල්‍යා ප්‍රනාන්දු කියන නමවත් අහල නැති මෝඩ යකෙක්!

      Delete
    4. හදිසියේ ම, ඇනෝනිමස් කමෙන්ට්කාරයෙකුට මා සමග "ඉෂූ" එකක් ඇතිවී තියෙන්නේ ඇයි?

      අද මේ හැසීරීමට විශේෂ හේතුවක් තියෙනවාය කියා සිතේ!

      Delete
  6. වලේ සීන් එක ගැන ඊයෙ රාවයෙ හොඳ කතන්දරයක් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. කකා ඉස්සරත් වලවල් වලට ඇඟිල්ල දානවා මූට පුළුවන් එච්චරයි

      Delete
  7. ඒකත් එහෙමද.. කෞෂල්‍යා රැඩිකල් වෙන්න ගියෙ වැද්දො ළගද එතකොට..
    බුලාහ්

    ReplyDelete
    Replies
    1. රැඩිකල්?
      වැද්දෝ?

      මොනවා ගැන ද මේ කියන්නේ? අදාල නෑ නේද?

      Delete
  8. රසිකගේ බ්ලොග් එක ඉවසන්න බැරි ඇනෝ කෙනෙකුත් පැන පැන කොමෙන්ට් දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අද මේ හැසීරීමට විශේෂ හේතුවක් තියෙනවාය කියා සිතේ!

      Delete
  9. සිරා, ඔන්න සින්හලෙන්ම ගුඩායි කියල පටන් ගත්තා

    මේක නම් තනිකරම සිරාගේ වැරැද්ද. සිරා කරන වැඩ විධියට ගෙදරදී දූ දකින්නේ ඔය කියන ද්වල්ම තමයි. පොඩ්ඩක් බලන්න පහුගිය ටිකේ සිරා ලියපු පෝස්ට්. කෞශලගේ ඉතිහාස විස්තරේ, බ්‍රිනුවර - භුගෝලය, කුණුහරප හා භාෂාව, etc .. ඉතින් ඒවා දූ තෝරාගෙන තියෙන්නෙත් ඔය සබ්ජෙක්ට් නේද?
    දුවට තාත්තගේ තාක්ෂණ අංශයේ විස්තර දන්නේ නෑ වගේ.
    එහෙමත් නැත්තං අපේ කොමෙන්ට් මකන ශරත් දොස්තර මහත්තය කියනවා වගේ සිරාත් වෙන වෙන දේවල් (not engineering ) කරනවා ඇති. ලංකාවේ ක්‍රමේ එහෙමනේ. සාදුලා සින්දු ලියනවා, දොස්තරලා අලි මන්තර හදනවා, දේශපාලල බණ කියනවා.

    හොඳ වෙලාවට ඔය රටේ ඉතිහාසය ඉගෙනගන්නේ - අවුරුදු 200-250ක් විතර නේ. ලංකාවේ උනානං ගෙඩි පිටින් 2500ක්. ලේසි නෑ.

    මේ වෙලාවට තමා අපේ රනුවර, කොපුර, කුමාර දිප්පිටිය ලේකං තුමා අවශ්‍ය වෙන්නේ. ලේකං තුමෝ ඉන්න තැනකින් හනික ඇවිත් මේකට උපදේසයක් දෙන්නකෝ. නැත්නම් අඩුමගානේ ජගත් එදිරිසිංහ සිරිමතානන්ගේ ළමයි වත් මේ වගේ දේවලින් බේරගන්න පුළුවන්.

    have fun mate!

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කියන්නේ එක රටක ඉතිහාසයට සීමා නොවේ. එසේ සීමා වුවත්, මේ රටේ ඇබොරිජිනල් ඉතිහාසය වසර 40,000 ක් පැරණිය.

      අපේ ප්‍රාන්ත රජයේ විෂය නිර්දේශයට අනුව ඉතිහාසය විෂය පහත ආකාරයට ඉඝෙන ගෙන උසස් සහතික විභාගය සඳහා පෙනී සිටිය හැක.
      1. Ancient History
      2. Modern History
      3. History Extension

      විස්තර සඳහා
      http://www.boardofstudies.nsw.edu.au/syllabus_hsc/



      Delete
  10. Anonymous 25 July 2016 at 18:50-54 වෙත,

    සැලෙන මල් සදා අහුලමු!

    මේ, ජංගි ඇනෝ,

    නිකං ඉන්න එකේ ලිප්ටන් වටරවුමේ උද්ගෝෂණයක් සංවිධානය කරපංකෝ මචෝ 'චූ පඩ ජංගි කක්කා කතා ඉවර නොකරනු , තවත් දෙනු!' කියල.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. සැලෙන මල් සදා අහුලමු!

    මේ, ජංගි ඇනෝ,

    වැරදිලා නේද උඩ කොමෙන්ට් එක දැම්මේ. කුණුහරුප පොස්ට් එක මීට කලින් එක.
    අනේ මල නම් පන්න ගන්න එපා රත්තරන්.

    ReplyDelete
    Replies
    1. අද මේ ඇනෝ හැසීරීමට විශේෂ හේතුවක් තියෙනවාය කියා සිතේ!

      Delete
    2. තියනවා. ඒ තමයි උඹත් වෙන සයිට් වල ඇනෝ ගැහීම. නිකම් උපාසකයා වෙන්න එපා.

      Delete
  13. සෝමලතා සුබසිංහ මගේ මව සමග විශයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ සේවය කලා (1973-1977)

    ReplyDelete
    Replies
    1. නාලන්දේ උගත් ජනප්‍ර්‍රි නළු ගාමිණී හෙට්‌ටිආරච්චි කියන විදියට සෝමලතා සුබසිංහ උගන්වා තියෙන්නේ නාලන්දේ ම යි.

      http://www.divaina.com/2012/11/25/cineart02.html

      Delete
    2. අපේ කාලේ නම් හිටියේ නැත

      Delete
  14. ( Images )https://4.bp.blogspot.com/-Z9_V1ViX_LE/V4r14NiQUEI/AAAAAAAAEQE/qLYOJt62u1IZnmuB3DFjiS4QZjMSwOt3ACLcB/s400/6.jpg
    [/im]

    ReplyDelete
  15. [img]https://4.bp.blogspot.com/-Z9_V1ViX_LE/V4r14NiQUEI/AAAAAAAAEQE/qLYOJt62u1IZnmuB3DFjiS4QZjMSwOt3ACLcB/s400/6.jpg[/img]

    ReplyDelete
  16. අතීතයට යන්න පුලුවන් නම් මාත් කරන විෂයයන් සම්පූර්ණයෙන්ම වෙනස්

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ අතීතයට යන්න.
      එතකොට අපිට පුළුවන් අර නිට්ටෑවන්ව වගේම ප්‍රාජේවවත් අධ්‍යායනය කරන්න!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.