Thursday 11 August 2016

ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!


ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය වූ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සමග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලූෂන් බුලත්සිංහල සමග සුහද සංවාදයකයට සහභාගීවන්නට අවස්ථාවක් ඊයේ සිනුවර වසන අපට ලැබුණි.

ඒ සංවාදය සංවිධානය කෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි. ඒ අවස්ථාවේ දී ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා පිළිබඳ කෙරුණු හැඳින්වීම සහ ඔහු විසින් කරන්නට යෙදුණු කෙටි දේශනය පහත සබැඳියෙන් නැරඹිය හැකිය.



ඒ වීඩියෝවේ දැක්වෙන දේශනය අවසානයේ දී එළැඹි ප්‍රශ්නෝත්තර සහිත සුහද සංවාදයේ දී ලූෂන් බුලත්සිංහල විසින් ඉතා වැදගත් කරුණු රාශියක් පවසන්නට යෙදුණි.

ඉන් ඉතා වැදගත් කරුණක් වනුයේ කලාකරුවා යනු කවරෙක්ද පිළිබඳව ඔහු ලබා දුන් නිර්වචනයයි.

ලූෂන් බුලත්සිංහල පැවසූ අන්දමට ලංකාවේ කලා ශිල්පියෝ ද සිටිති. කලාකරුවෝ ද සිටිති. මේ දෙපිරිස වෙන් කර හඳුනා ගැනීම කලා රසිකයින්වන අපට වැදගත් වනු ඇත.

කලා ශිල්පියා යනුවෙන් ඔහු අදහස් කළේ යම් කිසි නිසජ හැකියාවක්, සතත අභ්‍යාසය මගින් ඔප් නංවාගෙන ඒ කලා නිර්මාණය ජනතාවට ඉදිරිපත් කරන පිරිසයි.

ඒ හා සංසන්දනාත්මකව ඉහළ තලයක සිටිනා කලාකරුවන් යනු, ලූෂන් බුලත්සිංහල ඝේ නිර්වචනයට අනුව, ඔවුන් සතු ඒ කලා කුසලතාව, හුදෙක් ශිල්ප දැක්වීමකට පමණක් සීමා නොකර, එය සමාජ ප්‍රගමනය, ජනතා යහපත පිණිස යොදවන්නෝ ය. කලාවෙන් අප බලාපොරොත්තු විය යුතු සැබෑ සමාජ ප්‍රතිලාභය නම් එවැනි කලාකරුවන්ගෙන් කෙරෙන ඒ ධනාත්මක සම්මාදමයි.

කලාකරුවන් පිරිසක් නළාකරුවන් වීම සහ ඉන් මට සිනුවර දී ලැබුණු ඩොලර් වාසි පිළිබඳව ලිපියක් මම පසුගිය වසරේ දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

සැබෑ කලාකරුවෙකුට කිසිදා නලාකරුවෙකු විය නොහැකි බවත්, ඒ ඉතිහාසය පුරා නළාකරුවන් වී ඇත්තේ, නළාකරුවන් බවට පත්වෙමින් සිටින්නේ සහන අනාගතයේ දී එසේ නළාකරුවන් වනු ඇත්තේ කලාකරුවන් නොව කලාශිල්පීන් බව මට ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා ගේ ඒ කතාව ශ්‍රවණය කිරීමෙන් පසු පසක් විය.

තවත් විස්තර පසුව.

-රසිකොලොජිස්ට්

10 comments:

  1. රසික පුතේ,

    අර ඡායාරූපයේ දැක්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ එක අරමුණක් තමයි සිංහල ලේඛකයින්ට අතහිත දීම.

    ඔතැන සිංහල ලේඛකයින් කිව්වාම ඒකට කවියන් අයිති නැද්ද? කොටින්ම මේ මං වගේ ජාතිකවාදී සිංහල බොදු කවියන්ටත් ඔස්ට්‍රේලියාවේ ජාතිකවාදී සිහල බොදු පුතාලා අතහිත දෙනවා නේද?

    "සිංහල ජාතිකවාදී කවිය" කියන මාතෘකාව යටතේ ආරාධිත දේශනයකට ජනහිතකාමී කිවිවර කුමාර දිප්පිටිය මහතාට නිව් සවුත් වේල්සයට ආරාධනා කරන්න බැරිද?

    එහෙම නම් ඔය යටින් දැක්වෙන ලිපිනයට වහාම ලියුම් කඩදාසියක් එවන්ඩ. නැත්නම් kdippitiya@gmail.com එකට ලියන්ඩ.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. සිංහල ලේඛකයින්ට අතහිත දීම යන අරමුණ යටතේ ඔබේ කවි පිළිබඳ විචාරය සහ අවශ්‍ය පරිදි සංස්කරණය ද කළ හැක.

      දේශනයක් පැවැත්වීමට ඟෙහි පැමිණීඟ අවශ්‍ය නැත. ඔබේ දේශනය පටිගත කර යූටියුබයට හෝ වීමෝවට එකතු කරන්න. අප අවශ්‍ය පරිදි මෙහි සිට නරඹන්නම්.

      Delete

  2. ෆ්ලූටිස්ට්ලාද කලාකරුවෝය.

    ReplyDelete
    Replies
    1. කොලොජිස්ට්ලා රිලව්ය.

      Delete
    2. Anonymous11 August 2016 at 18:30

      Well said mate. Cheers !

      Delete
  3. ලොජියේ රසික,

    හෙළයෙක් විධියට ඔය නගරයේ නියම හෙළ නම 'න.ද.වේපුර ' ලෙස නොදැක්වීම අප සිත් දුකින් පුරවයි.

    ReplyDelete
    Replies
    1. සිඩ්නි නුවර යන්නට සිනුවර කියා නමක් පට බැන්දේ හෙන්රි කුමාරප්පෙරුම නම් කවියා ය. ඒ කවිවල යෙදීමට පහසු නිසා මිස හෙළ හෝ හෙල උණක් නිසා නොවේ!

      Delete
    2. සිඩ්නි නුවර - සිනුවර අනුව යමින් අනික් නගරවලට මෙ-නුවර, ඇ-නුවර, කැ-නුවර, ප(ර්)-නුවර , බ්‍රි-නුවර, ත-දූව ලෙස යෙදිය හැකි නොවැ?

      Delete
  4. කලා කරුවා හා කලා ශිල්පියා ගැන සින්නට පෙළඹවීමකි මේ සටහන.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.