Thursday 13 October 2016

සුද්දා පරංගියා කළ හැටි හෙවත් අහවලා ගේ නාට්‍යය ජීවිතයෙන් බිඳක්! - Sinhala Short Drama Festival - 15 October 2016 @ Dural, NSW, Australia


ඔහු ශාස්ත්‍ර පීඨයේ හෙවත් ආට්ස් ෆැකල්ටියේ අවසන් වසරේ සිසුවෙකි. එනම් පළමු වසරේ සිසුන් ලෙස පේරාදෙණිය මාකස් ප්‍රනාන්දු ශාලාවේ නවාතැන් ගත් අපේ අති ජ්‍යෙෂ්ඨ උත්තමයෙකි. ඔහු ගේ සැබෑ නම කුමක්දැයි මම අද ද නොදනිමි. ඒ අප සැම ඔහු හඳුනා ගෙන සිටියේ පරංගියා යන අන්වර්ථ නමෙන් නිසා ය.

විශ්වවිද්‍යාලයේ දී පටබැඳෙන මේ ආකාරයේ අන්වර්ථ නාම බහුතරයක කිසිදු තර්කානුකූල පදනමක් නොමැති වුවත්, පරංගියා යන්න අපේ කථා නායකයාට හොඳින් ගැළපෙන්නක් විය. ඉතා පැහැපත් ඔලිව් වර්ණයේ ඡවි කල්‍යාණයකින් ද, තද පැහැති බුරුසු කේශ කලාපයකින් ද, උසින් අඩි හයක් පමණ සිහින් සිරුරකින් ද යුතු වූ ඔහු ලාංකිකයෙකුට වඩා සිහිපත් කළේ යුරෝපීයානු හෝ ලතින් ඇමරිකානු හෝ ජාතිකයෙකි.

මේ අන්වර්ථ නාමයට ඔහු කිසිසේත් ම ප්‍රිය නොකළේ ය. ඒ බව අපට හොඳින් දක්නට ලැබුණේ, නවක වධයේ කොටසක් ලෙස ඔහු ගේ ම මිතුරන් විසින් ශාලාවේ එක් කොනක පිහිටි ඔහු ගේ කාමරය අසලට ගොස් පරංගියා යනුවෙන් කෑ ගසන්නට නවක සිසුන් වූ අපට නියම කළ විට, එයට දඬුවම ලෙස ඩිප්ස් පනහක් පමණ ගසන්නට ඔහුගෙන් අණ ලැබුණු බැවිනි.

අප එසේ කෑ නොගැසුවොත් එයට දඬුවම ලෙස ද ඩිප්ස් පනහක් ගහන්නට වෙන නිසා, අපේ විකල්පවල සැබෑ වෙනසක් නොතිබුණත්, එක් වරක් මුල් විකල්පය තෝරා ගත් පසු නැවතත් එසේ කරන්නට තරම් අප මෝඩ නොවුනෙමු.

කෙසේ වෙතත්, අපේ සමහර නවකයින් ගේ සිත් තුළ පරංගියා ගැන තරමක කෝපයක් ශේෂ වී තිබෙන්නට ඇත. නැතිනම්, අපේ මාකස් ප්‍රනාන්දු නවකවද සමයේ තිබුණු එකම මතක තියෙන ආකාරයේ අත්දැකීම ඒ පරංගියා යැයි කැ ගන්නට ලැබීම විය හැක.

ඒ කුමක් වුවත්, නවකවද සමය අවසානයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අප වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනීමේ සාදයේ දී, අප ඉදිරිපත් කළ කෙටි නාටකයට අපේ කතානායක පරංගියා ඇතුළු වූයේ ඒ නිසා බව කිව හැක.

අප එදා ඉදිරිපත් කළේ, බොහෝ දෙනෙකු අසා දැක හුරු පුරුදු "විනෝද සමය" විකටාංගයකි. ඒ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක චරිත නිරූපණය කළ කොලුවාට සුද්දෙකු ළඟ ආප්ප හැදීමේ ජොබ් එකක් සෙට් කිරීමට යාමේ කතාවයි.

සුද්දා කතා කරන්නේ ඉංග්ලිෂ් පමණකි. කොලුවාට ඉංග්ලිෂ් නොතෙරේ. ඉතිං අමාරිස් අයියා කරන්නේ සුද්දා විසින් ඇසීමට නියමිත ප්‍රශ්න ත්‍රිත්වය සහ ඒවාට දිය යුතු පිළිතුරු කොලුවාට කියා දී කට පාඩම කරවීමයි.

ප්‍රශ්නය: වට් ඊස් යුවර් නේම්?
පිළිතුර: අයි. ඕ. සිරිසේන

ප්‍රශ්නය: වට් ඊස් යුවර් ඒජ්?
පිළිතුර: ටුවෙන්ටි එයිට්

ප්‍රශ්නය: වට් ඩු යූ ලයික් ටු ඊට් ඉන් ද මෝරිනින් බ්‍රෙඩ් ඕ බටර්?
පිළිතුර: බෝත්

කොලුවා ඒ උත්තර ඒ පිළිවෙළට කට පාඩම් කර ගන්නා මුත් සුද්දා ප්‍රශ්න අහන්නේ වෙනත් ආකාරයකට ය.

නොදන්නා අය, එහිදී සිදුවුණු දේ මෙතැනින් නරඹන්න.



අප එදා කළේ ඒ විනෝද සමය ජවනිකාවේ අමු කොපියකි. අප කළ එකම නිර්මාණාත්මක වෙනස වූයේ, සුද්දා වෙනුවට ඒ චරිතය පරංගියා ලෙස නම් කිරීමයි.

මගේ අසමසම නාට්‍ය දිවිය ඇරඹුණු හැටි විස්තර කෙරුණු ලිපියේ සඳහන් කළාක් මෙන් පරංගියා ගේ චරිතය සඳහා බෝසත් ලක්‍ෂණ අවශ්‍ය නොවූ නමුත්, ඒ චරිතය රඟපාන්නට පැවරුණේ මට ය.

මා ජැක්සන් ඇන්තනි රඟ පෑ, උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයකින් චූට්ටක් කොපි කළේ මේ සිද්ධියට මාස තුන හතරකට පසුව ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

නිහාල් රූපසිංහ රචනා කර, ඔහු සහ තිලක් රණසිංහ ගේ අධ්‍යක්‍ෂණයෙන්, ඒ උලෙළේ දී රඟ දැක්වීමට නියමිත "නොම් පෙන් ගේම්ස්" නම් කෙටි නාට්‍යයට මා ද රංගනයෙන් සම්මාදම් වෙන බව සතුටින් දන්වමි.

සැමට සාදර ආරාධනා!

30 comments:

  1. මෙන්න සැබෑ "පරංගින්" ගැන හොඳ බ්ලොග් ලිපියක්.

    පෘතුගීසී කාරයා..රටවල් අල්ලන්න සූරයා..

    "පරංගියා" කියන්නෙ පෘතුගීසීන්ටම නොවන බවත් ලංකාව, ඉන්දියාව, තායිලන්තය වගේ රටවල් ගණනක "පරංගි" හෝ "ෆරංගි" කියා පොදුවේ යුරෝපීයයන් හඳුන්වන බවත් රසික දන්නවා ඇතැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. තායිලන්ත වැසියන් යුරෝපීයනානුවන්ට කියන්නේ ඒ වගේ නමක් බව මතකයි!

      Delete
    2. හා, හා, ඉන්දියාවේ සහ පකිස්ථානයේත්......

      https://en.wiktionary.org/wiki/firangi

      එහෙනම්, ලංකාවේ පරංගි යන වචනය එයම තමයි!

      Delete
    3. මේ ගැන කරුණු ඉදිරිපත් කළ සියළු දෙනාටම ස්තුතියි!

      මේ හා සමාන වෙනත් වචනයක් තමයි, පරයා.
      https://en.wikipedia.org/wiki/Outcast_(person)

      Delete
    4. /මේ ගැන කරුණු ඉදිරිපත් කළ සියළු දෙනාටම ස්තුතියි!/

      රසික ළඟකදි මානසික වෛද්‍යවරයෙක් හෙම මුණ ගැහුණෙ නෑ නේද?

      මේ ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙන්නෙ (කමෙන්ට් පහකින්) රසිකම විතරයි!

      Delete
    5. තාම නෑ.

      ඇයි විකිපීඩියාවේ තොරතුරු ලියූ අයට ස්තුති කළාම වැරදිද?

      පිළිතුර වැරදි තැන වැටුණේ. පසුව සකසා නියම තැන පළ කළා!

      මෙන්න නියම තැන.

      Delete
    6. පරංගි යන වචනය එන්නේ ස්පයිරොකීට් නම් බැක්ටීරියාවෙන් සාදන yaws / pinta නම් රෝගය හැඳින්වීමටයි. මේ රෝගය "firangi" ලෙස හින්දි / උර්දු භාෂාවෙන් හැඳින්වුණා. මේ රෝගය ගෙන ආ පිරිස, ඒ රෝගයේ නමින් හැඳින්වුනා වෙන්නට පුළුවන්.

      Delete
  2. ගොන් පාර්ට් .. වැඩ නැතුවට හොදයි..
    තමන්ම අනො කොමෙන්ට්ස් දාගෙන තමන්ම උත්තර දෙනවා..
    බැරිද මේ මගුල කොත්තු සින්ඩියෙන් අයින් කරන්න ..
    මල මගුලට පුරුද්දට යැවෙනවා මෙලෝ රහක් නැහැ

    ReplyDelete
    Replies
    1. කෙටි නාට්‍ය උලෙළ බලන්න එන්න මේ සෙනසුරාද.

      කොත්තු නෙමෙයි මේට්, රෑ කෑමට දෙන්නේ බුරියානි.

      Delete
    2. කෙටි නාට්‍ය උලෙළ බලන්න එනවා නම් මා ගානේ ටිකට් එකක් දෙන්නම්!

      Delete
  3. රසික දැක්කාද හිටං බාප්පා අමුඩෙ ගලවලා වනනවා..?

    ReplyDelete
    Replies
    1. :-(

      ජෙන්ගිස් ඛාන්ලා ගේ තියරිය. යුද්දෙ දිනීම කොල්ල කන්න, ගෑනු දූෂණය කරන්න ලයිෂ්මක්.

      මෙහෙම ගිහින් මූ ඒකත් කියයි.

      Delete
  4. Ferengi යනු හින්දියෙන් (අරාබි/පර්සියානු/?/? වලින්) විදේශිකයායි. ඉන්ග්‍රීසින් පෘතුගීසින්ට කලින් ආවානම් ඔවුන් "පරංගි" වෙන්නට තිබුනි

    http://www.democraticunderground.com/?com=view_post&forum=1002&pid=516595

    ReplyDelete
    Replies
    1. http://everything2.com/title/Ferengi

      Andrade was referred to as a "Folangji" (佛郎機) in Ming dynastic archives. Folangji comes from Franques or Franks, which was a generic name the Muslims called Europeans since the Crusades, and which spawned the Indian-Southeast Asian term
      - ferengi.https://en.wikipedia.org/wiki/Fern%C3%A3o_Pires_de_Andrade

      Delete
    2. Feringhee (n.) name used in India for "European; Englishman; Portuguese," 1630s, from Persian Farangi, from Arabic Faranji (10c.), from Old French Franc "Frank" (see Frank) + Arabic ethnic suffix -i. The fr- sound is impossible in Arabic.

      http://www.etymonline.com/index.php?term=Feringhee

      Delete
    3. ස්තුතියි Pra Jay / ඉකොනොමැට්ටා

      මේ හා සමාන වෙනත් වචනයක් තමයි, පරයා.
      https://en.wikipedia.org/wiki/Outcast_(person)

      Delete
    4. අරාබි කාරයෝත් සුදු අයට කියන්නේ ෆරංගි කියලා තමයි.

      Delete
  5. නොම් පෙන් ගේම්ස් - Phnom Penh Games ?

    ReplyDelete
    Replies
    1. ඒ නාට්‍යයේ නම.

      මේක කාම්බෝජයේ නීති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ගේ හදිසි ගේ මරණය හා සම්බන්ධ කතාවක්.

      Delete
  6. මෙන්න නාට්‍ය කිවුවලු ඉතින්. දැන් තියෙන ඒවා වගේයැ. ඒවා කොපි කරලා අපිට කරනවා තියා බලන්න හිතෙන්න්ත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ නාට්‍යයක් ගැන කතාවක්. යූටියුබ් ලින්ක් එක සමග.
      https://rasikalogy.blogspot.com.au/2016/09/writing-and-reading.html

      Delete

  7. පහුගිය සතියේ ලංසි ගැන පොඩ්ඩක් ගවේෂණය කළා . අන්තර්ජාලයේ තියෙන තොටතුරු වලට අනුව ලන්දේසි නම් බොහොමයක් නෙදර්ලන්තයෙන් නොව අවට රාජ්‍ය වලින් තැනු රෙජිමේන්තුවලට ආවේනික නම් බව පෙනුනි . මේ ගැන ටිකක කතා කරද්දි පොඩි ළමයෙක් (නොදන්නා කමට ) ඇසුවේ , ලංකාවේ වත්මන් ලන්සිගේ ලන්දේසි ජාන % , මිනිසෙකුගේ චිම්පන්සි ජාන % ට ලඟයි නේද කියාය . මේ තුල වත්මන් මනුෂ්‍යයන්ගේ ජාතිකත්වය පිලිබඳ දිගු කියවීමක් ඇති බව සිතුනි .

    ReplyDelete
    Replies
    1. ඩීඑන්ඒ ටෙස්ට් ප්‍රතිඵල ගැන බීබීසී විඩියෝව දැකලා තියේ ද?

      Delete
  8. දැන් ඉතින් ඔය නාට්‍ය වීඩියෝ කරලා අපිටත් දැක ගන්න සලස්වන්න.

    ReplyDelete
  9. පරන්ගියා කියන්නෙත් සුද්දෙක්ද? නැත්නම් ඌ ඔලිව් පාට නිසා තම්බපු ඉස්සෙක් වගේද? ඒරොප්පෙන් ආපු හැමෝම සුද්දොද?
    ලන්කාවෙ පරන්ගි කරපු නපුරු වැඩ නිසා ලාදුරු වලටත් පරන්ගි කිව්ව කියන්නෙ ඇත්තද

    ReplyDelete
  10. මුසිලය පුක ගිනිගත් හනුම වගේ වටේටම නෙලලා ඉවර උනා විතරයි ආයිත් අන්න පැන්ෂන් ගිය ආමි කාරයත් රසිකට නෙලන්න අරගෙන. මේ නරක කාලේ ඔලුව බේරගෙන ඉන්න නරකද කේන්දරේ වත් ජුන්ඩක් බලො ගත්තොත් මුසිලයගේ මාමණ්ඩි හොඳ කේන්ද්‍ර ගුරා , මැරෙන දවසත් කියයි

    ReplyDelete
  11. පරංගි ගැන මගේ මතකය

    http://badamama.blogspot.com/2016/10/blog-post.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.