Friday 21 October 2016

පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate!


"මගේ දෙයියා සහ උඹේ දෙයියා" යන ලිපියෙන් ඇරඹී, "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" යනුවෙන් ශාකාවක්ව විහිදී, "පෝලීන් හැන්සන් යනු කවුද"" යනුවෙන් පැතිරී ගිය දිගු කතාවේ මේ දිග හැරෙන්නේ තවත් පුරුකකි.

මේ සටහනේ අන්තර්ගතය මා මුලින් ම ප්‍රකාශ කළේ 1996 දී මෙල්බර්න් නුවර 3ZZZ ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට දුරකථනයෙන් අමතමිනි. ඒ මා "පෝලීන් හැන්සන් යනු කවුද?" යන සටහනේ සඳහන් කළ පරිදි පෝලීන් හැන්සන් නමැති කාන්තාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් වී ඇගේ මංගල කතාව පැවත්වූ සමයේ දී ය.

ඉන් වසර දහතුනකට පමණ පසුව ඇය දෙවන වරට දේශපාලනයට පිවිසෙන්නට තැත් කර පරාජය ලැබූ සමයේ මගේ ඒ අදහස ලිපියක් ලෙස සැකසී ඕස්ට්‍රේලියාවේ "පහන" මාසික සඟරාවේ පළවිය.

පසුගිය ජූලි මස පැවැත්වුණු මහමැතිවරණයේ දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවට පෝලීන් හැන්සන් තේරී පත්වූ අතර මගේ ලිපියේ සංස්කරණය කරණ ලද පිටපතක් "සන්නස" මාසික සඟරාවේ පළවිය.

පහත දැක්වෙන්නේ එහි රසිකොලොජි සංස්කරණයයි.

පෝලීන් හැන්සන් යනු කවුද ලිපියේ සඳහන් වූ පරිදි, ස්වදේශික ඇබොරිජිනල් ජනතාව පිළිබඳ ආන්දෝලාත්මක ප්‍රකාශයක් කිරීමේ වරදට තම පක්‍ෂයෙන් ඉවත් කරන ලද පෝලීන් හැන්සන් තමා පාර්ලිමේන්තුවේ දී කළ මුල් ම කතාව නිසා ඊටත් වඩා කූප්‍රසිද්ධියට පත් වූවා ය. නමුත් ඇයට සහය පළ කරන පිරිස් ද රට පුරා සිටියහ.

ඔවුන් ගේ සහය ද ඇතුව පෝලීන් හැන්සන් ”වන් නේෂන්” නම් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තාය. සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී කොටස් ඇයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ ද, පොදු ජනතාවගෙන් සියයට දහයක පමණ විශාල ප්‍රමාණයක් ඇයට පක්ෂ බව පෙනී ගියේ ය. තවත් බොහෝ පිරිස් ඇයට නිහඬ සහයෝගය දක්වන බව පැහැදිලි විය.

සමානාත්මක සමාජයක් (Egalitarian) පවතින ඕස්ට්‍රේලියාව ජාති භේද මත ධ්‍රැවීකරණය වී, අපට ආපසු ශ්‍රී ලංකාවට යන්නට වේ දැයි විටෙක මට නොසිතුණා නොවේ.

කම්කරු පක්ෂය කෙසේ වුවද, ගතානුගතික දේශපාලකයෙකු වූ එවකට අගමැති ජෝන් හාවඩ් නම් පෝලීන් හැන්සන් ගේ අදහස් වලට විරුද්ධ නොවී ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නූයේ කලකට ඉහත ඔහු ද මෙවැනිම අදහස් පල කළ අයෙකු වූ බැවිනි. ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයන් ගැන නම් ඔහු ගේ අදහස් එවකටත් (1996) එලෙසම විය.

මුලදී යම් ප්‍රගතියක් පෙන්නුම් කළත්, පෝලීන් හැන්සන් ගේ දේශපාලන ගමන ඉතා වේගයෙන් වල පල්ලට ගියේය. ඇගේ පාර්ලිමේන්තු කාලය වසර තුනකට පමණක් සීමා වූ අතර, වන් නේෂන් පක්ෂය කැඩී දියවී අවසානයේ මැතිවරණ අරමුදල් වංචාවකට අසුවී ඇයට වසරක් පමණ කාලයක් සිරබත් කන්නට ද සිදුවිය.

ඉන් පසු ටික කලක් දේශපාලනයෙන් පසු බැස සිටි සහ වරක් එංගලන්තයට සංක්‍රමණය කරන්නට පවා සැරසුණු පෝලීන් හැන්සන් පසුව දෙතුන් වරක් ප්‍රාන්ත මට්ටමේ ඡන්දවලින් ද පැරදුණා ය.

නමුත් මෙවර වසර විස්සකට පසු 2016 දී ඇය යළිත් ජය ගත්තේ ෆෙඩරල් සෙනෙට් සභාවේ ආසන තුනක් ම ඇගේ වන් නේෂන් පක්ෂයට දිනා ගනිමිනි.

එදා 1996 දී මෙල්බර්න් 3ZZZ සේවයෙන් කතාකරමින් මා මේ පහත අදහස ප්‍රකාශ කළේ අපේ සිංහල සංක්‍රමණික ජනතාවට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නයි.
කවුරු මොනවා කිව්වත්, මා නම් පෝලීන් හැන්සන් ට සැමදා ස්තුතිවන්ත වෙන කාරණයක් තිබේ. එනම්, සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි.

උපන් දා සිට දශක දෙක තුනක් ලංකාවේ මහ ජාතියේ සාමාජිකයෙකු වශයෙන් ජීවත් වෙමින් සිටි අපට සුළු ජාතිකයන් සිතන්නේ කෙලෙසද යන්න පිළිබඳව කිසිදු අත්දැකීමක් ලබා ගත නොහැකි වූ බව සත්‍යයකි.

"දෙමළ මිනිස්සුන් ට ඇත්තේ මොන ප්‍රශ්න ද ඕයි?" යනුවෙන් අවස්ථාවාදී ජාතිවාදී දේශපාලන මත දරන්නන් විසින් ප්‍රශ්න කරන විට එයට විරුද්ධ වීමට වඩා එකඟ වීම අප බොහෝ දෙනෙකුට ඉතා පහසු විය.

නමුත් පෝලීන් හැන්සන් සංසිද්ධියෙන් ඇති වී තිබෙන තත්වය නිසා, අප ඕස්ට්‍රේලියාව තුළ සුළු ජාතිකයින් ය යන හැගීම අපේ සිත් තුළට කා වැදෙන්නටත්, ඒ සමගම ඇතිවෙන බිය, සැක, චංචලත්වය සහ අනාරාක්ෂිත හැඟීම් නිසා, මහ ජාතියේ බලය පෙන්වන විට සුළු ජාතිකයෙකු මුහුණ පාන තත්වය ගැන සැබෑ අත්දැකීමක් ලබා ගන්නටත් අපට පෙර නොලැබුණු අවස්ථාවක් උදා වී ඇත.

පෝලීන් හැන්සන්, මම ඒ පිළිබඳව ඔබට සදා ණය ගැති වෙමි.
මා 1996 දී ඒ කළ ප්‍රකාශය ද, පසුව 2009 දී එය ලිපියක් ලෙස මුල් වරට පළ කිරීමෙන් ද, නැවතත් පසුගිය මාසයේ එහි සංස්කරණයක් පළ කිරීමෙන් ද, අද මේ බ්ලොග් ලිපිය නිසා ද, කිහිප දෙනෙකු හෝ මේ ගැන සිතන්නට පෙළඹුණා නම්, එය මගේ අරමුණ සාර්ථක වීමකි.

-රසිකොලොජිස්ට්

(image: sannasa.com)

60 comments:

  1. , සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි///// mmmmmmm

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දී නොලැබෙන අත්දැකීමක්....!

      Delete
    2. ඇයි නොලැබෙන්නෙ..?හොඳට අත්දකින්න පුළුවන්.
      නීතිය ක්‍රියාත්මකවීම ම උදාහරණෙකට අරන් හොයල බලන්නකො.
      ලෝක මට්ටමින් බලනකොට සිංහල කියන්නෙ සුළු ජාතියක්.සලකන්නෙත් එහෙමම තමා.දැන් සිද්ධවෙන ගොඩක් දේවල් සිද්ධවෙන්නෙ ඒ සුළුජාතියට අඩත්තේට්ටම් දාන ක්‍රියා.ඒවගෙ ප්‍රතිඵලයක් විදිහට ජාතිවාදීන් ඉස්මතුවෙන හැටිත් දැන් දැන් හොඳට පේන්න තියනවානෙ..

      Delete
    3. ගස් ලබ්බ හරි කාරණාවක් මතුකළා. ලංකාවේදී ඉතා පැහැදිලිව පෙනෙන පරිදි සියලු නීති රීති සිංහලයට විතරයි. සිංහල ජාතිවාදීයැයි ලේබල් ගසා සිටි දූශිත රාජපක්ෂ රෙජීමය සමයේදීත් මන්නාරමේ උසාවිය ගල් ගැසූ ඉස්ලාම් අන්ත ජාතිවාදීන් ඇමතිවරු විය. මෑතදී දෙමල තරුණයන් පොලිසියට ගල්වලින්ප හර දුනි. ඒව ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ, පෙන්නේ නැහැ. මේ සියල්ල දැක දැකත් අඳ ගොළු බිහිරන් මෙන් හැසිරෙන ඇතැමුන් සිංහලයන්ටම දොස් කියති. ලංකාවේ සිංහල අයට පමණක් බැනීම, හමුදුරුවරුනට බැනීම ඉහලට යාමට, හෙන පොශ් ලොකු පොරක් වීමට හේතුවකැයි ඇතැම් පුස් කබ්බෝ සිතාගෙන සිටිති.

      Delete
    4. //සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි

      යාපනේ වැඩ කරන කෙනෙක්ට සහ උතුරු නැගෙනහිර දෙපළාතේ සිංහලයන්ට නම් මේ අත්දැකීම අවුරුදු 50ක් තිස්සේ තියෙනවා.

      අවුල තමයි යාපනේ දෙමළ ජාතිකයාට මේ හැඟීම නැති කම. යාපනේ දාන ලොකු පාට් කොළඹදී දමන්නට යාමෙන් අවුලට පත්වීම.

      Delete
    5. හැමදාම කියන ජාතිවාදී ගොන්කතා නැතිව අලුත් ගොන් කතාවක් ඇත්තෙම නැද්ද තමුන්ට?

      Delete
    6. ඇනෝ ඔයාගේ කතාවේ ගත යුත්තක් නෑ. ස්තූතියි.

      Delete
    7. නිරුවත් ජාතිවාදියෝ, ඔයාගෙ ජීවිතේම ගත යුත්තක් නෑ.

      Delete
  2. කොහේ ද යන්නෙ කියා ඇසූ විට මගේ මිතුරකු පැවසුවේ වයසට කියායි. අප සියළු දෙනාම තරුණ, මහළු කවුරුත් වයසට යනවා. මහළු අයට එය වැඩියෙන් තේරෙනවා. මාත් මහළුයි. මගෙත් කාලෙ ගෙවිලා. බොහෝ දෙනකුට මැන්ටල් එකක් පමණයි. ජනමාධ්‍යයෙ හා ජාතික ව්‍යාපාරයෙ තැනක් දෙන්නෙ ම නැහැ. මුහුණු පොතේ ඉන්නෙ ඒකයි. මුහුණු පොතේ බොහෝ දෙනකු මට ඊයේ උපන්දින සුබපැතුම් එවා තිබුණා, ඒ සැමට පින්. ජනමාධ්‍යයට ගෑවිච්ච කිසිවකු සුබ පතලා තිබුණෙ නැහැ. මුහුණු පොතේ බොහෝ දෙනකුගේ මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ. ඒකට කමක් නැහැ. මේ දිනවල උපන්, උපදින අයගේ රවි නීචයි. රවි ප්‍රධාන ග්‍රහය නිසා එහෙම වෙන එක එච්චර හොඳ නැහැ. පඬියකු කියාවි රවි ග්‍රහයකු නොව තාරකාවක් කියලා. ඒ ග්‍රහයා හා ග්‍රහවස්තුව කියන්නෙ දෙකම එකක් කියලා අරගෙන. පඬියන්ට වරදින්නෙ එහෙමයි. රාහු කේතුත් ග්‍රහයො. ඒවා අහසෙ දකින්න නැහැ. ඒත් රාහු හඳ වගේම ඉරත් ගිලගන්නවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වන්නෙ එවිටයි. සිංහල අවුරුද්ද පොත කියෙවුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. රවි නීච වුනත් සමහරුන්ට නීච භංග රාජ යෝග යෙදෙනවා. වාසනාවකට මට එහෙම යෝගයක් නැහැ. තිබුණ නම් 2020 ජනාධිපති සිහින මවන්න තිබුණා!

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මගෙනුත් සුබ පැතුම්.

      කොරියාවේ ඉන්න රුචිර නම් ජාතිවාදී පුතාත් සුබ පැතුම් එවන්න ඇති නේද?

      Delete
    2. අද රටේ දේශපාලනයේ ජනාධිපතිලා අගමැතිලා ඇමතිලා හිටියත් ජීවත්වෙන්නෙ එක චරිතයයි. ඒ මහින්ද රාජපක්‍ෂ. අනෙක් චරිත දේශපාලන වශයෙන් ගත්තොත් එක්කො මැරිලා, නැත්නම් අවතාර. ඒ කියන්නෙ විජාතික බලවේග විසින් මෙහෙයවන්නන්. රනිල්ට බටහිර හා ඉන්දියාව ආධාර කරනවා. ඉන්දියාවට බටහිර ආධාර කරනවා. දැන් මෛත්‍රිපාලට ආධාර කරන්න කවුරුවත් නැති පාටයි. රාජිත අද මෛත්‍රිපාල එක්ක හිටියත් හෙට රනිල් එක්ක ඉඳීවි. චම්පකට විරුද්ධ ව එ ජා පක්‍ෂය මීගමු මුහුද කළඹනවා. මෙගාපොලිස් කටු ඔටුන්නක් පමණයි. එය යුදෙවු ක්‍රිස්තියානි කියමනක්. ෆවුසිට විරුද්ධව නඩු. ඩිලාන් කියනවා ඒ ගොල්ලො ඊනියා සම්මුතිවාදී ආණ්ඩුවෙ සමකොටස් කාරයො කියලා. ඒක එහෙම නොවෙයි කියලා අප මුල ඉඳලම දැනගෙන හිටියා. රන්ජන් රාමනායක ඩිලාන් කියන එක පිළිගන්නව ද? නිමල් සිරිපාල ආණ්ඩුවෙන් එළියට එන්න ලැහැස්තියි. ඒත් දැන්ම එන එකක් නැහැ.

      මේ දහනවවැනි සංශෝධනයෙ ඊනියා ජාතික ආණ්ඩුව දෙදරලා. ආණ්ඩුවට තවමත් අවුරුද්දයි මාස දෙකයි. අවුරුදු හතරහමාරක් යනකම්, ඒ කියන්නෙ තව අවුරුදු තුනයි මාස හතරක් යනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. මෛත්‍රිපාල ඉන් පසුවවත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියයි ද කියන එක ප්‍රශ්නයක්. වර්තමාන තත්වය යටතේ ඡන්දයක් තිබ්බොත් මෛත්‍රිපාලගෙ අපේක්‍ෂකයන්ට ඇපත් නැහැ. පාර්ලිමේන්තු ඡන්දෙ තියා පළාත් පාලන ආයතන ඡන්දෙවත් තියන්නෙ නැහැ. පුළුවන් කමක් තියෙනවා නම් සමුපකාර ඡන්දෙත් කල්දාවි. අවුරුදු පහ ගෙවෙන්න ඉස්සෙල්ල පාර්ලිමේන්තුව තමන් ම විසුරුවා ගන්න එකක් නැහැ.

      මහින්ද පරාජය කරන්න කියලා හදාගත්තු පෙරමුණු දැන් වලංගු නැහැ. දැන් තියෙන්නෙ ආණ්ඩුව ඇතුළෙ සටන්. පිටත් සටන්. අන්තො ජටා බහි ජටා. මෛත්‍රිපාල එක්ක ඉන්න චම්පක වගේ ඇමතිවරු ඔහුට සටනින් ඉවත්වෙන්න දෙන එකක් නැහැ. එහි අවසන් ප්‍රතිඵලය දෝෂාභියෝගයක් වෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඒත් අතරමැද සටන් විරාම තියේවි. දෝෂාභියෝග යෝජනාවක් පිළිගන්න හොඳ කතානායක කෙනෙකුත් ඉන්නවා. මෙහෙම කතානායක කෙනෙක් ලංකාවෙ තියා ලෝකෙ වෙන කොහේවත් ඉඳලා නැතිව ඇති.

      දෝෂාභියෝගෙන් මෛත්‍රිපාල පැරදුනොත් රනිල් ජනාධිපති කරගන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. ඒත් දෝෂාභියෝගය ජයගන්න නම් තුනෙන් දෙකක් ඕන. දෝෂාභියෝගය දැන්ම එන එකක් නැහැ. ඒත් ඒක ගැන හිතන එක නරක නැහැ. ගඟ හත්ගවුවක් තියලා අමුඩ ගහන්න ඕන නැහැ. ඒත් අමුඩෙ හොයාගන්න එකේ වැරැද්දක් නැහැ. මහින්ද අමරවීර කියලා තිබුණ ප්‍රශ්නෙ තිබුණෙ අල්ලස් හෝ දූ’ෂණ හෝ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරිය එක්ක පමණයි කියා. මේ පොඩි ළමයි කියන කතා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෛත්‍රිපාල කණ්ඩායම හා එ ජා පක්‍ෂය අතර. හිත හදාගන්න අමරවීරලා කියන කතා ගණන් ගන්න ඕන නැහැ.

      මෛත්‍රිපාල පොදු අපේක්‍ෂකයා වුනෙ රාජපක්‍ෂලා එක්ක තරහට. ඔහු කිවුවෙ තමාට ඇමතිවරයකු වෙලත්, තැනක්, වැදගත් කමක්, බලයක් තිබුණෙ නැති බව. දැන් ප්‍රශ්නය ජනාධිපති වෙලත් බලය ලබාගන්න සටන් කරන්න සිදුවීම. මෛත්‍රිපාලව අවසානයෙ දි රකින්න පුළුවන් මහින්දට විතරයි. ඒ දෝෂාභියෝගයට තුනෙන් දෙක ලැබීම වැළැක්වීමෙන්.

      මීට,
      දිනුත්තර වෙඩිපිටිය මයා,
      ගරු උප සභාපති,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
  3. ලංකාවේ කොහෙද ඒ වගේ මහජන නියෝජිතයෝ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සුළු ජාතිකයෙකුට තමන් සුළු ජාතිකයෙකු බව වටහා දෙන අය ද?

      Delete
  4. ලංකාවේ ඉන්නේ බහුජනවාදී නියෝජිතයෝ........
    උදය ගම්මන්පිල වගේ...
    පහුගිය දවසක මම ගම්මන්පිල ජාතිවාදියෙක්ය කියලා ලිපියක ලිවීම ගැන ගම්මන්පිල මාව තදින් ප්‍රශ්ණ කළා... මල්ලි කොහොමද කියන්නේ මම ජාතිවාදියෙක් කියලා!!! 
    මම ජාතිවාදියෙක් නෙවෙයි.. මම දෙමළ අය ගැන හිතනවා කියලා ඔහු කීවා

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිළ ජාතිවාදියෙක්ද නැද්ද කියන ප්‍රශ්නය පැත්තකින් තැබුවොත් ගම්මන්පිළ දෙමළ ජාතිකයින් ගැන හිතනවා මුහුණු පොතේ, බ්ලොග් වල සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නා "මධ්‍යස්ථ", "නිරාගමික" හා "මාර අන්බයස්ට්" පොරවල් වලට වැඩිය. අඩුම තරමින් ගම්මන්පිළ ඉඳහිට හෝ දෙමළ ජාතිකයින් ගැන කතා කරනවා. මේ පිරිස වැරදිලාවත් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයින්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. (වැද්දන් ගැන නම් කතා කරනවා.) ඒකට ප්‍රතිචාරය තමයි අපි ජාතීන් වෙන් වෙන් වශයෙන් අරගෙන ප්‍රශ්න කතා කරන්නෙ නැහැ කියන එක. නමුත් ඒ තර්කය සිංහල බෞද්ධයින් ගැන කතා කරනකොට නැහැ. එතකොට ඒ උදවියට අනුව සිංහල බෞද්ධයින්ට ප්‍රශ්න තියෙනවා, හැබැයි සුළු ජාතීන්ට නැහැ.

      Delete
    2. ගම්මන්පිල විගේනේශ්වරන්ට වඩා ජාතිවාදියෙක් නෙවේ මම හිතන්නේ

      Delete
    3. ජාතිවාදීන් හෙවත් වර්ගවාදීන් යනු වෙනත් අය ගේ ජාතිය අනුව වෙනස් ආකාරයකට ඔවුන් ගැන කතා කරන, ක්‍රියාකරන, සළකන අයයි.

      Delete
    4. මා සිතාසිටියේ ගම්මන්පිල යනු පොලිටිකල් ජෝකර් කෙනෙකු ලෙසය. නමුත් ඉහත ඔහු දී ඇති පිළිතුර සලකා බැලූ විට ඔහු සිතුවාට වඩා බොහෝ ඉදිරිගාමී අයෙකු බව පෙනේ. දමිළ ජාතිවාදී බෙදුම්වාදයේ සිංහල පාර්ශ්වය නියෝජනය කරන අපරිණත ජඩ මාදියකාරයන් සියල්ලටම මෙය හොඳ පාඩමකි.

      Delete
  5. රසික ඕස්ට්‍රේලියානු දේශපාලකයන් සම්බන්ධ රස කතා නැද්ද? මේ ලංකාවේ පැරණි පරම්පරාවේ දේශපාලනඥයකු පිලිබඳ රස කතාවක්.

    ඔය පී.සී. ඉඹුලාන ඇමතිතුමා සම්බන්ධ රස කතාවක් තියෙනව. ඉඹුලාන ඇමතිතුමා ඒ කාලෙ රුවන්වැල්ල මන්ත්‍රීතුමා. දවසක් අසූ ගණන්වල මුල ඉඹුලාන ඇමතිතුමාට (ඒ කාලෙ එතුමා නියෝජ්‍ය ඇමති) අවශ්‍යවුනා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රකට යුධ හමුදා රෙජිමේන්තු මූලස්ථානයක යම් ප්‍රධානියකුට කතා කරන්න. ඉතින් ඇමැතිතුමා දුරකථන ඇමතුමක් අරන් මෙහෙම කිව්වලු.

    “ළමය මම පීසී ඉඹුලාන. මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

    එදා මේ රෙජිමේන්තු මූලස්ථානයෙ දුරකථන ක්‍රියාකරුව හිටියේ ගුණ_ _න කියල ලඟදි උසස්වීමක් ලද කෝප්‍රල් වරයෙක්. මෙයා වැඩි උගත් කමක් නැති ඔලුව ඉදිමුණු කෙනෙක්. මිනිහ මෙහෙම උත්තර දුන්නලු.

    “ළමය? කොහේ ඉන්න ළමයෙක්ද? මම කෝප්‍රල් ගුණ_ _න. අයිසෙ ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව.”

    ඉඹුලාන ඇමතිතුමා නිවුණු කෙනෙක්නෙ. ඉතින් ඊලඟට එතුමා මෙහෙම කිව්වලු.

    “ළමය මම මේ පීසී ඉඹුලාන. මාව දන්නෙ නැද්ද? මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

    මේක ඇහුනම කෝප්‍රල් ගුණ_ _නට මල පැනල මෙහෙම කිව්වලු.

    “අයිසෙ මම දැන් තමුසෙට එකපාරක් කිව්ව. ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව. තමුසෙ පීසී. මම කෝප්‍රල්. පීසී කෙනෙක් කොහොමද අයිසෙ කෝප්‍රල් කෙනෙකුට ළමය කියන්නෙ? අනික පීසී කෙනෙක් මොකටද අයිසෙ කර්නල් කෙනෙකුට කතා කරන්නෙ?”

    ඔය වෙලාවේ ඔතනින් යන්න ආවලු ඒ කාලෙ රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක.මේ _ _ _නායක දැකපු කෝප්‍රල් ගුණ_ _න රිසීවරේ අතේ තියාගෙන මෙහෙම කිව්වලු.

    “බලන්නකො සර්, මේ කොහෙද යන ඉඹුලාන කියල පීසී කෙනෙක් සීඕ සර්ට කතා කරන්න ඕනැ කියල කරදර කරනවා. ඒ යකා කතා කරන්නවත් දන්නෙ නෑ.”

    වැඩේ තේරුම්ගිය රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක පැනපු ගමන් රිසීවරේ අරන් සමාව ගෙන ඉඹුලාන ඇමතිතුමාව අදාළ තැනට සම්බන්ධ කළේ කෝප්‍රල් ගුණ_ _නට පුටුවෙන් වීසිවෙලා යන්න පයින් පාරක් දෙමින්ලු.

    යහපත් කෙනෙක් වන ඉඹුලාන ඇමතිතුමා මේ සිද්ධිය ගැන පැමිණිලි නොකළත් _ _ _නායක ගෙන් සහ කෝප්‍රල් ගුණ_ _නගෙ සහයට හිටිය සෙබළා හරහා මේ සිද්ධිය කඳවුර පුරා ප්‍රචාරය වුනාම කෝප්‍රල් ගුණ_ _න ගෙන් ඉහල නිලධාරීන් පවා අහන්න ගත්තලු.

    “කෝප්‍රල් ලඟදි පීසී ඉඹුලාන එහෙම කතා කලේ නැද්ද ?” කියල.

    ඉහල නිලධාරීන් ඉස්සරහ කට පියාගෙන දත්මිටි කාගෙන හිටියත් වෙනත් කෝප්‍රල්වරු අර ප්‍රශ්නෙම අහද්දී කෝප්‍රල් ගුණ_ _න ගෙන් පිටවුනේ ශුද්ධ සිංහල වචන විතරමලු.


    ReplyDelete
    Replies
    1. හිටපු අගමැතිලා වන හෝක්, කීටින් සහ විත්ලම් ගැන ඔවැනි විවිධ කතා මා අසා තියෙනවා.

      පසුව ලියන්නම්.

      Delete
    2. Ano 17.47

      මචන් සුපිරි කතාවක්. ලස්සනට ලියල තියෙනවා. ඔයවගේ පැරැණි දේශපාලකයන් සම්බන්ධ රසකතා අහන්න මාත් ගොඩාක් ආසයි. තව ඔහොම කතා තියෙනවනම් කියන්න. රසිකත් ඔස්ට්‍රේලියාවෙ මේ වගේ පැරණි කතා හොයල දාන්න ප්ලීස්. මාත් චර්චිල්, නැපෝලියන්, හිට්ලර් වගේ අය ගැන ඔහොම රස කතා කීපයක් අහල නම් තියෙනවා.

      Delete
    3. කෝප්‍රල් ගුණ_ _න පස්සෙ උසස් වීම් කිහිපයක් ලබලා ආමි එකේ ඉහළට ගියා. දැන් නම් පැන්සොන්. කොහේ ඉන්නවද දන්නෙ නෑ. කාලෙකින් තොරතුරක් නෑ. හැබැයි තාමත් ශුද්ධ සිංහල භාවිතය අතහැර නෑ කියා හිතන්න පුළුවන්. ටිකක් විතර ලියන්න පුළුවන් නිසා මොකක් හෝ ඒ වගේ වැඩක් කරගෙන ඇති. ඔය පොතේ පතේ තියෙන දේවල් හරියට තමන් හොයා ගත්තා වගේ ලියන්න හරි හපනා. කවුරු හරි ඒවායේ වැරදි පෙන්නුවොත් හෙම නප්පියට තද වෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න හොයා ගන්න හැටි. මගෙ පරණ යාලුවෙක්.

      Delete
  6. හැන්සන් එකවතාවක් ප්‍රකාශකලා ඇයට ඉන්ග්‍රීසියෙන් කතා කර වැඩක් කර ගන්න බැරි පලාත් ඔස්ට්‍රේලියාවෙ තිබෙන හෝ ඇතිවෙන එකට විරුද්ධයි කියලා.
    ලංකාව වගේ ඉතිහාසයක් තියන රටක එහෙම එක බාසාවක් (සිංහල හෝ දෙමල ) හැමෝම දැන ගතයුතුමයි කියලා කිරීම ප්‍රායෝගික නෑ. ඒත් මට හිතුනා ඒක සාධාරණ වුනත් නැතත් එය ප්‍රායෝගිකව කිරීමට තාමත් ඉඩකඩ තියන ඔස්ට්‍රෙලියාවෙ ඒක කිරීම ඉතා හොඳ දෙයක් කියල

    ReplyDelete
    Replies
    1. ඇය කීවේ එකම රටවලින් ආ පිරිස් එකම පළාතක පදිංචි වී ගෙටෝ සාදා ගැනීම වැරදියි කියායි.

      ඕස්ට්‍රේලියාවේ භාෂා රැසකින් සේවා උපදෙස් ලබා ගත හැකියි. ඉන්ටර්ප්‍රිටර් පහසුකම් තියෙනවා.

      Delete
  7. පෝලීන් හැන්සන් පාර්ලිමේන්තුවට පත් වූ මුල් කාලයේ 1996 පමණ ලංකාවේ සිංහල පුවත්පත් කිහිපයක ඇය ගැන තරමක් බියකරු බවක් පෙන්නුම් කරන ලිපි පල වුනා මතකයි -
    ඔය දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්න මොනවාද යන මාතෘකාව ඔස්සේ ටැබූ හා මිගාර අතර 2010 දී පමන ඇතිවූ උණුසුම් විවාදයක් මතකයට නැගෙනවා - දැන් නම් සොයාගන්න අපහසු වෙයි

    ReplyDelete
    Replies
    1. දෙමලා ගේ ප්‍රශ්නය ගැන නිර්මාල් බ්ලොග් එකක් කර පොතකුත් ලිව්වා නේද?

      Delete
    2. නිර්මාල්ලා විග්නේසුවරන්ලා මෙන්ම වීරවංස ගම්මන්පිලලාත් ඉන්නේ අන්ත දෙකක.. දෙගොල්ලම කියන්නේ පට්ට බොරු... ආලවට්ටම දාලා බොරුව සමාජ ගත කරනවා. ඇත්තටම දෙමළාට වෙනම වූ ප්‍රශ්ණයක් නෑ. එහෙම තියෙනවා නම් කොටින්ගේ "දේශපාලන අංශයේ" නායිකාව වුණ තමිලිනීගේ පොතේ ඒ ගැන තියෙන්නම ඕන. තමිලිනීලා විතරක් නෙමෙයි කරුණලා පිල්ලෙයාන්ලත් ළිඳෙන් එලියට ආවාම තමන් මුලා උනා කියලා තේරුම් ගන්නවා. ඇත්ත කතාව ඒකයි.

      දැන් බලන්න යාපනේ කැම්පස් එකේ අර ගුටිකාපූ කොල්ලා මැරුනා නම් නිර්මාල්ටවත්, නලීන්ටවත්, සම්බන්තන්ටවත්, සුමන්තිරන්ටවත්, සිරිසේනටවත්, රනිල්ටවත්, චන්ද්‍රිකාටවත්, මහින්දටවත්, මං ගොනා පිලටවත්, පචවංශටත්, බෑන් කී මුන්ටවත්, අර අළුත් කුමාරයාටවත් පාඩුවක් නෑ නේ.. පාඩුව වෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට. ගොඩක් වම්මුන්ගේ දරුවෝ රට රටවල, නිර්මාල්ගේ දරුවෝ කොළබ, සිරිසේනගේ විමල්ගේ දරුවෝ ලන්ඩන්වල.. ඔය බයිලා ගහන හැම එකාගෙම දරුවෝ එහෙමයි..

      එකෙක්වත් ඇත්ත ප්‍රශ්ණය කතා කලේ නෑ. සංහිදියාව නැතිවෙයි කියලා.. එතකොට සංහිදියාව ඇති කරන්න සිංහල කොල්ලෝ මැරුණත් අවුලක් නැද්ද...? ඒක මාර සංහිදියාවක් නේ.. එහෙම එකක් කවදාවත් ඇති කරන්න බෑ..

      කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා.. ඒ තමයි මහින්ද මෙතඩ් එක... ඒත් ඒකත් හරියන එකක් නෙමෙයි.. මම නම් කියන්නේ රට තුල ජාතික වාණිජවාදී ආර්ථික සංවර්ධනයක් ඇති වෙන තුරා මේ සිංහල දරුවෝ යාපනේ යවන්න නරකයි.. මොකක් හරි වෙන්න යන්නේ බොහොම සුළු වෙලාවයි.. එදත් මොකක්ද කලේ.. උන් ටික බස් වල කිලිනොච්චියට ගෙනත් දැම්මා.. එතකොට කිලිනොච්චියෙන් මෙහාද සංහිදියාව තියෙන්නේ.. එහෙම වෙන්න බෑ නේ..

      මුන්ගේ සංහිදියා පර්යේෂණ සඳා සිංහල මී පැටව් යොදා ගන්නවාට මම නම් විරුද්ධයි.. ඒක තවත් ඛේදවාචකයට අත වැනීමක්... උනුත් ඉන්නේ සිංහලයින් සමග මාර වෛරයක... ඒකත් අපි පිලිගන්න ඕන..

      Delete
  8. ජාතිවාදී පක්ෂ වල නැග්ම සෝඩා බෝතලය වගේනේ.ඒ විදියේ පක්ෂ වලට උදාහරණ කිහිපයක් මෙහෙනුත් හොයා ගන්න පුළුවන්නේ.

    ReplyDelete
  9. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙන්නෙත් මේ ටිකම තමයි ඉතිහාසේ

    පෝලින් හැන්සන් ගැන කියවෙන පොඩි විහිලුවක්.

    One Friday afternoon Little Johnny is in class and the teacher says:
    "Ok class, if you can answer one of these questions, you can go home early and have a day off on Monday"
    "Q1. Who discovered Australia and in what year?"
    Little Jenny Chan puts her hand up and says "Captain Cook in 1788, Miss"
    Teacher: "Very good Jenny, you can go home now and come back on Tuesday"
    Jenny Chan: "No Miss, when I grow up I want to be a doctor so I have to study very hard so I can't afford to take a day off school"
    Teacher: "That's very conscientious off you Jenny, well done"
    Teacher: "Ok, next question, who discovered America and when?"
    Jimmy Wang: "Christopher Columbus, 1648"
    Teacher: "Well done, Jimmy, you can go home now and have Monday off"
    Jimmy Wang: "No Miss, when I grow up I want to be a lawyer so I need to study really hard. I can't afford to take a day off school."
    Teacher: "Very good Jimmy, that is really committed off you.
    Someone at the rear of the classroom yells out: "Fucking Asian Bastards!"
    Teacher: "Who said that?"
    Little Johnny: "Pauline Hanson, 1996, see you Tuesday Miss!"

    ReplyDelete
  10. යාපනයේ පොලීසියෙන් වෙඩි තබා ඝාතනය කළ දෙමළ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ ගැන සිංහල බෞද්ධ සමාජයේ නිහඬතාවය කන් බිහිරි කරවන සුළුයි!

    දෙමළ සිසු පිරිසකට පේරාදෙණිය සරසවි භූමියේදී කළ පහරදීම දන්නා කෙනෙක් වත් නැහැ!

    නමුත් යාපනේ සිංහල සිසුන්ට පහර දීම ගැන නම් දිගින් දිගටම කතා කළ පිරිස් සිටියා!

    මේ ජාතිවාදය නොවේ නම් වෙන කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //යාපනයේ පොලීසියෙන් වෙඩි තබා ඝාතනය කළ දෙමළ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ ගැන සිංහල බෞද්ධ සමාජයේ නිහඬතාවය කන් බිහිරි කරවන සුළුයි!

      වෙඩි තිබ්බේ අත් අඩංගුවට අරන වෙරළට අරන් ගිහිල්ලා ඇස් බැඳලා, අත් පිටිපස්සට බැඳලා වෙන්නැති.

      නද වෙන්න ගහලා, පොළිස් අණ නොතකා ධාවනය කලේ නැතුවම ඇති.

      Delete
    2. නිරුවත් ජාතිවාදියකුට රිදී තිබේ. නාලිනී එන්න මල් පිපේ දයි බලන්න... සිංහල බෞද්ධ වීර පුතුනි දෙවන දෙමළ සංහාරයට සැරසෙමු.

      Delete
    3. මිනිස්සුන්ගේ රැකියාව ජාතිය බලල නොවෙයි බොහෝ දෙනෙක් නම් මෙවැනි දේට විරුද්ධ වන්නේ.

      බීමතින් රිය පදවමින් පොලිස් අණ නොතකා පොලීසය සමග කළහකාරීව හැසිරුණ සහ බීමතින්පො ලීසය සමග කළහකාරීව හැසිරුණ ගිනි අවියද උදුරා ගන්නට හැදු මේ වෛද්‍යවරුන් දෙදෙනාටද පොලිසිය වෙඩි තබා ඝාතනය කල නම් හෝ ඉදිරියේදී එසේ වුවහොත් වෛද්‍ය මිගාර මේ අදහසම දක්වනවද ?

      (රසිකගේ ලිපියට අදාළ නොවීම ගැන රසික සමාවෙන්න.)

      Delete
    4. දොස්තර කියල පරචිත්ත විජානනයෙන් පොලිස්කාරයන්ට තේරෙන්නේ නෑ නෙ. නද වෙන්න බීලා එළවන එකෙන් නිදහස ලැබුණට පස්සෙ මැරුණ මිනිස්සු ගාණ යුද්ධෙටත් වඩා වැඩියි. ඒ නිසා බීලා පිස්සු කෙළලා මොනවත් කරගත්තට මට මුකුත් හිතෙන්නේ නෑ. මිනිස්සු බිව්ව නම්, වාහන එළවන්නේ නැතුව ඉන්න ඕන.

      අනික මේ අවස්ථා දෙහේදීම පැනල ගිහිනුත් නෑ නෙ. එහෙම පැනල යන්න ගිහින් වෙඩි කෑව නම් ඒකට කෑ ගහන එකේ තේරුමකුත් නෑ.

      Delete
    5. //අනික මේ අවස්ථා දෙහේදීම පැනල ගිහිනුත් නෑ නෙ.//

      එහෙම පැනල යන්න උත්සහ කිරීම වෙඩි කෑමට වීම සාධාරණීකරණය කරන්න ප්‍රමාණවත් සිදුවීමක් කියල ඔබ කියන්නේ ?

      එතකොට ගිනි අවිය උදුරාගැනීමට තැත් කිරීම පැනල යාම වගේ වෙඩි කෑමට තරම් බරපතල සිදුවීමක් නොවෙයිද ඔබේ අදහසේ හැටියට ? :D

      Delete
    6. දොස්තරලා දෙමළ හෝ මුස්ලිම් නම් ප්‍රශ්නයක් නෑ වෙඩි තියලා මැරුවත්. සිංහල නම් තමයි ගැටළුව.

      Delete
    7. //එහෙම පැනල යන්න උත්සහ කිරීම වෙඩි කෑමට වීම සාධාරණීකරණය කරන්න ප්‍රමාණවත් සිදුවීමක් කියල ඔබ කියන්නේ ?

      එහෙම නම් පැනල යනකොට කරන්න ඕන මොකද්ද කියල යෝජනා කරන්න. පැනල යන්නේ මොනව හරි වහන්න තියෙන නිසා. ඒ වහන්න තියෙන දේ මිනීමැරුමක් වෙන්නත් පුළුවන්. එහෙම එකක් මග ඇරුණොත් මේ කටවල් වලින්ම පොලීසියට දෙස්දෙවොල් තියන හැටි අපි දැකලා තියෙනවා. පැනලා යන මිනිහා නවත්තන්න ඕන. අවාසනාවකට ලංකාවේ ඒකට තියෙන්නේ වෙඩි තියන එක විතරයි.

      //එතකොට ගිනි අවිය උදුරාගැනීමට තැත් කිරීම පැනල යාම වගේ වෙඩි කෑමට තරම් බරපතල සිදුවීමක් නොවෙයිද ඔබේ අදහසේ හැටියට ?

      ඒකනේ කිව්වේ, බීල ඔය වගේ සෙල්ලම් දාන්න ගිහි වෙඩි කෑවට, ගුටි කෑවට කවුරුවත් මොකුත් කියන්නේ නෑ.

      හැබැයි සුළුජාතිකයෙක් නොවෙන්න ඕන. නැත්නම් මළ කෙළියයි.

      Delete
    8. සිංහල පොලිසියට සුදු හුණු ගෑමට මේ මනපහතයාට ඇති උවමනාව කොච්චරද කියනවා නම් පොලිසිය කියන කතාව එහෙම්ම පිටින්ම 100% පිළි ගන්නවා මේ තාක් පොලිසිය හැමදාම ඇත්ත කිවා වගේ. මේ නිරුවත් ජාති වාදීන්ට හමදාම අවශ්‍ය වූයේ මෙච්චරයි,. කොයිතරම් සාක්ෂි තිබුණත් ඒ සාක්ෂි යටගසා සිංහල පොලිසිය හා සිංහල ආරක්ෂක හමුදාව විසින් දෙමළ ජනතාව මත එල්ල කළ සුවිසල් පීඩ්නය හැමදාම සාධාරණීකරණය කළේ මේ හඬින්මයි.ඒ සිංහල බෞද්ධ ගෝත්‍රවාදයේ නිසඟ ලක්ෂණයක්.

      Delete
    9. [සිංහල පොලිසිය හා සිංහල ආරක්ෂක හමුදාව]

      දෙමළ ජාතිවාදීන්ට එහෙයි කියන එන්.ජී.ඕ. රාළලාගේ වචන කට්ටලය ඔය තියෙන්නේ.

      මුස්ලිම් කාරයෝ හිටි බවත් අමතකයි වගේ.

      Delete
    10. අපොයි නෑ. එහෙම හිටපු එක මුස්ලිම් කාලකණ්නියෙක් ගේ පැටිකිරිය පැරා අද අළුතින්ම ලියලා තියෙන්නෙ. බලපන් ගිහින් මේ ලින්ක් එකෙන්.

      http://www.w3lanka.com/2016/10/blog-post_55.html

      Delete
    11. මිගාර ස්තුතියි ඔබේ අදහස් පැහැදිලි කිරීමට.

      //ඒකනේ කිව්වේ, බීල ඔය වගේ සෙල්ලම් දාන්න ගිහි වෙඩි කෑවට, ගුටි කෑවට කවුරුවත් මොකුත් කියන්නේ නෑ.//

      යුද්ධයක් තිබුන රටක එහෙම සුළු සිදුවීම් වලටත් වෙඩි තබා මරා දැමීම හරිය සාධාරණීකරණය කරන එක තේරුම් ගන්න පුළුවන්. නමුත්, මිනිස්සු ජීවත් කරවන්න දිවා රෑ වෙහෙසෙන වෛද්‍යවරයෙක් එවැනි මතයක සිටිනු දැකීම පුදුමයක් නිසයි ඔබෙන් ඒ ගැන ඇහුවේ.

      අධිකරණයෙන් මරණ දඩුවම නියම කරන්නේ මිනීමැරුම් වැනි බරපතල වැරදි වලට වුනත්, උගතුන් පවා බීමත්ව රිය පැදවීම මරාදැමීමට හේතුවක් ලෙස සිතීම යුද්ධය විසින් රටට ගෙනා ම්ලේච්චත්වයට හොඳ උදාහරණයක් ලෙසයි මම හිතන්නේ.

      Delete
    12. වෛද්‍යවරයකු වූ පමණින් යම් පුද්ගලයකුගේ චර්යාව සමාජ හිතවාදී වන්නේ නැහැ. ඉතිහාසයේත් අදත් දැඩි සමාජ විරෝධී, මානසික රෝගී වෛද්‍යවරුන් සිටි බවට සිටින බවට සාක්ෂ්‍ය තියෙනවා.

      Delete
  11. ජාතිවාදය පිළිබඳ කොකාරක්කොඩිවල තියරිය.

    යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් සිංහල සිසුන් පිරිසකට පහර දුන් විට එය එය අමු ජාතිවාදී ක්‍රියාවකි.

    නමුත් යාපනයේ සිංහල පොලිස් නිලධාරී පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට (පස් දෙනකුට) වෙඩි තබා ඉන් දෙදෙනකු මියගිය විට එය පොලීසියේ ක්‍රියාවකි. ජාතිවාදී නොවේ.

    - මහාචාර්ය කොකාරක්කොඩිවල මහතා

    මහාචාර්ය කොකාරක්කොඩිවල මහතාගේ අපූරු තියරි දැන ගැනීමට ඔබත් කැමැති නම් KRWL 7777 ට SMS කරන්න.

    ReplyDelete
  12. මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඇයි මගේ අහිංසක පුතාට මෙහෙම කළේ ඇයි ? මේ අපරාධය කළේ?‘ යැයි යාපන විශ්ව විද්‍යාලයයේ ෙ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජය කුමාර් සුලක්ෂන් සිසුවාගේ මව විජයකුමාර් බේබිනායකී මහත්මිය හැඬූ කඳුලින් කීවාය.

    සුලක්ෂන් සහ ඔහුගේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයයේම දේශපාලන විද්‍යා සිසුවකුවන නඩරාසා කජන් බ්‍රහස්පතින්දා (21) රාත්‍රී යාපනය කොකුවිල් කුලප්පිට්ටිහිදී රිය අනතුරකින් මිය ගියැයි මුලින් වාර්තා වූ අතර එක් සිසුවකු මිය ගියේ වෙඩි තැබීමකින් බව පසුව අනාවරණය විය.

    සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය. විශ්ව විද්‍යාල සිසුහු ද, ඔහුගේ මිතුරෝ සහ අසල්වාසීහු ද ඔහුගේ නිවස වටා රොක්වී සිටියහ.

    සුලක්ෂන්ගේ දේහය ළඟට වී හඬා වැළපෙන ඔහුගේ මව බේබිනායකී මෙසේ ද කීවාය.

    ‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අපට සිකුරාදා පාන්දර දෙකට විතර දුරකතන ඇමතුමක් ආවා පුතා ඇක්සිටන්ට් වෙලා කියලා. අපි රෝහලට ගියා. සිකියුරිටිගෙන් ඇහුවාම පුතා කෝ කියලා මෝචරිය පෙන්නුවා. වටේ හිටපු අය කිව්වා එයාට බෙහෙත් කරනවා ඔයාලා ගෙදර යන්න කියලා. අපට බය නැතිව ඉන්න කිව්වා. ඉන් පස්සේ උදේ මහත්තයා කතා කරලයි කිව්වේ පුතා නැති වෙලා කියලා.

    මගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙමයි. හොඳ ළමයෙක්.මට මගේ පුතා ගෙනත් දෙන්න කියන්න. වෙන මොනවත් ඕන නෑ. ‘ යැයි බේබිනායකී කීවාය.

    සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.

    සුලක්ෂන් රගපෑමට හා කථිකත්වයට දක්ෂ බව ඔහුගේ මිතුරෝ සහ සහෝදරයෝ කියති. 2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ද වීරයාට රගපෑවේ සුලක්ෂන්ය.

    ඔහුගේ ළඟම මිතුරෙක් සුලක්ෂන් ගැන මෙසේ කීවේය. (නම හෙළි කිරීමට අකමැති නිසා නම සදහන් නොකරමු.)

    සුලක්ෂන් හැමෝම එක්ක හොදින් මිත්‍රශීලීව සිටි පුද්ගලයෙක්. සුලක්ෂන් කිව්වාම මේ පැත්තේ හැමෝම දන්නවා. සුලක්ෂන් කිව්වාම විශ්ව විද්‍යාලයයේ හැමෝම දන්නවා. රගපෑමට දක්ෂයි. හොද කථිකත්වයක් තියෙනවා. කවි ලියන්න පුළුවන්. හැම දේකටම දක්ෂයි.

    ඔහු රිය අනතුරකට ලක් වූ බව අපට ආරංචි වුණේ පාන්දර දෙකට විතර. අපි ගියාම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. ඔහු මිය ගිය බව දන්නේ ජනමාධ්‍යවලින්. ඔහුට වෙඩි තියලා කියලා මරණ පරීක්ෂණයේදී කිව්වා. පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න? පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද? මේ මරණ දෙකම අපට සැකයි.‘‘ යැයි මිතුරා කීවේය.

    සුලක්ෂන්ගේ අවසන් කටයුතු සදුදා (24) දහවල් සිදු කිරීමට නියමිතය.

    ReplyDelete
  13. යාපනයේ දෙමළ සිසුන් දෙදනකු ගේ මරණය ගැන පූර්ණ නිහඬතාවය රැකි සිංහල බෞද්ධ සමාජය යාපනයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී සුළු තුවාල සිදු කිරීමේ සිද්ධිය ගැන නම් කිසිසේත්ම නිහඬ නැති බව පෙනේ.

    මේ ජාතිවාදය නොවේ නම් වෙන කුමක්ද?

    ReplyDelete
  14. එන්.ජී.ඕ. ගෝතයන්ට රිදී ඇති තරම දකින විට දැන්නෙන්නේ මාරම සතුඉටකි.

    ReplyDelete
    Replies
    1. එන්. ජී. ඕ. වුණා නොවුණා අහිංසක නිරායුධ තරුණයින් දෙදෙනකුට බල්ලන් සේ වෙඩි තබා මරා දමන විට මනුස්ස කාහටත් රිදෙන එක ස්වාභාවිකයි මහත්තයෝ. ඒ වගේ නොරිදෙන්නේ තමුන්නාන්සේ වගේ ජාතිවාදයෙන් අන්ධ් වූ තිරිසන් මානසිකත්වයක් ඇති මනපහතයකුට පමණයි. ඒ තිඅරිසන් සතුට අපට පැහැදිළියි. අමුතුවෙන් කියන්න ඕනැ නැහැ. රසික සමාවෙන්න, මේ කමෙන්ට් අදාළ නැත්නම්.

      Delete
  15. දැන් මේක ෂෙයා කලාට ජාතිවාදෙ ඇවිස්සෙන එකක් නෑ නේද?

    http://nethnews.lk/article/22258

    ReplyDelete
  16. [යාපනයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී සුළු තුවාල සිදු කිරීමේ සිද්ධිය ගැන නම් කිසිසේත්ම නිහඬ නැති බව පෙනේ. ]

    මෙතනම තියෙන නිහඬතාවය කොහොමද?

    ReplyDelete
  17. දැනට තේරුම් යන ආකාරයට උතුරේ දෙමලුන්ට උවමනා වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි.ඔවුන්ගේ ක්‍ර්‍රියාකාරකම් වලින් ඒ බව දැන් දැන් පෙනේ.මෙහි ප්‍රතිඵල ය වන්නෙ දකුණේ ජනතාව ද පෙර තිබූ පාලන ක්‍ර්‍රමය හොදයි කියන තැනටම තල්ලු වීමයි.ඒ කාලයේ සද්ද නැති ව සිටි දෙමලුන්ට අද ඔක්සිජන් දුන්න දුන්නා මෙන් සිංහල ජනතාවට තේරෙමින් පවතියි .උතුරේ දෙමලුන් ලැබූ නිදහස අනිසි ලෙසින් පාවිච්චිකිරීමේ ප්‍රතිඵල මීලග පාලනයෙන් මදි නොකියන්න මෝඩ දෙමලුන්ට ලැබෙනු නොවනු මානය
    75% ක මහ ජාතිය සමග උන්ට උවමනා දෙය කිසිදා නොලැබේ.දෙන නිදහසත් එපා නම් එය උබලගෙ අවාසනාවයි.උබලගෙ සිහින ඊලාම් සිතියම සිහිනයක්ම විතරමයි

    ReplyDelete
  18. මේ සිදුවීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුර නියෝජනය කරන මිගාර වීරක්කොඩි නැමැත්තා මෙහිද සුජීව කොකාවල නැමැත්තා වෙනත් ෆේස්බුක් සමූහයකද තබා තිබූ සටහන් දුටුවෙමි. මේ දෙදෙනාගේම අදහස් බොහෝ සමානය. පොලීසියේ අණ නොතකා ගිය වරදට පොලීසිය වෙඩි තබා තිබේ. එනිසා මේ සිසුන් දෙදෙනා මිය ගොස් ඇත. පොලීසිය මෙසේ වෙඩි තැබීම ස්භාවිකයි. එනිසා මෙහි ගත යුත්තක් නැත. පෙර නිදසුන් ඇතිව ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ කියන්නේද මෙවැනිම කතාවකි. එනිසා වීරක්කොඩි, කොකාවල, වරණසිංහ තිදෙනාගේ මතය සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුරේ පොදු මතය සේ සැලකිය හැක. ඉදිරියේදී මේ තිදෙනා හා තවත් බොහෝ අය දිගින් දිගටම මේ මතය සාධාරණීකරණය කිරීමට ලියනු ඇත. ඇත්තටම මෙහිදී පොලිසිය කියන්නේ ඇත්තද, වෙනත් කතාවක් මෙතැන තිබුණාද කියන සරල ප්‍රශ්නය මතු කිරීමට වත් මේ තිදෙනාට උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය සැබැවින්ම සිදු වූ දෙය දැන ගැනීම නොව දෙමළා ජාතිවාදියා සිංහලයා අහිංසකයා යන මතය ජන ගත කිරීම පමණක් නිසාය.

    එහෙත් මේ මහත්වරුන්ම මීට පෙර යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන්ට පහර දුන් අවස්ථාවේ ගත් මතය මීට ඉඳුරා වෙනස්ය. එහිදී ඔවුන් පුන පුනා කීවේ එය ජාතිවාදී ක්‍රියාවක් බවයි. එහි ඇත්ත නැත්ත විමසීමටවත් ඔවුන්ට අවශ්‍ය නොවීය. එහිදී මධ්‍යස්ථ මතයක් දැරූ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට පවා මොවුන් සමහරකගෙන් අපහාස විඳින්නට සිදු වූ බව මතකයි.

    ReplyDelete
    Replies
    1. [මෙහිදී පොලිසිය කියන්නේ ඇත්තද, වෙනත් කතාවක් මෙතැන තිබුණාද කියන සරල ප්‍රශ්නය මතු කිරීමට වත් මේ තිදෙනාට උවමනාවක් නැත.]

      පොලීසිය මරලා දාපු ඇඹිලිපිටියේ කොල්ලා ගැන ආණ්ඩුව මෙච්චර නැටුවේ නෑ. එන්.ජී.ඕ. රාළලා නැටුවෙත් නෑ. ඌ සිංහලනෙ.

      Delete
    2. ඔව් උඹලා නම් නැටුවෙ නෑ තමයි. උඹලට සිංහල කොල්ලෙකුට අසාධාරණයක් වුණත් එකයි දෙමළ කොල්ලෙකුට වුණත් එකයි, තමන්ගෙ ගෝත්‍රවාදී ඇජෙන්ඩා එකෙන් පිට නම් ඒක වැඩක් නෑ. නමුත් මේ රටේ සාධාරණය අගයන මිනිස්සු දෙමළ සිංහල භේදයකින් තොරව අසාධාරණය වෙනුවෙන් නැඟී හිටපු හැටි සාක්ෂි ඕනැ තරම් ඇති.

      Delete
  19. [එනිසා වීරක්කොඩි, කොකාවල, වරණසිංහ තිදෙනාගේ මතය සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුරේ පොදු මතය සේ සැලකිය හැක.]

    අනික මුන් තුන් දෙනා පොරවල්ද?

    ReplyDelete
  20. UKIP එක නිසා එංගලන්තේ ඉන්න සිංහල, හින්දු ඇතුළු ගොඩක් අයට තමන් මෙහෙ සුළු ජාතියක් බව වැටහුනා. එක අතකට ඕවගේ පක්ෂ එන එක හොඳයි.

    ReplyDelete
  21. පෝලින් හැන්සන් යනු කවුරුද කියා විස්තර කළානම් මේ ලිපිය බොහෝ රසවත් වන්නට ඉඩ තිබුණා, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිට ජීවත්වන අයට. එහිදී ඇයගේ දේශපාලන දැක්ම විග්‍රහ කළයුතුයි. මතුපිටින් ඇය කළ කී දෑ අතපත ගෑමෙන් එය තේරුම් ගන්නට අමාරුයි. ඒ වගේම 'වන් නේෂන්' පක්ෂය පහුගිය මැතිවරණයේදී අනිත් සුළු පක්ෂවලට වඩා වැඩි චන්ද ගණනක් ලබා ගැනීමත්, මැතිවරණයෙන් පසුව එම ජනප්‍රියත්වය තවත් වැඩිවීමටත් ප්‍රධාන හේතුව ඇයගේ මුස්ලිම් විරෝධී ආකල්පයයි. මෙය වර්තමානයේ ලොව පුරාම අප දකින ප්‍රවනතාවක්. ලංකාවෙත් පහුගිය කාලයේ බිහිවූ බොදු බල සේනා වැනි අන්ත ආගම්වාදී කණ්ඩායම් කරන්නෙත් පෝලින් හැන්සන්ලා කරන දේමයි. දැනට ඕස්ට්‍රේලියාවෙත් මුස්ලිම් විරෝධී සහ ජාතිවාදී විරෝධී කණ්ඩායම් දෙකක් නිතර උද්ඝෝෂණ පැවැත්වීමත් ඒ හැම උද්ඝෝෂනයක්ම දෙපිළ අතර කළහයකින් අවසන්වීමත් අපට පෙනෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ මේ විෂය කතා කරන්නේ නැහැ. පොලින් වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් වුනත් වඩාත් ජනප්‍රිය වන්නේ මේ දක්ෂිනවාදී ජාතිවාදී ලේබලය නිසාමයි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මුල ඡේදය නැවත බලා එහි ඇති ලින්ක්ස්වලට ගොස් කියවන්න. මේ පෝලීන් හැන්සන් ගැන/සම්බන්ධ මා ලියා පළ කළ තෙවෙනි ලිපියයි. මුල් ලිපි ඔබ කියවා හෝ දැක හෝ නෑ.

      තෑන්ක්ස් මේට්.

      Delete
  22. රසික මේකෙන් දෙන සියුම් අර්ථකථනය තේරුම් ගන්න බැරි සිංහල සහෝදරවරුන්ට කියන්න තියෙන්නේ දෙමල මනුස්සයෙක් ගෙන් ම ඔය ටික අහල තේරුම් ගන්න කියල විතරයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.