Wednesday 19 October 2016

තරුණ නළුවන් දෙදෙනෙකුට පොඩි ප්‍රචාරයක් - Have you seen "Moron's Vines and Stuff" YouTube Chanel?


"මාවෝ තූන්" නමැති සිරකරුවෙකු ලෙස "නොම් පෙන් ගේම්ස්" කෙටි නාට්‍යයේ රඟපාමින් මා පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කළේ මගේ මුල් ම ප්‍රසිද්ධ වේදිකා රංගනයයි. ඒ මාවෝ තූන් චරිතයට අමතරව, වේදිකාව පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ පූජ්‍යපාද අධිපති ලෙස ද, ඔහු නොකළ මිනීමැරුම් ගැන මාවෝ තූන්ගෙන් පාපෝච්චාරණයක් ලබා ගැනීමට තැත් කළ වදකයින් දෙදෙනා වූ "පොල්" සහ "පොට්" ගේ ලොක්කා ලෙස ද, මම තිරයෙන් පිටුපස සිටිමින් ගුවන් විදුලි නාට්‍යයක මෙන් අමතර රඟපෑම් දෙකක් ද කළෙමි.

අපේ නාට්‍යයේ පොල් සහ පොට් චරිත ද්වය මනා ලෙස රඟපෑවේ භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර නම් සිනුවර වෙසෙන තරුණ නළුවන් දෙදෙනා ය.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යය රඟ දැක්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උලෙළේ දී වේදිකාගත වුණු තවත් නිර්මාණයක් වූ ශ්‍රියාකාන්ති රණසිංහ ගේ "එල්ලිල මැරුණනෙ පොඩි නෝනා" නම් නාට්‍යයේ ද, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර දක්‍ෂ ලෙස රඟ පෑහ.

මා මේ සැරසෙන්නේ, රංගන කුසලතාවයෙන් පිරි මේ තරුණ නළුවන් දෙදෙනා රඟපාන විකට රංගන සහිත යූටියුබ් නාලිකාව ඔබට හඳුන්වා දෙන්නයි.

යූටියුබය හරහා තම රංගන ඉදිරිපත් කරන ශ්‍රී ලාංකිකයින් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ ජෙහාන් ආර් ය. මා සිතන ආකාරයට මෙල්බරන් නුවර වසන ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් නමුත් නිරතුරුව සිංහල භාෂා යෙදුම් ද භාවිතා කරයි. පසුගිය දා, ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ශබ්දකෝෂයට එක් වූ "අයියෝ" යන වචනය ප්‍රචලිත කිරීමේ ලා ජෙහාන් ද සම්මාදම් වූ බව මගේ අදහසයි.

මා ජෙහාන් ගේ නිර්මාණවලට කෙතරම් කැමති වූයේ ද යත්, බ්ලොග් ලොවෙන් තාවකාලික විරාමක් ගෙන සිටි 2014 වසරේ මැද භාගයේ මට ද යූටියුබය හරහා සිංහල වීඩියෝ බ්ලොගයක් හෙවත් "ව්ලොගයක්" ඇරඹීමට සිත් වූ නමුත් එය පසුවට කල් දැමීමි.

ඊළඟට මා දුටුවේ, ගප්පියා ගේ වීඩියෝ ය. ගප්පියා වාසය කරන්නේ සිනුවරට උතුරෙන් පිහිටි නිව් කාසල් නගරයේ යැයි සිතමි. ඔහු නිර්මාණය කළ මිහිඳු හිමියන් සමග සෙල්ෆියක් ගන්නට සැරසෙන දේවානම්පිය තිස්ස රජු ගේ කාටූනය නිසා ගප්පියා පිළිබඳ සෑහෙන සාකච්ඡාවක් සිංහල බ්ලොග් ලෝකයේ ද ඇතිවිය.

මෙල්බරන් නුවර වාසය කරන පොඩ්ඩා ගේ වීඩියෝ ද මා සිත ගත්තේ ය. ඔහු නම් මේ දිනවල ලංකාවේ බව කියවේ.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යයේ රඟ පෑ, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ගේ යුටියුබ් චැනලය නම් කර ඇත්තේ "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ්" (Moron's Vines & Stuff) ලෙසිනි. එහි මේ වන විට වීඩියෝ 66 ක් අඩංගු අතර ඉන් අඩකට වඩා මම නරඹා ඇත්තෙමි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඉසුරු කළුබණ්ඩාර තම මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර ඇත්තේ මීට වසර දොළහකට පමණ පෙර ය. ඉන් පසු සිනුවර තදාසන්නයේ චෙරිබෘක් උසස් විද්‍යාලයේ සහ යුනිවසිටි ඔෆ් ටෙක්නොලොජි සිඩ්නි (UTS) හි අධ්‍යාපනය ලැබූ ඔහු අද ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාවක නිරත වයස විසි පහක පමණ තරුණයෙකි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උගත් භාෂිත හෙට්ටිගොඩ, ගිය වසරේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙස UTS හි අධ්‍යාපනය ලැබීමටයි. ඔහු වයස විසි එකක පමණ තරුණයෙකි.

"මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාවේ" මා නරඹා ඇති නිර්මාණ අතුරෙන් වැඩි කොටසක් මා සිත ගත්තේ ය. ඒ අපේ නළුවන් දෙදෙනා ගේ රංගනය සහ වීඩියෝවල අන්තර්ගතයේ අඩංගු වූ උපහාස රසය නිසා ය.

නමුත් සමහර නිර්මාණවල අන්තර්ගතය අප මීට කලින් අසා ඇති කතා අනුසාරයෙන් ගොඩ නගා ගත් ඒවා බව පෙනුණි. එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටිකලි ඉන්කරෙක්ට්බව (not politically correct) නිසා ඉවත් කළ යුතු යැයි ද මම සිතමි.

අලුත් අදහස් උපයෝගී කරගෙන තමන්ගේ රංගන කුසලතාවය හරහා ඒවා ඉදිරිපත් කරමින් ඉදිරියට යාමට මේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ සහය නළු, නිළි පිරිසට හොඳ ශක්‍යතාවක් ඇති බව පැහැදිලිවම පෙනේ.

යුටියුබ් අවකාශයේ ඔවුන් ගේ ඉදිරි ගමන සාර්ථකවන්නේ ඒ වීඩියෝ නරඹන පිරිස වැඩිවීම අනුව නිසා, "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාව" නරඹා අපේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ කණ්ඩායමට සහයෝගය දෙන්නැයි මම ඔබට යෝජනා කරමි.

ඔවුන් ගේ යූටියුබ් චැනලය: "Moron's Vines & Stuff"

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/MoronVinesAndStuff/

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

19 comments:

  1. ගප්පිය තමා මගේ ප්‍රියතම
    මෙයාලටත් හොද තැනක් තියේ
    ජය

    ReplyDelete
    Replies
    1. ගප්පියා හොඳයි, අර රත්නේ අයියාට තමයි මං එච්චර කැමති නැත්තේ!

      Delete
  2. පෝස්ට් එක පළ කොට අවම වශයෙන් පැය හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ රසිකට එකම එක කමෙන්ට් එකක් වත් නොලැබීමට වඩා ආසන්න හේතුව විය හැක්කේ:

    1. කළු බදාදා නිසා කමෙන්ට්කරුවන් රසිකගේ බ්ලොග් එක වර්ජනය කර තිබීම ( )

    2. ලිපියට අදාළ නොවන කමෙන්ට් පළ නොකරන්නැයි රසික ඊයේ කළ ඉල්ලීම ( )

    3. බටහිර ජාතීන් විසින් කරන ලද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ( )

    4. රසික කාර්ය බහුල වීම ( )

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ අරමුණ යූටියුබ් චැනලයක් හඳුන්වා දීමයි. මෙය කියවූ අය එහි ගොස් ඒ වීඩියෝ නරඹනු මිසක, මෙහි කුමන කමෙන්ටු දාන්නද?

      ඒ කවුරුන් කමෙන්ට් නොකළත් ඔබ ප්‍රතිචාරයක් දැක්වූ එක මට ඇති!

      Delete
  3. රසික ඇයි පහත අභූත චෝදනාවලට පිළිතුරු නොදෙන්නේ? පහත චෝදනා වියරු ස්වාභාවකින් එල්ලකර තිබෙනවා. කිසිදු පදනමක් මේ චෝදනාවල නැහැ. නමුත් යම් අයෙක් මේවා කියවා වැරදි අදහසක් ඇතිකර ගැනීමට ඉඩ තිබෙනවා. මම හිතන්නෙ තාක්ෂණික කාරණාද පැහැදිලිකරමින් දිගු පිළිතුරක් රසික ලිව්වොත් හොඳයි.

    "ලැජ්ජයි උන්නැහේ ලැජ්ජයි. නොදන්නාකම මේ විදිහට දිගටම පෙන්නන්න එපා. තමන්ගේ අඩවියේදී හෝ ඉන් පිටතදී ඇනෝ නොගහන බවට දිවුරන මහා ප්‍රාඥයා මෑතක සිට තමන්ට කමෙන්ට්ස් 10 - 15 ක් වත් නොවැටෙන නිසා දැන් වියරු වැටී සිටියි...

    ... එසේ කලනොහැකිනම් තා නපුන්සකයෙකි. බ්ලොග් ලෝකයේ සදා වැජඹෙන්නට සිතා ක්‍ෂණික ප්‍රොෆයිල් හදාගෙන අනුන්ට මඩ ගසන්නට උත්සාහ කරන මඩ කරියෙකි."

    - විචාරක Wicharaka October 15, 2016 at 8:06 AM


    “මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය.

    තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග්‍ ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති.

    මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි.

    මුන්ගේ අවලම් අඩවි, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි.
    මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, අර මම කලින්ම සඳහන් කළ බොරු උපාසකයා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් පහකින් කියවුණා. මේ සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා, මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි.”

    - විචාරක
    2016 ඔක්තෝබර් මස 16 වැනි දින 0032 පැය

    ReplyDelete
    Replies
    1. මහා ප්‍රාඥයා කිව්වේ විජේදාස රාජපක්ෂට වගෙයි මතක.

      Delete
    2. ඒවා මට අදාල නැත. අදාල පුද්ගලයින් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි පිළිතුරු දීම හෝ නොදීම කරණු ඇත.

      මේ කලින් දවසක දී මා දුටු මේ ආකාරයේ බැණ වැදීමකි.
      http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739

      Delete
    3. රසික,
      ලින්කුවට ස්තුතියි. මේ පුද්ගලයා දරුණු ගනයේ මානසික රෝගියකු විය යුතුය.
      "කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි" යන යෙදුම මේ පුද්ගලයාට හොඳින්ම ගැලපෙන බව ඔහුගේ අලුත්ම පොස්ටුව තුල දුටිමි. ශබ්දකෝෂයක අසභ්‍ය වචන වල තේරුම දැක්වෙන පිටු ස්කෑන් හෝ ඡායාරුප ගතකර පොස්ටුවල පළකරණ "රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට" සැබවින්ම ඇඟේ මවිල් කෙලින් වන බවනම් නොකියාම බැරිය.

      Delete
  4. ජෙහාන් ආර් ගේ ක්ලිප්ස්වලට මම කැමතියි. මේ දෙන්නගේ ඒවත් බලලා තියෙනවා. ඔවුන්ට සුභ පතන්න.

    රසික , නොම් පෙන් එකේ වීඩියෝ ක්ලිප් එකක් නැද්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. තාම නැත. පොඩි ක්ලිප් එකක් ෆේස්බුකියේ තියෙනු දුටුවා, අරුණ ෆෙස්බුක් නෑ නේද?

      Delete
    2. මම ෆේස්බුක් නැහැනේ.

      Delete
  5. Thanks for the tip Rasika!

    ReplyDelete
  6. රසිකගේ නිර්දේශය අනුව අදාළ යූ ටියුබ් චැනලයේ විඩියෝ කිහිපයක් නැරඹීමි - මේ තරුණයන් තවමත් amateur මට්ටමේ වුවත් ඔවුන්ගේ උත්සාහය හොඳය - බයි ද වේ අර උඩින් කොමෙන්ටුවක් සඳහන් වුවාක් මෙන්ම නොම් පෙන් ගේම්ස් ද යූ ටියුබයට මුදා හැරිය හැකිද ?

    ReplyDelete
  7. //එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටිකලි ඉන්කරෙක්ට්බව (not politically correct) නිසා ඉවත් කළ යුතු යැයි ද මම සිතමි.///
    මෙන්න මේවා කිහිපයක ලින්ක් පුලුවන් නම් දෙන්න

    ReplyDelete
    Replies
    1. ඔවුන් ගේ චැනලයේ ඇති වීඩියෝ අති බහුතරය හොඳයි. පොලිටිකල් කරෙක්ට්නස් ප්‍රශ්ණය ඇත්තේ මා නැරඹූ එකක හෝ දෙකක පමණයි. වීඩියෝ සේරම යළි නරඹන්නේ නැතුව ලින්ක්ස් හොයන්න අමාරුයි. ඒ නැතත්, මා අකමැති දෙයකට ප්‍රචාරයක් දෙන්නේ ඇයි?

      මට මතක ඇති එක ක්ලිප් එකක තිබුණා රේප් කතාවක්. ඒක ඇත්තටම අප කලින් අසා ඇති එකක්. මුල් කතාව තිබුණේ වැඩිහිටි කාන්තාවක ගැනයි. එය විහිළුවක් ලෙස () අහන විට ලොකු වරදක් නොපෙනුනත්, තරුණියක් සහිතව රඟ පා වීඩියෝ කර දකින විට එහි ඇති වරද හොඳින් වැටහෙනවා.

      දැන් ලක්‍ෂාන් ඔබ එය කුමක්දැයි හොයන්න යන්න නම් එපා!

      Delete
  8. ගප්පියා, පොඩ්ඩා, නව්‍රන් සහ Morons vines කණ්ඩායම මගේ අන්තර්ජංජාලගත කාලයෙන් වැඩි වේලාවක් වෙන් කරගෙනය. මේ අතරට අලුතෙන්ම එකතු වී ඇත්තේ එශාන් ඩයස්. :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.