Thursday 22 December 2016

නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for men


පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? වැනි ප්‍රශ්නයක් වෙනකෙකු විසින් තමන්ගෙන් අසනු ලැබී නැති හෝ තමන් විසින් වෙනත් අයෙකුගෙන් අසා නොමැති හෝ අය සිටී ද?

විශේෂයෙන් ම හෙට හවස සිට ඇරඹෙන නත්තල් සමයේ දී මේ ප්‍රශ්නය ලක්‍ෂ සංඛ්‍යාත වාරයක් ඇසෙනු ඇත!

මද පමණින් බීම ගැන සැවොම පවසති. එය කතාවට ලෙහෙසි නමුත් ක්‍රියාවෙන් අසීරු දෙයක් බව දන්නෝ දනිති.

මත්පැන් පානය පිළිබඳව මා අසා ඇති, ඒ සමගම අත්දැකීමෙන් ම නිවැරදි ය කියා දන්නා, එක් කියමනක් මෙසේ ය.
එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්
එහි සිංහල ඡායානුවාදය මෙලෙසින් දැක්විය හැකි ය.
මිනිහෙකු අරක්කු ටිකක් බොයි. ඒ අරක්කු ටික තව අරක්කු ටිකක් බොයි. අවසානයේ අරක්කු විසින් මිනිසාව අත්පත්කරගනු ලබයි.
ඒ සිංහල ඡායානුවාදයේ එන අරක්කු යන්න වෙනුවට ඕනෑම රහ-මෙර පානයක නමක් යොදා ගත හැක.

එක් දිනක් හෝ අඩියක් ගැසූ, අනුමත වූ, සළු වූ, කර්මාන්තයක් කළ ඕනෑම අයෙකු ඉහත කියමන කෙතරම් සත්‍යයට ළඟදැයි යන්නට සාක්‍ෂි දරනු ඇත!

එක අඩියකින් දෙකකින් පමණක් හෙවත් මද පමණින් නැවතීමට අපට අනුගමනය කළ හැකි දේ මොනවා ද?

මගේ අත්දැකීම අනුව සාර්ථක වූ ක්‍රම දහයක් මෙසේ ය.
  1. තමන් ගේ ප්‍රියතම වර්ගය නොමැති නම් නොබී සිටීම
  2. අපේ බීම අප ම ගෙන යා යුතු (Bring Your Own - BYO) ස්ථානවලට එසේ බීම රැගෙන නොයාම
  3. අනුන් ගේ බෝතල්වලින් නොබීම
  4. තමන් ගේ බෝතලයෙන් / කොටසෙන් හැකි තරම් අනුන්ට පෙවීම
  5. එක වඩියකට නමා ගන්නා ප්‍රමාණය සෙන්ටිමීටර් පරිමාණයෙන් නිගමනය කර, එය පිළිපැදීම
  6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම
  7. වතුර හෝ කෝක් දමනවා නම් කට ළඟට පිරවීම
  8. උගුඩුවෙකු සේ ගුඩු ගුඩුස් ගා නොබී, පොරක් සේ තොල ගාමින් බීම
  9. තනිවම නොබීම, හැම විටම මිතුරෙකු සිටින විට පමණක් සෙට් වීම
  10. බිරිඳගෙන් අවසර ඇති නම් පමණක් බීම
අතීතයේ දී ඉතා ප්‍රතිඵල සහිත වූවද, ඉහත මා සඳහන් කර ඇති දහ වැදෑරුම් ක්‍රම අතුරෙන් කිහිපයක් ම දැන් මට වැඩ කරන්නේ නැත!

එනිසා, ඔබ අත්හදා බලා ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති වෙනත් ක්‍රම ඇති නම් කරුණාකර දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.boreme.com/posting.php?id=35511)

31 comments:

  1. දැන්, කාටද ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ?
    ඇයි මිනිහෙක් බිව්වම තියෙනෙ වැරැද්ද?
    නිකං නැති ප්‍රශ්න ඇති කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය නම් - එකෙන් දෙකෙන් මද පමණින් නවත්වා ගැනීම අපහසු වීමයි.
      ප්‍රශ්නය ඇත්තේ මට ය, තව අයටත් තිබෙන බව දනිමි.
      නැති ප්‍රශ්නයක් නොවේ, දැවෙන ප්‍රශ්නයකි!

      Delete
  2. 11. ඇල්කොහොල් වෙනුවට ගංජා පාවිච්චිය පටන් ගැනීම

    ReplyDelete
    Replies
    1. ඔය ගෙදර පිටිපස්සෙ මල් එලවළු වවන අතරෙ පොඩියට ගස් දෙකතුනක් වවගන්න.... හීනියට ඔතලා ආතල් එකේ අදින්න.... ෂැප කනේ....

      Delete
  3. පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? //

    මේ එක වාක්‍යක්වත් සම්පූර්ණ කරන්න ඉඩ නොදෙන කල්‍යාන මිත්‍රයන් අපට ඉන්නෙ.

    ReplyDelete
  4. 1තමන් ගේ ප්‍රියතම වර්ගය නොමැති නම් නොබී සිටීම-එහෙම බැරිය!
    2අපේ බීම අප ම ගෙන යා යුතු (Bring Your Own - BYO) ස්ථානවලට එසේ බීම රැගෙන නොයාම-බෝතල් ගෙනියන සිරිතක් නැත
    3අනුන් ගේ බෝතල්වලින් නොබීම-අදාල නැත
    4තමන් ගේ බෝතලයෙන් / කොටසෙන් හැකි තරම් අනුන්ට පෙවීම-අදාල නැත
    5එක වඩියකට නමා ගන්නා ප්‍රමාණය සෙන්ටිමීටර් පරිමාණයෙන් නිගමනය කර, එය පිළිපැදීම-දමාගන්නා වාර ගණන අනුව මත්වීම සිදුවන නිසා අදාල නැත.
    6මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම-විද්‍යාත්මක නැත(?)
    7වතුර හෝ කෝක් දමනවා නම් කට ළඟට පිරවීම-තරමක් නිවැරදියි
    8උගුඩුවෙකු සේ ගුඩු ගුඩුස් ගා නොබී, පොරක් සේ තොල ගාමින් බීම-හරි!
    9තනිවම නොබීම, හැම විටම මිතුරෙකු සිටින විට පමණක් සෙට් වීම-ටිකක් විතර.(කාන්සියට එහෙම තනියම නොබොනවත් නෙවේ)
    10බිරිඳගෙන් අවසර ඇති නම් පමණක් බීම=ප්‍රායෝගික නැත.

    අටවැන්න තමයි හරියටම හරියන්නෙ. ඒ කියන්නෙ දහයෙන් එකක් පාලනය කරන්න පුළුවන් ටක්කෙටම.

    ReplyDelete
    Replies
    1. /* 6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම-විද්‍යාත්මක නැත(?) */

      මෙය තනුක-සානද්‍ර ප්‍රශ්නයක් නොව, ඇහේ මිම්ම ගැන කේස් එකකි!

      මුලින් මත්පැන් දමන විට නිවැරදි මිම්මට වක්කර ගත හැක. අයිස් පසුව කෙතරම් දැම්මත් ප්‍රශ්නයක් නැත.

      මුලින් අයිස් දැම්මොත්, මත්පැන් වැඩිපුර එකතු වීමට ඉඩ ඇත. අඩියක් වෙනුවට, අඩි දෙකක් වැක්කෙරෙනු ඇත.

      Delete
    2. මට නං දෙවනුව දාන එක අඩුවෙන් වැටෙන්නෙ.

      Delete
  5. “ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

    මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.

    හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ? මේ ගමේ හිටියා අඩු වැඩි වසයෙන් ආගං හතරක් අදහපු මිනිස්සු. වැඩේ කියන්නෙ හරියට පැලෑන් කොරලා ගස් හිටෙව්වා වගේ එක එක ආගම අදහපු පිරිස දල වසයෙන් සමානයි. එහෙම ගම් තියෙන්න අමාරුයි තමයි, ඒත් බැරිම නෑ.

    මේ එක එක ආගම අදහන ජහ මනයාගේ අව්ස්යතාවය පරිදි බවුද්ද ආරාමයකුත් (සජ්ජනාරාමය), සිව දේවාලයකුත්, කතෝලික පල්ලියකුත්, ඉස්ලාම් පල්ලියකුත් ගමේ තැන් තැන් වල ඉදිවෙලා තිබුණා. (ගමේ සිතියමක් හෙම පහු පහු වෙනකොට දෙන්න බලඤ්ඤංකො.) නොතිබුනේ අර සික් කාරයින්ගෙ ගුරුදුවාරයක්ද මොකද්ද කියලා කියන එහෙකුයි, යුදෙව්වන්ගෙ සිනෙගොග් එහෙකුයි විතරයි.

    මේ සිංහල බවුද්ද රටේ මොනයම්ම හෝ ගමක පන්සලක් තියෙන එක අරුමයක් නෙවෙයිනෙ. හැබැයි අනෙකුත් හැම ආගමික ඉස්තානයක්ම ඇති වුණේ විසේස හේතුවක් මත. ඒ තමා මේ ගම මුහුදු සීමාවට ඉතාම කිට්ටුවෙන් පිහිටි එකක් වීම. විඩින් විඩේ අරාබි කාරයො, දෙමලු, පරංගි ඇවිත් ගමේ සිංහල මිනිස්සු එක්ක මුහු වෙලා මේ එක එක ආගමික ජනකොට්ටාස හැදුනා කියලා තමයි මේ ගම ගැන ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා ලියපු සාස්ත්‍රීය ලිපියක සඳහන් වෙලා තිබුනය කියන්නෙ.

    “ආගංගොඩ” කියන්නෙ මේ ගම ගැන කතාව….

    ඒක පටන් ගන්නේ සිරිසේන ගිරාමසේවක මහත්තයා අස්වීමේ ලිපිය දුන්නු අව්ස්තාවේ ඉඳන් වුනත් මේ කතාව උතුරට, දකුණට, උඩට, පහලට, අතීතයට, අනාගතයට, කොටින්ම චතුර්මානයන් ඔස්සේම දුවන්න ඇහැකි ජාතියෙ එකක්… ඔහෙ දුවපු දෙන්. මට කුරහන් තලපයැ!

    https://aagangoda.wordpress.com

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අලුත් වැඩක් !!!!!
      කෝ අපේ රසිකලා මෙච්චර අත්දැකීම් තියාගෙන මේ වගේ වැඩ ට්‍රයි කරන්නෙ නැහැනේ
      ඕං බලමුකො ඒකෙත් හැටි !

      Delete
  6. පාටියට යන විටම හොඳටම වෙරිවී යාම. එවිට පාටියේදී බොන්න වෙන්නේ නැත.

    ReplyDelete
  7. හොඳම ක්‍රමය ගෑනිගෙන් ඩිවෝස් වීම, මේ මම වගේ.

    ReplyDelete
  8. (අර දඩ වැඩි කළාට පසු ලංකාවේ නම්) පාටිය තියන තැනට වාහනයෙන් යෑම ! 
    බයිද වේ අනුමත රිය පැදවීමට ඔය රටේ දඩුවම් කෙබඳුද ?

    ReplyDelete
  9. ඔච්චර වද විඳින්නෙ මොකටද නොබී ඉන්න.

    ReplyDelete
  10. මම නම් කවදාවත් හොරට බොන්නෙ නැහැ .. ඒ බව මට ආරාධනා කරන කවුරුත් දන්නවා. ඒ නිසා මම බොන ප්‍රමාණය ඔවුන් කිසි විටක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ ...මම අඩුවෙන් බිව්වොත් ඒකට හේතුවක් ඇති බව ඒ අය දන්නවා..

    ReplyDelete
  11. මට නොබොනවනම් මාස ගානක් උනත් නොබී සිටිය හැක
    එමෙන්ම බොනවනම් නම් දෙල් වෙන්න බොන්න ද හැක
    ඇබ්බැහියක් නැත............
    ඒත් මාස ගානක් නොබී සිටි කාලයක් මතක නැත....හැක්

    ReplyDelete
  12. දැනටත් එලිපිටම බෝතල් කීපයක් කාමරයේ ඇත.නිතර බීම අකැප නිසා සහ 'තනියෙන් නොබොන නිසා' ඒවා මකුළුදැල් බඳිමින් ඇත.ඒ අනුව 9 ඕ.කේ
    10ට අනුව බොන්න වෙන්නේම නැත.
    ශොට් එකේ උස වත්,වාර ගණනවත් අනුව මත්වීම රඳා නොපවතින නිසා දෑස පියාගත් විට කැරකෙන පදම එනතෙක් බොමි.එතනම වැටෙන්න ඇහැකි නම් සහ ඉන්න පිරිසගේ බොක්ක පිරිසිදු නම් ඊට වඩාත් බොමි.
    බීම වගේම නොබීමත් මහලොකු දෙයක් නොවන බව පමණක් ගස්ලබ්බාට අනුව සත්‍ය බව පවසමි.
    ජයවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ශොට් එකේ උස වත්,වාර ගණනවත් අනුව මත්වීම රඳා නොපවතින නිසා දෑස පියාගත් විට කැරකෙන පදම එනතෙක් බොමි.එතනම වැටෙන්න ඇහැකි නම් සහ ඉන්න පිරිසගේ බොක්ක පිරිසිදු නම් ඊට වඩාත් බොමි.
      බීම වගේම නොබීමත් මහලොකු දෙයක් නොවන බව පමණක් ගස්ලබ්බාට අනුව සත්‍ය බව පවසමි.//

      අන්න වදන....

      Delete
  13. Mary....I had to stop drinking alcohol because of my legs.
    Jane.....Why, do they swell?
    Mary... No..they spread.

    බීමට කෙම්මුර දවස් තියාගන්න ඕන. එහෙම තමයි හිතන් ඉන්නේ :D

    ReplyDelete
  14. මං දන්න නාකි ගයිඩ් බුවෙක් ඉන්නව බ්ලොග් ලියන එකෙක් රට ඉඳන් අවොත් බෝතලයක කඩා ගන්නවාමයි. සුද්දෙක්ගේ බෝතල් මුඩියක් වත් ඉතුරු කරන් නෑ

    ReplyDelete
    Replies
    1. නාකි සුද්දන්ට කැමති එකෙක් නේද?

      Delete
  15. මටනම් හරියන් ක්‍රමේ බඩ පිරෙන්න කෑමක් කන එක, ඊට පස්සෙ බොන්න හිතෙන්නෙම නෑ. මම හවසට ෂොට් එකක් දාන එක ඇබ්බැහියක් වෙලා තියෙද්දි ඒක නවත්තන්න කලේ ආප්ප හතරක් කාල ප්ලේන්ටියක් බිව්ව එක.
    දැන් බොන වෙලාවට කරන්නෙ එක පාරක් දාගන්න මත් වතුරට තුන් හතර වතාවක් සෝඩ සහ අයිස් දමා ගැනීම. එතකොට රසිකගෙ 4 වෙනි ක්‍රමය නිකම්ම සම්පූර්ණ වෙනව

    ReplyDelete
  16. පාප මිත්‍රයන්ගෙන් ගැලවීමට නම් මීට වඩා අතිසාර්ථක ක්‍ර‍මයක් තිබේ, ඒ බෝතලයට ෂෙයාර් එකක් නොදීමයි, අත් දුටුවයි, සත්තයි.

    ReplyDelete
  17. 11. ෆ්‍රෙන්ඩ් ෂිප් ෂොට් නොදැමීම...

    ReplyDelete
  18. Boy: I love you so much. I could never live without you.
    Girl: Is that you or the beer talking?
    Boy: It's me talking to the beer.

    ReplyDelete
  19. Commented about my preference in Kocchi miris blog :-D

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.