Friday 24 March 2017

එළිසමය, මංගල සමරවීර සහ නන්දිකඩාල් - What a mix!


සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, ඔබේ සිහියට එන්නේ කවරාකාරයේ කවියක් ද?

ඔබ කුඩා කාලයේ මා වැනි හොඳ ළමයෙකුව සිටියා නම් එය බෝහෝ විට මෙවැනි කවියකි.
සෙත්   සිරි දෙන මහ ගුණ   මුහුදාණන්
සත්   හට වන බව දුකට   වෙදාණන්
තිත්   ගණඳුුර දුරලන   දිනිදාණන්
සිත්   සතොසින් නමදිම්   මුනිදාණන්
ඒ ලෝවැඩ සඟරාවේ එන කවියකි.

කුඩා කාලයේ සිංහල සාහිත්‍යයට ආශාවක් තිබුණා නම්, මේ ආකාරයේ කවියක් සිහිවීමට ඉඩ ඇත.
සුර රද   සමන් සමගින් සුරඟන    එවර
පැහැනද   මදාරා පරසතු මල්    පතර
කර පුද   වඳින මුනි සිරි පා    තඹර
සකි සඳ   පෙනේ සමනොළ ගිර    නැගෙනහිර
ඒ සැළලිහිණි සංදේශයේ එන කවියකි.

අඩු වශයෙන් පහත ආකාරයේ ජනකවියක් හෝ සිහිවිය යුතු ය.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ    පැටියා
බෙල්ල දිගයි තල්ලේ ගෝමර    කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන    හිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ    පැටියා
එකක් අනෙකට වඩා සාහිත්‍යමය ගුණයෙන් අඩු වැඩි වුණත්, මා ඉහත උදාහරණ ලෙස දැක්වූ ඒ කවි සැමෙකම ඇති පොදු ලක්‍ෂණයක් නම් ඒවා පද හතරකින් යුතු, එළිසමය සහිත, සඳැස් කවි වීමයි.

මෙහි දී එළිසමය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවියේ පද හතරම එකම ආකාරයෙන් අවසන් වීමයි.

එසේම එහිදී සඳැස් යනුවෙන් අදහස් කෙරුණේ ඡන්දසක් නොහොත් විරිතක් ඇති, එනම් තාලයකට ගායනා කළ හැකි යන්නයි.

ඉහත කවි සියල්ලේම විරිත නොහොත් තාලය මාත්‍රා දහසයකින් සමන්විත වූ සමුද්‍රඝෝෂ නම් වේ.

මීට අමතරව මුල් කවි ද්වයේම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් නම් එ කවියක සෑම පදයකම මුල් වචනය (සෙත්, සත්, තිත් සහ සිත් ලෙස) එකම ආකාරයේ නැතහොත් එකම තාලයේ වීමයි. මෙය එළිවැට ලෙස හැඳින්වේ.

වත්මන් ලංකාවේ ප්‍රබුද්ධම සිංහල කවියන් ලෙස සැලකෙන්නේ 1974 දී මියගිය මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර වැන්නන් ය. ඔවුන් ලියූ බොහෝ කවි පෙර කී සඳැස් කවි මෙන් එළිසම, එළිවැට, සිව්පද සහ විරිත්වලින් සීමා වූ ඒවා නොව නිදහස්ව ලියවුණු ඒවා ය.

නමුත්, මා පෙර කී පරිදි, සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, මහගම සේකර ගේ හෝ රත්න ශ්‍රී විජේසිංහ ගේ හෝ කවියක් සිහියට එන්නේ කීයෙන් කී දෙනෙකු ගේ ද?

සමහර විට ඔවුන් ගේ කවි වෙනුවට, ඔවුන් විසින් ලියූ ගී පදමාලා නම් සිහියට එනු ඇත!

මා මේ කියන්නට අදහස් කරන්නේ ප්‍රබුද්ධ, සම්භාව්‍ය, ජනතා පාදක, පීචං කතා කෙසේ වෙතත්, කවි වශයෙන් නම් වී දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, මා උදාහරණ දැක් වූ ආකාරයේ සිව් පදයෙන් සමන්විත, සදැස්, එළිසමයෙන් යුතු කවි බවයි.

එළිසමයෙන් යුතු සඳැස් සිව්පද කවි ගැන ඇති ප්‍රධාන චෝදනාව නම්, ඒ ආකාරයේ කවි රචනා කිරීමේ දී, අන්තර්ගතයට වඩා ආකෘතියට මුල් තැන දීම නිසා, කවි රසය මැරෙන බවයි.

ඒ චෝදනාව පදනම් විරහිත නොවේ.

නමුත්, උසස් කවි රසයෙන් යුක්තව මෙන්ම විශේෂයෙන් ම හාස්‍ය රසය මවමින් ද, සිව්පද සඳැස් කවි අද ද ලියවෙනු මා නිරතුරු දැක තිබේ.

එසේම, මා හොඳින් දන්නා එක් කරුණක් නම්, සඳැස් කවියක් ලිවීම පහසු කාර්යයක් නොවන බවයි. පෙර කී එළිවැට රැකීම නොව එළිසමය සකසා ගැනීම ද අසීරු කාර්යයකි.

එයට හේතුව එකම ආකාරයට ශබ්ද කළ හැකි, එකම අකුරෙන් අවසාන වන ඇත, නැත, සිත, බත, හෝ සුසුම, කුසුම, පැතුම, සිතුම වැනි වචන සීමා සහිත වීමයි.

මේ නිසා බොහෝ අංකුර සිව්පද කවියන් කරන්නේ, වා-යන්නෙන් හෝ නේ-යන්නෙන් හෝ එවැනි අකුරකින් අවසාන වන වචන සහිතව කවි ලිවීමයි.

එසේම සිඩ්නි වැනි වචන කවියේ යොදා ගැනීම අසීරු නිසා, සිනුවර වැනි වචන නිර්මාණය කරන්නට ද, කවි පදයේ මාත්‍රා සම්පුර්ණ කිරීම සඳහා සක්ක පද යැයි හැඳින්වෙන, අරුතක් එක් නොකරන, වචන යොදා ගැනීමටත් සිදුවේ.

මේ සියල්ල මට සිහිවූයේ ළඟදී දිනයක විදේශ ඇමති මංගල සමරවීර කළ කථාවක කොටසක් අසන්නට ලැබුණු වෙලේ ය.

මෙන්න ඒ කථාව.

https://youtu.be/1CDUwo_aQTM?t=160

මට ක්‍ෂණයකින් සිහිවූයේ, මංගල සමරවීර එහි දී යොදාගත්, නන්දිකඩාල්, හන්දිකඩාල්, ගෙවල්කඩාල් සහ කකුල්කඩාල් යන වචන හතර යොදා එළිසමය සහිතව හොඳ සිව්පද කවියක් ලිවිය හැකි බවයි.

මෙන්න මා ලියූ ඒ කවිය.
යමු ඉදිරියට, මග දිගටම    හන්දිකඩාල්
හන්දිය අවට ඇති සියලුම    ගෙවල්කඩාල්
ගෙවල්වල ඉන්න උං ගේ    කකුල්කඩාල්
අවසානයේ ජයගත්තෙමු    නන්දිකඩාල්
කොහොමද හොඳඳ?

මගේ ඊළඟ ප්‍රයත්නය ඉහත වචන උපයෝගී කරගෙන එළිසමය පමණක් නොව එළිවැට ද යොදා සිව්පද කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර අප අතර පැවති කවි සංවාදයක දී, කවි ලියන විට එළිසමය රැකීම ගැන කතා බහක් ඇති විය.

මේ මා එතැන දී ලියූ කවියකි.
ඇත   පිහිනා   එතෙර පැදි නදි  සුකුමාලී
නැත   දැනිලා   වෙහෙස, හති,  බැඳ පද පේලී
සිත   පිරිලා   ඇතොත් කිති කැවෙනා  කෑලී
අත   හැරලා   නොයන් එළිසම  හද ලෝලී

ප/ප/ලි:
මංගල සමරවීර ගේ කතාවේ තවත් කොටස්-


(image: https://www.yamu.lk/blog/7-sinhala-books-we-read-as-kids)

32 comments:

  1. මම යනවා ඇනෝ හමුදාව එක්කන් එන්න.

    ReplyDelete
    Replies
    1. බර අවි ද? සැහැල්ලු අවි ද?

      Delete
  2. මේ වගේ බ්ලොග්වලටත් "නෙළුම් යායෙන්" සම්මාන දෙනවද, රසික මහත්තයෝ?

    https://slanghome.wordpress.com/2009/07/

    සැ. යු.:- වෙබ් එක කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක්. වෙබ් යන්න අර්ථවත් වීමට නම්, එක වෙබ් පිටුවක්, තව එකක් හා සම්බන්ධ වීම පිණිස ලින්ක් යෙදිය යුතු නිසා මේ කමෙන්ටුව කැපීමෙන් වළකින ලෙස මම උදක් ම ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න නෙළුම් යාය සම්මාන දෙන වර්ගීකරණය.

      http://nelumyaya.com/?p=7272

      Delete
  3. සේහ්.. රසික දවසක් පරක්කුයි. මේක ඊයේ දැම්මනං..

    සඳැස් කියන්නේ මොනවද කියල හරියටම දැනගන්න ඕනි වෙලා තිබුනේ ඊයේ.. :)

    ReplyDelete
  4. රසික,

    ඔබ හැම තැනම ලින්ක් හල හලා ගිහින් ඒක ගැන වෙන කවුරුහරි ඇහැව්වම කියනවා නේද 'වෙබ් කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක්.වෙබ් යන්න අර්ථවත් වීමට නම්, සමාන සහ එකිණෙකට අදාල අන්තර්ගතයන් එකිනෙක හා සම්බන්ධ කළ යුතුයි.'

    වගේ කතා. කෝ ඉතිං ඒ උනාට රසිකගේ බ්ලොග් එකේ අපේ සිංහල සින්ඩි වලින් ජනප්‍රියම සින්ඩිය වන මාතලන් සින්ඩියේ ලින්ක් එක දාලා නෑනි. ඒ තියා මාතලන්ගේ බ්ලොග් එකත් නෑනි. වෙබ් කියන එක තවත් අර්ථවත් වෙන්න ඒවායේ ලින්ක්ස් දාන්න රසික.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් රෝලේ ඇත්තේ මා කියවන බ්ලොග් පමණි. ඒ මගේ පහසුව පිණිස ය. එසේම, මගේ සින්ඩිකේටර් ලයිස්තුවේ ඇත්තේ ද, මගේ බ්ලොගයට පිවිසිය හැකි තැන් ය.

      Delete
    2. එහෙනං මොකටද පැරාගේ බ්ලොග් එකෙයි අනික් හැම තැනමයි කකාගේ බ්ලොග් පඩංගුවේ ලින්ක් එක හල හල යන්නේ. කකාගේ පහසුවට නං ඒවායේ ගිහිං ලින්ක් හලන්න ඕනි නෑනි.

      එක වෙලාවකට කියනවා වෙබ් කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක්ය, එ නිසා ඒවා අතර ලින්ක් තියෙන්න ඕනි කියලා. දැන් කියනවා වෙන දෙයක්.

      සාදුලා ගැන ලිපි ලියද්දිත් එහෙමයි. කකාගේ නෑදෑයෝ මහන වෙලා ඉන්නවා නං එ අය ගැන හොදට ගරුසරුව ආමන්ත්‍රණය කරලා ලිපි ලියනවා. අනික් සාදුලා ගැන නිකංම නමෙන් විතරක් කතා කරලා ලියනවා. බලං ගියාම කකාට කිසිම ප්‍රතිපත්තියක් නැහැනි.

      Delete
    3. කකෙක් පිළිබඳ මගෙන් නොඅසන්න.

      මා පිළිබඳ කියනවා නම් වරක් කියූ නමඑත් ඔබට පැහැදිලි නැති ණිසා, "නැවතත්" කිව යුතු කරුණු තුනකි.

      1. ඔබේ පැනයේ ම කියා ඇති පරිදි-
      "වෙබ් කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක්.වෙබ් යන්න අර්ථවත් වීමට නම්, සමාන සහ එකිණෙකට අදාල අන්තර්ගතයන් එකිනෙක හා සම්බන්ධ කළ යුතුයි."

      2. මගේ බ්ලොග් රෝලේ ඇත්තේ මා කියවන බ්ලොග් පමණි. ඒ මගේ පහසුව පිණිස ය.

      3. මගේ සින්ඩිකේටර් ලයිස්තුවේ ඇත්තේ ද, මගේ බ්ලොගයට පිවිසිය හැකි තැන් ය.

      Delete
    4. අලුතෙන් එකතු කර ඇති ප්‍රශ්නය සඳහා පිළිතුර පහත වෙනත් පැනයකට පිළිතුර ලෙස ද දී ඇති නිසා නැවත නොලියමි.

      Delete
  5. රසික ඔබ සිංහල බ්ලොග් වල පරණම සාමාජිකයෙක්.මෙහි ඇති ඇතැම් දෑ ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි. ඒ තමයි සාරස කියන පුද්ගලයා ඔහුගේ බ්ලොග් අඩවියෙන් අනෙකුත් බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ පවුල්වල උදවියට ඉතාම පහත් අන්දමින් අමතමින් ලිපි කොමෙන්ටු දමනවා. එහි ඇති ඇනෝ කොමෙන්ටුත් ඔහුම දමනා ඒවා විය යුතුයි. මන්ද එහි කොමෙන්ටු 100 ක් වැටී ඇත්තම් අනෙකුත් බ්ලොග්කරුවන් දමනා ප්‍රොෆයිල් කොමෙන්ටු ඇත්තේ 10-12 ක්. ඉතිරිවා ඇනෝ කොමෙන්ටු සහ සාරස කියන පුද්ගලයාගේ කොමෙන්ටු.

    ඊයේ පෙරේදා මම දැක්කා රසිකගේ දුවගේ ජයාරූපත් බෙදා ගනිමින් ඉතා පහත් අන්දමට අදහස් පල කරලා තියෙනවා.

    මෙවැනි දෑ සිංහල බ්ලොග් තුල නොවීමට වග බලාගැනීම රසික වැනි පැරණි බ්ලොග්කරුවන්ගේ යුතුමක්‌ නොවේද? බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන නිහඩව ඉන්නේ ඔවුන් සාරසට එරහිව අදහස් පලකලොත් ඔවුන්ටත් පහත් අන්දමින් අමතමින් ලිපි, කොමෙන්ටු පල කරයි යන බය නිසාද? මගේ අදහස් නම් ඔහුගේ බ්ලොග් අඩවිය සින්ඩි වලින් සහ අනෙකුත් බ්ලොග් රෝල් වල ඇත්තම් ඉවත්කළ යුතුයි. රසික මොකද හිතන්නේ මේ ගැන.

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටියෙන් ලියන්නම්.

      1. බ්ලොග් යනු නිදහස් මාධ්‍යයකි.
      2. අප එකිනෙකා ලියන්නේ අපේ නැණ පමණින් අපට අවශ්‍ය දේ ය.
      3. මා ලියන දේ වගකීම මම බාර ගනිමි.
      4. ස්වයං වාරණයක් මිස බ්ලොග්වලට පාලකයින් අවැසි නැත.

      ස්තුතියි!

      Delete
  6. කවිය අවිය වේ

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න ට්‍රාන්ස්පොර්ට් සැල්වේෂන් ඇවිත්. ඔහේගේ බ්ලොක් එකේ නම කියවන්න බෑ. එ හින්ද ට්‍රාන්ස්පොර්ට් සැල්වේෂන් කියලා දැම්ම. හොදයි නේද

      Delete
    2. ඔහේගේ බ්ලොග් එකේ නම කියවන්න බෑනි. එ හින්ද මං එකට නම දැම්ම ට්‍රාන්ස්පෝර්ට් සැල්වේෂන් කියලා. අවුලක් නෑ නි

      Delete
    3. කකා දැක්ක නේද ඩොක්ටර් රුවන් පෙරේද ලිපියක් ලියාලා තිබ්බ ෆීල්ඩ් මාෂල්ට ෆොන්සේකා මහත්තයට චිත්තාවේග මානසික අසමබරතාවයක් තිබ්බය, කමල් ගුණරත්නගේ පොත කියෙව්වම ඒක පැහැදිලි වෙනවය කියලා. කකාත් කොමෙන්ට් එකක් දලා තිබ්බේ.

      ඉතිං කකා එ ලිපියේ පැහැදිලිවම තියෙනවා 'සමහර අවස්ථා වලදී ඔහු තුල (ෆොන්සේකා මහතා තුල) මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​. ' කියලා. ඊට පස්සේ දුරකථන සංවාදයක විස්තරත් දලා තියෙනවා.

      දැන් ඔන්න රසවත්ම වැඩේ කියන්නේ ඩොක්ටර් රුවන්ගේ ලිපියේ පැහැදිලිවම තියෙන්නේ කමල් ගුණරත්නගේ පොතේ කියෙව්වම සහ ඔය කියන දුරකථන සංවාදය නිසා ෆොන්සේකා මහත්තයාගේ මානසික මට්ටම ගැන එයා තීරණය කළා කියලා.

      ඊට පස්සේ මං ඇහැව්වා ඩොක්ටර් රුවන් කොහොමද ගුණරත්නගේ පොතේ තියෙන දුරකථන ඇමතුමක විස්තර ආශ්‍රයෙන් පමණක් ෆීල්ඩ් මාෂල්ට මානසික අසමබරතවක් තිබ්බේ කියලා තීරණය කළා මදිවට මේ වගේ ප්‍රසිදිද්යේ අනික් අයගේ මානසික මට්ටම ගැන ලිපි ලියලා දාන්නේ කියලා. එ ගැන ඇහැව්වම වෙන වෙන දේවල් කියලා මගේ කොමෙන්ට් ටික අයින් කරලා.

      කකා මොකද හිතන්නේ මේ ගැන. ඩොක්ටර් රුවන්ගේ ඉතාම හොද ලිපි තිබෙනවා. ඒගැන කිසිම තර්කයක් නැහැ. ඒත් කොහේ හරි තියෙන පොතක් බලලා එ අනුව තවත් කෙනෙක්ගේ මානසික මට්ටම මෙහෙමයි, ඔහුගේ මානසික මට්ටම අසමබරතාවයි වගේ කියලා ප්‍රසිද්ධියේ ලියන එක හොද නෑ. ඒක වෛද්‍ය ආචාර වලටත් ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ මතය.

      Delete
    4. මේ සිද්ධිය විතරක් බලලා ෆීල්ඩ් මාෂල් ගැන තක්සේරැවකට එන එක වැරදි. අනික සම්පුර්ණ පොත කියෙව්වම එන්නේ එතුමා තමයි නිවැරදිම කෙනා හමුදාපති තනතුරට යුද්ධය අවසන් කිරීමට.

      ඉහත දුරකථන සංවාදය සිදුවූ මොහොතට පෙර දින කිහිපයේම ප්‍රභාකරන්ගේ සිරුර හමුඋනා, ඔහු මිය ගියා ආදී ලෙස විවිද මත පල උනා. අන්තිමේදී ඔහු ගිලන්රථයකින් පැන යමින් සිටියදී අසු වූ බවටත් සජීවී ප්‍රවෘත්ති විකාශනය වුවා. එහෙත් පසුව සිදුව තිබුනේ හමුදාගිලන් රථයකට සංවිධානයේ පිරිස් පහර දීමක්.

      ඉතිං මේ වගේ කරනා නිසා ෆොන්සේකා මහතා ප්‍රභාකරන් මිය ගියා කියූ විට ඒ ගැන එක වරම විශ්වාශ නොකිරීම පුදුමයක් නොමේ. ඉතිං ෆොන්සේකා මහතා ගැන ඉහත කි දුරකථන සංවාදය ඇසුරෙන් පමණක් විග්‍රහ කිරීම මහා මෝඩ ක්‍රියාවක්. අඩුම වශයෙන් ඒ ආසන්න දිනවල සිදුවූ දෑ, වාර්තා වූ ප්‍රවෘත්ති වත් සලකා බැලිය යුතුයි.

      ඩොක්ටර් මේ වගේ මෝඩ ලිපියක් ලියයි කියලා නං ජිවිතේට හිතුවේ නැහැ.
      Reply
      Replies

      Trans SylvaniaMarch 22, 2017 at 6:47 PM

      1) මම ප්‍රඟාවන්තයෙක් කියා අඞබෙර ගසා නැත​
      2) ජෙනරාල් ෆොන්සේකා ගැන මම අධ්‍යනය කොට තිබේ . සමහර දේවල් මෙහි ලිවිය නොහැක​. මගේ සංග්‍රාම විඩාව පොත කියවන්න එවිට අවබෝධයක් එයි.
      AnonymousMarch 22, 2017 at 10:29 PM

      ' සමහර අවස්ථා වලදී ඔහු තුල මතු වන චිත්තාවේගී අසමබරතාවන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය හරහා හඳුනා ගත හැකිය​'

      මම ප්‍රශ්න කරලා තියෙන්නේ ඒක. කමල් ගුණරත්නගේ පොත කියවලා ඔබ ෆීල්ඩ් මාෂල්ගේ මානසික තත්වය ගැන තක්‌සේරුවකට ඒම වැරදි බව මම කිව්වේ. ඒක සම්පුර්ණයෙන්ම මෝඩ වැඩක්. එහෙම නම ඔබ ලියා ඇති දෙයින් අපට ඔබගැන, ඔබගේ මානසික තත්වය ගැනත් අදහසක් ගන්න පුළුවන්.

      ෆීල්ඩ් මාෂල්ට ගුණරත්න දුන්නු ඇමතුම ගැන සදහන් කරලා ෆීල්ඩ්මාෂල්ට චිත්තාවේගී අසමබරතාවන් තිබ්බා කියන එක මම ප්‍රශ්න කලේ. යුද්දේ අවසන් දිනවල සිදුවූ දෑ ගැන නොසලකා එවැනි නිගමනයකට ඒම වැරදි බව කිව්වම ඔබ වෙන දේවල් කියනවා දැන් ඔබගේ තවත් පොත් කියවන්නලු. ඔබ මෙහි ලිය ඇති දෑ ප්‍රශ්න කලාම වටේ යන්නේ ඇයි ඩොක්ටර්?
      AnonymousMarch 23, 2017 at 2:47 AM

      # AnonymousMarch 22, 2017 at 11:50 PM

      ඇනෝ මචං එහෙම කියන්න එපා. අපේ හමුදාවේ වෛද්‍ය බලකායේ සේවය කෙරු වෛද්‍යවරු, වෛද්‍යවරියන් රැසක් සිටියා රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණි. ඔවුන් ජීවිතය පරදුවට තියලා විශාල මෙහෙයක් කළා යුද්ධය අවසන් කිරීමේදී.

      මං උඩින් අහලා තියෙන්නේ ඩොක්ටර් රුවන් කොහොමද ගුණරත්නගේ පොතේ තියෙන දුරකථන ඇමතුමක විස්තර ආශ්‍රයෙන් පමණක් ෆීල්ඩ් මාෂල්ට මානසික අසමබරතවක් තිබ්බේ කියලා. අනික ඒ ඇමතුම් සත්‍යද කියලා කවුද දන්නේ. මං විමසුවේ ඒ ගැන. වෙන දෙයක් නෑ ඇනෝ මචං.

      Delete
    5. Trans SylvaniaMarch 23, 2017 at 8:07 AM

      ගුණරත්නගේ පොතේ තියෙන දුරකථන ඇමතුමක විස්තර ආශ්‍රයෙන් පමණක් නොවෙයි මම ඔය නිගමනයට ආවේ. තව බොහෝ නිරීක්‍ෂණ තිබෙනවා ; ඒවා මෙතන ලියන එක සුදුසු නෑ

      ඩොක්ටර් ඇයි මගේ කොමෙන්ට් අයින් කලේ? ෆීල්ඩ් මාෂල් ගැන දාපු පොස්ට් එකේ මං දාපු කොමෙන්ට් දෙකක් අයින් කරලානි. ඔබේ ලිපිය ගැන ප්‍රශ්න කලාම එ කොමෙන්ටු අයින් කරන එකද යුතුකම, නැත්තම් පිළිතුරු දීලා පැහැදිලි කිරීමක් කරන එකද?
      Reply
      Replies

      Trans SylvaniaMarch 24, 2017 at 7:19 AM

      තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ඒමට බිය නිවට ලෙස ඇනෝ කොමෙන්ට් කරන ඔබගේ යටි අරමුණ මම තේරුම් ගෙන තිබේ. තමන් ගේ කාලය ශ්‍රමය තමාටත් අනෙකාටත් ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න​.

      # AnonymousMarch 22, 2017
      'තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ඒමට බිය නිවට ලෙස ඇනෝ කොමෙන්ට් කරන ඔබගේ යටි අරමුණ මම තේරුම් ගෙන තිබේ'

      හරි මං නිවටයි කියමුකෝ. මං අදහස් කරපු තර්කය එකෙන් අවලංගු වෙන්නේ නෑ නේද? ඩොක්ටර් වෙනත් අයෙක් මා සමග පටලවා ගෙන ඇති බව පෙනේ. මා කිසිම අයුරකින් අසභ්‍ය වචනයක් හෝ කාටවත් දොස් පැවරීමක් කර නැත. ඔබගේ ලිපිය කියවීමෙන් මගේ සිතට නැගුනු දෑ ප්‍රශ්න කලෙමි. ඔබ එහිදී මාගේ කොමෙන්ටු කිසිදු හේතුවකින් තොරව අයින් නොකර එයට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා නම් ඒම ස්ථානයේ යහපත් සංවාදයක් ගොඩනැගුමට ඉඩ තිබුණි. ඔබ නැවතත් කරන්නේ මා අසා ඇති දෙයට පැහැදිලි කිරීමක් නොකර මා කවුරුන්දැයි කියා සෙවීමට යාමයි. එසේ වන්නේ ඔබ ඒම ලිපිය ලියා ඇත්තේ කිසිදු පදනමකින් තොරව නිසාද? වෙනත් අයෙකුගේ මානසික මට්ටම ගැන ප්‍රසිද්ධියේ සදහන් කොට ලියා පලකිරීමට ඔබට ඇති අයිතිය ගැන ප්‍රශ්න කරාම ඔබ කරන්නේ මා නිවටයෙක්, බියසුලු අයෙක් බව කීමයි.

      ඔබ ලියනා දෙය අනික් අය ප්‍රශ්න කරනවාට බිය බව පෙනේ. එය සියල්ලෝම කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුයි කියා ඔබ සිතා සිටිනවද? ඔබගේ මෙම තත්වයට හේතුව මා දන්නේ නැත. ඔබ මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අකමැති නම් මගේ කොමෙන්ටු කිසිදු හේතුවක් නැතුව අයින් නොකර පිළිතුරු දීමෙන් වලකිමි කියාවත් සදහන් කරන්නට තිබුණි. යහපත් සංවාදයකට ඔබ අකමැති නම් තව දුරටත් එ ගැන ඔබ සමග කතා කොට පලක් නැත.

      Delete
    6. @ Trans Sylvania

      කවියත් අවියකි, පෑන ද අවියකි.
      එතකොට පෑනෙන් ලියන කවි දෙපැත්ත කැපෙන අවි නේද?

      Delete
  7. අයිසේ කකා තමුසෙ සාදුලා ගැන ලියලා තියෙන පොස්ට් වැඩි හරියක එ සදුලට නිකන්ම නමෙන් විතරයි කතා කරලා තියෙන්නේ. එ කියන්නේ ගංගොඩවිල සෝම, හෑගොඩ විපස්සි කියලා නමින් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. හැගොඩ විපස්සි හිමි කියලා හෝ සාදු කියලා වත් නෙමෙයි.

    හැබැයි කකාගේ නෑදෑ වෙන සාදු කෙනෙක් ගැන ලිපියක් ලීවේ ගිය සතියේ. එකේ නං දාලා තියෙනවා ධම්මවංශ හිමියෝ කියලා.එතකොට දැන් කකාගේ නෑදෑ කෙනෙක් මහන උනාම විතරද ගරු නම්බු දීලා කතා කරන්න ඕනි?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++---->

      Delete
    2. @ Anonymous 24 March 2017 at 22:05

      සාදුලට මොන ගරු නම්බු ද අයිසේ? උනුත් මේ අපි තමුසෙලා වගේ පෘතග්ජනයෝ. උන් කියලා මේ සමාජෙට ඉහළින් ඉන්න පිරිසක් නෙවෙයි. උන්ගෙන් වැඩි හරියක් පාරාජිකයෝ. තමුසේ ඉස්සෙල්ලාම තමුසෙගේ දෙමව්පියන්ට ගරු නම්බු දීලා ඉන්නවා. මෙ කොහෙවත් ඉන්න සාදුලට නෙවෙයි.

      Delete
    3. Anonymous26 March 2017 at 17:22

      අනුන්ගේ කොමෙන්ට් අස්සේ පුක නොදා පල බූරුවෝ.

      අනික මම අහලා තියෙන්නේ කකා උන්දාගේ නෑයෝ මහන වෙලා ඉන්නකොට එ සාදුලට කතා කරන්නේ 'හිමියෝ' වගේ ගරු නම්බු දීලා. අනික් සාදුලට නිකන්ම නමෙන්. මම ඒක ඇහැව්වේ. උබ හරකා වගේ මෙතන තප්පුලන්නේ නැතුව පුක නොදී පල (පුක යනු කුණුහරුපයක් නොවේ-කකා)

      Delete
    4. @ Anonymous 24 March 2017 at 22:05

      ඔබේ ප්‍රශ්නය සාධාරණ එකක්.

      ඔබ මේ "නෑදෑ වෙන සාදු කෙනෙක් ගැන ලිපියක් " යනුවෙන් කියන්නේ මේ ලිපිය ගැන නේද?

      පරකන්දෙණියේ ධම්මවංශාභිධාන කතා වස්තුව – Buddhism betrayed
      http://rasikalogy.blogspot.com.au/2017/03/buddhism-betrayed.html


      කරුණාකර ඔබ නැවත ඒ ලිපිය කියවූවොත් ඔබට වැටහේවි මා සුපුරුදු රචනා ශෛලියෙන් ඉවත් වෙලා පැරණි සිංහල රචනා රටා අනුගමනය කරමින් එය ලියා ඇති බව!

      උදාහරණ අවශ්‍ය ද?

      Delete
    5. //උදාහරණ අවශ්‍ය ද?//
      ඔව්

      Delete
    6. මා කියූ පරිදි සියවසකට පමණ පෙර සිදුවූ ඒ සිදුවීම් සහිත ලිපිය මා ලිව්වේ පැරණි රචනා ශෛලියක් උපයෝගී කර ගනිමිනි.

      මෙන්න උදාහරණ කිහිපයක්-

      1. එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණන්දෑ
      2. දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින්
      3. පරකන්දෙණිය නම්වූ පසල් දනව්වේ
      4. කෙළෙඹි පුත්‍රයෙකි.
      5. අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනා කරන්නේ, මා මේ නූපන් දරු ද, උන් මෑණියන් ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන
      6. පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය
      .
      .
      .
      .
      තවත් එමට තිබේ ගොස් කියවා බලන්න.

      !

      Delete
  8. JOKKU KADAAL
    GONA KADAAL
    BOG SAKKILI
    THATTA KADAAL

    ReplyDelete
  9. රසික, රුවන් ජයතුංග නමැති රුසියානු වෛද්‍ය උපාධියක් ඇති වෛද්‍යවරයා ඔහුගේ බ්ලොග් අඩවිය ඔස්සේ විවිද පුද්ගලයන්ගේ මානසික තත්වය ගැන අදහස් පල කරයි. පසුගිය දිනක ෆොන්සේකා මහතා ගැනද එසේ කියා තිබුනේ කමල් ගුණරත්නගේ පොතේ එන කොටසක් අල්ලා ගෙනයි.
    මේ අයුරින් සත්‍යදැයි කියාවත් නොදන්නා තොරතරු ආශ්‍රයන් විවිද ප්‍රකට පුද්ගලයන්ගේ මානසික තත්වය අසමබරතාවයි ලෙස සදහන් කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි කියා එම වෛද්‍යවරයාගෙන් විමසු විට ඔහු කරන්නේ අප නිවටයන්, බියසුල්ලන් ලෙස නම් කරමින් ඔහුව ප්‍රශ්න කරනා කොමෙන්ටු ඉවත් කිරීමයි.

    ඔහුට අන් අයගේ මානසික තත්වය ගැන ප්‍රසිද්දියේ වෛද්‍ය ආචාරධර්ම වලටත් පටහැනි ලෙස සදහන් කල හැකිනම් අනික් අයට ඒවා ප්‍රශ්න කිරීමට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටියෙන් ලියන්නම්.

      1. බ්ලොග් යනු නිදහස් මාධ්‍යයකි.
      2. අප එකිනෙකා ලියන්නේ අපේ නැණ පමණින් අපට අවශ්‍ය දේ ය.
      3. මා ලියන දේ වගකීම මම බාර ගනිමි.
      4. මනේ චිකිත්සකියන් ගේ එතික්ස් ගැන මා සොයා බලා නැත.

      ස්තුතියි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.