Saturday 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

33 comments:

  1. බඩුමිළ බොහොම ඉහළයි. කිරි නම් ටිකක් හරි ලාබයි කියන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. බඩු මිලෙන් කොටකස් සේවක පඩි නේ. මෙහි අවම වැටුප, පැය ගනනට සේවය කරන අයට, පැයකට ඩොලර් 20 පමණ. සිඩ්නි ප්‍රදේශයේ සාමාන්‍ය පඩිය වසරකට ඩොලර් 75,000 පමණ (බදුවලට පෙර).

      ඔය බඩුවලින් වැඩි හරියක් ගත්තේ මේ සතියේ විශේෂ මිලටයි. සොයා නොබලා එකම වෙළඳ නාමය ගත්තා නම් ඔයිට වඩා 30% වියදම් වෙන්න තිබුණා. තවත් සොයා බලා කඩ කිපියටම ගියා නම් ඔයිට වඩා අඩුවෙන් ඔය බඩු ටික ගන්ණ තිබුණා. උදාහරණයක් ලෙස පාන් ඩොලර් දෙකටත් තියෙනවා වෙනත් වෙළඳ නාම.

      කිරි ලීටර් දෙකක මිල මෙහේ අනෙක් බඩු මිල හැටියට ඩොලර් හතරක්වත් වෙන්න ඕනෑ. මේ ගානට කිරි විකිණීම ණිසා කිරි ගොවියා ඉතා දුප්පත් අඩියකට වැටිලා. මේක රටේ ලොකු ප්‍රශ්නයක්.

      Delete
    2. සාපේක්ෂව මෙහෙට වැඩිය බඩු මිල අඩුයි. ලාභයි.

      Delete
    3. පවුමට ඕස්ට්‍රේලියන් ඩොලර් 1.61 ගානේ ගත්තොත් අර කිලෝග් සිරියල් එක මෙහා 2.19 හෝ 2.38 (පවුම්) ඔසී ඩොලර් 3.48. මෙහෙ කෙහෙල් ගෙඩි පහක් පොඩි ඒවා නම් හයක් පවුමක්. ඒ කියන්නේ ඩොලර් 1.60.

      Delete
    4. මම වියදම් කරනවා වැඩියි කියා අපේ නිවසේ කඩේට යන්නේ බිරිඳය. මමත් ඒකට බොහොම කැමතිය. කඩවල බඩු ගැනීමට යාමට මම කොහොමත් අකමැති දෙයකි.

      Delete
  2. ලබන සතියේ සිට ආපසු බිරින්දෑ කඩේ යනු ඇත.

    ReplyDelete
    Replies
    1. එයා ගියාම ඔයිට වඩා වියදම යනවා!!!

      Delete
  3. මෙහේ ටිකක් ලාබයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මා කරන්නේ අනිත් කඩ දෙකටත් ගොස් සසඳා බලා, සතියේ වට්ටම් සහිත බඩු තෝරා ඹේරා මිලට ගැනීඟයි. මේ සතියේ ඒ සඳහා කාලය තිබුණේ නෑ.

      Delete
  4. කෙසෙල් වල පෙනුම හරි නැත​. මා නොගන්නා තරමට පරවී ඇත​.
    ඔස්ට්‍රේලියාවේ නොදනිමි. ලංකාවේදී බ්‍රෑන්ඩ් නොබලා තේරීම අපහසුය​. කිසිදා නොමිදෙන පොල් තෙල් වර්ගද​, එක හරකෙක්වත් පලාතක නැති ඩෙයරිවල ප්‍රොඩක්ට්ද එකසිය ගානටය​. කාගිල්ස් කීල්ස් සහ ගමේ මුදලාලිකෙනෙකුගේ ෆුඩ්සිටියකටද යමි. එහෙත් කිසිදා ඔවුන්ගේම නිෂ්පාදන (මයි චොයිස් වගේ) නොගනිමි. හේතුව මොනොපොලියක් ඇතිවේයයි බියවීමයි.

    ReplyDelete
    Replies
    1. මේ කෙසෙල් මා පාවිච්චි කරන්නේ පාතරසය සඳහා පලතුරු පානය සෑදීමට නිසා ආනමාලු වැනි මේ කැවැන්ඩිෂ් වර්ගය ඉතා ගැලපෙනවා.
      http://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html

      Delete
    2. මෙහේ නිෂ්පාදන සමාගම් වෙළඳසැල් හරහා හැඟ සතියේම වගේ වට්ටම් දෙනවා. ඇත්තටම ඒ තමයි න්‍රිම මිල. අනිත් වෙලාවට විකුනන්නේ වැඩි මිලටයි. එනිසා, වෙළඳනාම ගැන නොසිතා බඩු ගැනීමෙන් ඒකාධිකාරියක් ඇති වෙන්නේ නෑ කියායි මා හිතන්නේ.

      අපි "මයි-චොයිසස්" (කඩකාරයින් ගේ නමින් ඇති බඩු) ගන්නේ ඒවා වරක් පාවිච්චි කර සතුටුදායක නම් පමණයි. කිරි, කිරිපිටි, අත පිහදාන කොළ, සලාද කොල වැනි දේ ඒවාට ඇතුළත්. මේවා ගමේ කඩේ සාදන ඒවා නොවෙචයි. වෙළඳ නාම වගේම එකම තැනින් එන්නේ. පැකේජින් සහ ඇඩ්වරටයිසින් නැති නිසා මිල අඩුයි.

      Delete
  5. 1. තවත් අවුරුද්දකට පසු මේ භාණ්ඩ පැසේම මිල ගණන් සමඟ පෝස්ට් එකක් දැමිය හැකිනම් අගනේය.

    2. පරණ ලිපිය පළවන විට (2016 ජූනි) හිටියේ ලංකාවේ, සීමිත අන්තර්ජාල සම්බන්ධතා සමඟ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට නොලැබුණේය. මාළුන්ගේ නම් කිහිපයක්ම එයින් දැනගන්නට ලැබුණි.

    3. මෙහෙත් අල්ඩි බඩු ලාබය. කවර ගෙනයාමට වීමත්, ක්‍රෙඩිට් කාඩ් නොගැනීමත් නිසා මිල අඩු වුණත් ආකර්ශනීය තේරීමක් නොවේ. කස්ටමර් සර්විස් එකද අන්තිමය.

    4. කිරි ගැලුමක් මේ දවස්වල මෙහි ඩොලරයකටත් අඩුය. කිරි ගැලුම් කාලක් ඊට වඩා මිල වැඩිය. වතුර ගැලුමක්ද කිරි ගැලුමකට වඩා මිල අධිකය.

    5. 1,2,3 කරුණු මමද බොහෝ විට පිළිපදිමි. 2 හා අදාළව, කෙතරම් වට්ටම් දී තිබුණත් සාමාන්‍යයෙන් අවශ්‍ය නොවන දේ මිලදී නොගැනීමටද ප්‍රවේශම් වෙමි.

    ReplyDelete
    Replies
    1. ඉකොන්,
      මා ලඟ තියෙනවා 1995 සිට අද දක්වා අපේ විදුලි, වතුර, ගෑස්, ටෙලිෆෝන් බිල් සේරම. දිනක මගේ ම අධ්‍යයනයක් කළ හැකියි.

      එකම බඩුවේ නොවුනත්, මා මුදල් ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නිසා සතියක් පාසා යන වියදම 1997 සිට සොයා ගත හැකියි.

      පැන්ෂන් ප්‍රොජෙක්ට්!

      Delete
    2. කිරි මිල එතරම් ම අඩු ද? මෙයට හේතුව ෆොන්ටෙරාලාගේ බලපෑම සහ විශේෂයෙන් ම මේ චේන් ස්ටෝර්ස්වල වැඩ පිළිවෙලයි. මං හිතන්නේ පාරිබෝගිකයින් කැමතියි මීට වඩා කිරිවලට සල්ලි දෙන්න!

      Delete
  6. ඩොරල් 3.00 (විශේෂ මිල). ???????

    ReplyDelete
    Replies
    1. මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 ක් පමණ වේ!

      ඔබේ කමෙන්ටුව නිසා සියළු විශේෂ මිල සහිත භාණ්ඩ සඳහා සාමාන්‍ය මිල ද එකතු කළා. ස්තුතියි.

      Delete
  7. ඔස්ට්‍ර්ලියාවේ නිෂ්පාදිත බවට සටහන් දැමු එහෙත් නැ ආසියාවේ පැකට් කළ බෙරි පලතුරු ආහාරවල සෙන්ගමාල ගැටලුවක් තිබ්බ. ඔක්කොගෙම නෙවි කේසස් හය හතක් වගේ. සොයා බලන්න. අලුත් එව්වම විතරක් ගන්න පටන් ගත්ත ඒ නිසාම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මා ඒ ගැන දැනුවත්. චීනයෙන් ගෙන්වන නැනා නම් වෙළඳ නාමයේ සමහර බැචස්වල තමයි ඒ අවුල ඇතිවුනේ වසර දෙකකට පමණ පෙර. දැන් එය නිරාකරණය කර හමාරයි.

      හැකි විටක අලුත් ස්ට්‍රෝබෙරීස් ගන්නවා. නමුත් උදේට ඒවා සෝදා මැද නැට්ට අයින් කිරීමට අපහසු නිසායි මේ ක්‍රමයට බොහෝ දෙනා ප්‍රිය කරන්නේ.

      Delete
  8. "සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත."

    - සිපිපියා

    අනේ බොල පො_න වේ_ගෙ පුතෝ තෝ වගේම ජහපාලනේට කඩේ ගිය මෙහෙ පො_න වේ_ගෙ පුතාල දැන් තුන් වේලටම කන්නෙ පනුයි ලුකයි.

    ReplyDelete
    Replies
    1. Haha ha

      Nice comment mate. So funny ��������

      Delete
    2. බයියලා නම් එදත් අදත් කවදත් කෑවේ කන්නේ රජාගෙන් ලැබුණු මස්කටු සහ ගොම බව මම දනිමි!

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. මචංලා කොහොමද සිපිපියා කාපු කෑම !!!

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අසභ්‍ය යැයි කිව හැකි ප්‍රතිචාර කිහිපයක් ඉවත් කළෙමි!

      Delete
    7. oba methumage palaviim valata akamethi nam nobala sitina men karunaven illami

      Delete
  9. ඔය රටේ සේවකයෙකුට කරන ගෙවීමත් එක්ක බලපුවහම් ලංකාවට වඩා බඩු ලබද ?

    ReplyDelete
    Replies
    1. බඩු මිල තිරණය වෙන එක සාධකයක් තමයි සේවක වැටුප්. එනිසා, සමස්තයක් ලෙස අමුතු ලාභයක් හෝ වැඩිකමක් නෑ.

      නමුත් එක් එක් භාණ්ඩය සඳහා තත්වය වෙනස් විය හැකියි.

      සිඩ්නි නගරාශ්‍රයේ සාමන්‍ය වාර්ශික වැටුප (ආදායම් බදුවලට පෙර) ඩොලර් 75,000 පමණ වෙනවා. අවම වැටුප අනියම් සේවකයින් සඳහා සතියකට ඩොලර් 650 පමණ (ආදායම් බද්දට පෙර).

      දැන් ඉහත දක්වා නැති භාණ්ඩ දෙක තුනක් සළකා බැලුවොත්-

      කුඩා මෝටර් රඨයක් ඩොලර් 16,000 ක් පමණත් ටොයොටා කැම්රියක් ඩොලර් 27,000 ක් පමණත් නෙවා.

      නමුත්< පර්චර් පහළොවක ඉඩමක කාමර තුනක නිවසක්, සිඩ්නි නගර මථ්‍රයෙන් කිලෝ මිටර් 50 දුරින් ගන්නත් ඩොලර් 800,000 පමණ යාවි.

      ඒ ඒ භා්ණඩයේ මිල සඳහා බලපාන සාධක සහ ඒවායේ අනුපාතය එකිණෙකට වෙනස්.

      Delete
  10. ඇත්තටම අපි අපේ රටෙන් ඈත්වුනාම, සුළු කණ්ඩායමක් වුනාම, සමගිය සහ සහයෝගය වර්ධනය විය යුතුයි. නමුත් අපේ අය ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, ඉතාලිය වැනි රටකට සංක්‍රමණය වුණාම සම්පූර්ණයෙන්ම ඒකෙ අනික් පැත්ත. මෙහෙම අසමජ්ජාති විදිහට කාකොටාගන්නෙ ඇයි? ඇත්තටම එහෙම වෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අසමජ්ජාති විදියට කා කොටා ගැනීමක් නම් මා වාසය කර ඇති මෙල්බර්න් සහ සිඩ්නි නගර අවට වෙසෙන සිංහල ජනයා අතර නම් කිසි දිනක දැක නෑ. අනෙකුත් නගරවලින් ද එවැනැ තත්වයක් මට නම් ආරංචි වී නෑ.

      ඔබ දන්නවා නම් විස්තර පවසන්න.

      Delete
  11. mama inne pinlanthe. mehe ostreliyavata vada laaba vagei kema beema.padiyath oheta vada adui samanya kamkaruvakuge masika padiyak rupiyal laksh2k vithara.honda geyak unath lankave mudalin koti 2kata ganna puluvan .loku nagarayak asannaye. mehe wil valin piri rata nisa vathura salli valata miladi genimak netha

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.