Thursday 30 March 2017

ඉතිං මේ හේමන්තයයි - Autumn Blues


අද මා සේවය කළේ නිවසේ සිටයි.

උදෑසන සිට ම අහස අඳුරු ය. සිරිපොද නමුත් වැස්සේ නැවතුමක් නැත.

ගිම්හානයේ අද දක්වාම පැවතුණු වසන්ත සුන්දරත්වයේ අවසන් හුස්ම පොද ද පිටව ගොසිනි!

සිතට එන්නේ අලස, උදාසීන අදහස් ය.

දවසේ වැඩ අවසානයේ සිතේ දුක මෙලෙස ලියවුණි!

ඉතිං මේ හේමන්තයයි

අහස අඳුරුයි පාළුයි
රෝස ගස් පෙළ නිහඬයි
සිහින් ඊතල වැස්සයි
ඉතිං මේ හේමන්තයයි

ගිම්හාන අව්රැල්ල
හතළිහේ පෝරණුව
දැන් සිතට අමතක ය
මල් රේණු, තණ කැබලි
දසත විසුරූ සුළඟ
හමා ගොස් හමාර ය
සියක් ගණනක වර්ණ
එක පෙළට මවා ලූ
මල් මිලින වී ගොස් ය
උදෑසන හිරු මරා
ලොව අඳුරු කළ වැස්ස
නිමාවක් නැති ලෙස ය

දවස හෙමිහිට මියයයි
අමාවක සඳ පායයි
හදවතක දුක නිහඬයි
ඉතිං මේ හේමන්තයයි


-රසිකොලොජිස්ට්


31 comments:

  1. වසන්තේ නිදා ගත්ත නම් හරිනේ රසික!

    ReplyDelete
    Replies
    1. එහෙම කළා යොවුන් කෝකිලයා කාලේ.

      Delete
  2. //මල් රේණු, තණ කැබලි
    දසත විසුරූ සුළඟ
    හමා ගොස් හමාර ය//

    ආපෝ ලොකු දෙයක් ඒක ඉවර වෙච්චි එක :D

    ReplyDelete
    Replies
    1. වසන්තය යලි එනවා සත්තයි....!

      Delete
  3. හේමන්තයේදී වැඩ ගෙදර ඉඳන්ද ?

    ReplyDelete
    Replies
    1. වින්ටරයේ දී හයිබරනේට් කිරීමට ද බලාපොරොත්තු වෙමි!

      Delete
  4. JOKA GALAWA
    CIVIL PITA IMU
    ITHIN ME HEMANTHAYAI......!

    MERRY HEMANTHA SEASON....!!! :P

    ReplyDelete
  5. මෙහෙටනම් සකුරා මලුත් අරගෙනෙ වසන්තයා ආවා ඔන්න.
    ඉරිදට අපේ හනාමි පාටිය (සකුරා ගස්යට බොන එක )

    ReplyDelete
  6. ේමන්තේ ගීතය

    ReplyDelete
    Replies
    1. වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
      ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
      වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්
      නටන්නේ පිපි දැන් හේමන්තයේ දී

      විලාපෙන් විඩා වී රැදී මං තලාවේ
      වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ
      වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
      ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ

      සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
      එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
      තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
      ඔබයි නෙත් සැදුයේ හේමන්ත කාලේ

      සුනිල් ආරියරත්න / එච්. එම්. ජයවර්ධන / නන්දා මාලීනි

      Delete
    2. මං කැමති ගීතයක්.. කවියත් ලස්සනයි... හේමන්තෙ මෙහෙම කවි ලියවෙනවනම් වසන්තයෙ කොහොම ලියයිද

      Delete
    3. මගේ බ්ලොග් එකේ තේමා පාඨය.. හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු.. ඇයි යකඩෝ අවුරුදු විස්සක් විතර පරක්කු වුනානේ බ්ලොග් එක පටන් ගන්න.. එතකොට හේමන්තය උදා වෙලා ඉවරයි..
      අහ.. බ්ලොග් එක කියුවට වැඩක් නෑ ඒක දැන් වහල දාලනේ..

      Delete
    4. තරුරසී - වසන්තයේ දී කවි නැත. කෂ්ටිය නිදි!

      Delete
    5. කමි-
      ඇත්තටම ඇයි බ්ලොග් එක වහලා. තාප්පේ ප්‍රශ්නයක් ද?

      Delete
  7. මෙහෙට නම් "එරබදු වසන්තය" එන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ ගස්වල මැග්නෝලියා නම් පිපී ඇත!

      Delete
  8. වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
    ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ දී
    වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්
    නටන්නේ පිපි දැන් හේමන්තයේ දී

    විලාපෙන් විඩා වී රැදී මං තලාවේ
    වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ
    වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ

    සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
    එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
    තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
    ඔබයි නෙත් සැදුයේ හේමන්ත කාලේ

    සුනිල් ආරියරත්න / එච්. එම්. ජයවර්ධන / නන්දා මාලීනි

    ReplyDelete
    Replies
    1. මුලින්ම නිසඳස කියෙව්වම මටත් මතක් වුනේ මේ ගීතය. බලන කොට කලා මැදිරිය දාල.

      Delete
    2. හැක, හැක,

      කළාමැදිරියා කර ඇත්තේ මගේ පිළිතුරු කමෙන්ටුවක් නැවත දැමීමයි.

      "සුනිල් ආරියරත්න / එච්. එම්. ජයවර්ධන / නන්දා මාලීනි" යන යෙදුම ඇති එක වෙබ් පිටුව තවමත් මෙයයි.

      Delete
  9. මම වරක් දැක්කා ශ්‍රී ලන්කන් එයාර් එකේ දැන්වීමක්.
    සුන්දර ගුවන් සේවිකාවකගේ රූපයක් යටින් දාලා තියෙනවා..
    my childhood was an eternal summer...කියලා
    මට එදා තමයි දැනුනේ ශරත් ඍතුව කොයි තරම් වටිනා දෙයක්ද කියලා..

    ඒ දන්වීම දකින ඍතු විපර්යාස සහිත රටවල දරුවන්ට ඉරිසියා හිතෙනවා ඇති මේ රටවල හැදෙන දරුවෝ ගැන.
    ඒත් අපිට කෝ ඒකේ වටිනාකමක්?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හැමදාම සමර් තියෙනවා කියන්නේ වාතයක් කියලායි!

      ලංකාවේ වුනත් තරමක සීත දුරුතු කාලයක්, මල් පිපෙන වසන්තයක් සහ සහ තට්ට පැලෙන රස්නේ කාලයක් තියෙනවා නේ!

      Delete
  10. බොහෝවිට හිතෙන දෙයක්, මේ සෘතු විභේදනය අපේ රටේත් තිබුණා නං රටම මිට වඩා සිඝ්‍රගාමී වෙන්න තිබුණා කියන එක.

    ReplyDelete
    Replies
    1. මං පොඩි කාලේ හිතුවේ යුරෝපියානු උතුරු ඇමරිකානු රටවල දිගු නිවාඩුව දෙන්නේ සීත කාලටෙ කියායි, හොඳට ගෙදරට වෙලා පොරවාගෙන නිදා ගන්න!

      Delete
  11. ලංකාව කුඩු පුරයක් වෙයි.. අදත් කිලෝ 13.5ක් අල්ලයි..

    ලංකාව කුඩු පුරයක් වෙයි.. අදත් කිලෝ 13.5ක් අල්ලයි..
    ශ‍්‍රී ලංකා නාවුක හමුදාව විසින් උතුරු මහුදේදී හෙරෙයින් මත්කුඩු කිලෝ 13.5ක් අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ සමගම මත්කුඩු ප‍්‍රවාහනය කල බෝට්ටුව හා ඉන්දීය ජාතිකයින් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.


    රාජපක්ෂ මුරුගයා මැදමුලනට එලවලත් මු ලංකාවට කුඩු ගෙන්නන හැටි බලන්න හිරිකිතයි
    රාජපක්ෂ මුරුග පරම්පරාවම මරල බල්ලන්ට කන්න නොදී රනිල්ට රට හදන්න බැහැ

    ReplyDelete
    Replies
    1. වැරැද්ද කුණුම කුණු මලපෙරේත මහබයියා මහින්ද රාජපක්ෂ මැදමුලන ගංකබර වේස බල්ලා ඇතුළු බලු පාහර අවජාතක රාජපක්ෂලා සහ උන්ට ඡන්දෙ දීපු/ දෙන ගෙරි පාහර කුණුගඳ ගහන කුණුම කුණු වහල් බයි හැතිකරයගෙ තමයි. ඇයි පොත් වලත් නොලිය ණය අරන් මේ මිනිස්සු ගෙවන්න කුඩු බිස්නස්, කරුංක බිස්නස්, කාර් පාට්ස් බිස්නස්, රටේ වස්තුව විකුණන බිස්නස්, පදිංචිත් වෙන්න බැරි බාගෙඩ වැඩ හදපු ගොඩනැගිලි වලට කෝටි ගණනින් අමාත්‍යංශවල කුලිය දීල ගොඩගන්න බලන බිස්නස් , වරාය විකුණන බිස්නස්???? මගෙ අප්පා ණය කන්දරාව ගෙවන්නත් එපායැ.

      Delete
  12. අලුත්ම එකා කුඩු ඇනෝ................
    මතකද ඉස්සර හිටියා ලොරි ඇනෝ

    ReplyDelete
    Replies
    1. මේ ඕයි ලොකු උන්නැහේ, තමුසෙ මෙතන ඇනෝ කමෙන්ට් දාන උන්ගෙ ජාතක හොයන්න ඇවිත් මුන්ගෙන් කුණුහබ්බ අහගන්නෙ නැතුව තමුන්ගෙ මතය කියල මෙතන පුක නොදී යනවද?

      සැ.යු. - පුක යනු කුණුහරුපයක්නොව ඉතා ලස්සන වටිනා දෙයකි - රසික.

      Delete
  13. මගෙ යාළුවෙක් "ඉතිං මේ හේමන්තයයි" කියලා මළා.

    ReplyDelete
  14. හරි අපූරු සංකල්පනාවක්....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.